Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමය, ලිංගික ආශාව සහ කාම අපරාධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමය, ලිංගික ආශාව සහ කාම අපරාධ

වසර දෙදහස් පන්සියයක් තිස්සේ ලාංකීය භික්ෂුවගේ ධර්ම දූත සේවාව ද ඒ ඔස්සේ ගොඩනැඟුණු ගද්‍ය පද්‍ය සාහිත්‍යය, බිතුසිතුවම් ඈ කලාකෘති සියල්ල තුළින් ද සිදුකළ ධර්ම සංනිවේදනය මේ රටෙහි සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට ප්‍රමාණවත් විය. එහෙත් වර්තමානයෙහි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් ජීවිතවලට කරන බලපෑම විශාල ය. සත්වයා තුළ නිලීනව ඇති කාම රාගය උද්දීපනය කිරීමට පෙළඹවන මේ මාධ්‍ය හරඹය වත්මන් කාම අපරාධ වර්ධනයට ප්‍රධාන හේතුවකි. බාහිර හා අභ්‍යන්තර වශයෙන් පවතින හේතුන් බැවින් මේ සියලු බාහිර අපරාධවලට මූල සාධකය වේ.

අප ජීවත්වන මේ ලෝකය කාම ලෝකයකි. මිනිසා ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් අන් සෑම සත්වයෙකුටම වඩා දියුණු ඉන්ද්රිය පද්ධතියකින් සමන්විතය. එකී ඉන්ද්‍රියයන්ට අරමුණු වන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ හා ධර්ම නම් වූ සය වැදෑරුම් වූ අරමුණු ද වේ. මිනිසාගේ සිත තුළ සුඛ දුක්ඛ වේදනා ආදී මානසික ධර්මයන් උපදින්නේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ සය වැදෑරුම් අරමුණු එක්වීමෙන් ය. පුහුදුන් සියල්ලේ ම ඉන්ද්රිය මගින් ලබා ගන්නා වූ කාම වස්තූන් පිළිබඳ සුඛ වේදනාවන්ට ඇලෙති. එය පොදු මිනිස් ස්වභාවය ලෙස හැඳින්විය හැකි ය.

වස්තු කාම හා ක්ලේෂ කාමය යනුවෙන් කාමය දෙවැදෑරුම් ය. ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, ආහාරපාන, ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම්, ජීවී අජීවී, චංචල, නිශ්චල සියල්ල කෙරෙහි ඇලීම වස්තු කාමය යි. ක්ලේශ කාමය යනු ඉහත කී ඉන්ද්රියයන් හා බාහිර වස්තුන් නිසා මිනිස් මනසේ හටගන්නා වූ අල්ම, මනාපය, රාගය, අවේග, විදීම් ආදී සියල්ල යි. මේ අනුව කාම වස්තූන් නිසා මිනිස් මනසෙහි හටගන්නා වූ මනෝ භාවයන්ට ඇති ආශාවන් කාමය නම් වේ.

කාම ආශාවේ අඩු වැඩිවීම් කෙරෙහි බලපන්නා වූ පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතූන් රැසක් වේ. කාමය සියලු සත්වයන් කෙරෙහි පවත්නා වූ පොදු ලක්ෂණයකි. කාමය හෙවත් තෘෂ්ණාව නිසා සත්වයාගේ පැවැත්ම සිදු වේ. බුදු දහමට අනුව මෙලොව පැවැත්ම පමණක් නොව පරලොව පැවැත්මද තීරණය කරන්නේ කාමය හෙවත් තෘෂ්ණාවයි. සත්ත්වයා සසර යළි යළිත් ඉපදීමට හේතුව වන කාමය ප්‍රහීණ කිරීමෙන් සංසාර ගමන නතර කොට විමුක්තියට පත්විය හැකි බව බුදු දහම උගන්ව යි.

කාම අපරාධ තුරන් කිරීමෙහි ලා පාසල් විෂය ධාරාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ යැයි ඇතැමෙක් විශ්වාස කරති. ලිංගික අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට එක් කළ පමණින් කාමය පාලනය කළ නොහැකිය. අපේ අධ්‍යාපන ක්‍රමය අසම්පූර්ණ වූ අධ්‍යාපන මූලධර්මයන්ගෙන් යුතු වුවකි. බෞද්ධ අධ්‍යාපනය මූලධර්මයන්ගෙන් පෝෂණය වුවහොත් අපේ අධ්‍යාපන ක්‍රමය ද සම්පූර්ණ එකක් වනු ඇත. බෞද්ධ අධ්‍යාපන මූලධර්මයන්හි වූ පරිපූර්ණ අධ්‍යාපන ලක්ෂණ මංගල සූත්‍රයේ එකම ගාථා පාඨයකින් වුව ද ගෙනහැර දැක්විය හැක.

බහුශ්‍රැත බව, ශිල්පීය දැනුම, විනය හා ඉන්ද්රිය සංවරය, මේ කරුණු හතරෙන් ම සමන්විත අධ්‍යාපනය පරිපූර්ණ එකක් වේ. විද්‍යාත්මක අධ්‍යාපනයේ දී බහුශ්‍රැත බව සහ ප්රායෝගි පුහුණුව හෙවත් ශිල්පීය ඥානය පමණක් ලබා දෙයි. එහෙත් එහි විනය හා ඉන්ද්රිය සංවරය ගැන අවධානයක් නැත. එබැවින් විද්‍යාත්මක විෂයයන් බහුශ්‍රැත බව හෙවත් පොත පතේ දැනුමට පමණක් සිමා වේ. වෛද්‍යවරයෙකු ඇඟලුම් සේවිකාවක් ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවක ඇය දූෂණය කොට මරා උඩුමහලින් බිමට දමන්නේ ඉහත දැක් වූ බහුශ්‍රැත බව හා වෘත්තීය දැනුමෙන් පමණක් අධ්‍යාපනය සමන්විත නිසා ය. විනය හා ඉන්ද්රිය සංවරය එම වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයටත් එක්කර තිබුණි නම්, මෙවැනි විපතක් සිදු නොවනු ඇත.

ලිංගික ආශාව ඇතුළු පංචකාමයේ යථා ස්වභාවය අවබෝධ කර නොගැනීමෙන් කාම අපරාධ බහුල වෙයි. බුදු දහමට අනුව කාමයේ යථා ස්වභාවය අවබෝධ කරගත යුත්තේ ආශ්වාදය, ආදීනව හා නිස්සරණය යන ක්‍රම පටිපාටිය අනුගමනය කිරීමෙනි. ආස්වාදය නිසා සත්ත්වයෝ කම් සැපෙහි ඇලෙති. කාමය ආස්වාදයක් නැත්නම් කිසි ම සත්වයෙක් එහි නො ඇලෙයි. ඒ ආස්වාදය, ආස්වාදය වශයෙන් දත යුතු ය. කාමාස්වාදය නො දැනෙන, ඉන්ද්‍රියන්ගේ විකලත්වයට පත් වූ කෙනෙකුට නිවන ලැබිය නොහැකිය. ඒ නිසා කාම ආස්වාද දැනීම කාමයේ යථා ස්වරූපය වටහා ගැනීමේ පළමු පියවර යි. කාමාස්වාදය විඳීම ගිහි ජනයාට තහනම් වූවක් නොවේ.

දෙවනුව දැක්වූයේ කාමයන්ගේ අදීනවය යි. කාමයේ මුළාවට පත් නොවී කාමයෙහි පවත්නා ආදීනව දත යුතුය. බොහෝ කාම අපරාධ සිදු වන්නේ කාමයේ ඇති ආදීනව නො දන්නා නිසාය. මාධ්‍ය තුළින් කෙරෙන්නේ කාමයේ ආදීනව නො දක්වා කාම ආස්වාද පමණක් පෙන්වීම යි. ඒ තුළින් මිනිසා තව තවත් කාමාපරාධයන්ට පෙළඹෙයි. කාමයේ ආදීනව, ඇත්ත ඇති සැටියෙන් පෙන්විය හැකි නම් කාම අපරාධවලට මිනිස් සිත් නො පෙළඹේ. මන්ද, කාමය අල්ප ආශ්වදයෙන් යුක්තය. එහෙයින් දුක් සහගත යැයි දන්නා බැවිනි.

තුන්වෙනුව දක්වන ලද්දේ නිස්සරණය යි. ඉහත දැක්වූ කාම ආස්වාද හා කාම ආදීනව දුටු කෙනෙකුට කාමයේ වහලෙකු වීමෙන් මිදිය හැකිය. කාමයේ වහල් බවට පත් නො වී කාමයේ සරණ නොගොස්, කාමය පාලනය කිරීමට එමගින් පුද්ගලයාට හැකියාවක් ලැබෙයි. ලිංගික ආශාවන් නිසා එබඳු අයෙකුගෙන් කාම අපරාධයක් කිසිදාක සිදු නො වනු ඇත.

විරුද්ධ ලිංගිකයන් පිළිබඳ සහජ ව පවත්නා ආකර්ෂණය සිග්මන් ෆොයිඞ් ගේ මතයන්ට අනුව බහුල ලෙස සාකච්ඡාවේ. මව හා පුතු අතර ඇති විශේෂ සැබැඳියාවත් “ඊඩිපස් සංකීර්ණය” නම් වූ මනෝභාවයක් බව ෆොයිඞ් ඉදිරිපත් කළ මතය නව්‍ය වූ ඉගැන්වීමක් නො වේ. අංගුත්තර නිකායේ දූතිය පණ්ණාසකයේ “මාතා පුත්ත” සූත්‍රයෙහි හා අංගුත්තර නිකායේ එකක නිපාතයේ පළමු සූත්‍රයේ ද මේ පිළිබඳව මනා විග්රහ කොට ඇත.

මහණෙනි, මේ ලෝකයෙහි පුරුෂයෙකුගේ සිත අලවන ස්ත්‍රී රූපයක් තරම් වෙනත් තවත් නැත්තේය. එපමණක් නොව ස්ත්‍රී ශබ්දය තරම් ශබ්දයක්ද ස්ත්‍රි සුවඳ තරම් වෙනත් සුවඳක් ද, ස්ත්‍රී රසය තරම් වෙනත් රසයක් ද ස්ත්‍රියගේ ස්පර්ශය තරම් ස්පර්ශයක් ද පුරුෂයකුට තවත් නැත්තේ ය. එසේ ම ස්ත්‍රියකට ද පුරුෂයකුගේ රූපය තරම්, ශබ්දය, රසය, සුවඳ, ස්පර්ශය තරම් සිත අලවන තවත් දෙයක් නැත්තෙම ය.

කාමාස්වාදය පාලනය කරගැනීම සඳහා ඉතා වැදගත් උපදේශයන් සංයුක්ත නිකායේ පංචාරාජ සූත්‍රයෙහි දක්වා තිබේ. දිනක් කොසොල් රජතුමා සහ තවත් රජවරු පස්දෙනෙකු අතර සාකච්ඡාවක් විය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තූන් අතරෙන් අග්‍ර වන්නේ කුමක් ද යනු ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව විය. රජවරු සයදෙනාගේ මතය සය ආකාරයක් විය. කෙනෙක් රූපයත්, තවත් කෙනෙක් ස්පර්ශයත් බලවත්ම කාමය බවට අදහස් දැක්වූ අතර, මේ පිළිබඳ නිවැරදි මතය කුමක් දැයි බුදුරදුන් හමු වී විමසූහ. භාග්‍යවතුන් වහන්සේ මෙහිලා දැක්වූ මතය විශේෂ වේ. උන්වහන්සේ දැක්වූයේ මේ හැම විටකදී ම මනාපය ම අග්‍ර වන බවයි.

මෙයින් පැහැදිලි වන්නේ කාම වස්තූන් පිළිබඳ සැමට ම එක සමාන වූ පොදු ලක්ෂණයක් නැති බව යි. ලිංගික ආශාව කෙනෙකුට ප්‍රබල විය හැකි. තවත් කෙනෙකුට මත්පැන් ආශාව බලවත් විය හැක. තව කෙනෙකුට මේ හැම දෙයකටම වඩා සංගීතය පිළිබඳ ආශාව බලවත් විය හැක. සමහරවිට කෙනෙකුට ස්ත්‍රීයකගේ රූපය දෙස බලා සිටීමටත් තවත් කෙනෙකුට ඇගේ හඬ ඇසීමත්, ඇගේ ගඳ සුවඳ ආඝ්‍රහණය කිරීමත් ප්‍රධාන වනු ඇත. මෙසේ මනාපය ම ප්‍රධාන වන බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි. ලිංගික ආශාවේ විවිධාකාර ස්වභාවයන් අනුව ඒ ඒ අයගේ ආශාවන් ද විවිධ ය. කෙලෙස් සතුරන් පරාජය කළ බුදුරදුන්ගේ සිත දිනා ගැනීමට මාර දූවරුන් තිදෙනා බුදුරදුන් ඉදිරියේ උස, මහත, කෘෂ, ලාබාල, තරුණ, මැදිවියේ, ආදී විවිධ ස්වරූපයන් රූ මවා දැක්වූ අයුරු සාහිත්‍යයේ විස්තර වෙයි. මෙයින් පැහැදිලි කෙරෙන්නේ ලිංගික ආශාවේ දි විවිධ මනාපයන් තිබෙන බව යි.

ලිංගික ආශාව හා, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති අනෝයාන්‍ය ආකර්ෂණය එදින උපන් දරුවාගේ පටන් එකසිය විසි වයස් ඇති මහල්ලා දක්වාත් පවතින බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්වා දෙයි. “අසාතමන්ත්‍ර ජාතකය” මෙයට නිදසුනකි. එසේම ලිංගික ආශාව අවබෝධයෙන් පාලනය කළ යුතු මනෝභාවක් වන අතර එම මර්දනය කළ යුතු දෙයක් නො වන බව “අසනඝ කුමාර” කථා වස්තුවෙන් පැහැදිලි කර දෙයි.

ලිංගික අපරාධ පිටු දැකීමේ මුවාවෙන් කෙරෙන ඇතැම් රූපවාහිනී වැඩසටහන් කරන්නේ ලිංගික අපරාධ අප සමාජය තුළ වර්ධන කිරීමක් නො වේ දැ යි පරීක්ෂාකාරීව බැලිය යුතුය. රටේ සිදු වී ඇතැයි කියන ලිංගික අපරාධයන් තලු මරමින් ප්‍රතිනිර්මාණය කරන පසුගිය කාලයේ තිබූ “ඇඟිලි සලකුණ” සහ මෑතක විකාශණය වූ “යෙහෙළි” වැඩසටහන දෙස පරීක්ෂාකාරීව බැලුවොත් තාත්තා එක්කෝ බාප්පා, නැතිනම් මාමා විසින් පුංචි දුවක් දූෂණය කරයි. සමහර විටෙක අම්මා තම අනියම් සැමියාට ඒ සඳහා උදව් කරයි. මෙබඳු දෑ ශිෂ්ට ලෝකයේ අදහාගත හැකිද? මානව සම්බන්ධතා උඩු යටිකුරු කරන දුව තාත්තා ගැන සැකකරන තත්වයට මව් පිය දූ දරු සම්බන්ධය දෙදෙරවා හරී. වඩාත් පුදුමය වන්නේ මෙබඳු අමිහිරි අප්‍රසන්න සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීමට වැඩිහිටියන් ඉදිරිපත් වීම යි. එසේම තමන්ගේ දරුවා ළමා නිළියක් ලෙස මෙබඳු පිළිකුල් සහගත සිදුවීමකට සහභාගී කරවීමට අවසර දෙන දෙමාපියන් මේ සමාජයේ සිටීම යි. ඊටත් වඩා පුදුමය මෙබඳු වැඩසටයන් නිර්මාණය කරන බලධාරීන්ට සදාචාරයන් අවවාද අනුශාසනා දෙන උපදේශකයන්ට මේවා නොපෙනීම යි. සියා කෙනෙකුගෙන් තාත්තාගෙන් දූෂණයට පාත්‍ර වන දැරියකගේ චරිතය නිරූපණයට ඉදිරිපත්වන දරුවන් ගැන ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවලට මානව අයිතිවාසිකම් සංවිධානවලට මේ දේවල් නො පෙනෙන්නේ ලිංගික ආශාව පිළිබඳ මනාපය ඔවුන්ගේ සිත් වෙලා සිටින නිසා විය හැකිය.

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි

[QUOTE="criss_angel, post: 21706432, member: 495009"] [b]කාමය, ලිංගික ආශාව සහ කාම අපරාධ[/b] [IMG]http://karma.lk/wp-content/uploads/2016/10/KARMA-SAMPLE23.png[/IMG] [SIZE="5"]වසර දෙදහස් පන්සියයක් තිස්සේ ලාංකීය භික්ෂුවගේ ධර්ම දූත සේවාව ද ඒ ඔස්සේ ගොඩනැඟුණු ගද්‍ය පද්‍ය සාහිත්‍යය, බිතුසිතුවම් ඈ කලාකෘති සියල්ල තුළින් ද සිදුකළ ධර්ම සංනිවේදනය මේ රටෙහි සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට ප්‍රමාණවත් විය. එහෙත් වර්තමානයෙහි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් ජීවිතවලට කරන බලපෑම විශාල ය. සත්වයා තුළ නිලීනව ඇති කාම රාගය උද්දීපනය කිරීමට පෙළඹවන මේ මාධ්‍ය හරඹය වත්මන් කාම අපරාධ වර්ධනයට ප්‍රධාන හේතුවකි. බාහිර හා අභ්‍යන්තර වශයෙන් පවතින හේතුන් බැවින් මේ සියලු බාහිර අපරාධවලට මූල සාධකය වේ. අප ජීවත්වන මේ ලෝකය කාම ලෝකයකි. මිනිසා ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් අන් සෑම සත්වයෙකුටම වඩා දියුණු ඉන්ද්රිය පද්ධතියකින් සමන්විතය. එකී ඉන්ද්‍රියයන්ට අරමුණු වන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ හා ධර්ම නම් වූ සය වැදෑරුම් වූ අරමුණු ද වේ. මිනිසාගේ සිත තුළ සුඛ දුක්ඛ වේදනා ආදී මානසික ධර්මයන් උපදින්නේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ සය වැදෑරුම් අරමුණු එක්වීමෙන් ය. පුහුදුන් සියල්ලේ ම ඉන්ද්රිය මගින් ලබා ගන්නා වූ කාම වස්තූන් පිළිබඳ සුඛ වේදනාවන්ට ඇලෙති. එය පොදු මිනිස් ස්වභාවය ලෙස හැඳින්විය හැකි ය. වස්තු කාම හා ක්ලේෂ කාමය යනුවෙන් කාමය දෙවැදෑරුම් ය. ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, ආහාරපාන, ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම්, ජීවී අජීවී, චංචල, නිශ්චල සියල්ල කෙරෙහි ඇලීම වස්තු කාමය යි. ක්ලේශ කාමය යනු ඉහත කී ඉන්ද්රියයන් හා බාහිර වස්තුන් නිසා මිනිස් මනසේ හටගන්නා වූ අල්ම, මනාපය, රාගය, අවේග, විදීම් ආදී සියල්ල යි. මේ අනුව කාම වස්තූන් නිසා මිනිස් මනසෙහි හටගන්නා වූ මනෝ භාවයන්ට ඇති ආශාවන් කාමය නම් වේ. කාම ආශාවේ අඩු වැඩිවීම් කෙරෙහි බලපන්නා වූ පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතූන් රැසක් වේ. කාමය සියලු සත්වයන් කෙරෙහි පවත්නා වූ පොදු ලක්ෂණයකි. කාමය හෙවත් තෘෂ්ණාව නිසා සත්වයාගේ පැවැත්ම සිදු වේ. බුදු දහමට අනුව මෙලොව පැවැත්ම පමණක් නොව පරලොව පැවැත්මද තීරණය කරන්නේ කාමය හෙවත් තෘෂ්ණාවයි. සත්ත්වයා සසර යළි යළිත් ඉපදීමට හේතුව වන කාමය ප්‍රහීණ කිරීමෙන් සංසාර ගමන නතර කොට විමුක්තියට පත්විය හැකි බව බුදු දහම උගන්ව යි. කාම අපරාධ තුරන් කිරීමෙහි ලා පාසල් විෂය ධාරාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ යැයි ඇතැමෙක් විශ්වාස කරති. ලිංගික අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට එක් කළ පමණින් කාමය පාලනය කළ නොහැකිය. අපේ අධ්‍යාපන ක්‍රමය අසම්පූර්ණ වූ අධ්‍යාපන මූලධර්මයන්ගෙන් යුතු වුවකි. බෞද්ධ අධ්‍යාපනය මූලධර්මයන්ගෙන් පෝෂණය වුවහොත් අපේ අධ්‍යාපන ක්‍රමය ද සම්පූර්ණ එකක් වනු ඇත. බෞද්ධ අධ්‍යාපන මූලධර්මයන්හි වූ පරිපූර්ණ අධ්‍යාපන ලක්ෂණ මංගල සූත්‍රයේ එකම ගාථා පාඨයකින් වුව ද ගෙනහැර දැක්විය හැක. බහුශ්‍රැත බව, ශිල්පීය දැනුම, විනය හා ඉන්ද්රිය සංවරය, මේ කරුණු හතරෙන් ම සමන්විත අධ්‍යාපනය පරිපූර්ණ එකක් වේ. විද්‍යාත්මක අධ්‍යාපනයේ දී බහුශ්‍රැත බව සහ ප්රායෝගි පුහුණුව හෙවත් ශිල්පීය ඥානය පමණක් ලබා දෙයි. එහෙත් එහි විනය හා ඉන්ද්රිය සංවරය ගැන අවධානයක් නැත. එබැවින් විද්‍යාත්මක විෂයයන් බහුශ්‍රැත බව හෙවත් පොත පතේ දැනුමට පමණක් සිමා වේ. වෛද්‍යවරයෙකු ඇඟලුම් සේවිකාවක් ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවක ඇය දූෂණය කොට මරා උඩුමහලින් බිමට දමන්නේ ඉහත දැක් වූ බහුශ්‍රැත බව හා වෘත්තීය දැනුමෙන් පමණක් අධ්‍යාපනය සමන්විත නිසා ය. විනය හා ඉන්ද්රිය සංවරය එම වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයටත් එක්කර තිබුණි නම්, මෙවැනි විපතක් සිදු නොවනු ඇත. ලිංගික ආශාව ඇතුළු පංචකාමයේ යථා ස්වභාවය අවබෝධ කර නොගැනීමෙන් කාම අපරාධ බහුල වෙයි. බුදු දහමට අනුව කාමයේ යථා ස්වභාවය අවබෝධ කරගත යුත්තේ ආශ්වාදය, ආදීනව හා නිස්සරණය යන ක්‍රම පටිපාටිය අනුගමනය කිරීමෙනි. ආස්වාදය නිසා සත්ත්වයෝ කම් සැපෙහි ඇලෙති. කාමය ආස්වාදයක් නැත්නම් කිසි ම සත්වයෙක් එහි නො ඇලෙයි. ඒ ආස්වාදය, ආස්වාදය වශයෙන් දත යුතු ය. කාමාස්වාදය නො දැනෙන, ඉන්ද්‍රියන්ගේ විකලත්වයට පත් වූ කෙනෙකුට නිවන ලැබිය නොහැකිය. ඒ නිසා කාම ආස්වාද දැනීම කාමයේ යථා ස්වරූපය වටහා ගැනීමේ පළමු පියවර යි. කාමාස්වාදය විඳීම ගිහි ජනයාට තහනම් වූවක් නොවේ. දෙවනුව දැක්වූයේ කාමයන්ගේ අදීනවය යි. කාමයේ මුළාවට පත් නොවී කාමයෙහි පවත්නා ආදීනව දත යුතුය. බොහෝ කාම අපරාධ සිදු වන්නේ කාමයේ ඇති ආදීනව නො දන්නා නිසාය. මාධ්‍ය තුළින් කෙරෙන්නේ කාමයේ ආදීනව නො දක්වා කාම ආස්වාද පමණක් පෙන්වීම යි. ඒ තුළින් මිනිසා තව තවත් කාමාපරාධයන්ට පෙළඹෙයි. කාමයේ ආදීනව, ඇත්ත ඇති සැටියෙන් පෙන්විය හැකි නම් කාම අපරාධවලට මිනිස් සිත් නො පෙළඹේ. මන්ද, කාමය අල්ප ආශ්වදයෙන් යුක්තය. එහෙයින් දුක් සහගත යැයි දන්නා බැවිනි. තුන්වෙනුව දක්වන ලද්දේ නිස්සරණය යි. ඉහත දැක්වූ කාම ආස්වාද හා කාම ආදීනව දුටු කෙනෙකුට කාමයේ වහලෙකු වීමෙන් මිදිය හැකිය. කාමයේ වහල් බවට පත් නො වී කාමයේ සරණ නොගොස්, කාමය පාලනය කිරීමට එමගින් පුද්ගලයාට හැකියාවක් ලැබෙයි. ලිංගික ආශාවන් නිසා එබඳු අයෙකුගෙන් කාම අපරාධයක් කිසිදාක සිදු නො වනු ඇත. විරුද්ධ ලිංගිකයන් පිළිබඳ සහජ ව පවත්නා ආකර්ෂණය සිග්මන් ෆොයිඞ් ගේ මතයන්ට අනුව බහුල ලෙස සාකච්ඡාවේ. මව හා පුතු අතර ඇති විශේෂ සැබැඳියාවත් “ඊඩිපස් සංකීර්ණය” නම් වූ මනෝභාවයක් බව ෆොයිඞ් ඉදිරිපත් කළ මතය නව්‍ය වූ ඉගැන්වීමක් නො වේ. අංගුත්තර නිකායේ දූතිය පණ්ණාසකයේ “මාතා පුත්ත” සූත්‍රයෙහි හා අංගුත්තර නිකායේ එකක නිපාතයේ පළමු සූත්‍රයේ ද මේ පිළිබඳව මනා විග්රහ කොට ඇත. මහණෙනි, මේ ලෝකයෙහි පුරුෂයෙකුගේ සිත අලවන ස්ත්‍රී රූපයක් තරම් වෙනත් තවත් නැත්තේය. එපමණක් නොව ස්ත්‍රී ශබ්දය තරම් ශබ්දයක්ද ස්ත්‍රි සුවඳ තරම් වෙනත් සුවඳක් ද, ස්ත්‍රී රසය තරම් වෙනත් රසයක් ද ස්ත්‍රියගේ ස්පර්ශය තරම් ස්පර්ශයක් ද පුරුෂයකුට තවත් නැත්තේ ය. එසේ ම ස්ත්‍රියකට ද පුරුෂයකුගේ රූපය තරම්, ශබ්දය, රසය, සුවඳ, ස්පර්ශය තරම් සිත අලවන තවත් දෙයක් නැත්තෙම ය. කාමාස්වාදය පාලනය කරගැනීම සඳහා ඉතා වැදගත් උපදේශයන් සංයුක්ත නිකායේ පංචාරාජ සූත්‍රයෙහි දක්වා තිබේ. දිනක් කොසොල් රජතුමා සහ තවත් රජවරු පස්දෙනෙකු අතර සාකච්ඡාවක් විය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තූන් අතරෙන් අග්‍ර වන්නේ කුමක් ද යනු ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව විය. රජවරු සයදෙනාගේ මතය සය ආකාරයක් විය. කෙනෙක් රූපයත්, තවත් කෙනෙක් ස්පර්ශයත් බලවත්ම කාමය බවට අදහස් දැක්වූ අතර, මේ පිළිබඳ නිවැරදි මතය කුමක් දැයි බුදුරදුන් හමු වී විමසූහ. භාග්‍යවතුන් වහන්සේ මෙහිලා දැක්වූ මතය විශේෂ වේ. උන්වහන්සේ දැක්වූයේ මේ හැම විටකදී ම මනාපය ම අග්‍ර වන බවයි. මෙයින් පැහැදිලි වන්නේ කාම වස්තූන් පිළිබඳ සැමට ම එක සමාන වූ පොදු ලක්ෂණයක් නැති බව යි. ලිංගික ආශාව කෙනෙකුට ප්‍රබල විය හැකි. තවත් කෙනෙකුට මත්පැන් ආශාව බලවත් විය හැක. තව කෙනෙකුට මේ හැම දෙයකටම වඩා සංගීතය පිළිබඳ ආශාව බලවත් විය හැක. සමහරවිට කෙනෙකුට ස්ත්‍රීයකගේ රූපය දෙස බලා සිටීමටත් තවත් කෙනෙකුට ඇගේ හඬ ඇසීමත්, ඇගේ ගඳ සුවඳ ආඝ්‍රහණය කිරීමත් ප්‍රධාන වනු ඇත. මෙසේ මනාපය ම ප්‍රධාන වන බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි. ලිංගික ආශාවේ විවිධාකාර ස්වභාවයන් අනුව ඒ ඒ අයගේ ආශාවන් ද විවිධ ය. කෙලෙස් සතුරන් පරාජය කළ බුදුරදුන්ගේ සිත දිනා ගැනීමට මාර දූවරුන් තිදෙනා බුදුරදුන් ඉදිරියේ උස, මහත, කෘෂ, ලාබාල, තරුණ, මැදිවියේ, ආදී විවිධ ස්වරූපයන් රූ මවා දැක්වූ අයුරු සාහිත්‍යයේ විස්තර වෙයි. මෙයින් පැහැදිලි කෙරෙන්නේ ලිංගික ආශාවේ දි විවිධ මනාපයන් තිබෙන බව යි. ලිංගික ආශාව හා, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති අනෝයාන්‍ය ආකර්ෂණය එදින උපන් දරුවාගේ පටන් එකසිය විසි වයස් ඇති මහල්ලා දක්වාත් පවතින බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්වා දෙයි. “අසාතමන්ත්‍ර ජාතකය” මෙයට නිදසුනකි. එසේම ලිංගික ආශාව අවබෝධයෙන් පාලනය කළ යුතු මනෝභාවක් වන අතර එම මර්දනය කළ යුතු දෙයක් නො වන බව “අසනඝ කුමාර” කථා වස්තුවෙන් පැහැදිලි කර දෙයි. ලිංගික අපරාධ පිටු දැකීමේ මුවාවෙන් කෙරෙන ඇතැම් රූපවාහිනී වැඩසටහන් කරන්නේ ලිංගික අපරාධ අප සමාජය තුළ වර්ධන කිරීමක් නො වේ දැ යි පරීක්ෂාකාරීව බැලිය යුතුය. රටේ සිදු වී ඇතැයි කියන ලිංගික අපරාධයන් තලු මරමින් ප්‍රතිනිර්මාණය කරන පසුගිය කාලයේ තිබූ “ඇඟිලි සලකුණ” සහ මෑතක විකාශණය වූ “යෙහෙළි” වැඩසටහන දෙස පරීක්ෂාකාරීව බැලුවොත් තාත්තා එක්කෝ බාප්පා, නැතිනම් මාමා විසින් පුංචි දුවක් දූෂණය කරයි. සමහර විටෙක අම්මා තම අනියම් සැමියාට ඒ සඳහා උදව් කරයි. මෙබඳු දෑ ශිෂ්ට ලෝකයේ අදහාගත හැකිද? මානව සම්බන්ධතා උඩු යටිකුරු කරන දුව තාත්තා ගැන සැකකරන තත්වයට මව් පිය දූ දරු සම්බන්ධය දෙදෙරවා හරී. වඩාත් පුදුමය වන්නේ මෙබඳු අමිහිරි අප්‍රසන්න සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීමට වැඩිහිටියන් ඉදිරිපත් වීම යි. එසේම තමන්ගේ දරුවා ළමා නිළියක් ලෙස මෙබඳු පිළිකුල් සහගත සිදුවීමකට සහභාගී කරවීමට අවසර දෙන දෙමාපියන් මේ සමාජයේ සිටීම යි. ඊටත් වඩා පුදුමය මෙබඳු වැඩසටයන් නිර්මාණය කරන බලධාරීන්ට සදාචාරයන් අවවාද අනුශාසනා දෙන උපදේශකයන්ට මේවා නොපෙනීම යි. සියා කෙනෙකුගෙන් තාත්තාගෙන් දූෂණයට පාත්‍ර වන දැරියකගේ චරිතය නිරූපණයට ඉදිරිපත්වන දරුවන් ගැන ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවලට මානව අයිතිවාසිකම් සංවිධානවලට මේ දේවල් නො පෙනෙන්නේ ලිංගික ආශාව පිළිබඳ මනාපය ඔවුන්ගේ සිත් වෙලා සිටින නිසා විය හැකිය. මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom