Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාන්තාවකට හැඟීම් මතුවන අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවකට හැඟීම් මතුවන අයුරු

කාන්තාවකට සහ පිරිමියකුට ලිංගිකව එක්වීම සඳහා හැඟීමක් මතුවන්නේ ඔවුනොවුන් අතර මතුවන සිතුවිලි අනුවය. නිරෝගී කාන්තාවකට සහ පිරිමියකුට වුව ඒ සඳහා සිතුවිලි පහළ නොවේ නම් ලිංගිකව එක්වීම සඳහා හැඟීමක් මතුවන්නේ නැත. ලිංගිකව එක්වීම සඳහා කාන්තාවට සහ පිරිමියාට සිතුවිලි පහළ වූ විට මතුවන හැඟීම්වලට අනුව ලිංගික උත්තේජනයක් සිදුවේ. මෙම උත්තේජනය කාන්තාවට සහ පිරිමියාට ඇතිවන ආකාරය තුළ වෙනස්කම් පවතී.

කාන්තාවන්ට සහ පිරිමින්ට ලිංගික උත්තේජනයක් සඳහා මානසික මෙන්ම කායික සාධක ද බලපායි. කෙසේa වෙතත් කාන්තාවන්ට ලිංගික ආශාව මෙන්ම ලිංගික උත්තේජනය සඳහා මානසික සාධක වල බල පෑම වැඩිය.

නිරෝගී කාන්තාවකගේ සහ පිරිමියකුගේ ලිංගික උත්තේජනය සිදුවන ආකාරය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.

මෙම වෙනස්කම් නිසිලෙස හඳුනා නොගැනීම නිසා කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික ගැටලු මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති විය හැකිය.

කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීම

කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීමේදී ඇයගේ ඔසප් චක්‍රය ද බලපායි. බොහෝ කාන්තාවන්ට ඩිම්බයක් පිටවීමට ආසන්න කාලයේදී ලිංගික ආශාව වැඩිවේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ඔසප් චක්‍රයේ මැද කාලයේදීය.

ගැබ් ගැනීමකදී, දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී, ආර්ථවහරණයෙන් පසු, යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවිට සහ රෝගී තත්ත්වයකදී හෝමෝනවල සිදුවන වෙනස්කම් වලදී දෙදෙනා අතර ඇතිවන ගැටලුවලදීද ලිංගික හැඟීම්වල වෙනස්කම් මතුවේ. මීට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා ද ලිංගික හැඟීම් වෙනස්වේ. විශේෂයෙන් පවුල් සැලසුම් සඳහා භාවිතා කරන පෙති වර්ග සහ එන්නත් ගනු ලබන විට ලිංගික ආශාවේ වෙනසක් ඇතිවිය හැකිය.

තරුණ වියේදී ලිංගික හැඟීම් පහළවීම බහුල අතර මැදිවියට පත්වන විට එය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ.

කාන්තාවක් ලිංගික උත්තේජනයකට ලක්වීම පියවර හතරකින් දැක්විය හැකිය. පළමු පියවර ඒ සඳහා හැඟීම් ඇතිවීමය. දෙවන පියවර ලිංගික ප්‍රදේශයේ උත්තේජනයයි. තෙවන පියවර ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීමය. සිව්වැනි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමය.

පළමු පියවර - හැඟීම් ඇතිවීම

කාන්තාවකට මෙන්ම පිරිමියකුටද ලිංගික එක්වීමක් සඳහා හැඟීමක් ඇතිවිය යුතුය. එවිට ශාරීරිකව සහ මානසිකව ඒ සඳහා ඇය තුළ සුදානමක් ඇතිවේ.

මෙලෙස ලිංගික හැඟීමක් මතුවීම සඳහා පිරිමියකු දැකීම හෝ ස්පර්ශයම අවශ්‍ය නොවේ. මානසිකව ඇතිවූ සිතුවිල්ලක් නිසාද ලිංගික උත්තේජනයක් මතුවිය හැකිය.

කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප්‍රාණවත් වේ. මෙම ලක්ෂණ මතුවීමත් සමඟ ඇයගේ ලිංගික ප්‍රදේශයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩිවේ. ඒ අනුව එම ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යයි.

මෙහිදී ඉතා ඉක්මනින් දැකිය හැකි ලක්ෂණයක් වනුයේ යෝනි ප්‍රදේශය තෙත්වීමය. එය ලිංගික උත්තේජනයක් ඇති වී තත්පර 30 ක් වැනි කෙටි කාලයකදී සිදුවිය හැකිය.

දෙවැනි පියවර - ලිංගික ප්‍රදේශයේ උත්තේජනය

ප්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප්‍රදේශය සක්‍රීය බව යම් පසුබෑමකට ලක්වූවා වැනි ලක්ෂණ මතුවේ. ලිංගික උත්තේජනය අප්‍රාණික වූවා ලෙස ඇතැම් දෙනා එය සිතති. මෙය වැරදි ආකල්පයකි. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප්රාණිකවීමක් නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමය. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවී තිබීමය.

තෙවැනි පියවර - ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීම

ලිංගිකව හැසිරීම් කාලය තීරණය වන්නේ එකිනෙකාගේ ශාරීරික හා මානසික තත්ත්වය මතය. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබයි.

සුරතාන්තයේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම ... ඇතිවේ. එය යෝනි ප්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප්‍රදේශය දක්වා පැතිර යා හැකිය.

මේ අවස්ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්පන්දනය ඉහළ යයි. හුස්ම ගැනීම වේගවත්වේ. ගැඹුරු හුස්ම ගැනීමක් ඇතිවේ.

සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් ඇය තුළ මතුවන හැඟීම අනුව සහ ලිංගික ක්රියාවේ ස්වභාවය අනුව නැවත වරක් ඇය සුරතාන්තයට පත්විය හැකිය. එසේම ලිංගික ක්රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතී. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසකි.

කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවේ. ඇතැම් කාන්තාවනට මුත්‍රා සුළු ප්‍රමාණයක්ද පිට වේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක් නොවේ.

සිව්වැනි පියවර - නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම

සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ.

මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුය.

සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක් ගත වේ. මෙය නිතර නිතර පැවතීමෙන් කාන්තාවට ලිංගිකව එක්වීමේදී සහ ඉන්පසු වේදනාකාරී බවක් ඇතිවිය හැකිය.

විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා 2012 වසරේ දිවයින පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරෙන් උපුටාගන්නා ලදි.

[QUOTE="Pusek, post: 29248015, member: 584739"] [IMG width="624px"]https://www.lifie.lk/wp-content/uploads/2018/01/thumb-50.jpg[/IMG] කාන්තාවකට හැඟීම් මතුවන අයුරු කාන්තාවකට සහ පිරිමියකුට ලිංගිකව එක්වීම සඳහා හැඟීමක් මතුවන්නේ ඔවුනොවුන් අතර මතුවන සිතුවිලි අනුවය. නිරෝගී කාන්තාවකට සහ පිරිමියකුට වුව ඒ සඳහා සිතුවිලි පහළ නොවේ නම් ලිංගිකව එක්වීම සඳහා හැඟීමක් මතුවන්නේ නැත. ලිංගිකව එක්වීම සඳහා කාන්තාවට සහ පිරිමියාට සිතුවිලි පහළ වූ විට මතුවන හැඟීම්වලට අනුව ලිංගික උත්තේජනයක් සිදුවේ. මෙම උත්තේජනය කාන්තාවට සහ පිරිමියාට ඇතිවන ආකාරය තුළ වෙනස්කම් පවතී. කාන්තාවන්ට සහ පිරිමින්ට ලිංගික උත්තේජනයක් සඳහා මානසික මෙන්ම කායික සාධක ද බලපායි. කෙසේa වෙතත් කාන්තාවන්ට ලිංගික ආශාව මෙන්ම ලිංගික උත්තේජනය සඳහා මානසික සාධක වල බල පෑම වැඩිය. නිරෝගී කාන්තාවකගේ සහ පිරිමියකුගේ ලිංගික උත්තේජනය සිදුවන ආකාරය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය. මෙම වෙනස්කම් නිසිලෙස හඳුනා නොගැනීම නිසා කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික ගැටලු මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති විය හැකිය. කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීම කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීමේදී ඇයගේ ඔසප් චක්‍රය ද බලපායි. බොහෝ කාන්තාවන්ට ඩිම්බයක් පිටවීමට ආසන්න කාලයේදී ලිංගික ආශාව වැඩිවේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ඔසප් චක්‍රයේ මැද කාලයේදීය. ගැබ් ගැනීමකදී, දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී, ආර්ථවහරණයෙන් පසු, යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවිට සහ රෝගී තත්ත්වයකදී හෝමෝනවල සිදුවන වෙනස්කම් වලදී දෙදෙනා අතර ඇතිවන ගැටලුවලදීද ලිංගික හැඟීම්වල වෙනස්කම් මතුවේ. මීට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා ද ලිංගික හැඟීම් වෙනස්වේ. විශේෂයෙන් පවුල් සැලසුම් සඳහා භාවිතා කරන පෙති වර්ග සහ එන්නත් ගනු ලබන විට ලිංගික ආශාවේ වෙනසක් ඇතිවිය හැකිය. තරුණ වියේදී ලිංගික හැඟීම් පහළවීම බහුල අතර මැදිවියට පත්වන විට එය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ. කාන්තාවක් ලිංගික උත්තේජනයකට ලක්වීම පියවර හතරකින් දැක්විය හැකිය. පළමු පියවර ඒ සඳහා හැඟීම් ඇතිවීමය. දෙවන පියවර ලිංගික ප්‍රදේශයේ උත්තේජනයයි. තෙවන පියවර ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීමය. සිව්වැනි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමය. පළමු පියවර - හැඟීම් ඇතිවීම කාන්තාවකට මෙන්ම පිරිමියකුටද ලිංගික එක්වීමක් සඳහා හැඟීමක් ඇතිවිය යුතුය. එවිට ශාරීරිකව සහ මානසිකව ඒ සඳහා ඇය තුළ සුදානමක් ඇතිවේ. මෙලෙස ලිංගික හැඟීමක් මතුවීම සඳහා පිරිමියකු දැකීම හෝ ස්පර්ශයම අවශ්‍ය නොවේ. මානසිකව ඇතිවූ සිතුවිල්ලක් නිසාද ලිංගික උත්තේජනයක් මතුවිය හැකිය. කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප්‍රාණවත් වේ. මෙම ලක්ෂණ මතුවීමත් සමඟ ඇයගේ ලිංගික ප්‍රදේශයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩිවේ. ඒ අනුව එම ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යයි. මෙහිදී ඉතා ඉක්මනින් දැකිය හැකි ලක්ෂණයක් වනුයේ යෝනි ප්‍රදේශය තෙත්වීමය. එය ලිංගික උත්තේජනයක් ඇති වී තත්පර 30 ක් වැනි කෙටි කාලයකදී සිදුවිය හැකිය. දෙවැනි පියවර - ලිංගික ප්‍රදේශයේ උත්තේජනය ප්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප්‍රදේශය සක්‍රීය බව යම් පසුබෑමකට ලක්වූවා වැනි ලක්ෂණ මතුවේ. ලිංගික උත්තේජනය අප්‍රාණික වූවා ලෙස ඇතැම් දෙනා එය සිතති. මෙය වැරදි ආකල්පයකි. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප්රාණිකවීමක් නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමය. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවී තිබීමය. තෙවැනි පියවර - ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීම ලිංගිකව හැසිරීම් කාලය තීරණය වන්නේ එකිනෙකාගේ ශාරීරික හා මානසික තත්ත්වය මතය. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබයි. සුරතාන්තයේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම ... ඇතිවේ. එය යෝනි ප්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප්‍රදේශය දක්වා පැතිර යා හැකිය. මේ අවස්ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්පන්දනය ඉහළ යයි. හුස්ම ගැනීම වේගවත්වේ. ගැඹුරු හුස්ම ගැනීමක් ඇතිවේ. සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් ඇය තුළ මතුවන හැඟීම අනුව සහ ලිංගික ක්රියාවේ ස්වභාවය අනුව නැවත වරක් ඇය සුරතාන්තයට පත්විය හැකිය. එසේම ලිංගික ක්රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතී. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසකි. කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවේ. ඇතැම් කාන්තාවනට මුත්‍රා සුළු ප්‍රමාණයක්ද පිට වේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක් නොවේ. සිව්වැනි පියවර - නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ. මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුය. සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක් ගත වේ. මෙය නිතර නිතර පැවතීමෙන් කාන්තාවට ලිංගිකව එක්වීමේදී සහ ඉන්පසු වේදනාකාරී බවක් ඇතිවිය හැකිය. විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා 2012 වසරේ දිවයින පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරෙන් උපුටාගන්නා ලදි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom