Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද මේ හැමෝම හොයන මානවම්ම රජතුමා ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන කාශ්‍යප රජුට මානවම්ම නැමති කුමාරයෙක් විය හෙතෙම සිංහල සිංහාසනයට උරුමකම තිබූ රාජ්‍ය වංශිකයෙකු වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය උරුමය වෙනුවෙන් ඇති වූ අඛණ්ඩ යුද කෝළාහල නිසා ඉන්දියාවට පිටත් විය

මොහු සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරන වීර පුරුෂයෙකු මෙන්ම දක්ෂ පාලකයෙක් හා යුද සෙනෙවියෙකුද වශයෙන් ලංකා ඉතිහාසයේ හැදින්වේ කෙසේ වුවත් මොහු ඉන්දියාවට ගොස් පල්ලව රාජධානියේ පල්ලව හා චාලුක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති විය මේ යුද්ධයේ දී පල්ලව රජු වූ නරසිංහ වර්මන්ගේ යුද සේනාංකයන් භාරව කටයුතු කර වීර වික්‍රමාන්විත ලෙස පල්ලව රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේය මේ නිසා ලංකා රාජ්‍ය හිමි කර ගැනීමේ කටයුතුතේදී ඔහුට පල්ලවයන්ගේ ආධාරය ලබා ගැනීමට ඉඩ කඩ සැලසුණි ඒ අනුව ඉන්දියාවෙන් විශාල බල ඇණියක් රැගෙන ලක්දිවට ගොඩ බට මානවම්ම කුමරු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය

මේ වන විට ලක් රජය කළ දාඨෝපතිස්ස රජු මානවම්මගේ පල්ලව සේනාවට මුහුණ දීමට අපොහොසත් වීම නිසා අනුරාධපුරය අතහැර පළා ගියේය මානවම්ම කුමරුද පලා යන දාඨෝපතිස්ස රජු හා සේනාව ලහුබැද ගියේය දෙපිරිස සටන් ගෙන යන අතරේ මානවම්ම කුමරුට නරක දසාවක් උදා විය ඒ අනුරාධපුරය ජය ගැනීම තිබියදී පල්ලව දේශයේ අවශ්‍යතාවයක් අනුව පල්ලව සේනාව ඒ රටට කැදවීමයි මේ හේතුව නිසා මානවම්මගේ හමුදා බලය පිරිහී ගියේය දාඨෝපතිස්සගේ ප්‍රබල සේනාව හා සටන් කර ජය ගැනීම මානවම්මට තනිව කළ නොහැකි දෙයක් වූයෙන් පසු බැස ගිය මානවම්ම කුමරු යළි පල්ලව දේශයට පළා ගියේය

මෙයින් මානවම්මගේ අපේක්ෂා බොද වී ගියද ඔහු තම අදිටන අත් නොහළේය පල්ලව දේශයට ගිය මානවම්ම නරසිංහ වර්මන් රජුට යළි සේනය කළ අතර ඔහු මිය ගියේය අනතුරුව බලයට පත් අනුගාමික පල්ලව රජුන් දෙදෙනෙකු ම ඔහු මනාපක්ෂපාතභාවයෙන් කටයුතු කළේය කෙසේ හෝ කාලය වර්ෂ වලින් විසි වසරක් ගත විය ඒ වන විට පල්ලව දේශයේ පාලකයා වූයේ දෙවන නරසිංහ වර්මන් රජතුමාය ඒ රජු විසින් සපයා දුන් සේනාව හා උපකාර නිසා ඔවුන් සමග ලක්දිවට ගොඩ බැස පළමුව උතුරු පෙදෙස ආක්‍රමණය කර අනතුරුව අනුරාධපුරය ජයග්‍රහණය කිරීමට කටයුතු යෙදවූයේය මේ වකවානුව වන විට ලංකාවේ සිංහාසනයේ තබා රූකඩ රජෙකු වශයෙන් සිටි හත්ථදාඨ රජතුමාය

මේ තත්ත්වය මෙසේ පවතිද්දී ඒ වන විට සිංහල රජ වෙනුවෙන් සටන් කිරීමය යොදවා ගෙන සිටි දෙමළ අගම්පඩි සේනාව මෙහෙයවනු ලැබුවේ හත්ඛදාඨ හා පොත්ථකූඨ යන දෙදෙනා විසිනි මානවම්ම තෙමේ මේ සේනාව දෙකඩ කොට දෙදිසාවකින් පහර දී දෙදෙනාම අන්ත පරාජයකට පත් කරන ලදී අවසානයේදී හත්ථදාඨ යුද බිමෙහි මැරී වැටුණි පොත්ථුට්ඨ මාතලේ පෙදෙසේ කදුකරයක සැඟ වී ගත් අතර ඔහුගේ අවසානය එහිදී සිදු වී ඇත මානවම්ම කුමරු ලංකාවේ අභිෂේක ලැබූ අතර ඔහු වසර 35 ක් ලංකාවේ තිරසාර පාලකයක් ගෙන ගොස් තිබේ

කෙසේ හෝ මානවම්ම අවුල් වියවුල් තිබූ ලක්දිවට සාමය හා ස්ථීරසාර වැඩ පිළිවෙළක් හදුන්වා දුන්නේය එසේම ලක්දිව අභිෂේක ලැබීමෙන් පසු නව රජ පරපුරක් පිහිටුවාලීමට ඔහුට හිමිකම ලැබුණි

මෙහිදී මානවම්මගේ කාර්යයන් සුළුවෙන් හෝ විග්රහ කිරීම අත්‍යවශ්‍යය සැට වසරක් පමණ ලක්දිව භේද බින්නව අවුල් සහගත පාලන කටයුතු යටතේ සමෘධිමත් භාවය කෙළෙසී තිබුණි නගර පාලනය පමණක් නොව වැව් අමුණු,කෘෂිකර්ම කටයුතු,වාරිකර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය විය දිරාපත් වූ වෙහෙර විහාර ප්‍රකෘතිමත් කිරීමත් , ජනතාවගේ ශුභ සාධක කටයුතු යළි ක්‍රියාත්මක කිරීමත් පාලන තත්ත්රය ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය විය

පළමුවෙන්ම ඔහු විසින් කරන ලද්දේ ලංකාවේ මුල් බැස ගෙන තිබූ කොල්ලකාරී ද්‍රවිඩ බලය මර්දනය කිරීමයි අනුරාධපුරයෙහි ප්රබලව සිටි ද්‍රවිඩ අධිපතීහු උසස් පදවි වලින් පහකළ මානවම්ම රජු ද්‍රවිඩ බලය මැඩලීම සදහා විශේෂ උපක්‍රම යෙදවීම

එසේම මේ රජුගේ කාලය තුළ ඇතිවූ සිංහල හා පල්ලව සම්බන්ධය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බව පෙනී යයි පල්ලව කලා සම්ප්රදායයන් මෙරට බිහි වූයේ මානවම්ම රජ සමයේ සිට යයි කිවහොත් නිවැරදිය පල්ලව කැටයම් ශිල්පීන් විසින් කරන ලද ගල් කැටයම් අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන්නේ මේ යුගයේ සිටයි එසේම එම ශිල්පීන් විහාර කර්මාන්තවල යොදවන්නට ඇති බවද මේ අනුව විශ්වාස කෙරේ තවද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද දිගු කලක් ලක්දිව ජීවත් වූ බවට සැකයක් නැත

[QUOTE="rangana26, post: 28944068, member: 461943"] [SIZE=5]දෙවන කාශ්‍යප රජුට මානවම්ම නැමති කුමාරයෙක් විය හෙතෙම සිංහල සිංහාසනයට උරුමකම තිබූ රාජ්‍ය වංශිකයෙකු වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය උරුමය වෙනුවෙන් ඇති වූ අඛණ්ඩ යුද කෝළාහල නිසා ඉන්දියාවට පිටත් විය මොහු සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරන වීර පුරුෂයෙකු මෙන්ම දක්ෂ පාලකයෙක් හා යුද සෙනෙවියෙකුද වශයෙන් ලංකා ඉතිහාසයේ හැදින්වේ කෙසේ වුවත් මොහු ඉන්දියාවට ගොස් පල්ලව රාජධානියේ පල්ලව හා චාලුක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති විය මේ යුද්ධයේ දී පල්ලව රජු වූ නරසිංහ වර්මන්ගේ යුද සේනාංකයන් භාරව කටයුතු කර වීර වික්‍රමාන්විත ලෙස පල්ලව රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේය මේ නිසා ලංකා රාජ්‍ය හිමි කර ගැනීමේ කටයුතුතේදී ඔහුට පල්ලවයන්ගේ ආධාරය ලබා ගැනීමට ඉඩ කඩ සැලසුණි ඒ අනුව ඉන්දියාවෙන් විශාල බල ඇණියක් රැගෙන ලක්දිවට ගොඩ බට මානවම්ම කුමරු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය මේ වන විට ලක් රජය කළ දාඨෝපතිස්ස රජු මානවම්මගේ පල්ලව සේනාවට මුහුණ දීමට අපොහොසත් වීම නිසා අනුරාධපුරය අතහැර පළා ගියේය මානවම්ම කුමරුද පලා යන දාඨෝපතිස්ස රජු හා සේනාව ලහුබැද ගියේය දෙපිරිස සටන් ගෙන යන අතරේ මානවම්ම කුමරුට නරක දසාවක් උදා විය ඒ අනුරාධපුරය ජය ගැනීම තිබියදී පල්ලව දේශයේ අවශ්‍යතාවයක් අනුව පල්ලව සේනාව ඒ රටට කැදවීමයි මේ හේතුව නිසා මානවම්මගේ හමුදා බලය පිරිහී ගියේය දාඨෝපතිස්සගේ ප්‍රබල සේනාව හා සටන් කර ජය ගැනීම මානවම්මට තනිව කළ නොහැකි දෙයක් වූයෙන් පසු බැස ගිය මානවම්ම කුමරු යළි පල්ලව දේශයට පළා ගියේය මෙයින් මානවම්මගේ අපේක්ෂා බොද වී ගියද ඔහු තම අදිටන අත් නොහළේය පල්ලව දේශයට ගිය මානවම්ම නරසිංහ වර්මන් රජුට යළි සේනය කළ අතර ඔහු මිය ගියේය අනතුරුව බලයට පත් අනුගාමික පල්ලව රජුන් දෙදෙනෙකු ම ඔහු මනාපක්ෂපාතභාවයෙන් කටයුතු කළේය කෙසේ හෝ කාලය වර්ෂ වලින් විසි වසරක් ගත විය ඒ වන විට පල්ලව දේශයේ පාලකයා වූයේ දෙවන නරසිංහ වර්මන් රජතුමාය ඒ රජු විසින් සපයා දුන් සේනාව හා උපකාර නිසා ඔවුන් සමග ලක්දිවට ගොඩ බැස පළමුව උතුරු පෙදෙස ආක්‍රමණය කර අනතුරුව අනුරාධපුරය ජයග්‍රහණය කිරීමට කටයුතු යෙදවූයේය මේ වකවානුව වන විට ලංකාවේ සිංහාසනයේ තබා රූකඩ රජෙකු වශයෙන් සිටි හත්ථදාඨ රජතුමාය මේ තත්ත්වය මෙසේ පවතිද්දී ඒ වන විට සිංහල රජ වෙනුවෙන් සටන් කිරීමය යොදවා ගෙන සිටි දෙමළ අගම්පඩි සේනාව මෙහෙයවනු ලැබුවේ හත්ඛදාඨ හා පොත්ථකූඨ යන දෙදෙනා විසිනි මානවම්ම තෙමේ මේ සේනාව දෙකඩ කොට දෙදිසාවකින් පහර දී දෙදෙනාම අන්ත පරාජයකට පත් කරන ලදී අවසානයේදී හත්ථදාඨ යුද බිමෙහි මැරී වැටුණි පොත්ථුට්ඨ මාතලේ පෙදෙසේ කදුකරයක සැඟ වී ගත් අතර ඔහුගේ අවසානය එහිදී සිදු වී ඇත මානවම්ම කුමරු ලංකාවේ අභිෂේක ලැබූ අතර ඔහු වසර 35 ක් ලංකාවේ තිරසාර පාලකයක් ගෙන ගොස් තිබේ කෙසේ හෝ මානවම්ම අවුල් වියවුල් තිබූ ලක්දිවට සාමය හා ස්ථීරසාර වැඩ පිළිවෙළක් හදුන්වා දුන්නේය එසේම ලක්දිව අභිෂේක ලැබීමෙන් පසු නව රජ පරපුරක් පිහිටුවාලීමට ඔහුට හිමිකම ලැබුණි මෙහිදී මානවම්මගේ කාර්යයන් සුළුවෙන් හෝ විග්රහ කිරීම අත්‍යවශ්‍යය සැට වසරක් පමණ ලක්දිව භේද බින්නව අවුල් සහගත පාලන කටයුතු යටතේ සමෘධිමත් භාවය කෙළෙසී තිබුණි නගර පාලනය පමණක් නොව වැව් අමුණු,කෘෂිකර්ම කටයුතු,වාරිකර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය විය දිරාපත් වූ වෙහෙර විහාර ප්‍රකෘතිමත් කිරීමත් , ජනතාවගේ ශුභ සාධක කටයුතු යළි ක්‍රියාත්මක කිරීමත් පාලන තත්ත්රය ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය විය පළමුවෙන්ම ඔහු විසින් කරන ලද්දේ ලංකාවේ මුල් බැස ගෙන තිබූ කොල්ලකාරී ද්‍රවිඩ බලය මර්දනය කිරීමයි අනුරාධපුරයෙහි ප්රබලව සිටි ද්‍රවිඩ අධිපතීහු උසස් පදවි වලින් පහකළ මානවම්ම රජු ද්‍රවිඩ බලය මැඩලීම සදහා විශේෂ උපක්‍රම යෙදවීම එසේම මේ රජුගේ කාලය තුළ ඇතිවූ සිංහල හා පල්ලව සම්බන්ධය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බව පෙනී යයි පල්ලව කලා සම්ප්රදායයන් මෙරට බිහි වූයේ මානවම්ම රජ සමයේ සිට යයි කිවහොත් නිවැරදිය පල්ලව කැටයම් ශිල්පීන් විසින් කරන ලද ගල් කැටයම් අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන්නේ මේ යුගයේ සිටයි එසේම එම ශිල්පීන් විහාර කර්මාන්තවල යොදවන්නට ඇති බවද මේ අනුව විශ්වාස කෙරේ තවද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද දිගු කලක් ලක්දිව ජීවත් වූ බවට සැකයක් නැත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom