Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමයේ ආදීනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමයන්ගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනාලෙස මනසිකාරය කිරීම (මෙනෙහි කිරීම) අනිච්ච දර්ශනය ප්රත්යක්ෂ කරගැනීමට උපකාරී වන්නේ ය. කාම වස්තූන්ගේ දෝෂය දැකීමෙන් බියකරු සසරට ඇදී යන චිත්ත පරම්පරාව ප්රහාණය කොට, නිස්සරණය හෙවත් නිවීමට සිත පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ය.

ආස්වාදය ස්ථිර කරගැනීමට ගොස් සත්වයෝ බොහෝ වෙහෙසට පත් වන්නෝ ය. දිවා රාත්‍රී දුක් විඳින්නෝ ය. කාමයන් ස්ථිර කරගැනීමට, වසඟ කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නෝ ය. මේ සඳහා දුක් මහන්සි වී ඉගෙනීම් කටයුතු කිරීමට සිදුවේ. ශිල්පීය දැනුම, ශාස්ත්‍රීය අධ්‍යාපනය (නැකැත් තාරකා ගැන ආදී) ලැබීමට ද සිදුවේ. එකිනෙකා පරයන තරගයක වෙලී, පැටලී තමා පමණක් සැප ලැබිය යුතු යැයි සිතා අන් අයට විවිධ බාධක පමුණුවමින් දුක් පීඩාද කරති. කාමය නිසාම මෝහයෙන් මුළා වී තම මවට, පියාට පවා හිංසා පමුණුවා දුගතියට මඟ සලසා ගත්තෝ වෙති.

ඇතැම්හු මවුපියන් ඝාතනය කර කල්ප ගණන් නරකයෙහි පැසෙන්නෝ ය. අතීතයේ දී ද දෙව්දත් තෙරුන් ලාභ, කීර්ති, ප්‍රශංසාවලට ගිජු වී තථාගතයන් වහන්සේට හිංසා පමුණුවා නරකයට ඇද වැටුණේ ය. අසද්පුරුෂ සේවනය නිසා අජාසත් රජු තම පියා නසා දුගතියට වැටීමට කටයුතු සිදු කර ගත්තේ ය. තෙරුවනට නිග්‍රහ කොට අලාභ කොට නින්දා අපහාස කොට අතීතයේත් නරකයට වැටුණා වූ වර්තමානයේත් වැටෙන, ඉදිරියටත් වැටෙන්නා වූ සත්වයන් බොහෝ ය. ඉඩකඩම්, දේපොළ යාන වාහන සොරකම් කරමින් අධාර්මිකව සියල්ල තමා සතු කරගැනීමට ප්රයත්න දරමින් කූට උපක්‍රම යොදන්නෝ බොහෝ වෙති. ත්‍රිවිධ දුෂ්චරිතයම කරමින් අත්පා සිඳගනිමින් ජීවිත නැතිකරන්නෝද බොහෝ වෙති. තමාද කාමයන්ගෙන් අතෘප්තිමත්ව ගෙල වැල දමා ගන්නේ ය. සිරුරට ගිනි තබාගන්නේ ය. වස විෂ පානය කරන්නේ ය.

අධික තණ්හාව නිසා සමහරු ධාර්මිකව භෝග සම්පත් ඉපැයීම පසෙකතබා, වස, විෂ ආදිය යොදා ධනය රැස් කිරීමට අධාර්මිකව උත්සාහවත් වෙති. නුසුදුසු ආහාරය නිසා බොහෝ කලක් දුක් විඳින, වකුගඩු රෝග ආදියෙන් පීඩා විඳින එසේ දුක්විඳ මියයන පිරිස දිනෙන් දින වැඩි වෙති. අවි ආයුධ නිෂ්පාදනය කොට සෙස්සන් ප්‍රාණඝාතයට, වධයට පමුණුවන්නෝ ද බොහෝ වෙති. දිවට රස සොයමින් කා බී මත්වන්නන් ද බොහෝ ය. නැවැත නැවත ආස්වාදය ලබාගෙන වින්දනය ප්‍රබල කිරීමට මත්පැන්, මත්ද්‍රව්‍ය ගෙන මත් වී මහ මඟ වැටී අත් පා කැඩී ජීවිත විනාශ කර ගන්නන්ද බොහෝ ය. මෙබඳු අය අඹු දරුවන්ට මවුපියනට, ඤාතීන්ට කරදර පීඩා පමුණුවා ධනය විනාශ කරගෙන මහ මඟට ඇද වැටෙති.

කහවනු වැස්සක් වැස්සත් කාමයන්හි ගිජු සත්වයෝ තෘප්තිමත් නොවෙති. රාග, ද්වේෂ, මෝහ ගින්නෙන් දැවී නරකයට වැටෙති. කාමයන්හි අධික ඇල්ම බැඳීම සත්වයන් උමතු කොට සසර දුගතියට පැමිණවීමට සමත් ය.

කාමයන්ගේ යථා ස්වභාව නුවණෙන් විමසා බලමු. “අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භීය්‍යො”

අලගද්දූපම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කාමයන් අල්ප ආස්වාදයෙන් යුක්තය, වහා වෙනස් වන්නේ ය, බොහෝ දුක් ගෙන දෙන්නේය , දැඩි වෙහෙසකර ගිලන් භාවයට පමුණු වන්නේය යනුවෙන් ආදීනවයෙන් (දෝෂයෙන්) යුක්ත වන්නේ යැයි දේශනා කළ සේක.

* අට්ඨිකංකලුපමා කාමා -කාමයන් ඇටසැකිල්ල කට බඳු උපමා ඇත.

* මංසපෙසුපමා කාමා - මස් වැදැල්ලකට බඳු උපමා ඇත.

* තිණුක්කූපමා කාමා - තණ හුලකට බඳු උපමා ඇත.

* අංගාරකාසුපමා කාමා - ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත.

* සුපිනකූපමා කාමා - සිහිනයකට බඳුය.

* යාචිතකූපමා කාමා - තාවකාලිකව අනුන්ගෙන් යමක් ඉල්ලා ගැනීම මෙනි.

* රුක්ඛඵලූපමා කාමා - ඵලදරන ගසකට උපමා සේය.

* අසිසුනුපමා කාමා - තියුණු කඩුවක් හා මස් කපන ලෑල්ලකට බඳු උපමා ඇත්තාහ.

* සත්තිසුලුපමා කාමා - අඩයටි හුලකට බඳු උපමා ඇත.

* සප්පසිරුපමා කාමා - සර්ප හිසකට බඳු උපමා ඇත.

අපි ඉහත උපමාවන්හි එකින් එක අරුත් විමසා කාමයන් නිසා ඇතිවන බිය, අඳුර මැනවින් තේරුම් ගන්නට උත්සාහ ගනිමු.

෴අට්ඨිකංඛලුපමා කාමා෴

බඩගින්නෙන් මහත් වූ දුකට පත් සුනඛයෙක් ලේ මස් නැති ඇට කැබැල්ලක් ගෙන ගිජුකමින් බුර බුරා සපන්නට පටන් ගනී. දුබල වූ ශක්තිය වැය කරමින් කොපමණ උත්සහ කළත් සාගින්න තව දුරටත් වැඩිවෙනවා මිසක්, බඩගින්න සන්සිඳීමක් වන්නේ නැත. ඇතැම් විට සුනඛයාගේම මුඛයේ විදුරුමස තුවාල වී ලේ ගලන්නට ද හැකිය. එයින් මහත් වූ පීඩාවට පැමිණ මරණය ද වීමට හැකියාව ඇත්තේ ය. එසේ කොපමණ ඉඳුරන් පිනවුවත් වස්තුව පරිහරණය කළත් කාම පිපාසය සන්සිඳෙන්නේ නැත. මදිම මදිම යැයි කියා දිවා රාත්‍රී වෙහෙසට පත් වී තමා වසඟයේ වින්දනය ස්ථිර කර ගැනීමට යත්න දරයි. එහෙත් අවසානයේ අතෘප්තිමත්ව පීඩාවට පත් වී පරිදේවයෙන් විනාශයට පත් වන්නේ ය. “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො’ති” ලෝකයා කොපමණ වස්තු ලැබුණත් ඉඳුරන් පිනවීම කළත් මනැසේ අඩුවක්ම ඇතිකර ගනිමින්, තෘප්තිමත් නොවී තණ්හාවට දාස වී කටයුතු කරන බවයි මෙහි තේරුම වන්නේ. ඔබත් තණ්හා දාසයකු ද යන්න මෙම උතුම් දහම් කරුණින් තේරුම් ගන්නට උත්සාහවත් විය යුතු ය. මෙසේ කාමයන් ලේ මස් නැති ඇට කැබැල්ලකට උපමා කොට වදාරන ලදී.

෴මංසපෙසුපමා කාමා෴

තමාගේ වසඟයට පත්කරගැනීමට කොපමණ වෙහෙස ගත්තත් කාමවස්තු යනු කාටත් පොදු වූවක් බව තේරුම් ගත යුතු ය. මළකුණක් ගංගා, ඇළ දොළක, ගොඩබිමක හෝ ඇතිවිට, නැතහොත් සොහොනක ගෙනැවිත් දැමූ විට එක් සත්වයෙකු පමණක් එය ගොදුරු කරගෙන කන්නට ගත්තත් මළකුණ අවසන් වනතුරු කෑමට ගත නොහැකිය. පළමුවැනි සතාට වඩා ප්‍රබල සතකු ඇවිත් ඌ පන්නාදමා මළකුණ කන්නට පටන් ගනී. පසුව දෙවැන්නාටත් වඩා තවත් බලවත් සතෙක් පැමිණ ඌ පන්නා දමා මළකුණ ආහාරයට ගනී. ඉතිරි කොටස කුඩා කුඩා සත්වයෝ කා දමති. මෙලෙස කාමවස්තුව හෝ ධනය එය සතු තැනැත්තා වෙතින් උදුරාගෙන හෝ ඔහු මරා දමා හෝ වෙන කෙනෙකු අත්පත් කරගනී. තමා ජීවත්ව සිටියදී තම ඥාති මිත්රාදීහු ඒවාට උරුම කියා පවරා ගනිති. බොහෝ දෙනා නැවත නැවත ඒවා කොටස් කර අත්පත් කරගෙන භුක්ති විඳීමට ප්රයත්න දරති. ගින්නෙන්, ජලයෙන්, සතුන්ගෙන්, සොරුන්ගෙන් ද විනාශයට පත්වේ. බලවත්හු ස්වකීය පිරිස් බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, බිය කර කාම වස්තු පැහැර ගනිති. ජන සමාජය තුළ භෞතික වස්තු ඇතුළු සියලු කාමයන් නිසා ඇන කොටා ගැනීම්, ගිනිබත් කිරීම්, විනාශ කිරීම්, කොතරම් හටගෙන ඇති ද? අත් පා සිඳීම්, දඟගෙහි දැමීම් හා නඩුහබ ආදිය ඇතිකරගැනීම් බහුල වශයෙන් සිදුවේ. ඇතැම් අය කාම වස්තු අතහැරීමට නොහැකිව බොහෝ කලක් ගිලන් වී, සිත අපිරිසුදු කරගෙන කලුරිය කොට සතර අපායට වැටී අප්‍රමාණ දුක් විඳින බව ප්‍රේත වස්තු ඇසුරෙන් හෙළිදරව් වේ. එබැවින් කාමයන් බොහෝ දෙනාට සාධාරණ බැවින් මස් කුට්ටියකට බඳු උපමා ඇතැයි වදාරන ලදී.

෴තිණුක්කූපමා කාමා෴

දවන, තවන ස්වභාවයෙන් කාමයන් තණ හුලක් මෙන් මිනිස් හදවත් දවා මරණය පමුණුවයි. රාග ගින්න තරම් ගින්නක් ලොව නැත. පුහුදුන් සත්වයා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන බාහිර අරමුණු තමාගේ අධ්‍යාත්මික සිතට ඇතුළත් කරගෙන ඇලීම් සහ ගැටීම් වලට ලක්වෙමින් දිවා රාත්‍රී පමණක් නොව ජීවිත කාලයේදීම දුක් විඳියි. ඇතැම් අයගේ රූප ස්වභාව ද ඉතා ඉක්මනින්ම වැහැරී ජරා ජීර්ණ ස්වභාවයට පත් වී මහත් පීඩාවන් විඳ මරණයට පත්වෙයි. ගින්නක් ඇතිවෙන විට නිවෙසේ ඇති බඩු බාහිරාදිය ගැනීමට නොහැකි වුවහොත් ගින්නෙන්ම ඒවා දැවී යන්නේ යම්සේද කාමාදී අරමුණ නුවණින් මෙනෙහි කොට අත්හැරීමට පුරුදු නොවුවහොත් එයින්ම විනාශය ළඟා වන්නේය. ළදරුවා දැල්වෙන පහනේ ආලෝකයට බැඳී එය අල්ලන්නට ගොස් පිළිස්සීමට ලක් වී, ඇතැම්විට මරණය ද සිදුවන්නාසේය. එබැවින් කාමයන් දවන ස්වභාවයෙන් යුක්ත බැවින් තණ සුලකට බඳු බව වදාරන ලදී.

෴අංගාරකාසූපමා කාමා෴

බාහිර අලංකාරයට රැවැටී රූපාදී අරමුණු වලට සත්වයෝ බැඳෙති. ටික කලක් යන විට විවිධ රෝග පීඩා ව්‍යසන පැමිණ රූපයේ ලස්සන වැහැරී යයි.එයින් තමන් කැමැති වූ ආස්වාදය, සතුට නොලැබී යයි. සුඛය බලාපොරොත්තු වුණද අවසානයේ දුකට පත්වීම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ළඟා වෙයි. ඇතැම් විට තරුණ ස්වාමියා ලෙඩවන විට ස්වාමි දියණිය ඔහු හැර යයි. එවිට මහත් වූ දුකට, දහනයට, පීඩාවට ස්වාමියා පත්වෙයි. ස්වාමි දියණිය තරුණ කාලයේම බලවත් රෝගයකින් ලෙඩ වී ඇඳට වැටුණු විට ස්වාමියා ඇය හැර යයි. එවිට ස්වාමියාගේ අත්හැරයාම තරුණ කතට දරා ගැනීමට බැරිවනු ඇත. මෙලෙස දෙදෙනාම දහනය නමැති රස්නයට පත්වෙයි. එබැවින් කාමයන්ද දුම් නැති ගිනි දළු නැති අඟුරු වළකට උපමා කොට දේශනා කර ඇත.

අළු මත සතකු වැටුණහොත් සැඟවී ඇති අඟුරු රස්නයෙන් සතා දැවී පිච්චී මරණයට පත්වන්නේ ය. මතුපිටින් කොපමණ රූපය අලංකෘත කළත්, ඔපවත් කළත්, ඇතුළත ජරා, ව්‍යාධි, මරණය ඇති බැවින්, අකමැති වුවත් එයින් සත්වයෝ මහත් දහනයට පත්වන්නෝ ය.

෴සුපිණකූපමා කාමා෴

රූපාදී අරමුණු සිතෙන් ආස්වාද කොට රඳවා ගන්නට උත්සාහ කළත් ක්ෂණ මාත්‍රයෙන් සතුට, සොම්නස ඇති වී නැති වී යන්නේ ය. ඇමට ගිජුවෙන් ශීඝ්‍රව ළඟා වන මාළුවා ආහාරය නොලබා ක්ෂණයෙන් මරණයට පත්වන්නේ ය. ආස්වාදයේ ස්වභාවය ද බොහෝ වෙහෙසකර වන්නේ ය. එම නිසා කාමයන් රෑ දුටු සිහිනයක් බඳු කොට වදාරන ලදී. සිහිනයෙන් කුමන සම්පත්තියක් පෙන්නුම් කළත් අවදි වූ විට කිසිවක් නැත. එලෙසින් ආස්වාදය මහත් වූ දෝෂයක් මෙන්ම බියකරු ව්‍යසනයක් ද වන්නේ ය.

෴යාචිතකූපමා කාමා෴

මංගල උත්සවයකට යද්දී හිතවත් කෙනකුගේ ආභරණ සහ ඇඳුම් ඉල්ලාගෙන සැරැසී කැපී පෙනුණත්, පසුදින හිමියාට ඒවා දිය යුතු ය. එවිට ඔහු සතුව කිසිවක් නැත. එසේ ජීවී, අජීවී සියලු වස්තු මොහොතකින් නැති වී විනාශ වී හෝ අන්සතු වන්නේ ය. එබැවින් කාමයන් යනු අනුන්ගෙන් තාවකාලිකව ඉල්ලාගත් දේ බඳු ය.

෴රුක්ඛඵලූපමා කාමා෴

ඉදුණු ඵල ඇති ගසකට යම් පුරුෂයෙක් නැඟ සියලු ඵල නෙළා තනිව භුක්ති විඳීමට සිතා කමින් සිටියදී, ගස් නැඟීමට නොහැකි පුද්ගලයකු ඵල කෑමට ගස කපන්නට ගත් විට, තෘෂ්ණාවෙන් යුතුව, සියලු ඵල තමා අත්පත් කර ගනිමියි ගසෙන් නොබැස සිටියොත් ගසත් සමඟ ඔහු වැටී මරණයට හෝ එබඳු මහත් වූ දුකට පැමිණේ. එලෙස කාමයෝ ඵල දරන ගසකට බඳු උපමා ඇත්තාහ.

෴අසිසුනුපමා කාමා෴

කාමයෝ දරුණු වචනයෙන් හදවත් ඡින්දනය කරන බැවින් ද මරණය පමුණුවන බැවින්ද, කඩුවක් හා මස් කපන කොටයකට බඳු උපමා ඇත්තාහ.

෴සත්තිසුලූපමා කාමා෴

කාමයන් හදවතට තියුණු වේදනා දෙන බැවින් හුලකට බඳු උපමා ඇතැයි වදාරන ලදී.

෴සප්පසිරුපමා කාමා෴

කාමයන් රාග, ද්වේශ, විෂ අවුලා සත්වයන් නසන බැවින් සර්ප හිසකට උපමා කර ඇත.

මෙලෙස කාමයන්ගේ දෝෂ තත්ත්වාකාරයෙන් නිරතුරුවම මෙනෙහි කිරීම මහත් සේ ඵලදායක වන්නේ ය. සසරෙහි අනාථ නොවී සනාථ වීමට එයම මඟ පාදයි.

මේ දේ වර්තමාන සමාජයට ගොඩක් වැදගත්

උපුටා ගැනීම

https://www.facebook.com/pages/The-way-of-Nibbana-නිවන්-මග/457424391006874?directed_target_id=0

[QUOTE="Black_Burn, post: 15729390, member: 384289"] [SIZE="5"] කාමයන්ගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනාලෙස මනසිකාරය කිරීම (මෙනෙහි කිරීම) අනිච්ච දර්ශනය ප්රත්යක්ෂ කරගැනීමට උපකාරී වන්නේ ය. කාම වස්තූන්ගේ දෝෂය දැකීමෙන් බියකරු සසරට ඇදී යන චිත්ත පරම්පරාව ප්රහාණය කොට, නිස්සරණය හෙවත් නිවීමට සිත පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ය. ආස්වාදය ස්ථිර කරගැනීමට ගොස් සත්වයෝ බොහෝ වෙහෙසට පත් වන්නෝ ය. දිවා රාත්‍රී දුක් විඳින්නෝ ය. කාමයන් ස්ථිර කරගැනීමට, වසඟ කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නෝ ය. මේ සඳහා දුක් මහන්සි වී ඉගෙනීම් කටයුතු කිරීමට සිදුවේ. ශිල්පීය දැනුම, ශාස්ත්‍රීය අධ්‍යාපනය (නැකැත් තාරකා ගැන ආදී) ලැබීමට ද සිදුවේ. එකිනෙකා පරයන තරගයක වෙලී, පැටලී තමා පමණක් සැප ලැබිය යුතු යැයි සිතා අන් අයට විවිධ බාධක පමුණුවමින් දුක් පීඩාද කරති. කාමය නිසාම මෝහයෙන් මුළා වී තම මවට, පියාට පවා හිංසා පමුණුවා දුගතියට මඟ සලසා ගත්තෝ වෙති. ඇතැම්හු මවුපියන් ඝාතනය කර කල්ප ගණන් නරකයෙහි පැසෙන්නෝ ය. අතීතයේ දී ද දෙව්දත් තෙරුන් ලාභ, කීර්ති, ප්‍රශංසාවලට ගිජු වී තථාගතයන් වහන්සේට හිංසා පමුණුවා නරකයට ඇද වැටුණේ ය. අසද්පුරුෂ සේවනය නිසා අජාසත් රජු තම පියා නසා දුගතියට වැටීමට කටයුතු සිදු කර ගත්තේ ය. තෙරුවනට නිග්‍රහ කොට අලාභ කොට නින්දා අපහාස කොට අතීතයේත් නරකයට වැටුණා වූ වර්තමානයේත් වැටෙන, ඉදිරියටත් වැටෙන්නා වූ සත්වයන් බොහෝ ය. ඉඩකඩම්, දේපොළ යාන වාහන සොරකම් කරමින් අධාර්මිකව සියල්ල තමා සතු කරගැනීමට ප්රයත්න දරමින් කූට උපක්‍රම යොදන්නෝ බොහෝ වෙති. ත්‍රිවිධ දුෂ්චරිතයම කරමින් අත්පා සිඳගනිමින් ජීවිත නැතිකරන්නෝද බොහෝ වෙති. තමාද කාමයන්ගෙන් අතෘප්තිමත්ව ගෙල වැල දමා ගන්නේ ය. සිරුරට ගිනි තබාගන්නේ ය. වස විෂ පානය කරන්නේ ය. අධික තණ්හාව නිසා සමහරු ධාර්මිකව භෝග සම්පත් ඉපැයීම පසෙකතබා, වස, විෂ ආදිය යොදා ධනය රැස් කිරීමට අධාර්මිකව උත්සාහවත් වෙති. නුසුදුසු ආහාරය නිසා බොහෝ කලක් දුක් විඳින, වකුගඩු රෝග ආදියෙන් පීඩා විඳින එසේ දුක්විඳ මියයන පිරිස දිනෙන් දින වැඩි වෙති. අවි ආයුධ නිෂ්පාදනය කොට සෙස්සන් ප්‍රාණඝාතයට, වධයට පමුණුවන්නෝ ද බොහෝ වෙති. දිවට රස සොයමින් කා බී මත්වන්නන් ද බොහෝ ය. නැවැත නැවත ආස්වාදය ලබාගෙන වින්දනය ප්‍රබල කිරීමට මත්පැන්, මත්ද්‍රව්‍ය ගෙන මත් වී මහ මඟ වැටී අත් පා කැඩී ජීවිත විනාශ කර ගන්නන්ද බොහෝ ය. මෙබඳු අය අඹු දරුවන්ට මවුපියනට, ඤාතීන්ට කරදර පීඩා පමුණුවා ධනය විනාශ කරගෙන මහ මඟට ඇද වැටෙති. කහවනු වැස්සක් වැස්සත් කාමයන්හි ගිජු සත්වයෝ තෘප්තිමත් නොවෙති. රාග, ද්වේෂ, මෝහ ගින්නෙන් දැවී නරකයට වැටෙති. කාමයන්හි අධික ඇල්ම බැඳීම සත්වයන් උමතු කොට සසර දුගතියට පැමිණවීමට සමත් ය. කාමයන්ගේ යථා ස්වභාව නුවණෙන් විමසා බලමු. “අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භීය්‍යො” අලගද්දූපම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කාමයන් අල්ප ආස්වාදයෙන් යුක්තය, වහා වෙනස් වන්නේ ය, බොහෝ දුක් ගෙන දෙන්නේය , දැඩි වෙහෙසකර ගිලන් භාවයට පමුණු වන්නේය යනුවෙන් ආදීනවයෙන් (දෝෂයෙන්) යුක්ත වන්නේ යැයි දේශනා කළ සේක. * අට්ඨිකංකලුපමා කාමා -කාමයන් ඇටසැකිල්ල කට බඳු උපමා ඇත. * මංසපෙසුපමා කාමා - මස් වැදැල්ලකට බඳු උපමා ඇත. * තිණුක්කූපමා කාමා - තණ හුලකට බඳු උපමා ඇත. * අංගාරකාසුපමා කාමා - ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත. * සුපිනකූපමා කාමා - සිහිනයකට බඳුය. * යාචිතකූපමා කාමා - තාවකාලිකව අනුන්ගෙන් යමක් ඉල්ලා ගැනීම මෙනි. * රුක්ඛඵලූපමා කාමා - ඵලදරන ගසකට උපමා සේය. * අසිසුනුපමා කාමා - තියුණු කඩුවක් හා මස් කපන ලෑල්ලකට බඳු උපමා ඇත්තාහ. * සත්තිසුලුපමා කාමා - අඩයටි හුලකට බඳු උපමා ඇත. * සප්පසිරුපමා කාමා - සර්ප හිසකට බඳු උපමා ඇත. අපි ඉහත උපමාවන්හි එකින් එක අරුත් විමසා කාමයන් නිසා ඇතිවන බිය, අඳුර මැනවින් තේරුම් ගන්නට උත්සාහ ගනිමු. [/SIZE] [SIZE="4"] ෴අට්ඨිකංඛලුපමා කාමා෴ බඩගින්නෙන් මහත් වූ දුකට පත් සුනඛයෙක් ලේ මස් නැති ඇට කැබැල්ලක් ගෙන ගිජුකමින් බුර බුරා සපන්නට පටන් ගනී. දුබල වූ ශක්තිය වැය කරමින් කොපමණ උත්සහ කළත් සාගින්න තව දුරටත් වැඩිවෙනවා මිසක්, බඩගින්න සන්සිඳීමක් වන්නේ නැත. ඇතැම් විට සුනඛයාගේම මුඛයේ විදුරුමස තුවාල වී ලේ ගලන්නට ද හැකිය. එයින් මහත් වූ පීඩාවට පැමිණ මරණය ද වීමට හැකියාව ඇත්තේ ය. එසේ කොපමණ ඉඳුරන් පිනවුවත් වස්තුව පරිහරණය කළත් කාම පිපාසය සන්සිඳෙන්නේ නැත. මදිම මදිම යැයි කියා දිවා රාත්‍රී වෙහෙසට පත් වී තමා වසඟයේ වින්දනය ස්ථිර කර ගැනීමට යත්න දරයි. එහෙත් අවසානයේ අතෘප්තිමත්ව පීඩාවට පත් වී පරිදේවයෙන් විනාශයට පත් වන්නේ ය. “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො’ති” ලෝකයා කොපමණ වස්තු ලැබුණත් ඉඳුරන් පිනවීම කළත් මනැසේ අඩුවක්ම ඇතිකර ගනිමින්, තෘප්තිමත් නොවී තණ්හාවට දාස වී කටයුතු කරන බවයි මෙහි තේරුම වන්නේ. ඔබත් තණ්හා දාසයකු ද යන්න මෙම උතුම් දහම් කරුණින් තේරුම් ගන්නට උත්සාහවත් විය යුතු ය. මෙසේ කාමයන් ලේ මස් නැති ඇට කැබැල්ලකට උපමා කොට වදාරන ලදී. ෴මංසපෙසුපමා කාමා෴ තමාගේ වසඟයට පත්කරගැනීමට කොපමණ වෙහෙස ගත්තත් කාමවස්තු යනු කාටත් පොදු වූවක් බව තේරුම් ගත යුතු ය. මළකුණක් ගංගා, ඇළ දොළක, ගොඩබිමක හෝ ඇතිවිට, නැතහොත් සොහොනක ගෙනැවිත් දැමූ විට එක් සත්වයෙකු පමණක් එය ගොදුරු කරගෙන කන්නට ගත්තත් මළකුණ අවසන් වනතුරු කෑමට ගත නොහැකිය. පළමුවැනි සතාට වඩා ප්‍රබල සතකු ඇවිත් ඌ පන්නාදමා මළකුණ කන්නට පටන් ගනී. පසුව දෙවැන්නාටත් වඩා තවත් බලවත් සතෙක් පැමිණ ඌ පන්නා දමා මළකුණ ආහාරයට ගනී. ඉතිරි කොටස කුඩා කුඩා සත්වයෝ කා දමති. මෙලෙස කාමවස්තුව හෝ ධනය එය සතු තැනැත්තා වෙතින් උදුරාගෙන හෝ ඔහු මරා දමා හෝ වෙන කෙනෙකු අත්පත් කරගනී. තමා ජීවත්ව සිටියදී තම ඥාති මිත්රාදීහු ඒවාට උරුම කියා පවරා ගනිති. බොහෝ දෙනා නැවත නැවත ඒවා කොටස් කර අත්පත් කරගෙන භුක්ති විඳීමට ප්රයත්න දරති. ගින්නෙන්, ජලයෙන්, සතුන්ගෙන්, සොරුන්ගෙන් ද විනාශයට පත්වේ. බලවත්හු ස්වකීය පිරිස් බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, බිය කර කාම වස්තු පැහැර ගනිති. ජන සමාජය තුළ භෞතික වස්තු ඇතුළු සියලු කාමයන් නිසා ඇන කොටා ගැනීම්, ගිනිබත් කිරීම්, විනාශ කිරීම්, කොතරම් හටගෙන ඇති ද? අත් පා සිඳීම්, දඟගෙහි දැමීම් හා නඩුහබ ආදිය ඇතිකරගැනීම් බහුල වශයෙන් සිදුවේ. ඇතැම් අය කාම වස්තු අතහැරීමට නොහැකිව බොහෝ කලක් ගිලන් වී, සිත අපිරිසුදු කරගෙන කලුරිය කොට සතර අපායට වැටී අප්‍රමාණ දුක් විඳින බව ප්‍රේත වස්තු ඇසුරෙන් හෙළිදරව් වේ. එබැවින් කාමයන් බොහෝ දෙනාට සාධාරණ බැවින් මස් කුට්ටියකට බඳු උපමා ඇතැයි වදාරන ලදී. ෴තිණුක්කූපමා කාමා෴ දවන, තවන ස්වභාවයෙන් කාමයන් තණ හුලක් මෙන් මිනිස් හදවත් දවා මරණය පමුණුවයි. රාග ගින්න තරම් ගින්නක් ලොව නැත. පුහුදුන් සත්වයා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන බාහිර අරමුණු තමාගේ අධ්‍යාත්මික සිතට ඇතුළත් කරගෙන ඇලීම් සහ ගැටීම් වලට ලක්වෙමින් දිවා රාත්‍රී පමණක් නොව ජීවිත කාලයේදීම දුක් විඳියි. ඇතැම් අයගේ රූප ස්වභාව ද ඉතා ඉක්මනින්ම වැහැරී ජරා ජීර්ණ ස්වභාවයට පත් වී මහත් පීඩාවන් විඳ මරණයට පත්වෙයි. ගින්නක් ඇතිවෙන විට නිවෙසේ ඇති බඩු බාහිරාදිය ගැනීමට නොහැකි වුවහොත් ගින්නෙන්ම ඒවා දැවී යන්නේ යම්සේද කාමාදී අරමුණ නුවණින් මෙනෙහි කොට අත්හැරීමට පුරුදු නොවුවහොත් එයින්ම විනාශය ළඟා වන්නේය. ළදරුවා දැල්වෙන පහනේ ආලෝකයට බැඳී එය අල්ලන්නට ගොස් පිළිස්සීමට ලක් වී, ඇතැම්විට මරණය ද සිදුවන්නාසේය. එබැවින් කාමයන් දවන ස්වභාවයෙන් යුක්ත බැවින් තණ සුලකට බඳු බව වදාරන ලදී. ෴අංගාරකාසූපමා කාමා෴ බාහිර අලංකාරයට රැවැටී රූපාදී අරමුණු වලට සත්වයෝ බැඳෙති. ටික කලක් යන විට විවිධ රෝග පීඩා ව්‍යසන පැමිණ රූපයේ ලස්සන වැහැරී යයි.එයින් තමන් කැමැති වූ ආස්වාදය, සතුට නොලැබී යයි. සුඛය බලාපොරොත්තු වුණද අවසානයේ දුකට පත්වීම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ළඟා වෙයි. ඇතැම් විට තරුණ ස්වාමියා ලෙඩවන විට ස්වාමි දියණිය ඔහු හැර යයි. එවිට මහත් වූ දුකට, දහනයට, පීඩාවට ස්වාමියා පත්වෙයි. ස්වාමි දියණිය තරුණ කාලයේම බලවත් රෝගයකින් ලෙඩ වී ඇඳට වැටුණු විට ස්වාමියා ඇය හැර යයි. එවිට ස්වාමියාගේ අත්හැරයාම තරුණ කතට දරා ගැනීමට බැරිවනු ඇත. මෙලෙස දෙදෙනාම දහනය නමැති රස්නයට පත්වෙයි. එබැවින් කාමයන්ද දුම් නැති ගිනි දළු නැති අඟුරු වළකට උපමා කොට දේශනා කර ඇත. අළු මත සතකු වැටුණහොත් සැඟවී ඇති අඟුරු රස්නයෙන් සතා දැවී පිච්චී මරණයට පත්වන්නේ ය. මතුපිටින් කොපමණ රූපය අලංකෘත කළත්, ඔපවත් කළත්, ඇතුළත ජරා, ව්‍යාධි, මරණය ඇති බැවින්, අකමැති වුවත් එයින් සත්වයෝ මහත් දහනයට පත්වන්නෝ ය. ෴සුපිණකූපමා කාමා෴ රූපාදී අරමුණු සිතෙන් ආස්වාද කොට රඳවා ගන්නට උත්සාහ කළත් ක්ෂණ මාත්‍රයෙන් සතුට, සොම්නස ඇති වී නැති වී යන්නේ ය. ඇමට ගිජුවෙන් ශීඝ්‍රව ළඟා වන මාළුවා ආහාරය නොලබා ක්ෂණයෙන් මරණයට පත්වන්නේ ය. ආස්වාදයේ ස්වභාවය ද බොහෝ වෙහෙසකර වන්නේ ය. එම නිසා කාමයන් රෑ දුටු සිහිනයක් බඳු කොට වදාරන ලදී. සිහිනයෙන් කුමන සම්පත්තියක් පෙන්නුම් කළත් අවදි වූ විට කිසිවක් නැත. එලෙසින් ආස්වාදය මහත් වූ දෝෂයක් මෙන්ම බියකරු ව්‍යසනයක් ද වන්නේ ය. ෴යාචිතකූපමා කාමා෴ මංගල උත්සවයකට යද්දී හිතවත් කෙනකුගේ ආභරණ සහ ඇඳුම් ඉල්ලාගෙන සැරැසී කැපී පෙනුණත්, පසුදින හිමියාට ඒවා දිය යුතු ය. එවිට ඔහු සතුව කිසිවක් නැත. එසේ ජීවී, අජීවී සියලු වස්තු මොහොතකින් නැති වී විනාශ වී හෝ අන්සතු වන්නේ ය. එබැවින් කාමයන් යනු අනුන්ගෙන් තාවකාලිකව ඉල්ලාගත් දේ බඳු ය. ෴රුක්ඛඵලූපමා කාමා෴ ඉදුණු ඵල ඇති ගසකට යම් පුරුෂයෙක් නැඟ සියලු ඵල නෙළා තනිව භුක්ති විඳීමට සිතා කමින් සිටියදී, ගස් නැඟීමට නොහැකි පුද්ගලයකු ඵල කෑමට ගස කපන්නට ගත් විට, තෘෂ්ණාවෙන් යුතුව, සියලු ඵල තමා අත්පත් කර ගනිමියි ගසෙන් නොබැස සිටියොත් ගසත් සමඟ ඔහු වැටී මරණයට හෝ එබඳු මහත් වූ දුකට පැමිණේ. එලෙස කාමයෝ ඵල දරන ගසකට බඳු උපමා ඇත්තාහ. ෴අසිසුනුපමා කාමා෴ කාමයෝ දරුණු වචනයෙන් හදවත් ඡින්දනය කරන බැවින් ද මරණය පමුණුවන බැවින්ද, කඩුවක් හා මස් කපන කොටයකට බඳු උපමා ඇත්තාහ. ෴සත්තිසුලූපමා කාමා෴ කාමයන් හදවතට තියුණු වේදනා දෙන බැවින් හුලකට බඳු උපමා ඇතැයි වදාරන ලදී. ෴සප්පසිරුපමා කාමා෴ කාමයන් රාග, ද්වේශ, විෂ අවුලා සත්වයන් නසන බැවින් සර්ප හිසකට උපමා කර ඇත. මෙලෙස කාමයන්ගේ දෝෂ තත්ත්වාකාරයෙන් නිරතුරුවම මෙනෙහි කිරීම මහත් සේ ඵලදායක වන්නේ ය. සසරෙහි අනාථ නොවී සනාථ වීමට එයම මඟ පාදයි. [/SIZE] මේ දේ වර්තමාන සමාජයට ගොඩක් වැදගත් උපුටා ගැනීම [url]https://www.facebook.com/pages/The-way-of-Nibbana-නිවන්-මග/457424391006874?directed_target_id=0[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom