Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාදෙ වේයෝ කාල නැත්තං එච්චරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ඉස්කෝල මහත්තයෙකුගේ ගෙදරදි එයත් එක්ක එයාගේ පොත් රාක්කේ පොතක් හොයද්දි පොත් ගොඩක් අස්සෙ තිබිලා එයාගෙ යාළුවෙකුගෙ වේයෝ කාපු මගුල් ෆොටෝ එකක් වැටුණා.

"අපරාදෙ. මේක වේයෝ කාලා නේද?” කියලා මම ඇහුවම "ෆොටෝ එක වේයෝ කෑවට කසාදෙ වේයෝ කාල නැත්තං එච්චරයි.” කියලා ඉකෝලෙ මහත්තයා හිනාවෙලා කිව්ව.

නවීන සමාජ මට නං හිතෙන්නෙ බොහෝ දුරට සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මගුල් ෆොටෝ වේයෝ කාලා නෑ. හොඳට තියෙනවා. ඒත් කසාදෙ වේයො කාලා.

මේ "වේයෝ” කියලා මම හැඳින්නුවෙ විවාහ ජීවිතයම කා දමන මානසික දුර්වලකම් කීපයක්. අපි ඒ වේයන් හඳුනා ගත්තොත් ප්‍රයෝජනවත් වේවි.

1. පළමු වේයා - සැකය

සැකය පිළිකාවක්. ජීවිතයම දවාලන ඇඟ පුරාම දුවන ගින්නක්. මේ වේයා කන්න පටන් ගත්තොත් සුවකරන්න බැරි විදිහටම විවාහ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. සැක කරන්න එපා කියන්නත් බෑනේ. සමහර විට හේතුවකුත් තියෙන්න පුළුවන සැකේට. නේන්ද? බොරුවට සැක කරන එක නං මෝඩකමක්. නිරපරාදෙ සතුට විනාශ කර ගැනීමක්. ඒ නිසා බොරුවට විඳවන්නෙ නැතුව හොඳින් කරුණු සොයා බලන්න... ඔබේ බිරිඳ/සැමියා ඇත්තටම වැරදි කරන බවක සැබෑ හෝඩුවාවක් තියෙනවද නැත්තං ඒක නිකං ඔබම ඇතිකරගත්තු ඔබේම මොළේ අමාරුවක්ද කියලා හොයලා බලන්න. තමන්ගේ සැමියා/බිරිඳ ගැන අවදියෙන් ඉන්න. ඒත් සැක කරන්න එපා. අවදියෙන් ඉදීම හොඳයි. සැකය හොඳ නෑ.

ඒ වගේම ඔබ අවංක නම් සැක ඇතිවීමට තුඩු දෙන වැඩ කරන්නත් එපා. සමහර වෙලාවට හිත අවංක වුණත් නිරපරාදෙ සැක කිරීමට තුඩුදෙන දේවල් ඉඳහිට සිදුවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්ගෙන් හැකි තරම් ඈත්වී ජීවත්වෙන්න උත්සාහ ගන්න.

2. දෙවැනි වේයා - අගය නොකිරිම

නොදැනී ටික ටික විවාහ ජීවිතය කාදමන දෙයක්. සමහර අඹු සැමියො ඇත්තටම වගකීමෙන් යුතුව පවුලේ යුතුකම් ඉටුකරන අය. කුස්සියේ උයන පිහන එකේ ඉඳල වත්ත පිටිය සුද්ද කිරීම, ළමයින්ගේ ඇඳුම් මැදල ඉකෝල්ලෙ යන්න ලෑස්ති කිරිම දක්වා හැම දෙයක්ම බිරිඳ කරනවා. ඒක සැමියට ලොකු සහනයක්.ඒ වගේම සැමියත් පවුල ගැන උනන්දුවෙන් හරි හම්බ කරන එකෙන් ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම ගේනව. දරුවන්ගේ කටයුතු හොයා බලනවා. බිරිඳට අවශ්‍ය දේ ගෙනත් දෙනවා. ගෘහ මූලිකයා වශයෙන් ඉටුවිය යුතු යුතුකම් සේරමත් ඉටුකරනවා. බිරිඳට මේක හරි සහනයක්.

ඒත් මේ දෙන්නම එක දෙයක් අමතක කරනවා. ඒක තමා දෙන්නට දෙන්නා බෙදාගෙන පවුලේ බර ඇද්දට එකිනෙකාව අගය නොකිරීම. මේක විශාල අඩුවක්. ඒත් ඒක බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නෑ. අගය නොකරනවාමත් නෙමේ. අගය කරනව. ඒත් හිතෙන්නේ.

වචනවලින්, ක්‍රියාවෙන් දෙන්නට දෙන්න එකිනෙකාව අගය කිරීමක් වෙන්නෙ නෑ. හැමදේම ගාණට ලස්සනට සිද්ධවෙන නිසා ඔහේ ගණන් නොගෙන ඉන්නව. හරියට හිරු එළිය වගේ."Taken for granted" කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ මේ 'අගය නොකර භුක්ති විඳීම' මේ තත්වය නිසා කොච්චර හොඳට වැඩ කළත් යුතුකම් ඉටු කළත් නොදැනුවත්වම විවාහ ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනව. ටික ටික වතුර නැති මල් පැළයක් වගේ මැළවෙන්නත් ඉඩ තියෙනවා.

3. තුන්වැනි වේයා - බොරුව

එකිනෙකාට බොරු කීම බොරු කිරිම ටික ටික වහ දෙනව වගේ වැඩක් විවාහ ජීවිතයේදී. සමහර විට එක්කෙනක් (සැමියා හෝ බිරිඳ) අවංකයි. ඒත් අනෙකා බොරු කරනවා. සමහර විට දෙන්නට දෙන්න බොරු කරනව. මේ කොයි දේ සිදුවුණත් ඒ

දෙකෙන්ම විවාහ ජීවිතය වේයෝ කන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම එක්කෙනෙක් අවංක නම් අනෙකා ඇයට/ඔහුට බොරු කිරිම මහා අපරාධයක්. ඒ මගින් ඇතිකරන මානසික පීඩාව ටික ටික ඒ අවංක පුද්ගලයව මරනව වෙන්නත් පුළුවන්.

නොයෙකුත් දේවල් පිළිබඳව සැමියා/බිරිඳ එකිනෙකාට බොරු කියන්න පුළුවන්. ඒ අතරින් අන්තිම භයානක විදිහට බලපාන්නේ අනියම් සබඳතා ඇතිකරගෙන ඒ පිළිබඳව කියන බොරු. අනිත් දේවල් පිළිබඳව බොරු විවාහ ජීවිතයට එතරම් ගැඹුරු තුවාල ඇති නොකළත් මේ අනියම් සබඳතා පිළිබඳ බොරු නම් සමහර විට විශ්වාස කරන්න බැරි තරම් විශාල විනාශයක් දක්වා විහිදී යා හැකි පිළිකාවක්.

4. හතරවැනි වේයා - උඩගුකම හා මානය

වේයො වගේ සද්ද නැතුව විවාහ ජීවිතය කා දමන තවත් මානසික හතුරෙක් තමා උඩඟුව නැත්නම් මානය. සමහර විට ඔබට හිතෙයි විවාහ වන දෙනෙක් අතර, ආදරය කරන කෙනෙක් අතර මානය ඒ තරම් ක්‍රියාකාරී වෙන දෙයක් නෙමේ කියල. නැහැ. ආදරය කරන දෙදෙනෙක් අතර වුණත් එයාට වඩා මම උසස් කියන සැගවුණු ආකල්පය තියෙන්න පුළුවන්. මහ උඩගුකමක් අහංකාරකමක් විදිහට එළිදැක්වුවේ නැතත් සියුම්ව මනස ඇතුළෙ ක්‍රියාත්මක වන ඒ අදහස ඉඳලා හිටල මතුවෙන අවස්ථා එනව. හරියට මාළුවෙක් දිය මතු පිටට ඇවිත් යනව වගේ.

එක්කෙනාට එක්කෙනා දෙවැනි වෙන්න කැමති නෑ. "ඔයා නැතත් මට මගේ වැඩ කරගන්න පුළුවන්. ඔයාට වඩා මම දක්ෂයි.” කියන හැගීම හැංගිලා හිතේ තියෙනව දෙන්නගෙම. නිහතමානීකම අත්‍යවශ්‍යයි යුග දිවියකට. එකාට එකා "මමයි ලොක්කා" කියල හිත යටින් හිතාගෙන ඉන්නව නං නොදැනුවත්වම ටික ටික විවාහ ජීවිතයේ සුහද බව - සුන්දර බව විනාශ කරන වේයෙක් විදිහට ඒ ගැන හිතුවට වරදක් නෑ.

5. පස්වනි වේයා - නොසැලකිලිමත්කම

" තවත් වේයෙක් තමා නොසැලකිලිමත්කම. පෙම්වතුන් වෙලා ඉන්නැද්දි නම් දෙන්න එකිනෙකා ගැන පුදුම විදිහට සැලකිලිමත් වෙන්නෙ. අනෙකාව සතුටු කරන්න හිතට සැනසීමක් දෙන්න, ආදරය වැඩි කරගන්න නොයෙකුත් දේ කරනවා. තෑගි දෙනව. අවශ්‍ය දේ හොයලා බලනව, උපදෙස් දෙනව. සමහර පුංචි දේවලින් පවා දැඩි සැලකිල්ලක් දක්වන බව පෙන්වනව. ලියුමක් ලිව්වත් සමහර විට සෙන්ට් ටිකක් දානව. පෙම්වතුන්ට ඒව හරි වටිනව ඒ කාලෙට.

මේ තරම් පුංචි දේ ගැන පවා සැලකිලිමත් වෙලා හිටපු දෙන්න එක වහලක් යටට වුණාට පස්සෙ දන්නෙම නැතුව බැටරි බැස්ස වගේ මේ උනන්දුව, මේ සැලකිලිමත්කම අඩුවෙන්න පුළුවන්. ඉස්සර නම් උපන් දිනේ විතරක් නෙමේ මුලින් හමු වූ දවසත් මතකයි. කියපු වචනත් කටපාඩම්. ඒත් දැන් කසාද බැඳපු දවසත් මතක නැති වෙන්න ඉඩ තියෙනවා.

"මේ ළමයි ඉන්න අපිට පෙම්වතුන් කාලෙ වගේ එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න වේලාවනෑ." කියලා ඔබ කියයි. ඒක වැරදි අදහසක්. ළමයිනුත් ලොකු වෙලා බැඳල වෙන්වෙලා ගිය කාලෙක වුණත් මහලු වයසට ගියත් පුදුම ආදරයකින් ඉන්න අය අනන්තවත් ඉන්නව. දරුවො නොසැලකුවත් මහලු වයසේ ඉන්න සමහර අඹුසැමියන් එකිනෙකාට ළං වෙලා පිලේ වාඩිවෙලා හරි ආගිය තොරතුරු කතා කර කර ඉන්න දෙන්නට දෙන්න එකිනෙකා ගැන සැලකිලිමත් වෙන හින්ද.

මහලු වයසේ ඉන්න සැමියට තමනුත් මහලු වයසෙ ඉඳගෙන බැරි බැරි ගාතේ බිරිඳ වතුර උණුකර නාන්න ලෑස්ති කරල දෙනව මං දැකල තියෙනව. ඒක තමා නියම ආදරේ. මහලු වුණත් වේයො කාපු නැති ආදරේ. සමහර විට ඒ ගොල්ලන්ගෙ මගුල් ෆොටෝ තිබුණ නම් ඒව ඇත්තටම වේයො කාලත් ඇති. ඒත් කිසිම දවසක ඒ විවාහය, ඒ ආදරණීය බැඳීම වේයො කන්න ඉඩක් නැහැ. ඒතරමට ඒ අය එකිනෙකා ගැන සැලකිලිමත් වෙනව. ඉතින් මේ ඉහත කරුණු පහ ගැන ටිකක් කල්පනාකාරී වුණොත් විවාහ ජීවිතය නීරස වීම වළක්වා ගන්න ඔබටත් ඒක උදව්වක් වෙයි..

උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

[QUOTE="hichchiputha, post: 27094907, member: 565736"] එක ඉස්කෝල මහත්තයෙකුගේ ගෙදරදි එයත් එක්ක එයාගේ පොත් රාක්කේ පොතක් හොයද්දි පොත් ගොඩක් අස්සෙ තිබිලා එයාගෙ යාළුවෙකුගෙ වේයෝ කාපු මගුල් ෆොටෝ එකක් වැටුණා. "අපරාදෙ. මේක වේයෝ කාලා නේද?” කියලා මම ඇහුවම "ෆොටෝ එක වේයෝ කෑවට කසාදෙ වේයෝ කාල නැත්තං එච්චරයි.” කියලා ඉකෝලෙ මහත්තයා හිනාවෙලා කිව්ව. නවීන සමාජ මට නං හිතෙන්නෙ බොහෝ දුරට සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මගුල් ෆොටෝ වේයෝ කාලා නෑ. හොඳට තියෙනවා. ඒත් කසාදෙ වේයො කාලා. මේ "වේයෝ” කියලා මම හැඳින්නුවෙ විවාහ ජීවිතයම කා දමන මානසික දුර්වලකම් කීපයක්. අපි ඒ වේයන් හඳුනා ගත්තොත් ප්‍රයෝජනවත් වේවි. [CENTER][/CENTER] 1. පළමු වේයා - සැකය සැකය පිළිකාවක්. ජීවිතයම දවාලන ඇඟ පුරාම දුවන ගින්නක්. මේ වේයා කන්න පටන් ගත්තොත් සුවකරන්න බැරි විදිහටම විවාහ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. සැක කරන්න එපා කියන්නත් බෑනේ. සමහර විට හේතුවකුත් තියෙන්න පුළුවන සැකේට. නේන්ද? බොරුවට සැක කරන එක නං මෝඩකමක්. නිරපරාදෙ සතුට විනාශ කර ගැනීමක්. ඒ නිසා බොරුවට විඳවන්නෙ නැතුව හොඳින් කරුණු සොයා බලන්න... ඔබේ බිරිඳ/සැමියා ඇත්තටම වැරදි කරන බවක සැබෑ හෝඩුවාවක් තියෙනවද නැත්තං ඒක නිකං ඔබම ඇතිකරගත්තු ඔබේම මොළේ අමාරුවක්ද කියලා හොයලා බලන්න. තමන්ගේ සැමියා/බිරිඳ ගැන අවදියෙන් ඉන්න. ඒත් සැක කරන්න එපා. අවදියෙන් ඉදීම හොඳයි. සැකය හොඳ නෑ. ඒ වගේම ඔබ අවංක නම් සැක ඇතිවීමට තුඩු දෙන වැඩ කරන්නත් එපා. සමහර වෙලාවට හිත අවංක වුණත් නිරපරාදෙ සැක කිරීමට තුඩුදෙන දේවල් ඉඳහිට සිදුවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්ගෙන් හැකි තරම් ඈත්වී ජීවත්වෙන්න උත්සාහ ගන්න. [CENTER][/CENTER] 2. දෙවැනි වේයා - අගය නොකිරිම නොදැනී ටික ටික විවාහ ජීවිතය කාදමන දෙයක්. සමහර අඹු සැමියො ඇත්තටම වගකීමෙන් යුතුව පවුලේ යුතුකම් ඉටුකරන අය. කුස්සියේ උයන පිහන එකේ ඉඳල වත්ත පිටිය සුද්ද කිරීම, ළමයින්ගේ ඇඳුම් මැදල ඉකෝල්ලෙ යන්න ලෑස්ති කිරිම දක්වා හැම දෙයක්ම බිරිඳ කරනවා. ඒක සැමියට ලොකු සහනයක්.ඒ වගේම සැමියත් පවුල ගැන උනන්දුවෙන් හරි හම්බ කරන එකෙන් ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම ගේනව. දරුවන්ගේ කටයුතු හොයා බලනවා. බිරිඳට අවශ්‍ය දේ ගෙනත් දෙනවා. ගෘහ මූලිකයා වශයෙන් ඉටුවිය යුතු යුතුකම් සේරමත් ඉටුකරනවා. බිරිඳට මේක හරි සහනයක්. ඒත් මේ දෙන්නම එක දෙයක් අමතක කරනවා. ඒක තමා දෙන්නට දෙන්නා බෙදාගෙන පවුලේ බර ඇද්දට එකිනෙකාව අගය නොකිරීම. මේක විශාල අඩුවක්. ඒත් ඒක බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නෑ. අගය නොකරනවාමත් නෙමේ. අගය කරනව. ඒත් හිතෙන්නේ. වචනවලින්, ක්‍රියාවෙන් දෙන්නට දෙන්න එකිනෙකාව අගය කිරීමක් වෙන්නෙ නෑ. හැමදේම ගාණට ලස්සනට සිද්ධවෙන නිසා ඔහේ ගණන් නොගෙන ඉන්නව. හරියට හිරු එළිය වගේ."Taken for granted" කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ මේ 'අගය නොකර භුක්ති විඳීම' මේ තත්වය නිසා කොච්චර හොඳට වැඩ කළත් යුතුකම් ඉටු කළත් නොදැනුවත්වම විවාහ ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනව. ටික ටික වතුර නැති මල් පැළයක් වගේ මැළවෙන්නත් ඉඩ තියෙනවා. [CENTER][/CENTER] 3. තුන්වැනි වේයා - බොරුව එකිනෙකාට බොරු කීම බොරු කිරිම ටික ටික වහ දෙනව වගේ වැඩක් විවාහ ජීවිතයේදී. සමහර විට එක්කෙනක් (සැමියා හෝ බිරිඳ) අවංකයි. ඒත් අනෙකා බොරු කරනවා. සමහර විට දෙන්නට දෙන්න බොරු කරනව. මේ කොයි දේ සිදුවුණත් ඒ දෙකෙන්ම විවාහ ජීවිතය වේයෝ කන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම එක්කෙනෙක් අවංක නම් අනෙකා ඇයට/ඔහුට බොරු කිරිම මහා අපරාධයක්. ඒ මගින් ඇතිකරන මානසික පීඩාව ටික ටික ඒ අවංක පුද්ගලයව මරනව වෙන්නත් පුළුවන්. නොයෙකුත් දේවල් පිළිබඳව සැමියා/බිරිඳ එකිනෙකාට බොරු කියන්න පුළුවන්. ඒ අතරින් අන්තිම භයානක විදිහට බලපාන්නේ අනියම් සබඳතා ඇතිකරගෙන ඒ පිළිබඳව කියන බොරු. අනිත් දේවල් පිළිබඳව බොරු විවාහ ජීවිතයට එතරම් ගැඹුරු තුවාල ඇති නොකළත් මේ අනියම් සබඳතා පිළිබඳ බොරු නම් සමහර විට විශ්වාස කරන්න බැරි තරම් විශාල විනාශයක් දක්වා විහිදී යා හැකි පිළිකාවක්. 4. හතරවැනි වේයා - උඩගුකම හා මානය වේයො වගේ සද්ද නැතුව විවාහ ජීවිතය කා දමන තවත් මානසික හතුරෙක් තමා උඩඟුව නැත්නම් මානය. සමහර විට ඔබට හිතෙයි විවාහ වන දෙනෙක් අතර, ආදරය කරන කෙනෙක් අතර මානය ඒ තරම් ක්‍රියාකාරී වෙන දෙයක් නෙමේ කියල. නැහැ. ආදරය කරන දෙදෙනෙක් අතර වුණත් එයාට වඩා මම උසස් කියන සැගවුණු ආකල්පය තියෙන්න පුළුවන්. මහ උඩගුකමක් අහංකාරකමක් විදිහට එළිදැක්වුවේ නැතත් සියුම්ව මනස ඇතුළෙ ක්‍රියාත්මක වන ඒ අදහස ඉඳලා හිටල මතුවෙන අවස්ථා එනව. හරියට මාළුවෙක් දිය මතු පිටට ඇවිත් යනව වගේ. එක්කෙනාට එක්කෙනා දෙවැනි වෙන්න කැමති නෑ. "ඔයා නැතත් මට මගේ වැඩ කරගන්න පුළුවන්. ඔයාට වඩා මම දක්ෂයි.” කියන හැගීම හැංගිලා හිතේ තියෙනව දෙන්නගෙම. නිහතමානීකම අත්‍යවශ්‍යයි යුග දිවියකට. එකාට එකා "මමයි ලොක්කා" කියල හිත යටින් හිතාගෙන ඉන්නව නං නොදැනුවත්වම ටික ටික විවාහ ජීවිතයේ සුහද බව - සුන්දර බව විනාශ කරන වේයෙක් විදිහට ඒ ගැන හිතුවට වරදක් නෑ. 5. පස්වනි වේයා - නොසැලකිලිමත්කම " තවත් වේයෙක් තමා නොසැලකිලිමත්කම. පෙම්වතුන් වෙලා ඉන්නැද්දි නම් දෙන්න එකිනෙකා ගැන පුදුම විදිහට සැලකිලිමත් වෙන්නෙ. අනෙකාව සතුටු කරන්න හිතට සැනසීමක් දෙන්න, ආදරය වැඩි කරගන්න නොයෙකුත් දේ කරනවා. තෑගි දෙනව. අවශ්‍ය දේ හොයලා බලනව, උපදෙස් දෙනව. සමහර පුංචි දේවලින් පවා දැඩි සැලකිල්ලක් දක්වන බව පෙන්වනව. ලියුමක් ලිව්වත් සමහර විට සෙන්ට් ටිකක් දානව. පෙම්වතුන්ට ඒව හරි වටිනව ඒ කාලෙට. මේ තරම් පුංචි දේ ගැන පවා සැලකිලිමත් වෙලා හිටපු දෙන්න එක වහලක් යටට වුණාට පස්සෙ දන්නෙම නැතුව බැටරි බැස්ස වගේ මේ උනන්දුව, මේ සැලකිලිමත්කම අඩුවෙන්න පුළුවන්. ඉස්සර නම් උපන් දිනේ විතරක් නෙමේ මුලින් හමු වූ දවසත් මතකයි. කියපු වචනත් කටපාඩම්. ඒත් දැන් කසාද බැඳපු දවසත් මතක නැති වෙන්න ඉඩ තියෙනවා. "මේ ළමයි ඉන්න අපිට පෙම්වතුන් කාලෙ වගේ එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න වේලාවනෑ." කියලා ඔබ කියයි. ඒක වැරදි අදහසක්. ළමයිනුත් ලොකු වෙලා බැඳල වෙන්වෙලා ගිය කාලෙක වුණත් මහලු වයසට ගියත් පුදුම ආදරයකින් ඉන්න අය අනන්තවත් ඉන්නව. දරුවො නොසැලකුවත් මහලු වයසේ ඉන්න සමහර අඹුසැමියන් එකිනෙකාට ළං වෙලා පිලේ වාඩිවෙලා හරි ආගිය තොරතුරු කතා කර කර ඉන්න දෙන්නට දෙන්න එකිනෙකා ගැන සැලකිලිමත් වෙන හින්ද. මහලු වයසේ ඉන්න සැමියට තමනුත් මහලු වයසෙ ඉඳගෙන බැරි බැරි ගාතේ බිරිඳ වතුර උණුකර නාන්න ලෑස්ති කරල දෙනව මං දැකල තියෙනව. ඒක තමා නියම ආදරේ. මහලු වුණත් වේයො කාපු නැති ආදරේ. සමහර විට ඒ ගොල්ලන්ගෙ මගුල් ෆොටෝ තිබුණ නම් ඒව ඇත්තටම වේයො කාලත් ඇති. ඒත් කිසිම දවසක ඒ විවාහය, ඒ ආදරණීය බැඳීම වේයො කන්න ඉඩක් නැහැ. ඒතරමට ඒ අය එකිනෙකා ගැන සැලකිලිමත් වෙනව. ඉතින් මේ ඉහත කරුණු පහ ගැන ටිකක් කල්පනාකාරී වුණොත් විවාහ ජීවිතය නීරස වීම වළක්වා ගන්න ඔබටත් ඒක උදව්වක් වෙයි.. උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom