Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශ&

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශිෂ්ටයා ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්

මතකයෙන් නොමැකෙන තරු

ඔහු ඉතිහාසගත වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට ක්‍රීඩකයා ලෙසිනි. 1954 සිට 1974 වන තෙක් 20 වසරක් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම නියෝජනය කළ ඔහු තම සමකාලීනයන් අතර ප්‍රකට වූයේ ගැරී නමිනි. ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින ඔහු ශ්‍රීමත් ගාෆිල්ඩ් සෙන්ට් ඔර්බන් සෝබර්ස්ය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් බාබඩොස්හි බිජ්ටවුන් නගරයේ උපත ලද සෝබර්ස් දරුවන් සය දෙනකුගෙන් යුතු පවුලක පස්වැනියා විය. ළමා වියේ සිටම ක්‍රීඩාවට දස්කම් දැක්වූ ඔහුට ක්‍රිකට්, පාපන්දු සහ පැසිපන්දු ක්‍රීඩාවට විශේෂ හැකියාවක් තිබිණි. පියා මිය යනවිට ඔහුගේ වයස අවුරුදු පහකි. සෝබර්ස්ගේ පියා නාවිකයකු විය. 1942 දෙවැනි ලෝක යුද සමයේ ජර්මානු සබ්මැරිනයකින් එල්ල කෙරුණු ටෝර්පිටෝ ප්‍රහාරයකින් ඔහු සේවය කළ නැව විනාශ වූ අතර එහි සිටි සියලු නාවිකයෝ මරණයට පත් වූහ.

ළමා වියේදී තම සොහොයුරා වූ ජෙරල්ඩ් සමඟ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු බේ ස්ට්‍රීට් පිරිමි පාසලට පාසල් ක්‍රිකට් ශූරතා රැසක් දිනා දෙන්නට සමත් විය. 13 වැනි වියේදී ක්‍රිකට් කණ්ඩායම් දෙකකට එකවර ක්‍රීඩා කිරීමට ඔහු තෝරා ගැනිණි. ඒ සාන්ත පිලිප් ක්‍රීඩා සමාජයට හා වොන්ඩර්ස් ක්‍රීඩා සමාජයටය. ඔහු වඩාත් කැපී පෙනුණේ වමත් දඟ පන්දු යවන්කු ලෙසිනි. සෝබර්ස්ගේ පන්දු යැවීමේ දක්ෂතා දුටු බාබඩෝස් පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ පොලිස් පරීක්ෂක විල්ෆ්රඩ් ෆාමර් ඔහු පොලිස් කණ්ඩායමට බඳවා ගත්තේය. එවිට සෝබර්ස්ගේ වයස අවුරුදු 15ක් විය.

1953 දී පළමු පෙළ ක්‍රිකට් තරගයකට පළමුවෙන් මුහුණ දුන්නේ ඉන්දියානු කණඩායම සමඟ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයටය. 12 වැනි ක්‍රීඩකයා ලෙස ඔහු නම් කළ ද පසුව වෙනත් ක්‍රීඩකයකු වෙනුවට ක්‍රීඩා කිරීමට ඔහුට හැකි විය. අංක 9 පිතිකරුවා ලෙස පිටියට පිවිසි සෝබර්ස් ලකුණු 7ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී ලකුණු 50ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 92කට කඩුලු 3ක්ද දවා ගැනීමට ඔහුට හැකි විය. එම තරගයෙන් පසු ඔහුට දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ ඉන් වසරකට පසුය. එම්සීසී කණ්ඩායම සමඟ පැවැති එම තරගයේ දී ඔහුට පස් වැනි ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය. පළමු ඉනිමේ ලකුණු 47ක්ද දෙවැනි ඉනිමේ ලකුණු 27ක්ද රැස්කළ ඔහු කඩුලු 2ක් බිඳ දැමීය.

1954 දී බටහිර ඉන්දීය කොදෙවු ටෙස්ට් කණ්ඩායමට එක් වූයේ පන්දු යවන්නකු ලෙසිනි. කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගනයේ එංගලන්තය සමඟ පැවැති තරගය ඔහුගේ පළමු ටෙස්ට් තරගය විය. එහිදී ලකුණු 75කට කඩුලු 4ක් බිඳ හෙළන්නට ඔහු සමත් විය. එම තරගයේදීද ඔහුට හිමි වූයේ පිතිකරණ ලැයිස්තුවේ අංක 9 ස්ථානයයි. සෝබර්ස් පළමු ඉනිමේ ලකුණු 14ක්ද දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 26ක්ද රැස් කළේය.

1954/55 ක්‍රීඩා වාරයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත විය. පළමු ටෙස්ට් තරගය සඳහා සෝබර්ස් නම් කෙරුණේ නැත. සෝබර්ස්ගේ දස්කම් දැන සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කීත් මිලර්, සෝබර්ස් පන්දු යවන්නකුට වඩා පිතිකරුවකු වශයෙන් හපන්කම් දක්වන්නකු බවත්, ඔහු ක්‍රීඩා කළ යුත්තේ කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස නොව ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස බවත් පෙන්වා දුන්නේය. දෙවැනි ටෙස්ට් තරගයට යළි ඔහු කැඳවන ලද අතර ඉනිම දෙකේදී ලකුණු 47ක් සහ නොදැවී ලකුණු 8ක් රැස් කිරීමට ඔහුට හැකි විය.

එම තරගයේ පළමු ඉනිමට ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 600ක් වාර්තා කළේය. සිව් වැනි ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවා විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුවක් මතු විය. අවසානයේ එම ස්ථානයට සෝබර්ස් නම් කිරීමට නායකයා සහ පාලක මණ්ඩලය තීරණය කළහ. පන්දු යවන්නා වූයේ කීත් මිලර්ය. ඔහුගේ පළමු පන්දු තුනට සෝබර්ස්ගේ පිළිතුර වූයේ හතරේ පහර තුනකි. ඔහුගේ දෙවැනි පන්දු වාරයේද සෝබර්ස් හතරේ පහර තුනක් එල්ල කළේය. ලකුණු 43කට ඔහු දැවී ගිය අතර පළමු කඩුල්ල සඳහා ජේ. කේ. හෝල්ට් සමඟ ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැඟීය. තරගාවලිය පරාජය වුවද සෝබර්ස් කැපී පෙනෙන පිතිකරුවකු බවට පත්ව සිටියේය.

1957දී සෝබර්ස් ඇතුළු බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරත විය. ටෙස්ට් තරග 5කට සහභාගී වූ ඔහු අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 320ක්ද, කඩුලු පහක්ද දවා ගැනීමට සමත් විය.

1958 දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ දී සෝබර්ස් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ ඉනිමක පිතිකරුවකු රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමිනි. එතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තයේ ලෙන් හට්න්ය. 1938 දී ඔහු ලකුණු 364ක් රැස් කරමින් පිහිටුවන ලද ලෝක වාර්තාව පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේදී බිඳ දමන්නට ඉන් වසර විස්සකට පසු ලකුණු 365ක් රැස් කළ සෝබර්ස් සමත් විය. එම වාර්තාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වූ බ්‍රයන් ලාරා ලකුණු 375ක් වාර්තා කරමින් 1994දී බිඳ හෙළන තෙක් වසර 36ක් පුරා නොබිඳී පැවැතිණි.

රෝහන් කන්හායි නායකත්වයෙන් සමුගැනීමෙන් පසු 1965දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වයට පත් සෝබර්ස් 1972 වන තෙක් තම කණ්ඩායම මෙහෙය වීය. නායකයකු වශයෙන් ඉතා සාර්ථක වූ සෝබර්ස්, ෆ්රෑන්ක් වොරල් කුසලානය සඳහා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 179කින් ජය ගැනීමට සමත් විය. එම තරගාවලියේ ජයද කොදෙවුවන්ට හිමි විය. ඔස්ට්‍රේලියාව පරාජය කොට කොදෙවුවන් තරගාවලි ජයක් හිමි කරගත් පළමු අවස්ථාව එය විය. 1966 එංගලන්ත සංචාරයද අති සාර්ථක විය. ටෙස්ට් තරග පහකින් සමන්විත වූ එම තරගාවලියේදී සෝබර්ස් ශතක තුනක් සමඟ ලකුණු 722ක් රැස් කළේය. එහි සාමාන්‍යය 103.14කි. ඊට අමතරව ඔහු කඩුලු 20ක් බිඳ හෙලමින් උඩපන්දු 10ක්ද රැකගත්තේය. ඔහුට ‘ක්‍රිකට් රජු’ යන විරුදාවලිය හිමි වූයේ එම තරගාවලියෙන් පසුය. ට්රිනිඩෑඩයේ කැලිප්සෝ ගායකයකු වූ මයිටි ස්පැරෝ සෝබර්ස් නමින් ගීතයක්ද නිර්මාණය කළේ ඔහුගේ දක්ෂතාවට ගරු කිරීමක් ලෙසිනි.

1966/67 ක්රීඩාවාරයේ ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලියද ඔහුගේ නායකත්වය යටතේ ජය ලැබීය. ඔහු පරාජය වූ පළමු තරගාවලිය 1967/68 තරග වාරයේ එංගලන්තය සමඟ පැවැති තරගාවලියයි. අනපේක්ෂිත අයුරින් බටහිර ඉන්දීය කොදෙවුවෝ තම මව්බිමේදී එංගලන්තයට පරාජය වූහ. 1970දී එංගලන්තයේ සංචාරය කළ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා ද තෝරා ගැනුණේ සෝබර්ස්ය.

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 93කට සහභාගී වූ ගාෆිල්ඩ් සෝබර්ස් ලකුණු 8235ක් රැස් කොට ඇති අතර එහි සාමාන්‍යය 57.78කි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිව් වැනියට ඉහළම ලකුණු සාමාන්‍යය ඔහුට හිමිය. පන්දු යවන්නකු වශයෙන් ඔහුගේ ගිණුමට බැර වී ඇති කඩුලු සංඛ්‍යාව 235කි. ඔහු පළමු පෙළ තරග 383කට සහභාගී වී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 28,000කි. කඩුලු 1000ක් බිඳ හෙළා තිබේ.

එක් පන්දු වාරයකට හයේ පහර හයක් ලබා ගත් ප්‍රථම ක්‍රීඩකයා සෝබර්ස්ය. 1968දී පළමු පෙළ ක්‍රිකට් තරගයක දී ඔහු එම වාර්තාව පිහිටුවීය. ඔහුගේ ප්‍රහාරයට ලක්වූ පන්දු යවන්නා වූයේ මැල්කම් නෑෂ්ය. එක් පන්දුවාරයක ලකුණු 34 ලබා ටෙඩ් ඇලට්සන් විසින් තැබූ වසර 57 පැරණි වාර්තාව සෝබර්ස්ගේ පිති ප්‍රහාරයෙන් බිඳ වැටිණි. 1984දී ඉන්දීය ක්‍රීඩක රවි ශාස්ත්‍රි සෝබර්ස්ගේ වාර්තාව සම කළේය.

ගාෆිල්ඩ් සෝබර්ස් වමත් පිතිකරුවකු මෙන්ම වමතින් දඟ පන්දු හා මඳ වේග පන්දු යවන්නෙකි. පන්දු රකින්නකු වශයෙන් ඔහු කඩුල්ල ආසන්නයේ පන්දු රැකීමට සමතෙක් විය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු හා පසුව විස්තර විචාරකයකු වූ රිචී බෙනෝ තමා දුටු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සෝබර්ස් නම් කර තිබේ.

සෝබර්ස් හා ඉන්දියානු නිළියක වූ අංජු මහේන්ද්‍ර අතර ප්‍රේම සම්බන්ධයක් පැවැතිය ද එය අතර මඟ බිඳ වැටිණි. 1969දී ඔහු විවාහ වූයේ පෲ කර්බි නම් ඔස්ට්‍රේලියානු කාන්තාවක සමඟිනි. ඔවුන්ට මැතිව් හා ඩැනියෙල් නමින් පුතුන් දෙනෙක් හා ජෙනවිව් නමින් හදා ගත් දියණියක් සිටිති. ඔහුගේ විවාහය 1990 දී දික්කසාදයකින් අවසන් විය.

සෝබර්ස් ක්‍රිකට් ක්‍රීඩාව වටා ගෙතුණු ළමා නවකතා රචකයෙකි. බොනවෙන්චර් ඇන්ඩ් ෆ්ලෑෂිං බ්ලේඩ් එවැනි නවකතාවකි.

1975දී එලිසබෙත් මහ රැජින විසින් සෝබර්ස් නයිට් පදවියෙන් පුදනු ලැබිණි. ඔහු බාබඩොස්හි ජාතික විරයෙකි. එවැනි ගෞරවයක් හිමි වී ඇත්තේ පුද්ගලයන් දස දෙනකුට පමණි. ඒ අතුරින් තවමත් ජීවත්ව සිටින එකම පුද්ගලයා සෝබර්ස්ය.

1958/59 හොඳම බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද, 1964 විස්ඩන් ක්‍රීඩකයා ලෙසද, 1970 හොඳම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද නම් කෙරුණු සෝබර්ස් 1974 වොල්ටර් ලෝරන්ස් සම්මානයෙන්ද, 2000 වසරේ සියවසේ බිහි වූ හොඳම ක්‍රීඩකයා ලෙස විස්ඩන් සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. හොඳම විස්ඩන් ක්‍රීඩකයා යන සම්මානය තුන් වරකට වඩා දිනා ඇති ක්‍රීඩකයන් ඇත්තේ දෙදෙනකු පමණි. ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් පමණි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23279647, member: 360239"] [b]ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශ&[/b] [B][SIZE=4]ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශිෂ්ටයා ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්[/SIZE][/B] [SIZE=4][/SIZE] [COLOR=#B22222][B][SIZE=4]මතකයෙන් නොමැකෙන තරු [/SIZE][/B][/COLOR] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_efd229cce3.jpg[/IMG][/SIZE][/B] [COLOR=#B22222][/COLOR][SIZE=4][COLOR=#B22222][B]ඔහු ඉතිහාසගත වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට ක්‍රීඩකයා ලෙසිනි. 1954 සිට 1974 වන තෙක් 20 වසරක් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම නියෝජනය කළ ඔහු තම සමකාලීනයන් අතර ප්‍රකට වූයේ ගැරී නමිනි. ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින ඔහු ශ්‍රීමත් ගාෆිල්ඩ් සෙන්ට් ඔර්බන් සෝබර්ස්ය. [/B][/COLOR] බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් බාබඩොස්හි බිජ්ටවුන් නගරයේ උපත ලද සෝබර්ස් දරුවන් සය දෙනකුගෙන් යුතු පවුලක පස්වැනියා විය. ළමා වියේ සිටම ක්‍රීඩාවට දස්කම් දැක්වූ ඔහුට ක්‍රිකට්, පාපන්දු සහ පැසිපන්දු ක්‍රීඩාවට විශේෂ හැකියාවක් තිබිණි. පියා මිය යනවිට ඔහුගේ වයස අවුරුදු පහකි. සෝබර්ස්ගේ පියා නාවිකයකු විය. 1942 දෙවැනි ලෝක යුද සමයේ ජර්මානු සබ්මැරිනයකින් එල්ල කෙරුණු ටෝර්පිටෝ ප්‍රහාරයකින් ඔහු සේවය කළ නැව විනාශ වූ අතර එහි සිටි සියලු නාවිකයෝ මරණයට පත් වූහ. [/SIZE] [SIZE=4]ළමා වියේදී තම සොහොයුරා වූ ජෙරල්ඩ් සමඟ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු බේ ස්ට්‍රීට් පිරිමි පාසලට පාසල් ක්‍රිකට් ශූරතා රැසක් දිනා දෙන්නට සමත් විය. 13 වැනි වියේදී ක්‍රිකට් කණ්ඩායම් දෙකකට එකවර ක්‍රීඩා කිරීමට ඔහු තෝරා ගැනිණි. ඒ සාන්ත පිලිප් ක්‍රීඩා සමාජයට හා වොන්ඩර්ස් ක්‍රීඩා සමාජයටය. ඔහු වඩාත් කැපී පෙනුණේ වමත් දඟ පන්දු යවන්කු ලෙසිනි. සෝබර්ස්ගේ පන්දු යැවීමේ දක්ෂතා දුටු බාබඩෝස් පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ පොලිස් පරීක්ෂක විල්ෆ්රඩ් ෆාමර් ඔහු පොලිස් කණ්ඩායමට බඳවා ගත්තේය. එවිට සෝබර්ස්ගේ වයස අවුරුදු 15ක් විය. [/SIZE] [SIZE=4] 1953 දී පළමු පෙළ ක්‍රිකට් තරගයකට පළමුවෙන් මුහුණ දුන්නේ ඉන්දියානු කණඩායම සමඟ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයටය. 12 වැනි ක්‍රීඩකයා ලෙස ඔහු නම් කළ ද පසුව වෙනත් ක්‍රීඩකයකු වෙනුවට ක්‍රීඩා කිරීමට ඔහුට හැකි විය. අංක 9 පිතිකරුවා ලෙස පිටියට පිවිසි සෝබර්ස් ලකුණු 7ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී ලකුණු 50ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 92කට කඩුලු 3ක්ද දවා ගැනීමට ඔහුට හැකි විය. එම තරගයෙන් පසු ඔහුට දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ ඉන් වසරකට පසුය. එම්සීසී කණ්ඩායම සමඟ පැවැති එම තරගයේ දී ඔහුට පස් වැනි ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය. පළමු ඉනිමේ ලකුණු 47ක්ද දෙවැනි ඉනිමේ ලකුණු 27ක්ද රැස්කළ ඔහු කඩුලු 2ක් බිඳ දැමීය. [/SIZE] [SIZE=4]1954 දී බටහිර ඉන්දීය කොදෙවු ටෙස්ට් කණ්ඩායමට එක් වූයේ පන්දු යවන්නකු ලෙසිනි. කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගනයේ එංගලන්තය සමඟ පැවැති තරගය ඔහුගේ පළමු ටෙස්ට් තරගය විය. එහිදී ලකුණු 75කට කඩුලු 4ක් බිඳ හෙළන්නට ඔහු සමත් විය. එම තරගයේදීද ඔහුට හිමි වූයේ පිතිකරණ ලැයිස්තුවේ අංක 9 ස්ථානයයි. සෝබර්ස් පළමු ඉනිමේ ලකුණු 14ක්ද දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 26ක්ද රැස් කළේය. [/SIZE] [SIZE=4]1954/55 ක්‍රීඩා වාරයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත විය. පළමු ටෙස්ට් තරගය සඳහා සෝබර්ස් නම් කෙරුණේ නැත. සෝබර්ස්ගේ දස්කම් දැන සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කීත් මිලර්, සෝබර්ස් පන්දු යවන්නකුට වඩා පිතිකරුවකු වශයෙන් හපන්කම් දක්වන්නකු බවත්, ඔහු ක්‍රීඩා කළ යුත්තේ කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස නොව ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස බවත් පෙන්වා දුන්නේය. දෙවැනි ටෙස්ට් තරගයට යළි ඔහු කැඳවන ලද අතර ඉනිම දෙකේදී ලකුණු 47ක් සහ නොදැවී ලකුණු 8ක් රැස් කිරීමට ඔහුට හැකි විය. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d2faf5100d.jpg[/IMG][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]එම තරගයේ පළමු ඉනිමට ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 600ක් වාර්තා කළේය. සිව් වැනි ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවා විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුවක් මතු විය. අවසානයේ එම ස්ථානයට සෝබර්ස් නම් කිරීමට නායකයා සහ පාලක මණ්ඩලය තීරණය කළහ. පන්දු යවන්නා වූයේ කීත් මිලර්ය. ඔහුගේ පළමු පන්දු තුනට සෝබර්ස්ගේ පිළිතුර වූයේ හතරේ පහර තුනකි. ඔහුගේ දෙවැනි පන්දු වාරයේද සෝබර්ස් හතරේ පහර තුනක් එල්ල කළේය. ලකුණු 43කට ඔහු දැවී ගිය අතර පළමු කඩුල්ල සඳහා ජේ. කේ. හෝල්ට් සමඟ ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැඟීය. තරගාවලිය පරාජය වුවද සෝබර්ස් කැපී පෙනෙන පිතිකරුවකු බවට පත්ව සිටියේය. [/SIZE] [SIZE=4]1957දී සෝබර්ස් ඇතුළු බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරත විය. ටෙස්ට් තරග 5කට සහභාගී වූ ඔහු අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 320ක්ද, කඩුලු පහක්ද දවා ගැනීමට සමත් විය. 1958 දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ දී සෝබර්ස් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ ඉනිමක පිතිකරුවකු රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමිනි. එතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තයේ ලෙන් හට්න්ය. 1938 දී ඔහු ලකුණු 364ක් රැස් කරමින් පිහිටුවන ලද ලෝක වාර්තාව පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේදී බිඳ දමන්නට ඉන් වසර විස්සකට පසු ලකුණු 365ක් රැස් කළ සෝබර්ස් සමත් විය. එම වාර්තාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වූ බ්‍රයන් ලාරා ලකුණු 375ක් වාර්තා කරමින් 1994දී බිඳ හෙළන තෙක් වසර 36ක් පුරා නොබිඳී පැවැතිණි. [/SIZE] [SIZE=4]රෝහන් කන්හායි නායකත්වයෙන් සමුගැනීමෙන් පසු 1965දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වයට පත් සෝබර්ස් 1972 වන තෙක් තම කණ්ඩායම මෙහෙය වීය. නායකයකු වශයෙන් ඉතා සාර්ථක වූ සෝබර්ස්, ෆ්රෑන්ක් වොරල් කුසලානය සඳහා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 179කින් ජය ගැනීමට සමත් විය. එම තරගාවලියේ ජයද කොදෙවුවන්ට හිමි විය. ඔස්ට්‍රේලියාව පරාජය කොට කොදෙවුවන් තරගාවලි ජයක් හිමි කරගත් පළමු අවස්ථාව එය විය. 1966 එංගලන්ත සංචාරයද අති සාර්ථක විය. ටෙස්ට් තරග පහකින් සමන්විත වූ එම තරගාවලියේදී සෝබර්ස් ශතක තුනක් සමඟ ලකුණු 722ක් රැස් කළේය. එහි සාමාන්‍යය 103.14කි. ඊට අමතරව ඔහු කඩුලු 20ක් බිඳ හෙලමින් උඩපන්දු 10ක්ද රැකගත්තේය. ඔහුට ‘ක්‍රිකට් රජු’ යන විරුදාවලිය හිමි වූයේ එම තරගාවලියෙන් පසුය. ට්රිනිඩෑඩයේ කැලිප්සෝ ගායකයකු වූ මයිටි ස්පැරෝ සෝබර්ස් නමින් ගීතයක්ද නිර්මාණය කළේ ඔහුගේ දක්ෂතාවට ගරු කිරීමක් ලෙසිනි. [/SIZE] [SIZE=4]1966/67 ක්රීඩාවාරයේ ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලියද ඔහුගේ නායකත්වය යටතේ ජය ලැබීය. ඔහු පරාජය වූ පළමු තරගාවලිය 1967/68 තරග වාරයේ එංගලන්තය සමඟ පැවැති තරගාවලියයි. අනපේක්ෂිත අයුරින් බටහිර ඉන්දීය කොදෙවුවෝ තම මව්බිමේදී එංගලන්තයට පරාජය වූහ. 1970දී එංගලන්තයේ සංචාරය කළ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා ද තෝරා ගැනුණේ සෝබර්ස්ය. [/SIZE] [SIZE=4]බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 93කට සහභාගී වූ ගාෆිල්ඩ් සෝබර්ස් ලකුණු 8235ක් රැස් කොට ඇති අතර එහි සාමාන්‍යය 57.78කි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිව් වැනියට ඉහළම ලකුණු සාමාන්‍යය ඔහුට හිමිය. පන්දු යවන්නකු වශයෙන් ඔහුගේ ගිණුමට බැර වී ඇති කඩුලු සංඛ්‍යාව 235කි. ඔහු පළමු පෙළ තරග 383කට සහභාගී වී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 28,000කි. කඩුලු 1000ක් බිඳ හෙළා තිබේ. එක් පන්දු වාරයකට හයේ පහර හයක් ලබා ගත් ප්‍රථම ක්‍රීඩකයා සෝබර්ස්ය. 1968දී පළමු පෙළ ක්‍රිකට් තරගයක දී ඔහු එම වාර්තාව පිහිටුවීය. ඔහුගේ ප්‍රහාරයට ලක්වූ පන්දු යවන්නා වූයේ මැල්කම් නෑෂ්ය. එක් පන්දුවාරයක ලකුණු 34 ලබා ටෙඩ් ඇලට්සන් විසින් තැබූ වසර 57 පැරණි වාර්තාව සෝබර්ස්ගේ පිති ප්‍රහාරයෙන් බිඳ වැටිණි. 1984දී ඉන්දීය ක්‍රීඩක රවි ශාස්ත්‍රි සෝබර්ස්ගේ වාර්තාව සම කළේය. [/SIZE] [SIZE=4][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_961a043755.jpg[/IMG][/B]ගාෆිල්ඩ් සෝබර්ස් වමත් පිතිකරුවකු මෙන්ම වමතින් දඟ පන්දු හා මඳ වේග පන්දු යවන්නෙකි. පන්දු රකින්නකු වශයෙන් ඔහු කඩුල්ල ආසන්නයේ පන්දු රැකීමට සමතෙක් විය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු හා පසුව විස්තර විචාරකයකු වූ රිචී බෙනෝ තමා දුටු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සෝබර්ස් නම් කර තිබේ. [/SIZE] [SIZE=4]සෝබර්ස් හා ඉන්දියානු නිළියක වූ අංජු මහේන්ද්‍ර අතර ප්‍රේම සම්බන්ධයක් පැවැතිය ද එය අතර මඟ බිඳ වැටිණි. 1969දී ඔහු විවාහ වූයේ පෲ කර්බි නම් ඔස්ට්‍රේලියානු කාන්තාවක සමඟිනි. ඔවුන්ට මැතිව් හා ඩැනියෙල් නමින් පුතුන් දෙනෙක් හා ජෙනවිව් නමින් හදා ගත් දියණියක් සිටිති. ඔහුගේ විවාහය 1990 දී දික්කසාදයකින් අවසන් විය. [/SIZE] [SIZE=4]සෝබර්ස් ක්‍රිකට් ක්‍රීඩාව වටා ගෙතුණු ළමා නවකතා රචකයෙකි. බොනවෙන්චර් ඇන්ඩ් ෆ්ලෑෂිං බ්ලේඩ් එවැනි නවකතාවකි. [/SIZE] [SIZE=4]1975දී එලිසබෙත් මහ රැජින විසින් සෝබර්ස් නයිට් පදවියෙන් පුදනු ලැබිණි. ඔහු බාබඩොස්හි ජාතික විරයෙකි. එවැනි ගෞරවයක් හිමි වී ඇත්තේ පුද්ගලයන් දස දෙනකුට පමණි. ඒ අතුරින් තවමත් ජීවත්ව සිටින එකම පුද්ගලයා සෝබර්ස්ය. [/SIZE] [SIZE=4]1958/59 හොඳම බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද, 1964 විස්ඩන් ක්‍රීඩකයා ලෙසද, 1970 හොඳම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද නම් කෙරුණු සෝබර්ස් 1974 වොල්ටර් ලෝරන්ස් සම්මානයෙන්ද, 2000 වසරේ සියවසේ බිහි වූ හොඳම ක්‍රීඩකයා ලෙස විස්ඩන් සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. හොඳම විස්ඩන් ක්‍රීඩකයා යන සම්මානය තුන් වරකට වඩා දිනා ඇති ක්‍රීඩකයන් ඇත්තේ දෙදෙනකු පමණි. ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් පමණි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom