Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් සහ ඊයේ දවස PART II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට්_සහ_ඊයේ_දවස_PART II

උදේ පාන්දරම 6.45 පමණ අවදි උනු මා වෙලාසනින්ම සියලුම වැඩ කටයුතු නිමකල යුතු බව තරයේ සිතාගෙන ඇදෙන් බැස්සෙ අම්මාගේ කිංකිනි නාදය සමගිනි. දෙමල විකාශනයක් ආකාරයෙන් අම්මා කුමක් හෝ පැවසුවත් එය මාගේ කන නොවැකුනු ගානට සිටීමට වග බලා ගතිමි. අද අපෙ ගමේ පල්ලියේ මංගල්‍යය පූජාව නිසා අදනම් ගෙදරට වී සිටිය නොහැක. අල්මාරිය ඇර ඇදුමක් තෝරාගෙන එය මැද පසෙකින් තබා වාහනය දෙස බැලූ විට මට දිස් වූයේ මඩ නාගෙන සිටින ඌරෙකු පරිද්දෙනි. වෙලාව 7.00යිවිනාඩි පහට වාහන සෝදා 7.30 වන විට කෙසේ හෝ ජැන්ඩියට ලැහැස්ති උනෙමි.අම්මාගෙන් බැනුම් කෝටියකි. පූජාවට ගොස් යහලුවෙකු සමග සෙට් වී කයියක් දාගෙන සිටින විට අනෙක් උන් අප දෙස බැලුවෙ බඩගින්නේ සිටින ගිජු ලිහිණි රැලකට ගොදුරක් හමුවු පරිද්දෙනි.තවත් අයෙක් ආ පල්ලි ඇවිල්ල වගේ කිව්වෙ කට කොනකින් ඇද හිනාව දාමින් නෝන්ඩියට මෙනි. කෙසේ හෝ පූජාව නිමාවි ගෙදර පැමිණ දිවා කාලයෙ අපගේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නට ලක ලැහැස්ති වන අතරම සියලු වැඩ කටයුතු හවස් යාමය වන විට නිමා විය. කලින් දවසේ කථිකා කර ගත් පරිදිම අද හවසත් යාලුවාගේ ගෙදර අපේ ගැන්සිය සෙට් වෙයි. අම්මාට ඇන්කර් බටර් කුට්ටියක්ම ගා ශේප් කර මම හයට පමණ ගෙදරින් පිටමන් වුයෙ මාගේ මිතුරන් මාගේ ජංගම දුරකතනය ඉස්පාසුවක් නොදෙන තරමින් ඇමතුම් ගන්නා අතරය.

සවස 6.20 පමණ නිවසින් පැමිණි මම කෙළින්ම පැමිණියෙ චයිනීස් අවන් හලක් වෙතයි. කුකුල් මස් රයිස් එකකට ඇන්වුමක් දැමූ මම යාලුවාට කෝල් එකක් දැම්මේය. ෆෝන් එක කට් කලේය. ටිකකින් ආ කෙටි පණිවුඩයකින් කියවුනේ ඔහු කියන තුරු නොපැමිණෙන ලෙසයි. අනෙක් අයටද එසේම කෙටි පණිවුඩය හුවමාරු වී තිබේ. පුදනකොටම කාපි යකා කිව්වලු. තවත් එකෙක්ට ඇමතුමක් ගත් කල කීවේ ඔහු මග එන බවකි. තරගය පටන් ගැනීමට ඇත්තේ තවත් විනාඩි පහකි. අනෙක් සගයාට ඇමතුමක් දුන් මා පුළුල් තිරයෙන් මැච් එක පෙන්නන සිංගර් එක ලග සෙට් වෙමු කිවෙමි. දැන් අප දෙදෙනා මැච් එක බලයි. පළමු පන්දුවාරය මැතිව්ස් ගෙනි. පස් වෙනි පන්දුවෙන්ම මැතිව්ස් අපගේ බලා පොරොත්තු ඉහල නංවමින් පළමු කඩුල්ල දවා ගනී... සියල්ලෝම එක පොදියට කෑගහයි. ඒත් සමගම යහලුවා අප අමතමින් කියා සිටියේ දැන් වරෙල්ල කියාය. මම අනෙක් යහලුවාත් සමග ගෙදර යන ගමන් කාගීල්ස් එකට ගොඩ වැදී රත් වෙන දේවල් සමග අවශ්‍යය කරන අඩුම කුඩුමද රැගෙන යහලුවාගේ ගෙදර කරා ගියෙමි. එහි යන විට ක්‍රියාත්මක වන්නේ මෙන්ඩියාගේ පන්දු වාරයයි. එළස් එළස් එළස්... හුරේ... ගේල් අවුට්.... කවර කථාද දැන් කප් එක අපේය... අපි ගේ හෙල්ලෙන්ඩ කෑ ගැහුවෝය... සමහරු උඩ පනිමින් දිව්වෝය... :ලොල්:

පන්දු වාරයෙන් පන්දුවාරය ක්‍රියාත්මකවෙයි...සියල්ල හොදින් සිදු වෙයි. ඕවර් 10ක් අවසානයේ කොදෙව්වන් අසීරුවෙන් ලකුණු 32ක් ලබා සිටි. ජීවන්ගේ පන්දුවාරයේ දෙවනි පන්දුවේදී සැමුවෙල්ස් වැරෙන් පහරක් කරා යොමු වෙයි... අයියෝ... කුලේ... අඩේ... මෙවැනි නොයෙකුත් වදන් පිටවෙයි... උඩ පන්දුව ගිලිහුනි... දහතුන් වැනි පන්දු වාරය ක්‍රියාත්මක කිරීමට නැවතත් මාලිංග පැමිණෙයි. දැවන්ත හයේ පහරවල් තුනක්... අහෝ ඛේදයකි ඉරකි තිත් පේලි ගොඩකි... ඔවර් දහතුනක් අවසානයේ ලකුණු 69 ලබා සිටි. මාලිංග එම පන්දු වාරයේ ලකුණු 21ක් පුදා තිබුණි... මාලිංගයගේ පරම් පරාව කාටත් සිහි විය...මෙන්ඩියා නැවතත් ක්‍රියාත්මක වී කඩුල්ලක් ලබා ගනී... අපි උඩ පණිමින් කෑ ගහයි... ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවාරයෙත් හොදින් ලකුණු රැස් කර ගන්නා අතර නැවතත් ක්‍රියාත්මක වූ මෙන්ඩිස් තවත් කඩුල්ලක් ඩැහැ ගනියි... පොලාර්ඩුත් අවුට්ය... දහහත් වැනි පන්දුවාරය මාලිංගගෙනි. .. නැවතත් දරුණු ප්‍රහාරයකට ලක්වන මාලිංග මෙම ඕවරයේදී හතරක් සමග හයේ පහරවල් දෙකක් ලබා දේ... අයියෝ මාලි... අපේ උන්ට තරහය... ඊටත් වඩා දුකය... මේකා අපිව කෑවේය... අනෙක් පන්දු ඕවර යැවීමට පැමිණියේ ධනංජයය... කමෝන් අකිල... පළමු පන්දුවෙන්ම අපට හිසරදයක්ව තිබූ සැමුවෙල් දැවී යයි... අපේ උන් උඩ පැන පහේ ඒවා දමයි... නැවතත් මාලිංග... මොන එකකට මූව දානවද මන්ද එකෙක් කියයි... මේ පාරනම් මාලි නාන් නැතිව බේරෙයි... අවසාන පන්දුවාරයේ සැමී නොහොත් සාමි පිස්සෙක් මෙන් හතරෙ පාරවල් දෙකක් ගසමින් අපට ඉතා පහසු ඉලක්කයක් වු ලකුණු 140ක් ලබා දෙයි... අපෙ උන්ට ෆුල් හැපිය... මෙදා පාරනම් කප් එක ලේසියෙන්ම අතේ... කස්ටිය ශේප් එකේ මලක් දෙකක් පූජා කොට බොක්කේ තිබූ බර නිදහස් කොට නැවතත් පුටු වල ඈදි ගත්තේ ලංකාවේ ජයග්රහනහ නැරබීමේ අපෙක්ෂාවෙන්ය...

පිටියට පිවිසියෙ අපේ ඩිලි සමග මහේලය... ඔසී ලට කලා වගේ මුන් අපිටත් ස්ප්‍රින්ග් දන්ඩ යන්නේ කියා එකෙක් කෑගසයි... පළවෙනි හතරේ පහර මහියගෙනි... කමෝන් අපි නැවතත් කෑ ගහයි බෝතලේ බාගයක්ම ඉවරය... අයියෝ... දෙවනි ඕවරේ පළමු පන්දුවෙන්ම ඩිලීගේ කූර ගැලවෙයි... රාම්පෝලා කට්ටියට නිශ්ශබ්ද වෙන ලෙස කියන්නාක් මෙන් ප්‍රේක්ශකාගාරය දෙස බලන්නේ කටේ ඇගිල්ලක්ද හුවා දක්වමිනි... අපේ ගැලවුම් කාරයා සංගා පැමිණෙන්නේ මේ අතරය...සුපුරුදු පරිදි හතරේ පහරකින්ම ලකුණු ගන්නා සංගා දුටු විට එකෙක් කිව්වේ මුන් දෙන්නා නොට අවුට් මැච් එක ගහන්නේ... අපිත් හුරේ දැම්මේ ඒ ගැන සැකයක් නොතිබූ නිසාය... තුන් වැනි පන්දුවාරයේදී මහේලගෙ පිත්තෙන් නික්මෙන පන්දුව බ්රාවො කොලුවා අතින් ගිලිහෙයි... එලටම... අපෙ උන්ට මාර හැපිය... පරිස්සමින් ගහපන් ලොක්කා... ඒ තවත් එකෙක්ගේ කටහඩකි... කොහොමෙන් කොහොම හරි පවර් ප්ලේ එක ඉවර වෙනකොට අපේ කොල්ලො ලකුණු 30කට විකට් එකකි.. තරගය ෂෙප් එකේ යයි.. අපේ උන් ඒ අස්සේ නොයෙකුත් ඒවා කියයි.. අයියෝ සල්ලි... පන්දු 8.3... අපි කාටත් එපාම කරපු මුහුණක් ටීවි එකේ පෙනිනි... කට්ටියටම අයියෝ ගෑවුනේ නොදැනුවත්වමය...

මහරජා මැච් එක බලන්ඩ ඇවිත්ය... පලවෙනි පාර පෙන්නද්දි බය උනා වගේ සිටිය මූ දෙවනි පාර පෙන්නද්දි අතත් වනයි... අපේ උන්ට ඌරු ජුවල්ය... අපරාදෙ දාපු ඔට්ටුව තව එකෙක් කියයි... හරියටම ඒ පියකරු වාසනාවන්ත මුහුණ පෙන්නා පන්දු හයක් යාමටත් මත්තෙන් ඒ බියකරු මොහොත උදා විය... හොදින් ක්‍රීඩා කරමින් සිටි සංගා උඩ පන්දුවක් ලබාදී දෙවනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය... අරූව පෙන්නුවත් හරි විකට් එකක්... අපේ උන්ට කියැවිනි...ඊලග පන්දුවාරයේ මැතිව්ස් තම කඩුල්ල පූජා කලේය... මේ යකා මොන එකකට ආවද මන්ද ගෙදර ඉදන් මැච් එක බලන්නේ නැතිව... අපිට තවත් තරහය... කොහෙදෝ යන වැස්සකුත් ඒ අස්සේ කඩා පාත් වෙන්ඩ යයි... ඊලග පන්දුවාරයේ මහේලගේ ගෙඩියක් නැවත බෑවේය... එළස්... මහේල පොඩ්ඩක් හදිස්සි වෙලා ඇත... ඩක්වත් අයියාගේ නියමයත් අපට ඇනයක් වී ඇති බවක් පෙන්නට තිබුනි... ඊලග පන්දුවාරයේ මහේලගේ වාසනාවටද හෙනහුරා හඩමින් මහේලත් දැවී ගියෙය... මේ මොන මගුලක්ද බන්... අපේ උන්ගේ අත් ඔලුවේය... විටෙක මෙය බියකරු හීනයක්ද කියා සිතෙයි... බිබිලි නගින බෙලි කටු කියමින් තවත් දුවද්දී දැවී යාමක් සටහන් වෙයි... අපේ උන්ට උපරිම මලය... ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ... අර මූසලය ආවත් හරි තවත් එකෙක් කෑ ගහයි... නැවතත් කඩුල්ලක්... අපිට බුදු සරණය... ඕවර් 8කට ලකුණු 47/ 1 ක් වු අප දැන් ඕවර්ස් 15 72/7 කි... මෙයනම් හීනයක්මය... පිටියේ ඇත්තේ කුලේ සමග මාලිංගය... තවමත් අපතුල කෙස් ගහක් තරම් වූ බලාපොරොත්තුවක් ඇත... කුලේ ගේ පිත්තෙන් නික්මුණු දැවැන්ත හයෙ පහර සමගින් අපේ උන් නැවතත් පුටු වලින් නැගිට කෑ ගසයි... තවත් හතරේ පහර තුනක් පිට පිටම එල්ල වෙයි... අරූ ගිහිල්ලද කොහෙද ... තව එකෙක් කියයි... කමෝන් කුලේ... ඊලග ඕවරය දැමීමට නාරායන් පැමිණේ... නෑ නෑ නරීනි... මොකෙක් උනත් කමක් නැහැ... කුලේ මේක අල්ලල ඊලග එකි ගහපන්... ඒ අපෙන් කුලේට උපදෙසකි... අයියෝ... කුලේ අවුට්ය... අපේ බලාපොරොත්තු සියල්ල බොද වී ගියේය... තවත් කඩුලු දෙකක් ඇත බෝල 18ට ලකුණු 41ක් ඕනේය... අමාරුවෙන් පාරවල් කරා යන්න හැදූ මෙන්ඩියාගේද ඉරණම කෙටි විය... තවත් වෙන්නට දෙයක් නැත. එකෙක් ස්වර්ණවාහිනිය දැම්මේය... අපේ කව්රුත් මුකුත් කීවේනැත. අනූශා දමයන්ති රණ හන්ස යුවල ගැස්සමින් නර්තනයේ යෙදෙයි. නැවත මැච් එක දමන විට වෙන්න තියන සේරම වී තිබුනි... කොදෙව්වන් ගන්ග්නම් ස්ටයිල් එකට නර්ථනයෙ යෙදෙයි... අපි එකෙක්වත් කථා නැත... ඒ තරමටම දුකය... කට්ටිය මැද හිස් වු බෝතලයද බලා සිටින්නේ දුකිනි. අනේ මහින්ද මාමේ ඇයි අපිට මෙහෙම කලේ එකෙක් කෑ ගහයි... කට්ටියම ගෙවල් වලට යන්නට ගියේ යන්නම් මචන් පමණක් කියමිනි. ගෙදර ඇවිත් ජංජාලයේ බලන විට මහේල නායකකම අතහැර ඇත... අපට උරුම හැමදාමත් දුකය...

ප.ලි: අපිට හැමදාමත් උබලා වීරයන්ය... අපි හැමදාමත් උඹලා සමග ඇඩුවෙමු... උඹලා සමග හිනා උනෙමු... ඉන්දියන් කාරයන් මෙන් අපි උඹලාට ගැහැව්වේ නැත.. ඒ අපි උඹලට හැමදාම ආදරේ නිසාය... කව්රු කොහොම කිව්වත් උඹලා අපිට වීරයෝය... උඹලා අපිට ජයග්රාහකයෝය... හැමදාම අපි උඹලා සමග ඇත කොල්ලනේ... මැච් එක පැරදුණ එකට දුකය...නමුත් කියන්නට ඇත්තේ අපි පිට පිට හතර පාරක් අනු ශූරයන් වූයේ අපේ තියන අවාසනාවකටය... ලබන පාර කප් එක ෂුවර්ය එතකන් අපි ඉවසාගෙන ඉමු කියා පමණි... උබලා පැරදුනාම ආයෙ මැච් බලන්නේ නෑ කියන්නේ තරහකට නොවේ දුකටය... අපිට වගේම උඹලාටත් දුක බව අපි දනිමු... නමුත් කියන්නට ඇත්තේ උඹලා අපිට සැබෑම වීරයොය...ඒවගේම කොදෙව්වනි උබලාට අපේ සුභ පැතුම්.... මොකද උබ්ලාගේ ලොකු කම නැත... මුලින්ම ස්තුති කලේ ලාංකිකයන්ටය... එය අපගේ මතකයේ හැමදාම රැදෙනු ඇත.

ක්‍රිකට් සහ ඊයෙ දවස part I - http://www.elakiri.com/forum/showthread.php?p=13568248#post13568248

[QUOTE="anju.r, post: 13590878, member: 325999"] [b]ක්‍රිකට්_සහ_ඊයේ_දවස_PART II[/b] [B][SIZE="3"][COLOR="Blue"]උදේ පාන්දරම 6.45 පමණ අවදි උනු මා වෙලාසනින්ම සියලුම වැඩ කටයුතු නිමකල යුතු බව තරයේ සිතාගෙන ඇදෙන් බැස්සෙ අම්මාගේ කිංකිනි නාදය සමගිනි. දෙමල විකාශනයක් ආකාරයෙන් අම්මා කුමක් හෝ පැවසුවත් එය මාගේ කන නොවැකුනු ගානට සිටීමට වග බලා ගතිමි. අද අපෙ ගමේ පල්ලියේ මංගල්‍යය පූජාව නිසා අදනම් ගෙදරට වී සිටිය නොහැක. අල්මාරිය ඇර ඇදුමක් තෝරාගෙන එය මැද පසෙකින් තබා වාහනය දෙස බැලූ විට මට දිස් වූයේ මඩ නාගෙන සිටින ඌරෙකු පරිද්දෙනි. වෙලාව 7.00යිවිනාඩි පහට වාහන සෝදා 7.30 වන විට කෙසේ හෝ ජැන්ඩියට ලැහැස්ති උනෙමි.අම්මාගෙන් බැනුම් කෝටියකි. පූජාවට ගොස් යහලුවෙකු සමග සෙට් වී කයියක් දාගෙන සිටින විට අනෙක් උන් අප දෙස බැලුවෙ බඩගින්නේ සිටින ගිජු ලිහිණි රැලකට ගොදුරක් හමුවු පරිද්දෙනි.තවත් අයෙක් ආ පල්ලි ඇවිල්ල වගේ කිව්වෙ කට කොනකින් ඇද හිනාව දාමින් නෝන්ඩියට මෙනි. කෙසේ හෝ පූජාව නිමාවි ගෙදර පැමිණ දිවා කාලයෙ අපගේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නට ලක ලැහැස්ති වන අතරම සියලු වැඩ කටයුතු හවස් යාමය වන විට නිමා විය. කලින් දවසේ කථිකා කර ගත් පරිදිම අද හවසත් යාලුවාගේ ගෙදර අපේ ගැන්සිය සෙට් වෙයි. අම්මාට ඇන්කර් බටර් කුට්ටියක්ම ගා ශේප් කර මම හයට පමණ ගෙදරින් පිටමන් වුයෙ මාගේ මිතුරන් මාගේ ජංගම දුරකතනය ඉස්පාසුවක් නොදෙන තරමින් ඇමතුම් ගන්නා අතරය. සවස 6.20 පමණ නිවසින් පැමිණි මම කෙළින්ම පැමිණියෙ චයිනීස් අවන් හලක් වෙතයි. කුකුල් මස් රයිස් එකකට ඇන්වුමක් දැමූ මම යාලුවාට කෝල් එකක් දැම්මේය. ෆෝන් එක කට් කලේය. ටිකකින් ආ කෙටි පණිවුඩයකින් කියවුනේ ඔහු කියන තුරු නොපැමිණෙන ලෙසයි. අනෙක් අයටද එසේම කෙටි පණිවුඩය හුවමාරු වී තිබේ. පුදනකොටම කාපි යකා කිව්වලු. තවත් එකෙක්ට ඇමතුමක් ගත් කල කීවේ ඔහු මග එන බවකි. තරගය පටන් ගැනීමට ඇත්තේ තවත් විනාඩි පහකි. අනෙක් සගයාට ඇමතුමක් දුන් මා පුළුල් තිරයෙන් මැච් එක පෙන්නන සිංගර් එක ලග සෙට් වෙමු කිවෙමි. දැන් අප දෙදෙනා මැච් එක බලයි. පළමු පන්දුවාරය මැතිව්ස් ගෙනි. පස් වෙනි පන්දුවෙන්ම මැතිව්ස් අපගේ බලා පොරොත්තු ඉහල නංවමින් පළමු කඩුල්ල දවා ගනී... සියල්ලෝම එක පොදියට කෑගහයි. ඒත් සමගම යහලුවා අප අමතමින් කියා සිටියේ දැන් වරෙල්ල කියාය. මම අනෙක් යහලුවාත් සමග ගෙදර යන ගමන් කාගීල්ස් එකට ගොඩ වැදී රත් වෙන දේවල් සමග අවශ්‍යය කරන අඩුම කුඩුමද රැගෙන යහලුවාගේ ගෙදර කරා ගියෙමි. එහි යන විට ක්‍රියාත්මක වන්නේ මෙන්ඩියාගේ පන්දු වාරයයි. එළස් එළස් එළස්... හුරේ... ගේල් අවුට්.... කවර කථාද දැන් කප් එක අපේය... අපි ගේ හෙල්ලෙන්ඩ කෑ ගැහුවෝය... සමහරු උඩ පනිමින් දිව්වෝය... :ලොල්: පන්දු වාරයෙන් පන්දුවාරය ක්‍රියාත්මකවෙයි...සියල්ල හොදින් සිදු වෙයි. ඕවර් 10ක් අවසානයේ කොදෙව්වන් අසීරුවෙන් ලකුණු 32ක් ලබා සිටි. ජීවන්ගේ පන්දුවාරයේ දෙවනි පන්දුවේදී සැමුවෙල්ස් වැරෙන් පහරක් කරා යොමු වෙයි... අයියෝ... කුලේ... අඩේ... මෙවැනි නොයෙකුත් වදන් පිටවෙයි... උඩ පන්දුව ගිලිහුනි... දහතුන් වැනි පන්දු වාරය ක්‍රියාත්මක කිරීමට නැවතත් මාලිංග පැමිණෙයි. දැවන්ත හයේ පහරවල් තුනක්... අහෝ ඛේදයකි ඉරකි තිත් පේලි ගොඩකි... ඔවර් දහතුනක් අවසානයේ ලකුණු 69 ලබා සිටි. මාලිංග එම පන්දු වාරයේ ලකුණු 21ක් පුදා තිබුණි... මාලිංගයගේ පරම් පරාව කාටත් සිහි විය...මෙන්ඩියා නැවතත් ක්‍රියාත්මක වී කඩුල්ලක් ලබා ගනී... අපි උඩ පණිමින් කෑ ගහයි... ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවාරයෙත් හොදින් ලකුණු රැස් කර ගන්නා අතර නැවතත් ක්‍රියාත්මක වූ මෙන්ඩිස් තවත් කඩුල්ලක් ඩැහැ ගනියි... පොලාර්ඩුත් අවුට්ය... දහහත් වැනි පන්දුවාරය මාලිංගගෙනි. .. නැවතත් දරුණු ප්‍රහාරයකට ලක්වන මාලිංග මෙම ඕවරයේදී හතරක් සමග හයේ පහරවල් දෙකක් ලබා දේ... අයියෝ මාලි... අපේ උන්ට තරහය... ඊටත් වඩා දුකය... මේකා අපිව කෑවේය... අනෙක් පන්දු ඕවර යැවීමට පැමිණියේ ධනංජයය... කමෝන් අකිල... පළමු පන්දුවෙන්ම අපට හිසරදයක්ව තිබූ සැමුවෙල් දැවී යයි... අපේ උන් උඩ පැන පහේ ඒවා දමයි... නැවතත් මාලිංග... මොන එකකට මූව දානවද මන්ද එකෙක් කියයි... මේ පාරනම් මාලි නාන් නැතිව බේරෙයි... අවසාන පන්දුවාරයේ සැමී නොහොත් සාමි පිස්සෙක් මෙන් හතරෙ පාරවල් දෙකක් ගසමින් අපට ඉතා පහසු ඉලක්කයක් වු ලකුණු 140ක් ලබා දෙයි... අපෙ උන්ට ෆුල් හැපිය... මෙදා පාරනම් කප් එක ලේසියෙන්ම අතේ... කස්ටිය ශේප් එකේ මලක් දෙකක් පූජා කොට බොක්කේ තිබූ බර නිදහස් කොට නැවතත් පුටු වල ඈදි ගත්තේ ලංකාවේ ජයග්රහනහ නැරබීමේ අපෙක්ෂාවෙන්ය... පිටියට පිවිසියෙ අපේ ඩිලි සමග මහේලය... ඔසී ලට කලා වගේ මුන් අපිටත් ස්ප්‍රින්ග් දන්ඩ යන්නේ කියා එකෙක් කෑගසයි... පළවෙනි හතරේ පහර මහියගෙනි... කමෝන් අපි නැවතත් කෑ ගහයි බෝතලේ බාගයක්ම ඉවරය... අයියෝ... දෙවනි ඕවරේ පළමු පන්දුවෙන්ම ඩිලීගේ කූර ගැලවෙයි... රාම්පෝලා කට්ටියට නිශ්ශබ්ද වෙන ලෙස කියන්නාක් මෙන් ප්‍රේක්ශකාගාරය දෙස බලන්නේ කටේ ඇගිල්ලක්ද හුවා දක්වමිනි... අපේ ගැලවුම් කාරයා සංගා පැමිණෙන්නේ මේ අතරය...සුපුරුදු පරිදි හතරේ පහරකින්ම ලකුණු ගන්නා සංගා දුටු විට එකෙක් කිව්වේ මුන් දෙන්නා නොට අවුට් මැච් එක ගහන්නේ... අපිත් හුරේ දැම්මේ ඒ ගැන සැකයක් නොතිබූ නිසාය... තුන් වැනි පන්දුවාරයේදී මහේලගෙ පිත්තෙන් නික්මෙන පන්දුව බ්රාවො කොලුවා අතින් ගිලිහෙයි... එලටම... අපෙ උන්ට මාර හැපිය... පරිස්සමින් ගහපන් ලොක්කා... ඒ තවත් එකෙක්ගේ කටහඩකි... කොහොමෙන් කොහොම හරි පවර් ප්ලේ එක ඉවර වෙනකොට අපේ කොල්ලො ලකුණු 30කට විකට් එකකි.. තරගය ෂෙප් එකේ යයි.. අපේ උන් ඒ අස්සේ නොයෙකුත් ඒවා කියයි.. අයියෝ සල්ලි... පන්දු 8.3... අපි කාටත් එපාම කරපු මුහුණක් ටීවි එකේ පෙනිනි... කට්ටියටම අයියෝ ගෑවුනේ නොදැනුවත්වමය... [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/561869_447660788619848_1671373480_n.jpg[/IMG] මහරජා මැච් එක බලන්ඩ ඇවිත්ය... පලවෙනි පාර පෙන්නද්දි බය උනා වගේ සිටිය මූ දෙවනි පාර පෙන්නද්දි අතත් වනයි... අපේ උන්ට ඌරු ජුවල්ය... අපරාදෙ දාපු ඔට්ටුව තව එකෙක් කියයි... හරියටම ඒ පියකරු වාසනාවන්ත මුහුණ පෙන්නා පන්දු හයක් යාමටත් මත්තෙන් ඒ බියකරු මොහොත උදා විය... හොදින් ක්‍රීඩා කරමින් සිටි සංගා උඩ පන්දුවක් ලබාදී දෙවනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය... අරූව පෙන්නුවත් හරි විකට් එකක්... අපේ උන්ට කියැවිනි...ඊලග පන්දුවාරයේ මැතිව්ස් තම කඩුල්ල පූජා කලේය... මේ යකා මොන එකකට ආවද මන්ද ගෙදර ඉදන් මැච් එක බලන්නේ නැතිව... අපිට තවත් තරහය... කොහෙදෝ යන වැස්සකුත් ඒ අස්සේ කඩා පාත් වෙන්ඩ යයි... ඊලග පන්දුවාරයේ මහේලගේ ගෙඩියක් නැවත බෑවේය... එළස්... මහේල පොඩ්ඩක් හදිස්සි වෙලා ඇත... ඩක්වත් අයියාගේ නියමයත් අපට ඇනයක් වී ඇති බවක් පෙන්නට තිබුනි... ඊලග පන්දුවාරයේ මහේලගේ වාසනාවටද හෙනහුරා හඩමින් මහේලත් දැවී ගියෙය... මේ මොන මගුලක්ද බන්... අපේ උන්ගේ අත් ඔලුවේය... විටෙක මෙය බියකරු හීනයක්ද කියා සිතෙයි... බිබිලි නගින බෙලි කටු කියමින් තවත් දුවද්දී දැවී යාමක් සටහන් වෙයි... අපේ උන්ට උපරිම මලය... ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ... අර මූසලය ආවත් හරි තවත් එකෙක් කෑ ගහයි... නැවතත් කඩුල්ලක්... අපිට බුදු සරණය... ඕවර් 8කට ලකුණු 47/ 1 ක් වු අප දැන් ඕවර්ස් 15 72/7 කි... මෙයනම් හීනයක්මය... පිටියේ ඇත්තේ කුලේ සමග මාලිංගය... තවමත් අපතුල කෙස් ගහක් තරම් වූ බලාපොරොත්තුවක් ඇත... කුලේ ගේ පිත්තෙන් නික්මුණු දැවැන්ත හයෙ පහර සමගින් අපේ උන් නැවතත් පුටු වලින් නැගිට කෑ ගසයි... තවත් හතරේ පහර තුනක් පිට පිටම එල්ල වෙයි... අරූ ගිහිල්ලද කොහෙද ... තව එකෙක් කියයි... කමෝන් කුලේ... ඊලග ඕවරය දැමීමට නාරායන් පැමිණේ... නෑ නෑ නරීනි... මොකෙක් උනත් කමක් නැහැ... කුලේ මේක අල්ලල ඊලග එකි ගහපන්... ඒ අපෙන් කුලේට උපදෙසකි... අයියෝ... කුලේ අවුට්ය... අපේ බලාපොරොත්තු සියල්ල බොද වී ගියේය... තවත් කඩුලු දෙකක් ඇත බෝල 18ට ලකුණු 41ක් ඕනේය... අමාරුවෙන් පාරවල් කරා යන්න හැදූ මෙන්ඩියාගේද ඉරණම කෙටි විය... තවත් වෙන්නට දෙයක් නැත. එකෙක් ස්වර්ණවාහිනිය දැම්මේය... අපේ කව්රුත් මුකුත් කීවේනැත. අනූශා දමයන්ති රණ හන්ස යුවල ගැස්සමින් නර්තනයේ යෙදෙයි. නැවත මැච් එක දමන විට වෙන්න තියන සේරම වී තිබුනි... කොදෙව්වන් ගන්ග්නම් ස්ටයිල් එකට නර්ථනයෙ යෙදෙයි... අපි එකෙක්වත් කථා නැත... ඒ තරමටම දුකය... කට්ටිය මැද හිස් වු බෝතලයද බලා සිටින්නේ දුකිනි. අනේ මහින්ද මාමේ ඇයි අපිට මෙහෙම කලේ එකෙක් කෑ ගහයි... කට්ටියම ගෙවල් වලට යන්නට ගියේ යන්නම් මචන් පමණක් කියමිනි. ගෙදර ඇවිත් ජංජාලයේ බලන විට මහේල නායකකම අතහැර ඇත... අපට උරුම හැමදාමත් දුකය... ප.ලි: අපිට හැමදාමත් උබලා වීරයන්ය... අපි හැමදාමත් උඹලා සමග ඇඩුවෙමු... උඹලා සමග හිනා උනෙමු... ඉන්දියන් කාරයන් මෙන් අපි උඹලාට ගැහැව්වේ නැත.. ඒ අපි උඹලට හැමදාම ආදරේ නිසාය... කව්රු කොහොම කිව්වත් උඹලා අපිට වීරයෝය... උඹලා අපිට ජයග්රාහකයෝය... හැමදාම අපි උඹලා සමග ඇත කොල්ලනේ... මැච් එක පැරදුණ එකට දුකය...නමුත් කියන්නට ඇත්තේ අපි පිට පිට හතර පාරක් අනු ශූරයන් වූයේ අපේ තියන අවාසනාවකටය... ලබන පාර කප් එක ෂුවර්ය එතකන් අපි ඉවසාගෙන ඉමු කියා පමණි... උබලා පැරදුනාම ආයෙ මැච් බලන්නේ නෑ කියන්නේ තරහකට නොවේ දුකටය... අපිට වගේම උඹලාටත් දුක බව අපි දනිමු... නමුත් කියන්නට ඇත්තේ උඹලා අපිට සැබෑම වීරයොය...ඒවගේම කොදෙව්වනි උබලාට අපේ සුභ පැතුම්.... මොකද උබ්ලාගේ ලොකු කම නැත... මුලින්ම ස්තුති කලේ ලාංකිකයන්ටය... එය අපගේ මතකයේ හැමදාම රැදෙනු ඇත.[/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/561873_214858568645212_1290784986_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/23924_363791763706914_1312919763_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/598725_4330212106587_609847562_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/527776_3593958621659_1699078323_n.jpg[/IMG][/CENTER] ක්‍රිකට් සහ ඊයෙ දවස part I - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13568248#post13568248[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom