Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැන්ටිමේ තේ හදන කෝටිපතියා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැන්ටිමේ තේ හදන කෝටිපතියා.......

සියලු දෙනාම ලොතරැයි මිලදී ගන්නේ කෝටිපතියන් වී දිවි සරු කර ගැනීමටය. එනමුත් ලොතරැයි දිනුමකින් කෝටිපතියන් වී වාසනාව උදා කරගත් ඇතැමුන් සල්ලි නිසාම අවාසනාවන්තයන් වූ බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. මේ කතාවත් එවැනි පුදුම කතාවකි. ඒ කතාව ලක්බිමේ මුලින්ම පළවූයේ 2001 දීය. ලංකාවේ ලොකුම ලොතරැයි දිනුම වන දහතුන් කෝටියක මුදලක් ඇඹිලිපිටියේ ගොවියකු දිනාගත් මේ මොහොතේ අප මේ කතාව නැවත පළ කළේ ඒ කතාවේ ඇති අපූර්වත්වය නිසාය.

කෝටිපතියකු කච්ච්ෙරි කැන්ටිමේ තේ හදමින් සිටි බව මා සමග කිව්වේ අපේ පත්තරයේ අම්පාර වාර්තාකරු වන සමන් මානික්කආරච්චිය. ඔහු ඒ බව කිව්වේ අප දෙදෙනා උදේ කච්ච්ෙරි කැන්ටිමෙන් තේ බි පාරට බැස්ස පසුය. ඒ නිසා මට කෝටිපතියා දැකගන්නට ඒ වෙලාවේ ඉඩක් ලැබුණේ නැත.

හැන්දෑවේ තේ බොන්නට අපි ආපසු අම්පාරේ කච්ච්ෙරි කැන්ටිමට ගියෙමු. අප යන වෙලාවේ එළියේ කොරිඩෝවේ කොට කලිසමක් හා මේස් බැනියමක් ඇඳගත් උස හීන්දෑරී සේවකයෙක් සිටියේය. ඔහු සිටියේ ඔළුව පහළට නවාගෙන ගිරයකින් පුවක් සුද්ද කරමිනි. මේ නිසා සේවකයාගේ මුහුණ ඈතට පැහැදිලිව පෙනුණේ නැත. එහෙත් මානික්කආරච්චි ඔහු හඳුනාගත්තේය.

ඒ කෝටිපතියාය.

මීට තුන් අවුරුද්දකට පෙර අම්පාරේ එච්.යූ.චන්ද්‍රසිරිට මහජන සම්පතේ සුපිරි දිනුම ඇදුණි. තෑග්ග රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ තිස් හත් දාහකි. එහෙත් අද අම්පාර කච්ච්ෙරි කැන්ටිමේ වැඩ කරන ඒ කෝටිපතියාට දවසකට ලැබෙන්නේ රුපියල් සීයකි.

අප සමග කතාව කියන්නට කෝටිපතියා මුලදී කැමති වුණේ නැත. එහෙත් තමන් සල්ලි වියදම් කළ අන්දම පත්තරයේ දමන්නට බොහෝ පෙරැත්ත කිරීම්වලින් පසු ඔහු කැමැත්ත දුන්නේය.

කෝටිපතියා අප සමග කතා කළේ තමන්ගේ රස්සාවට යාන්තමින් වත් බාධාවක් කරගන්නේ නැතිවය. පසුවදාට බුලත් විටිවලට තබන්නට ඔහු හොඳ පිරිසිදුවට රවුමට පුවක් ගෙඩි ලෙලි ගැසුවේය. ඒවා එකින් එක ප්ලාස්ටික් පෙට්ටියකට දැමුවේය. ඒ අතරේ ලොතරැයි දිනුම ඇදෙන්නට පෙර තමන් අති දුප්පතෙකු හැටියට ගත කළ කාලය ගැන සිහිපත් කළේය.

චන්ද්‍රසිරි මතක ඇති කාලයක සිට රස්සාවක් හැටියට කර තිබුණේ හිඟුරාණ සීනි කම්හලේ ට්‍රැක්ටර්වලට අත් උදව් දීමය. ට්රැක්ටර්වල රෝද ගැලවීම, සවි කිරීම ආදී කුදු මහත් කටයුතු ඔහුට පැවැරී තිබුණි. එක් දහස් නවසිය අසූ අටේදී උක් ඉඩම් අක්කර දෙක හමාරක් වන්දි හැටියට ලබාගෙන සේවයෙන් නිදහස් වන්නට හිඟුරානේ උක් සේවකයන්ට ඉඩ ලැබුණි. චන්ද්‍රසිරිද උක් ඉඩම් හිමියෙක් විය.

ඒත් උක් වැවිල්ලෙන් ආදායමක් ලැබුණේ නැහැ. ඊට පස්සෙ මම අයිය කෙනෙක් එක්ක ගෙවල්වල කුලියට තීන්ත ගාන්න පටන් ගත්තා. අනූ අටේ මාර්තු තුන් වෙනිදා ඔය මහජන සම්පත ලොතරැයිය ගන්න කොට මම පේන්ට් බාස් කෙනෙක්.

අනූ අටේ අවුරුද්දේ මාර්තු තුන් වෙනිදා රෑ ස්වාධීන රූපවාහිනියේ මහජන සම්පත ලොතරැයිපත් දිනුම් අදින අන්දම පෙන්වූවේය.

ඒ වෙලාවේ වයිෆ් හිටියෙ කුස්සියෙ. මම ටිකට් එක කකුල උඩ තියාගෙන ටී.වී. එක දිහා බලාගෙන බත් කනව. ටිකට් එකේ තිබුණ ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් දෙකකුයි ආව. මං වයිෆ්ට කිව්ව ශාන්ති මේ සැරේ නම් අවරුදු කන්න පුළුවන් සයිස් එකක් එන්නෙ කියලා. ටිකට් එකේ හතර වෙනි ඉලක්කමත් ආව. මං සද්ද කළේ නෑ. පස්වෙනි ඉලක්කමත් ආව. මං හිමින් සැරේ නැගිටලා ගිහින් ඉස්තෝප්පුවේ ලයිට් එක ඕෆ් කළා. හය වෙනි ඉලක්කම ආවම ගේ ඇතුළෙ ලයිට් එක ඕෆ් කළා. බත් එක මේසෙ උඩින් තියල පුල්ලෙයාර් දෙයියන්ට කිව්ව අන්තිම ඉලක්කමත් වැටියන් වැටියන් කියල හරියටම හත්වෙනි එකත් ආව.

ඒසැරේ මං කුස්සියට ගිහින් වයිෆ්ට කිව්ව ටිකට් එක ඇදුණ කියල. ඊට පස්සෙ බුදු පහන ළඟ තිබුණු ගිනි පෙට්ටියක් හිස් කරල ටිකට් එක නවල ඒක ඇතුළට දැම්මා. කොට කලිසමක් ඇඳල ගිනි පෙට්ටිය කොට කලිසමේ හංගගත්ත. ඊට උඩින් තව කලිසමකුයි කමිසෙකුයි ඇඳ ගත්ත.

මට ගෙදර ඉන්න බයයි. රෑ මහ ගෙදරට ආව. මහ ගෙදරත් ඉන්න බයේ අක්කලාගෙ ගෙදරට ගියා. වෙනදාට අපි අක්කලගෙ ගෙදරට යන්නෙ ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියද්දී කොට්ටයක් බෙඩ් ෂීට් එකක් ඉල්ලන්න වගේ දේකට. අක්ක බැඳපු සෝමෙ අයියා විශ්වාස කළේ නෑ මං ආවෙ ටිකට් එකක් ඇදිලා කියල.

ඊට පස්සෙ සෝමෙ අයියා ඇදුණු නොම්මර ටික දැනගන්න කියල රෑ දහයාමාරට විතර ලොතරැයි ඒජන්ට් හම්බ වෙන්න ගියා. ඒ යන කොට ලොතරැයි ඒජන්ට් ළඟ තියෙන ගල් පොත්තක හැංගිලා. අහල බලනකොට මිනිහට මහජන සම්පතේ රුපියල් දහ දාහක් ඇදිලා. යාළුවන්ගෙන් බේරෙන්න බැරුව රෑ ගෙදරින් ගිහින්.

alt

කොහොම හරි සෝමෙ අයියා මිනිහ ගෙන් නොම්මර ටික ඉල්ලගෙන ආව. දැන් වැඩේ ඇත්ත. මෙන්න පහුවදා උදේ හත වෙනකොට මහජන බැංකුවෙනුයි හැටන් නැෂනල් බැංකුවෙනුයි හැම එකෙන්ම මාව හොයාගෙන එන්න පටන් ගත්තා. අපේ බැංකුවට සල්ලි දාන්න. අපි කොළඹ එක්කගෙන යන්නම් කියල කිව්ව. මට ලොතරැයි ඇදිල කියල ප්‍රචාරෙ ගිහින් තිබුණෙ සෝමෙ අයියාගෙ පොඩි පුතෙක්ගෙන්. කොහොම වුණත් අපි බැංකුවලට කිව්වා. ඔයාලා ඕනෙ නෑ අපි ටිකට් එක ගිහින් භාර දෙන්නම් කියල.

වෑන් එකක් හයර් කරල අපි කොළඹ ලොතරැයි මණ්ඩලයට ගියා. එයාලට ටිකට් එක අත්සන් කරල දුන්නාම සල්ලි ගන්න පස්සෙ ටෙලිග්‍රෑම් එකක් එවන්නම් කිව්වා. අපි ගමට ආව.

මාසයක් ගියා ටෙලිග්‍රෑම් නෑ. නාරාහේන්පිට ඉන්නව මැරිච්ච අෂ්රොෆ් මහත්තයගෙ මල්ලි. එයා නීතිඥයෙක්. අපි ආපහු එයා හම්බවෙන්න ගිහින් සිද්ධිය කිව්වාම එයා ලොතරැයි බෝඩ් එකට ටෙලිෆෝන් එකෙන් කතා කළා. බෝඩ් එකේ කෙනෙක් ඒ වෙලාවේ කිව්වලු මට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව. මේ ටිකට් එකට තව කෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නව කියල. කෙහොම වුණත් ලොතරැයි බෝඩ් එකේ සභාපති බාලපටබැඳි මහත්තය රට ගිහිල්ලා නිසා ආවම තමයිලු සල්ලි දෙන්නේ.

පස්සෙ අපි ලොතරැයි මණ්ඩලේට පැමිණිලි කරපු කෙනා ගැන හොයල බැලුව. අපි මාර්තු පස් වෙනිදා ටිකට් එක ගෙනැත් භාර දීලා තිබුණෙ දික්වැල්ල පැත්තෙ මිනිහෙක් මාර්තු විසි එක පැමිණිල්ලක් දාලලු. ඒ ටිකට් එක එයාගෙ කියල. පස්සෙ අපි දැනගත්තා. සමහරු ඔය විදියට බොරු පැමිණිලි දම්මල තෑගි ගන්න අය බයකරගෙන ගාණක් හොයා ගන්නව කියල.

අනූ අටේ අවුරුද්දේ ජූලි මාසයේදී චන්ද්‍රසිරිගේ අතට රුපියල් එක් කෝටි දහ අට ලක්ෂයක චෙක්පතක් ලැබුණි.

තෑග්ගට ඇදුණ ඉතුරු රුපියල් තිස් හත් දාහ මං ආරක්ෂක අරමුදලට ගන්න කිව්වා.

කෝටිපතියා රුපියල් එක් කෝටි දහ අට ලක්ෂය මහජන බැංකුවේ ජංගම ගිණුමක තැම්පත් කර ඒ සඳහා චෙක් පොතක් ලබා ගත්තේය.

තෑගි මුදල ගන්නා විට චන්ද්‍රසිරි කුලී වාහනයෙන් කිහිප වතාවක් කොළඹ ගොස් තිබුණි.

වාහනේ හයර් එක විතරක් රුපියල් අසූ පන්දාහයි. මං එහෙම්ම රුපියල් ලක්ෂෙක චෙක් එකක් ලියල වෑන්කාරයට දුන්නා.

මට සහෝදරයො දාහතරක් ඉන්නව. හැමෝම ඇවිත් කියන්න පටන් ගත්තා අපිටත් සලකන්න කියල. දවසක් මං ඔක්කොටම බැංකුවට එන්න කියල ලක්ෂෙ, දෙක, තුන, ගාණෙ හැමෝටම චෙක් ලියල දුන්න. අක්කලගෙ පුත්තු දෙන්නෙකුටත් ත්‍රීවීල් ගන්න කියල ලක්ෂෙ ගාණෙ දුන්නා.

ලොතරැයි දිනුම ඇදෙන විට චන්ද්‍රසිරි පදිංචි වී සිටියේ අම්පාරේ හිඟුරානේ මුවංගල ගමේය.

එහේ වතුර නෑ. මං ටවුමෙන් වතුර පහසුකම් තියෙන ගෙයක් බැලුව. අම්පාර පුරාම ඇවිදල බැලුව. මට කෝටියක් ඇදුණ කියල දැනගෙන හැම ගෙදරම ගණන් වැඩි වෙලා. බ්‍රෝකර්ලත් මට ලාබෙට අරන් දෙන්නම් කියල මගේ බය නැති කරල, අනිත් පැත්තෙන් ගාණ තියාගෙන ගණන් උස්සනව. අන්තිමට රුපියල් ලක්ෂ දහ තුනහමාරක් දීල මං ටවුම කිට්ටුවෙන් ගෙයක් ගත්ත. පස්සෙ තමයි දැනගත්තෙ ඒක විකුණන්න ඉඳල තිබුණෙ ලක්ෂ අටකට කියල.

චන්ද්‍රසිරිට රුපියල් කෝටියක් ඇදුණ බව දැනගත් ඔහුගේ යහළුවෝ වැල නොකැඩී හමු වන්නට ආහ.

ණය ඉල්ලපු හැමෝටම රුපියල් පන්දාහ දහ දාහ වගේ දුන්න. ඒ අතරෙ තමයි අපේ තාත්තගෙ පැත්තෙන් දුර නෑයෙක් වෙන එස්. (ආරූඪ නමකි) මට හිතවත් වුණේ.

කාලෙකට ඉස්සර එස්ල අපිට සල්ලි පොලියට දෙනව. පාරෙදි දැක්කොත් කතා කරනව හිනාවෙනව ඇරෙන්න වෙන හිතවත්කමක් තිබුණෙ නැහැ. ඒත් කෝටිය අතට ආවට පස්සෙ එස්ට මාව නැතුව බැරි වුණා. කොටින්ම කිව්වොත් එස් උදේට කෑම කන්නෙ මං මිනිහගෙ ගෙදරට ගියොත් විතරයි.

හැමදාම උදේට එස් මටත් එක්ක කෑම මේසෙ ලෑස්ති කරනව. මේසෙට බෝතලේකුත් තියනව. මාත් සීනි ෆැක්ටරියෙ වැඩ කරන කාලෙ ඉඳලම ඩෝප් එක දානව. දැනුත් එහෙමයි. ඒ දවස්වල එස් මට ඩෝප් වුණ වෙලාවට එක එකකෙනාට චෙක් ලියල දෙන්න යෝජනා දානව. කලු අයියා අහවලාටත් එකක් ලියමු කියනව. මාත් ලියනව. ඒ කාලෙ සිහියෙන් හිටපු වෙලාවක එස්ටත් ලක්ෂ පහක චෙක් එකක් ලියල දුන්න මතකයි

කෝටිපතියා ගිරයට පුවක් ගෙඩියක් හසු කරමින් කතාව කියයි.

මට වාහනයක් ගන්න ඕනෙ වුණාම එස් තමයි ගිහිං වාහන සේල් කාරයො එක්ක කතා කරල අරගෙන දුන්නෙ. පස්සෙ දැනගත්ත එස් ඒවගෙන් ලක්ෂ තුන හතර ගැහුවා කියල.

ඉස්සෙල්ලම අගෝස්තු මාසෙ නුවරින් ලක්ෂ දහයකට කැබ් එක ගත්ත. මං සේල් කාරයට කිව්ව, වාහනේ දුවල හොඳ නම් විතරක් ගන්නව කියල.

ඒත් ඉතින් සල්ලි තියෙද්දි වාහනයක් ණයට ගන්න ඕනෙ නැහැනේ.මං ලක්ෂ දහයක චෙක් එකක් ලියල සේල්කාරයට දුන්න.

මගේ යාළුවෙක් හිටිය කඩුගන්නාවෙ. මිනිහ මේ වාහනේ අරගෙන කොළඹ යනකොට කෑගල්ල හරියෙදි බොයිල් කරන්න අරගෙන. මිනිහ මට කතා කරල කිව්ව වාහනේ හොඳ නෑ ආපහු භාර දෙන්න කියල. ඒත් පහුවදා උදේ එස්ට අම්පාරෙ යන්න ඕනෙ වුණා. මිනිහ ටෙලිකොම් එකේ (ආරූඪ ආයතනයකි) ඩ්‍රැයිවර් කෙනෙක්. මං එස්ට වාහනේ දුන්නා. මිනිහ අම්පාරෙ යද්දි ටාටා ඇන්ජින් දෙකක් පිටිපස්සෙ පටවගෙන ඇදල. වංගු ගන්නකොට කැබ් එකේ තහඩු තැලිල. දවස් හතරකට පස්සෙ මං වාහනේ ආපහු සේල් කාරයටම ගිහිං දුන්න. ඒත් වාහනේ තැලිල නිසා රුපියල් විසිපන්දාහක් ගාණෙන් අඩු කරන්න ඕනෙ කියල සේල් කාරය කිව්ව. මගෙන් ගත්ත ලක්ෂ දහය ආපහු දෙන්න ඒ වෙලාවෙ මිනිහ ගාව සල්ලිත් නැහැ කිව්වා. මං ඒ සැරේ බැලුව. එතනම කැරවන් වෑන් එකක් තිබුණ. මං සල්ලිවල හිලව්වට ඒ වෑන් එක අරගෙන ආවා.

ඊට පස්සෙ අගෝස්තු මාසෙ මං ලක්ෂ දහසයකට රෝස බස් එකක් ගත්තා. ඒක අරගන්න ගියෙත් එස් එක්ක. ඔය බස් එක ගන්න මාස තුනකට විතර කලින් මං අපේ පාරෙ දුවන බස්කාරයො එක්ක රණ්ඩුවක් වෙලායි හිටියෙ. උන් සත පනහට රුපියලටත් වලි අදිනව. සෙනඟ පටවනව ඉවරයකුත් නැහැ. මං ඒ කාලෙ කිව්ව, කවදහරි මිනිස්සුන්ට යන්න පුළුවන් බස් එකක් මං පාරට දානව කියල. කිව්ව වගේම බස් එක ගමට ගෙනාපු දවසෙ හිඟුරාණෙ ඉඳල අම්පාරටයි, අම්පාරෙ ඉඳල හිඟුරාණටයි මං සෙනඟ ඇද්දෙ නොමිලේ.

ඒ දවස්වල මං වෑන් එකේ නුවර ගිහිං එනකොට පාර අයිනෙ ඉන්න ළමයින්ට පොත්, ඇඳුම්, කෑම ගෙනත් බෙදනව. පහු වෙනකොට මගේ වෑන් එක අඳුරගෙන මිනිස්සු පාර අයිනට එන්න පටන් ගත්තා. ඔය විදිහට යනකොට මට රුපියල් දෙතුන්සීයක් අරන් ලෙඩෙක් බලන්න යන්න බැරි තත්ත්වයක් ආවා. ඉස්පිරිතාලෙට ගියාම ගෙවල් ළඟ මිනිස්සු හැම තැනම. සල්ලි ඉල්ලුවාම දෙන්න මගේ ළඟ නැති වුණොත් කුණු හරුපෙන් බණින්්න ගත්ත, තමුසෙ කෝටිපතියෙක් වෙලත් රුපියල් පන්සීයක් නැද්ද කියල. කඩෙන් සිගරට් එකක් පත්තු කළත් එහෙමයි, වටේ ඉන්න හත් අට දෙනෙක් මගේ ගාණෙ සිගරට් පත්තු කරගන්නව.

මගෙ යාළුව එස්, ඒ කාලෙ නිතරම මාත් එක්ක බොනව. කළු අයිය මට අච්චර ලියපං, මේචරක් ලියපං කියල චෙක් ලියව ගන්නව. මිනිහට ෆිනෑන්ස් ගෙවා ගන්න බැරිව වෑන් කට්ටක් තිබුණා. ඒත් මාත් එක්ක එකතු වුණාට පස්සෙ අවුරුදු දෙකක් යනකොට මිනිහ ලක්ෂ තිහ හතළිහේ කේර්න් ගත්ත. කේර්න් අදින දිග වාහන ගත්ත. මිනිහ පළාතේ ලොකු කොන්ත්රාත්කාරයෙක් වුණා.

ඒ කාලෙ මං වාහන ගත්තට පස්සෙ පොලීසියෙ මහත්තුරුන්ට නිතරම මළ ගෙවල්වලට, දුර ගමන්වලට වෑන් එක ඕනෙ වුණා. මිනිස්සු තරහ වෙන නිසා නොදීත් බැහැ. එක සැරයක් හමුදාවෙන් ඇවිල්ල බස් එකයි වෑන් එකයි බලෙන්ම ඒ අයගෙ කෑම්ප් එකට අරන් ගියා. වාහන දෙක සති තුනක් තියාගෙන හිටිය. ඒ අය මට රුපියල් පන්දාහක් කුලිය දුන්න. ඒත් ඒ සල්ලි ගන්න වුණේ කෑම්ප් එකට කීප වතාවක් ගියාට පස්සෙයි. යන යන වතාවල හමුදාවෙ නිලධාරීන්ට කන්න බොන්න අරන් දීල මට දාස් ගණන් අතින් පාඩු වුණා.

මට ළමයි පස් දෙනයි. හතර දෙනෙක් ඉස්කෝලෙ යනව. ලොකු පුතා විභාගෙ කරල අපේ නැන්දම්මගෙ ගෙදර හිටියෙ. ටිකට් එකේ සල්ලි ඇදුණට පස්සෙ ලොකු පුතා ගෙදර ආවා, වෑන් එකයි බස් එකයි එයා ගෙන් බේරගන්නම බැරි වුණා.

ඒ දවස්වල බස් එකට පුදුම වියදමක් ගියේ. වාහනේ සර්විස් කරන දවසට මං ගියොත් වියදම රුපියල් හයදාහට අඩුයි. ඒත් මං නොගියොත් අට දාහයි, නව දාහයි. බස් එකේ ඒ.සී. අප්සට් ගිය නිසා අවුරුද්දකට පස්සෙ ඒක ගත්තු සේල් එකටම දීල අලුත් බස් එක ගත්ත. ඒක ගත්තෙ ලක්ෂ විසි දෙකකට ෆිනෑන්ස් කරල. මුල් බස් එක දිව්වෙ අම්පාර- නුවර, දවෛනි එක දිව්වෙ අම්පාර - කොළඹ.

අනූනවයෙ සිංහල අවුරුද්ද දවසෙ මං වාහනේ දුවන්න එපා කියල තිබුණ. ඒත් පුතා වධ කරල නුවරට විතරක් ගිහිං එන්නම් කියල අරන් ගියා. එහේදී මටත් නොකියා කොළඹට ලෝඩ් එකක් පටවගෙන යද්දී මාවනැල්ලෙන් වංගුව ගන්නකොට බස් එක හෙළකට පෙරළිලා, බස් එක ගන්න දෙයක් නැහැ. ඩ්‍රැයිවර්ට ඇරෙන්න හැමෝටම තුවාලයි.

බස් එක ගොඩට අරගෙන මාවනැල්ලෙ ගැරේජ් එකකට දැම්ම. මාවනැල්ලෙ මැරයො වාහනේ කෑලි ගලවන්න එනව. උන් ගෙන් වාහනේ පරිස්සම් කරන්න මං වෑන් එකෙන් කට්ටියක් අරං ගිහිං සති ගාණක් බස් එක ආරක්ෂා කළා. එහෙම ඉන්න පොලීසියෙ මහත්තුරුන්ට මගේ වාහනෙන් එහේ මෙහේ යන්න ඕනෙ වුණා. බස් එකේ ඩ්‍රයිවර්ගෙ ලයිෂන් එක පරණ වෙලා තිබිල ඒ ප්‍රශ්නෙ බේරගන්න පොලීසියෙ ලොකු නිලධාරියෙකුට රුපියල් දහදාහකුත් දෙන්න වුණා. ඒ අතරෙ හැමදාම පොලීසියෙ කට්ටියට මගෙ ගාණෙ ටවුමෙ ලොකු හෝටලේකින් කෑම ඕනෙ වුණා. මාවනැල්ලෙ හිටපු ඒ දවස් ටිකේ මට රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් වුණා.

ඔය අතරේ අම්පාර- කොළඹ බස් දුවවල බංකොළොත් වුණ කෙනෙක් මාව හොයාගෙන ආවා. මගේ වැඩවලටයි, වෑන් ඒකේ වැඩවලටයි මට උදව් කරන්නම් කිව්වා. මං මිනිහ ගැන තිබුණ විශ්වාසෙ නිසා මාවනැල්ලෙ ගැරේජ් එකක තිබුණ බස් එක හදන්න කියල පොළොන්නරුවෙ හිඟුරක්ගොඩ හිටපු මිනිහගෙ යාළුවෙකුට භාර දුන්න. මිනිහ ඒ අතරෙ අත මාරුවකට මගෙන් ලක්ෂ පහක් ඉල්ලුවා. ඒ වෙනකොට මගේ ගාව තිබුණ සල්ලි ඉවර වෙලා නිසා මං වයිෆ්ගෙ බැංකු පොතේ දාල තිබුණ ලක්ෂ පහ අරගෙන මිනිහට දුන්න. ඒක අරගෙන ගියා ගියාමයි මිනිහ තවම දැක්කෙ නැහැ.

එයින් ටික කාලෙකට පස්සෙ මට ආරංචි වුණා මගේ බස් එක ෆිනෑන්ස් එකෙන් උස්සල කියල. බලනකොට ෆිනෑන්ස් එකේ වාහන උස්සන බ්‍රෝකර්කම කරල තියෙන්නෙ මගේ වාහනේ හදන්න ගෙනිච්ච හිඟුරක්ගොඩ මිනිහමයි. මට එතැනින් පස්සේ බස් එකත් නැති වුණා. ගිරයට හසු වී සුද්ධ වූ පුවක් ගෙඩියක් ප්ලාස්ටික් පෙට්ටියට දමමින් කෝටිපතියා කථා කළේය.

ඒ කාලෙම මගේ වෑන් එක ලක්ෂ හතකට විකුණල දැම්ම. ඉතුරු සල්ලි ඔක්කොම එකතු කරල ළමයි හතර දෙනාට ලක්ෂ තුන ගාණෙ බැංකු පොත්වලට දැම්ම. කෝටිපතියා සැහැල්ලු හඩින් පැවැසීය.

අපට හමුවන විට කෝටිපතියා රැකියාව කරමින් සිටියේ තමන්ගේ අයියා කෙනෙකු පාලනය කරන කච්ච්ෙරිය කැන්ටිමේය. උක් වතුවල වගා කර හෙම්බත් වී සිටි ඒ සහෝදරයා කැන්ටිම කරන්නට පටන්ගෙන තිබුණේ, කෝටිපතියාගෙන් ලැබුණු රුපියල් ලක්ෂ දෙක හමාරකිනි. අද කෝටිපතියාට ඒ සහෝදරයා රුපියල් සීයක් බැගින් දවසකට පඩි ගෙවයි.

මෙහෙම වෙච්ච එක ගැන දුකක් නැද්ද...? මා සමග සිටි මානික්කාරච්චි කෝටිපතියාගෙන් ඇසුවේය.

ආපහු මෙහෙම ඉන්න ලැබුණ එක ගැන මං සන්තෝස වෙනව. ඒ දවස්වල මං හොරුන්ට බයේ කොහේවත් යන්නෙ නෑ. රෑට ගෙදර ජනේලයක්වත් අරින්නෙ නෑ. සල්ලි තිබුණ කාලෙ මං ජීවත් වුණේ ඒ තරම් බයේ. කෝටිපතියා කිව්වේය.

රුපියල් එක් කෝටි දහ අට ලක්ෂයකින් පටන් ගත් ජංගම ගිණුමේ මේ වන විට කීයක් තිබෙනවාදැයි මම එවේලේ කෝටිපතියාගෙන් ඇසුවෙමි.

රුපියල් තුන්දාස් ගාණක් තියෙනව. සැහැල්ලු ස්වරයකින් යුතුව කෝටිපතියා කිව්වේය.

රුපියල් දහයකින් කරපු හරිය මදි ද මහත්තයො?

[QUOTE="Cahamila7, post: 19521409, member: 555931"] [b]කැන්ටිමේ තේ හදන කෝටිපතියා.......[/b] [SIZE="4"]සියලු දෙනාම ලොතරැයි මිලදී ගන්නේ කෝටිපතියන් වී දිවි සරු කර ගැනීමටය. එනමුත් ලොතරැයි දිනුමකින් කෝටිපතියන් වී වාසනාව උදා කරගත් ඇතැමුන් සල්ලි නිසාම අවාසනාවන්තයන් වූ බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. මේ කතාවත් එවැනි පුදුම කතාවකි. ඒ කතාව ලක්බිමේ මුලින්ම පළවූයේ 2001 දීය. ලංකාවේ ලොකුම ලොතරැයි දිනුම වන දහතුන් කෝටියක මුදලක් ඇඹිලිපිටියේ ගොවියකු දිනාගත් මේ මොහොතේ අප මේ කතාව නැවත පළ කළේ ඒ කතාවේ ඇති අපූර්වත්වය නිසාය. කෝටිපතියකු කච්ච්ෙරි කැන්ටිමේ තේ හදමින් සිටි බව මා සමග කිව්වේ අපේ පත්තරයේ අම්පාර වාර්තාකරු වන සමන් මානික්කආරච්චිය. ඔහු ඒ බව කිව්වේ අප දෙදෙනා උදේ කච්ච්ෙරි කැන්ටිමෙන් තේ බි පාරට බැස්ස පසුය. ඒ නිසා මට කෝටිපතියා දැකගන්නට ඒ වෙලාවේ ඉඩක් ලැබුණේ නැත. හැන්දෑවේ තේ බොන්නට අපි ආපසු අම්පාරේ කච්ච්ෙරි කැන්ටිමට ගියෙමු. අප යන වෙලාවේ එළියේ කොරිඩෝවේ කොට කලිසමක් හා මේස් බැනියමක් ඇඳගත් උස හීන්දෑරී සේවකයෙක් සිටියේය. ඔහු සිටියේ ඔළුව පහළට නවාගෙන ගිරයකින් පුවක් සුද්ද කරමිනි. මේ නිසා සේවකයාගේ මුහුණ ඈතට පැහැදිලිව පෙනුණේ නැත. එහෙත් මානික්කආරච්චි ඔහු හඳුනාගත්තේය. ඒ කෝටිපතියාය. මීට තුන් අවුරුද්දකට පෙර අම්පාරේ එච්.යූ.චන්ද්‍රසිරිට මහජන සම්පතේ සුපිරි දිනුම ඇදුණි. තෑග්ග රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ තිස් හත් දාහකි. එහෙත් අද අම්පාර කච්ච්ෙරි කැන්ටිමේ වැඩ කරන ඒ කෝටිපතියාට දවසකට ලැබෙන්නේ රුපියල් සීයකි. අප සමග කතාව කියන්නට කෝටිපතියා මුලදී කැමති වුණේ නැත. එහෙත් තමන් සල්ලි වියදම් කළ අන්දම පත්තරයේ දමන්නට බොහෝ පෙරැත්ත කිරීම්වලින් පසු ඔහු කැමැත්ත දුන්නේය. කෝටිපතියා අප සමග කතා කළේ තමන්ගේ රස්සාවට යාන්තමින් වත් බාධාවක් කරගන්නේ නැතිවය. පසුවදාට බුලත් විටිවලට තබන්නට ඔහු හොඳ පිරිසිදුවට රවුමට පුවක් ගෙඩි ලෙලි ගැසුවේය. ඒවා එකින් එක ප්ලාස්ටික් පෙට්ටියකට දැමුවේය. ඒ අතරේ ලොතරැයි දිනුම ඇදෙන්නට පෙර තමන් අති දුප්පතෙකු හැටියට ගත කළ කාලය ගැන සිහිපත් කළේය. චන්ද්‍රසිරි මතක ඇති කාලයක සිට රස්සාවක් හැටියට කර තිබුණේ හිඟුරාණ සීනි කම්හලේ ට්‍රැක්ටර්වලට අත් උදව් දීමය. ට්රැක්ටර්වල රෝද ගැලවීම, සවි කිරීම ආදී කුදු මහත් කටයුතු ඔහුට පැවැරී තිබුණි. එක් දහස් නවසිය අසූ අටේදී උක් ඉඩම් අක්කර දෙක හමාරක් වන්දි හැටියට ලබාගෙන සේවයෙන් නිදහස් වන්නට හිඟුරානේ උක් සේවකයන්ට ඉඩ ලැබුණි. චන්ද්‍රසිරිද උක් ඉඩම් හිමියෙක් විය. ඒත් උක් වැවිල්ලෙන් ආදායමක් ලැබුණේ නැහැ. ඊට පස්සෙ මම අයිය කෙනෙක් එක්ක ගෙවල්වල කුලියට තීන්ත ගාන්න පටන් ගත්තා. අනූ අටේ මාර්තු තුන් වෙනිදා ඔය මහජන සම්පත ලොතරැයිය ගන්න කොට මම පේන්ට් බාස් කෙනෙක්. අනූ අටේ අවුරුද්දේ මාර්තු තුන් වෙනිදා රෑ ස්වාධීන රූපවාහිනියේ මහජන සම්පත ලොතරැයිපත් දිනුම් අදින අන්දම පෙන්වූවේය. ඒ වෙලාවේ වයිෆ් හිටියෙ කුස්සියෙ. මම ටිකට් එක කකුල උඩ තියාගෙන ටී.වී. එක දිහා බලාගෙන බත් කනව. ටිකට් එකේ තිබුණ ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් දෙකකුයි ආව. මං වයිෆ්ට කිව්ව ශාන්ති මේ සැරේ නම් අවරුදු කන්න පුළුවන් සයිස් එකක් එන්නෙ කියලා. ටිකට් එකේ හතර වෙනි ඉලක්කමත් ආව. මං සද්ද කළේ නෑ. පස්වෙනි ඉලක්කමත් ආව. මං හිමින් සැරේ නැගිටලා ගිහින් ඉස්තෝප්පුවේ ලයිට් එක ඕෆ් කළා. හය වෙනි ඉලක්කම ආවම ගේ ඇතුළෙ ලයිට් එක ඕෆ් කළා. බත් එක මේසෙ උඩින් තියල පුල්ලෙයාර් දෙයියන්ට කිව්ව අන්තිම ඉලක්කමත් වැටියන් වැටියන් කියල හරියටම හත්වෙනි එකත් ආව. ඒසැරේ මං කුස්සියට ගිහින් වයිෆ්ට කිව්ව ටිකට් එක ඇදුණ කියල. ඊට පස්සෙ බුදු පහන ළඟ තිබුණු ගිනි පෙට්ටියක් හිස් කරල ටිකට් එක නවල ඒක ඇතුළට දැම්මා. කොට කලිසමක් ඇඳල ගිනි පෙට්ටිය කොට කලිසමේ හංගගත්ත. ඊට උඩින් තව කලිසමකුයි කමිසෙකුයි ඇඳ ගත්ත. මට ගෙදර ඉන්න බයයි. රෑ මහ ගෙදරට ආව. මහ ගෙදරත් ඉන්න බයේ අක්කලාගෙ ගෙදරට ගියා. වෙනදාට අපි අක්කලගෙ ගෙදරට යන්නෙ ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියද්දී කොට්ටයක් බෙඩ් ෂීට් එකක් ඉල්ලන්න වගේ දේකට. අක්ක බැඳපු සෝමෙ අයියා විශ්වාස කළේ නෑ මං ආවෙ ටිකට් එකක් ඇදිලා කියල. ඊට පස්සෙ සෝමෙ අයියා ඇදුණු නොම්මර ටික දැනගන්න කියල රෑ දහයාමාරට විතර ලොතරැයි ඒජන්ට් හම්බ වෙන්න ගියා. ඒ යන කොට ලොතරැයි ඒජන්ට් ළඟ තියෙන ගල් පොත්තක හැංගිලා. අහල බලනකොට මිනිහට මහජන සම්පතේ රුපියල් දහ දාහක් ඇදිලා. යාළුවන්ගෙන් බේරෙන්න බැරුව රෑ ගෙදරින් ගිහින්. alt කොහොම හරි සෝමෙ අයියා මිනිහ ගෙන් නොම්මර ටික ඉල්ලගෙන ආව. දැන් වැඩේ ඇත්ත. මෙන්න පහුවදා උදේ හත වෙනකොට මහජන බැංකුවෙනුයි හැටන් නැෂනල් බැංකුවෙනුයි හැම එකෙන්ම මාව හොයාගෙන එන්න පටන් ගත්තා. අපේ බැංකුවට සල්ලි දාන්න. අපි කොළඹ එක්කගෙන යන්නම් කියල කිව්ව. මට ලොතරැයි ඇදිල කියල ප්‍රචාරෙ ගිහින් තිබුණෙ සෝමෙ අයියාගෙ පොඩි පුතෙක්ගෙන්. කොහොම වුණත් අපි බැංකුවලට කිව්වා. ඔයාලා ඕනෙ නෑ අපි ටිකට් එක ගිහින් භාර දෙන්නම් කියල. වෑන් එකක් හයර් කරල අපි කොළඹ ලොතරැයි මණ්ඩලයට ගියා. එයාලට ටිකට් එක අත්සන් කරල දුන්නාම සල්ලි ගන්න පස්සෙ ටෙලිග්‍රෑම් එකක් එවන්නම් කිව්වා. අපි ගමට ආව. මාසයක් ගියා ටෙලිග්‍රෑම් නෑ. නාරාහේන්පිට ඉන්නව මැරිච්ච අෂ්රොෆ් මහත්තයගෙ මල්ලි. එයා නීතිඥයෙක්. අපි ආපහු එයා හම්බවෙන්න ගිහින් සිද්ධිය කිව්වාම එයා ලොතරැයි බෝඩ් එකට ටෙලිෆෝන් එකෙන් කතා කළා. බෝඩ් එකේ කෙනෙක් ඒ වෙලාවේ කිව්වලු මට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව. මේ ටිකට් එකට තව කෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නව කියල. කෙහොම වුණත් ලොතරැයි බෝඩ් එකේ සභාපති බාලපටබැඳි මහත්තය රට ගිහිල්ලා නිසා ආවම තමයිලු සල්ලි දෙන්නේ. පස්සෙ අපි ලොතරැයි මණ්ඩලේට පැමිණිලි කරපු කෙනා ගැන හොයල බැලුව. අපි මාර්තු පස් වෙනිදා ටිකට් එක ගෙනැත් භාර දීලා තිබුණෙ දික්වැල්ල පැත්තෙ මිනිහෙක් මාර්තු විසි එක පැමිණිල්ලක් දාලලු. ඒ ටිකට් එක එයාගෙ කියල. පස්සෙ අපි දැනගත්තා. සමහරු ඔය විදියට බොරු පැමිණිලි දම්මල තෑගි ගන්න අය බයකරගෙන ගාණක් හොයා ගන්නව කියල. අනූ අටේ අවුරුද්දේ ජූලි මාසයේදී චන්ද්‍රසිරිගේ අතට රුපියල් එක් කෝටි දහ අට ලක්ෂයක චෙක්පතක් ලැබුණි. තෑග්ගට ඇදුණ ඉතුරු රුපියල් තිස් හත් දාහ මං ආරක්ෂක අරමුදලට ගන්න කිව්වා. කෝටිපතියා රුපියල් එක් කෝටි දහ අට ලක්ෂය මහජන බැංකුවේ ජංගම ගිණුමක තැම්පත් කර ඒ සඳහා චෙක් පොතක් ලබා ගත්තේය. තෑගි මුදල ගන්නා විට චන්ද්‍රසිරි කුලී වාහනයෙන් කිහිප වතාවක් කොළඹ ගොස් තිබුණි. වාහනේ හයර් එක විතරක් රුපියල් අසූ පන්දාහයි. මං එහෙම්ම රුපියල් ලක්ෂෙක චෙක් එකක් ලියල වෑන්කාරයට දුන්නා. මට සහෝදරයො දාහතරක් ඉන්නව. හැමෝම ඇවිත් කියන්න පටන් ගත්තා අපිටත් සලකන්න කියල. දවසක් මං ඔක්කොටම බැංකුවට එන්න කියල ලක්ෂෙ, දෙක, තුන, ගාණෙ හැමෝටම චෙක් ලියල දුන්න. අක්කලගෙ පුත්තු දෙන්නෙකුටත් ත්‍රීවීල් ගන්න කියල ලක්ෂෙ ගාණෙ දුන්නා. ලොතරැයි දිනුම ඇදෙන විට චන්ද්‍රසිරි පදිංචි වී සිටියේ අම්පාරේ හිඟුරානේ මුවංගල ගමේය. එහේ වතුර නෑ. මං ටවුමෙන් වතුර පහසුකම් තියෙන ගෙයක් බැලුව. අම්පාර පුරාම ඇවිදල බැලුව. මට කෝටියක් ඇදුණ කියල දැනගෙන හැම ගෙදරම ගණන් වැඩි වෙලා. බ්‍රෝකර්ලත් මට ලාබෙට අරන් දෙන්නම් කියල මගේ බය නැති කරල, අනිත් පැත්තෙන් ගාණ තියාගෙන ගණන් උස්සනව. අන්තිමට රුපියල් ලක්ෂ දහ තුනහමාරක් දීල මං ටවුම කිට්ටුවෙන් ගෙයක් ගත්ත. පස්සෙ තමයි දැනගත්තෙ ඒක විකුණන්න ඉඳල තිබුණෙ ලක්ෂ අටකට කියල. චන්ද්‍රසිරිට රුපියල් කෝටියක් ඇදුණ බව දැනගත් ඔහුගේ යහළුවෝ වැල නොකැඩී හමු වන්නට ආහ. ණය ඉල්ලපු හැමෝටම රුපියල් පන්දාහ දහ දාහ වගේ දුන්න. ඒ අතරෙ තමයි අපේ තාත්තගෙ පැත්තෙන් දුර නෑයෙක් වෙන එස්. (ආරූඪ නමකි) මට හිතවත් වුණේ. කාලෙකට ඉස්සර එස්ල අපිට සල්ලි පොලියට දෙනව. පාරෙදි දැක්කොත් කතා කරනව හිනාවෙනව ඇරෙන්න වෙන හිතවත්කමක් තිබුණෙ නැහැ. ඒත් කෝටිය අතට ආවට පස්සෙ එස්ට මාව නැතුව බැරි වුණා. කොටින්ම කිව්වොත් එස් උදේට කෑම කන්නෙ මං මිනිහගෙ ගෙදරට ගියොත් විතරයි. හැමදාම උදේට එස් මටත් එක්ක කෑම මේසෙ ලෑස්ති කරනව. මේසෙට බෝතලේකුත් තියනව. මාත් සීනි ෆැක්ටරියෙ වැඩ කරන කාලෙ ඉඳලම ඩෝප් එක දානව. දැනුත් එහෙමයි. ඒ දවස්වල එස් මට ඩෝප් වුණ වෙලාවට එක එකකෙනාට චෙක් ලියල දෙන්න යෝජනා දානව. කලු අයියා අහවලාටත් එකක් ලියමු කියනව. මාත් ලියනව. ඒ කාලෙ සිහියෙන් හිටපු වෙලාවක එස්ටත් ලක්ෂ පහක චෙක් එකක් ලියල දුන්න මතකයි කෝටිපතියා ගිරයට පුවක් ගෙඩියක් හසු කරමින් කතාව කියයි. මට වාහනයක් ගන්න ඕනෙ වුණාම එස් තමයි ගිහිං වාහන සේල් කාරයො එක්ක කතා කරල අරගෙන දුන්නෙ. පස්සෙ දැනගත්ත එස් ඒවගෙන් ලක්ෂ තුන හතර ගැහුවා කියල. ඉස්සෙල්ලම අගෝස්තු මාසෙ නුවරින් ලක්ෂ දහයකට කැබ් එක ගත්ත. මං සේල් කාරයට කිව්ව, වාහනේ දුවල හොඳ නම් විතරක් ගන්නව කියල. ඒත් ඉතින් සල්ලි තියෙද්දි වාහනයක් ණයට ගන්න ඕනෙ නැහැනේ.මං ලක්ෂ දහයක චෙක් එකක් ලියල සේල්කාරයට දුන්න. මගේ යාළුවෙක් හිටිය කඩුගන්නාවෙ. මිනිහ මේ වාහනේ අරගෙන කොළඹ යනකොට කෑගල්ල හරියෙදි බොයිල් කරන්න අරගෙන. මිනිහ මට කතා කරල කිව්ව වාහනේ හොඳ නෑ ආපහු භාර දෙන්න කියල. ඒත් පහුවදා උදේ එස්ට අම්පාරෙ යන්න ඕනෙ වුණා. මිනිහ ටෙලිකොම් එකේ (ආරූඪ ආයතනයකි) ඩ්‍රැයිවර් කෙනෙක්. මං එස්ට වාහනේ දුන්නා. මිනිහ අම්පාරෙ යද්දි ටාටා ඇන්ජින් දෙකක් පිටිපස්සෙ පටවගෙන ඇදල. වංගු ගන්නකොට කැබ් එකේ තහඩු තැලිල. දවස් හතරකට පස්සෙ මං වාහනේ ආපහු සේල් කාරයටම ගිහිං දුන්න. ඒත් වාහනේ තැලිල නිසා රුපියල් විසිපන්දාහක් ගාණෙන් අඩු කරන්න ඕනෙ කියල සේල් කාරය කිව්ව. මගෙන් ගත්ත ලක්ෂ දහය ආපහු දෙන්න ඒ වෙලාවෙ මිනිහ ගාව සල්ලිත් නැහැ කිව්වා. මං ඒ සැරේ බැලුව. එතනම කැරවන් වෑන් එකක් තිබුණ. මං සල්ලිවල හිලව්වට ඒ වෑන් එක අරගෙන ආවා. ඊට පස්සෙ අගෝස්තු මාසෙ මං ලක්ෂ දහසයකට රෝස බස් එකක් ගත්තා. ඒක අරගන්න ගියෙත් එස් එක්ක. ඔය බස් එක ගන්න මාස තුනකට විතර කලින් මං අපේ පාරෙ දුවන බස්කාරයො එක්ක රණ්ඩුවක් වෙලායි හිටියෙ. උන් සත පනහට රුපියලටත් වලි අදිනව. සෙනඟ පටවනව ඉවරයකුත් නැහැ. මං ඒ කාලෙ කිව්ව, කවදහරි මිනිස්සුන්ට යන්න පුළුවන් බස් එකක් මං පාරට දානව කියල. කිව්ව වගේම බස් එක ගමට ගෙනාපු දවසෙ හිඟුරාණෙ ඉඳල අම්පාරටයි, අම්පාරෙ ඉඳල හිඟුරාණටයි මං සෙනඟ ඇද්දෙ නොමිලේ. ඒ දවස්වල මං වෑන් එකේ නුවර ගිහිං එනකොට පාර අයිනෙ ඉන්න ළමයින්ට පොත්, ඇඳුම්, කෑම ගෙනත් බෙදනව. පහු වෙනකොට මගේ වෑන් එක අඳුරගෙන මිනිස්සු පාර අයිනට එන්න පටන් ගත්තා. ඔය විදිහට යනකොට මට රුපියල් දෙතුන්සීයක් අරන් ලෙඩෙක් බලන්න යන්න බැරි තත්ත්වයක් ආවා. ඉස්පිරිතාලෙට ගියාම ගෙවල් ළඟ මිනිස්සු හැම තැනම. සල්ලි ඉල්ලුවාම දෙන්න මගේ ළඟ නැති වුණොත් කුණු හරුපෙන් බණින්්න ගත්ත, තමුසෙ කෝටිපතියෙක් වෙලත් රුපියල් පන්සීයක් නැද්ද කියල. කඩෙන් සිගරට් එකක් පත්තු කළත් එහෙමයි, වටේ ඉන්න හත් අට දෙනෙක් මගේ ගාණෙ සිගරට් පත්තු කරගන්නව. මගෙ යාළුව එස්, ඒ කාලෙ නිතරම මාත් එක්ක බොනව. කළු අයිය මට අච්චර ලියපං, මේචරක් ලියපං කියල චෙක් ලියව ගන්නව. මිනිහට ෆිනෑන්ස් ගෙවා ගන්න බැරිව වෑන් කට්ටක් තිබුණා. ඒත් මාත් එක්ක එකතු වුණාට පස්සෙ අවුරුදු දෙකක් යනකොට මිනිහ ලක්ෂ තිහ හතළිහේ කේර්න් ගත්ත. කේර්න් අදින දිග වාහන ගත්ත. මිනිහ පළාතේ ලොකු කොන්ත්රාත්කාරයෙක් වුණා. ඒ කාලෙ මං වාහන ගත්තට පස්සෙ පොලීසියෙ මහත්තුරුන්ට නිතරම මළ ගෙවල්වලට, දුර ගමන්වලට වෑන් එක ඕනෙ වුණා. මිනිස්සු තරහ වෙන නිසා නොදීත් බැහැ. එක සැරයක් හමුදාවෙන් ඇවිල්ල බස් එකයි වෑන් එකයි බලෙන්ම ඒ අයගෙ කෑම්ප් එකට අරන් ගියා. වාහන දෙක සති තුනක් තියාගෙන හිටිය. ඒ අය මට රුපියල් පන්දාහක් කුලිය දුන්න. ඒත් ඒ සල්ලි ගන්න වුණේ කෑම්ප් එකට කීප වතාවක් ගියාට පස්සෙයි. යන යන වතාවල හමුදාවෙ නිලධාරීන්ට කන්න බොන්න අරන් දීල මට දාස් ගණන් අතින් පාඩු වුණා. මට ළමයි පස් දෙනයි. හතර දෙනෙක් ඉස්කෝලෙ යනව. ලොකු පුතා විභාගෙ කරල අපේ නැන්දම්මගෙ ගෙදර හිටියෙ. ටිකට් එකේ සල්ලි ඇදුණට පස්සෙ ලොකු පුතා ගෙදර ආවා, වෑන් එකයි බස් එකයි එයා ගෙන් බේරගන්නම බැරි වුණා. ඒ දවස්වල බස් එකට පුදුම වියදමක් ගියේ. වාහනේ සර්විස් කරන දවසට මං ගියොත් වියදම රුපියල් හයදාහට අඩුයි. ඒත් මං නොගියොත් අට දාහයි, නව දාහයි. බස් එකේ ඒ.සී. අප්සට් ගිය නිසා අවුරුද්දකට පස්සෙ ඒක ගත්තු සේල් එකටම දීල අලුත් බස් එක ගත්ත. ඒක ගත්තෙ ලක්ෂ විසි දෙකකට ෆිනෑන්ස් කරල. මුල් බස් එක දිව්වෙ අම්පාර- නුවර, දවෛනි එක දිව්වෙ අම්පාර - කොළඹ. අනූනවයෙ සිංහල අවුරුද්ද දවසෙ මං වාහනේ දුවන්න එපා කියල තිබුණ. ඒත් පුතා වධ කරල නුවරට විතරක් ගිහිං එන්නම් කියල අරන් ගියා. එහේදී මටත් නොකියා කොළඹට ලෝඩ් එකක් පටවගෙන යද්දී මාවනැල්ලෙන් වංගුව ගන්නකොට බස් එක හෙළකට පෙරළිලා, බස් එක ගන්න දෙයක් නැහැ. ඩ්‍රැයිවර්ට ඇරෙන්න හැමෝටම තුවාලයි. බස් එක ගොඩට අරගෙන මාවනැල්ලෙ ගැරේජ් එකකට දැම්ම. මාවනැල්ලෙ මැරයො වාහනේ කෑලි ගලවන්න එනව. උන් ගෙන් වාහනේ පරිස්සම් කරන්න මං වෑන් එකෙන් කට්ටියක් අරං ගිහිං සති ගාණක් බස් එක ආරක්ෂා කළා. එහෙම ඉන්න පොලීසියෙ මහත්තුරුන්ට මගේ වාහනෙන් එහේ මෙහේ යන්න ඕනෙ වුණා. බස් එකේ ඩ්‍රයිවර්ගෙ ලයිෂන් එක පරණ වෙලා තිබිල ඒ ප්‍රශ්නෙ බේරගන්න පොලීසියෙ ලොකු නිලධාරියෙකුට රුපියල් දහදාහකුත් දෙන්න වුණා. ඒ අතරෙ හැමදාම පොලීසියෙ කට්ටියට මගෙ ගාණෙ ටවුමෙ ලොකු හෝටලේකින් කෑම ඕනෙ වුණා. මාවනැල්ලෙ හිටපු ඒ දවස් ටිකේ මට රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් වුණා. ඔය අතරේ අම්පාර- කොළඹ බස් දුවවල බංකොළොත් වුණ කෙනෙක් මාව හොයාගෙන ආවා. මගේ වැඩවලටයි, වෑන් ඒකේ වැඩවලටයි මට උදව් කරන්නම් කිව්වා. මං මිනිහ ගැන තිබුණ විශ්වාසෙ නිසා මාවනැල්ලෙ ගැරේජ් එකක තිබුණ බස් එක හදන්න කියල පොළොන්නරුවෙ හිඟුරක්ගොඩ හිටපු මිනිහගෙ යාළුවෙකුට භාර දුන්න. මිනිහ ඒ අතරෙ අත මාරුවකට මගෙන් ලක්ෂ පහක් ඉල්ලුවා. ඒ වෙනකොට මගේ ගාව තිබුණ සල්ලි ඉවර වෙලා නිසා මං වයිෆ්ගෙ බැංකු පොතේ දාල තිබුණ ලක්ෂ පහ අරගෙන මිනිහට දුන්න. ඒක අරගෙන ගියා ගියාමයි මිනිහ තවම දැක්කෙ නැහැ. එයින් ටික කාලෙකට පස්සෙ මට ආරංචි වුණා මගේ බස් එක ෆිනෑන්ස් එකෙන් උස්සල කියල. බලනකොට ෆිනෑන්ස් එකේ වාහන උස්සන බ්‍රෝකර්කම කරල තියෙන්නෙ මගේ වාහනේ හදන්න ගෙනිච්ච හිඟුරක්ගොඩ මිනිහමයි. මට එතැනින් පස්සේ බස් එකත් නැති වුණා. ගිරයට හසු වී සුද්ධ වූ පුවක් ගෙඩියක් ප්ලාස්ටික් පෙට්ටියට දමමින් කෝටිපතියා කථා කළේය. ඒ කාලෙම මගේ වෑන් එක ලක්ෂ හතකට විකුණල දැම්ම. ඉතුරු සල්ලි ඔක්කොම එකතු කරල ළමයි හතර දෙනාට ලක්ෂ තුන ගාණෙ බැංකු පොත්වලට දැම්ම. කෝටිපතියා සැහැල්ලු හඩින් පැවැසීය. අපට හමුවන විට කෝටිපතියා රැකියාව කරමින් සිටියේ තමන්ගේ අයියා කෙනෙකු පාලනය කරන කච්ච්ෙරිය කැන්ටිමේය. උක් වතුවල වගා කර හෙම්බත් වී සිටි ඒ සහෝදරයා කැන්ටිම කරන්නට පටන්ගෙන තිබුණේ, කෝටිපතියාගෙන් ලැබුණු රුපියල් ලක්ෂ දෙක හමාරකිනි. අද කෝටිපතියාට ඒ සහෝදරයා රුපියල් සීයක් බැගින් දවසකට පඩි ගෙවයි. මෙහෙම වෙච්ච එක ගැන දුකක් නැද්ද...? මා සමග සිටි මානික්කාරච්චි කෝටිපතියාගෙන් ඇසුවේය. ආපහු මෙහෙම ඉන්න ලැබුණ එක ගැන මං සන්තෝස වෙනව. ඒ දවස්වල මං හොරුන්ට බයේ කොහේවත් යන්නෙ නෑ. රෑට ගෙදර ජනේලයක්වත් අරින්නෙ නෑ. සල්ලි තිබුණ කාලෙ මං ජීවත් වුණේ ඒ තරම් බයේ. කෝටිපතියා කිව්වේය. රුපියල් එක් කෝටි දහ අට ලක්ෂයකින් පටන් ගත් ජංගම ගිණුමේ මේ වන විට කීයක් තිබෙනවාදැයි මම එවේලේ කෝටිපතියාගෙන් ඇසුවෙමි. රුපියල් තුන්දාස් ගාණක් තියෙනව. සැහැල්ලු ස්වරයකින් යුතුව කෝටිපතියා කිව්වේය. රුපියල් දහයකින් කරපු හරිය මදි ද මහත්තයො?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom