"1859 අවුරුද්දේ සැප්තැම්බර් පලවෙනිදා රිචඩ් කැරින්ග්ටන් කියන ආධුනික තාරකා විද්‍යාඥයා ලන්ඩනයට නුදුරින් පිටිසරබදව පිහිටි තම තාරකා විද්‍යා නිරීක්ශනාගාරයේ සිට සූර්යා නිරීක්ශනය කරමින් සිටියා. ඔහුගේ අවධානය යොමු වී තිබුනේ ඒ වනවිට සූර්යා මතුපිට පැතිරී තිබුන හිරු ලප කිහිපයක් වෙතයි. හදිසියේම ඔහුව විශ්මයට පත්කරමින් දුරදක්නය තුලින් එක්වරම ඔහුට දැකගත හැකි වූයේ, සුදු පැහැයට හුරු දීප්තිමත් ගිනි බෝල වන් ආලෝකයක් හිරු ලප දෙකකින් නිකුත් වන ආකාරයයි. එම විශ්මිත සන්දර්ශනය පැවතියේ සුලු මොහොතකට පමනයි. මිනිත්තු පහක පමන කාලයකට පසු එම ගිනි බෝල වන් ආලෝකය අතුරුදහන් වී ගියා. නමුත්, එම සිදුවීමේ නියම බලපෑම පෘථිවියට දැනෙන්නට ආරම්භ වූයේ කැරින්ග්ටන් සිදු කල නිරීක්ශනයෙන් පැය කිහිපයකට පසුවයි.
මෙම අවධිය වනවිට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය නිර්මාණය කර පැවතුනේ නෑ. එමනිසා ප්‍රධානතම විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය ලෙස ප්‍රචලිතව පැවතුනේ ටෙලිග්‍රාෆ් ක්‍රමයයි. දුරකථන රැහැනකට සමානව කම්බි ඔස්සේ එකිනෙක සම්බන්ධ වු ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන මගින් ලෝකය පුරා සන්නිවේදන කටයුතු සිදු කල අතර, පණිවිඩ හුවමාරුව සිදු කරන ලද්දේ මෝස් කේත ක්‍රමය උපයෝගී කර ගනිමිනුයි.
එදින රාත්‍රිය වනවිය ලෝකය පුරාම ටෙලිග්‍රාෆ් සන්නිවේදන බිඳ වැටීම් ඇතුලුව අසාමාන්‍ය සිදුවීම් රැසක් ආරම්භ වුනා. ඇතැම් ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන වල සවිකර තිබූ උපකරන තුලින් විදුලි පුලිඟු නිකුත්වීම් නිරීක්ශනය වූ අතර එම හේතුව නිසා ගිනිගැනීම් කිහිපයක්ද වාර්තා වුනා. ඇතැම් ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවන්ට විදුලි සැර වැදී තිබුන අතර, බොහෝ දෙනකු ඒ නිසා කම්පන වලට මුහුන දෙනු ලැබුවා. විවිධ වර්ණයෙන් යුක්ත අවුරෝරා හෙවත් උත්තරාලෝක මෙම රැයේ ලෝකයේ සියලුම ප්‍රදේශ වල අහසේ දැක ගැනීමට හැකි වු අතර, ඇතැමුන් සිතුවේ ලෝක විනාශය ආරම්භ වී ඇති බවයි. මේ අතර සැප්තැම්බර් දෙවන දින වනවිට වායුගෝලයේ විද්‍යුත් ආරෝපන වල ඉහල යාම කෙතරම්ද යත්, බොස්ටන් නගරයේ පිහිටි ඇමරිකානු ටෙලිග්‍රාෆ් සමාගමේ යන්ත්‍ර විදුලිය සැපයීමකින් තොරවම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා.
කැරින්ග්ටන් විසින් නිරීක්ශනය සූර්යා මත නිරීක්ශනය කරන ලද්දේ “කොරෝනා ස්කන්ධ විසර්ජනය” (Coronal mass ejection) ලෙස හැඳින්වෙන සිදුවීමක්. මෙහිදී සූර්ය වායුගෝලය සහ සූර්ය චුම්භක ක්ශේත්‍රය අතර ඇතිවන අන්තර්ක්‍රියා හේතුවෙන් අධි ශක්ති ආරෝපිත අංශු විශ්වයට මුදා හැරීම සිද්ධ වනවා. මෙම අංශු පෘථිවියේ චුම්භක ක්ශේත්‍රය සමග ගැටීම හේතුකරගෙන පෘථිවිය මත භූ චුම්භක කුනාටු (Geomagnetic storm) ඇතිවීම සිද්ධ වනවා. ලිඛිත ඉතිහාසයට අනුව මානවයා විසින් අද්දකින ලද ප්‍රබලතම භූ චුම්භක කුණාටුව ලෙස මෙම අවස්ථාව සැලකෙනවා. ගනනය කිරීම් වලට අනුව කැරින්ග්ටන් විසින් පියවි ඇසින් නිරීක්ශනය කල අවස්ථාවේ සූර්යා මතින් විමෝචනය වූ ශක්ති ප්‍රමානය පරමාණු බෝම්බ බිලියන දහයක් එක් වරම පුපුරවා හැරීමකට සමාන වනවා."
Credits to Janith Weerasinghe; Full article: https://www.manthrana.com/2021/06/25/solar-storms
මේ අවුරෝරා ලංකාවටත් පේන්න ඇද්ද?