Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
කාල තරනය - Time Travel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="amilaonline77" data-source="post: 24067980" data-attributes="member: 569513"><p>අපිට කාලය හරහා ගමන් කරන්න පුලුවන්ද? </p><p>නැත්නම් මේක හුදෙක් මතවාදයක් විතරක්ද? අපි හැමෝටම මේක ප්‍රශ්නයක්.. කාලය කියන්නෙ ඇත්තටම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම එහෙම පුළුවන් නම්..... මේ සම්බන්ධව පොත්පත් වගේම ගොඩක් චිත්‍රපටි නිර්මාණය වෙලා තියනවා.. The time machine, back to the future , Tomorrow people සහ මෑතක නිකුත් උන The flash කතා මාලාවත් මේ අතරින් කිහිපයක්.. 1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත. ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත. නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත. කොන්ටම් විද්‍යාවේ සඳහන් වෙන පණු කුහර (wormholes) මගින්, කළු කුහර මගින්ද කාලය හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත.. ආලෝකයේ වේගයට සමානව හෝ ඊට වැඩ වැඩියෙන් වේගයක් ලඟා කරගත හැකි නම් කාල තරණය සැබෑවක් බවට පත් වීම සිහිනයක් පමණක්ම නොවනු ඇත..</p></blockquote><p></p>
[QUOTE="amilaonline77, post: 24067980, member: 569513"] [B][/B][B][SIZE="5"][/SIZE][/B] අපිට කාලය හරහා ගමන් කරන්න පුලුවන්ද? නැත්නම් මේක හුදෙක් මතවාදයක් විතරක්ද? අපි හැමෝටම මේක ප්‍රශ්නයක්.. කාලය කියන්නෙ ඇත්තටම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම එහෙම පුළුවන් නම්..... මේ සම්බන්ධව පොත්පත් වගේම ගොඩක් චිත්‍රපටි නිර්මාණය වෙලා තියනවා.. The time machine, back to the future , Tomorrow people සහ මෑතක නිකුත් උන The flash කතා මාලාවත් මේ අතරින් කිහිපයක්.. 1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත. ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත. නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත. කොන්ටම් විද්‍යාවේ සඳහන් වෙන පණු කුහර (wormholes) මගින්, කළු කුහර මගින්ද කාලය හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත.. ආලෝකයේ වේගයට සමානව හෝ ඊට වැඩ වැඩියෙන් වේගයක් ලඟා කරගත හැකි නම් කාල තරණය සැබෑවක් බවට පත් වීම සිහිනයක් පමණක්ම නොවනු ඇත.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom