Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනසේ පැවැත්ම

සිත මිස කය නැති බඹුන්ගේ මනස් අපට සාපේක්ෂව වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි අපි කීවෙමු. ඒ බඹුන්ගේ මනස් හෝ මනසක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන්ගේ මනස් තබා ඔවුන්ගේ සිත් වුව ද මනසටවත් ගෝචර නො වේ. එබැවින් බඹුන්ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත්කල බඹුන්ගේ සිත් ද අපට වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස් ගැන කිව හැක්කේ කුමක් ද? එමෙන් ම අපට අපේ මනස් ගැන කිව හැක්කේ කුමක් ද? අප මනස යනුවෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක් ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක් වෙයි. මට දිගින් දිගට ම සිත් පහළවන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නොලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියැවෙන්නේ අනෙකකුගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නොලැබූවකුට වියුක්ත සංකල්පයක් බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකුගේ සිත් ගැන කිව හැක්කේ කුමක් ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක් අයකුගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුගේ සිතට අනෙක් අයගේ සිත් ගෝචර වෙයි. එයින් කියැවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක් අයගේ සිත් චෛතසික සංකල්පයක් වන බව ය.

පරචිත්ත විජානන ඥානය නොලැබුවකුට අනෙක් අයකුගේ සිත් වියුක්ත සංකල්පයක් වුවත් තම සිත චෛතසික සංකල්පයක් වෙයි. ඒ තමාගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්ත සංකල්පයක් නොවන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් යොදා නොගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අයගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයනට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නොවන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන්ගේ සංකල්ප ගැන කිව හැක්කේ කුමක් ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්ත සංකල්පයක් ඇති වන්නේ මනස හා අනෙක් ඉන්ද්රියයන්ගෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ එකතුවීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්රත්යක්ෂයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤූන් වහන්සේ ය. මම එවැනි බඹලොවක් ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරදි නොවිය හැකි ය. මා කරන්නේ ඉන්ද්රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා ද යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක් කියැවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළහොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණ සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක් එය පිළිගනිමි. එසේ නොමැතිව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැත්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභී ද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට අමනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නොවනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නොව ඔවුන්ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යැයි ගැනීමට සිදුවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නොපෙනෙන්නේ ද එබැවින් යැයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචරවනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්සේ ඒ පිළිබඳ කරුණු විමසීමට කිසිවකුට අවස්ථාව ඇත. දෙවියන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්රිය හා අවයව ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඈසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්රත්යක්ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් දැනට අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්ෂව සංයුක්ත, චෛතසික හා වියුක්ත සංකල්ප යන වර්ගීකරණය ආශ්රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියැවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක් පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්ෂව තම තමන්ගේ මනස චෛතසික සංකල්පයක් ලෙස ද අනෙක් අයගේ මනස වියුක්ත සංකල්පයක් ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක් අයගේ මනස් ද තමන්ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක් නොවන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යෑමට සිදුවෙයි. අනෙක් මිනිසුන්ට මනස් ඇති බව අප දන්නේ කෙසේ ද? එක්කෝ ඒ බව අපේ විඤ්ඤුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක් මිනිසුන්ට මනස් ඇති බව, සාමාන්‍ය මිනිසුන්ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක් වෙයි. එනම් පඤ්ඤත්තියක් වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක් මිනිසුන්ට මනස් ඇති බව එක්කෝ උපකල්පනය කිරීමට සිදුවෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදුවෙයි. එසේත් නැතහොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදුවෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මට මනසක් ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක් තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්, අනුමානයක් (ඉනෆඑරඑනචඑ) වෙයි. එවිට අනෙක් මිනිසුන්ට ද මනස් ඇති බව අනුමානයක් මිස සංකල්පයක් නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙන් (සයලලඔගඉසම) වෙනස් වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියළු මිනිසුන්ට මනස් ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක් ඇත. මේ නිගමනයක් ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියළු මිනිසුන්ට මනස් ඇත යන්න මත ය. සියළු මිනිසුන්ට මනස් ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියළු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක් මනසින් ස්වායත්ත ව පවතින බවක් නො කියැවෙයි. පුටුවක් මේසයක් මගේ මනසින් ස්වායත්ත ව නොපවතියි. මගෙන් ස්වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැතිව අපට නිරීක්ෂකයන් ලෙස කිසිවක් නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක් නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක් ලෙස එය ශූන්‍ය වෙයි.

පුටුවක්, මේසයක්, බල්ලකු, බළලකු මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව නොපවතී නම් මනස මනසෙන් තොරව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස් දෙකක් ගැන මනස්ගාතයක් කීමට සිදුවනවා පමණක් නොව සංකල්ප තනන මනස හා වෙනත් මනසක් ගැන කීමට ද සිදුවෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්ෂ වෙයි.

දැන් ප්රශ්නය වනුයේ මනස මනසට සාපේක්ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්රචාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අපි බොහෝ අවස්ථාවල කියා ඇත්තෙමු. එයින් කියැවෙන්නේ එය මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක් නොව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නොවන කාලයෙහි ක්ෂණයක් යනු කුමක් ද? ක්ෂණයක් යන්න අර්ථදක්වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යුණක කොටසක්, ඉතා කුඩා කොටසක් ලෙස සැලකෙන ක්ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක් පවතින කාලය අනුව ක්ෂණය තේරුම් ගැනතමට උත්සාහ ගනිති. එහෙත් සිතක් පවතින කාලය කුමක් ද? සිත් පරම්පරාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? එක් සිතක් ඊළඟ සිතෙන් වෙනස්වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරදි යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්ෂණයකටවත් නිරීක්ෂකයාගෙන් ස්වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක් ඇතිවිය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්ෂණයකවත් තිබූ මනසක් නැතිවෙයි. මෙය උච්ඡෙදවාදය වෙයි. ඇතිව තිබූ යමක් නැතිවීම උච්ඡෙදවාදය මිස අනෙකක් නො වෙයි. අනෙක් අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක් නිරක්‍ෂකයාගෙන් ස්වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියැවෙන්නේ ශාස්වතවාදයයි. මනස ක්ෂණයකට පවතින්නේ යැයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යැයි ගත්ත ද අපි එක්කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්වතවාදයට හසුවන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙකම බැහැර කිරීමට ය.

[QUOTE="funkyguy89, post: 21079556, member: 250919"] [B][SIZE=4] මනසේ පැවැත්ම [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සිත මිස කය නැති බඹුන්ගේ මනස් අපට සාපේක්ෂව වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි අපි කීවෙමු. ඒ බඹුන්ගේ මනස් හෝ මනසක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන්ගේ මනස් තබා ඔවුන්ගේ සිත් වුව ද මනසටවත් ගෝචර නො වේ. එබැවින් බඹුන්ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත්කල බඹුන්ගේ සිත් ද අපට වියුක්ත සංකල්පයක් පමණකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් ඒ බඹුන්ට තම මනස් ගැන කිව හැක්කේ කුමක් ද? එමෙන් ම අපට අපේ මනස් ගැන කිව හැක්කේ කුමක් ද? අප මනස යනුවෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක් ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක් වෙයි. මට දිගින් දිගට ම සිත් පහළවන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නොලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියැවෙන්නේ අනෙකකුගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නොලැබූවකුට වියුක්ත සංකල්පයක් බව ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකුගේ සිත් ගැන කිව හැක්කේ කුමක් ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක් අයකුගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුගේ සිතට අනෙක් අයගේ සිත් ගෝචර වෙයි. එයින් කියැවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක් අයගේ සිත් චෛතසික සංකල්පයක් වන බව ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පරචිත්ත විජානන ඥානය නොලැබුවකුට අනෙක් අයකුගේ සිත් වියුක්ත සංකල්පයක් වුවත් තම සිත චෛතසික සංකල්පයක් වෙයි. ඒ තමාගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්ත සංකල්පයක් නොවන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් යොදා නොගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අයගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයනට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නොවන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන්ගේ සංකල්ප ගැන කිව හැක්කේ කුමක් ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්ත සංකල්පයක් ඇති වන්නේ මනස හා අනෙක් ඉන්ද්රියයන්ගෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ එකතුවීමෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්රත්යක්ෂයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤූන් වහන්සේ ය. මම එවැනි බඹලොවක් ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරදි නොවිය හැකි ය. මා කරන්නේ ඉන්ද්රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා ද යොදා ගැනීම ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක් කියැවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළහොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණ සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක් එය පිළිගනිමි. එසේ නොමැතිව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැත්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභී ද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඇතැම් විට අමනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නොවනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නොව ඔවුන්ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යැයි ගැනීමට සිදුවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නොපෙනෙන්නේ ද එබැවින් යැයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචරවනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්සේ ඒ පිළිබඳ කරුණු විමසීමට කිසිවකුට අවස්ථාව ඇත. දෙවියන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්රිය හා අවයව ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඈසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්රත්යක්ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඒ කෙසේ වෙතත් දැනට අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්ෂව සංයුක්ත, චෛතසික හා වියුක්ත සංකල්ප යන වර්ගීකරණය ආශ්රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියැවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක් පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්ෂව තම තමන්ගේ මනස චෛතසික සංකල්පයක් ලෙස ද අනෙක් අයගේ මනස වියුක්ත සංකල්පයක් ලෙස ද ඇතැයි අපි සලකමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අනෙක් අයගේ මනස් ද තමන්ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක් නොවන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යෑමට සිදුවෙයි. අනෙක් මිනිසුන්ට මනස් ඇති බව අප දන්නේ කෙසේ ද? එක්කෝ ඒ බව අපේ විඤ්ඤුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක් මිනිසුන්ට මනස් ඇති බව, සාමාන්‍ය මිනිසුන්ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක් වෙයි. එනම් පඤ්ඤත්තියක් වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක් මිනිසුන්ට මනස් ඇති බව එක්කෝ උපකල්පනය කිරීමට සිදුවෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදුවෙයි. එසේත් නැතහොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදුවෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මට මනසක් ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක් තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්, අනුමානයක් (ඉනෆඑරඑනචඑ) වෙයි. එවිට අනෙක් මිනිසුන්ට ද මනස් ඇති බව අනුමානයක් මිස සංකල්පයක් නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙන් (සයලලඔගඉසම) වෙනස් වන බව අවධාරණය කළ යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියළු මිනිසුන්ට මනස් ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක් ඇත. මේ නිගමනයක් ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියළු මිනිසුන්ට මනස් ඇත යන්න මත ය. සියළු මිනිසුන්ට මනස් ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියළු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක් මනසින් ස්වායත්ත ව පවතින බවක් නො කියැවෙයි. පුටුවක් මේසයක් මගේ මනසින් ස්වායත්ත ව නොපවතියි. මගෙන් ස්වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැතිව අපට නිරීක්ෂකයන් ලෙස කිසිවක් නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක් නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක් ලෙස එය ශූන්‍ය වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පුටුවක්, මේසයක්, බල්ලකු, බළලකු මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව නොපවතී නම් මනස මනසෙන් තොරව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස් දෙකක් ගැන මනස්ගාතයක් කීමට සිදුවනවා පමණක් නොව සංකල්ප තනන මනස හා වෙනත් මනසක් ගැන කීමට ද සිදුවෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්ෂ වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] දැන් ප්රශ්නය වනුයේ මනස මනසට සාපේක්ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්රචාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අපි බොහෝ අවස්ථාවල කියා ඇත්තෙමු. එයින් කියැවෙන්නේ එය මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක් නොව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මනසට ගෝචර නොවන කාලයෙහි ක්ෂණයක් යනු කුමක් ද? ක්ෂණයක් යන්න අර්ථදක්වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යුණක කොටසක්, ඉතා කුඩා කොටසක් ලෙස සැලකෙන ක්ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක් පවතින කාලය අනුව ක්ෂණය තේරුම් ගැනතමට උත්සාහ ගනිති. එහෙත් සිතක් පවතින කාලය කුමක් ද? සිත් පරම්පරාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? එක් සිතක් ඊළඟ සිතෙන් වෙනස්වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරදි යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මනස ක්ෂණයකටවත් නිරීක්ෂකයාගෙන් ස්වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක් ඇතිවිය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්ෂණයකවත් තිබූ මනසක් නැතිවෙයි. මෙය උච්ඡෙදවාදය වෙයි. ඇතිව තිබූ යමක් නැතිවීම උච්ඡෙදවාදය මිස අනෙකක් නො වෙයි. අනෙක් අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක් නිරක්‍ෂකයාගෙන් ස්වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියැවෙන්නේ ශාස්වතවාදයයි. මනස ක්ෂණයකට පවතින්නේ යැයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යැයි ගත්ත ද අපි එක්කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්වතවාදයට හසුවන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙකම බැහැර කිරීමට ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom