Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
50 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාම_වෛරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාම වෛරය

අපට කුසල් හෝ අකුසල් රැස් කෙරෙන්නේ අප අතින් සිදුවන කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්මවල ප්‍රතිඵල ලෙස යි. එක් අතෙකින් පුද්ගලයින් විසින් තම ජීවිතවල හැම මොහොතක ම ගනු ලබන තීන්දු තීරණ කිසියම් ක්‍රියාවකට මුල් වෙයි. අප කරන කියන හැම දෙයක දී ම මැනැවින් සිතා බලා හැකිතාක් නිවැරදි තීරණ ගන්නේ නම් ඉන් වන යහපත අපමණ ය. දහමින් තොර ජීවිත ගත කරන්නන් අත් විඳින දුක්, පරලොවට පමණක් සීමා නො වේ. මෙලොව දී ද ඔවුන් ගෙවන්නේ අනන්ත දුක් පීඩාවලින් ගහණ වූ මිහිපිට නිරා දුකකි.

විකසිත වූ කැලෑ මල…

අපරාධයක තීන්දුව ලිපි පෙළේ තුන්වැන්න ලියන අදහසින් වැලිකඩ බන්ධනාගාරයට පිය නැගූ මට මෙවර කතා කරන්නට හමු වුණේ උගත් තරුණයෙකු වූ කපිල ය. අගනුවරින් කිලෝ මීටර 200ක් පමණ ඈත ගමක ආර්ථික අපහසුකම්වලින් පිරි පවුලක දරුවන් හය දෙනාගෙන් බාලයා ඔහු විය. ඉගෙන ගැනීමට හැකියාවත් ආශාවත් තිබුණත්, ආර්ථික අපහසුතා නිසා කැලෑවේ පිපී කැලෑවේ පර වී යන මලක් වීමට ඉඩ තිබුණු ඔහු ගේ දෛවය වෙනස් කෙරුණේ, යමක් කමක් කළ හැකි දුරස්ථ ඥාතියෙකු මේ දරුවා ගමෙන් ගෙන අවුත් උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි පාසලකට ඇතුළත් කිරීම නිසා ය. දුෂ්කරතා මධ්‍යයේ වුවත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළත් අනතුරු ව උසස් පෙළත් ඉතා ඉහළින් සමත් වීම නිසා ඔහුට එක් වර ම විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වාසනාව ලැබුණි. වසර හතරක සරසවි අධ්‍යාපනයෙන් පසු කපිල දක්ෂ තරුණ වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වශයෙන් සමාජගත විය.

ස්ථිර පදිංචිය සදහා තම ගම් ප්‍රදේශයට ගිය ඔහු තුළ වූ නිහතමානී කමත්, දක්ෂ කමත්, දැඩි උත්සාහයත් නිසා ඉතා ඉක්මණින් දියුණු තත්ත්වයකට පත්වන්නට ඔහුට හැකි විය. යාබද නගරයේ තම වෘත්තියේ කටයුතු ආරම්භ කළ ඔහුගේ වැඩවල උසස් තත්ත්වය පිළිබඳ ව ඉතා කෙටි කලකින් කීර්තිය පැතිරුණි. එන්න එන්න ම ඔහු කාර්ය බහුල වූ අතර ඔහු හමු වීමට ගම් වාසීන් පමණක් නොව පිට ප්‍රදේශවලින් පවා සේවා දායකයින් පැමිණෙන්නට පටන් ගැණුනි. බෙහෙවින් අතමිට සරු වූ ඔහුට කවුරුත් ආදරය කරන්නට පටන් ගත්හ. හුරු බුහුටි පෙනුමකින් හා ආකර්ෂණීය කතා බහකින් යුතු වූ ඔහු අද පවා කෙනෙකු ගේ සිත සැනෙකින් ඇද බැඳ ගැනීමට සමත් ය.

ඔහුට නගරයේ තම කාර්යාලයට අමතර ව ඉඩමක් මිලට ගෙන අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ගොඩ නගා ගැනීමටත්, වාහන දෙකක් මිලට ගැනීමටත් වැඩි කලක් ගත වූයේ නැත. ඔහුගේ දවසක සාමාන්‍ය ආදායම රුපියල් 50,000ක් 75,000ක් ඉක්ම වීය. මේ අයුරින් තම ජීවන වෘත්තිය හරහා ඉතා කෙටි කලකින් සෑහෙන පොහොසතකු වීමට ඔහු සමත් විය.

දෛවය වෙනස් වූ අයුරු…

ඔහුට හොඳ විවාහ යෝජනා ගලා එන්නට වුවත් තම දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා ඇසුරු කළ මිතුරන් ගේ පවා විරුද්ධත්වය මැද ඔහු තම හිත ගිය තරුණිය සරෝජා සමග විවාහ විය. කලින් විවාහ වී වැන්දඹුවක ව සිටි සරෝජාට පෙර විවාහයෙන් ද දරුවෙකු සිටියේ ය. ඔහුට වඩා අවුරුදු දෙකක් පමණ වයසින් බාල වූ ඇය ඉතා රූමත් කාන්තාවකි. ඒ තීරණය ගැනීමේ දී තමාට හරි වැරැද්ද විනිශ්වය කර ගැනීමට අපහසු වූයේ පෙර කර්මයක් නිසා යැයි ඔහු තවමත් සිතයි. විවාහයෙන් පසු ඔහුගේ නිවසේ ඉතා සුඛෝපභෝගී ජීවිතයන් ගත කළ ඇයට අබ මල් රේණුවක අඩු පාඩුවක් නොවී ය. ඔහුගේ පවුල්වල ඥාතීන් ගේ ආශිර්වාදය නො ලැබුණත් කපිලත්, රූමත් බිරියත්, කලින් විවාහයේ දියණියත් ඉතා සතුටින් කල් ගෙවූහ.

කපිල කෙමෙන් තව තවත් කාර්ය බහුල විය. සරෝජාට ඔහුගේ අවධානය අඩු වුණේ වෘත්තියේ දැඩි කාර්ය බහුලත්වය නිසා ය. මේ තත්ත්වය වටහාගත් ඔහු තම බිරියට අවශ්‍ය කටයුතු සඳහා ගමන් බිමන් යෑමට රියදුරෙකු බඳවා ගන්නට තීරණය කළේය. බිරිය ගේ දුර ඥාති කමක් ඇති, ඇයට වඩා අවුරුදු පහක් පමණ වයසින් අඩු තරුණයෙකු වූ චන්දන එම මෝටර් රථයට රියදුරු වශයෙන් පත් කෙරුණි.

හැඩකාර තරුණයෙකු වූ චන්දනට වඩ වඩාත් ළං වූ සරෝජාට කලක් යාමේ දී ඔහු නැති ව ම බැරි විය. ඔවුන් අතර ගොඩනැගුණු අනියම් සබඳතාව වැඩි කලක් යන්නට පෙර එළිදරව් වූ අතර ගෙදර අඩ දබර වැඩි වන්නට පටන් ගැණුනි. මේ අතරතුර සරෝජා ගැබ් ගෙන තිබුණු අතර දිනපතා ම නිවසේ කළකෝලාහල සහ ගුටි බැට ඇති විය. පවුලේ ආරවුල් බේරුම් කිරීමට දෙදෙනා ම ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගියහ. මේ වන විට මුලූ ගම් ප්‍රදේශය පුරා ම සිද්ධිය පතල වී තිබුණු අතර කපිල ලැජ්ජාවෙන් මිරිකෙන්නට විය. කපිල ගේ වෘත්තීමය කටයුතු ද ක්‍රමයෙන් අඩාල වන්නට පටන් ගැණුනි. චන්දන රැකියාවෙන් ඉවත් කෙරුණ ද සරෝජා නිතර මුණ ගැසීමටත් පණිවුඩ හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සාදා ගත්තේ ය. චන්දන විවෘතව ම කපිලට එරෙහි ව සටනට අවතීර්ණ වූ අතර, වරක් තම සගයන් පිරිසක් සමග එක් වී සරෝජා ගේ දැනුවත්කම ද ඇති ව මග රැක සිට කපිලට පහර දී තුවාල සිදු කළේ ය.

මේ වන විට කපිල සරෝජාට මිලට ගෙන තිබුණු රන් රිදී බඩු මෙන් ම විශාල මුදල් ප්‍රමාණයක් ද නිවසින් පිට මං වී අවසන් ය. කපිල ජීවත්ව සිටීම සරෝජාටත් චන්දනටත් බලවත් ගැටලූවක් වූ අතර ඔවුන්ට කපිල මරා දැමීමේ අවශ්‍යතාව ඉස්මතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස කපිල මෙලොවින් තුරන් කිරීමට දෙදෙනා ම දැඩි උත්සාහයක් ගත්හ. තමා මරා දැමීමේ කොන්ත්‍රාත්තුවක් යම් පිරිසකට දී තිබුණු බවට ලැබුණු තොරතුරු නිසා කපිල කල් ගෙව්වේ දැඩි සෝදිසියෙනි. දිනක් මග රැක සිටි චන්දන සහ ඔහු ගේ පිරිස කපිලට වෙඩි වරුසාවකින් සංග්‍රහ කළත් සුලු තුවාල පමණක් ලබා තම ජීවිතය ගලවා ගැනීමට ඔහු වාසනාවන්ත විය. සරෝජා සහ කපිල අතර මෙ සේ සටන් ඇවිලී තිබිය දී ඇයට දරුවා ද ලැබුණි. දරුවාට කපිල ගේ සෙනෙහසේ අඩුවක් නොවී ය. දරුවා ලැබීමෙන් පසු ව, චන්දන සමග පැවති සම්බන්ධය නවත්වා අවාසනාවන්ත අතීතය අමතක කොට, මුල් කාලයේ මෙන් සාමයෙන් ජීවත් වීමට කපිල සරෝජාට ආයාචනා කළත් ඇය වෙනස් කිරීම අසීරු විය.

අවාසනාවන්ත දිනයක්…

දිනක් රෑ පහන් වන තුරු ම කපිල ගේ නිවස යුද පිටියක් මෙන් විය. පසු දා උදෑසන සරෝජා හොඳට හැඳ පැළඳගෙන කුඩා දරු පැටියා ද රැගෙන නො දොඩා ම නිවසින් බැහැරට ගියා ය. කපිල සමග පැවති හොඳ හිත නිසා ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් සාධාරණයක් ඉටු නො වන බවට සැක සිතූ සරෝජා එදින උදෑසන ගොස් ඇත්තේ රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානයට යි. ඇය රත්නපුර දෙසට ගමන් ගත් බවට කපිල ගේ හිතවතෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. මේ වන විට ඔහු ආරක්ෂාව පතා මෝටර් රථවලින් ගමන් කිරීම සීමා කර තිබුණි. තම යතුරු පැදියට ගොඩ වුණු කපිල කිලෝ මීටර් තිස් පහක් පමණ දුර ගියේ ඇසිල්ලෙනි.

රත්නපුර පොලිසිය දෙසට යතුරු පැදිය පැද වූ කපිලට දිස් වුණේ දරුවා ද ඇකයේ රුවා ගෙන කළබලයෙන් මෙන් පොලිස් ස්ථානයෙන් පිට වී එන සරෝජා ය. තමා තවත් ලජ්ජාවට පත් කිරීමට රත්නපුරයටත් ආවාදැයි කපිල ඇයට බැණ වැදුණි. පෙරලා ඔහුට ද ලැබුණේ දැඩි වාග් ප්රහාරයකි. වට පිට විපරමින් බැලූ කපිල දුටුවේ නුදුරෙන් තී‍්‍ර රෝද රථයක වාඩි වී සිටි චන්දන යි. දරා ගත නොහැකි කෝපයෙන් දැවෙමින් යතුරු පැදියට නැග වේගයෙන් ආපසු මද දුරක් ගිය කපිලට දිස් වූයේ පාර අද්දර මන්නා පිහි බිම එලාගෙන විකුණන වෙළෙන්දෙකි. යතුරු පැදියේ සිට ම රුපියල් තුන් සීයක් දී මාලූ කපන ලොකු පිහියක් මිලට ගත් ඔහු වේගයෙන් නැවතත් සරෝජා වෙත ගියේ ය. දරුවා උදුරාගෙන පැත්තකින් තබා වියරුවෙන් මෙන් තම බිරියට පිහියෙන් පහර දුන් කපිල බිරිය මැරී බිම වැටුණු පසු කෙළින් ම පොලිසියට දිව ගොස් තමා ම පොලිස් සිර මැදිරියකට ඇතුලු වී දොර වසා ගත්තේ ය. පසු ව ඔහු පොලිස් නිලධාරින්ට සිදු වූ සියල්ල නො වළහා පැවසී ය. කපිලට එරෙහිව මිනී මැරුම් අධි චෝදනා එල්ල විය. දීර්ඝ නඩු විභාගයකින් පසු ව මහාධිකරණයේ දී මිනි මැරුම් චෝදනාවට වැරදිකරු වූ කපිලට මරණ දණ්ඩනය නියම විය.

කපිල තම කතාව සංවේදී ව කියද්දී මට සිහි වුයේ තක්ක ජාතකය යි. වනගත ව සිල් රකිමින් භාවනා කරමින් සිටි තක්ක පණ්ඩිතයන්ට අසල ගලා යන ගංගාවේ සැඩ පහරට ලක් ව ස්ත්‍රියක කෑ ගසනු ඇසිණ. වහා එහි ගිය තක්ක පණ්ඩිතයන් ඇය ගේ දිවි ගලවා ගෙන සිරුර උණුසුම් කර ගැනීමට සළස්වා ආහාර පාන දී පසු දා පහන් වූ පසු තම ගම් බිම් බලා යන ලෙස දැන්වී ය. කෙසේ හෝ රාගයෙන් පොළඹවනු ලැබූ තක්ක පණ්ඩිතයන්ට ඇය සරණ කර ගෙන ගම්මානයකට ගොස් ජීවත් වීමට සිදු විය.

කලක් ගත වූ පසු මං පහරන සොර මුලකට හසු ව, සොර දෙටුවා විසින් මෙම තැනැත්තිය පැහැර ගෙන යන ලැබිණ. සොර දෙටුවා ගේ අඹුව බවට පත් වීමෙන් බෙහෙවින් සතුටට පත් වූ ඇය තම අනියම් සැමියා වූ ඔහු ලවා තම දිවි ගලවා ආදරයෙන් රක්ෂා කළ තක්ක පණ්ඩිතයන් මැරවීමට උපායක් යෙදවී ය. කෙසේ වුවත් සොර දෙටුවාට කරුණු නිසි ලෙස අවබෝධ වීමෙන් පසු ඔහු තක්ක පණ්ඩිතයන් මුදවා හැර ස්ත්‍රිය මරණයට පත් කොට ඇත. ඒ කෙසේ වුවත් එය මෙහිලා සඳහන් කළේ පිරිමියෙකු හෝ වේවා ස්ත්‍රියක හෝ වේවා රාගයෙන් ඇවිලී ගිය සිතින් වරදෙහි යෙදෙන්නේ නම් ඉන් මුහුණ දීමට සිදු වන ආදීනව කෙතරම් නම් බියකරු ද යන්න පෙන්වා දීමට උදාහරණයක් ගෙන හැර දැක්වීමට ය.

වරද කාගේ ද..?

රූමත් කාය සම්පත්තියක් ඇති ව උපත ලැබුව ද සරෝජාට අවුරුදු තිස් ගණනක වයසේ දී මෙ ලොවින් සමු ගන්නට සිදු විය. ඉතා අමාරුවෙන් තම ජීවිතය ගොඩනගා ගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමට දැඩි අභිලාශයකින් කටයුතු කළ කපිල මරණ දණ්ඩනයට කැප වී අද වන විට වසර පහක පමණ කාලයක් සිරබත් කයි. මේ අතරතුර චන්දනට ද උරුම වූයේ අභාග්‍යවත් ඉරණමකි. මව්පිය සෙනෙහස නො ලබන දරුවන් දෙදෙනෙක් අද අසරණ ව සිටිති. සරෝජා ගේ සහ චන්දන ගේ කුමන්ත්රණයෙන් වූ වෙඩි තැබීමෙන් එදා කපිලට ජීවිතය බේරා ගන්නට නො හැකි වුණා නම් මේ සිද්ධිය අනෙක් අතට කරකැවී කපිල අද ජීවතුන් අතර නොමැති වන්නට ඉඩ තිබුණි. ඒ හේතුවෙන් චන්දනත් සරෝජාත් මරණ දණ්ඩනය අබියස සිටිනු ඇත.

මේ සිද්ධියේ වැරදි කරුවන් සහ නිර්දෝෂී පුද්ගලයන් කවුරුන්දැ’යි අටුවාවක් ලියන්නට මම අදහස් නො කරමි. එය නීතියේ බල සීමාව තුළ පවතින්නකි. බුදු දහම උගන්වන ආදර්ශය අනුව මෙය දුස්සීල ලෙස ජීවිතය ගෙවීමේ විපාක නො වේ ද? ඔවුන්ගේ සිත් තුළ ඇති වූ වෛරය තවත් කොපමණ කලක් නම් සසර පුරා පවතීවි ද? මේ භව වෛරය කොතැනින් කෙළවර වේ ද? කාලි යකින්න ගේ වත මෙන් මේ වෛරය ද කල්ප ගණන් ඉදිරියට යා හැකි නො වේ ද? තම සැමියාට ද්‍රෝහි වී සොර සැමියෙකු ලවා ඔහු ගේ දිවි තොර කොට ඉතා දුක් මහන්සියෙන් ඔහු එක් රැස් කර ගත් ධනයෙන් සොර සැමියා සමග සතුටින් කාලය ගත කිරීමට සිතීම කොතරම් අමනෝඥ ද?

පතාගෙන ආ වෛරයේ අවසානයක් ඇත් ද..?

තම බිරිය ගේ දොස් පුන පුනා කියන අතරතුර ඇය ගැන වරින් වර කම්පා වන කපිල මොහොතක් මොහොතක් පාසා මැරි මැරී උපදින බව සංවේදී ව කියයි. මහත් කනස්සලකින් යුතු ව ඔහු මා සමඟ කියා සිටියේ ‘‘මම මගේ භාර්යාව මැරුවා. ඒක යි ඇත්ත. එහෙම නො කළා නම් ඔවුන් මාව මරනවා. මේක මගේ පෙර කරුමයක්.”

අවසානයක් නැති සිත් තැවුලෙන් කාලය ගත කරන කපිල මගෙන් විමසා සිටියේ මනුෂ්‍ය ප්‍රාණ ඝාත අකුසලයෙන් මිදෙන්නට යම් හැකියාවක් ඇද්ද සැබැවින්ම, ජීවිතය නිවැරදි කර ගැනීමට ඔහු තවමත් ප්‍රමාද නැත. ජීවිතයේ යම් කලක් වැරදි කල ද පසුව එහි ආදීනව දැක නිවැරදි විය හැකි නම්, ඔහු වළා පෙළින් මිදී බබළන සඳක් සේ දිළෙන්නේ ය. මගේ ධර්ම අවවාදය වූයේ බන්ධනාගාර පුස්තකාලයේ ඇති චතුරාර්ය සත්‍යාවබෝධයට ධර්ම දේශනා ඇතුළත් දහම් පොත් පරිශීලනය කොට ධර්ම ඥානය දියුණු කර ගැනීමටත්, හැකි පමණ සිත එක්තැන් කර ගෙන භාවනාවට යොමු වීමටත් වෙහෙසෙන ලෙස ය.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන

තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්

නීතිඥ සිරිපාල විරිතමුල්ල

[QUOTE="sooppuwa, post: 19897363, member: 556336"] [SIZE="6"]කාම වෛරය[/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2013/08/kama-wairaya-620x250.jpg[/IMG] [SIZE="4"] අපට කුසල් හෝ අකුසල් රැස් කෙරෙන්නේ අප අතින් සිදුවන කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්මවල ප්‍රතිඵල ලෙස යි. එක් අතෙකින් පුද්ගලයින් විසින් තම ජීවිතවල හැම මොහොතක ම ගනු ලබන තීන්දු තීරණ කිසියම් ක්‍රියාවකට මුල් වෙයි. අප කරන කියන හැම දෙයක දී ම මැනැවින් සිතා බලා හැකිතාක් නිවැරදි තීරණ ගන්නේ නම් ඉන් වන යහපත අපමණ ය. දහමින් තොර ජීවිත ගත කරන්නන් අත් විඳින දුක්, පරලොවට පමණක් සීමා නො වේ. මෙලොව දී ද ඔවුන් ගෙවන්නේ අනන්ත දුක් පීඩාවලින් ගහණ වූ මිහිපිට නිරා දුකකි. විකසිත වූ කැලෑ මල… අපරාධයක තීන්දුව ලිපි පෙළේ තුන්වැන්න ලියන අදහසින් වැලිකඩ බන්ධනාගාරයට පිය නැගූ මට මෙවර කතා කරන්නට හමු වුණේ උගත් තරුණයෙකු වූ කපිල ය. අගනුවරින් කිලෝ මීටර 200ක් පමණ ඈත ගමක ආර්ථික අපහසුකම්වලින් පිරි පවුලක දරුවන් හය දෙනාගෙන් බාලයා ඔහු විය. ඉගෙන ගැනීමට හැකියාවත් ආශාවත් තිබුණත්, ආර්ථික අපහසුතා නිසා කැලෑවේ පිපී කැලෑවේ පර වී යන මලක් වීමට ඉඩ තිබුණු ඔහු ගේ දෛවය වෙනස් කෙරුණේ, යමක් කමක් කළ හැකි දුරස්ථ ඥාතියෙකු මේ දරුවා ගමෙන් ගෙන අවුත් උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි පාසලකට ඇතුළත් කිරීම නිසා ය. දුෂ්කරතා මධ්‍යයේ වුවත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළත් අනතුරු ව උසස් පෙළත් ඉතා ඉහළින් සමත් වීම නිසා ඔහුට එක් වර ම විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වාසනාව ලැබුණි. වසර හතරක සරසවි අධ්‍යාපනයෙන් පසු කපිල දක්ෂ තරුණ වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වශයෙන් සමාජගත විය. ස්ථිර පදිංචිය සදහා තම ගම් ප්‍රදේශයට ගිය ඔහු තුළ වූ නිහතමානී කමත්, දක්ෂ කමත්, දැඩි උත්සාහයත් නිසා ඉතා ඉක්මණින් දියුණු තත්ත්වයකට පත්වන්නට ඔහුට හැකි විය. යාබද නගරයේ තම වෘත්තියේ කටයුතු ආරම්භ කළ ඔහුගේ වැඩවල උසස් තත්ත්වය පිළිබඳ ව ඉතා කෙටි කලකින් කීර්තිය පැතිරුණි. එන්න එන්න ම ඔහු කාර්ය බහුල වූ අතර ඔහු හමු වීමට ගම් වාසීන් පමණක් නොව පිට ප්‍රදේශවලින් පවා සේවා දායකයින් පැමිණෙන්නට පටන් ගැණුනි. බෙහෙවින් අතමිට සරු වූ ඔහුට කවුරුත් ආදරය කරන්නට පටන් ගත්හ. හුරු බුහුටි පෙනුමකින් හා ආකර්ෂණීය කතා බහකින් යුතු වූ ඔහු අද පවා කෙනෙකු ගේ සිත සැනෙකින් ඇද බැඳ ගැනීමට සමත් ය. ඔහුට නගරයේ තම කාර්යාලයට අමතර ව ඉඩමක් මිලට ගෙන අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ගොඩ නගා ගැනීමටත්, වාහන දෙකක් මිලට ගැනීමටත් වැඩි කලක් ගත වූයේ නැත. ඔහුගේ දවසක සාමාන්‍ය ආදායම රුපියල් 50,000ක් 75,000ක් ඉක්ම වීය. මේ අයුරින් තම ජීවන වෘත්තිය හරහා ඉතා කෙටි කලකින් සෑහෙන පොහොසතකු වීමට ඔහු සමත් විය. දෛවය වෙනස් වූ අයුරු… ඔහුට හොඳ විවාහ යෝජනා ගලා එන්නට වුවත් තම දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා ඇසුරු කළ මිතුරන් ගේ පවා විරුද්ධත්වය මැද ඔහු තම හිත ගිය තරුණිය සරෝජා සමග විවාහ විය. කලින් විවාහ වී වැන්දඹුවක ව සිටි සරෝජාට පෙර විවාහයෙන් ද දරුවෙකු සිටියේ ය. ඔහුට වඩා අවුරුදු දෙකක් පමණ වයසින් බාල වූ ඇය ඉතා රූමත් කාන්තාවකි. ඒ තීරණය ගැනීමේ දී තමාට හරි වැරැද්ද විනිශ්වය කර ගැනීමට අපහසු වූයේ පෙර කර්මයක් නිසා යැයි ඔහු තවමත් සිතයි. විවාහයෙන් පසු ඔහුගේ නිවසේ ඉතා සුඛෝපභෝගී ජීවිතයන් ගත කළ ඇයට අබ මල් රේණුවක අඩු පාඩුවක් නොවී ය. ඔහුගේ පවුල්වල ඥාතීන් ගේ ආශිර්වාදය නො ලැබුණත් කපිලත්, රූමත් බිරියත්, කලින් විවාහයේ දියණියත් ඉතා සතුටින් කල් ගෙවූහ. කපිල කෙමෙන් තව තවත් කාර්ය බහුල විය. සරෝජාට ඔහුගේ අවධානය අඩු වුණේ වෘත්තියේ දැඩි කාර්ය බහුලත්වය නිසා ය. මේ තත්ත්වය වටහාගත් ඔහු තම බිරියට අවශ්‍ය කටයුතු සඳහා ගමන් බිමන් යෑමට රියදුරෙකු බඳවා ගන්නට තීරණය කළේය. බිරිය ගේ දුර ඥාති කමක් ඇති, ඇයට වඩා අවුරුදු පහක් පමණ වයසින් අඩු තරුණයෙකු වූ චන්දන එම මෝටර් රථයට රියදුරු වශයෙන් පත් කෙරුණි. හැඩකාර තරුණයෙකු වූ චන්දනට වඩ වඩාත් ළං වූ සරෝජාට කලක් යාමේ දී ඔහු නැති ව ම බැරි විය. ඔවුන් අතර ගොඩනැගුණු අනියම් සබඳතාව වැඩි කලක් යන්නට පෙර එළිදරව් වූ අතර ගෙදර අඩ දබර වැඩි වන්නට පටන් ගැණුනි. මේ අතරතුර සරෝජා ගැබ් ගෙන තිබුණු අතර දිනපතා ම නිවසේ කළකෝලාහල සහ ගුටි බැට ඇති විය. පවුලේ ආරවුල් බේරුම් කිරීමට දෙදෙනා ම ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගියහ. මේ වන විට මුලූ ගම් ප්‍රදේශය පුරා ම සිද්ධිය පතල වී තිබුණු අතර කපිල ලැජ්ජාවෙන් මිරිකෙන්නට විය. කපිල ගේ වෘත්තීමය කටයුතු ද ක්‍රමයෙන් අඩාල වන්නට පටන් ගැණුනි. චන්දන රැකියාවෙන් ඉවත් කෙරුණ ද සරෝජා නිතර මුණ ගැසීමටත් පණිවුඩ හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සාදා ගත්තේ ය. චන්දන විවෘතව ම කපිලට එරෙහි ව සටනට අවතීර්ණ වූ අතර, වරක් තම සගයන් පිරිසක් සමග එක් වී සරෝජා ගේ දැනුවත්කම ද ඇති ව මග රැක සිට කපිලට පහර දී තුවාල සිදු කළේ ය. මේ වන විට කපිල සරෝජාට මිලට ගෙන තිබුණු රන් රිදී බඩු මෙන් ම විශාල මුදල් ප්‍රමාණයක් ද නිවසින් පිට මං වී අවසන් ය. කපිල ජීවත්ව සිටීම සරෝජාටත් චන්දනටත් බලවත් ගැටලූවක් වූ අතර ඔවුන්ට කපිල මරා දැමීමේ අවශ්‍යතාව ඉස්මතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස කපිල මෙලොවින් තුරන් කිරීමට දෙදෙනා ම දැඩි උත්සාහයක් ගත්හ. තමා මරා දැමීමේ කොන්ත්‍රාත්තුවක් යම් පිරිසකට දී තිබුණු බවට ලැබුණු තොරතුරු නිසා කපිල කල් ගෙව්වේ දැඩි සෝදිසියෙනි. දිනක් මග රැක සිටි චන්දන සහ ඔහු ගේ පිරිස කපිලට වෙඩි වරුසාවකින් සංග්‍රහ කළත් සුලු තුවාල පමණක් ලබා තම ජීවිතය ගලවා ගැනීමට ඔහු වාසනාවන්ත විය. සරෝජා සහ කපිල අතර මෙ සේ සටන් ඇවිලී තිබිය දී ඇයට දරුවා ද ලැබුණි. දරුවාට කපිල ගේ සෙනෙහසේ අඩුවක් නොවී ය. දරුවා ලැබීමෙන් පසු ව, චන්දන සමග පැවති සම්බන්ධය නවත්වා අවාසනාවන්ත අතීතය අමතක කොට, මුල් කාලයේ මෙන් සාමයෙන් ජීවත් වීමට කපිල සරෝජාට ආයාචනා කළත් ඇය වෙනස් කිරීම අසීරු විය. අවාසනාවන්ත දිනයක්… දිනක් රෑ පහන් වන තුරු ම කපිල ගේ නිවස යුද පිටියක් මෙන් විය. පසු දා උදෑසන සරෝජා හොඳට හැඳ පැළඳගෙන කුඩා දරු පැටියා ද රැගෙන නො දොඩා ම නිවසින් බැහැරට ගියා ය. කපිල සමග පැවති හොඳ හිත නිසා ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් සාධාරණයක් ඉටු නො වන බවට සැක සිතූ සරෝජා එදින උදෑසන ගොස් ඇත්තේ රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානයට යි. ඇය රත්නපුර දෙසට ගමන් ගත් බවට කපිල ගේ හිතවතෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. මේ වන විට ඔහු ආරක්ෂාව පතා මෝටර් රථවලින් ගමන් කිරීම සීමා කර තිබුණි. තම යතුරු පැදියට ගොඩ වුණු කපිල කිලෝ මීටර් තිස් පහක් පමණ දුර ගියේ ඇසිල්ලෙනි. රත්නපුර පොලිසිය දෙසට යතුරු පැදිය පැද වූ කපිලට දිස් වුණේ දරුවා ද ඇකයේ රුවා ගෙන කළබලයෙන් මෙන් පොලිස් ස්ථානයෙන් පිට වී එන සරෝජා ය. තමා තවත් ලජ්ජාවට පත් කිරීමට රත්නපුරයටත් ආවාදැයි කපිල ඇයට බැණ වැදුණි. පෙරලා ඔහුට ද ලැබුණේ දැඩි වාග් ප්රහාරයකි. වට පිට විපරමින් බැලූ කපිල දුටුවේ නුදුරෙන් තී‍්‍ර රෝද රථයක වාඩි වී සිටි චන්දන යි. දරා ගත නොහැකි කෝපයෙන් දැවෙමින් යතුරු පැදියට නැග වේගයෙන් ආපසු මද දුරක් ගිය කපිලට දිස් වූයේ පාර අද්දර මන්නා පිහි බිම එලාගෙන විකුණන වෙළෙන්දෙකි. යතුරු පැදියේ සිට ම රුපියල් තුන් සීයක් දී මාලූ කපන ලොකු පිහියක් මිලට ගත් ඔහු වේගයෙන් නැවතත් සරෝජා වෙත ගියේ ය. දරුවා උදුරාගෙන පැත්තකින් තබා වියරුවෙන් මෙන් තම බිරියට පිහියෙන් පහර දුන් කපිල බිරිය මැරී බිම වැටුණු පසු කෙළින් ම පොලිසියට දිව ගොස් තමා ම පොලිස් සිර මැදිරියකට ඇතුලු වී දොර වසා ගත්තේ ය. පසු ව ඔහු පොලිස් නිලධාරින්ට සිදු වූ සියල්ල නො වළහා පැවසී ය. කපිලට එරෙහිව මිනී මැරුම් අධි චෝදනා එල්ල විය. දීර්ඝ නඩු විභාගයකින් පසු ව මහාධිකරණයේ දී මිනි මැරුම් චෝදනාවට වැරදිකරු වූ කපිලට මරණ දණ්ඩනය නියම විය. කපිල තම කතාව සංවේදී ව කියද්දී මට සිහි වුයේ තක්ක ජාතකය යි. වනගත ව සිල් රකිමින් භාවනා කරමින් සිටි තක්ක පණ්ඩිතයන්ට අසල ගලා යන ගංගාවේ සැඩ පහරට ලක් ව ස්ත්‍රියක කෑ ගසනු ඇසිණ. වහා එහි ගිය තක්ක පණ්ඩිතයන් ඇය ගේ දිවි ගලවා ගෙන සිරුර උණුසුම් කර ගැනීමට සළස්වා ආහාර පාන දී පසු දා පහන් වූ පසු තම ගම් බිම් බලා යන ලෙස දැන්වී ය. කෙසේ හෝ රාගයෙන් පොළඹවනු ලැබූ තක්ක පණ්ඩිතයන්ට ඇය සරණ කර ගෙන ගම්මානයකට ගොස් ජීවත් වීමට සිදු විය. කලක් ගත වූ පසු මං පහරන සොර මුලකට හසු ව, සොර දෙටුවා විසින් මෙම තැනැත්තිය පැහැර ගෙන යන ලැබිණ. සොර දෙටුවා ගේ අඹුව බවට පත් වීමෙන් බෙහෙවින් සතුටට පත් වූ ඇය තම අනියම් සැමියා වූ ඔහු ලවා තම දිවි ගලවා ආදරයෙන් රක්ෂා කළ තක්ක පණ්ඩිතයන් මැරවීමට උපායක් යෙදවී ය. කෙසේ වුවත් සොර දෙටුවාට කරුණු නිසි ලෙස අවබෝධ වීමෙන් පසු ඔහු තක්ක පණ්ඩිතයන් මුදවා හැර ස්ත්‍රිය මරණයට පත් කොට ඇත. ඒ කෙසේ වුවත් එය මෙහිලා සඳහන් කළේ පිරිමියෙකු හෝ වේවා ස්ත්‍රියක හෝ වේවා රාගයෙන් ඇවිලී ගිය සිතින් වරදෙහි යෙදෙන්නේ නම් ඉන් මුහුණ දීමට සිදු වන ආදීනව කෙතරම් නම් බියකරු ද යන්න පෙන්වා දීමට උදාහරණයක් ගෙන හැර දැක්වීමට ය. වරද කාගේ ද..? රූමත් කාය සම්පත්තියක් ඇති ව උපත ලැබුව ද සරෝජාට අවුරුදු තිස් ගණනක වයසේ දී මෙ ලොවින් සමු ගන්නට සිදු විය. ඉතා අමාරුවෙන් තම ජීවිතය ගොඩනගා ගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමට දැඩි අභිලාශයකින් කටයුතු කළ කපිල මරණ දණ්ඩනයට කැප වී අද වන විට වසර පහක පමණ කාලයක් සිරබත් කයි. මේ අතරතුර චන්දනට ද උරුම වූයේ අභාග්‍යවත් ඉරණමකි. මව්පිය සෙනෙහස නො ලබන දරුවන් දෙදෙනෙක් අද අසරණ ව සිටිති. සරෝජා ගේ සහ චන්දන ගේ කුමන්ත්රණයෙන් වූ වෙඩි තැබීමෙන් එදා කපිලට ජීවිතය බේරා ගන්නට නො හැකි වුණා නම් මේ සිද්ධිය අනෙක් අතට කරකැවී කපිල අද ජීවතුන් අතර නොමැති වන්නට ඉඩ තිබුණි. ඒ හේතුවෙන් චන්දනත් සරෝජාත් මරණ දණ්ඩනය අබියස සිටිනු ඇත. මේ සිද්ධියේ වැරදි කරුවන් සහ නිර්දෝෂී පුද්ගලයන් කවුරුන්දැ’යි අටුවාවක් ලියන්නට මම අදහස් නො කරමි. එය නීතියේ බල සීමාව තුළ පවතින්නකි. බුදු දහම උගන්වන ආදර්ශය අනුව මෙය දුස්සීල ලෙස ජීවිතය ගෙවීමේ විපාක නො වේ ද? ඔවුන්ගේ සිත් තුළ ඇති වූ වෛරය තවත් කොපමණ කලක් නම් සසර පුරා පවතීවි ද? මේ භව වෛරය කොතැනින් කෙළවර වේ ද? කාලි යකින්න ගේ වත මෙන් මේ වෛරය ද කල්ප ගණන් ඉදිරියට යා හැකි නො වේ ද? තම සැමියාට ද්‍රෝහි වී සොර සැමියෙකු ලවා ඔහු ගේ දිවි තොර කොට ඉතා දුක් මහන්සියෙන් ඔහු එක් රැස් කර ගත් ධනයෙන් සොර සැමියා සමග සතුටින් කාලය ගත කිරීමට සිතීම කොතරම් අමනෝඥ ද? පතාගෙන ආ වෛරයේ අවසානයක් ඇත් ද..? තම බිරිය ගේ දොස් පුන පුනා කියන අතරතුර ඇය ගැන වරින් වර කම්පා වන කපිල මොහොතක් මොහොතක් පාසා මැරි මැරී උපදින බව සංවේදී ව කියයි. මහත් කනස්සලකින් යුතු ව ඔහු මා සමඟ කියා සිටියේ ‘‘මම මගේ භාර්යාව මැරුවා. ඒක යි ඇත්ත. එහෙම නො කළා නම් ඔවුන් මාව මරනවා. මේක මගේ පෙර කරුමයක්.” අවසානයක් නැති සිත් තැවුලෙන් කාලය ගත කරන කපිල මගෙන් විමසා සිටියේ මනුෂ්‍ය ප්‍රාණ ඝාත අකුසලයෙන් මිදෙන්නට යම් හැකියාවක් ඇද්ද සැබැවින්ම, ජීවිතය නිවැරදි කර ගැනීමට ඔහු තවමත් ප්‍රමාද නැත. ජීවිතයේ යම් කලක් වැරදි කල ද පසුව එහි ආදීනව දැක නිවැරදි විය හැකි නම්, ඔහු වළා පෙළින් මිදී බබළන සඳක් සේ දිළෙන්නේ ය. මගේ ධර්ම අවවාදය වූයේ බන්ධනාගාර පුස්තකාලයේ ඇති චතුරාර්ය සත්‍යාවබෝධයට ධර්ම දේශනා ඇතුළත් දහම් පොත් පරිශීලනය කොට ධර්ම ඥානය දියුණු කර ගැනීමටත්, හැකි පමණ සිත එක්තැන් කර ගෙන භාවනාවට යොමු වීමටත් වෙහෙසෙන ලෙස ය.[/SIZE] (සියලූ නම් ගම් මන:කල්පිත ය.) සටහන තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ සිරිපාල විරිතමුල්ල [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom