Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු මරණය හෙවත් මහාමාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු මරණය හෙවත් මහාමාරිය

මිලියන විස්සකට වඩා බිලිගත් කලුමරණය...

යුරෝපයෙන් අඩක් ඝාතනය කල කළු මරණය නොහොත් මහාමාරිය!

මිනිසා යනු කෲර ඝාතකයෙකි. ඔවුහූ, දන්නා ඉතිහාසයේ පටන් උනුන් මෙන්ම උන් වටපිටාවේ ඇති සතාසිව්පාවා ද කෲර ලෙස එකා මත එකා මරා දමති. මිනිසා හේතුකොටගෙන පෘථිවි තලයෙන් නෂ්ඨ වී ගිය සත්ත්ව කොට්ඨාස අපමණය. ඒ සියළු පාපකර්මයින්ගේ නාමයෙන් ස්භාවධර්මයා මිනිසාට එරෙහිව හිස එස්වූ අවස්ථාවන් කිහිපයක් ඉතිහාසයේ වාර්තාවන අතර ඉන් කිසිවක් කළු මරණය නොහොත් මහාමාරිය වසංගතය තරම් බියකරු නැත.

ලොව පුරා මහාමාරිය වසංගතයක් ලෙසින් අවස්ථා කිහිපයකදී පැතිරගොස් මිනිස් ජනගහණය උඩුයටිකුරු කල අතර ඉන් දරුණුතම ව්‍යසනය 1347 හි සිට 1351දක්වා යුරෝපයේ පැතිර ගිය 'කළු මරණය' ලෙසින් හැදින්වෙන අති උග්‍රතම වසංගත අවස්ථාව ලෙස සැලකේ. එහිදී වසර 4 ක් තුළ යුරෝපා ජනගහණයෙන් 60% ක් මරු වැළදගත් අතර එය තරම් වේගයෙන් පැතිරී ගිය රෝගයක් මිනිස් ඉතිහාසයේ සොයාගැනීමට නොහැකි තරම් ය.

මහාමාරිය යර්සීනියා පෙස්ටිස් නම් වූ කුඩා බැක්ටීරියාවක් මගින් ආසාදනය කරන අතර උන්ගේ ප්‍රාථමික වාහකයා මීයන් මත වෙසෙන මැක්කන් විශේෂයක් වේ. මෙම මැක්කා අදාල බැක්ටීරියාවෙන් ආසාදනයක් වූ විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාවෙන් පිරී යන අතර මැක්කා ඉන් කිසිදු හානියකින් තොරව පෙර පරිදිම වාසය කරයි. නමුත් එම ආසාදිත මැක්කා තමා වෙසෙන මීයාගේ සිරුරින් ලේ උරාබීම ආරම්භ කළවිට, උන්ගේ බඩවැල් බැක්ටීරියාවෙන් පිරීතිබීම හෙතුවෙන් උරාබිව් රුධිරය රදවාගත නොහැකිව වමනය කරයි. එම වමනය සමග බැකිටීරියාවන් පිටතට පැමිණෙන අතර උන් මැක්කා ලේ උරා බිව් සිදුරින් මීයාගේ සිරුර තුළට ඇතුළු වී උන් ආසාදනය කරයි. දැන් මීයා ආසාදිත තත්වයේ පසුවන අතර මීයා මත වෙසෙන සියළුම මැක්කන්ට ද, එම මැක්කන් ලේ උරාබොන සියළුම මීයන්ට ද රෝගය ක්ෂණයෙන් වැළදේ. ටික දිනකින් ආසදිත මීයා මිය යන අතර එවිට මැක්කා ආදේශකයක් ලෙස මිනිසා සොයා එයි. මිනිස් ලේ උරා බීමේ දී ද ඉහත ක්‍රියාවලියම සිදුවන අතර ඉන් වහාම මිනිසා ආසාදනය වෙයි.

අදාල බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුල් වීමත් සමග දින 2ත් 7ත් අතර කාලයක් ඇතුළතදී රෝග ලක්ෂණ ඇරඹෙන අතර වසා පද්ධතිය ආසාදනය වීම නිසා පළමුව ඉකිලි සහ කිහිලි ප්‍රදේශයන්හී සියුම් ගෙඩි හටගනී. ඉන්පසු ඒවා ක්‍රමයෙන් විශාල වන අතර අවසානයේ සැරව පිරි එවන් ගෙඩි පිපිරී රුධිරය සහ ඕජස් ගලා යන මහා තුවාල බවට පත්වේ. ඊට ටික දිනකට පසුව ලේ වමනය වීම ඇරඹෙන අතර ඉන් දිනක් ඇතුළත දිගින් දිගටම ලේ වමනට කොට ශෝචනීය මරණයකට ගොදුරු වේ. මෙය බියුබෝනික මහාමාරිය නම් වේ. එවන් පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේ ද අදාල බැක්ටීරියාවන් වෙසෙන අතර උන් කෙළ බිදිති මගින් හෝ කැස්සත් සමග ඒ අවට සිටින සියළුම දෙනා වෙත පැතිර යයි. එලෙස බිදිති මගින් ආසාදනය වූ විට අදාල පුද්ගලයා මත ගෙඩි වර්ග හට නොගන්නා අතර උග්‍ර කැස්සක් පමණක් පවතී. දිගින් දිගටම කැස්ස උත්සන්න වීමෙන් පසු කැස්සත් සමග ලේ පිටව යාම ඇරඹෙන අතර මෙය නියුමෝනික මහාමාරිය නම් වේ. මේ දෙආකාරයටම වඩා දරුණු අවස්ථාව සෙප්ටිසීමික මහාමාරිය වේ. එහිදී අදාල පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතිය බැකිටීරියාවෙන් පිරී පවතින අතර ඉන් ඇගිලි සහ කකුල් කළු වී පණපිටින් සිටියදීම කුණු වී හැලීයාම ඇරඹේ. මේ හෙතුවෙන් අති විශාල වේදනාවකට මුහුණ දෙන ආසාදිතයා දින කිහිපයකින් මරණයට පත්වන විට කළුගැසී කුණුවුන ඕජසින් නැහැවුනු නරකාදි සත්වරූපයක් බවට පත්වීම සිදු වේ. එනයින් මෙම මහා වසංගතය කළු මරණය ලෙසින් හැදින්විණි.

වසංගතය ඇරඹියේ මධ්‍යම ආසියාවෙනි. චීනයේ සුළුවට පැතිර යමින් තිබූ ආසාදනය මෝගල් වරුන් වැළදගත් අතර ආක්රමණික පිපාසයකින් උන්මන්තකව සිටි ඔවුහූ රෝගයද රැගෙන සේද මාවත ඔස්සේ යුරෝපය දෙසට ගමන් ඇරඹීය. 1347 හි දී ඔවුහූ ක්රිමියාවට පැමිණි අතර කෆා නගරය ආක්‍රමණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. නම නොදන්නා කිසියම් භයානක රෝගයකින් තම සගයින් එකිනෙකා මියයමින් තිබුනු හෙයින් ඔවුහූ සෙබළ සංඛ්‍යාව අතින් බොහෝසෙයින් අඩපණව සිටි අතර වෙනදා හුරුපුරුදු කඩාපැන ආක්‍රමණය කිරීමට සෙබළුන් අදිමදි කරන ලදි. මෙහිදී සේනාධිපති ජානී බෙග් අපූරූ තීරණයකට එළැඹි අතර ඉන් ලෝක ඉතිහාසය මෙතරම් වෙනස් වේයැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇතිබව සැක හැර පැවසිය හැක. සෙබළ කණ්ඩායම අඩපණ කළ රෝගය කුමක් වුවත් එය මාරාන්තික එමෙන්ම වහාම ආසාදනය වන වර්ගයේ එකක් විය යුතුය. එය තමා අඩපණ කළාක් මෙන්ම සතුරාද අඩපණ කරනු ඇත. එසේනම් අප එය අවියක් කර නොගන්නේ මන්ද? ජානී බෙග් සිතුවේ එලෙසය. ඔහු සිය මිය ගිය සෙබළුන් කැටපෝල මත තබා නගරයේ ප්‍රාකාර උඩින් විසි වී ගොස් නගර මධ්‍යයේ තැන තැන වැටෙන ලෙස ඉන් පහර දී සතියක් සියල්ලන්ටම විවේක සුවයෙන් ගත කරන ලෙසට අණ කල අතර සෙබළුන්ට එය ඉතා ප්රීතිජනක පුවතක් විය. මළසිරුරු ඉහළින් විසි වී ගොස් නගර මධ්‍යයේ පතිත විය. විරූපී වූ මළකදන් ඇල්ලීම තියා ලංවීමට හෝ උන් බිය වූහ. නමුත් සුපුරුදු පරිදි නගරයේ මීයන් සිටි අතර උන් මළසිරුරු කරා නොබියව ළගා වී ඉන් ආසාදනය වී නගරය පුරා දිව යමින් මෝගල් සේනාවේ කුලී හේවයින් පරිද්දෙන් සිය කර්තව්‍යය අකුරට ඉටු කරන ලදි. දින දෙකින් නගරය රෝගී වූ අතර ධනවත් ව්‍යාපාරිකයෝ නැව් නැග පළාගිය හ. මීයන් ද අමතක නොකර නැවට ගොඩ විය.

මෙලෙස පලා යන්නවුන් ගෙන් පිරි නෞකා 12ක් පලමුව සිසිලියට ලගා වූ අතර, කිහිපයක් වැනීසියට ද එක් නෞකාවක් ප්‍රංශයේ මාර්සෙලෝ වරායටද ලගා වූ අතර සතියක් ඇතුළත සම්පූර්ණ සිසිලිය රෝගී වී බිදවැටුනු අතර වැනීසිය සහ පීසා නගරවල ඉරණම ඊට දෙවෙනි නොවුණි. ඉතාලියේ සිට මරණයේ කළු සෙවණැල්ල ඊට නතුවූ සියල්ලන් බිද හෙළමින් වයඹදෙසට සංක්‍රමණය වූ අතර පිළිවෙලින් ප්‍රංශය, ස්පාඤ්ඤය හා පෘතුගාලය ද ඉන් පසු එංගලන්තය හා ස්කොට්ලන්තය ද ඉන් නොනැවතී ජර්මනිය හරහා ස්කැන්ඩිනේවියානු රටවල් වෙතද එළඹිනි. 1348 වනවිට නොර්වේ හා අයිස්ලන්තය කරා ද ඉන්පසු රුසියාවේ හතර දිග්භාගයම ද වෙලාගත් මෙම රකුසා යුරෝපයේ කුඩා නගර කිහිපයක් හැර අන් සියල්ලේ බලය 1350 වනවිට නතු කරගෙන තිබිණි. ඉතිහාසයේ මින් පෙර හෝ ඉන්පසු කිසිමදිනෙක මෙතරම් වේගවත් ආක්‍රමණයක් කිරීමට කිසිදු අධිරාජ්යයවාදියෙකුට නොහැකි වූ අතර මුළුමහත් යුරෝපයම වසර 4ක් ඇතුළත් උන් හිටිතැන් නැතිව දණින් ඇද වැටුන සුසානාගාරයක් පමණක් බවට පත් කර තිබිණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුළු යුරෝපයම මලකදන් කුණුවෙමින් පවතින අත් හැර දැමු සොහොන්ගෙයක්ම විය. වසංගතයේ මුල් අවධියේදී මිය යන්නවුන් සමූහ මිනීවලක බොහෝවිට වල දැමූ මුත් වසංගතයේ වේගය කරනකොටගෙන මල කදන් වලදැමීමේ වේගයට වඩා මලකදන් බිහිවීම ඇරඹිණි. අවසානයේ මලකදන් වල දැමීම කෙසේ වෙතත් කෙලින් සිට ගැනීමට සවි ශක්තියක් ඇත්තෙකු කිසිදු නගරයක සොයාගත නොහැකි විය.

වසර 4ක් ඇතුළත යුරෝපයේ මිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් මරුතුරුලට යැවූ මහාමාරිය ඉතිහාසයේ මිනිසා මත ස්භාවධර්මය එල්ල කල වේගවත්ම අතුල් පහර බවට පත්වෙමින් 1351 සිට ක්‍රමයෙන් වියැකී ගිය අතර මළසිරුරු උන් හිටි තැන්වලම තිබෙන්නට හැර මහපොළව එය ආදරයෙන් වැළදගන්නා තුරු අබල දුබලව ඉතිරි වූවන් ඉතිරි වූ සියළුම සම්පත් මගින් සිය ප්‍රාණය පණවද්දා ගත්භ.

මිනිසා නොනැසී ඉතිරි වූ මුත් ඔහු ඉදිරියේ ජයගැනීමට බාධක රැසක් ගොඩනැගී තිබිණි. වසංගතය කම්කරු පන්තියම ඝාතනය කරතිබූ අතර යුරෝපයේ ශ්රමබළකාය යන්න වචනයකට පමනක් සීමා විය. දැන් මහා වගා භූමින් අස්වද්දන්නේ කවුරුන්ද? අස්වැද්දූ පසූ අස්වනු නෙළන්නේ කෙසේද? ඒවා නගරයට ප්‍රවාහනය කරන්නෙ කෙලෙසකින්ද? එසේ නොකලේ වී නම් තව වසරකින් දෙකකින් මහා සාගතයක් පැමිණ ඉතිරි වී සිටි සියල්ලන් ගිල නොගන්නේද? මෙම ගැටළු වසංගතය තරමටම කුරිරු විය. නමුත්, මිනිසා ඒ සියල්ල ජයගත්තේය. මිනිසා අති කෲර සත්ත්වයෙකි, නමුත් ඔහු බුද්ධියේ පරිසමාපප්තියයි. මිනිසා කුහකය, නමුත් අභියෝග හමුවේ උනින් එකතු වෙයි. මිනිසා මහා දඩයක්කරුවෙකි, එනිසා ඔව්හූ දඩයම් නොවෙති. බුද්ධිමත් මිනිසා යන්ත්‍ර නිපදවිය. මිනිසුන් දහදෙනෙකු විසින් කල කර්තව්‍යක් තනි යන්ත්‍රයකට භාර දුනි. පෙරටත් වඩා වේගයකින් මහා වගාබිම් ඇරඹිණි. ඉක්මණින් අසවැනු නෙලූ අතර වෙනදාටත් වඩා වේගයෙන් ඒවා ප්රවාහණය කෙරිණි. දැන් ජනගහණය අඩුය. සම්පත් වඩිය. වෙනදා මෙන් මහන්සි වී වැඩ කලයුතු නැත. මිනිස් සිත කලාවට යොමු විය. මනරම් චිත්‍ර ඇදුනු අතර නාට්‍ය, ගීත නිමවුණි. ඩාවින්චි ගේ, ශේක්ෂ්පියර් ගේ ගැලීලියෝ ගේ යුගයට පාර කපපින් මානව ඉතිහාසයේ අදුරුතම යුගය එසේ නිමා වී පුනරුද යුගය ඇරඹිණි.

මහාමාරිය විසින් ලෝක ජනගහනයෙන් මිලියන 450ක් ඝාතනය කල අතර එම අස්ථාන වූ ජනගහණය නැවත ඇතිවීමට වසර 200කට වඩා ගතවිය. මහා කළු මරණයට අමතරව මහාමාරිය තවත් අවස්ථා ගණනාවකදී මිනිසාට පහර දුන් අතර තවමත් මහාමාරිය තුරන් නොවූ රෝගයක්ව අදටත් වසරකට ලොව පුරා මිනිස් ජීවිත 600ක් පමණ බිලිගන්නා නිද්‍රාකාරක රෝගයක්ව පවතී. එය නැවත හිස ඔසවන දිනයක් ස්ථිරව කිව නොහැකි මුත් මිනිසා නිපද වූ සියළුම ප්‍රතිජීවක පරදවා එය නැවත හිස ඔසවන බවනම් ඉදුරාම කිව හැකිය.

මහාමාරිය තවමත් තුරන් වී නොමැත!

උපුටාගැනීම ඓතිහාසික ජායාරූප පිටුවෙනි!

[QUOTE="raterala, post: 25224019, member: 474806"] [b]කළු මරණය හෙවත් මහාමාරිය[/b] [FONT=Arial Black][SIZE=5] මිලියන විස්සකට වඩා බිලිගත් [B][SIZE=6]කලුමරණය..[/SIZE].[/B][/SIZE][/FONT] [IMG]https://www.ancient-origins.net/sites/default/files/field/image/Plague-Doctors-Terrifying-Costume.jpg[/IMG] [SIZE=4]යුරෝපයෙන් අඩක් ඝාතනය කල කළු මරණය නොහොත් මහාමාරිය!😔😔[/SIZE] [SIZE=4] මිනිසා යනු කෲර ඝාතකයෙකි. ඔවුහූ, දන්නා ඉතිහාසයේ පටන් උනුන් මෙන්ම උන් වටපිටාවේ ඇති සතාසිව්පාවා ද කෲර ලෙස එකා මත එකා මරා දමති. මිනිසා හේතුකොටගෙන පෘථිවි තලයෙන් නෂ්ඨ වී ගිය සත්ත්ව කොට්ඨාස අපමණය. ඒ සියළු පාපකර්මයින්ගේ නාමයෙන් ස්භාවධර්මයා මිනිසාට එරෙහිව හිස එස්වූ අවස්ථාවන් කිහිපයක් ඉතිහාසයේ වාර්තාවන අතර ඉන් කිසිවක් කළු මරණය නොහොත් මහාමාරිය වසංගතය තරම් බියකරු නැත.[/SIZE] [SIZE=4] ලොව පුරා මහාමාරිය වසංගතයක් ලෙසින් අවස්ථා කිහිපයකදී පැතිරගොස් මිනිස් ජනගහණය උඩුයටිකුරු කල අතර ඉන් දරුණුතම ව්‍යසනය 1347 හි සිට 1351දක්වා යුරෝපයේ පැතිර ගිය 'කළු මරණය' ලෙසින් හැදින්වෙන අති උග්‍රතම වසංගත අවස්ථාව ලෙස සැලකේ. එහිදී වසර 4 ක් තුළ යුරෝපා ජනගහණයෙන් 60% ක් මරු වැළදගත් අතර එය තරම් වේගයෙන් පැතිරී ගිය රෝගයක් මිනිස් ඉතිහාසයේ සොයාගැනීමට නොහැකි තරම් ය.[/SIZE] [SIZE=4] මහාමාරිය යර්සීනියා පෙස්ටිස් නම් වූ කුඩා බැක්ටීරියාවක් මගින් ආසාදනය කරන අතර උන්ගේ ප්‍රාථමික වාහකයා මීයන් මත වෙසෙන මැක්කන් විශේෂයක් වේ. මෙම මැක්කා අදාල බැක්ටීරියාවෙන් ආසාදනයක් වූ විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාවෙන් පිරී යන අතර මැක්කා ඉන් කිසිදු හානියකින් තොරව පෙර පරිදිම වාසය කරයි. නමුත් එම ආසාදිත මැක්කා තමා වෙසෙන මීයාගේ සිරුරින් ලේ උරාබීම ආරම්භ කළවිට, උන්ගේ බඩවැල් බැක්ටීරියාවෙන් පිරීතිබීම හෙතුවෙන් උරාබිව් රුධිරය රදවාගත නොහැකිව වමනය කරයි. එම වමනය සමග බැකිටීරියාවන් පිටතට පැමිණෙන අතර උන් මැක්කා ලේ උරා බිව් සිදුරින් මීයාගේ සිරුර තුළට ඇතුළු වී උන් ආසාදනය කරයි. දැන් මීයා ආසාදිත තත්වයේ පසුවන අතර මීයා මත වෙසෙන සියළුම මැක්කන්ට ද, එම මැක්කන් ලේ උරාබොන සියළුම මීයන්ට ද රෝගය ක්ෂණයෙන් වැළදේ. ටික දිනකින් ආසදිත මීයා මිය යන අතර එවිට මැක්කා ආදේශකයක් ලෙස මිනිසා සොයා එයි. මිනිස් ලේ උරා බීමේ දී ද ඉහත ක්‍රියාවලියම සිදුවන අතර ඉන් වහාම මිනිසා ආසාදනය වෙයි. [/SIZE] [SIZE=4] අදාල බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුල් වීමත් සමග දින 2ත් 7ත් අතර කාලයක් ඇතුළතදී රෝග ලක්ෂණ ඇරඹෙන අතර වසා පද්ධතිය ආසාදනය වීම නිසා පළමුව ඉකිලි සහ කිහිලි ප්‍රදේශයන්හී සියුම් ගෙඩි හටගනී. ඉන්පසු ඒවා ක්‍රමයෙන් විශාල වන අතර අවසානයේ සැරව පිරි එවන් ගෙඩි පිපිරී රුධිරය සහ ඕජස් ගලා යන මහා තුවාල බවට පත්වේ. ඊට ටික දිනකට පසුව ලේ වමනය වීම ඇරඹෙන අතර ඉන් දිනක් ඇතුළත දිගින් දිගටම ලේ වමනට කොට ශෝචනීය මරණයකට ගොදුරු වේ. මෙය බියුබෝනික මහාමාරිය නම් වේ. එවන් පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේ ද අදාල බැක්ටීරියාවන් වෙසෙන අතර උන් කෙළ බිදිති මගින් හෝ කැස්සත් සමග ඒ අවට සිටින සියළුම දෙනා වෙත පැතිර යයි. එලෙස බිදිති මගින් ආසාදනය වූ විට අදාල පුද්ගලයා මත ගෙඩි වර්ග හට නොගන්නා අතර උග්‍ර කැස්සක් පමණක් පවතී. දිගින් දිගටම කැස්ස උත්සන්න වීමෙන් පසු කැස්සත් සමග ලේ පිටව යාම ඇරඹෙන අතර මෙය නියුමෝනික මහාමාරිය නම් වේ. මේ දෙආකාරයටම වඩා දරුණු අවස්ථාව සෙප්ටිසීමික මහාමාරිය වේ. එහිදී අදාල පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතිය බැකිටීරියාවෙන් පිරී පවතින අතර ඉන් ඇගිලි සහ කකුල් කළු වී පණපිටින් සිටියදීම කුණු වී හැලීයාම ඇරඹේ. මේ හෙතුවෙන් අති විශාල වේදනාවකට මුහුණ දෙන ආසාදිතයා දින කිහිපයකින් මරණයට පත්වන විට කළුගැසී කුණුවුන ඕජසින් නැහැවුනු නරකාදි සත්වරූපයක් බවට පත්වීම සිදු වේ. එනයින් මෙම මහා වසංගතය කළු මරණය ලෙසින් හැදින්විණි.[/SIZE] [SIZE=4] වසංගතය ඇරඹියේ මධ්‍යම ආසියාවෙනි. චීනයේ සුළුවට පැතිර යමින් තිබූ ආසාදනය මෝගල් වරුන් වැළදගත් අතර ආක්රමණික පිපාසයකින් උන්මන්තකව සිටි ඔවුහූ රෝගයද රැගෙන සේද මාවත ඔස්සේ යුරෝපය දෙසට ගමන් ඇරඹීය. 1347 හි දී ඔවුහූ ක්රිමියාවට පැමිණි අතර කෆා නගරය ආක්‍රමණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. නම නොදන්නා කිසියම් භයානක රෝගයකින් තම සගයින් එකිනෙකා මියයමින් තිබුනු හෙයින් ඔවුහූ සෙබළ සංඛ්‍යාව අතින් බොහෝසෙයින් අඩපණව සිටි අතර වෙනදා හුරුපුරුදු කඩාපැන ආක්‍රමණය කිරීමට සෙබළුන් අදිමදි කරන ලදි. මෙහිදී සේනාධිපති ජානී බෙග් අපූරූ තීරණයකට එළැඹි අතර ඉන් ලෝක ඉතිහාසය මෙතරම් වෙනස් වේයැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇතිබව සැක හැර පැවසිය හැක. සෙබළ කණ්ඩායම අඩපණ කළ රෝගය කුමක් වුවත් එය මාරාන්තික එමෙන්ම වහාම ආසාදනය වන වර්ගයේ එකක් විය යුතුය. එය තමා අඩපණ කළාක් මෙන්ම සතුරාද අඩපණ කරනු ඇත. එසේනම් අප එය අවියක් කර නොගන්නේ මන්ද? ජානී බෙග් සිතුවේ එලෙසය. ඔහු සිය මිය ගිය සෙබළුන් කැටපෝල මත තබා නගරයේ ප්‍රාකාර උඩින් විසි වී ගොස් නගර මධ්‍යයේ තැන තැන වැටෙන ලෙස ඉන් පහර දී සතියක් සියල්ලන්ටම විවේක සුවයෙන් ගත කරන ලෙසට අණ කල අතර සෙබළුන්ට එය ඉතා ප්රීතිජනක පුවතක් විය. මළසිරුරු ඉහළින් විසි වී ගොස් නගර මධ්‍යයේ පතිත විය. විරූපී වූ මළකදන් ඇල්ලීම තියා ලංවීමට හෝ උන් බිය වූහ. නමුත් සුපුරුදු පරිදි නගරයේ මීයන් සිටි අතර උන් මළසිරුරු කරා නොබියව ළගා වී ඉන් ආසාදනය වී නගරය පුරා දිව යමින් මෝගල් සේනාවේ කුලී හේවයින් පරිද්දෙන් සිය කර්තව්‍යය අකුරට ඉටු කරන ලදි. දින දෙකින් නගරය රෝගී වූ අතර ධනවත් ව්‍යාපාරිකයෝ නැව් නැග පළාගිය හ. මීයන් ද අමතක නොකර නැවට ගොඩ විය.[/SIZE] [SIZE=4] මෙලෙස පලා යන්නවුන් ගෙන් පිරි නෞකා 12ක් පලමුව සිසිලියට ලගා වූ අතර, කිහිපයක් වැනීසියට ද එක් නෞකාවක් ප්‍රංශයේ මාර්සෙලෝ වරායටද ලගා වූ අතර සතියක් ඇතුළත සම්පූර්ණ සිසිලිය රෝගී වී බිදවැටුනු අතර වැනීසිය සහ පීසා නගරවල ඉරණම ඊට දෙවෙනි නොවුණි. ඉතාලියේ සිට මරණයේ කළු සෙවණැල්ල ඊට නතුවූ සියල්ලන් බිද හෙළමින් වයඹදෙසට සංක්‍රමණය වූ අතර පිළිවෙලින් ප්‍රංශය, ස්පාඤ්ඤය හා පෘතුගාලය ද ඉන් පසු එංගලන්තය හා ස්කොට්ලන්තය ද ඉන් නොනැවතී ජර්මනිය හරහා ස්කැන්ඩිනේවියානු රටවල් වෙතද එළඹිනි. 1348 වනවිට නොර්වේ හා අයිස්ලන්තය කරා ද ඉන්පසු රුසියාවේ හතර දිග්භාගයම ද වෙලාගත් මෙම රකුසා යුරෝපයේ කුඩා නගර කිහිපයක් හැර අන් සියල්ලේ බලය 1350 වනවිට නතු කරගෙන තිබිණි. ඉතිහාසයේ මින් පෙර හෝ ඉන්පසු කිසිමදිනෙක මෙතරම් වේගවත් ආක්‍රමණයක් කිරීමට කිසිදු අධිරාජ්යයවාදියෙකුට නොහැකි වූ අතර මුළුමහත් යුරෝපයම වසර 4ක් ඇතුළත් උන් හිටිතැන් නැතිව දණින් ඇද වැටුන සුසානාගාරයක් පමණක් බවට පත් කර තිබිණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුළු යුරෝපයම මලකදන් කුණුවෙමින් පවතින අත් හැර දැමු සොහොන්ගෙයක්ම විය. වසංගතයේ මුල් අවධියේදී මිය යන්නවුන් සමූහ මිනීවලක බොහෝවිට වල දැමූ මුත් වසංගතයේ වේගය කරනකොටගෙන මල කදන් වලදැමීමේ වේගයට වඩා මලකදන් බිහිවීම ඇරඹිණි. අවසානයේ මලකදන් වල දැමීම කෙසේ වෙතත් කෙලින් සිට ගැනීමට සවි ශක්තියක් ඇත්තෙකු කිසිදු නගරයක සොයාගත නොහැකි විය. [/SIZE] [SIZE=4] වසර 4ක් ඇතුළත යුරෝපයේ මිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් මරුතුරුලට යැවූ මහාමාරිය ඉතිහාසයේ මිනිසා මත ස්භාවධර්මය එල්ල කල වේගවත්ම අතුල් පහර බවට පත්වෙමින් 1351 සිට ක්‍රමයෙන් වියැකී ගිය අතර මළසිරුරු උන් හිටි තැන්වලම තිබෙන්නට හැර මහපොළව එය ආදරයෙන් වැළදගන්නා තුරු අබල දුබලව ඉතිරි වූවන් ඉතිරි වූ සියළුම සම්පත් මගින් සිය ප්‍රාණය පණවද්දා ගත්භ. [/SIZE] [SIZE=4] මිනිසා නොනැසී ඉතිරි වූ මුත් ඔහු ඉදිරියේ ජයගැනීමට බාධක රැසක් ගොඩනැගී තිබිණි. වසංගතය කම්කරු පන්තියම ඝාතනය කරතිබූ අතර යුරෝපයේ ශ්රමබළකාය යන්න වචනයකට පමනක් සීමා විය. දැන් මහා වගා භූමින් අස්වද්දන්නේ කවුරුන්ද? අස්වැද්දූ පසූ අස්වනු නෙළන්නේ කෙසේද? ඒවා නගරයට ප්‍රවාහනය කරන්නෙ කෙලෙසකින්ද? එසේ නොකලේ වී නම් තව වසරකින් දෙකකින් මහා සාගතයක් පැමිණ ඉතිරි වී සිටි සියල්ලන් ගිල නොගන්නේද? මෙම ගැටළු වසංගතය තරමටම කුරිරු විය. නමුත්, මිනිසා ඒ සියල්ල ජයගත්තේය. මිනිසා අති කෲර සත්ත්වයෙකි, නමුත් ඔහු බුද්ධියේ පරිසමාපප්තියයි. මිනිසා කුහකය, නමුත් අභියෝග හමුවේ උනින් එකතු වෙයි. මිනිසා මහා දඩයක්කරුවෙකි, එනිසා ඔව්හූ දඩයම් නොවෙති. බුද්ධිමත් මිනිසා යන්ත්‍ර නිපදවිය. මිනිසුන් දහදෙනෙකු විසින් කල කර්තව්‍යක් තනි යන්ත්‍රයකට භාර දුනි. පෙරටත් වඩා වේගයකින් මහා වගාබිම් ඇරඹිණි. ඉක්මණින් අසවැනු නෙලූ අතර වෙනදාටත් වඩා වේගයෙන් ඒවා ප්රවාහණය කෙරිණි. දැන් ජනගහණය අඩුය. සම්පත් වඩිය. වෙනදා මෙන් මහන්සි වී වැඩ කලයුතු නැත. මිනිස් සිත කලාවට යොමු විය. මනරම් චිත්‍ර ඇදුනු අතර නාට්‍ය, ගීත නිමවුණි. ඩාවින්චි ගේ, ශේක්ෂ්පියර් ගේ ගැලීලියෝ ගේ යුගයට පාර කපපින් මානව ඉතිහාසයේ අදුරුතම යුගය එසේ නිමා වී පුනරුද යුගය ඇරඹිණි.[/SIZE] [SIZE=4] මහාමාරිය විසින් ලෝක ජනගහනයෙන් මිලියන 450ක් ඝාතනය කල අතර එම අස්ථාන වූ ජනගහණය නැවත ඇතිවීමට වසර 200කට වඩා ගතවිය. මහා කළු මරණයට අමතරව මහාමාරිය තවත් අවස්ථා ගණනාවකදී මිනිසාට පහර දුන් අතර තවමත් මහාමාරිය තුරන් නොවූ රෝගයක්ව අදටත් වසරකට ලොව පුරා මිනිස් ජීවිත 600ක් පමණ බිලිගන්නා නිද්‍රාකාරක රෝගයක්ව පවතී. එය නැවත හිස ඔසවන දිනයක් ස්ථිරව කිව නොහැකි මුත් මිනිසා නිපද වූ සියළුම ප්‍රතිජීවක පරදවා එය නැවත හිස ඔසවන බවනම් ඉදුරාම කිව හැකිය. [/SIZE] [SIZE=4] මහාමාරිය තවමත් තුරන් වී නොමැත! උපුටාගැනීම ඓතිහාසික ජායාරූප පිටුවෙනි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom