Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැප්පෙටිපොළ මහ දිසාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැප්පෙටිපොළ මහ දිසාව

1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා.

ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්

කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික නියෝජිතයා වුණු ජෝන් ඩොයිලි අතේ තමා අවසන් බලය රැදිලා තිබුණේ..

ජෝන් ඩොයිලි

මේ විදිහට ටික දවසක් යනකොට රදළ නායකයන් වගේම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතරත් නොසන්සුන්තාවයක් ඇතිවුණා කියලා කියන්න පුලුවන්. මේකට බලපාපු කරුණු කීපයක්ම දැකගන්න පුලුවන්.

මූලික කරුණ විදිහට මම හිතන්නේ උඩරට නායකයන්ව ඉංග්‍රීසින් විසින් බරපතළ රැවටීමකට ලක් කිරීම. මොකද ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයට රදළයන් සහය දෙන්නේ කෲර රජතුමා බලයෙන් පහ කරලා යහපත් සිංහල පාලනයක් ඇතිකරන්න ඉංග්‍රීසීන් සහය දෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියනවා වගේ ඉංග්‍රීසින් උඩරට සිංහලයන්ට එහෙම භාර දෙන්න කල්පනා කළේ නැහැ.

ඒ වගේම තවත් හේතුවක් තමා උඩරට රදළ බලය ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම ක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තු එක.

තව හේතුවක් විදිහට දක්වන්නේ උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තිය වුණු "මෙකී රටවල්වල [සිංහලේ] මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතු සංඝයාද විහාර ස්ථානද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑයැ." ඉංග්‍රීසීන් නිසියාකාරව ඉටු නොකිරීම

මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් රජතුමා

අනෙක් කාරණය විදිහට මට හිතෙන්නේ උඩරට මිනිස්සු අනාදිමත් කාලයක ඉදන් තමන්ගේ ඇහැට දකින්න ලැබුණු රජතුමෙක්ටයි ගරු කළේ තමන්ගේ පාලකයා විදිහට. ඒ රජතුමා තමන්ගේම මනුස්සයෙක් වුණු නිසා තමන්ගේ දුක් ගැනවිල්ලක් වුණත් රජතුමාට කියන්න පුලුවන් කියන විශ්වාසේ මිනිස්සුන්ට තිබුණා. ඒත් අලුත් රජතුමා වුණු මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් ඇහැට දක්න්න බැරි තමන්ගේ භාෂාව කතා නොකරපු මනුස්සයෙක් වීමත් ප්‍රශ්නයක් වෙන්න ඇති.

කැරැල්ලට ආසන්නතම හේතුව වෙන්නේ 1817 දී හජ්ජි මුහන්දිරම් නමින් වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් අයෙක් මුහන්දිරම්වරයෙක් පත්කිරීම. මේ හජ්ජි මුහන්දිරම්ව මරා දැමීමෙන් සහ ඊට පස්සේ බදුල්ලේ ඒජන්ත විල්සන්ව මරා දැමිමෙන් තමා උඩරට මහ කැරැල්ල පටන් ගන්නේ.

මේ කැරැල්ල සම්බන්ධව කතා කරන්නවත් කැරැල්ලට මුල්වුණු හේතු කතා කරනවත් නෙමේ මේ සටහන ලියන්නේ. ඒක නිසා ඒ කරුණු බොහොම සාරාංශ ගත කරලා තමා කතා කෙරෙන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. මේ සටහනෙන් මූලිකව කතා කරන්නේ කැප්පෙටිපොළ දිසාවේ සහ කැරැල්ලේ මූලිකයා විදිහට කතා කෙරෙන ව්‍යාජ රජතුමා ගැන.

ව්‍යාජ රජතුමා ගැන මුලින් කතා කළොත් කැරැලිකරුවන්ගේ උද්යෝගයට හේතුවෙන විදිහට වගේම මහජන පක්ෂපාතීත්වය දිනාගන්න සූර්ය වංශික රාජ ලේ තිබෙන කුමාරයෙක් විදිහට පෙනී සිටින්නේ දොරේසාමි නමින් හඳුන්වපු පුද්ගලයා. ඔහු රාජාධිරාජසිංහ රජතුමාගේ මස්සිනා විදිහටත් ඒ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නෑයෙක් වුණු කලුනායක්කර්ගේ පුතෙක් විදිහටත් තමා කැරලි නායකයන් විශ්වාස කළේ. ඒ අනුව අභිෂේක මංගල්‍යයක් පවත්වලා වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල නමින් රාජ්‍යත්වයට පත් කරන්නත් කැප්පෙටිපොළ ඇතුළු පිරිස කටයුතු කරනවා.

රුහුණු කතරගම මහා දේවාලයේ කොඩිය

විශේෂම කරුණක් විදිහට දක්වන්න පුලුවන් වෙන්නේ වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල ඇතුලු කැරලි නායකයන් කැරැල්ල සිදු කරන්නේ තමන්ට ඒ සඳහා කතරගම දෙවියන්ගෙන් වරමක් ලැබුණු බව දක්වමින්. ව්‍යාජ රජු හිටිය සෑම ස්ථානයකටම රැගෙන ගිය කතරගම දේවාලයෙන් වැඩම කෙරවුණු දේවාභරණ කීපයක් වියන් යට තබමින් පුද සත්කාර කල බව කියවෙනවා.

සංග්‍රාමික දෙවි කෙනෙක් විදිහට කතරගම දෙවියනට ලැබී තිබුණු පිළිගැනීමත් එක්ක මේ කතරගම දේව වරම පිළිබඳ කතාව පැතිරුණා කියන එක හිතන්න පුලුවන්.

මේ ව්‍යාජ රජතුමා රජ වාසළ නිලධාරීන් පත් කරනවා වගේම දිසාවේවරුත් පත් කරන්න කටයුතු කරනවා. ඒත් අවසානයේදී ගැටළු සහගත තත්වයක් ඇතිවෙනවා. ඒ ව්‍යාජ රජතුමාගේ දෙවෙනි අදිකාරම් විදිහට පත් කරලා තිබුණු මඩුගල්ලේ මහ නිලමේ විසින් මොහු රාජ උරුමයක් නොමැති විල්බාවේ නම් සිවුරු හළ අයෙක් බව සොයා ගැනීමත් එක්ක.

මඩුගල්ලේ නිලමේ ව්‍යාජ රජතුමාව වගේම කැප්පෙටිපොළ මහ නිලමේත් දුම්බරදී අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. එතනින් හංවැල්ලට අරන් ගිය හංවැල්ලේ අටුවේ සිරකර ඉන්න කොහොම නමුත් ව්‍යාජ රජතුමා එතනින් නුවර කලාවියට පලා ගිහින් විවාහ වෙලා දරු පවුලකුත් එක්ක ඉද්දී තමා 1830 අල්ලා ගන්න ඉංග්‍රීසීන් සමත් වෙන්නේ.

ඒ මොහු අල්ලා දෙන අයෙක්ට ත්‍යාගයක් දෙන බව කියලා තිබුණු නිසා හාරිස්පත්තුවේ භගවා ගල්ලෙනේ විසූ පුස්සේගොඩ උන්නාන්සේ වැද්දෙක්ගෙන් විල්බාවේ ගැන තොරතුරු දැනගෙන ඒවා ඉංග්‍රීසින්ට ලබාදීමෙන්. 1830 මාර්තු 23 විල්බාවේ කලාගන් තුලානේ දලුදොඹ වැව ගමේදී අල්ලා ගන්න ඉංග්‍රීසීන්ට පුලුවන් වෙනවා.

පස්සේ 1830 ජූලි ඉදන් 1832 දක්වා කෙරුණු විවිධාකාරයේ සාකච්ඡා ගණනාවකින් පස්සේ ඉංග්‍රීසි පාලකයන් තීරණය කරනවා විල්බාවේට නිදහස ලබාදෙන්න.

ඒකට හේතුවෙන්න විල්බාවේ දුන්නු සාක්ෂිය වගේම විත්තිකරුට පක්ෂව තිබුණු අනෙකුත් සාක්ෂි සලකලා බැලීමෙන්. විල්බාවේගේ සාක්ෂිය කෙටියෙන් දක්වන්නම්.

විල්බාවේ කියන්නේ මෙහෙම කතාවක්.

තමන් භික්ෂුවක් විදිහට අල්ගම උන්නාන්සේ සහ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් පස් නමක් එක්ක කතරගම වන්දනා කරලා දඹුල්ලට යන්න මහියංගණය හරහා එද්දී වැදි පිරිසක් එක්ක ආපු කිවුලේගෙදර මොහොට්ටාල තමන්ව අල්ලා ගෙන සිවුරු හරවලා ගිහි ඇඳුම් අන්දවනවා. පස්සේ විල්බාවේව රජතුමා නමින් හඳුන්වපු පුද්ගලයෙක් ගාවට ගෙනියනවා.

ඒ පුද්ගලයා විල්බාවේව රජ පවුලට අයත් කෙනෙක් විදිහට දක්වන්න ගියත් විල්බාවේ අකමැති වීම නිසා ඔහු විල්බාවේව මුණින් අතට දිගා කරවලා තලලා දඬුකඳේ ගහලා තියෙනවා. අවසානයේදී ඒ රජු විදිහට ඉන්න කෙනා වැද්දෙක් විදිහට වෙස් වලා ගැනීමත් එක්කම විල්බාවේව මාළිගයට ඇතුල් කරලා අවසානයේදි කැප්පෙටිපොළගේ මූලිකත්වයෙන් විල්බාවේට කිරුළු පැලැඳවීමත් සිදුවෙනවා.

ඒත් අවසානයේදී තමන්ගෙන් පළමු අදිකාරම්කම ඉල්ලපු මඩුගල්ලේට විල්බාවේ තමන් ගැන ඇත්ත කරුණු හෙළි කිරීමත් එක්ක මඩුගල්ලේ විල්බාවේව අත් අඩංගුවට ගන්නවා.

ඉතින් මේ කතාවත් එක්ක ඉංග්‍රීසීන් තීරණය කරන්නේ අනුන්ගේ පෙළඹවීම මත විල්බාවේව රජු විදිහට පත් කරගත්තු බවත් ව්‍යාජ රජතුමා නිකුත් කළ නියෝග සැබවින්ම නිකුත් කරන්න ඇත්තේ කැප්පෙටිපොළ ඇතුළු නායකයන් කියලා. මේ අනුව බලද්දී විල්බාවේ නිදහස් කිරීමේ කිසියම් සාධාරණ පැත්තකුත් පේන්න තියෙනවා.

කැප්පෙටිපොළ මහ දිසාවේ

මේ කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් කැප්පෙටිපොළ පරම්පරාව ගැනත් කියන්න ඕනේ.

18 වන සියවසේ මුල් භාගයේ බත්වඩන නිළමේ, දියවඩන නිළමේ, මාතලේ, තමන්කඩුව හා සත් කෝරළේ දිසාවේ තනතුරු දරපු රාජපක්ෂ වික්‍රමසේකර [පසුව වාසගම වික්‍රමසිංහ බණ්ඩාරනායක] මුදියන්සේ රාළහාමි තමන්ගේ නිජ භූමිය වුණු සතර කෝරළේ කැප්පෙටිපොළ ඉදන් මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිලට ඇවිත් මොනරවිල තමන්ගේ වාස භූමිය කරගන්නවා. එහෙම තමා මොනරවිල කියලා කොටසකුත් කැප්පෙටිපොළ පරපුරට එකතු වෙන්නේ.

වික්‍රමසේකර මුදියන්සේ රාළහාමිගේ පුත්‍රයා වුණු ගොලහැල බණ්ඩාරනායක කැප්පෙටිපොළ රාජාධිරාජසිංහ රජතුමාගේ දියවඩන නිළමේ විදිහට කටයුතු කරනවා. මේ නිළමේ විවාහ වෙන්නේ මොනරවිල කුමාරිහාමිත් එක්ක. ඔවුන්ගේ දරුවෝ වුණේ වැඩිමහල් පුතා මොනරවිල කැප්පෙටිපොළ සහ දියණිය පසුකාලෙක ඇහැලේපොළ මහාදිකාරම් හා විවාහ වුණු ඇහැලේපොළ කුමාරිහාමි.

කැප්පෙටිපොළ මහ දිසාවගේ අත්සන

1815 ඉංග්‍රීසීන්ට උඩරට යටත් වීමත් එක්ක ඒ සඳහා පිළියෙල කෙරුණු උඩරට ගිවිසුමේ සිංහලෙන් අත්සන් කරන රදළයන් කීප දෙනාගෙන් එක් කෙනෙක් වෙන්නේ මොනරවිල කැප්පෙටිපොළ නිළමේතුමා. ඌවේ දිසාවේ විදිහට තමා එතුමා කටයුතු කරන්නේ. මේ අතරවාරයේදී තමා 1818 මහ කැරැල්ල පටන් ගන්නේ.

1817 අර කලින් කියපු විදිහට වෙල්ලස්ස ප්‍රදේශවල ඇතිවුණු අර්බුදකාරී තත්වයත් එක්කම ඒ තත්වය මැඬ පවත්වන්න ඉංග්‍රීසීන් කටයුතු කරද්දී කැරලි මැඩලන්න එකතු වුණු ඌවේ මහ දිසාවේ කැප්පෙටිපොළ අලුපොත ප්‍රදේශයේදී කැරලිකරුවන් සමඟ එකතු වෙන්නේ. 5000 ක විතර පිරිසක් එක්ක ගමන් කරපු කැප්පෙටිපොළට කොහුකුඹුරේ රටේරාළ හෝ බූටෑවේ රටේරාළ හමුවෙනවා.

එහිදී රටේරාළ මහ දිසාවේගෙන් ආයාචනය කරනවා අඳුරේ තියෙන රට ආලෝකමත් කරන්න පහළ වෙලා ඉන්න රජතුමාට එකතු වෙන්න කියලා. මේ ඉල්ලීමත් එක්ක තමන්ගේ පිරිසත් එක්ක කැරලිකරුවන්ට කැප්පෙටිපොළ නිළමේතුමා එකතු වුණා වගේම තමන් එක්ක හිටිය ඉංග්‍රීසි සොල්දාදුවන් ඔවුන්ගේ ආයුධත් එක්ක නිරුපද්‍රිතව පිටත් කරන්නත් එතුමා කටයුතු කරනවා.

වීර වික්‍රම කීර්ති ශ්‍රී මහවාසළ රජතුමාගේ පල්ලේගම්පහ අදිකාරම් හෙවත් පළමු අදිකාරම් ධූරය කැප්පෙටිපොළ මහා දිසාවේට පිරිනැමෙනවා

කැප්පෙටිපොළගේ මේ වෙන්වීමෙන් ඉංග්‍රීසින්ට ලොකු භයක් ඇතිවෙනවා උඩරට රදළයන් හුඟ දෙනෙක් කැප්පෙටිපොළගේ නෑදෑයන් වීමත් එක්ක ඔවුනුත් කැරලිකරුවන්ගේ පක්ෂෙට එකතු වෙයිද කියන එකෙන්. ඇහැලේපොළ මහ නිලමේ කැප්පෙටිපොළගේ මස්සිනා වීමත් මෙහිදී විශේෂයි. මේ නිසාමයි ඇහැලේපොළ මහ නිලමේව කොළඹට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ.

1818 ජනවාරි 1 ආණ්ඩුකාරයා කැප්පෙටිපොළ නිළමේ ඇතුළු තවත් රදළ නායකයන් 17 දෙනෙක් කැරලිකරුවන් එක්ක එකතු වුණු නිසා තනතුරුවලින් නෙරපලා දේපළ රාජසන්තක කරනවා.

ඉංග්‍රීසීන් මාර්තු 19 නිකුත් කරපු ආඥාවක් අනුව රාජද්‍රෝහී වුනු කැප්පෙටිපොළ නිළමේ අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 2000 කුත් අනෙක් ප්‍රධාන කැරලි නායකයන් වුණු මඩුගල්ලේ නිලමේ සහ පිළිමතලාවේ නිලමේවරු අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 1000 බැගිනුත් ලබාදෙන්න තීරණය කරලා තියෙනවා

මේ අතරවාරයේ වාරිපොළ සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් දළදාව තමන් යටතට ගන්න කැප්පෙටිපොළ නිළමේතුමා සමත් වීමත් එක්ක හඟුරන්කෙතදී දළදාව ප්‍රදර්ශනය කරපු කැප්පෙටිපොළ නිළමේතුමා තමන්ගේ රජුගේ උරුමය තහවුරු වී තිබෙන බවත් ජයග්‍රහණය අත ළඟ බවත් දක්වනවා.

දළදා ප්‍රදර්ශනයේ තිබෙන වැදගත්කම තමා මේ වගේ අවස්ථාවක මහජන පක්ෂපාතීත්වය දිනාගන්න පුලුවන් වෙන එක. දඹදෙණියේ රාජ්‍යය කරපු II පරාක්‍රමබාහු රජතුමාත් කාලිංග මාඝ එක්ක යුද්ධයට යන්න කලින් දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමෙන් අපේක්ෂා කලේ මෙදා කැප්පෙටිපොළ නිළමේතුමා අපේක්ෂා කරපු දේම තමා.

සටන් දිගටම යන නිසා උපායශීලී වුණු ඉංග්‍රීසීන් රහස් සාකච්ඡා මඟිනුත් හුඟක් රදළයන් තමන්ට පක්ෂපාතී කරගත්තා වගේ අගෝස්තු 1 ඉදන් සැප්තැම්බර් 20 වෙනකම් පොදු සමා කාලයකුත් ප්‍රකාශයට පත් කරනවා.

ඒත් 1818 අග භාගය වෙද්දී රජතුමා ව්‍යාජ අයෙක් බව හෙළිවීමත් නියම දොරේසාමි කුමාරයා මදුරාසියේ සිටින බව ඉංග්‍රීසීන් ප්‍රචාරය කිරීමත් එක්ක කැරලි හමුදාව බිඳ වැටෙන්න පටන් ගන්නවා. පෙබරවාරි 21 පනවන ලද යුධ නීතියත් එක්කම ඉංග්‍රීසීන්ගේ දැඩි ප්‍රතිපත්ති [හරක බාන, වතු පිටි හැමදේම ගිනි තබලා විනාශ කලාලුනේ] වගේම සූක්ෂම වැඩ නිසාත් කලින් කියපු කැරැල්ලේ හිටපු රදළයන් භේද වීමත් එක්ක කැරැල්ල බිඳ වැටෙනවා.

මේ කැරැල්ලේ අසාර්ථකත්වයට බලපාපු තවත් හේතුවක් වෙන්නේ ඒ වෙද්දී පල්ලේ ගම්පහ අදිකාරම් වුණු මොල්ලිගොඩ ඉංග්රීසින්ගේ පක්ෂයට දක්වන්න පුලුවන් සෑම උත්සහයක්ම දක්වපු එක.

ඒකත් එක්කම ක්‍රමයෙන් කැරැලි නායකයන් ඉංග්‍රීසීන්ට හසුවෙනවා

ඒ යටතේ ඔක්තෝබර් 28 ලුතිනන් ඔනීල් ඇතුළු කණ්ඩායම නුවර කලාවියේ පරවහගම වලව්වකදී කැප්පෙටිපොළ නිළමේ සහ පිළිමතලාවේ නිළමේ අල්ලගන්න සමත් වෙනවා. ලුතිනන් ඔනීල් වලව්වට ඇතුළු වුණු ගමන් ඔහුගේ අතින් අල්ල ගත්තු කැප්පෙටිපොළ නිළමේතුමා "මම තමා කැප්පෙටිපොළ" කියලා දෙපාරක් කියනවා.

ඒ වෙද්දී පිළිමතලාවේ අසනීප වෙලා ඇඳේ ඉන්නේ. මේ අවස්ථාවේ මඩුගල්ලේ ඇතුළු පිරිසක් පලායන්න සමත් වෙනවා.

කැප්පෙටිපොළ සහ පිලිමතලාවේ නිළමේවරු අල්ලාගත් පලාගල පරවහගම ඉදිකර ඇති ස්මාරකය

ඒත් මීළඟට නොවැම්බර් මාසයේදී හිඟන්නෙක් විදිහට බින්තැන්නේ හිටිය කිවුලේගෙදර මොහොට්ටාලත් ඊටත් පසුව මඩුගල්ලේ නිලමේවත් අල්ලගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා. දළදාවත් නැවත වරක් ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වීමත් එක්ක කැරැල්ල අවසන් වෙනවා

අවසානයේදී නොවැම්බර් 13 මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතීත්වයෙන් පැවැත්වුණු යුද්ධාධිකරණයෙන් කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිළමේවරුන්ට මරණ දඬුවම නියම කෙරෙනවා. පිළිමතලාවේටත් මරණ දඬුවම නියම කෙරුණත් පසුව මුරුසි දිවයිනට පිටුවහල් කරන්න නියම වෙනවා.

ඒ හැරෙන්න තවත් කැරැල්ලට සම්බන්ධ වුණු රදළ නායකයින් 40 කට විතර මරණ දඬුවම නියම කරනවා වගේම භික්ෂූන් වහන්සේලා 10 නමක් යාපන බන්ධනාගාරයට පිටත් කරනවා

මේ කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය සම්බන්ධව ඇසින් දුටු අයෙක් වෙන ඒ කාලයේ පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා විදිහට කටයුතු කරපු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වෙන Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English දක්වපු සටහනෙන් උපුටා දැක්වීම් කීපයක්.

ඔහු දක්වන විදිහට අන් නිළමේවරුන්ටත් වඩා යුරෝපීයන් එක්ක අවංකව, ශෝභනව, ප්‍රියශීලීව කටයුතු කරපු අයෙක් තමා කැප්පෙටිපොළ නිළමේ. කැප්පෙටිපොළ නිළමේ මුලදීම අත් එන්නත් කර ගත්තු වැදගත් ප්‍රධානියා වුනා වගේම තමන්ගේ දරුවන්ගේත් අත් එන්නත් කරවා ගන්නවා

යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියම වෙලා සිරභාරයේ ඉද්දී මේ වෛද්‍යවරයා කීප වරකම නිලමේතුමාව හමුවෙනවා. බොහොම ශාන්තව හිටිය එතුමා වරක් ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු අපිරිසිදු රෙද්ද පෙන්වලා සිනාසෙමින් කියනවා "මා ඇඳීමට පුරුදුව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නවානේ" කියලා

කැරැල්ල ගැන එතුමා කතා නොකළත් කරුණු දෙකක් සම්බන්ධව තමන් වැරදිකාරයෙක් කියලා කැප්පෙටිපොළ නිළමේ කියනවා. ඒ ව්‍යාජ රජතුමාගෙන් පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බර් 20 වෙනකම් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම කියන ඒවා. තමන්ගේ මරණ දඬුවම ඌවේ ඒජන්ත සෝවර්ස් මහතා හරහා ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් මඟින් පිටුවහල් කරවා ගැනීමකට වෙනස් කරගන්නත් කැප්පෙටිපොළ උත්සහ කළත් ඒක අසාර්ථක වෙනවා.

තමා අවාසනාවන්තයෙක් වුනේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා අසාර්ථක වීමෙන් කියලත් එතුමා කියනවා.

මරණ දඬුවම නියමව තිබුණු නොවැම්බර් 26 අලුයම් කාලයේ කැප්පෙටිපොළගේ සහ මඩුගල්ලගේ ඉල්ලීමට දළදාව වන්දනා කරන්න පිටත් වෙනවා. ඒ අවස්ථාවට කැප්පෙටිපොළ නිළමේගේ හිතවතෙක් වුණු ඌව ඒජන්ත සෝවර්ස් එකතු වෙනවා.

දළදාව වැඩ සිටින මාළිගාවේ එළිපත්තේ ඉදන් වන්දනා කරන කැප්පෙටිපොළ නිළමේ තමන් කරපු පින්කම් ගැන විස්තර කරලා ප්‍රාර්ථනාවක් කරනවා.

ඉතො චතොහං වර ජම්බුදීපේ

හිමාලයේ හෙමමයයහිකූටේ

කප්පායුකො දෙව වසත්වහුත්වා

මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං

ඒකේ තේරුම තමා මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා කියන එක

පසුව අනුශාසනයක් කරන භික්ෂූන් වහන්සේ දක්වනවා "ඔබ කළ පින්කම් මහත් ඵල මහානිශංස නිසා අහසට දාපු ගල් කැටයක් පොළොවට එනවා වගේ ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා" කියලා.

හනුවර කෞතුකාගාරයේ තබා ඇති කැප්පෙටිපොළ මහ දිසාවේගේ නිල ඇඳුම

අවසානයේදී තමන්ගේ පිනෙන් කොටසක් සෝවර්ස්ටත් අනුමෝදන් කරවන කැප්පෙටිපොළ නිළමේ තමන් ඉණේ ඔහාගෙන හිටිය තුප්පොට්ටිය ගලවලා "අපිරිසිදු වැරහැල්ලක් වුණත් මා සන්තක එකම දෙය පිදූ නිසා පිනෙන් අඩුවක් නැහැ" කියලා ඒ වස්ත්‍රය දළදාවට පූජා කරනවා.

පස්සේ වධක භූමියට යන්න සෝවර්ස්ටත් නිළමේ කතා කළත් ඔහු එන්නේ නැහැ. මඩුගල්ලේ නිළමේත් මේ විදිහට වන්දනාමාන කළත් භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ දළදාව වැඩ සිටින මාළිගාවට පැනලා දළදා වහන්සේගේ නාමයෙන් සමාව ඉල්ලනවා.

අවසානයේදී ලුතිනන් මැකන්සි ඇතුලු පිරිස මඩුගල්ලේව වැඩ සිටින මාළිගාවෙන් පිටතට ගන්නවා. යුධ භූමියේ නිර්භීත වුණු තම සගයාගේ මේ හැසිරීම ගැන කැප්පෙටිපොළ නිළමේ කියන්නේ "මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා" කියලා. සෝවර්ස් ඒජන්තවරයාට අතට අත දීලා සමුගත්තු කැප්පෙටිපොළ නිලමේ ඇතුළු පිරිස වධකභූමියට පිටත් වෙනවා

දළදා මාළිගාවට හැතැම්මක් පමණ දුරින් බෝගම්බර වැව ගාව තිබුණු වධක පිටියට ගිය නිළමේවරුන් දෙදෙනා වතුර ඉල්ලනවා. අවසානයේදී සුලු මොහොතක් ආගම සිහි කරපු කැප්පෙටිපොළ නිළමේ මුහුණ සහ අත් දෝවනය කරලා හිස කෙස් හිස මුදුනේ කොණ්ඩයක් වෙන්න බැඳගෙන කුඩා පඳුරක් ළඟ වාඩිවෙලා ඒක කකුලේ ඇඟිලිවලින් අලාගෙන ඉණේ තිබුණු පුස්කොළ පොත් ධම්මපදයෙන් ගාථා කීපයක් කියවලා ඒ පොත තමාගේ මිත්‍රයා වුණු ඌවේ ඒජන්ත සෝවර්ස්ට තමන්ට දක්වපු මිත්‍රත්වය හා කරුණාව වෙනුවෙන් දෙන්න කියනවා.

නිළමේ පාලි ගාථා සජ්ඣායනය කරද්දී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගසනවා. ඒ අවස්ථාවේදී කැප්පෙටිපොළ නිළමේතුමා "අරහං" කියන බුදුන්ට භාවිතා වන නම කියනවා.

දෙවෙනි පහරෙන් හිස නැති කඳ බිමට වැටෙනවා. පස්සේ බිම දිගා කරපු ශරිරයේ හදවත උඩින් හිස තබනවා.

මඩුගල්ලේ නිළමේ දිගටම බියසුළුකමක් දක්වන නිසා කොණ්ඩය බඳින්නෙත් හිරගේ කංකානම්. අවසානයේදී එක පහරින් තමන්ව මරන්න කියලා අරහං කියන පදය ඔහුත් කියනවා. තමන්ගේ හිස පහත් කරගන්න මඩුගල්ලේට බැරිවුණු නිසා වධකයෙක් බෙල්ල අල්ලගෙන ඉද්දී දීපු පළමු කඩු පහරින් මඩුගල්ලේ පස්සට වැටෙනවා. දෙවෙනි පහරින් තමා ඔහුත් මියයන්නේ.

නිළමේවරුන්ගේ හිස් සිඳින්නට භාවිතා කරන්නට ඇත්තේ මෙවන් අසිපතක්

කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස් කබල

මරණය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා කැප්පෙටිපොළ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී වෛද්‍ය හිල් කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ විශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ.

කැප්පෙටිපොළ නිළමේතුමාගේ කතාව ස්කොට්ලන්ත වීරයෙක් වුණු ශ්‍රීමත් විලියම් වොලස්ගේ කතාව සමාන බව ඉංග්‍රීසීන් කියනවා.

272 - 1305 අතර කාලයේ ජීවත් වුණු ශ්‍රීමත් විලියම් වොලස් එවකට එංගලන්ත රජතුමා වුණු I එඩ්වඩ් ස්කොට්ලන්තය තුළ කරපු ආක්රමණවලට එරෙහිව නැගී සිටිනවා. කැරලි නායකයා විදිහට එංගලන්ත හමුදාවත් එක්ක සටන් කරන වොලස්ගේ බිරිඳව අල්ලා ගත්තු එංගලන්ත සොල්දාදුවන් ඇයව ම්ලේච්ඡ විදිහට මරා දමනවා. අවසානයේදී වොල්ස් සමඟම හිටිය පිරිසක් වොලස්ව පාවා දෙනවා.

ලන්ඩනයේ වෙස්මිනිස්ටර්වල තිබුණු ඔහුට එරෙහ් අධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, මාළිගා කොල්ලකෑම, ලේ වැගිරවීම වගේ චෝදනාවලට පිළිතුරු විදිහට වොලස් කියන්නේ "මම කිසි කලකත් ද්‍රෝහියෙක් නොවීමි" [සිංහලෙන් නෙමේ හරිද ) ] කියලා. අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම වෙනවා.

1305 අගෝස්තු 23 වෙනිදා අශ්වයින්ගේ වලිගවල බැඳලා වධක භූමියට ඇදගෙන යන වොලස්ව එල්ලුම් ගහක එල්ලනවා. ඒත් ඔහු මියයන්න කලින් ඔහුගේ බඩවැල් එළියට අරගෙන ඇස් ඉදිරිපිටම පුලුස්සා දමනවා. ඒ වගේමයි මිය ගියාට පසුව සිරුර කැබලි හතරකට වෙන් කරනවා. ඔහුත් මරණයට මුහුණ දීපු ආකාරය අනුවයි කැප්පෙටිපොළ නිළමේට සමාන කරන්නේ.

කැප්පෙටිපොළ වළව්ව

කැප්පෙටිපොළ මහ දිසාවේගේ පවුලේ අයට මොකද වුනේ කියලාත් කිව්වොත් මාතලේදී ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා කැප්පෙටිපොළ නිළමේතුමාගේ බිරිඳ වුණු දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගන්නවා. ඔවුන්ව 1818 අග භාගයේදී මීගමුවට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා.

1819 මැයි 22 කරපු නිවේදනයකින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ දේපළ සියල්ලම රාජසන්තක කරනවා. ඒත් 1829 දී රාජ සන්තක වුණු ඉඩම්වලින් ඉතුරු වෙලා තිබුණු කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පුතුන්ට ඉංග්‍රීසි රජය පවරනවා.

කැප්පෙටිපොළ හිස් කබල නැවත ලංකාවට භාරදුන් අවස්ථාව. වම් පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ සිව්වෙනි පරම්පරාවේ උපාලි මොනරවිල කැප්පෙටිපොළ

[උපුටා ගත්තේ : Asian Cemetry Reseacrh Group]

[QUOTE="xcorat, post: 20862268, member: 555034"] [b]කැප්පෙටිපොළ මහ දිසාව[/b] [SIZE="5"][CENTER][IMG]http://4.bp.blogspot.com/-lNUuZCI54ls/T79EoYGgsWI/AAAAAAAAB6s/1sIRj1kCV8k/s400/b1rana.jpg[/IMG][/CENTER] 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා. [CENTER][IMG]http://2.bp.blogspot.com/-rlffvmFcAs4/T752NzSSdYI/AAAAAAAAB4I/QCp5RPMc4qk/s320/6002.jpg[/IMG] [B] ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්[/B][/CENTER] කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික නියෝජිතයා වුණු ජෝන් ඩොයිලි අතේ තමා අවසන් බලය රැදිලා තිබුණේ.. [CENTER][IMG]http://3.bp.blogspot.com/-ic7-TsU8UJk/T79EYniYJ-I/AAAAAAAAB6k/m7t4qZC-SHo/s320/Sir+John+D%27oyly.jpg[/IMG] [B]ජෝන් ඩොයිලි[/B][/CENTER] මේ විදිහට ටික දවසක් යනකොට රදළ නායකයන් වගේම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතරත් නොසන්සුන්තාවයක් ඇතිවුණා කියලා කියන්න පුලුවන්. මේකට බලපාපු කරුණු කීපයක්ම දැකගන්න පුලුවන්. මූලික කරුණ විදිහට මම හිතන්නේ උඩරට නායකයන්ව ඉංග්‍රීසින් විසින් බරපතළ රැවටීමකට ලක් කිරීම. මොකද ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයට රදළයන් සහය දෙන්නේ කෲර රජතුමා බලයෙන් පහ කරලා යහපත් සිංහල පාලනයක් ඇතිකරන්න ඉංග්‍රීසීන් සහය දෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියනවා වගේ ඉංග්‍රීසින් උඩරට සිංහලයන්ට එහෙම භාර දෙන්න කල්පනා කළේ නැහැ. ඒ වගේම තවත් හේතුවක් තමා උඩරට රදළ බලය ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම ක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තු එක. තව හේතුවක් විදිහට දක්වන්නේ උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තිය වුණු "මෙකී රටවල්වල [සිංහලේ] මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතු සංඝයාද විහාර ස්ථානද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑයැ." ඉංග්‍රීසීන් නිසියාකාරව ඉටු නොකිරීම [CENTER][IMG]http://2.bp.blogspot.com/-HxyJPhFThgE/T753pT1VMcI/AAAAAAAAB4Q/DG4hScKVQbc/s400/King+George+III+1760-1820.jpg[/IMG] [B]මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් රජතුමා[/B][/CENTER] අනෙක් කාරණය විදිහට මට හිතෙන්නේ උඩරට මිනිස්සු අනාදිමත් කාලයක ඉදන් තමන්ගේ ඇහැට දකින්න ලැබුණු රජතුමෙක්ටයි ගරු කළේ තමන්ගේ පාලකයා විදිහට. ඒ රජතුමා තමන්ගේම මනුස්සයෙක් වුණු නිසා තමන්ගේ දුක් ගැනවිල්ලක් වුණත් රජතුමාට කියන්න පුලුවන් කියන විශ්වාසේ මිනිස්සුන්ට තිබුණා. ඒත් අලුත් රජතුමා වුණු මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් ඇහැට දක්න්න බැරි තමන්ගේ භාෂාව කතා නොකරපු මනුස්සයෙක් වීමත් ප්‍රශ්නයක් වෙන්න ඇති. කැරැල්ලට ආසන්නතම හේතුව වෙන්නේ 1817 දී හජ්ජි මුහන්දිරම් නමින් වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් අයෙක් මුහන්දිරම්වරයෙක් පත්කිරීම. මේ හජ්ජි මුහන්දිරම්ව මරා දැමීමෙන් සහ ඊට පස්සේ බදුල්ලේ ඒජන්ත විල්සන්ව මරා දැමිමෙන් තමා උඩරට මහ කැරැල්ල පටන් ගන්නේ. මේ කැරැල්ල සම්බන්ධව කතා කරන්නවත් කැරැල්ලට මුල්වුණු හේතු කතා කරනවත් නෙමේ මේ සටහන ලියන්නේ. ඒක නිසා ඒ කරුණු බොහොම සාරාංශ ගත කරලා තමා කතා කෙරෙන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. මේ සටහනෙන් මූලිකව කතා කරන්නේ කැප්පෙටිපොළ දිසාවේ සහ කැරැල්ලේ මූලිකයා විදිහට කතා කෙරෙන ව්‍යාජ රජතුමා ගැන. ව්‍යාජ රජතුමා ගැන මුලින් කතා කළොත් කැරැලිකරුවන්ගේ උද්යෝගයට හේතුවෙන විදිහට වගේම මහජන පක්ෂපාතීත්වය දිනාගන්න සූර්ය වංශික රාජ ලේ තිබෙන කුමාරයෙක් විදිහට පෙනී සිටින්නේ දොරේසාමි නමින් හඳුන්වපු පුද්ගලයා. ඔහු රාජාධිරාජසිංහ රජතුමාගේ මස්සිනා විදිහටත් ඒ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නෑයෙක් වුණු කලුනායක්කර්ගේ පුතෙක් විදිහටත් තමා කැරලි නායකයන් විශ්වාස කළේ. ඒ අනුව අභිෂේක මංගල්‍යයක් පවත්වලා වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල නමින් රාජ්‍යත්වයට පත් කරන්නත් කැප්පෙටිපොළ ඇතුළු පිරිස කටයුතු කරනවා. [CENTER][IMG]http://2.bp.blogspot.com/-J48OFTfglGE/T76HkdMgrpI/AAAAAAAAB58/-FrPdgOtag0/s400/Katharagama+Flag.jpg[/IMG] [B]රුහුණු කතරගම මහා දේවාලයේ කොඩිය[/B][/CENTER] විශේෂම කරුණක් විදිහට දක්වන්න පුලුවන් වෙන්නේ වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල ඇතුලු කැරලි නායකයන් කැරැල්ල සිදු කරන්නේ තමන්ට ඒ සඳහා කතරගම දෙවියන්ගෙන් වරමක් ලැබුණු බව දක්වමින්. ව්‍යාජ රජු හිටිය සෑම ස්ථානයකටම රැගෙන ගිය කතරගම දේවාලයෙන් වැඩම කෙරවුණු දේවාභරණ කීපයක් වියන් යට තබමින් පුද සත්කාර කල බව කියවෙනවා. සංග්‍රාමික දෙවි කෙනෙක් විදිහට කතරගම දෙවියනට ලැබී තිබුණු පිළිගැනීමත් එක්ක මේ කතරගම දේව වරම පිළිබඳ කතාව පැතිරුණා කියන එක හිතන්න පුලුවන්. මේ ව්‍යාජ රජතුමා රජ වාසළ නිලධාරීන් පත් කරනවා වගේම දිසාවේවරුත් පත් කරන්න කටයුතු කරනවා. ඒත් අවසානයේදී ගැටළු සහගත තත්වයක් ඇතිවෙනවා. ඒ ව්‍යාජ රජතුමාගේ දෙවෙනි අදිකාරම් විදිහට පත් කරලා තිබුණු මඩුගල්ලේ මහ නිලමේ විසින් මොහු රාජ උරුමයක් නොමැති විල්බාවේ නම් සිවුරු හළ අයෙක් බව සොයා ගැනීමත් එක්ක. මඩුගල්ලේ නිලමේ ව්‍යාජ රජතුමාව වගේම කැප්පෙටිපොළ මහ නිලමේත් දුම්බරදී අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. එතනින් හංවැල්ලට අරන් ගිය හංවැල්ලේ අටුවේ සිරකර ඉන්න කොහොම නමුත් ව්‍යාජ රජතුමා එතනින් නුවර කලාවියට පලා ගිහින් විවාහ වෙලා දරු පවුලකුත් එක්ක ඉද්දී තමා 1830 අල්ලා ගන්න ඉංග්‍රීසීන් සමත් වෙන්නේ. ඒ මොහු අල්ලා දෙන අයෙක්ට ත්‍යාගයක් දෙන බව කියලා තිබුණු නිසා හාරිස්පත්තුවේ භගවා ගල්ලෙනේ විසූ පුස්සේගොඩ උන්නාන්සේ වැද්දෙක්ගෙන් විල්බාවේ ගැන තොරතුරු දැනගෙන ඒවා ඉංග්‍රීසින්ට ලබාදීමෙන්. 1830 මාර්තු 23 විල්බාවේ කලාගන් තුලානේ දලුදොඹ වැව ගමේදී අල්ලා ගන්න ඉංග්‍රීසීන්ට පුලුවන් වෙනවා. පස්සේ 1830 ජූලි ඉදන් 1832 දක්වා කෙරුණු විවිධාකාරයේ සාකච්ඡා ගණනාවකින් පස්සේ ඉංග්‍රීසි පාලකයන් තීරණය කරනවා විල්බාවේට නිදහස ලබාදෙන්න. ඒකට හේතුවෙන්න විල්බාවේ දුන්නු සාක්ෂිය වගේම විත්තිකරුට පක්ෂව තිබුණු අනෙකුත් සාක්ෂි සලකලා බැලීමෙන්. විල්බාවේගේ සාක්ෂිය කෙටියෙන් දක්වන්නම්. විල්බාවේ කියන්නේ මෙහෙම කතාවක්. තමන් භික්ෂුවක් විදිහට අල්ගම උන්නාන්සේ සහ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් පස් නමක් එක්ක කතරගම වන්දනා කරලා දඹුල්ලට යන්න මහියංගණය හරහා එද්දී වැදි පිරිසක් එක්ක ආපු කිවුලේගෙදර මොහොට්ටාල තමන්ව අල්ලා ගෙන සිවුරු හරවලා ගිහි ඇඳුම් අන්දවනවා. පස්සේ විල්බාවේව රජතුමා නමින් හඳුන්වපු පුද්ගලයෙක් ගාවට ගෙනියනවා. ඒ පුද්ගලයා විල්බාවේව රජ පවුලට අයත් කෙනෙක් විදිහට දක්වන්න ගියත් විල්බාවේ අකමැති වීම නිසා ඔහු විල්බාවේව මුණින් අතට දිගා කරවලා තලලා දඬුකඳේ ගහලා තියෙනවා. අවසානයේදී ඒ රජු විදිහට ඉන්න කෙනා වැද්දෙක් විදිහට වෙස් වලා ගැනීමත් එක්කම විල්බාවේව මාළිගයට ඇතුල් කරලා අවසානයේදි කැප්පෙටිපොළගේ මූලිකත්වයෙන් විල්බාවේට කිරුළු පැලැඳවීමත් සිදුවෙනවා. ඒත් අවසානයේදී තමන්ගෙන් පළමු අදිකාරම්කම ඉල්ලපු මඩුගල්ලේට විල්බාවේ තමන් ගැන ඇත්ත කරුණු හෙළි කිරීමත් එක්ක මඩුගල්ලේ විල්බාවේව අත් අඩංගුවට ගන්නවා. ඉතින් මේ කතාවත් එක්ක ඉංග්‍රීසීන් තීරණය කරන්නේ අනුන්ගේ පෙළඹවීම මත විල්බාවේව රජු විදිහට පත් කරගත්තු බවත් ව්‍යාජ රජතුමා නිකුත් කළ නියෝග සැබවින්ම නිකුත් කරන්න ඇත්තේ කැප්පෙටිපොළ ඇතුළු නායකයන් කියලා. මේ අනුව බලද්දී විල්බාවේ නිදහස් කිරීමේ කිසියම් සාධාරණ පැත්තකුත් පේන්න තියෙනවා. [CENTER][IMG]http://1.bp.blogspot.com/-euGc4ZP-D5Y/T754ZXKDnGI/AAAAAAAAB4Y/uCmcRNbOiw8/s400/keppitipola.jpg[/IMG] [B]කැප්පෙටිපොළ මහ දිසාවේ[/B][/CENTER] මේ කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් කැප්පෙටිපොළ පරම්පරාව ගැනත් කියන්න ඕනේ. 18 වන සියවසේ මුල් භාගයේ බත්වඩන නිළමේ, දියවඩන නිළමේ, මාතලේ, තමන්කඩුව හා සත් කෝරළේ දිසාවේ තනතුරු දරපු රාජපක්ෂ වික්‍රමසේකර [පසුව වාසගම වික්‍රමසිංහ බණ්ඩාරනායක] මුදියන්සේ රාළහාමි තමන්ගේ නිජ භූමිය වුණු සතර කෝරළේ කැප්පෙටිපොළ ඉදන් මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිලට ඇවිත් මොනරවිල තමන්ගේ වාස භූමිය කරගන්නවා. එහෙම තමා මොනරවිල කියලා කොටසකුත් කැප්පෙටිපොළ පරපුරට එකතු වෙන්නේ. වික්‍රමසේකර මුදියන්සේ රාළහාමිගේ පුත්‍රයා වුණු ගොලහැල බණ්ඩාරනායක කැප්පෙටිපොළ රාජාධිරාජසිංහ රජතුමාගේ දියවඩන නිළමේ විදිහට කටයුතු කරනවා. මේ නිළමේ විවාහ වෙන්නේ මොනරවිල කුමාරිහාමිත් එක්ක. ඔවුන්ගේ දරුවෝ වුණේ වැඩිමහල් පුතා මොනරවිල කැප්පෙටිපොළ සහ දියණිය පසුකාලෙක ඇහැලේපොළ මහාදිකාරම් හා විවාහ වුණු ඇහැලේපොළ කුමාරිහාමි. [CENTER][IMG]http://2.bp.blogspot.com/-abE9yAK4dBQ/T76Q9bFBvQI/AAAAAAAAB6Y/rfqftWlJ7fI/s400/scan0016.jpg[/IMG] [B]කැප්පෙටිපොළ මහ දිසාවගේ අත්සන [/B][/CENTER] 1815 ඉංග්‍රීසීන්ට උඩරට යටත් වීමත් එක්ක ඒ සඳහා පිළියෙල කෙරුණු උඩරට ගිවිසුමේ සිංහලෙන් අත්සන් කරන රදළයන් කීප දෙනාගෙන් එක් කෙනෙක් වෙන්නේ මොනරවිල කැප්පෙටිපොළ නිළමේතුමා. ඌවේ දිසාවේ විදිහට තමා එතුමා කටයුතු කරන්නේ. මේ අතරවාරයේදී තමා 1818 මහ කැරැල්ල පටන් ගන්නේ. 1817 අර කලින් කියපු විදිහට වෙල්ලස්ස ප්‍රදේශවල ඇතිවුණු අර්බුදකාරී තත්වයත් එක්කම ඒ තත්වය මැඬ පවත්වන්න ඉංග්‍රීසීන් කටයුතු කරද්දී කැරලි මැඩලන්න එකතු වුණු ඌවේ මහ දිසාවේ කැප්පෙටිපොළ අලුපොත ප්‍රදේශයේදී කැරලිකරුවන් සමඟ එකතු වෙන්නේ. 5000 ක විතර පිරිසක් එක්ක ගමන් කරපු කැප්පෙටිපොළට කොහුකුඹුරේ රටේරාළ හෝ බූටෑවේ රටේරාළ හමුවෙනවා. එහිදී රටේරාළ මහ දිසාවේගෙන් ආයාචනය කරනවා අඳුරේ තියෙන රට ආලෝකමත් කරන්න පහළ වෙලා ඉන්න රජතුමාට එකතු වෙන්න කියලා. මේ ඉල්ලීමත් එක්ක තමන්ගේ පිරිසත් එක්ක කැරලිකරුවන්ට කැප්පෙටිපොළ නිළමේතුමා එකතු වුණා වගේම තමන් එක්ක හිටිය ඉංග්‍රීසි සොල්දාදුවන් ඔවුන්ගේ ආයුධත් එක්ක නිරුපද්‍රිතව පිටත් කරන්නත් එතුමා කටයුතු කරනවා. වීර වික්‍රම කීර්ති ශ්‍රී මහවාසළ රජතුමාගේ පල්ලේගම්පහ අදිකාරම් හෙවත් පළමු අදිකාරම් ධූරය කැප්පෙටිපොළ මහා දිසාවේට පිරිනැමෙනවා කැප්පෙටිපොළගේ මේ වෙන්වීමෙන් ඉංග්‍රීසින්ට ලොකු භයක් ඇතිවෙනවා උඩරට රදළයන් හුඟ දෙනෙක් කැප්පෙටිපොළගේ නෑදෑයන් වීමත් එක්ක ඔවුනුත් කැරලිකරුවන්ගේ පක්ෂෙට එකතු වෙයිද කියන එකෙන්. ඇහැලේපොළ මහ නිලමේ කැප්පෙටිපොළගේ මස්සිනා වීමත් මෙහිදී විශේෂයි. මේ නිසාමයි ඇහැලේපොළ මහ නිලමේව කොළඹට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ. 1818 ජනවාරි 1 ආණ්ඩුකාරයා කැප්පෙටිපොළ නිළමේ ඇතුළු තවත් රදළ නායකයන් 17 දෙනෙක් කැරලිකරුවන් එක්ක එකතු වුණු නිසා තනතුරුවලින් නෙරපලා දේපළ රාජසන්තක කරනවා. ඉංග්‍රීසීන් මාර්තු 19 නිකුත් කරපු ආඥාවක් අනුව රාජද්‍රෝහී වුනු කැප්පෙටිපොළ නිළමේ අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 2000 කුත් අනෙක් ප්‍රධාන කැරලි නායකයන් වුණු මඩුගල්ලේ නිලමේ සහ පිළිමතලාවේ නිලමේවරු අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 1000 බැගිනුත් ලබාදෙන්න තීරණය කරලා තියෙනවා මේ අතරවාරයේ වාරිපොළ සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් දළදාව තමන් යටතට ගන්න කැප්පෙටිපොළ නිළමේතුමා සමත් වීමත් එක්ක හඟුරන්කෙතදී දළදාව ප්‍රදර්ශනය කරපු කැප්පෙටිපොළ නිළමේතුමා තමන්ගේ රජුගේ උරුමය තහවුරු වී තිබෙන බවත් ජයග්‍රහණය අත ළඟ බවත් දක්වනවා. දළදා ප්‍රදර්ශනයේ තිබෙන වැදගත්කම තමා මේ වගේ අවස්ථාවක මහජන පක්ෂපාතීත්වය දිනාගන්න පුලුවන් වෙන එක. දඹදෙණියේ රාජ්‍යය කරපු II පරාක්‍රමබාහු රජතුමාත් කාලිංග මාඝ එක්ක යුද්ධයට යන්න කලින් දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමෙන් අපේක්ෂා කලේ මෙදා කැප්පෙටිපොළ නිළමේතුමා අපේක්ෂා කරපු දේම තමා. සටන් දිගටම යන නිසා උපායශීලී වුණු ඉංග්‍රීසීන් රහස් සාකච්ඡා මඟිනුත් හුඟක් රදළයන් තමන්ට පක්ෂපාතී කරගත්තා වගේ අගෝස්තු 1 ඉදන් සැප්තැම්බර් 20 වෙනකම් පොදු සමා කාලයකුත් ප්‍රකාශයට පත් කරනවා. ඒත් 1818 අග භාගය වෙද්දී රජතුමා ව්‍යාජ අයෙක් බව හෙළිවීමත් නියම දොරේසාමි කුමාරයා මදුරාසියේ සිටින බව ඉංග්‍රීසීන් ප්‍රචාරය කිරීමත් එක්ක කැරලි හමුදාව බිඳ වැටෙන්න පටන් ගන්නවා. පෙබරවාරි 21 පනවන ලද යුධ නීතියත් එක්කම ඉංග්‍රීසීන්ගේ දැඩි ප්‍රතිපත්ති [හරක බාන, වතු පිටි හැමදේම ගිනි තබලා විනාශ කලාලුනේ] වගේම සූක්ෂම වැඩ නිසාත් කලින් කියපු කැරැල්ලේ හිටපු රදළයන් භේද වීමත් එක්ක කැරැල්ල බිඳ වැටෙනවා. මේ කැරැල්ලේ අසාර්ථකත්වයට බලපාපු තවත් හේතුවක් වෙන්නේ ඒ වෙද්දී පල්ලේ ගම්පහ අදිකාරම් වුණු මොල්ලිගොඩ ඉංග්රීසින්ගේ පක්ෂයට දක්වන්න පුලුවන් සෑම උත්සහයක්ම දක්වපු එක. ඒකත් එක්කම ක්‍රමයෙන් කැරැලි නායකයන් ඉංග්‍රීසීන්ට හසුවෙනවා ඒ යටතේ ඔක්තෝබර් 28 ලුතිනන් ඔනීල් ඇතුළු කණ්ඩායම නුවර කලාවියේ පරවහගම වලව්වකදී කැප්පෙටිපොළ නිළමේ සහ පිළිමතලාවේ නිළමේ අල්ලගන්න සමත් වෙනවා. ලුතිනන් ඔනීල් වලව්වට ඇතුළු වුණු ගමන් ඔහුගේ අතින් අල්ල ගත්තු කැප්පෙටිපොළ නිළමේතුමා "මම තමා කැප්පෙටිපොළ" කියලා දෙපාරක් කියනවා. ඒ වෙද්දී පිළිමතලාවේ අසනීප වෙලා ඇඳේ ඉන්නේ. මේ අවස්ථාවේ මඩුගල්ලේ ඇතුළු පිරිසක් පලායන්න සමත් වෙනවා. [CENTER][IMG]http://4.bp.blogspot.com/-GAgpXnL2qx4/T755nqpGEeI/AAAAAAAAB4g/HHW9rtd8bHs/s400/main-pix2.jpg[/IMG] [B]කැප්පෙටිපොළ සහ පිලිමතලාවේ නිළමේවරු අල්ලාගත් පලාගල පරවහගම ඉදිකර ඇති ස්මාරකය[/B][/CENTER] ඒත් මීළඟට නොවැම්බර් මාසයේදී හිඟන්නෙක් විදිහට බින්තැන්නේ හිටිය කිවුලේගෙදර මොහොට්ටාලත් ඊටත් පසුව මඩුගල්ලේ නිලමේවත් අල්ලගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා. දළදාවත් නැවත වරක් ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වීමත් එක්ක කැරැල්ල අවසන් වෙනවා අවසානයේදී නොවැම්බර් 13 මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතීත්වයෙන් පැවැත්වුණු යුද්ධාධිකරණයෙන් කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිළමේවරුන්ට මරණ දඬුවම නියම කෙරෙනවා. පිළිමතලාවේටත් මරණ දඬුවම නියම කෙරුණත් පසුව මුරුසි දිවයිනට පිටුවහල් කරන්න නියම වෙනවා. ඒ හැරෙන්න තවත් කැරැල්ලට සම්බන්ධ වුණු රදළ නායකයින් 40 කට විතර මරණ දඬුවම නියම කරනවා වගේම භික්ෂූන් වහන්සේලා 10 නමක් යාපන බන්ධනාගාරයට පිටත් කරනවා මේ කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය සම්බන්ධව ඇසින් දුටු අයෙක් වෙන ඒ කාලයේ පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා විදිහට කටයුතු කරපු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වෙන Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English දක්වපු සටහනෙන් උපුටා දැක්වීම් කීපයක්. ඔහු දක්වන විදිහට අන් නිළමේවරුන්ටත් වඩා යුරෝපීයන් එක්ක අවංකව, ශෝභනව, ප්‍රියශීලීව කටයුතු කරපු අයෙක් තමා කැප්පෙටිපොළ නිළමේ. කැප්පෙටිපොළ නිළමේ මුලදීම අත් එන්නත් කර ගත්තු වැදගත් ප්‍රධානියා වුනා වගේම තමන්ගේ දරුවන්ගේත් අත් එන්නත් කරවා ගන්නවා යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියම වෙලා සිරභාරයේ ඉද්දී මේ වෛද්‍යවරයා කීප වරකම නිලමේතුමාව හමුවෙනවා. බොහොම ශාන්තව හිටිය එතුමා වරක් ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු අපිරිසිදු රෙද්ද පෙන්වලා සිනාසෙමින් කියනවා "මා ඇඳීමට පුරුදුව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නවානේ" කියලා කැරැල්ල ගැන එතුමා කතා නොකළත් කරුණු දෙකක් සම්බන්ධව තමන් වැරදිකාරයෙක් කියලා කැප්පෙටිපොළ නිළමේ කියනවා. ඒ ව්‍යාජ රජතුමාගෙන් පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බර් 20 වෙනකම් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම කියන ඒවා. තමන්ගේ මරණ දඬුවම ඌවේ ඒජන්ත සෝවර්ස් මහතා හරහා ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් මඟින් පිටුවහල් කරවා ගැනීමකට වෙනස් කරගන්නත් කැප්පෙටිපොළ උත්සහ කළත් ඒක අසාර්ථක වෙනවා. තමා අවාසනාවන්තයෙක් වුනේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා අසාර්ථක වීමෙන් කියලත් එතුමා කියනවා. මරණ දඬුවම නියමව තිබුණු නොවැම්බර් 26 අලුයම් කාලයේ කැප්පෙටිපොළගේ සහ මඩුගල්ලගේ ඉල්ලීමට දළදාව වන්දනා කරන්න පිටත් වෙනවා. ඒ අවස්ථාවට කැප්පෙටිපොළ නිළමේගේ හිතවතෙක් වුණු ඌව ඒජන්ත සෝවර්ස් එකතු වෙනවා. දළදාව වැඩ සිටින මාළිගාවේ එළිපත්තේ ඉදන් වන්දනා කරන කැප්පෙටිපොළ නිළමේ තමන් කරපු පින්කම් ගැන විස්තර කරලා ප්‍රාර්ථනාවක් කරනවා. [CENTER]ඉතො චතොහං වර ජම්බුදීපේ හිමාලයේ හෙමමයයහිකූටේ කප්පායුකො දෙව වසත්වහුත්වා මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං[/CENTER] ඒකේ තේරුම තමා මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා කියන එක පසුව අනුශාසනයක් කරන භික්ෂූන් වහන්සේ දක්වනවා "ඔබ කළ පින්කම් මහත් ඵල මහානිශංස නිසා අහසට දාපු ගල් කැටයක් පොළොවට එනවා වගේ ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා" කියලා. [CENTER][IMG]http://3.bp.blogspot.com/-An4xCxWL2N4/T757Udck_ZI/AAAAAAAAB4o/SksUHZgOMAk/s400/r-10-1.jpg[/IMG] [B]හනුවර කෞතුකාගාරයේ තබා ඇති කැප්පෙටිපොළ මහ දිසාවේගේ නිල ඇඳුම[/B][/CENTER] අවසානයේදී තමන්ගේ පිනෙන් කොටසක් සෝවර්ස්ටත් අනුමෝදන් කරවන කැප්පෙටිපොළ නිළමේ තමන් ඉණේ ඔහාගෙන හිටිය තුප්පොට්ටිය ගලවලා "අපිරිසිදු වැරහැල්ලක් වුණත් මා සන්තක එකම දෙය පිදූ නිසා පිනෙන් අඩුවක් නැහැ" කියලා ඒ වස්ත්‍රය දළදාවට පූජා කරනවා. පස්සේ වධක භූමියට යන්න සෝවර්ස්ටත් නිළමේ කතා කළත් ඔහු එන්නේ නැහැ. මඩුගල්ලේ නිළමේත් මේ විදිහට වන්දනාමාන කළත් භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ දළදාව වැඩ සිටින මාළිගාවට පැනලා දළදා වහන්සේගේ නාමයෙන් සමාව ඉල්ලනවා. අවසානයේදී ලුතිනන් මැකන්සි ඇතුලු පිරිස මඩුගල්ලේව වැඩ සිටින මාළිගාවෙන් පිටතට ගන්නවා. යුධ භූමියේ නිර්භීත වුණු තම සගයාගේ මේ හැසිරීම ගැන කැප්පෙටිපොළ නිළමේ කියන්නේ "මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා" කියලා. සෝවර්ස් ඒජන්තවරයාට අතට අත දීලා සමුගත්තු කැප්පෙටිපොළ නිලමේ ඇතුළු පිරිස වධකභූමියට පිටත් වෙනවා දළදා මාළිගාවට හැතැම්මක් පමණ දුරින් බෝගම්බර වැව ගාව තිබුණු වධක පිටියට ගිය නිළමේවරුන් දෙදෙනා වතුර ඉල්ලනවා. අවසානයේදී සුලු මොහොතක් ආගම සිහි කරපු කැප්පෙටිපොළ නිළමේ මුහුණ සහ අත් දෝවනය කරලා හිස කෙස් හිස මුදුනේ කොණ්ඩයක් වෙන්න බැඳගෙන කුඩා පඳුරක් ළඟ වාඩිවෙලා ඒක කකුලේ ඇඟිලිවලින් අලාගෙන ඉණේ තිබුණු පුස්කොළ පොත් ධම්මපදයෙන් ගාථා කීපයක් කියවලා ඒ පොත තමාගේ මිත්‍රයා වුණු ඌවේ ඒජන්ත සෝවර්ස්ට තමන්ට දක්වපු මිත්‍රත්වය හා කරුණාව වෙනුවෙන් දෙන්න කියනවා. නිළමේ පාලි ගාථා සජ්ඣායනය කරද්දී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගසනවා. ඒ අවස්ථාවේදී කැප්පෙටිපොළ නිළමේතුමා "අරහං" කියන බුදුන්ට භාවිතා වන නම කියනවා. දෙවෙනි පහරෙන් හිස නැති කඳ බිමට වැටෙනවා. පස්සේ බිම දිගා කරපු ශරිරයේ හදවත උඩින් හිස තබනවා. මඩුගල්ලේ නිළමේ දිගටම බියසුළුකමක් දක්වන නිසා කොණ්ඩය බඳින්නෙත් හිරගේ කංකානම්. අවසානයේදී එක පහරින් තමන්ව මරන්න කියලා අරහං කියන පදය ඔහුත් කියනවා. තමන්ගේ හිස පහත් කරගන්න මඩුගල්ලේට බැරිවුණු නිසා වධකයෙක් බෙල්ල අල්ලගෙන ඉද්දී දීපු පළමු කඩු පහරින් මඩුගල්ලේ පස්සට වැටෙනවා. දෙවෙනි පහරින් තමා ඔහුත් මියයන්නේ. [CENTER][IMG]http://3.bp.blogspot.com/-_r0HKEgBsRQ/T76I5MN0dII/AAAAAAAAB6M/BPLQFG9Iw5k/s400/scan0007.jpg[/IMG][B]නිළමේවරුන්ගේ හිස් සිඳින්නට භාවිතා කරන්නට ඇත්තේ මෙවන් අසිපතක් [/B] [IMG]http://3.bp.blogspot.com/-RbNQH6_jKfA/T758GtP8v9I/AAAAAAAAB4w/i-GtpNm9xfA/s400/k112ct.jpg[/IMG] [B]කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස් කබල[/B][/CENTER] මරණය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා කැප්පෙටිපොළ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී වෛද්‍ය හිල් කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ විශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ. කැප්පෙටිපොළ නිළමේතුමාගේ කතාව ස්කොට්ලන්ත වීරයෙක් වුණු ශ්‍රීමත් විලියම් වොලස්ගේ කතාව සමාන බව ඉංග්‍රීසීන් කියනවා. [CENTER][IMG]http://3.bp.blogspot.com/-Giuds7z9N0o/T758565uBZI/AAAAAAAAB44/vI6H9OVJPEE/s400/William_Wallace.jpg[/IMG][/CENTER] 272 - 1305 අතර කාලයේ ජීවත් වුණු ශ්‍රීමත් විලියම් වොලස් එවකට එංගලන්ත රජතුමා වුණු I එඩ්වඩ් ස්කොට්ලන්තය තුළ කරපු ආක්රමණවලට එරෙහිව නැගී සිටිනවා. කැරලි නායකයා විදිහට එංගලන්ත හමුදාවත් එක්ක සටන් කරන වොලස්ගේ බිරිඳව අල්ලා ගත්තු එංගලන්ත සොල්දාදුවන් ඇයව ම්ලේච්ඡ විදිහට මරා දමනවා. අවසානයේදී වොල්ස් සමඟම හිටිය පිරිසක් වොලස්ව පාවා දෙනවා. ලන්ඩනයේ වෙස්මිනිස්ටර්වල තිබුණු ඔහුට එරෙහ් අධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, මාළිගා කොල්ලකෑම, ලේ වැගිරවීම වගේ චෝදනාවලට පිළිතුරු විදිහට වොලස් කියන්නේ "මම කිසි කලකත් ද්‍රෝහියෙක් නොවීමි" [සිංහලෙන් නෙමේ හරිද :)) ] කියලා. අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම වෙනවා. 1305 අගෝස්තු 23 වෙනිදා අශ්වයින්ගේ වලිගවල බැඳලා වධක භූමියට ඇදගෙන යන වොලස්ව එල්ලුම් ගහක එල්ලනවා. ඒත් ඔහු මියයන්න කලින් ඔහුගේ බඩවැල් එළියට අරගෙන ඇස් ඉදිරිපිටම පුලුස්සා දමනවා. ඒ වගේමයි මිය ගියාට පසුව සිරුර කැබලි හතරකට වෙන් කරනවා. ඔහුත් මරණයට මුහුණ දීපු ආකාරය අනුවයි කැප්පෙටිපොළ නිළමේට සමාන කරන්නේ. [CENTER][IMG]http://2.bp.blogspot.com/-IKSkLekGnEk/T75_5Dm64pI/AAAAAAAAB5E/y4SQKP6noAY/s400/cap1+-+Copy+%282%29.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-LG59pw9FSbI/T76AITLxc2I/AAAAAAAAB5M/KGqOraq3O1Y/s400/cap1.jpg[/IMG] [B] කැප්පෙටිපොළ වළව්ව [/B][/CENTER] කැප්පෙටිපොළ මහ දිසාවේගේ පවුලේ අයට මොකද වුනේ කියලාත් කිව්වොත් මාතලේදී ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා කැප්පෙටිපොළ නිළමේතුමාගේ බිරිඳ වුණු දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගන්නවා. ඔවුන්ව 1818 අග භාගයේදී මීගමුවට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා. 1819 මැයි 22 කරපු නිවේදනයකින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ දේපළ සියල්ලම රාජසන්තක කරනවා. ඒත් 1829 දී රාජ සන්තක වුණු ඉඩම්වලින් ඉතුරු වෙලා තිබුණු කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පුතුන්ට ඉංග්‍රීසි රජය පවරනවා. [CENTER][IMG]http://1.bp.blogspot.com/-raNCLhjd0Y4/T_KaNanjZXI/AAAAAAAACSo/QXwfPj60J5E/s400/299848_266355273376317_1996968_n.jpg[/IMG] [B][I]කැප්පෙටිපොළ හිස් කබල නැවත ලංකාවට භාරදුන් අවස්ථාව. වම් පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ සිව්වෙනි පරම්පරාවේ උපාලි මොනරවිල කැප්පෙටිපොළ [උපුටා ගත්තේ : Asian Cemetry Reseacrh Group][/I][/B][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom