Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාල්ටන් ක්‍රීඩා සමාජයට ලක්ෂ 933ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාල්ටන් ක්‍රීඩා සමාජයට ලක්ෂ 933ක්

කාල්ටන් ක්‍රීඩා සමාජයට රේසින් කාර් ගේන්න රුපියල් ලක්ෂ 933ක්

රාජපක්ෂ පුතුන්ගේ කාල්ටන් ක්‍රීඩා සමාජයට රේසින් කාර් ගේන්න රුපියල් ලක්ෂ 933ක් ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා තමන්ගේ පුතුන්ට අය වැය රහස් හෙළිකර ඇති බවත් රේසිං කාර් ගෙන්වීම නිසා රුපියල් ලක්ෂ 2000ක බදු මුදලක් රටට අහිමි වන බවත් ඔහු පෙන්වාදෙයි.

කොළඹදී අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

2013 කියන්නේ රාජපක්ෂ පාලනයේ 8වෙනි අවුරුද්ද ආරම්භ කරන වර්ෂයයි. පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස ගත්තොත් මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට තිබෙනවා. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණේ අවුරුදු 16ක පාලනයේත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 08ක පාලනයේත් ආර්ථික ප්රතිලාභ තමයි මේ ජනතාවට ලැබෙමින් තිබෙන්නේ.

ඕනෑම ආණ්ඩුවක් වසර 07ක් තිස්සේ රටක් පාලනය කරලා 08 වෙනි අයැවය ඉදිරිපත් කරන විට එම අයවැයෙන් සුභවාදී ආර්ථික ප්‍රතිඵලයක් ජනතාවට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 07ක පාලනය තුළ අපේ රට බරපතළ ආර්ථික අගාධයකට රට ඇදලා දමලා තිබෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා තිබෙනවා අපේ රටේ ආර්ථිකය අර්බුදයට ණය ගැනීම සහ විශාල ලෙස මුදල් අච්චු ගැසීම හැර වෙන පිළියමක් නැති බව.

ආණ්ඩුව 2013 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම වන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් හාරසියයක්. ඒ වගේම ආණ්ඩුව ණය ගැනීමට අපේක්ෂා කරනවා රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් තුන්සියයක්. ඒ වගේම සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අපේක්ෂා කරන ආදායම සම්පූර්ණයෙන්ම උපයා ගැනීමේ අපහසුවක් තිබෙනවා. අපේක්ෂිත ආදායම 10%ක අව ප්‍රමාණයක් සහිතව තමයි ලැබෙන්නේ.

එහෙම ගත්තාම ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම ලබාගන්න බලාපොරොත්තුවන ණය ප්‍රමාණයට සමාන වෙනවා. වෙනත් ආකාරයකින් කියනවානම් ආණ්ඩුව මාස 06ක් තමන් ලබන ආදායමෙන් ආර්ථිකය ගෙනයන විට අනෙක් මාස 06 ගත කරන්නේ ලබාගන්නා ණය මතයි. අපේ රටේ ආර්ථිකය මෙවැනි අසීරු අඩියකට ගෙනත් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 07ක් ඇවෑමෙන් අපේ රට ගෙනල්ලා තිබෙන්නේ එතනටයි.

පසුගිය දවසක පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරිය කියා තිබුණා අපේ රටේ දැඩි ආර්ථික අපහසුතාවය හා පෝෂණ ඌණතාවය නිසා ශ්‍රී ලංකාවේ 40,000කට ආසන්න දරු පිරිසකගේ අධ්‍යාපනය මුළුමනින්ම අඩාලවී ඇති බව. එතනටයි මහින්ද රාජපක්ෂ අපේ රට ගෙනත් තිබෙන්නේ. ඒ වගේම පසුගිය 11වෙනි දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලූම අමාත්‍යාංශවල ලේකම්වරන් කැඳවා රැස්වීමක් පවත්වා තිබෙනවා.

එහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් නොවන පුනරාවර්තන වියදම් සියල්ල කපා හරින්න කියලා. ඔහු පවසා තිබෙන්නේ ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට පත්වී සිටින බවයි. අතිකාල, බටා සහ ඉන්ධන දීමනා සියල්ල කපාහරින ලෙස උපදෙස් දී තිබෙනවා. ඇත්තම ගත්තොත් රාජ්‍ය සේවකයින් තමන් ලබාගත් ණය ආදියට වාරික මුදල් කැපීමෙන් මූලික වැටුපෙන් අතට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්. ඔවුන් ජීවිතය ගැටගහගන්නේ තමන්ට ලැබෙන දීමනා මුදල්වලින්. ඉතිං පී.බී.ජයසුන්දර කියනවා එම දීමනා සියල්ල කපා දාන්න කියලා. මේ ආණ්ඩුව රටේ ජනතාව ආර්ථික වශයෙන් ඉතාමක් අසීරු අඩියකට ඇද දමලා තිබෙන්නේ. ඒ ආර්ථික අමාරුකම් අස්සේ තමයි ආණ්ඩුව පෙට්‍රල් ගාස්තු ඉහල දමන්නේ.

ආණ්ඩුව පසුගිය මසක පමණ කාලය තුළ ගෙනා පෙට්‍රල් ප්‍රමාණයන්ගේ එකතුවේ සාමාන්‍ය අගය ගණනය කළ පසුව පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල වන්නේ රු.89ක් පමණයි. වරායට ගොඩබාන ලද පෙට්‍රල් ලීටරයක මිල රු.89යි. නමුත් අපේ ගමේ ෂෙඞ් එකේ පෙට්‍රල් ලීටරයක මිල රු.159ක් වෙනවා මේ මිල වැඩි කිරීමත් සමග. මැදපෙරදිගින් තෙල් නැවක පටවලා, දින ගණනාවක් මුහුදේ නැව යාත්‍රා කරලා, කොළඹ වරායටත් ආවට පස්සේ ලීටරයක මිල රු.89ක් වන විට කොළඹ සිට අපේ ගමේ ෂෙඞ් එකට එනවිට තවත් රු.70ක් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකට අයකරනවා. පෙට්රල්වලට බදුගැසීම ආණ්ඩුවේ එකම ආදායම බවට පත්වෙලා.

වරාය හා ගුවන් සේවා බද්ධ 5%යි. වරාය ගාස්තු ලෙස 2.79%ක් අය කරනවා. එවිට රු.89ක් වන පෙට්‍රල් ලීටරයක් රු.95.91ක් වෙනවා. ඉන්පසු ආණ්ඩුව මෙයට අමතර බද්ධක් ලෙස රු.25ක් බද්ධක් අය කරනවා. පෙට්‍රල් සංස්ථාවෙන් සේවා ගාස්තු ලෙස රු.1.50ක් අය කරනවා. පෙට්‍රල් ෂෙඩ් හිමියාගේ ලාභය රු.1.25ක් වෙනවා. මේ බදුත්, ලාභත්, සේවා ගාස්තුත් සියල්ල එකතු කළාම පෙට්‍රල් ලීටරයක වටිනාකම රු.129ක් පමණයි. එම පෙට්‍රල් ලීටරයෙන් තෙල් සංස්ථාව තවත් රු.30ක ලාභයක් අයකර ගන්නවා. එනම් තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් ලීටරයකින් රු.60කට ආසන්න ප්‍රමාණයක සොරාකෑමක් සිදුකරනවා. ඔබ විසින් යතුරු පැදියට පෙට්‍රල් ලීටර් දෙකක් පිරවූ විට එයින් ආණ්ඩුවට රු.120ක බද්දක් ගෙවනවා. ආණ්ඩුව ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට එදිනෙදා බදු ගසමින් මේ විදියට මුදල් එකතු කරනවා.

ආසන්න වශයෙන් මසකට පෙට්‍රල් ලීටර් මිලියන 80ක් පමණ විකිණෙනවා. මිලියන 80 හැටෙන් වැඩි කළොත් ආණ්ඩුව පෙට්‍රල් වලින් පමණක් මසකට මිලියන 4800ක ලාභයක් ලබනවා. ආණ්ඩුව අවුරුද්දකට මිලියන 56,600ක් ලාභ ලබනවා. පෙට්‍රල් ජනතාවගේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් වෙනවා වෙනුවට ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා.

අපේ රටේ සාමාන්‍යයෙන් ජීවත් වන පවුල් ගණන මිලියන 05යි. අපේ රටේ හැම පවුලක්ම අවුරුද්දකට පෙට්‍රල් වෙනුවෙන් රුපියල් 11000ක බදු මුදලක් ගෙවලා තිබෙනවා. මසකට පවුලක් ආසන්න වශයෙන් පෙට්‍රල් වෙනුවෙන් පමණක් රු.1000කට ආසන්න බද්දක් ගෙවනවා. ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත කියනවා, පෙට්රල්වලට බදු ගැසීමට සිදුවනනේ විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් නිසා විශාල පාඩුවක් තෙල් සංස්ථාවට සිදුවන නිසා කියලා.

ලංකාවේ තෙල් බෙදාහැරීමේ එකාධිකාරයෙන් 1/3ක් අයි. ඕ.සී.ය සතුව තිබෙනවා. නමුත් අයි. ඕ.සී සමාගම විදුලි බල මණ්ඩලයට තෙල් ලබාදෙන්නේ නැහැ. එම නිසාම අයි. ඕ.සී. සමාගම විශාල ලාභයක් ලබනවා. 13 ගැන කතා කරන මහත්වරුන්ගෙන්, ඉන්දීය ආර්ථික ව්‍යාප්තවාදය ගැන බෙරිහන් දෙන මහත්වරුන්ගෙන් අපි අහනවා ආණ්ඩුව හැම පෙට්‍රල් ලීටරයකින්ම රු.30ක ලාභයක් ඉන්දීය සමාගමට ගෙවනවා කියලා. ඉන්දීය සමාගම රටේ මුදල් ඩොලර් ලෙස එලියට ගෙනයනවා. අනිවාර්යෙන්ම අයි. ඕ.සී. සමාගම මෙම තීන්දු ගන්න අයට කොමිස් දෙනවා.

තෙල් මිල මේ ආකාරයෙන් වැඩි වී තිබියදී ආණ්ඩුවේ ප්‍රධාන කරුණ බවට පත්වී තිබෙන්නේ මොකක්ද? ආණ්ඩුව කරන්නේ මුළු කොළඹම වහලා කාර් රේස් පදින එකයි. උසස් පෙළ සමතුන් ලක්ෂ 20ක් ඉන්නවා අපේ රටේ. ඔවුන් රැකියා විරහිතභාවයෙන් පෙළෙනවා. ගොවි අම්මා තාත්තගේ දරුවන් වගා කරන්න ඉඩමක් නැතිව ඉන්නවා. විශාල හැකියාවන් තිබෙන දූ පුතුන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලක් නැතිව කාලය ගතකරනවා.

මේ ආකාරයෙන් අපේ රටේ තරුණ පරපුර රැකියා විරහිතභාවයෙන් හිරකොට තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස මුදල් වියදම් කරමින් රේස් පදිනවා. ආර්ථිකයට බලපාන කොළඹ නගරය මුළුමනින්ම වසා දමමින් රෙස් පදින ආණ්ඩුවක් මේක. එය විශාල ලෙස රටේ ආර්ථිකයට බලපානවා. සාමාන්‍යයෙන් ලෝකයේ රේස් සඳහා භාවිතා කරන්නේ වෙනම සකස් කර තිබෙන ධාවන පථ. නමුත් ලංකාවේ ආර්ථිකයට බලපාන නගරයක් වහලා කාර් රේස් පදිනවා.

2013 අයවැය කතාවේ කියනවා තරඟ සඳහා භාවිතා කරන විශේෂ වාහනවල නිෂ්පාදන බද්ද ඉවත් කරනවා කියලා. එහෙත් මෙම අයවැය ඉදිරිපත් කරන්නත් කලින් කාල්ටන් ක්‍රීඩා සමාජය විසින් රේසින් කාර් ඇණවුම් කරනවා. කාල්ටන් කියන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ බ්රෑන්ඞ් නේම් එකයි. ඒක රටේ කවුරුත් දන්නවා. මෙම ක්‍රීඩා සමාජය රාජපක්ෂ පුතුන්ගේ ක්‍රීඩා සමාජයයි. අයවැයෙන් බදු ඉවත් කරන බව මොවුන් කලින් දන්නවා. මුදල් ඇමති තාත්තා තමන්ගේ පුතුන්ට අයවැය රහස් හෙළිකරලා තිබෙනවා. මේකද ජනාධිපතිවරයාගේ හෘදසාක්ෂිය කියලා අපි අහනවා. ඔහු වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නෙවෙයි. හෘදසාක්ෂියට අනුවයි. ඉතිං මේ හෘදසාක්ෂියට එකඟ දේවල්ද?

එම කාල්ටන් ක්‍රීඩා සමාජය විසින් රේසින් කාර් 19ක් ආනයනය කරනවා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්. මෙම කාර්වල වටිනාකම රුපියල් ලක්ෂ 933ක් වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 08ක් රටින් එළියට යනවා.

නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙන නිසා රුපියල් ලක්ෂ 2000ක් බද්දෙන් නිදහස් වෙනවා. එම මුදල රටට අහිමි වෙලා තිබෙනවා. තමන්ගේ පුතුන් වෙනුවෙන් බදු සහනය ලක්ෂ 2000ක්. මොන නායකයෙක්ද මේ. මොන රටක්ද මේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් වැඩිකරන්න ආණ්ඩුවට මුදල් නැහැ. ගොවියන්ගේ, ධීවරයින්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක්. අයවැය සහන දීලා තිබෙන්නේ තමන්ගේ පුතුන්ට.

නිෂ්පාදන බද්දට අමතරව අයකරනු ලබන වරාය හා ගුවන් සේවා බද්දත්, වරාය ගාස්තුත් එකතුව ගත්තාම රුපියල් ලක්ෂ 2022 පමණ වෙනවා. නමුත් එම බදුවලින් කිසිදු මුදලක් ගෙවලා නැහැ. කාල්ටන් ක්‍රීඩා සමාජය කන්ටේනර් 04ක් සඳහා ගෙවා ඇති මුළු මුදල් රු.2500ක් පමණයි. ඔවුන් රිංගා තිබෙන්නේ “කානේ” කියන සංචාරකයින් සඳහා ලබාදෙන රේගු නීතියෙන්. එම “කානේ” කියන නීතියට අනුව විදේශිකයෙක් ලංකාවට එනවිට තමන් පාවිච්චි කළ වාහනය ගෙන ඒමට පුළුවන්.

ඒ සඳහා එම විදේශිකයා බැංකු තැන්පතුවක් ලෙස මුදල් තැන්පත් කළ යුතුයි. එය රේගුව විසින් අය කර ගන්නේ නැහැ. මාස 06ක කාලයක් ඇතුළත එම වාහනය නැවත මෙරටින් ගෙන නොගියොත් එම බැංකු තැන්පතුව රේගු ගාස්තු වශයෙන් අය කර ගන්නවා. එම නීතිය රිංගා තමයි මෙම රාජපක්ෂ පුතුන් රේසින් කාර් ආනයනය කරලා තිබෙන්නේ. මාස 06කින් පසුව කාල්ටන් සමාගම රේසින් කාර් කොහාටද ගෙනියන්නේ. රේගු අධ්යක්ෂවරයාට පුළුවන් ඒ සඳහා ලබාදෙන මාස 06ක කාලය දීර්ඝ කරන්න. මුදල් ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතිං කවුද මුදල් ඇමති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.

පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් කියා තිබුණා නීතිය කාටත් එකයි. ලොකු පොඩි බේදයකින් තොරව හැමෝටම නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. ඉන් දින කිහිපයකට පසුව ඔහුම කියනවා එන්.එස්.බී එකේ සභාපති වංචාකාරී කොටස් ගණුදෙනුවකින් අමාරුවේ වැටුණා. නමුත් එහෙන් මෙහෙන් දාලා අපේ මිනිහා බේරගත්තා කියලා. ජනාධිපතිවරයා එහෙමයි තමන්ගේ මිනිස්සු බේරගන්නේ. එහෙම ජනාධිපතිවරයා තමන්ගේ පුතාලා වෙනුවෙන් මොනවා නොකරයිද?

මෙහිදී පැන නගින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජපක්ෂ පුතුන්ගේ කාල්ටන් ක්‍රීඩා සමාජයට රේසින් කාර් ගන්න ලක්ෂ 933ක් ලැබුණේ කොහොමද? නාමල් රාජපක්ෂට ඒ තරම් මුදලක් කොහෙන්ද? ඔහු සාමාන්‍ය උසස් පෙළ සමත් දරුවෙක් පමණයි. එහෙම කෙනෙක්ට කොයින්ද මේතරම් මුදලක් ලැබුණේ. ඒ වගේම ගෙන එන ලද රේසින් කාර් සඳහා ලක්ෂ 2022ක “කානේ“ නීතියට අනුව බැංකු තැන්පතුවක් තබන්නේ කොහොමද? මේ රහස් රටට හෙළි කළ යුතුයි.

රේසින් කාර් තරඟාවලිය සඳහා ගාලූ පාර සම්පූර්ණයෙන් කාපට් කළා. ඒවාට මුදල් යෙදෙව්වේ කවුද? පාර දෙපැත්තට වැලි කොට්ට පමණක් ලක්ෂ 150ක් දාලා තිබෙනවා. මේවා රටේ සමස්ත ජනතාවගේ බදු මුදල්වලින් එකතු කරගන්නා සල්ලි. ගමේ දුප්පත් අම්මා තාත්තට ගහනවා පොළ බද්ද, ලොරි රථයකට වහලයක් ගැසූ විට රුපියල් 56000ක් ලියාපදිංචි ගාස්තු ගන්නවා.

2013 අයවැයෙන් තරුණ තරුණියන්ගේ විවාහ ලියාපදිංචි ගාස්තු රු.1000 සිට රු.5000ක් දක්වා වැඩිකරා. පරණ උප්පැන්න සහතිකයක් ලබාගන්න ගිය විට රුපියල් 2000ක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් ජනතාවට විශාල ලෙස බදු ගහලා හොයන මුදල් වියදම් කරමින් ඉන්නේ තමන්ගේ පුතාලට කාර් රේස් පදින්න.

මේ ආකාරයේ මුග්ධ, කැත පාලනයක් තමයි මහින්ද රාජපක්ෂ ගෙන යමින් තිබෙන්නේ. අපේ රටේ ඉතාම පහත් අඩියට වැටී තිබෙන ආර්ථික අර්බුදය තව තවත් තීව්ර කරන්නේ මේ ආණ්ඩුව ගෙන යන වැරදි ආර්ථික කි්රයාමාර්ගවලින්. මේ රටේ තරුණ පරපුර මේ ආණ්ඩුවට එරෙහි විය යුතු නැද්ද? තමන්ට රැකියාවක් ලබාදෙන්න බැරි ආණ්ඩුවක්. තරුණයින්ගේ විවාහයෙන් බදුමුදල් එකතු කරන ආණ්ඩුවක්. මේවට එරෙහිව අරගල කළ යුතු නැද්ද? ජනාධිපතිවරයා කියා තිබෙනවා ඔහු මේ රටේ සියලූ දෙනාගේ තාත්තා කියලා. ඒක මහ මුසාවක් පමණයි. ඔහු ඔහුගේ පුතුන්ගේ සහ තෝරාගත් තවත් කිහිපදෙනෙකුගේ තාත්තා පමණයි. ඔහු අනෙක් සියල්ලගේම බාප්පා පමණයි. එනිසා මේ බොරු, රැවටිලිකාරී ප්‍රෝඩාවන් වහාම රටට හෙළි කළ යුතුයි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්....

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුවේ චණ්ඩියන් මෙන්ම ඊට එරෙහි දුෂ්ඨයෝද ඉන්නවා. මේ දෙගොල්ලෝම මහින්ද රාජපක්ෂගේ නැට්ටුවෝ පමණයි. මේ දෙපිරිසම නටමින් ඉන්නේ රාජපක්ෂ අනුමැතියෙන්. මෙය විකට රංගනයක් පමණයි. රටේ පැන නගින අනෙකුත් ප්‍රශ්න යටගහන්න ජනතාවට හප හපා ඉන්න ගෙනාපු දෙයක් පමණයි.

මේ පසුගිය ඉරිදා පුවත්වල පළවුණා බැසිල් රාජපක්ෂ කියා තිබුණා කියලා ඔහු මේ දෝෂාභියෝගය ගැන දන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කියනවා එයා ඒකට කැමති නෑ කියලා. මේක පුදුම වැඩක්. මේ ආණ්ඩුව අපේ එකක්ද? ඒ අය මේ ආණ්ඩුව ඇතුළේ සිද්ද වෙන දේවල් මොකුත් දන්නේ නැද්ද? මුල සිටම මහින්ද රාජපක්ෂ පවුල බේරාගැනීමේ ක්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් සිටියේ. ඒ නිසා බැසිල් රාජපක්ෂ ළඟට දෝෂාභියෝගය අත්සන් කරන්න ගෙනාවේ නැහැ. සාමාන්‍යයෙන් හොර කණ්ඩායමක නායකයා තමන්ගේ ගෝලයෝ ටික ආරක්ෂා කරනවා. පාතාල නායකයින් තමන්ගේ පාතාල සාමාජිකයින් රකිනවා. නමුත් මේ රාජපක්ෂ පවුලට පාතාල නායකයින්ට තිබෙන සම්ප්‍රදායවත් නැහැ. ඔවුන් තමන්ට උදව් කරන සියලූ දෙනාම පාවාදෙන ක්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් ඉන්නේ.

[QUOTE="pawusi, post: 14075463, member: 150474"] [b]කාල්ටන් ක්‍රීඩා සමාජයට ලක්ෂ 933ක්[/b] [B]කාල්ටන් ක්‍රීඩා සමාජයට රේසින් කාර් ගේන්න රුපියල් ලක්ෂ 933ක්[/B] [CENTER][IMG]http://sinhala.adaderana.lk/news_images/554570021anuradissanayaka2.jpg[/IMG] [/CENTER] [SIZE=4]රාජපක්ෂ පුතුන්ගේ කාල්ටන් ක්‍රීඩා සමාජයට රේසින් කාර් ගේන්න රුපියල් ලක්ෂ 933ක් ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි. ජනාධිපතිවරයා තමන්ගේ පුතුන්ට අය වැය රහස් හෙළිකර ඇති බවත් රේසිං කාර් ගෙන්වීම නිසා රුපියල් ලක්ෂ 2000ක බදු මුදලක් රටට අහිමි වන බවත් ඔහු පෙන්වාදෙයි. කොළඹදී අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. 2013 කියන්නේ රාජපක්ෂ පාලනයේ 8වෙනි අවුරුද්ද ආරම්භ කරන වර්ෂයයි. පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස ගත්තොත් මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට තිබෙනවා. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණේ අවුරුදු 16ක පාලනයේත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 08ක පාලනයේත් ආර්ථික ප්රතිලාභ තමයි මේ ජනතාවට ලැබෙමින් තිබෙන්නේ. ඕනෑම ආණ්ඩුවක් වසර 07ක් තිස්සේ රටක් පාලනය කරලා 08 වෙනි අයැවය ඉදිරිපත් කරන විට එම අයවැයෙන් සුභවාදී ආර්ථික ප්‍රතිඵලයක් ජනතාවට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 07ක පාලනය තුළ අපේ රට බරපතළ ආර්ථික අගාධයකට රට ඇදලා දමලා තිබෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා තිබෙනවා අපේ රටේ ආර්ථිකය අර්බුදයට ණය ගැනීම සහ විශාල ලෙස මුදල් අච්චු ගැසීම හැර වෙන පිළියමක් නැති බව. ආණ්ඩුව 2013 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම වන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් හාරසියයක්. ඒ වගේම ආණ්ඩුව ණය ගැනීමට අපේක්ෂා කරනවා රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් තුන්සියයක්. ඒ වගේම සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අපේක්ෂා කරන ආදායම සම්පූර්ණයෙන්ම උපයා ගැනීමේ අපහසුවක් තිබෙනවා. අපේක්ෂිත ආදායම 10%ක අව ප්‍රමාණයක් සහිතව තමයි ලැබෙන්නේ. එහෙම ගත්තාම ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම ලබාගන්න බලාපොරොත්තුවන ණය ප්‍රමාණයට සමාන වෙනවා. වෙනත් ආකාරයකින් කියනවානම් ආණ්ඩුව මාස 06ක් තමන් ලබන ආදායමෙන් ආර්ථිකය ගෙනයන විට අනෙක් මාස 06 ගත කරන්නේ ලබාගන්නා ණය මතයි. අපේ රටේ ආර්ථිකය මෙවැනි අසීරු අඩියකට ගෙනත් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 07ක් ඇවෑමෙන් අපේ රට ගෙනල්ලා තිබෙන්නේ එතනටයි. පසුගිය දවසක පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරිය කියා තිබුණා අපේ රටේ දැඩි ආර්ථික අපහසුතාවය හා පෝෂණ ඌණතාවය නිසා ශ්‍රී ලංකාවේ 40,000කට ආසන්න දරු පිරිසකගේ අධ්‍යාපනය මුළුමනින්ම අඩාලවී ඇති බව. එතනටයි මහින්ද රාජපක්ෂ අපේ රට ගෙනත් තිබෙන්නේ. ඒ වගේම පසුගිය 11වෙනි දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලූම අමාත්‍යාංශවල ලේකම්වරන් කැඳවා රැස්වීමක් පවත්වා තිබෙනවා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් නොවන පුනරාවර්තන වියදම් සියල්ල කපා හරින්න කියලා. ඔහු පවසා තිබෙන්නේ ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට පත්වී සිටින බවයි. අතිකාල, බටා සහ ඉන්ධන දීමනා සියල්ල කපාහරින ලෙස උපදෙස් දී තිබෙනවා. ඇත්තම ගත්තොත් රාජ්‍ය සේවකයින් තමන් ලබාගත් ණය ආදියට වාරික මුදල් කැපීමෙන් මූලික වැටුපෙන් අතට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්. ඔවුන් ජීවිතය ගැටගහගන්නේ තමන්ට ලැබෙන දීමනා මුදල්වලින්. ඉතිං පී.බී.ජයසුන්දර කියනවා එම දීමනා සියල්ල කපා දාන්න කියලා. මේ ආණ්ඩුව රටේ ජනතාව ආර්ථික වශයෙන් ඉතාමක් අසීරු අඩියකට ඇද දමලා තිබෙන්නේ. ඒ ආර්ථික අමාරුකම් අස්සේ තමයි ආණ්ඩුව පෙට්‍රල් ගාස්තු ඉහල දමන්නේ. ආණ්ඩුව පසුගිය මසක පමණ කාලය තුළ ගෙනා පෙට්‍රල් ප්‍රමාණයන්ගේ එකතුවේ සාමාන්‍ය අගය ගණනය කළ පසුව පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල වන්නේ රු.89ක් පමණයි. වරායට ගොඩබාන ලද පෙට්‍රල් ලීටරයක මිල රු.89යි. නමුත් අපේ ගමේ ෂෙඞ් එකේ පෙට්‍රල් ලීටරයක මිල රු.159ක් වෙනවා මේ මිල වැඩි කිරීමත් සමග. මැදපෙරදිගින් තෙල් නැවක පටවලා, දින ගණනාවක් මුහුදේ නැව යාත්‍රා කරලා, කොළඹ වරායටත් ආවට පස්සේ ලීටරයක මිල රු.89ක් වන විට කොළඹ සිට අපේ ගමේ ෂෙඞ් එකට එනවිට තවත් රු.70ක් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකට අයකරනවා. පෙට්රල්වලට බදුගැසීම ආණ්ඩුවේ එකම ආදායම බවට පත්වෙලා. වරාය හා ගුවන් සේවා බද්ධ 5%යි. වරාය ගාස්තු ලෙස 2.79%ක් අය කරනවා. එවිට රු.89ක් වන පෙට්‍රල් ලීටරයක් රු.95.91ක් වෙනවා. ඉන්පසු ආණ්ඩුව මෙයට අමතර බද්ධක් ලෙස රු.25ක් බද්ධක් අය කරනවා. පෙට්‍රල් සංස්ථාවෙන් සේවා ගාස්තු ලෙස රු.1.50ක් අය කරනවා. පෙට්‍රල් ෂෙඩ් හිමියාගේ ලාභය රු.1.25ක් වෙනවා. මේ බදුත්, ලාභත්, සේවා ගාස්තුත් සියල්ල එකතු කළාම පෙට්‍රල් ලීටරයක වටිනාකම රු.129ක් පමණයි. එම පෙට්‍රල් ලීටරයෙන් තෙල් සංස්ථාව තවත් රු.30ක ලාභයක් අයකර ගන්නවා. එනම් තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් ලීටරයකින් රු.60කට ආසන්න ප්‍රමාණයක සොරාකෑමක් සිදුකරනවා. ඔබ විසින් යතුරු පැදියට පෙට්‍රල් ලීටර් දෙකක් පිරවූ විට එයින් ආණ්ඩුවට රු.120ක බද්දක් ගෙවනවා. ආණ්ඩුව ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට එදිනෙදා බදු ගසමින් මේ විදියට මුදල් එකතු කරනවා. ආසන්න වශයෙන් මසකට පෙට්‍රල් ලීටර් මිලියන 80ක් පමණ විකිණෙනවා. මිලියන 80 හැටෙන් වැඩි කළොත් ආණ්ඩුව පෙට්‍රල් වලින් පමණක් මසකට මිලියන 4800ක ලාභයක් ලබනවා. ආණ්ඩුව අවුරුද්දකට මිලියන 56,600ක් ලාභ ලබනවා. පෙට්‍රල් ජනතාවගේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් වෙනවා වෙනුවට ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා. අපේ රටේ සාමාන්‍යයෙන් ජීවත් වන පවුල් ගණන මිලියන 05යි. අපේ රටේ හැම පවුලක්ම අවුරුද්දකට පෙට්‍රල් වෙනුවෙන් රුපියල් 11000ක බදු මුදලක් ගෙවලා තිබෙනවා. මසකට පවුලක් ආසන්න වශයෙන් පෙට්‍රල් වෙනුවෙන් පමණක් රු.1000කට ආසන්න බද්දක් ගෙවනවා. ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත කියනවා, පෙට්රල්වලට බදු ගැසීමට සිදුවනනේ විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් නිසා විශාල පාඩුවක් තෙල් සංස්ථාවට සිදුවන නිසා කියලා. ලංකාවේ තෙල් බෙදාහැරීමේ එකාධිකාරයෙන් 1/3ක් අයි. ඕ.සී.ය සතුව තිබෙනවා. නමුත් අයි. ඕ.සී සමාගම විදුලි බල මණ්ඩලයට තෙල් ලබාදෙන්නේ නැහැ. එම නිසාම අයි. ඕ.සී. සමාගම විශාල ලාභයක් ලබනවා. 13 ගැන කතා කරන මහත්වරුන්ගෙන්, ඉන්දීය ආර්ථික ව්‍යාප්තවාදය ගැන බෙරිහන් දෙන මහත්වරුන්ගෙන් අපි අහනවා ආණ්ඩුව හැම පෙට්‍රල් ලීටරයකින්ම රු.30ක ලාභයක් ඉන්දීය සමාගමට ගෙවනවා කියලා. ඉන්දීය සමාගම රටේ මුදල් ඩොලර් ලෙස එලියට ගෙනයනවා. අනිවාර්යෙන්ම අයි. ඕ.සී. සමාගම මෙම තීන්දු ගන්න අයට කොමිස් දෙනවා. තෙල් මිල මේ ආකාරයෙන් වැඩි වී තිබියදී ආණ්ඩුවේ ප්‍රධාන කරුණ බවට පත්වී තිබෙන්නේ මොකක්ද? ආණ්ඩුව කරන්නේ මුළු කොළඹම වහලා කාර් රේස් පදින එකයි. උසස් පෙළ සමතුන් ලක්ෂ 20ක් ඉන්නවා අපේ රටේ. ඔවුන් රැකියා විරහිතභාවයෙන් පෙළෙනවා. ගොවි අම්මා තාත්තගේ දරුවන් වගා කරන්න ඉඩමක් නැතිව ඉන්නවා. විශාල හැකියාවන් තිබෙන දූ පුතුන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලක් නැතිව කාලය ගතකරනවා. මේ ආකාරයෙන් අපේ රටේ තරුණ පරපුර රැකියා විරහිතභාවයෙන් හිරකොට තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස මුදල් වියදම් කරමින් රේස් පදිනවා. ආර්ථිකයට බලපාන කොළඹ නගරය මුළුමනින්ම වසා දමමින් රෙස් පදින ආණ්ඩුවක් මේක. එය විශාල ලෙස රටේ ආර්ථිකයට බලපානවා. සාමාන්‍යයෙන් ලෝකයේ රේස් සඳහා භාවිතා කරන්නේ වෙනම සකස් කර තිබෙන ධාවන පථ. නමුත් ලංකාවේ ආර්ථිකයට බලපාන නගරයක් වහලා කාර් රේස් පදිනවා. 2013 අයවැය කතාවේ කියනවා තරඟ සඳහා භාවිතා කරන විශේෂ වාහනවල නිෂ්පාදන බද්ද ඉවත් කරනවා කියලා. එහෙත් මෙම අයවැය ඉදිරිපත් කරන්නත් කලින් කාල්ටන් ක්‍රීඩා සමාජය විසින් රේසින් කාර් ඇණවුම් කරනවා. කාල්ටන් කියන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ බ්රෑන්ඞ් නේම් එකයි. ඒක රටේ කවුරුත් දන්නවා. මෙම ක්‍රීඩා සමාජය රාජපක්ෂ පුතුන්ගේ ක්‍රීඩා සමාජයයි. අයවැයෙන් බදු ඉවත් කරන බව මොවුන් කලින් දන්නවා. මුදල් ඇමති තාත්තා තමන්ගේ පුතුන්ට අයවැය රහස් හෙළිකරලා තිබෙනවා. මේකද ජනාධිපතිවරයාගේ හෘදසාක්ෂිය කියලා අපි අහනවා. ඔහු වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නෙවෙයි. හෘදසාක්ෂියට අනුවයි. ඉතිං මේ හෘදසාක්ෂියට එකඟ දේවල්ද? එම කාල්ටන් ක්‍රීඩා සමාජය විසින් රේසින් කාර් 19ක් ආනයනය කරනවා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්. මෙම කාර්වල වටිනාකම රුපියල් ලක්ෂ 933ක් වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 08ක් රටින් එළියට යනවා. නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙන නිසා රුපියල් ලක්ෂ 2000ක් බද්දෙන් නිදහස් වෙනවා. එම මුදල රටට අහිමි වෙලා තිබෙනවා. තමන්ගේ පුතුන් වෙනුවෙන් බදු සහනය ලක්ෂ 2000ක්. මොන නායකයෙක්ද මේ. මොන රටක්ද මේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් වැඩිකරන්න ආණ්ඩුවට මුදල් නැහැ. ගොවියන්ගේ, ධීවරයින්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක්. අයවැය සහන දීලා තිබෙන්නේ තමන්ගේ පුතුන්ට. නිෂ්පාදන බද්දට අමතරව අයකරනු ලබන වරාය හා ගුවන් සේවා බද්දත්, වරාය ගාස්තුත් එකතුව ගත්තාම රුපියල් ලක්ෂ 2022 පමණ වෙනවා. නමුත් එම බදුවලින් කිසිදු මුදලක් ගෙවලා නැහැ. කාල්ටන් ක්‍රීඩා සමාජය කන්ටේනර් 04ක් සඳහා ගෙවා ඇති මුළු මුදල් රු.2500ක් පමණයි. ඔවුන් රිංගා තිබෙන්නේ “කානේ” කියන සංචාරකයින් සඳහා ලබාදෙන රේගු නීතියෙන්. එම “කානේ” කියන නීතියට අනුව විදේශිකයෙක් ලංකාවට එනවිට තමන් පාවිච්චි කළ වාහනය ගෙන ඒමට පුළුවන්. ඒ සඳහා එම විදේශිකයා බැංකු තැන්පතුවක් ලෙස මුදල් තැන්පත් කළ යුතුයි. එය රේගුව විසින් අය කර ගන්නේ නැහැ. මාස 06ක කාලයක් ඇතුළත එම වාහනය නැවත මෙරටින් ගෙන නොගියොත් එම බැංකු තැන්පතුව රේගු ගාස්තු වශයෙන් අය කර ගන්නවා. එම නීතිය රිංගා තමයි මෙම රාජපක්ෂ පුතුන් රේසින් කාර් ආනයනය කරලා තිබෙන්නේ. මාස 06කින් පසුව කාල්ටන් සමාගම රේසින් කාර් කොහාටද ගෙනියන්නේ. රේගු අධ්යක්ෂවරයාට පුළුවන් ඒ සඳහා ලබාදෙන මාස 06ක කාලය දීර්ඝ කරන්න. මුදල් ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතිං කවුද මුදල් ඇමති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් කියා තිබුණා නීතිය කාටත් එකයි. ලොකු පොඩි බේදයකින් තොරව හැමෝටම නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. ඉන් දින කිහිපයකට පසුව ඔහුම කියනවා එන්.එස්.බී එකේ සභාපති වංචාකාරී කොටස් ගණුදෙනුවකින් අමාරුවේ වැටුණා. නමුත් එහෙන් මෙහෙන් දාලා අපේ මිනිහා බේරගත්තා කියලා. ජනාධිපතිවරයා එහෙමයි තමන්ගේ මිනිස්සු බේරගන්නේ. එහෙම ජනාධිපතිවරයා තමන්ගේ පුතාලා වෙනුවෙන් මොනවා නොකරයිද? මෙහිදී පැන නගින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජපක්ෂ පුතුන්ගේ කාල්ටන් ක්‍රීඩා සමාජයට රේසින් කාර් ගන්න ලක්ෂ 933ක් ලැබුණේ කොහොමද? නාමල් රාජපක්ෂට ඒ තරම් මුදලක් කොහෙන්ද? ඔහු සාමාන්‍ය උසස් පෙළ සමත් දරුවෙක් පමණයි. එහෙම කෙනෙක්ට කොයින්ද මේතරම් මුදලක් ලැබුණේ. ඒ වගේම ගෙන එන ලද රේසින් කාර් සඳහා ලක්ෂ 2022ක “කානේ“ නීතියට අනුව බැංකු තැන්පතුවක් තබන්නේ කොහොමද? මේ රහස් රටට හෙළි කළ යුතුයි. රේසින් කාර් තරඟාවලිය සඳහා ගාලූ පාර සම්පූර්ණයෙන් කාපට් කළා. ඒවාට මුදල් යෙදෙව්වේ කවුද? පාර දෙපැත්තට වැලි කොට්ට පමණක් ලක්ෂ 150ක් දාලා තිබෙනවා. මේවා රටේ සමස්ත ජනතාවගේ බදු මුදල්වලින් එකතු කරගන්නා සල්ලි. ගමේ දුප්පත් අම්මා තාත්තට ගහනවා පොළ බද්ද, ලොරි රථයකට වහලයක් ගැසූ විට රුපියල් 56000ක් ලියාපදිංචි ගාස්තු ගන්නවා. 2013 අයවැයෙන් තරුණ තරුණියන්ගේ විවාහ ලියාපදිංචි ගාස්තු රු.1000 සිට රු.5000ක් දක්වා වැඩිකරා. පරණ උප්පැන්න සහතිකයක් ලබාගන්න ගිය විට රුපියල් 2000ක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් ජනතාවට විශාල ලෙස බදු ගහලා හොයන මුදල් වියදම් කරමින් ඉන්නේ තමන්ගේ පුතාලට කාර් රේස් පදින්න. මේ ආකාරයේ මුග්ධ, කැත පාලනයක් තමයි මහින්ද රාජපක්ෂ ගෙන යමින් තිබෙන්නේ. අපේ රටේ ඉතාම පහත් අඩියට වැටී තිබෙන ආර්ථික අර්බුදය තව තවත් තීව්ර කරන්නේ මේ ආණ්ඩුව ගෙන යන වැරදි ආර්ථික කි්රයාමාර්ගවලින්. මේ රටේ තරුණ පරපුර මේ ආණ්ඩුවට එරෙහි විය යුතු නැද්ද? තමන්ට රැකියාවක් ලබාදෙන්න බැරි ආණ්ඩුවක්. තරුණයින්ගේ විවාහයෙන් බදුමුදල් එකතු කරන ආණ්ඩුවක්. මේවට එරෙහිව අරගල කළ යුතු නැද්ද? ජනාධිපතිවරයා කියා තිබෙනවා ඔහු මේ රටේ සියලූ දෙනාගේ තාත්තා කියලා. ඒක මහ මුසාවක් පමණයි. ඔහු ඔහුගේ පුතුන්ගේ සහ තෝරාගත් තවත් කිහිපදෙනෙකුගේ තාත්තා පමණයි. ඔහු අනෙක් සියල්ලගේම බාප්පා පමණයි. එනිසා මේ බොරු, රැවටිලිකාරී ප්‍රෝඩාවන් වහාම රටට හෙළි කළ යුතුයි. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.... 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුවේ චණ්ඩියන් මෙන්ම ඊට එරෙහි දුෂ්ඨයෝද ඉන්නවා. මේ දෙගොල්ලෝම මහින්ද රාජපක්ෂගේ නැට්ටුවෝ පමණයි. මේ දෙපිරිසම නටමින් ඉන්නේ රාජපක්ෂ අනුමැතියෙන්. මෙය විකට රංගනයක් පමණයි. රටේ පැන නගින අනෙකුත් ප්‍රශ්න යටගහන්න ජනතාවට හප හපා ඉන්න ගෙනාපු දෙයක් පමණයි. මේ පසුගිය ඉරිදා පුවත්වල පළවුණා බැසිල් රාජපක්ෂ කියා තිබුණා කියලා ඔහු මේ දෝෂාභියෝගය ගැන දන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කියනවා එයා ඒකට කැමති නෑ කියලා. මේක පුදුම වැඩක්. මේ ආණ්ඩුව අපේ එකක්ද? ඒ අය මේ ආණ්ඩුව ඇතුළේ සිද්ද වෙන දේවල් මොකුත් දන්නේ නැද්ද? මුල සිටම මහින්ද රාජපක්ෂ පවුල බේරාගැනීමේ ක්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් සිටියේ. ඒ නිසා බැසිල් රාජපක්ෂ ළඟට දෝෂාභියෝගය අත්සන් කරන්න ගෙනාවේ නැහැ. සාමාන්‍යයෙන් හොර කණ්ඩායමක නායකයා තමන්ගේ ගෝලයෝ ටික ආරක්ෂා කරනවා. පාතාල නායකයින් තමන්ගේ පාතාල සාමාජිකයින් රකිනවා. නමුත් මේ රාජපක්ෂ පවුලට පාතාල නායකයින්ට තිබෙන සම්ප්‍රදායවත් නැහැ. ඔවුන් තමන්ට උදව් කරන සියලූ දෙනාම පාවාදෙන ක්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් ඉන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom