Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න

සියල්ලේම යථාර්තය වටහාගන්න…

එයයි මගේ පැතුම…

බුදු සරණයි…!

බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස් ස්ථානයකි. “යෞවන” යන්න සංස්කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්රහ කෙරෙනුයේ “යොබ්බනස්සභාවො” ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි.

කෙසේ හෝ වේවා මනුස්ස ජීවිතයේ උසස් තත්ත්වයක් ළඟාකර ගැනීමෙහිලා සංධිස්ථානය ලෙස තරුණ කාලය නැතහොත් තරුණ අවධිය හඳුන්වාදිය හැකියි. යොවුන් ස්වභාවය දහමෙහි ප්‍රථම වයස ලෙස හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ දූක නිපාතයේ සමචිත්ත වග්ගයේ මේ පිළිබඳව සඳහන් වෙනවා.

“යුවා සුසුකාල කේසා යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා”

තරුණකම ඇති මහා කළු හිසකෙස් ඇති, සොඳුරු යොවුන් විය සමන්විත පළමුවන වයස “පටමේන වයස” ලෙසයි උන්වහන්සේ පෙන්වා වදාළේ.

මිනිස් ජීවිතය අවුරුදු 100 ක් කියා ගතහොත් එහි පළමු අවුරුදු 33 “පඨමේන” වයසට අයත් වෙනවා. යොවුන් වියේදී කායික ශක්තිය දරා ගැනීමේ ශක්තිය ඉහළ මට්ටමක පවතිනවා. මෙම කාලයේදී ක්‍රියාශීලී බව උද්යෝගිමත්භාවය උපරිමයෙන් දැකිය හැකියි. තරුණ කාලය කයින් මෙන්ම මනසින් ශක්තිමත් කාලයක්. මෙම කාලය තුළ තෘප්තිමත්ව ධාර්මිකව ජීවත්වීමට අවැසි පරිසරය ගොඩනගා ගැනීමෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. තරුණ කාලයේදී නිසි අයුරින් ජීවිතය සැලසුම් නොකළහොත් අනාගතයේදී දුක උරුම වන බව බුදුදහමේ මැනවින් පෙන්වා දී තිබෙනවා.

“අචරිත්වා බ්රහ්මචරියං

අලද්දා යෝබ්බනේ ධනං

ජින්නකොත්තාව ජායන්ති

න මච්චේව පල්ලලේ”

එය කෙසේද යත් තරුණ කාලයේ බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට, වයසට ගිය පසු දිය සිඳුණු මසුන්ද නැති විල්තෙරක තැවෙන මහලු කොස්වා ලිහිනියකු මෙන් එවැනි පුද්ගලයන්ට පසුතැවීමට සිදුවන බවයි මෙම ගාථාවේ තේරුම. එවැනි තත්ත්වයකට පත් නොවී තරුණ දූපුතුන් ධාර්මිකව තෘප්තිමත් ජීවිතයකට අඩිතාලම දමා ගැනීමට තරුණ කාලයේදී අදිටන් කරගත යුතුයි.

“සෙන්තිචාපා තිකීෙච්ව

පුරාණත්ති අනුත්තමං”

තරුණ කාලයේදී බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට මහලු කාලයේදී දුන්නෙන් විද බිම වැටුණු ඊතල මෙන් තමන් පෙර කී දේ සිහිකරමින් සුසුම් හෙළමින් ජීවත්වීම තරුණ ජීවිතය සැලසුම් නොකළ අයගේ ස්වභාවය බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කළහ.

ඊතලය දුන්නෙන් මුදාහල විගස හරිම වේගවත්. තරුණ ජීවිතයත් එහෙමයි. වේගවත්. ධෛර්ය සම්පන්නයි. දැඩි ජවයක් තිබෙනවා. නමුත් ඊතලය බිමවැටුණු තැන එකී ජවසම්පන්නභාවය නැහැ. තරුණ කාලයේදී උසස් ලෙස ජීවත් නොවී මහලු වූ පසු සුසුම් හෙළමින් ජීවත්වීම, තරුණ ජීවිතය නියම ආකාරයෙන් අවබෝධ කර නොගත් අයගේ ස්වභාවය බවයි බුදුදහමේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ ජරා වර්ගයේ මේ බව මනාව පැහැදිලි කර තිබෙනවා.

මේ කියන කාරණාව සමීපව, සරලව තේරුම් ගැනීම සඳහා බුදුරජාණන්වහන්සේ මීට අදාළව දේශනා කළ නිධාන කතාව කෙටියෙන් හෝ දැනගැනීම ඉතාම වැදගත්.

එදවස බරණැස්නුවර මහා ධන සිටුවරයෙක් සිටියේය. ඔහු හැඳින්වූයේ සෙට්ඨි නමිනි. එදා ධන සිටුවරුන්ට ආමන්ත්‍රණය කළේ ඒ නමිනි. මේ කියන ධන සිටුවරයාට සිටියේ එකම පුතෙක් පමණයි. ඔහු කිසිම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තේ නැහැ. ඇති තරම් මුදල් තිබූ නිසා කෙළිදෙළින් කාලය ගත කළා. කෙසේ හෝ ඔහුගේ විවාහයට සුදුසු කාලයත් පැමිණියා. නුවර සිටි සිටු කුමරියක ඔහුට සරණපාවාදීමත් සිදුකෙරුණා. ඇයත් එම සිටු පවුලට සිටි එකම දියණියයි. කාලය ගතවුණා. මෙම සිටු පවුලේ දෙපාර්ශ්වයේම දෙමාපියෝ මියගියා. ඒ නිසා රිසිසේ ඔවුන් සතු දේපළ පරිහරණය කරමින් ජීවත් වුණා. දේපළ පරිහරණය කිරීමේදී කිසිම කළමනාකාරිත්වයක් ඔවුන්ට තිබුණේ නැහැ. කිසිදු බරපතලකමක් ඔවුන්ට දැනුණේ නැහැ. තරුණ කාලයේදී නටමින්, ගයමින්, සුරාසොඬින් ජීවත්වුණා. කාලයක් යද්දී මේ දෙදෙනා සතුව තිබූ දේපළ විනාශ වුණා. අවසානයේදී දෙදෙනාම හිඟමනට වැටුණා. දිනක් බුදුරජාණන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානයට මේ දෙදෙනා පැමිණියා. එම අවස්ථාවේදී අප ඉහත සඳහන් කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

යෞවනත්වයට හොඳ ආදර්ශ පාඨයක් බුදුරජාණන් වහන්සේ ජාතක පාලියේ මුගපක්ඛ ජාතකයේ දේශනා කර තිබෙනවා. “යුවාචරේ බ්රහ්මචරියං” වශයෙන් එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ තරුණ කාලයේදී ශ්‍රේෂ්ඨ විදිහට හැසිරිය යුතු බවයි. නැතහොත් උසස් ලෙස හැසිරිය යුතු බවයි.

බ්‍රහ්මචරියාව පිළිබඳ නොයෙකුත් අර්ථකථන තියෙනවා. බ්‍රහ්මචරියාව වෛදික යුගය දක්වා ගමන් කරන්නක්. බුදුරජාණන්වහන්සේ මේ සඳහා බෞද්ධ අර්ථකථනයක් ලබාදී තිබෙනවා. දානය, වතාවත, ශික්ෂා පද එහි සඳහන් වෙනවා. උපෝශත ශීලය ද ඊට ඇතුළත් වෙනවා. විශේෂයෙන් උන්වහන්සේ ශාසන බ්‍රහ්මචර්යාව, මග්ග බ්‍රහ්මචර්යාව යනුවෙන් කොටස් දෙකක් පෙන්වා දී තිබෙනවා.

බ්‍රහ්මචර්යා ජීවිතයක් ගතකරනවා යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ ආවාහ විවාහ වීමකින් තොරව ජීවත්වීමයි. එහෙත් බුදුදහමේ අර්ථ දැක්වෙන ආකාරයට ආවාහ විවාහ වී සැමියා බිරිඳ ඉක්මවා නොගොස් බිරිඳ සැමියා ඉක්මවා නොගොස් අෙන්‍යාන්‍ය සුහදතාවයෙන් ජීවත්වීම බ්‍රහ්මචර්යා ජීවිතයක් ලෙස සැලකෙනවා. එනිසා බුදුදහම අනුව විවාහය බ්‍රහ්මචර්යා ජීවිතයකට බාධාවක් නොවේ.

නමුත් භික්ෂු ජීවිතයේදී මේ තත්ත්වය වෙනස් ශාසන බ්‍රහ්මචර්යාව කියන්නේ ශාසනික කටයුතු කරමින් විවාහ නොවී ජීවිතය පවත්වාගෙන යැමයි.

පොදුවේ ගත්කල ශ්‍රේෂ්ඨ විදිහට හැසිරීම ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීම බ්‍රහ්මචර්යා ජීවිතයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඕනෑම පුද්ගලයකුට, මිනිසකුට “අත්තාධිපතෙය” හෙවත් තමන් අධිපතීත්වයේ තබාගෙන ධර්මය ආරක්ෂා කිරීම ඉතා හොඳ දර්ශනයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ වගේම “ලෝකාධිපතෙය” යනුවෙන් දර්ශනයක් තිබෙනවා. ඉන් කියවෙන්නේ ලෝකයේ යම් සම්මතයක් තියෙනවා යම් දෙයක් හොඳයි කියා. නැතහොත් වැරදියි කියා. නැතිනම් ඒ අනුව ක්‍රියාත්මක වන විනයක්, නීතියක් තියෙනවා. එනිසා නීතිගරුකව ජීවත් වෙනවා. එක්කෝ තමන් අධිපතීත්වයේ තබාගෙන නැතහොත් ලෝක සම්මතය නීතිය අනුව ඊට ගරු කරමින් යම් පුද්ගලයකුට යහපත්ව ජීවත්විය හැකියි. නමුත් මෙම තත්ත්වයන් දෙකටම වඩා යහපත් වන්නේ “ධම්මාධිපතෙය” හෙවත් ධර්මය මුල්කරගෙන ජීවත්වීමයි. එය නිවැරදි මාර්ගය බවයි බුදුදහමේ ඉගැන්වෙන්නේ.

ධර්මය අධිපතීත්වයේ තබාගෙන ක්‍රියා කිරීම ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු දෙයක්. මෙය තේරුම් ගැනීමට සරල උදාහරණයක් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින්න කියා. ඒ අනුව අපි සතුන් නොමරා ජීවත්වෙනවා. අනුන්ට හිංසා කිරීමෙන් වළකිනවා. එය තමයි ධර්මය. ඒ අනුව ජීවත් වෙනවා. එම ක්‍රියාකාරිත්වයට මුල්වූයේ ධර්ම්මාධිපතෙය යි.

අප කලින් සඳහන් කළ “අත්තාධිපතෙය” ගතහොත් තමන්ගේ තත්ත්වය අනුව වෘත්තීය අනුව ඊට සරිලන ආකාරයෙන් සමාජයේ යහපත්ව ජීවත්වෙනවා. මම මවක්, පියෙක්, ගුරුවරයෙක්, උසස් නිලධාරියෙක්, මන්ත්‍රී කෙනෙක්, ඇමැතිවරයෙක් එනිසා මම මගේ භූමිකාවට සුදුසු පරිදි හැසිරිය යුතුයි. ඒ වගේම සමාජයේ සම්මත නීතියක් තියෙනවා. ඒ අනුව අපි හැසිරෙන්න ඕනෑ. මෙය ගැඹුරු ධර්මයක් නොවෙයි. ලෝක සම්මතයට අනුව වැඩ කිරීම තමයි වැදගත්. අනෙක් අයටත් තමන්ගේ පරම්පරාවෙන්, අම්මාගෙන්, තාත්තාගෙන් උරුම වූ ගුණ ධර්මයන් තියෙනවා. ඒවා ආරක්ෂා කර ගත යුතුයි. මේ සියලු දේවල් ආරක්ෂා කරමින් ජීවත් වන විට අපට ශක්තිමත්ව ජීවත්විය හැකියි. මෙවැනි තත්ත්වයකදී අසතුටු ස්වභාවයක් නැහැ. එනිසා බොහොම පැහැදිලියි බුදුදහමේ නිතරම උගන්වන්නේ තෘප්තිමත්ව ජීවත්වන්නේ කෙසේද කියායි. නමුත් සමහරු මෙම ධර්මය ගැඹුරුයි සතුටින් ජීවත්විය නොහැකියි යන පුහු මතයක සිටිනවා. එය වැරදියි. “සන්තුට්ඨි පරමං ධනං යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළ අයුරින් සතුට තමයි පරම ධනය. එනිසා තරුණ දූ පුතුන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. බුදුදහමට අනුව සතුටු වෙන්න පුළුවන්. එය සදාචාරාත්මකයි. විනයගරුකයි. එය මෙලොවදී ලෞකික ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරන්නක්. එය අපිට දහමින් උසස් තත්ත්වයකට යැමට මාර්ගය වේවි.

තරුණ වයසේදී ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒනිසා යෞවනත්වය පිළිබඳව කතා කිරීමේදී ඒ හා බැදුණු ප්‍රේමය ගැන කතා කිරීමද වැදගත්.

තරුණ කාලයේදී තරුණ තරුණියන් ඔවුනොවුන් දෙස බැලීමත්, ඒ සමග ප්‍රේමය පිළිබඳව අදහස් ඇතිකර ගැනීමත් ස්වභාවික දෙයක්.

මෙය මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ටද පොදු තත්ත්වයක්. සතුන් පවා ප්‍රේම සබඳතා බිද වැටීම නිසා කලකිරී සිටි බව රසවානියේ සඳහන් වෙනවා.

ප්‍රේමය පිළිබඳව සිතුවිලි ඇති වන්නේ කාමාග්නිය නිසයි. නැතහොත් කාමය නමැති ගින්න නිසායි. ඒනිසා තරුණ තරුණියන්ට තමන්ට ඇතිවන හැගීම් ඒ අයුරින්ම ප්‍රකාශ කළ හැකිද? එය එසේ විය නොහැකියි. ප්‍රේමය සමග ඇතිවන සියලු හැගීම් ප්‍රකාශ කිරීමට ගියහොත් එතැන සිදුවන්නේ බිදවැටීමක්. ඒනිසා ඇතිවන හැගීම් පාලනය කිරීම තමයි වඩා වැදගත් වන්නේ. තමන් තෘප්තිමත් වීමේදී, සතුටු වීමේදී වෙන කිසිම ජීවිතයකට හානි නොවීමට වග බලා ගත යුතුයි. ප්‍රේම සම්බන්ධතාවය මත ගොඩනගා ගන්නා ජීවිතයෙන් කාන්තාවට , පිරිමියාට පමණක් නොව සමාජ සම්මතයන්ටද හානි සිදු නොවිය යුතුයි. නමුත් සමාජ සම්මූතීන් ආරක්ෂා කරමින් ප්‍රේම සම්බන්ධතා ගොඩ නගාගැනීම වරදක් නොවේ.

මුල් අවධියේදී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ විවාහ ජීවිතයම පදනම් කරගෙන නොවේ. ඇතිවන හැම ප්‍රේම සම්බන්ධතාවයක්ම විවාහයෙන් කෙළවර වන්නේ නැහැ. ප්‍රේමය පිළිබඳව කතා කෙරෙන දේ බොහොම සංකීර්ණයි. කෙසේ හෝ වේවා පාළුව කාන්සිය මකා ගැනීමේ මාර්ගයක් ලෙසයි ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නේ. නමුත් අද ප්රශ්නය වෙලා තියෙන්නේ මෙම ප්‍රේමය විකාශනය වන ආකාරය පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවී තිබීමයි එක්කෝ මෙම ප්‍රේමය විකාශනය වන්නේ ටෙලි නාට්‍යයක ස්වරූපයෙන්. නැතහොත් සමාජයේ තිබෙන යම් දෙයක් ස්මතුවීමෙන්

ප්‍රේමයේ මුලට ගිය විට තිබෙන්නේ ලෝභයයි. යම් තරුණයෙක් තරුණියක් කීපදෙනකු සමග සබඳකම් ඇතිකර ගැනීමත් ප්‍රේමයම තමයි. නමුත් එහි මුලට ගියහොත් තිබෙන්නේ ලොල් බව නැතහොත් ලෝභයයි. ඇලීමයි. ගැලීමයි. මෙය අනුමත කළ හැකි දෙයක් නොවෙයි. එය සදාචාරය නොවෙයි. අපට පැවතිය හැකි සීමාවක් තිබෙනවා. එක්කෙනෙක් කීපදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනුයේ ඔහුට තෘප්තිමත්වීමේ සීමාවක් නොමැති වීම නිසයි.

එනිසයි බුදු දහමේ මෙය කාමාග්නියක් ලෙස හැඳින්වූයේ. මෙවුන්දන් සේවනය කිරීම මිනිසාට මෙන්ම සත්වයාටද උරුම වෙච්ච දෙයක්.

මෙම ක්‍රියාවලියේදී තිරිසන් සතාට සීමාවක් නැහැ. තිරිසනාව තැනක් නොතැනක්, මවු පියා ඥති සබඳතා කිසිවක් ගැන තැකීමක් නැහැ. නමුත් මෙවුන්දන් සේවනය කිරීමේදී මනුෂ්‍යාට සීමාවක් තිබෙනවා. එය තමයි සමාජ සම්මුතිය. ලෝකය පවතින්නේ සමාජ සම්මුතිය මතයි. සම්මුතිය බිඳවැටුණු තැන සමාජ ආරවුල් ඇති වෙනවා. මිනිසාගේ තිරිසන් ගතිගුණ ස්මතු වෙනවා.

එනිසා තරුණ තරුණියන් තම ප්‍රේම සම්බන්ධතාවයන් ගෙන යන විට කල්පනාකාරී විය යුතුයි. මෙය පිළිබඳව පුළුල්ව පැහැදිලි කිරීමට හෝ සීමා පැනවීමට අපට බැහැ. ප්‍රේම සම්බන්ධතා අද ඊයේ ඇති වුවක් නොවේ. එය මානව සත්වයා බිහිවූ දවසේ සිට ඇති වූවක්. කෙසේ හෝ වේවා ප්‍රේම සම්බන්ධතා සමාජ සම්මුතීන් බිඳ දමමින් සීමා ඉක්මවා ගිය ස්වභාවයක් අද දකින්නට ලැබෙනවා. එය අපට පිළිගන්නට බැහැ. මීට දශක තුන හතරකට පමණ පෙර තරුණ තරුණියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගත්තත් එහි පාලනයක් තිබුණා. ප්‍රේම සම්බන්ධතා ඇති කරගත් නිසි වයසක් තිබුණා. එම ප්‍රේම සම්බන්ධතා සියල්ලම විවාහයෙන් කෙළවර වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් එදා තරුණ තරුණණියන්ට හැගීම් සම්ප්‍රේෂණය කර ගැනීමේ දී පාලනයක් තිබුණා. හික්මීමක් තිබුණා. එකිනෙකාට ගෞරව කළා.

නමුත් එම තත්ත්වය අද වෙනස් වෙලා. අද බොහෝ ප්‍රේම සම්බන්ධතා ආක්‍රමණශීලී ස්වරූපයන් අරගෙන තිබෙනවා. ඊට වෛරී සහගත ස්වභාවයක් එක්වෙලා තියෙනවා. සියලුම දේවල් ඩැහැගත යුතුයි කියන ආක්රමණකාරී ස්වරූපයන් ප්‍රේම සම්බන්ධතා සමග ඇතිවෙලා තියෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් ඒ අය දූෂණයට ලක්වීමට පුළුවන්. ඒ අයගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්.

මෙහිදී තරුණ පුතුන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඔබට මේ කියන ආක්‍රමණශීලී සිතුවිලි ඇතිවී තම පෙම්වතිය දූෂණය කළහොත්, විනාශ කළහොත් ඔබ අන්ත දූෂිත තත්ත්වයට පත්වෙනවා. ඔබේ සිත තුළ ඇති වන්නේ අධික වෛරය, ලෝභය මිස අන් කිසිවක් නොවේ.

මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ තරුණ පෙම්වතුන් තුළ ඇතිවෙන දැඩි වේගය නිසයි. එය පාලනය කරගත යුතුයි. එය පාලනය කරගත නොහැකි නම් එය ලොකු දුර්වලතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යොවුන් මදය නැතහොත් යොබ්බන මදය පාලනය කරගත යුතු බවයි. මත්පැන්වලින් මත්වනවාටත් වඩා හැගීම්වලින් මත්වීම භයානකයි. තරුණ තරුණයිනට ශ්‍රේෂ්ඨ ලෙස (යුවාචරේ බ්රහ්මචරියං) හැසිරෙන ලෙසයි උන්වහන්සේ දේශනා කළේ.

“මම තිරසනෙක් ලෙස නොහැසිරිය යුතුයි” යන කල්පනාව දැඩිව හිතට ගෙන තමන්ගේ තරුණකම උපයෝගී කරගෙන හැගීම් පාලනය කිරීම තමයි තරුණ තරුණියන්ගේ ශ්‍රේෂ්ඨත්වය විය යුත්තේ. ප්‍රේමය සෞන්දර්යාත්ම රසවින්දනයකට ගෙනයා යුතුයි.

අපි හැම විටම සමාජයෙන් තමයි අද්දැකීම් ලබා ගැනීමට වෙහෙසෙන්නේ සමාජයෙන් හොඳ දෙයක් වෙතොත් ගන්න. නමුත් සමාජය අදහන්න එපා ෘ ධර්මය අදහන්න, ධර්මය විශ්වාස කරන්න. ඒ මත ජීවිතය ගොඩනගා ගන්න.

බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා නුවණැතියා දිලිසෙන අඟුරු වළක්සේ සිතා ස්ත්‍රී කාම සම්භෝගයෙන් ඈත් වෙනව කියලා. ඉන් අදහස් කරන්නේ නැහැ. ගිහි උදවියට කාමසම්භෝගයට ඉඩක් නැහැ කියලා අඹුසැමි සබඳතාවයෙන් පමණක් තෘප්තිමත් වීම බුදු දහමේ අනුමත කළ දෙයක්. සෑම ප්‍රේම සම්බන්ධතාවයක්ම ලිංගිකත්වයෙන් අවසන් වන්නේ නැහැ. එය එසේ වෙයි කියා සිතුවොත් යම්තාක් දුරට අසාධාරණ විය හැකියි.

බුදුදහමේ දැක්වෙන ආකාරයට තෘප්තිය විවිධාකාරයෙන් විදිය හැකියි. මෙම සමාජයෙත් නොයෙකුත් විකෘති තත්ත්වයට පත්වූ කාමයන් දැකිය හැකියි. කොහොම නමුත් මේ එකම කාමය තමයි විවිධාකාරයෙන් විග්රහ කරනුයේ. එනිසා මෙම තත්ත්වය විද දරා ගැනීම අපට සාහිත්‍යාත්මක පසුබිමකින් අවසන් කරගත හැකිනම් ඉතා හොඳයි.

කෙසේ හෝ මේ කාමාග්නියෙන් සිදුවන්නේ රාගික සිතුවිලි නමැති ගින්නක් ඇතිවීමයි. ගින්නෙන් සිදුවනුයේ හානියක්. දැඩි ගින්නකදී සිදුවන විනාශය බරපතලයි. ඒනිසා එය පාලනය කර ගැනීමට අපට හැකියාවක් තිබිය යුතුයි.

ප්‍රේමය කියන මනෝභාවය විග්රහ කරනුයේ ලෝභය කියන දෙයින්. ලෝභය කියන්නේ අකුසල මූලයක්. හුදෙක් මෙයින් අදහස් වන්නේ නැහැ. විවාහය කියන්නේ අකුසලයක් කියා නමුත් අපි හැමදේකම ආදීනව නිසි ලෙස හඳුනා ගැනීමෙන් එය පාලනය කරගන්න පුළුවන්. ඒ අනුව සදාචාරත්මක ලෙස හැසිරෙනවා. චර්යාවාදීන් ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අප ප්‍රේමය ආශාව, ආදරය, ඇලීම, ලෙන්ගතුකම, ආලය අනුරාගය, ස්නේහය ලෙස හඳුන්වනු ලබන මේ සියලු දේවල මූලය ලෝභයයි. එය නිසිලෙස වටහාගෙන ක්‍රියා කිරීමෙන් යෞවනත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්කළ හැකියි. එවන් තත්ත්වයකදී පෙම්වතිය හැරගියාට, පෙම්වතා හැරගියාට වස බොන, සියදිවි හානි කරගන්නා සමාජයක් ගොඩනැගෙන්නේ නැහැ. තම පෙම්වතිය තමන් අතහැර තවත් අයකු සමග හාදවූ පමණින් ඇයට පිහියෙන් ඇන පරපණ නසන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. විලාසිතාවක් මෙන් තරුණ ගැහැණු දරුවන් ඇසුරු කරන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. කාමගින්නෙන් දැවී තම මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය දුගතියට පත්කර ගන්නා සමාජයක් බිහිවන්නේ නැහැ. ප්‍රේම කරන්න. නමුත් කාමාග්නියෙන් දැවෙන අයකු වන්න එපා.මේ සියලු බැදීම් මරණයෙන් කෙලවර කොට පවතී.. එම නිසා රාග කාම සිතුවිලි වලින් තොර වූ පින්වත් දුවෙක් පුතෙක් වීමට සිහි තබාගන්න.. තෙරුවන් සරණයි..!!!

උපුටා ගැනීම : https://www.facebook.com/gautama.daruwo.7/posts/306639863540304

[QUOTE="dragon119, post: 24209914, member: 565636"] [b]කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න[/b] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/51760229_306639840206973_4459562679144546304_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb2-1.fna&oh=49fdadab17c632d7bbb867c0b2631e31&oe=5CF1A2E2[/IMG] [SIZE="4"]සියල්ලේම යථාර්තය වටහාගන්න… එයයි මගේ පැතුම… බුදු සරණයි…! බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස් ස්ථානයකි. “යෞවන” යන්න සංස්කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්රහ කෙරෙනුයේ “යොබ්බනස්සභාවො” ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි. කෙසේ හෝ වේවා මනුස්ස ජීවිතයේ උසස් තත්ත්වයක් ළඟාකර ගැනීමෙහිලා සංධිස්ථානය ලෙස තරුණ කාලය නැතහොත් තරුණ අවධිය හඳුන්වාදිය හැකියි. යොවුන් ස්වභාවය දහමෙහි ප්‍රථම වයස ලෙස හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ දූක නිපාතයේ සමචිත්ත වග්ගයේ මේ පිළිබඳව සඳහන් වෙනවා. “යුවා සුසුකාල කේසා යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා” තරුණකම ඇති මහා කළු හිසකෙස් ඇති, සොඳුරු යොවුන් විය සමන්විත පළමුවන වයස “පටමේන වයස” ලෙසයි උන්වහන්සේ පෙන්වා වදාළේ. මිනිස් ජීවිතය අවුරුදු 100 ක් කියා ගතහොත් එහි පළමු අවුරුදු 33 “පඨමේන” වයසට අයත් වෙනවා. යොවුන් වියේදී කායික ශක්තිය දරා ගැනීමේ ශක්තිය ඉහළ මට්ටමක පවතිනවා. මෙම කාලයේදී ක්‍රියාශීලී බව උද්යෝගිමත්භාවය උපරිමයෙන් දැකිය හැකියි. තරුණ කාලය කයින් මෙන්ම මනසින් ශක්තිමත් කාලයක්. මෙම කාලය තුළ තෘප්තිමත්ව ධාර්මිකව ජීවත්වීමට අවැසි පරිසරය ගොඩනගා ගැනීමෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. තරුණ කාලයේදී නිසි අයුරින් ජීවිතය සැලසුම් නොකළහොත් අනාගතයේදී දුක උරුම වන බව බුදුදහමේ මැනවින් පෙන්වා දී තිබෙනවා. “අචරිත්වා බ්රහ්මචරියං අලද්දා යෝබ්බනේ ධනං ජින්නකොත්තාව ජායන්ති න මච්චේව පල්ලලේ” එය කෙසේද යත් තරුණ කාලයේ බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට, වයසට ගිය පසු දිය සිඳුණු මසුන්ද නැති විල්තෙරක තැවෙන මහලු කොස්වා ලිහිනියකු මෙන් එවැනි පුද්ගලයන්ට පසුතැවීමට සිදුවන බවයි මෙම ගාථාවේ තේරුම. එවැනි තත්ත්වයකට පත් නොවී තරුණ දූපුතුන් ධාර්මිකව තෘප්තිමත් ජීවිතයකට අඩිතාලම දමා ගැනීමට තරුණ කාලයේදී අදිටන් කරගත යුතුයි. “සෙන්තිචාපා තිකීෙච්ව පුරාණත්ති අනුත්තමං” තරුණ කාලයේදී බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට මහලු කාලයේදී දුන්නෙන් විද බිම වැටුණු ඊතල මෙන් තමන් පෙර කී දේ සිහිකරමින් සුසුම් හෙළමින් ජීවත්වීම තරුණ ජීවිතය සැලසුම් නොකළ අයගේ ස්වභාවය බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කළහ. ඊතලය දුන්නෙන් මුදාහල විගස හරිම වේගවත්. තරුණ ජීවිතයත් එහෙමයි. වේගවත්. ධෛර්ය සම්පන්නයි. දැඩි ජවයක් තිබෙනවා. නමුත් ඊතලය බිමවැටුණු තැන එකී ජවසම්පන්නභාවය නැහැ. තරුණ කාලයේදී උසස් ලෙස ජීවත් නොවී මහලු වූ පසු සුසුම් හෙළමින් ජීවත්වීම, තරුණ ජීවිතය නියම ආකාරයෙන් අවබෝධ කර නොගත් අයගේ ස්වභාවය බවයි බුදුදහමේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ ජරා වර්ගයේ මේ බව මනාව පැහැදිලි කර තිබෙනවා. මේ කියන කාරණාව සමීපව, සරලව තේරුම් ගැනීම සඳහා බුදුරජාණන්වහන්සේ මීට අදාළව දේශනා කළ නිධාන කතාව කෙටියෙන් හෝ දැනගැනීම ඉතාම වැදගත්. එදවස බරණැස්නුවර මහා ධන සිටුවරයෙක් සිටියේය. ඔහු හැඳින්වූයේ සෙට්ඨි නමිනි. එදා ධන සිටුවරුන්ට ආමන්ත්‍රණය කළේ ඒ නමිනි. මේ කියන ධන සිටුවරයාට සිටියේ එකම පුතෙක් පමණයි. ඔහු කිසිම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තේ නැහැ. ඇති තරම් මුදල් තිබූ නිසා කෙළිදෙළින් කාලය ගත කළා. කෙසේ හෝ ඔහුගේ විවාහයට සුදුසු කාලයත් පැමිණියා. නුවර සිටි සිටු කුමරියක ඔහුට සරණපාවාදීමත් සිදුකෙරුණා. ඇයත් එම සිටු පවුලට සිටි එකම දියණියයි. කාලය ගතවුණා. මෙම සිටු පවුලේ දෙපාර්ශ්වයේම දෙමාපියෝ මියගියා. ඒ නිසා රිසිසේ ඔවුන් සතු දේපළ පරිහරණය කරමින් ජීවත් වුණා. දේපළ පරිහරණය කිරීමේදී කිසිම කළමනාකාරිත්වයක් ඔවුන්ට තිබුණේ නැහැ. කිසිදු බරපතලකමක් ඔවුන්ට දැනුණේ නැහැ. තරුණ කාලයේදී නටමින්, ගයමින්, සුරාසොඬින් ජීවත්වුණා. කාලයක් යද්දී මේ දෙදෙනා සතුව තිබූ දේපළ විනාශ වුණා. අවසානයේදී දෙදෙනාම හිඟමනට වැටුණා. දිනක් බුදුරජාණන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානයට මේ දෙදෙනා පැමිණියා. එම අවස්ථාවේදී අප ඉහත සඳහන් කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. යෞවනත්වයට හොඳ ආදර්ශ පාඨයක් බුදුරජාණන් වහන්සේ ජාතක පාලියේ මුගපක්ඛ ජාතකයේ දේශනා කර තිබෙනවා. “යුවාචරේ බ්රහ්මචරියං” වශයෙන් එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ තරුණ කාලයේදී ශ්‍රේෂ්ඨ විදිහට හැසිරිය යුතු බවයි. නැතහොත් උසස් ලෙස හැසිරිය යුතු බවයි. බ්‍රහ්මචරියාව පිළිබඳ නොයෙකුත් අර්ථකථන තියෙනවා. බ්‍රහ්මචරියාව වෛදික යුගය දක්වා ගමන් කරන්නක්. බුදුරජාණන්වහන්සේ මේ සඳහා බෞද්ධ අර්ථකථනයක් ලබාදී තිබෙනවා. දානය, වතාවත, ශික්ෂා පද එහි සඳහන් වෙනවා. උපෝශත ශීලය ද ඊට ඇතුළත් වෙනවා. විශේෂයෙන් උන්වහන්සේ ශාසන බ්‍රහ්මචර්යාව, මග්ග බ්‍රහ්මචර්යාව යනුවෙන් කොටස් දෙකක් පෙන්වා දී තිබෙනවා. බ්‍රහ්මචර්යා ජීවිතයක් ගතකරනවා යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ ආවාහ විවාහ වීමකින් තොරව ජීවත්වීමයි. එහෙත් බුදුදහමේ අර්ථ දැක්වෙන ආකාරයට ආවාහ විවාහ වී සැමියා බිරිඳ ඉක්මවා නොගොස් බිරිඳ සැමියා ඉක්මවා නොගොස් අෙන්‍යාන්‍ය සුහදතාවයෙන් ජීවත්වීම බ්‍රහ්මචර්යා ජීවිතයක් ලෙස සැලකෙනවා. එනිසා බුදුදහම අනුව විවාහය බ්‍රහ්මචර්යා ජීවිතයකට බාධාවක් නොවේ. නමුත් භික්ෂු ජීවිතයේදී මේ තත්ත්වය වෙනස් ශාසන බ්‍රහ්මචර්යාව කියන්නේ ශාසනික කටයුතු කරමින් විවාහ නොවී ජීවිතය පවත්වාගෙන යැමයි. පොදුවේ ගත්කල ශ්‍රේෂ්ඨ විදිහට හැසිරීම ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීම බ්‍රහ්මචර්යා ජීවිතයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඕනෑම පුද්ගලයකුට, මිනිසකුට “අත්තාධිපතෙය” හෙවත් තමන් අධිපතීත්වයේ තබාගෙන ධර්මය ආරක්ෂා කිරීම ඉතා හොඳ දර්ශනයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ වගේම “ලෝකාධිපතෙය” යනුවෙන් දර්ශනයක් තිබෙනවා. ඉන් කියවෙන්නේ ලෝකයේ යම් සම්මතයක් තියෙනවා යම් දෙයක් හොඳයි කියා. නැතහොත් වැරදියි කියා. නැතිනම් ඒ අනුව ක්‍රියාත්මක වන විනයක්, නීතියක් තියෙනවා. එනිසා නීතිගරුකව ජීවත් වෙනවා. එක්කෝ තමන් අධිපතීත්වයේ තබාගෙන නැතහොත් ලෝක සම්මතය නීතිය අනුව ඊට ගරු කරමින් යම් පුද්ගලයකුට යහපත්ව ජීවත්විය හැකියි. නමුත් මෙම තත්ත්වයන් දෙකටම වඩා යහපත් වන්නේ “ධම්මාධිපතෙය” හෙවත් ධර්මය මුල්කරගෙන ජීවත්වීමයි. එය නිවැරදි මාර්ගය බවයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. ධර්මය අධිපතීත්වයේ තබාගෙන ක්‍රියා කිරීම ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු දෙයක්. මෙය තේරුම් ගැනීමට සරල උදාහරණයක් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින්න කියා. ඒ අනුව අපි සතුන් නොමරා ජීවත්වෙනවා. අනුන්ට හිංසා කිරීමෙන් වළකිනවා. එය තමයි ධර්මය. ඒ අනුව ජීවත් වෙනවා. එම ක්‍රියාකාරිත්වයට මුල්වූයේ ධර්ම්මාධිපතෙය යි. අප කලින් සඳහන් කළ “අත්තාධිපතෙය” ගතහොත් තමන්ගේ තත්ත්වය අනුව වෘත්තීය අනුව ඊට සරිලන ආකාරයෙන් සමාජයේ යහපත්ව ජීවත්වෙනවා. මම මවක්, පියෙක්, ගුරුවරයෙක්, උසස් නිලධාරියෙක්, මන්ත්‍රී කෙනෙක්, ඇමැතිවරයෙක් එනිසා මම මගේ භූමිකාවට සුදුසු පරිදි හැසිරිය යුතුයි. ඒ වගේම සමාජයේ සම්මත නීතියක් තියෙනවා. ඒ අනුව අපි හැසිරෙන්න ඕනෑ. මෙය ගැඹුරු ධර්මයක් නොවෙයි. ලෝක සම්මතයට අනුව වැඩ කිරීම තමයි වැදගත්. අනෙක් අයටත් තමන්ගේ පරම්පරාවෙන්, අම්මාගෙන්, තාත්තාගෙන් උරුම වූ ගුණ ධර්මයන් තියෙනවා. ඒවා ආරක්ෂා කර ගත යුතුයි. මේ සියලු දේවල් ආරක්ෂා කරමින් ජීවත් වන විට අපට ශක්තිමත්ව ජීවත්විය හැකියි. මෙවැනි තත්ත්වයකදී අසතුටු ස්වභාවයක් නැහැ. එනිසා බොහොම පැහැදිලියි බුදුදහමේ නිතරම උගන්වන්නේ තෘප්තිමත්ව ජීවත්වන්නේ කෙසේද කියායි. නමුත් සමහරු මෙම ධර්මය ගැඹුරුයි සතුටින් ජීවත්විය නොහැකියි යන පුහු මතයක සිටිනවා. එය වැරදියි. “සන්තුට්ඨි පරමං ධනං යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළ අයුරින් සතුට තමයි පරම ධනය. එනිසා තරුණ දූ පුතුන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. බුදුදහමට අනුව සතුටු වෙන්න පුළුවන්. එය සදාචාරාත්මකයි. විනයගරුකයි. එය මෙලොවදී ලෞකික ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරන්නක්. එය අපිට දහමින් උසස් තත්ත්වයකට යැමට මාර්ගය වේවි. තරුණ වයසේදී ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒනිසා යෞවනත්වය පිළිබඳව කතා කිරීමේදී ඒ හා බැදුණු ප්‍රේමය ගැන කතා කිරීමද වැදගත්. තරුණ කාලයේදී තරුණ තරුණියන් ඔවුනොවුන් දෙස බැලීමත්, ඒ සමග ප්‍රේමය පිළිබඳව අදහස් ඇතිකර ගැනීමත් ස්වභාවික දෙයක්. මෙය මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ටද පොදු තත්ත්වයක්. සතුන් පවා ප්‍රේම සබඳතා බිද වැටීම නිසා කලකිරී සිටි බව රසවානියේ සඳහන් වෙනවා. ප්‍රේමය පිළිබඳව සිතුවිලි ඇති වන්නේ කාමාග්නිය නිසයි. නැතහොත් කාමය නමැති ගින්න නිසායි. ඒනිසා තරුණ තරුණියන්ට තමන්ට ඇතිවන හැගීම් ඒ අයුරින්ම ප්‍රකාශ කළ හැකිද? එය එසේ විය නොහැකියි. ප්‍රේමය සමග ඇතිවන සියලු හැගීම් ප්‍රකාශ කිරීමට ගියහොත් එතැන සිදුවන්නේ බිදවැටීමක්. ඒනිසා ඇතිවන හැගීම් පාලනය කිරීම තමයි වඩා වැදගත් වන්නේ. තමන් තෘප්තිමත් වීමේදී, සතුටු වීමේදී වෙන කිසිම ජීවිතයකට හානි නොවීමට වග බලා ගත යුතුයි. ප්‍රේම සම්බන්ධතාවය මත ගොඩනගා ගන්නා ජීවිතයෙන් කාන්තාවට , පිරිමියාට පමණක් නොව සමාජ සම්මතයන්ටද හානි සිදු නොවිය යුතුයි. නමුත් සමාජ සම්මූතීන් ආරක්ෂා කරමින් ප්‍රේම සම්බන්ධතා ගොඩ නගාගැනීම වරදක් නොවේ. මුල් අවධියේදී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ විවාහ ජීවිතයම පදනම් කරගෙන නොවේ. ඇතිවන හැම ප්‍රේම සම්බන්ධතාවයක්ම විවාහයෙන් කෙළවර වන්නේ නැහැ. ප්‍රේමය පිළිබඳව කතා කෙරෙන දේ බොහොම සංකීර්ණයි. කෙසේ හෝ වේවා පාළුව කාන්සිය මකා ගැනීමේ මාර්ගයක් ලෙසයි ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නේ. නමුත් අද ප්රශ්නය වෙලා තියෙන්නේ මෙම ප්‍රේමය විකාශනය වන ආකාරය පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවී තිබීමයි එක්කෝ මෙම ප්‍රේමය විකාශනය වන්නේ ටෙලි නාට්‍යයක ස්වරූපයෙන්. නැතහොත් සමාජයේ තිබෙන යම් දෙයක් ස්මතුවීමෙන් ප්‍රේමයේ මුලට ගිය විට තිබෙන්නේ ලෝභයයි. යම් තරුණයෙක් තරුණියක් කීපදෙනකු සමග සබඳකම් ඇතිකර ගැනීමත් ප්‍රේමයම තමයි. නමුත් එහි මුලට ගියහොත් තිබෙන්නේ ලොල් බව නැතහොත් ලෝභයයි. ඇලීමයි. ගැලීමයි. මෙය අනුමත කළ හැකි දෙයක් නොවෙයි. එය සදාචාරය නොවෙයි. අපට පැවතිය හැකි සීමාවක් තිබෙනවා. එක්කෙනෙක් කීපදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනුයේ ඔහුට තෘප්තිමත්වීමේ සීමාවක් නොමැති වීම නිසයි. එනිසයි බුදු දහමේ මෙය කාමාග්නියක් ලෙස හැඳින්වූයේ. මෙවුන්දන් සේවනය කිරීම මිනිසාට මෙන්ම සත්වයාටද උරුම වෙච්ච දෙයක්. මෙම ක්‍රියාවලියේදී තිරිසන් සතාට සීමාවක් නැහැ. තිරිසනාව තැනක් නොතැනක්, මවු පියා ඥති සබඳතා කිසිවක් ගැන තැකීමක් නැහැ. නමුත් මෙවුන්දන් සේවනය කිරීමේදී මනුෂ්‍යාට සීමාවක් තිබෙනවා. එය තමයි සමාජ සම්මුතිය. ලෝකය පවතින්නේ සමාජ සම්මුතිය මතයි. සම්මුතිය බිඳවැටුණු තැන සමාජ ආරවුල් ඇති වෙනවා. මිනිසාගේ තිරිසන් ගතිගුණ ස්මතු වෙනවා. එනිසා තරුණ තරුණියන් තම ප්‍රේම සම්බන්ධතාවයන් ගෙන යන විට කල්පනාකාරී විය යුතුයි. මෙය පිළිබඳව පුළුල්ව පැහැදිලි කිරීමට හෝ සීමා පැනවීමට අපට බැහැ. ප්‍රේම සම්බන්ධතා අද ඊයේ ඇති වුවක් නොවේ. එය මානව සත්වයා බිහිවූ දවසේ සිට ඇති වූවක්. කෙසේ හෝ වේවා ප්‍රේම සම්බන්ධතා සමාජ සම්මුතීන් බිඳ දමමින් සීමා ඉක්මවා ගිය ස්වභාවයක් අද දකින්නට ලැබෙනවා. එය අපට පිළිගන්නට බැහැ. මීට දශක තුන හතරකට පමණ පෙර තරුණ තරුණියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගත්තත් එහි පාලනයක් තිබුණා. ප්‍රේම සම්බන්ධතා ඇති කරගත් නිසි වයසක් තිබුණා. එම ප්‍රේම සම්බන්ධතා සියල්ලම විවාහයෙන් කෙළවර වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් එදා තරුණ තරුණණියන්ට හැගීම් සම්ප්‍රේෂණය කර ගැනීමේ දී පාලනයක් තිබුණා. හික්මීමක් තිබුණා. එකිනෙකාට ගෞරව කළා. නමුත් එම තත්ත්වය අද වෙනස් වෙලා. අද බොහෝ ප්‍රේම සම්බන්ධතා ආක්‍රමණශීලී ස්වරූපයන් අරගෙන තිබෙනවා. ඊට වෛරී සහගත ස්වභාවයක් එක්වෙලා තියෙනවා. සියලුම දේවල් ඩැහැගත යුතුයි කියන ආක්රමණකාරී ස්වරූපයන් ප්‍රේම සම්බන්ධතා සමග ඇතිවෙලා තියෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් ඒ අය දූෂණයට ලක්වීමට පුළුවන්. ඒ අයගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්. මෙහිදී තරුණ පුතුන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඔබට මේ කියන ආක්‍රමණශීලී සිතුවිලි ඇතිවී තම පෙම්වතිය දූෂණය කළහොත්, විනාශ කළහොත් ඔබ අන්ත දූෂිත තත්ත්වයට පත්වෙනවා. ඔබේ සිත තුළ ඇති වන්නේ අධික වෛරය, ලෝභය මිස අන් කිසිවක් නොවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ තරුණ පෙම්වතුන් තුළ ඇතිවෙන දැඩි වේගය නිසයි. එය පාලනය කරගත යුතුයි. එය පාලනය කරගත නොහැකි නම් එය ලොකු දුර්වලතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යොවුන් මදය නැතහොත් යොබ්බන මදය පාලනය කරගත යුතු බවයි. මත්පැන්වලින් මත්වනවාටත් වඩා හැගීම්වලින් මත්වීම භයානකයි. තරුණ තරුණයිනට ශ්‍රේෂ්ඨ ලෙස (යුවාචරේ බ්රහ්මචරියං) හැසිරෙන ලෙසයි උන්වහන්සේ දේශනා කළේ. “මම තිරසනෙක් ලෙස නොහැසිරිය යුතුයි” යන කල්පනාව දැඩිව හිතට ගෙන තමන්ගේ තරුණකම උපයෝගී කරගෙන හැගීම් පාලනය කිරීම තමයි තරුණ තරුණියන්ගේ ශ්‍රේෂ්ඨත්වය විය යුත්තේ. ප්‍රේමය සෞන්දර්යාත්ම රසවින්දනයකට ගෙනයා යුතුයි. අපි හැම විටම සමාජයෙන් තමයි අද්දැකීම් ලබා ගැනීමට වෙහෙසෙන්නේ සමාජයෙන් හොඳ දෙයක් වෙතොත් ගන්න. නමුත් සමාජය අදහන්න එපා ෘ ධර්මය අදහන්න, ධර්මය විශ්වාස කරන්න. ඒ මත ජීවිතය ගොඩනගා ගන්න. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා නුවණැතියා දිලිසෙන අඟුරු වළක්සේ සිතා ස්ත්‍රී කාම සම්භෝගයෙන් ඈත් වෙනව කියලා. ඉන් අදහස් කරන්නේ නැහැ. ගිහි උදවියට කාමසම්භෝගයට ඉඩක් නැහැ කියලා අඹුසැමි සබඳතාවයෙන් පමණක් තෘප්තිමත් වීම බුදු දහමේ අනුමත කළ දෙයක්. සෑම ප්‍රේම සම්බන්ධතාවයක්ම ලිංගිකත්වයෙන් අවසන් වන්නේ නැහැ. එය එසේ වෙයි කියා සිතුවොත් යම්තාක් දුරට අසාධාරණ විය හැකියි. බුදුදහමේ දැක්වෙන ආකාරයට තෘප්තිය විවිධාකාරයෙන් විදිය හැකියි. මෙම සමාජයෙත් නොයෙකුත් විකෘති තත්ත්වයට පත්වූ කාමයන් දැකිය හැකියි. කොහොම නමුත් මේ එකම කාමය තමයි විවිධාකාරයෙන් විග්රහ කරනුයේ. එනිසා මෙම තත්ත්වය විද දරා ගැනීම අපට සාහිත්‍යාත්මක පසුබිමකින් අවසන් කරගත හැකිනම් ඉතා හොඳයි. කෙසේ හෝ මේ කාමාග්නියෙන් සිදුවන්නේ රාගික සිතුවිලි නමැති ගින්නක් ඇතිවීමයි. ගින්නෙන් සිදුවනුයේ හානියක්. දැඩි ගින්නකදී සිදුවන විනාශය බරපතලයි. ඒනිසා එය පාලනය කර ගැනීමට අපට හැකියාවක් තිබිය යුතුයි. ප්‍රේමය කියන මනෝභාවය විග්රහ කරනුයේ ලෝභය කියන දෙයින්. ලෝභය කියන්නේ අකුසල මූලයක්. හුදෙක් මෙයින් අදහස් වන්නේ නැහැ. විවාහය කියන්නේ අකුසලයක් කියා නමුත් අපි හැමදේකම ආදීනව නිසි ලෙස හඳුනා ගැනීමෙන් එය පාලනය කරගන්න පුළුවන්. ඒ අනුව සදාචාරත්මක ලෙස හැසිරෙනවා. චර්යාවාදීන් ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අප ප්‍රේමය ආශාව, ආදරය, ඇලීම, ලෙන්ගතුකම, ආලය අනුරාගය, ස්නේහය ලෙස හඳුන්වනු ලබන මේ සියලු දේවල මූලය ලෝභයයි. එය නිසිලෙස වටහාගෙන ක්‍රියා කිරීමෙන් යෞවනත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්කළ හැකියි. එවන් තත්ත්වයකදී පෙම්වතිය හැරගියාට, පෙම්වතා හැරගියාට වස බොන, සියදිවි හානි කරගන්නා සමාජයක් ගොඩනැගෙන්නේ නැහැ. තම පෙම්වතිය තමන් අතහැර තවත් අයකු සමග හාදවූ පමණින් ඇයට පිහියෙන් ඇන පරපණ නසන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. විලාසිතාවක් මෙන් තරුණ ගැහැණු දරුවන් ඇසුරු කරන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. කාමගින්නෙන් දැවී තම මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය දුගතියට පත්කර ගන්නා සමාජයක් බිහිවන්නේ නැහැ. ප්‍රේම කරන්න. නමුත් කාමාග්නියෙන් දැවෙන අයකු වන්න එපා.මේ සියලු බැදීම් මරණයෙන් කෙලවර කොට පවතී.. එම නිසා රාග කාම සිතුවිලි වලින් තොර වූ පින්වත් දුවෙක් පුතෙක් වීමට සිහි තබාගන්න.. තෙරුවන් සරණයි..!!![/SIZE] [SIZE="5"][B]උපුටා ගැනීම :[/B] [url]https://www.facebook.com/gautama.daruwo.7/posts/306639863540304[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom