කසිප්පු කියන්නෙ අපේ ගම්වල සංස්කෘතික අංගයක්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    කසිප්පු කියන්නෙ අපේ ගම්වල සංස්කෘතික අංගයක්. හැම ගමකට ම කසිප්පු ගෙවල් දෙක තුනක් තියෙනව. පුංචි කාලේ අපි අත්තනගලු ඔයේ නාන්න ගියාම, ඔයේ සැඟවුණු තැන්වල කසිප්පු පෙරන හැටි මම ළඟ ඉඳල බලාගෙන ඉන්නව.
    බැරල් එක ලිපේ තියල රත්කරන කොට ගෝඩා පැහෙනව. හැලිය⁣ට දර මදි වෙනකොට අපි දර එහෙම ගෙනත් දෙනවා. ගෝඩා පැහෙනකොට බැරල් එකෙන් වතුර හරහා දාලා තියෙන තඹ දඟරෙ හරහා එන හුමාලය වතුර වෙලා නිල්පාට කෑන් එකකට වැක්කෙරෙනවා. ඒවට කියන්නෙ ඉස්ප්‍රිට් කියල. ඒවා නිකං බොන්න බැරි බව පෙරපු අයියල කියනව.
    ඔය ගෝඩා හැලිවලට සරපයි එහෙම වැටෙනව කියන එක හිතන්න පුළුවන්. මොකද ඒව හරිම සුවඳයි. සුවඳට බොන්න යන සත්තු ඊට වැටෙනව. ගෝඩා හැලි කැලේ හංගල පැහෙන්න තියෙනව. පැහුණට පස්සෙ තමා පෙරන්න ගන්නෙ. ඒකාලෙ නම් ගෝඩා හැදු⁣වෙ සක්කරා කියල හකුරු වර්ගයකින්. ලොකු හකුරු කෑලි. සීනිත් දානව. දැන් නම් කොහොමද දන්නෙ නැ. කාලෙකින් කසිප්පු පෙරනව දැකල නැ.
    සර්ප කතාව නිසා සමහරු කසිප්පු පිළිකුල් කරනවා. ඒත් ලෝකයේ හොඳම අරක්කු වර්ගවල නයි එහෙම දාලාම බෝතල් කරල තියෙනව. ඒව හරිම මිල අධිකයි. බොන්න කලින් බෝතලය හෙලෙව්වාම නයා දිය වෙනවා. කසිප්පු පෙරනකොට ගෝඩාවලට ඔය මොනව දැම්මත් ස්ප්‍රිට් එකට එන්නෙ හුමාලය. කටුකම්බි, මදුරු දඟර එහෙමත් දානව වෙන්න පුළුවන්. මොකද පෙරන අයට ඕන පුළුවන් තරම් සැර ස්ප්‍රිට් ගන්න. එතකොට බෝතල් ගාන වැඩි වෙනවා. අරක්කුවලටත් මොනව දානවද කියල කවුද දන්නෙ.
    කසිප්පු හෝ එවැනි පෙරාගත් සුරාපාන ලංකාවේ හැම ගමක ම තියෙන්නෙ ඇති. මට මතකයි ‘ටොප්’ කියල තව වර්ගයක්. ඒව ගෙදරදිම පෙරාගන්න පුළුවන් එකක්. වැඩිය සැර නැ. ‘ ‘ රා’වලට වඩා ටිකක් සැරයි.
     
    • Like
    Reactions: Lokka Ayya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    Fruits only dala hadana ekak kara ape seeyala
    eyalagen passe eka ehemma nathi wela giya,

    ekata top kiyalath kiwwada koheda.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    බොන්න කලින් බෝතලය හෙලෙව්වාම නයා දිය වෙනවා.
    dancing-snake.gif
     
    • Haha
    Reactions: Harakkata

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Math oka windala thiyaanwa.. wennappuwa gin oya digatama kassippu peruwa.. api sellan karanna, malu allanna yaddi owa mattu wenawa..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මෙන්න මේ ටික හොයා ගනින්


    *ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

    *ලොකු හැළියක්

    *අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

    *පාන් පිටි කිලෝ බාගයක්....රොටී පුච්චන්න නෙවෙයි මුට්ටි දෙක අතර සීල් කරන්න

    *පුනීලයක්

    *බූලියක් හෝ එයට සමාන භාජනයක්

    *අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

    *පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

    *හුඹස් මැටි ටිකක්


    හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

    7UqhbR1.jpg


    ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
    අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..

    RrgiV2F.jpg

    හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...


    ZX8OwC4.jpg




    Methanol - 64.7 °C (148.5 °F; 337.8 K)

    Ethanol - 78.24 °C (172.83 °F; 351.39 K)


    හරි දැන් උඹට කසිප්පු හදන්න නේ ඕන , ඔය කියල තියෙන ක්‍රමේට භාජන ටික හදාගන්න , සාර්ථක වෙන්න තවත් මුට්ටියක් ඕන බන්, යටම මහ මුට්ටියට අර අඩු වැඩිය දානවා ඊලග මුට්ටිය මැටි මුට්ටියක් ඒකේ යට හිල් රාශියක් හදලා ඒ මුට්ටියට තමා අර ලී හැන්ද හයිකරනවා , උඩම මුට්ටිය වතුර රත් වේගෙන එද්දී ඒ වතුර අයින් කරනවා , වරින්වර උඩම මුට්ටියේ ජලයද සිසිල්ව තබාගැනීම සඳහා එසේ මාරු කරයි.

    දැන් ඔය ඔක්කොම හරි මේක තමයි වැදගත්ම දේ අවශ්‍ය කරන බඩුටික , සාමාන්‍යයෙන් අඩි 4 උස බැරල් එකට වතුර පුරවලා සිනි 35 kg & යිස්ට් ටින් එකක් දානවා ( කඩේ තියෙනවා අඟල් 3 ක් විතර උස එකක් ) ඕක දින කිහිපයක් පැසීමට තියලා ඔය කියපු ක්‍රමේට බඩු හදාගන්න පුළුවන්. හැබැයි මේ වඩිය වතුර නටනව වගේ නටන්න දෙන්නෙ නෑ. එයිට අඩුවෙං රස්නෙ තියාගන්න ඕන.

    ඕක පෙරනකොට මෙතනොල් සහ එතනෝල් කියල දෙකක් එනවා , මෙතනොල් හෙවත් මීතයිල් මධ්‍යසාරය විෂ සහිතය. කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ විසිකරනවා . එයිං පස්සෙ එනටික තමයි පාවිච්චියට ගන්නෙ. මෙතනොල් වල තාපාංකය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 65කි. එතනෝල් වල ආසන්නව එම අගය 78කි .

    සීනි වලින් පමණක් පෙරන කසිප්පු වල මෙතනොල් නොසෑදේ. පලතුරු ,වෙනත් ද්‍රව්‍ය පැසීමට ලක් වන විට ඒවායේ අඩංගු තන්තු කොටස් හෙවත් සෙලියුලෝස් පැසීම මගින් මෙතනොල් නිෂ්පාදනයවේ.එය විෂ සහිතය. ගෙදර හදාගන්නා විටද පලතුරු දැමීම මගින් එහි සෑදෙන එස්ටර හේතුවෙන් මිහිරි සුවඳක් එයට මුසුවිය හැකි මුත් එයද විෂ සහිත විය හැක.

    මම දන්නා විදියට ඔය මුට්ටි වලින් පෙරන ක්‍රමයට කියන්නේ "හැලි අරක්කු" කියලා

    පසුව ලියමි :- ඔය මගුල් නටන්නේ නැතිව කඩෙන් බෝතලයක් අරන් බීපන් මොනවා උනත් ලේසියි , පහසුයි , බඩු ෂුවර් .:rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes:



    ඔය මම කියපු විස්තරය ගැන මගේ කිසිඳු වගකීමක් නොමැත ( නැත්නං උඹල බීලා මොනවා හරි මගුලක් උනොත් මාව හොයාගෙන එවි මම කිඋවා කියල ) :D:D:D:D:yes::yes::yes::yes: