Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුල් වරට ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුල් වරට ත

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුල් වරට තාප දර්ශක නිකුත් කිරීම අරඹයි

(දමිත නිපුණජිත්)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙවැනි දා ශ්‍රී ලංකාවේ මුල් වරට තාප දර්ශක (Heat Index) නිකුත් කිරීම අරඹනු ලැබී ය. ඒ මැයි 03 වැනිදාට අදාළව තාප දර්ශකය නිකුත් කරමිනි. මෙය 'දැනෙන උෂ්ණත්වය' (Feeling Temperature) ලෙස ද හැදින්වේ. මේ අනුව ඉදිරියට ද රටේ උෂ්ණාධික කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථාවන්හි දී තාප දර්ශක නිකුත් වනු ඇත. ලංකාවේ පළමුවැනි වතාවට භාවිතයට ගැනීම ආරම්භ වුවත් තාප දර්ශකය, එසේත් නැතිනම් දැනෙන උෂ්ණත්වය ලොව පුරා බොහෝ රටවල කාලගුණ විද්‍යා ඒකක මගින් සිය වාර්තාවල සඳහන් කරනු ලබයි. පරිසරයේ උෂ්ණත්වය දැක්වීමට අමතර ව මේ නව තොරතුරු මාදිලිය හදුන්වා දීම හරහා උෂ්ණත්වය නිසා ඇති වන අපහසුතාවන්ගෙන් මිදීමට ජනතාවට පහසු වනු ඇත. මේ සම්බන්ධයෙන් කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා විදුසරට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

දිවයින පුරා ඇති උෂ්ණත්වය කෙතරම් ද යන්න මේ දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා. ඊට අමතර ව දැන් මේ අලුතෙන් නිකුත් කරනු ලබන දැනෙන උෂ්ණත්වයෙහි ඊට වඩා ඇති වෙනස කුමක් ද?

"සාමාන්‍යයෙන් උෂ්ණත්වය ලෙස අප දක්වන්නේ වායුගෝලීය උෂ්ණත්වයයි. එහෙත් දැනෙන උෂ්ණත්වය කියන්නේ වායුගෝලීය උෂ්ණත්වය සහ වායුගොලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධය සමීකරණයක් හරහා ගණනය කර ඉදිරිපත් කරනු ලබන උෂ්ණත්වයක්. මෙය අපේ ශරීරයට ඇත්ත වශයෙන් ම දැනෙන උෂ්ණත්වය කෙතරම් ද යන්න තේරුම්ගැනීමට භාවිත වනවා. උදාහරණයක් විදිහට වායුගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් ව පවතින වෙලාවක පරිසරයේ ආර්ද්‍රතාව අඩු නම් දහඩිය වාෂ්ප වී යැම හොදින් සිදු වීම නිසා අපට දැනෙන්නේ ඊට අඩු උෂ්ණත්වයක් පරිසරයේ පවතින ලෙසයි. එහෙත් එම වායුගෝල උෂ්ණත්වය යටතේ ම පරිසරයේ ආර්ද්‍රතාව වැඩි වූ විට දහඩිය ඉක්මනින් වාෂ්ප වී නො යැම නිසා අපට දැනෙන්නේ වැඩි උෂ්ණත්වයක් පරිසරයේ පවතින බවයි. තාප දර්ශකය හරහා පෙන්වා දෙන්නේ මේ විදිහට ඇත්තට ම අපට දැනෙන උෂ්ණත්වය කෙතරම් ද කියන එක ගැනයි. අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සදහා ජනතාවට මේ දර්ශකය ප්‍රයෝජනයට ගත හැකියි."

මේ දර්ශකය දිනපතා නිකුත් කරනවා ද, එහෙමත් නැතිනම් නිකුත් කරන්නේ අවශ්‍ය වූ විට පමණයි ද?

"ලංකාවේ සාමාන්‍යයෙන් මෝසම් සමයේ දී අධික උෂ්ණත්ව තත්ත්වයක් ඇති වන්නේ නැහැ. එහෙත් අන්තර් මෝසම් කාලය වන මාර්තු - අප්‍රේල් සහ ඔක්තෝබර් - නොවැම්බර් කාලවල දිවයින හරහා හමා යන සුළං රටාවක් නොමැති වීම නිසා පහළ වායු ගෝලයේ ජලවාෂ්ප වැඩි වී ආර්ද්‍රතාව ඉහළ යනවා. මේ නිසා මේ කාලයේ දැනෙන උෂ්ණත්වය ඉතා ඉහළ යනවා. මේ කාලයේ ම ලංකාවට හිරු මුදුන් වීමත් මීට දායක වනවා. අපි තාප දර්ශක මහජනතාවට නිකුත් කරන්න අපේක්ෂා කරන්නේ මෙවැනි අධිකව දැනෙන උෂ්ණත්වයක් ඇති කාලවල පමණයි. මීට අමතර ව මෝසම් කාලවල දීත් දිවයිනේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැම් අත්දැකිය හැකියි. එවැනි අවශ්‍යතාවක් ඇති වූ ඕනෑ ම කාලයක අපි මේ වාර්තාව නිකුත් කිරීමට අදහස් කරනවා."

තාප දර්ශකයේ සීමාකාරී උෂ්ණත්වයන් මොනවා ද?

"තාප දර්ශකය අපි කොටස් හතරකට වෙන් කොට දක්වා තිබෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 27-38 පරාසය සාමාන්‍ය තත්ත්වයයි. සෙල්සියස් 39-45 දක්වා පරාසය 'අවධානය යොමු කළ යුතු' හා සෙල්සියස් 46-52 'වැඩි අවධානය යොමු කළ යුතු' පරාස ලෙස නම් කර තිබෙනවා. සෙල්සියස් 52න් ඉහළ අනතුරුදායක මට්ටමක් ලෙසයි නම් කර තිබෙන්නේ. මේ සීමාවන් අප සකසා තිබෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ඉදිරියේ දී මේ පිළිබදව අප එකතු කරගන්නා තොරතුරු සමග මේ සීමාවන් තරමක් වෙනස් විය හැකියි."

තාප දර්ශකයේ වැඩි අවධානය යොමු කළ යුතු හා අනතුරුදායක මට්ටම් සහිත ප්‍රදේශවල ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?

උෂ්ණත්වය අධික පරිසරවල එළිමහනේ ක්‍රියාකාරකම් කිරීම හරහා අවධානය යොමු කළ යුතු පරාසවල දී තෙහෙට්ටුව, විජලනය හා ලවණ ඉවත් වීම හේතුවෙන් මස් පිඩු පෙරළීම වැනි තත්ත්තව ඇති විය හැකියි. වැඩි අවදානම් තත්ත්ව පරාසවල දී මීට අමතරව උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (Heat Exhausldtion) ඇති වීමට ද ඉඩ තිබෙනවා. අනතුරුදායක තත්ත්ව පරාසවල දී උෂ්ණත්වය නිසා ඇති වන ආඝාත තත්ත්වයන් (Heat Stroke) පවා ඇති විය හැකියි. මෙවැනි අනතුරු දායක තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අධික ලෙස වෙහෙසකාරී කටයුතු එළිමහනේ සිදු කිරීම සීමා කරන ලෙසටත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා. මීට අමතර ව වාහන තුළ කුඩා ළමයින් තනි ව ම රදවා නො යන්නටත් වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබදව සැලකිලිමත් වීමටත් වගබලාගත යුතුයි.

මේ නව දත්ත මුල් වරට මහජනතාවට නිකුත් කිරීමත් සමග වැරැදි අදහස් කිහිපයක් ම මාධ්‍ය හරහා සමාජගත වූ බව අපිට දකින්නට ලැබුණා?

"ඔව්. අපි මුලින් ම මේ දත්ත නිකුත් කළේ මැයි 03 වැනි දා පිළිබදවයි. එහෙත් කරුණු වරදවා වටහාගැනීම නිසා මැයි 03 වැනි දා ලංකාවේ අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යැමක් සිදු වූ බවට කරුණු පළ වී තිබුණා. එහෙත් 03 වැනි දා තිබූ තත්ත්වය මේ කාලය පුරා ම බොහෝ විට දැකිය හැකියි. මීට අමතරව ලංකාවේ තාප තරංග (Heat Wave) තත්ත්වයක් ඇති වී ඇති බවට ද සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙය සම්පූර්ණයෙන් අසත්‍යයක්. සාගරයෙන් වට වී ඇති, වර්ගඵලයෙන් කුඩා දිවයිනක් නිසා ඉන්දියාවේ මෙන් ලංකාවේ තාප තරංග ඇති වීමට ඇති ඉඩ ඉතා අඩුයි. ඉතිහාසය පුරා මේ දක්වා මෙවැන්නක් වාර්තා වී නැහැ."

[QUOTE="araki, post: 23206209, member: 360239"] [b]කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුල් වරට ත[/b] [SIZE=5][COLOR=#006600]කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුල් වරට තාප දර්ශක නිකුත් කිරීම අරඹයි[/COLOR][/SIZE][FONT=Verdana] [SIZE=5](දමිත නිපුණජිත්) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙවැනි දා ශ්‍රී ලංකාවේ මුල් වරට තාප දර්ශක (Heat Index) නිකුත් කිරීම අරඹනු ලැබී ය. ඒ මැයි 03 වැනිදාට අදාළව තාප දර්ශකය නිකුත් කරමිනි. මෙය 'දැනෙන උෂ්ණත්වය' (Feeling Temperature) ලෙස ද හැදින්වේ. මේ අනුව ඉදිරියට ද රටේ උෂ්ණාධික කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථාවන්හි දී තාප දර්ශක නිකුත් වනු ඇත. ලංකාවේ පළමුවැනි වතාවට භාවිතයට ගැනීම ආරම්භ වුවත් තාප දර්ශකය, එසේත් නැතිනම් දැනෙන උෂ්ණත්වය ලොව පුරා බොහෝ රටවල කාලගුණ විද්‍යා ඒකක මගින් සිය වාර්තාවල සඳහන් කරනු ලබයි. පරිසරයේ උෂ්ණත්වය දැක්වීමට අමතර ව මේ නව තොරතුරු මාදිලිය හදුන්වා දීම හරහා උෂ්ණත්වය නිසා ඇති වන අපහසුතාවන්ගෙන් මිදීමට ජනතාවට පහසු වනු ඇත. මේ සම්බන්ධයෙන් කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා විදුසරට අදහස් දැක්වූයේ මෙලෙසිනි. දිවයින පුරා ඇති උෂ්ණත්වය කෙතරම් ද යන්න මේ දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා. ඊට අමතර ව දැන් මේ අලුතෙන් නිකුත් කරනු ලබන දැනෙන උෂ්ණත්වයෙහි ඊට වඩා ඇති වෙනස කුමක් ද? "සාමාන්‍යයෙන් උෂ්ණත්වය ලෙස අප දක්වන්නේ වායුගෝලීය උෂ්ණත්වයයි. එහෙත් දැනෙන උෂ්ණත්වය කියන්නේ වායුගෝලීය උෂ්ණත්වය සහ වායුගොලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධය සමීකරණයක් හරහා ගණනය කර ඉදිරිපත් කරනු ලබන උෂ්ණත්වයක්. මෙය අපේ ශරීරයට ඇත්ත වශයෙන් ම දැනෙන උෂ්ණත්වය කෙතරම් ද යන්න තේරුම්ගැනීමට භාවිත වනවා. උදාහරණයක් විදිහට වායුගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් ව පවතින වෙලාවක පරිසරයේ ආර්ද්‍රතාව අඩු නම් දහඩිය වාෂ්ප වී යැම හොදින් සිදු වීම නිසා අපට දැනෙන්නේ ඊට අඩු උෂ්ණත්වයක් පරිසරයේ පවතින ලෙසයි. එහෙත් එම වායුගෝල උෂ්ණත්වය යටතේ ම පරිසරයේ ආර්ද්‍රතාව වැඩි වූ විට දහඩිය ඉක්මනින් වාෂ්ප වී නො යැම නිසා අපට දැනෙන්නේ වැඩි උෂ්ණත්වයක් පරිසරයේ පවතින බවයි. තාප දර්ශකය හරහා පෙන්වා දෙන්නේ මේ විදිහට ඇත්තට ම අපට දැනෙන උෂ්ණත්වය කෙතරම් ද කියන එක ගැනයි. අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සදහා ජනතාවට මේ දර්ශකය ප්‍රයෝජනයට ගත හැකියි." මේ දර්ශකය දිනපතා නිකුත් කරනවා ද, එහෙමත් නැතිනම් නිකුත් කරන්නේ අවශ්‍ය වූ විට පමණයි ද? "ලංකාවේ සාමාන්‍යයෙන් මෝසම් සමයේ දී අධික උෂ්ණත්ව තත්ත්වයක් ඇති වන්නේ නැහැ. එහෙත් අන්තර් මෝසම් කාලය වන මාර්තු - අප්‍රේල් සහ ඔක්තෝබර් - නොවැම්බර් කාලවල දිවයින හරහා හමා යන සුළං රටාවක් නොමැති වීම නිසා පහළ වායු ගෝලයේ ජලවාෂ්ප වැඩි වී ආර්ද්‍රතාව ඉහළ යනවා. මේ නිසා මේ කාලයේ දැනෙන උෂ්ණත්වය ඉතා ඉහළ යනවා. මේ කාලයේ ම ලංකාවට හිරු මුදුන් වීමත් මීට දායක වනවා. අපි තාප දර්ශක මහජනතාවට නිකුත් කරන්න අපේක්ෂා කරන්නේ මෙවැනි අධිකව දැනෙන උෂ්ණත්වයක් ඇති කාලවල පමණයි. මීට අමතර ව මෝසම් කාලවල දීත් දිවයිනේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැම් අත්දැකිය හැකියි. එවැනි අවශ්‍යතාවක් ඇති වූ ඕනෑ ම කාලයක අපි මේ වාර්තාව නිකුත් කිරීමට අදහස් කරනවා." තාප දර්ශකයේ සීමාකාරී උෂ්ණත්වයන් මොනවා ද? "තාප දර්ශකය අපි කොටස් හතරකට වෙන් කොට දක්වා තිබෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 27-38 පරාසය සාමාන්‍ය තත්ත්වයයි. සෙල්සියස් 39-45 දක්වා පරාසය 'අවධානය යොමු කළ යුතු' හා සෙල්සියස් 46-52 'වැඩි අවධානය යොමු කළ යුතු' පරාස ලෙස නම් කර තිබෙනවා. සෙල්සියස් 52න් ඉහළ අනතුරුදායක මට්ටමක් ලෙසයි නම් කර තිබෙන්නේ. මේ සීමාවන් අප සකසා තිබෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ඉදිරියේ දී මේ පිළිබදව අප එකතු කරගන්නා තොරතුරු සමග මේ සීමාවන් තරමක් වෙනස් විය හැකියි." තාප දර්ශකයේ වැඩි අවධානය යොමු කළ යුතු හා අනතුරුදායක මට්ටම් සහිත ප්‍රදේශවල ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද? උෂ්ණත්වය අධික පරිසරවල එළිමහනේ ක්‍රියාකාරකම් කිරීම හරහා අවධානය යොමු කළ යුතු පරාසවල දී තෙහෙට්ටුව, විජලනය හා ලවණ ඉවත් වීම හේතුවෙන් මස් පිඩු පෙරළීම වැනි තත්ත්තව ඇති විය හැකියි. වැඩි අවදානම් තත්ත්ව පරාසවල දී මීට අමතරව උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (Heat Exhausldtion) ඇති වීමට ද ඉඩ තිබෙනවා. අනතුරුදායක තත්ත්ව පරාසවල දී උෂ්ණත්වය නිසා ඇති වන ආඝාත තත්ත්වයන් (Heat Stroke) පවා ඇති විය හැකියි. මෙවැනි අනතුරු දායක තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අධික ලෙස වෙහෙසකාරී කටයුතු එළිමහනේ සිදු කිරීම සීමා කරන ලෙසටත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා. මීට අමතර ව වාහන තුළ කුඩා ළමයින් තනි ව ම රදවා නො යන්නටත් වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබදව සැලකිලිමත් වීමටත් වගබලාගත යුතුයි. මේ නව දත්ත මුල් වරට මහජනතාවට නිකුත් කිරීමත් සමග වැරැදි අදහස් කිහිපයක් ම මාධ්‍ය හරහා සමාජගත වූ බව අපිට දකින්නට ලැබුණා? "ඔව්. අපි මුලින් ම මේ දත්ත නිකුත් කළේ මැයි 03 වැනි දා පිළිබදවයි. එහෙත් කරුණු වරදවා වටහාගැනීම නිසා මැයි 03 වැනි දා ලංකාවේ අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යැමක් සිදු වූ බවට කරුණු පළ වී තිබුණා. එහෙත් 03 වැනි දා තිබූ තත්ත්වය මේ කාලය පුරා ම බොහෝ විට දැකිය හැකියි. මීට අමතරව ලංකාවේ තාප තරංග (Heat Wave) තත්ත්වයක් ඇති වී ඇති බවට ද සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙය සම්පූර්ණයෙන් අසත්‍යයක්. සාගරයෙන් වට වී ඇති, වර්ගඵලයෙන් කුඩා දිවයිනක් නිසා ඉන්දියාවේ මෙන් ලංකාවේ තාප තරංග ඇති වීමට ඇති ඉඩ ඉතා අඩුයි. ඉතිහාසය පුරා මේ දක්වා මෙවැන්නක් වාර්තා වී නැහැ."[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom