කැරපොතු ජනතා පක්ෂය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මාස කිහිපයකට පෙර උපහාසාත්මක ඔන්ලයින් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ කැරපොතු ජනතා පක්ෂය (CJP), දැන් ඉන්දියාවේ වඩාත් ම කැපී පෙනෙන තරුණ ව්‍යාපාරයක්

    හාස්‍යය මුසු ව ආරම්භ වුව ද, තරුණ විරැකියාව ඉහළ මට්ටමක පවතින ඉන්දියාවේ, කැරපොතු ජනතා පක්ෂය ඉක්මනින්ම බොහෝ අතෘප්තිමත් තරුණයින් ආකර්ෂණය කර ගත්තේ ය.
    පක්ෂයක නමක් ලෙස එහි නම පැවතිය ද, එය දේශපාලන පක්ෂයක් නොවේ.
    මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ 30 හැවිරිදි දේශපාලන සන්නිවේදන උපායමාර්ගිකයෙකු සහ බොස්ටන් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යයෙකු වන අභිජීත් ඩිප්කේ විසිනි.

    මෙය එම ව්‍යාපාරය බරපතළ විරෝධතා ව්‍යාපාරයක් බවට පත්වීමට හේතු වූ අතර, පසුගිය ජූලි 9 වැනිදා ඔවුන් නිවේදනය කළේ ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුව දක්වා පාගමනක් සංවිධානය කරන බවයි. දිල්ලියේ දස දහස් ගණනක් ජනතාව ඊට සහභාගී වූහ. මුම්බායි, බෙංගලූරු සහ ගෝවා ඇතුළු අනෙකුත් නගරවල ද සිය ගණනක් ජනතාව විරෝධතාවලට සහ ඉටිපන්දම් දැල්වීමේ සැමරුම් සඳහා එක් වූහ.

    ප්‍රකට ඉංජිනේරුවෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වන්ග්චුක්ට සැලකූ ආකාරය හේතුවෙන් එම විරෝධතාවය වඩාත් වැදගත් සහ සංකේතාත්මක එකක් බවට පත්විය.
    ජුනි 28 වන දින, ඔහු CJP ව්‍යාපාරයට සහාය දක්වමින් මධ්‍යම දිල්ලියේ ජන්තර් මන්තර් හිදී උපවාසයක් ආරම්භ කළේය. ජන්තර් මන්තර් යනු වසර 300ක් පැරණි නිරීක්ෂණාගාරයක් වන අතර එය බොහෝ විට විරෝධතා සඳහා ස්ථානයක් ලෙස භාවිතා කරයි.
    ජූලි 18 [සෙනසුරාදා], 59 හැවිරිදි සෝනම් වන්ග්චුක් බලහත්කාරයෙන් රෝහල්ගත කිරීම CJP ආධාරකරුවන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර, ඒ හරහා විරෝධතා ව්‍යාපාරය වෙත තවදුරටත් මහජන අවධානය යොමු විය. රෝහල්ගතව සිටියද ඔහු සිය උපවාසය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

    කැරපොතු ජනතා පක්ෂයට අවශ්‍ය වන්නේ කුමක් ද?

    කැරපොතු ජනතා පක්ෂය ප්‍රධාන වශයෙන් ම ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව විරෝධය පළ කරයි.
    ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ විභාගය (NEET) යනු රට පුරා වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා වන ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවේශ විභාගයයි.
    මාස ගණනාවක් තිස්සේ සූදානම් වීමෙන් පසු මැයි 3 වන දින සිසුන් මිලියන 2.28ක් පමණ විභාගයට පෙනී සිටි අතර, සමහරු මේ කුප්‍රකට විභාගය ඉතා දුෂ්කර බැවින් වසර ගණනාවක් ඉගෙන ගෙන පාඩම් කර තිබිණි. දින කිහිපයකට පසු, විභාගයට පෙර විභාග ප්‍රශ්න කාන්දු වී ඇති බවට චෝදනා එල්ල වූ බැවින් විභාගය අවලංගු කරන ලදී.
    සති කිහිපයකට පසු දැඩි ආරක්ෂාවක් යටතේ විභාගය නැවත ලිවීමට සිදු වූ අපේක්ෂකයින්ට එය දැඩි බලපෑමක් එල්ල කළේය. මේ සම්බන්ධයෙන් ඇති වූ කෝපය CJP විරෝධතාව ආරම්භ කිරීමට එක් හේතුවක් විය.

    විභාගය අවලංගු කිරීමෙන් පසු ඇති වූ මානසික පීඩනය හේතුවෙන් සිසුන් 20 දෙනෙකු පමණ දිවි නසාගෙන ඇති බවට ද CJP සහ පවුල්වල සාමාජිකයෝ චෝදනා කරති.

    විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් සම්බන්ධයෙන් වැඩි වගකීමක් සහිතව අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙසත් CJP ඉල්ලා සිටී.
    සතිඅන්තයේ වන්ග්චුක් බලහත්කාරයෙන් රෝහල් ගත කිරීමත් සමඟ , CJP නායක අභිජීත් ඩිප්කේ ද මෝදී ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේ ය.


    පසුගිය සඳුදා පැවති විරෝධතාව, මෑත වසරවලදී අගනුවර තුළ මෝදි රජයට එරෙහිව පැවති විශාලතම විරෝධතාව විය.
    විරෝධතාකරුවන් බාධක තල්ලු කරමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමෙන් පසු පොලීසිය බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් මගින් ජනතාව විසුරුවා හැරීමට උත්සාහ කළේ ය. මේ නිසා විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළුව බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.
    එම දිනය අවසන් වන විට, නිලධාරීහු ජන්තර් මන්තර්හි ස්ථාපිත කර තිබූ වේදිකාව සහ තාවකාලික කූඩාරම් ද ඉවත් කළහ. එය වසර 300ක් පැරණි නිරීක්ෂණාගාරය අසල පිහිටි විරෝධතාවයේ ප්‍රධාන කඳවුර විය. එහෙත් විරෝධතාකරුවෝ පිටත්ව යාම ප්‍රතික්ෂේප කළහ.
    වර්ෂාව මෙන් ම දිල්ලියේ දැඩි උණුසුම සහ ආර්ද්‍රතාවයද නොතකා, ජනතාව අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටිති.


    දැනට විදේශ රටවල් වල පුද්ගලයින් පවා විරෝධ කරුවන්ට උපරිම සහය ලබාදෙමින් සිටිනවා
    ඔවුන් විවිධ ඇප් හරහා කෑම බිම එම ස්ථානයට යවනවා , ස්ථානය පමණක් සඳහන් කර ඕනෑම කෙනෙකුට ලැබෙන පරිදි මෙසේ යන ආහාර උද්ගෝෂණය කරන සිසුන්ට විශාල ලෙස ලැබෙනවා

    මෙය බංගලාදේශයේ විරෝධය සහ ආසියාවේ වෙනත් රටවල විරෝධ ලෙස උඩු දුවන්න ඉඩ තිබෙනවා
    එසේ වුවහොත් මෝඩි රජයට විශාලම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවෙනු ඇත.


    24726420-842c-11f1-8c8b-b1742187de0e.jpg.webp
    e9dcdfb0-842c-11f1-926f-c90d1bcfbc84.jpg.webp
    9d162e20-842c-11f1-8c8b-b1742187de0e.jpg.webp
    702e3ba0-85bc-11f1-a407-4750df4c0797.jpg.webp



     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    මේව දකිද්දි ගූ පෝට්ටු බයියන්ට ගෝතා බයියා එලවපු අරගලය මතක් වෙලා ගූ යනවලු
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    මෝදි ලංකාවට සෑහෙන්න උදව් කරා..අනුර ඵක්කත් මිතුරුයි..ඒ නිසා මෝදිට රටම සපෝර්ට් ඵක දිය යුතුමයි..ඔය රාහුල් ගාන්ධි කියන ඵකා රනිල් වගේ ඵකෙක්...සුද්දන්ට පුප දීල රට අවුලවල බලේ ගන්න හදන්නේ..කැරපොතු පක්ෂයට මුල් වුනේ අැමරිකාවේ ඉඳන් අාපු ඉන්දියන් කාරයෙක්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මෙදා පාර තමයි ඩස්ප Gen-Z පගයලා ටික මෝදි සීයගෙන් පුකවල් රතුවෙන්න බැටන් පාරවල් කන්නේ
     
    • Love
    Reactions: Bitter Truth