කැනඩා සරසවියක් පෙන්වා මුදල් ගැරූ දෙදෙනා දැලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කැනඩාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසා කෝටි 60කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 47 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    මෙම සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

    එලෙස ඔවුන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වංචා කර ඇති බවද හෙළිවී ඇත.

    සැකකරුවන් විසින් පුද්ගලයින් මුලා කිරීම සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 06 වන මහලේ කාර්යාලයක් ද පවත්වාගෙන ගොස් මෙම දැවැන්ත වංචාව සිදුකර තිබේ.

    වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ මෙම වංචාවට හසුවී ඇති බවද මේ වනවිට හෙළිවී ඇත.

    එහිදී සැකකරුවන් මෙම වංචාව සිදුකිරීමට විවිධ පුද්ගලයින් වෙත පවසා ඇත්තේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක මාස 15ක කාලයක් සඳහා වීසා ලබාදෙන බවය.

    කොළඹ වංචා විමර්ශන අංශය විසින් මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.
     
    • Haha
    Reactions: LZP1992

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ලොකු ලොකු අතු ටිකක් සම්බන්ධයි නම් ඉක්මනටම නිදහස් වෙයි. බලපන්කෝ.
     

    Similar threads