Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමයේ වරදවා හැසිරීමේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7. සත්ත මෛථුන සූත්‍රය

’ඉක්බිති ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව නිමවා උන්වහන්සේට මෙසේ සැළ කළේය.

’’පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බඹසර හැසිරෙන්නා මනාව දන්නේද?’’ කියාය.

’’බ්‍රාහ්මණය, යමෙකුට වනාහි නොකැඩුනාවූ, සිදුරුනොවූ, සබල (කබර) නොවූ, අකම්මාසවූ (මිශ්‍ර වර්ණ නොවූ), පරිපූර්ණවු, පිරිසිදුවූ, ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව හැසිරේයයි මනාකොට කියන්නේද, මෙය මටම මනාකොට කියන්නේය. බ්‍රාහ්මණය, මම අඛණ්ඩවූ, සිදුරුනොවූ, පුල්ලි නොවැටුන, කිළුටු නොවූ, පරිපූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව හැසිරෙන්නෙමි.’’

’’භවත් ගෞතමයන් වහන්ස, බඹසර කැඩීමය, සිදුරුවිමය, පුල්ලි වැටීමය, කිළුටුවිමය, කිමෙක්ද?’’

’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, ඉවසයිද, එය බලාපොරොත්තු වේද, එයින් සතුටට පත්වේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද, ක්‍රීඩා කෙරේද, කෙළිකවටකම් කෙරේද, සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, එසේ නමුදු ස්ත්‍රියගේ ඇසින් ඇස බලාද, දකීද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, එසේ නමුදු පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද, එසේ නමුදු එක්තරා දේව නිකායක් ප්රාර්ථනාකොට බඹසර හැසිරේද, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපස් චරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමියි කියාය. හෙතෙම එය ආශ්වාදය කරයි. එය ආශා කරයි. එයින් ප්රීතිවෙයි. බ්‍රාහ්මණය, මෙයද බඹසර කැඩීමය, සිදුරුවීමය, පුල්ලි වැටීමය, කිළුටු වීමයයි කියනු ලැබේ.

’’බ්‍රාහ්මණය, මෙය මෛථුන සංයෝගයෙන් යුක්තවූ අපිරිසිදු බඹසර යයි කියයි. ඉපදීමෙන් නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකක්ඛයන්ගෙන් නොමිදේයයි කියමි.

’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මේ සප්ත මෛථුනයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි මනාකොට දැක්කෙම්ද, බ්‍රාහ්මණය, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි නොම ප්‍රතිඥා කළෙමි.

’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මම මේ සප්ත මෛථුන සංයෝගයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි නොදැක්කෙම්ද, බ්‍රාහ්මණය, එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්ශන ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙළවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත.’’

මෙසේ දේශනා කළ කල්හි ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකලේය.

’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’

8. සංයෝග වියෝග සූත්‍රය

’’මහණෙනි, තොපට සංයෝග වියෝග (එක්වීම හා වෙන්විම) දහම් කොටස දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’එසේය ස්වාමීනි’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

’’ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.

’’මහණෙනි, පුරුෂතෙම අධ්‍යාත්මික පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය, යන මෙහි හෙතෙම ඇලෙයි. රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, එහි රමණය කරන්නේ, පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය එහි ඇලෙයි. එහි රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, රමණය කරන්නේ, පිටත සංයෝගය (එක්විම) බලාපොරොත්තු වෙයි. ඔහුට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, පුරුෂ භාවයෙහි ඇළුනාවූ සත්ත්වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට (එක්විමට) ගියේ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂතෙම පුරුෂ භාවය නොඉක්මවයි. මහණෙනි, මෙසේ සංයෝගය වෙයි.

’’මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි.

’’මහණෙනි, පුරුෂයා අධ්‍යාත්මිකවූ පුරෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලඞ්කාරය යන මේ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මේ පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළෙයි. එහි අභිරමණය නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. සංයෝග හේතුවෙන් ඕහට සැපතක්, සොම්නසක් උපදිද, එයද බලාපොරෝත්තු නොවෙයි. ’’පුරුෂභාවයෙහි නොඇළනාවූ සත්ත්වයෝ ස්ත්‍රීන් කෙරෙහි වෙන්වූවෝ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි විසංයෝගය වෙයි. මහණෙනි, මෙය සංයෝගය වියෝග දහම් කොටස වෙයි.

[QUOTE="sherlock, post: 22408866, member: 106046"] [SIZE="5"]7. සත්ත මෛථුන සූත්‍රය ’ඉක්බිති ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව නිමවා උන්වහන්සේට මෙසේ සැළ කළේය. ’’පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බඹසර හැසිරෙන්නා මනාව දන්නේද?’’ කියාය. ’’බ්‍රාහ්මණය, යමෙකුට වනාහි නොකැඩුනාවූ, සිදුරුනොවූ, සබල (කබර) නොවූ, අකම්මාසවූ (මිශ්‍ර වර්ණ නොවූ), පරිපූර්ණවු, පිරිසිදුවූ, ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව හැසිරේයයි මනාකොට කියන්නේද, මෙය මටම මනාකොට කියන්නේය. බ්‍රාහ්මණය, මම අඛණ්ඩවූ, සිදුරුනොවූ, පුල්ලි නොවැටුන, කිළුටු නොවූ, පරිපූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව හැසිරෙන්නෙමි.’’ ’’භවත් ගෞතමයන් වහන්ස, බඹසර කැඩීමය, සිදුරුවිමය, පුල්ලි වැටීමය, කිළුටුවිමය, කිමෙක්ද?’’ ’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, ඉවසයිද, එය බලාපොරොත්තු වේද, එයින් සතුටට පත්වේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද, ක්‍රීඩා කෙරේද, කෙළිකවටකම් කෙරේද, සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, එසේ නමුදු ස්ත්‍රියගේ ඇසින් ඇස බලාද, දකීද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, එසේ නමුදු පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද, එසේ නමුදු එක්තරා දේව නිකායක් ප්රාර්ථනාකොට බඹසර හැසිරේද, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපස් චරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමියි කියාය. හෙතෙම එය ආශ්වාදය කරයි. එය ආශා කරයි. එයින් ප්රීතිවෙයි. බ්‍රාහ්මණය, මෙයද බඹසර කැඩීමය, සිදුරුවීමය, පුල්ලි වැටීමය, කිළුටු වීමයයි කියනු ලැබේ. ’’බ්‍රාහ්මණය, මෙය මෛථුන සංයෝගයෙන් යුක්තවූ අපිරිසිදු බඹසර යයි කියයි. ඉපදීමෙන් නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකක්ඛයන්ගෙන් නොමිදේයයි කියමි. ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මේ සප්ත මෛථුනයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි මනාකොට දැක්කෙම්ද, බ්‍රාහ්මණය, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි නොම ප්‍රතිඥා කළෙමි. ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මම මේ සප්ත මෛථුන සංයෝගයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි නොදැක්කෙම්ද, බ්‍රාහ්මණය, එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්ශන ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙළවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත.’’ මෙසේ දේශනා කළ කල්හි ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකලේය. ’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’ 8. සංයෝග වියෝග සූත්‍රය ’’මහණෙනි, තොපට සංයෝග වියෝග (එක්වීම හා වෙන්විම) දහම් කොටස දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’එසේය ස්වාමීනි’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ’’ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි. ’’මහණෙනි, පුරුෂතෙම අධ්‍යාත්මික පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය, යන මෙහි හෙතෙම ඇලෙයි. රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, එහි රමණය කරන්නේ, පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය එහි ඇලෙයි. එහි රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, රමණය කරන්නේ, පිටත සංයෝගය (එක්විම) බලාපොරොත්තු වෙයි. ඔහුට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, පුරුෂ භාවයෙහි ඇළුනාවූ සත්ත්වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට (එක්විමට) ගියේ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂතෙම පුරුෂ භාවය නොඉක්මවයි. මහණෙනි, මෙසේ සංයෝගය වෙයි. ’’මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි. ’’මහණෙනි, පුරුෂයා අධ්‍යාත්මිකවූ පුරෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලඞ්කාරය යන මේ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මේ පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළෙයි. එහි අභිරමණය නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. සංයෝග හේතුවෙන් ඕහට සැපතක්, සොම්නසක් උපදිද, එයද බලාපොරෝත්තු නොවෙයි. ’’පුරුෂභාවයෙහි නොඇළනාවූ සත්ත්වයෝ ස්ත්‍රීන් කෙරෙහි වෙන්වූවෝ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි විසංයෝගය වෙයි. මහණෙනි, මෙය සංයෝගය වියෝග දහම් කොටස වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom