Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලණියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම පිලේ අය පොරේ

කැලණියේ මොකද ජරමරේ

ඉතිහාසයට අනුව කැලණියේ රජකළ කැලණි තිස්ස රජතුමන් එවකට කැලණියේ වැඩ විසූ එක් මහරහතන් වහන්සේ නමක් රජමාලිගයට වැඩි අවස්ථාවක සිය රජ බිසවට පෙම් හසුනක් දුන් බවට සැක කොට උණු තෙල් කටාරමක ලා මරවන්නට අණ කළේලු.

එකී රජ අණ අනුව ක්‍රියාත්මක වූ රාජ පුරුෂයන් මහරහතන් වහන්සේ අල්ලා විශාල තෙල් කටාරමක් ගෙන ගිනි දල්වා රත් වූ තෙලට රහතන් වහන්සේ ඇද දැම්මේලු.

එකෙනෙහි රජතුමන් කළ මේ පාපී ක්‍රියාවෙන් ස්වභාව ධර්මයා කම්පිත වීලු. අහස පොළව ගුගුරුවා මහමේඝ වර්ෂාවක් ඇද හැලුනේලු. මහ සයුර චණ්ඩ කරවමින් කැලණි රාජධානියම යට වන පරිදි සයුරු ජලය ගොඩට ගැලුවේලු.

මෙහිදී ස්වභාව ධර්මයේ ශාපයෙන් නන්නත්තාර වූ රජතුමා ඉන් මිදීම සඳහා මගක් සොයන කල්හි එක් දේවතාවක් දුන් උපදෙසක් අනුව යමින් සිය එකම දියණිය වූ විහාර මහ දේවිය රුවල් නැවක නංවා මහ මුහුදට බිලි දෙන අටියෙන් සයුරු ජලයේ පා කර හැරියේලු.

මෙසේ මහ සයුරට බිලි වූ විහාර මහා දේවිය සිටි නෞකාව පාවී ගොස් අවසානයේ නතර වූයේ තිස්සමහාරාමයේලු.

ඉන් ශතවර්ෂ ගණනාවකට පසු මේ බිමේ රාජ පාලනය නිමවී ඇති වූ මැති, ඇමැති, නියෝජ්‍ය ඇමැති, ජ්‍යෙෂ්ට ඇමැති, මන්ත්‍රි, පළාත් සභා මන්ත්‍රි සහ ප්‍රදේශීය සභා මන්ත්‍රි ආදී ලෙසින් වූ පාලන යුගයකදී තිස්මහාරාමයේ උපන් මර්වින් සිල්වා නම් ඇමැත්තෙක් අතීත විහාර මහා දේවී පුරා වෘත්තාන්තය කරපින්නාගෙන කැලණියට ආවේලු.

හේ විහාර මහා දේවිය මේ පින් බිමට දායද කළ ශ්‍රේෂ්ට පුතණුවකු වූ දුටුගැමුණු නිරිඳුන්ගේ නාමයද ගෙන කැලණිය වටේ ගියේලු.

අවසානයේ කැලණියේ සහ කැලණියට පිටින් ගෙන ආ ගෝලබාලයන් පිරිසක්ද සමග එක්ව කැලණිය එක පිඩට ගෙන ටිකෙන් ටික අනුභව කරන්නට ගොස් කසාය බිව් ගොළුවාට වූ දේ කර ගත්තේලු.

අද දවසේ ඇමැති මර්වින් සිල්වා ප්‍රධාන කඳවුර සහ කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කඳවුර අතර ඇතිවී තිබෙන අරගලය දෙස බැලීමේදී අනාගතයේ දිනෙක කැලණියේ ඉතිරි කතාව ඉතිහාස පොතේ ලියෑවෙද්දී වත්මන් කැලණියේ කතාව එසේ සටහන් විය හැකිය.

මේ කතාවේ රසයට එසේ කීවද කවදාවත් මේ කුණු කන්දල් මෙරට ඉතිහාසයේ සටහන් නොවන බවද මෙහිදී වගකීමෙන් කිවයුතුමය. මන්ද ඉතිහාසයේ කුණු බක්කියට ඇද වැටෙන මිනිසුන්ගේ කතාන්දර වටිනා ඉතිහාස පුස්තකවල කිසිදා සටහන් නොවන බැවිනි.

විදුහල්පතීන්ට තග දමා කැලණියේ පාසල්වලට අලුතින් පන්ති කාමර එක් කරමින් රාජ්‍ය සේවයට ආ සමෘද්ධි නියාමකයන් ගස් බඳිමින් සිය ගෝලබාලයන්ද සමග එක්ව ඇමැති මර්වින් සිල්වා කැලණියට හඳුන්වාදීමට ගිය නවතම තග් සංස්කෘතියට මේ සිදු වූයේ කුමක්ද?

එය මේ වන විට ඇත්තේ බරපතල ලෙස දෙදෙරා යමිනි. එසේ වූයේ ඇයි. එහි ආරම්භය වූයේ කුමක්ද?

මේ දෙදෙරා යැමේ ආරම්භය සටහන් වන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා අද ප්රතික්ෂෙප කළද කලක් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසින් පෙනී සිටි ඇමැතිවරයාගේ සමීපතම ගෝලයන් සිව් දෙනාගෙන් කෙනකු වූ කිරිබත්ගොඩ අමල් හෙවත් අමල් රුද්‍රිගු නමැත්තා ඉකුත් දිනෙක නාඳුනන සන්නද්ධ පාතාල කල්ලියක් විසින් පැහැරගෙන යැමත් සමගිනි.

අමල් පැහැර ගැනීම කැලණිය දෙදරීමේ ආරම්භය වූයේ කෙසේද? සන්නද්ධ කල්ලිය අමල් පැහැර ගත්තේය. එකෙනෙහිම අමල් යනු තමන්ගේ මිතුරකු විනා අන්කිසිවකුත් නොවන බව පවසා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශයක් කළේය.

පැහැරගත් පාතාල කල්ලිය අමල්ගෙන් නොයෙක් තොරතුරු විමසීය. එකී පාතාලයන් ග්‍රහණයේ සිටි පැය හතළිස් අටක් වැනි කෙටි කාලයේදී අමල්ට මරණ බිය හොඳින්ම දැනෙන්නට විය.

අමල් වැසිකිළියට ගියේද පැහැරගත් එක් පාතාලයකු අතවූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හිසට එල්ල වී තිබියදීය. එහෙයින් කිරිබත්ගොඩ අමල්ට ඒ වැඩේද හරිහැටි කරගත නොහැකි විය.

එසේ ගෙවුණු පැය හතළිස් අට තුළ අමල් කැලණියට, ඇමැති මර්වින් සිල්වා මහතා සහ තමන්ද ඇතුළු ඔහුගේ ගෝලබාලයන්ට අදාළ බොහෝ දේ වැමෑරීය.

අවසානයේ සන්නද්ධ කල්ලිය කිරිබත්ගොඩ අමල්ට දැඩි කොන්දේසියක් පනවා ඔහු මුදා හැරීමට තීරණය කරනු ලැබීය. ඒ කොන්දේසිය වූයේ මුදා හැර පැය කිහිපයක් ඇතුළත රටින් පිටවී විදේශගත විය යුතු බවට වූ නියෝගයකි.

මෙසේ මරණයෙන් ගැලවුණු අමල් පැහැරගැනීමෙන් දෙදිනකට පසු යළි නිවසට ආවේය. ඒ ආ සැණින් තමන් සමග එකට එක්ව මර්වින් සිල්වා ඇමැතිවරයාගේ රැහැනේ වෙලී සිටි කැලණිය ප්‍රදේශීය සභාවේ සගයකුට කතා කළ අමල් ඔහුට අපූරු උපදේශයක් දුන්නේය.

මෙහිදී අමල් ප්‍රාදේශීය සභා සගයාට කීවේ කුමක්ද? "මල්ලී.. උඹ දැක්කනේ මට වෙච්ච දේ.. අනේ.. මල්ලියේ.. මම නම් මාරු වෙනවා.. ඇමැතියා අපිට නැහැ.. ඒ නිසා උඹලා පරිස්සම් වෙයන්.. එසේ සිය සගයාට කී අමල් වහා රටින් පිටව ගියේය.

මේ සටහන් කෙරුණේ පාතාල කල්ලියෙන් ගැලවී ආ කිරිබත්ගොඩ අමල් විදේශගත වීමට මොහොතකට පෙර ඔහුගේ ළඟම හිතවතෙකුට කළ හෙළිදරව්වක් බවද මෙහිදී කිව යුතුය.

අමල්ගේ මෙම උපදේශයත් සමග අමල් පැහැරගත් පාතාල කල්ලියේ යෑයි සැක කෙරෙන පිරිස් තමන් පසු පස එන බවට වූ මාරාන්තික බියක් කැලණිය ප්‍රදේශීය සභාවේ මර්වින් සගයන්ගේ සිත්වල හොල්මන් කරන්නට වූහ.

එකෙනෙහි ජීවිතය ඉල්ලා ඔවුන් ඇමැති මර්වින් සිල්වා මහතා අමතන්නට විය. "සර් අපිට මරණ තර්ජන එල්ල වෙලා.. සර් අපිව බේර ගන්න.. පිරිස ඇමැතිවරයාට එසේ කීහ.

එහිදී ඇමැතිවරයාගෙන් ඔවුන්ට ලැබුණේ ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවූ පිළිතුරකි. "මේ උඹලා කරපු පව් වලට මට පින් දෙන්න බැහැ.. උඹලා කරපුවා උඹලම බේර ගනින්.. හේ ප්‍රාදේශීය සභා සගයන්ට කීය.

කැලණියේ මර්වින් තග් සංස්කෘතියේ දෙදෙරා යැම හෙවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ප්‍රධාන මන්ත්‍රිවරුන් ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහි දියත් කළ සටන ආරම්භ කරනු ලැබුවේ එතැන් සිටය.

මේ සටහන් කෙරුණේ අද මර්වින් සිල්වා ඇමැතිවරායට එරෙහිව සටනට අවතීර්ණ වී සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි පිරිස සමග සමීපව සිටින්නකු පසුගිය දිනෙක කැලණියේ ඇත්ත පිළිබඳ අපට කළ හෙළිදරව්වකි.

මෙකී සටනේ ආරම්භයත් සමග සිදු වූයේ කුමක්ද? අන් කිසිවක් නොව කාගේ කාගේත් කිල්ලෝටවල තිබූ කැලණියේ කුණු බිඳෙන් බිඳ එළියට ඒමය. කැලණියේ තිබූ මෙකී කුණු මොනවාද?

ශ්‍රීපති සූරියආරච්චි මහතා පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසු දුටුගැමුණු පරපුරේ නෑදැකම්ද කියමින් කැලණියට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා විගස එක් අපූරු පදනමක් කැලණියේ ස්ථාපිත කළේය.

එය නමින් පිබිදෙන කැලණිය සංවර්ධන පදනම නම් විය. මේ පදනමට අදාළ ගිනුමේ මුදල් පරිහරණය කිරීමේ අයිතිය වූයේ ඇමැති මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ සමීපතම සගයා වූ සිංගප්පූරු සරත්ට බව අද පවසන්නේ ඇමැතිවරයාට එරෙහි සටනේ සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්රිවරුන්මය.

මේ සිංගප්පූරු සරත් යනු කවරෙක්ද? හේ අද කිරිබත්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කැලණියේ මත්පැන් ශාලා තුනක් පවත්වාගෙන යන හා ඉන් එක් මත්පැන් හලක දැනට ලංකාවේ ඇති එකම ජැක් පොට් සූදු ව්‍යාපාරයද කරගෙන යනු ලබන අයෙකි.

මීට අමතරව සිංගප්පූරු සරත් නමැත්තා රාත්‍රී සමාජශාලාවක්ද කරගෙන යන අතර තවත් දූෂිත ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු බවද අපට කීවේ කාලයක සිට කැලණියේ අස්සක් මුල්ලක් නෑර රිංගන එක්තරා පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකි.

සිංගප්පූරු සරත් මෙසේ ක්‍රියාත්මකව ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මත්පැන් සහ මාංශ වෙළෙ¹ හකුලා කැලණිය ශූද්ධ නගරයක් කරන බවට රටටම කියද්දී වීමද සුවිශේෂීය.

මෙලෙස ආරම්භ වූ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කාලයක සිට සිදුව ඇත්තේ කුමක්ද? සිදුව ඇත්තේ දිනෙන් දින මෙහි අරමුදල තර වීමත් එකී මුදල් සිංගප්පූරු සරත් සහ කිරිබත්ගොඩ බූරු තිලක් නමැති මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සමීප සගයන් විසින් පොලියට දීමත් බව අද අනාවරණය වී තිබෙන්නකි.

මෙකී පදනමට අරමුදල් ලැබීම පසුපසද ඇත්තේ අපූරු කතාවකි. මෙය පිහිටවූ දා පටන් කිරිබත්ගොඩ ඇතුළු කැලණියේ මහා පරිමාණ ව්‍යාපාරවල යෙදුණු ව්‍යාපාරිකයන් ඊට මාසිකව රුපියල් තිස් දහස විසි දහස ආදී ලෙසින් ලබා දිය යුතු බවට වූ නියෝගයක්ද පැනවී තිබී ඇත.

එසේ මුදල් ගෙවීම පමා වු කල්හි ඔවුන්ට අදාළ සිහි කැඳවීම් ලැබී ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මහතාට අයත් මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ වේ.

එකී ලිපිවල "සමනල රෙස්ටුරන්ට් ඇන් බාර් බාරේ" ලෙසින් යවන්නාගේ ලිපිනයට පෙර සඳහන්ව තිබීමද අපූරු කරුණකි.

ඉහත කී පරිදි පිබිදෙන කැලණිය පදනමේ මුදල් සිංගප්පූරු සරත් සමග එක්ව පොලියට දුන් බූරු තිලක් යනු කවරෙක්ද?

මේ බූරු තිලක් යනු කිරිබත්ගොඩ නගරාසන්නයේ සුවිසල් නිවසක මහා පරිමාණ බූරුවා ගැසීමේ සූදු පොළක් පවත්වාගෙන ගියෙකු වන්නේය. නිතර මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් ඉණ දරා සිටින බව කියන බූරු තිලක් නමැත්තා ඉන් කළ වැඩ බොහෝ බවද අද කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ම කියති.

මර්වින් සිල්වාට එරෙහි සටනත් සමග ඉකුත්දා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස එක්ව සභාව භාරයට ගත් කිරිබත්ගොඩ පොළේ මුදල් සහ කප්පම් එකතු කරන්නා වී සිටියේද මේ බූරු තිලක් බව මේ වන විට පැහැදිලිවම හෙළිදරව් වී තිබෙන්නකි.

එහිදී බූරු තිලක්ගෙන් කිරිබත්ගොඩ පොළේ ලොසින්ජර වෙළෙන්දකුටවත් ගැලවී සිටිය නොහැකි වූ බවද කතාව දන්නා කිරිබත්ගොඩ ජනතාව කියති.

මෙසේ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම ස්ථාපිත කෙරුණු දා සිට කැලණියේ පිපිරුම සිදු වන තුරුම ඒ සඳහා කැලණියේ ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් මුදල මේ වන විට කෝටි ගණනක් ඉක්මවා තිබෙන්නක් බවද සඳහන් වේ. එහෙත් එකී මුදලින් පිබිදුණු කැලණියක් අද දක්නට නොවීම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණකි.

කැලණිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රිවරුන් අද කියන්නේ ඇමැතිවරයාගේ මෙකී කප්පම් දේශපාලනය දෙස බලා සිටිය නොහැකි තැන තමන් සටන ආරම්භ කළ බවකි.

එහෙත් වසර දෙක තුනක සිට මේ ක්‍රියාදාමය සිදු වෙද්දී කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රිවරුන් සිටියේ කොහේද යන්න මෙහිදී මතුවන ගැටලුවක් වේ. ඔවුන් ඇමැතිවරයාගේ දේශපාලන සහ මැර බලයට බියේ සැඟව සිටියාද?

මීට පෙර අවස්ථාවකද කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇමැති මර්වින් සිල්වා සමග ගැටුනේය. එහිදී සභාපතිවරයාගේ නිවසටද ප්‍රහාරයක් එල්ල වූවා අපට මතකය. එහෙත් කාලයත් සමග එය යටපත් වී ගියේය.

මෙකී ගැටුම සිදුවූ සමයේ එක්තරා ජංගම දුරකථන සමාගමක් සිය සන්නිවේදන කුළුණු කිහිපයක් කැලණියේ ස්ථාපිත කිරීම සඳහා රුප්යල් කෝටියක කප්පමක් ලබා දුන් කතාවක්ද අද කරලියේ තිබෙන්නේය.

ටික දිනකින් සියල්ල අමතක කළ සභාපතිවරයා ඇමැතිවරයා බදාගෙන ප්‍රසිද්ධියේ යළි සුහදතාව ප්‍රදර්ශනය කළේය. එකී ගෙවී ගිය සටනේදී සභාපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය අනුව ඇමැතිවරයාට දේශපාලන සහ මැර බලය යන දෙකම තිබුණු බව පැහැදිලිව පෙනෙන්නකි.

එහෙත් එසේ වූ පලියට සභාපතිවරයා එක්වරම ඇමැති බදාගෙන යළි ඔහු සමග සන්ධානගත වූයේ ඇයි. මෙහි මුලින්ම සටහන් වූ පරිදි කාගේ කාගේත් කිල්ලෝටවල තිබූ හුණු ඊට හේතු වූවාද?

එසේ නම් අද ඇමැතිවරයා සමග සටන් වැද සිටින කැලණිය ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිසේ කිල්ලෝටවල ඇති හුණු මොනවාද? අද මර්වින් සිල්වා ඇමැතිවරයාට ඔවුන් මොන චෝදනා එල්ල කළද එම පිරිස මෙතෙක් සිටියේ ඇමැතිවරයා සමගය.

ඔවුන් ක්‍රියා කළේ ඇමැතිවරයාට අවශ්‍ය පරිදිය. සියල්ලෝ එකපතේ කෑහ. දැන් පහරන්නේය. එහිදී පෙරට ආවේ මර බියමය. කැලණියේ සිදු වූයේ මෙන්න මේ ටික වන්නේය. සභාපති ඇතුළු පිරිසට අයත් කිල්ලෝටවල තිබෙන හුණු ඇත්තේ ඒ කතාව පිටුපස විය යුතුය.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය මේ පිළිබඳ විනය පරීක්ෂණයක් අරඹා තිබේ. එහි තීන්දුව එළැඹෙන සතියේ ඉදිරිපත් කෙරෙන බව ද වාර්තා වේ.

එහිදී දුටුගැමුණු පරපුරට නෑකම් කියමින් පැමිණ කැලණිය අනුභව කරන්නට සැරසුණු බව කියන මර්වින් සිල්වා ඇමැතිවරයාට කුමක් වෙයිද? ඒ සඳහා ඔහුට පූර්ණ සහාය දක්වමින් මරබිය එනතුරුම නිහඬව සිට කැලණිය කෑලිවලට කපා දුන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසට කුමක් වේද?

මේ වන විට ජනතාව බලා සිටිනුයේ ආණ්ඩුව ගන්නා එකී තීන්දුව දෙස වන්නේය.

උපුටා ගැනිමකි

[QUOTE="akila sapumal, post: 11849260, member: 317293"] [SIZE=5]එකම පිලේ අය පොරේ කැලණියේ මොකද ජරමරේ ඉතිහාසයට අනුව කැලණියේ රජකළ කැලණි තිස්ස රජතුමන් එවකට කැලණියේ වැඩ විසූ එක් මහරහතන් වහන්සේ නමක් රජමාලිගයට වැඩි අවස්ථාවක සිය රජ බිසවට පෙම් හසුනක් දුන් බවට සැක කොට උණු තෙල් කටාරමක ලා මරවන්නට අණ කළේලු.[/SIZE] [SIZE=5] එකී රජ අණ අනුව ක්‍රියාත්මක වූ රාජ පුරුෂයන් මහරහතන් වහන්සේ අල්ලා විශාල තෙල් කටාරමක් ගෙන ගිනි දල්වා රත් වූ තෙලට රහතන් වහන්සේ ඇද දැම්මේලු.[/SIZE] [SIZE=5] එකෙනෙහි රජතුමන් කළ මේ පාපී ක්‍රියාවෙන් ස්වභාව ධර්මයා කම්පිත වීලු. අහස පොළව ගුගුරුවා මහමේඝ වර්ෂාවක් ඇද හැලුනේලු. මහ සයුර චණ්ඩ කරවමින් කැලණි රාජධානියම යට වන පරිදි සයුරු ජලය ගොඩට ගැලුවේලු.[/SIZE] [SIZE=5] මෙහිදී ස්වභාව ධර්මයේ ශාපයෙන් නන්නත්තාර වූ රජතුමා ඉන් මිදීම සඳහා මගක් සොයන කල්හි එක් දේවතාවක් දුන් උපදෙසක් අනුව යමින් සිය එකම දියණිය වූ විහාර මහ දේවිය රුවල් නැවක නංවා මහ මුහුදට බිලි දෙන අටියෙන් සයුරු ජලයේ පා කර හැරියේලු.[/SIZE] [SIZE=5] මෙසේ මහ සයුරට බිලි වූ විහාර මහා දේවිය සිටි නෞකාව පාවී ගොස් අවසානයේ නතර වූයේ තිස්සමහාරාමයේලු.[/SIZE] [SIZE=5] ඉන් ශතවර්ෂ ගණනාවකට පසු මේ බිමේ රාජ පාලනය නිමවී ඇති වූ මැති, ඇමැති, නියෝජ්‍ය ඇමැති, ජ්‍යෙෂ්ට ඇමැති, මන්ත්‍රි, පළාත් සභා මන්ත්‍රි සහ ප්‍රදේශීය සභා මන්ත්‍රි ආදී ලෙසින් වූ පාලන යුගයකදී තිස්මහාරාමයේ උපන් මර්වින් සිල්වා නම් ඇමැත්තෙක් අතීත විහාර මහා දේවී පුරා වෘත්තාන්තය කරපින්නාගෙන කැලණියට ආවේලු.[/SIZE] [SIZE=5] හේ විහාර මහා දේවිය මේ පින් බිමට දායද කළ ශ්‍රේෂ්ට පුතණුවකු වූ දුටුගැමුණු නිරිඳුන්ගේ නාමයද ගෙන කැලණිය වටේ ගියේලු. [/SIZE] [SIZE=5] අවසානයේ කැලණියේ සහ කැලණියට පිටින් ගෙන ආ ගෝලබාලයන් පිරිසක්ද සමග එක්ව කැලණිය එක පිඩට ගෙන ටිකෙන් ටික අනුභව කරන්නට ගොස් කසාය බිව් ගොළුවාට වූ දේ කර ගත්තේලු.[/SIZE] [SIZE=5] අද දවසේ ඇමැති මර්වින් සිල්වා ප්‍රධාන කඳවුර සහ කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කඳවුර අතර ඇතිවී තිබෙන අරගලය දෙස බැලීමේදී අනාගතයේ දිනෙක කැලණියේ ඉතිරි කතාව ඉතිහාස පොතේ ලියෑවෙද්දී වත්මන් කැලණියේ කතාව එසේ සටහන් විය හැකිය.[/SIZE] [SIZE=5] මේ කතාවේ රසයට එසේ කීවද කවදාවත් මේ කුණු කන්දල් මෙරට ඉතිහාසයේ සටහන් නොවන බවද මෙහිදී වගකීමෙන් කිවයුතුමය. මන්ද ඉතිහාසයේ කුණු බක්කියට ඇද වැටෙන මිනිසුන්ගේ කතාන්දර වටිනා ඉතිහාස පුස්තකවල කිසිදා සටහන් නොවන බැවිනි.[/SIZE] [SIZE=5] විදුහල්පතීන්ට තග දමා කැලණියේ පාසල්වලට අලුතින් පන්ති කාමර එක් කරමින් රාජ්‍ය සේවයට ආ සමෘද්ධි නියාමකයන් ගස් බඳිමින් සිය ගෝලබාලයන්ද සමග එක්ව ඇමැති මර්වින් සිල්වා කැලණියට හඳුන්වාදීමට ගිය නවතම තග් සංස්කෘතියට මේ සිදු වූයේ කුමක්ද?[/SIZE] [SIZE=5] එය මේ වන විට ඇත්තේ බරපතල ලෙස දෙදෙරා යමිනි. එසේ වූයේ ඇයි. එහි ආරම්භය වූයේ කුමක්ද?[/SIZE] [SIZE=5] මේ දෙදෙරා යැමේ ආරම්භය සටහන් වන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා අද ප්රතික්ෂෙප කළද කලක් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසින් පෙනී සිටි ඇමැතිවරයාගේ සමීපතම ගෝලයන් සිව් දෙනාගෙන් කෙනකු වූ කිරිබත්ගොඩ අමල් හෙවත් අමල් රුද්‍රිගු නමැත්තා ඉකුත් දිනෙක නාඳුනන සන්නද්ධ පාතාල කල්ලියක් විසින් පැහැරගෙන යැමත් සමගිනි.[/SIZE] [SIZE=5] අමල් පැහැර ගැනීම කැලණිය දෙදරීමේ ආරම්භය වූයේ කෙසේද? සන්නද්ධ කල්ලිය අමල් පැහැර ගත්තේය. එකෙනෙහිම අමල් යනු තමන්ගේ මිතුරකු විනා අන්කිසිවකුත් නොවන බව පවසා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශයක් කළේය.[/SIZE] [SIZE=5] පැහැරගත් පාතාල කල්ලිය අමල්ගෙන් නොයෙක් තොරතුරු විමසීය. එකී පාතාලයන් ග්‍රහණයේ සිටි පැය හතළිස් අටක් වැනි කෙටි කාලයේදී අමල්ට මරණ බිය හොඳින්ම දැනෙන්නට විය.[/SIZE] [SIZE=5] අමල් වැසිකිළියට ගියේද පැහැරගත් එක් පාතාලයකු අතවූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හිසට එල්ල වී තිබියදීය. එහෙයින් කිරිබත්ගොඩ අමල්ට ඒ වැඩේද හරිහැටි කරගත නොහැකි විය.[/SIZE] [SIZE=5] එසේ ගෙවුණු පැය හතළිස් අට තුළ අමල් කැලණියට, ඇමැති මර්වින් සිල්වා මහතා සහ තමන්ද ඇතුළු ඔහුගේ ගෝලබාලයන්ට අදාළ බොහෝ දේ වැමෑරීය.[/SIZE] [SIZE=5] අවසානයේ සන්නද්ධ කල්ලිය කිරිබත්ගොඩ අමල්ට දැඩි කොන්දේසියක් පනවා ඔහු මුදා හැරීමට තීරණය කරනු ලැබීය. ඒ කොන්දේසිය වූයේ මුදා හැර පැය කිහිපයක් ඇතුළත රටින් පිටවී විදේශගත විය යුතු බවට වූ නියෝගයකි.[/SIZE] [SIZE=5] මෙසේ මරණයෙන් ගැලවුණු අමල් පැහැරගැනීමෙන් දෙදිනකට පසු යළි නිවසට ආවේය. ඒ ආ සැණින් තමන් සමග එකට එක්ව මර්වින් සිල්වා ඇමැතිවරයාගේ රැහැනේ වෙලී සිටි කැලණිය ප්‍රදේශීය සභාවේ සගයකුට කතා කළ අමල් ඔහුට අපූරු උපදේශයක් දුන්නේය.[/SIZE] [SIZE=5] මෙහිදී අමල් ප්‍රාදේශීය සභා සගයාට කීවේ කුමක්ද? "මල්ලී.. උඹ දැක්කනේ මට වෙච්ච දේ.. අනේ.. මල්ලියේ.. මම නම් මාරු වෙනවා.. ඇමැතියා අපිට නැහැ.. ඒ නිසා උඹලා පරිස්සම් වෙයන්.. එසේ සිය සගයාට කී අමල් වහා රටින් පිටව ගියේය.[/SIZE] [SIZE=5] මේ සටහන් කෙරුණේ පාතාල කල්ලියෙන් ගැලවී ආ කිරිබත්ගොඩ අමල් විදේශගත වීමට මොහොතකට පෙර ඔහුගේ ළඟම හිතවතෙකුට කළ හෙළිදරව්වක් බවද මෙහිදී කිව යුතුය.[/SIZE] [SIZE=5] අමල්ගේ මෙම උපදේශයත් සමග අමල් පැහැරගත් පාතාල කල්ලියේ යෑයි සැක කෙරෙන පිරිස් තමන් පසු පස එන බවට වූ මාරාන්තික බියක් කැලණිය ප්‍රදේශීය සභාවේ මර්වින් සගයන්ගේ සිත්වල හොල්මන් කරන්නට වූහ.[/SIZE] [SIZE=5] එකෙනෙහි ජීවිතය ඉල්ලා ඔවුන් ඇමැති මර්වින් සිල්වා මහතා අමතන්නට විය. "සර් අපිට මරණ තර්ජන එල්ල වෙලා.. සර් අපිව බේර ගන්න.. පිරිස ඇමැතිවරයාට එසේ කීහ.[/SIZE] [SIZE=5] එහිදී ඇමැතිවරයාගෙන් ඔවුන්ට ලැබුණේ ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවූ පිළිතුරකි. "මේ උඹලා කරපු පව් වලට මට පින් දෙන්න බැහැ.. උඹලා කරපුවා උඹලම බේර ගනින්.. හේ ප්‍රාදේශීය සභා සගයන්ට කීය.[/SIZE] [SIZE=5] කැලණියේ මර්වින් තග් සංස්කෘතියේ දෙදෙරා යැම හෙවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ප්‍රධාන මන්ත්‍රිවරුන් ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහි දියත් කළ සටන ආරම්භ කරනු ලැබුවේ එතැන් සිටය.[/SIZE] [SIZE=5] මේ සටහන් කෙරුණේ අද මර්වින් සිල්වා ඇමැතිවරායට එරෙහිව සටනට අවතීර්ණ වී සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි පිරිස සමග සමීපව සිටින්නකු පසුගිය දිනෙක කැලණියේ ඇත්ත පිළිබඳ අපට කළ හෙළිදරව්වකි.[/SIZE] [SIZE=5] මෙකී සටනේ ආරම්භයත් සමග සිදු වූයේ කුමක්ද? අන් කිසිවක් නොව කාගේ කාගේත් කිල්ලෝටවල තිබූ කැලණියේ කුණු බිඳෙන් බිඳ එළියට ඒමය. කැලණියේ තිබූ මෙකී කුණු මොනවාද?[/SIZE] [SIZE=5] ශ්‍රීපති සූරියආරච්චි මහතා පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසු දුටුගැමුණු පරපුරේ නෑදැකම්ද කියමින් කැලණියට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා විගස එක් අපූරු පදනමක් කැලණියේ ස්ථාපිත කළේය.[/SIZE] [SIZE=5] එය නමින් පිබිදෙන කැලණිය සංවර්ධන පදනම නම් විය. මේ පදනමට අදාළ ගිනුමේ මුදල් පරිහරණය කිරීමේ අයිතිය වූයේ ඇමැති මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ සමීපතම සගයා වූ සිංගප්පූරු සරත්ට බව අද පවසන්නේ ඇමැතිවරයාට එරෙහි සටනේ සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්රිවරුන්මය.[/SIZE] [SIZE=5] මේ සිංගප්පූරු සරත් යනු කවරෙක්ද? හේ අද කිරිබත්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කැලණියේ මත්පැන් ශාලා තුනක් පවත්වාගෙන යන හා ඉන් එක් මත්පැන් හලක දැනට ලංකාවේ ඇති එකම ජැක් පොට් සූදු ව්‍යාපාරයද කරගෙන යනු ලබන අයෙකි.[/SIZE] [SIZE=5] මීට අමතරව සිංගප්පූරු සරත් නමැත්තා රාත්‍රී සමාජශාලාවක්ද කරගෙන යන අතර තවත් දූෂිත ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු බවද අපට කීවේ කාලයක සිට කැලණියේ අස්සක් මුල්ලක් නෑර රිංගන එක්තරා පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකි.[/SIZE] [SIZE=5] සිංගප්පූරු සරත් මෙසේ ක්‍රියාත්මකව ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මත්පැන් සහ මාංශ වෙළෙ¹ හකුලා කැලණිය ශූද්ධ නගරයක් කරන බවට රටටම කියද්දී වීමද සුවිශේෂීය.[/SIZE] [SIZE=5] මෙලෙස ආරම්භ වූ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කාලයක සිට සිදුව ඇත්තේ කුමක්ද? සිදුව ඇත්තේ දිනෙන් දින මෙහි අරමුදල තර වීමත් එකී මුදල් සිංගප්පූරු සරත් සහ කිරිබත්ගොඩ බූරු තිලක් නමැති මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සමීප සගයන් විසින් පොලියට දීමත් බව අද අනාවරණය වී තිබෙන්නකි.[/SIZE] [SIZE=5] මෙකී පදනමට අරමුදල් ලැබීම පසුපසද ඇත්තේ අපූරු කතාවකි. මෙය පිහිටවූ දා පටන් කිරිබත්ගොඩ ඇතුළු කැලණියේ මහා පරිමාණ ව්‍යාපාරවල යෙදුණු ව්‍යාපාරිකයන් ඊට මාසිකව රුපියල් තිස් දහස විසි දහස ආදී ලෙසින් ලබා දිය යුතු බවට වූ නියෝගයක්ද පැනවී තිබී ඇත.[/SIZE] [SIZE=5] එසේ මුදල් ගෙවීම පමා වු කල්හි ඔවුන්ට අදාළ සිහි කැඳවීම් ලැබී ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මහතාට අයත් මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ වේ.[/SIZE] [SIZE=5] එකී ලිපිවල "සමනල රෙස්ටුරන්ට් ඇන් බාර් බාරේ" ලෙසින් යවන්නාගේ ලිපිනයට පෙර සඳහන්ව තිබීමද අපූරු කරුණකි.[/SIZE] [SIZE=5] ඉහත කී පරිදි පිබිදෙන කැලණිය පදනමේ මුදල් සිංගප්පූරු සරත් සමග එක්ව පොලියට දුන් බූරු තිලක් යනු කවරෙක්ද?[/SIZE] [SIZE=5] මේ බූරු තිලක් යනු කිරිබත්ගොඩ නගරාසන්නයේ සුවිසල් නිවසක මහා පරිමාණ බූරුවා ගැසීමේ සූදු පොළක් පවත්වාගෙන ගියෙකු වන්නේය. නිතර මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් ඉණ දරා සිටින බව කියන බූරු තිලක් නමැත්තා ඉන් කළ වැඩ බොහෝ බවද අද කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ම කියති.[/SIZE] [SIZE=5] මර්වින් සිල්වාට එරෙහි සටනත් සමග ඉකුත්දා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස එක්ව සභාව භාරයට ගත් කිරිබත්ගොඩ පොළේ මුදල් සහ කප්පම් එකතු කරන්නා වී සිටියේද මේ බූරු තිලක් බව මේ වන විට පැහැදිලිවම හෙළිදරව් වී තිබෙන්නකි.[/SIZE] [SIZE=5] එහිදී බූරු තිලක්ගෙන් කිරිබත්ගොඩ පොළේ ලොසින්ජර වෙළෙන්දකුටවත් ගැලවී සිටිය නොහැකි වූ බවද කතාව දන්නා කිරිබත්ගොඩ ජනතාව කියති.[/SIZE] [SIZE=5] මෙසේ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම ස්ථාපිත කෙරුණු දා සිට කැලණියේ පිපිරුම සිදු වන තුරුම ඒ සඳහා කැලණියේ ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් මුදල මේ වන විට කෝටි ගණනක් ඉක්මවා තිබෙන්නක් බවද සඳහන් වේ. එහෙත් එකී මුදලින් පිබිදුණු කැලණියක් අද දක්නට නොවීම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණකි.[/SIZE] [SIZE=5] කැලණිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රිවරුන් අද කියන්නේ ඇමැතිවරයාගේ මෙකී කප්පම් දේශපාලනය දෙස බලා සිටිය නොහැකි තැන තමන් සටන ආරම්භ කළ බවකි.[/SIZE] [SIZE=5] එහෙත් වසර දෙක තුනක සිට මේ ක්‍රියාදාමය සිදු වෙද්දී කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රිවරුන් සිටියේ කොහේද යන්න මෙහිදී මතුවන ගැටලුවක් වේ. ඔවුන් ඇමැතිවරයාගේ දේශපාලන සහ මැර බලයට බියේ සැඟව සිටියාද? [/SIZE] [SIZE=5] මීට පෙර අවස්ථාවකද කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇමැති මර්වින් සිල්වා සමග ගැටුනේය. එහිදී සභාපතිවරයාගේ නිවසටද ප්‍රහාරයක් එල්ල වූවා අපට මතකය. එහෙත් කාලයත් සමග එය යටපත් වී ගියේය.[/SIZE] [SIZE=5] මෙකී ගැටුම සිදුවූ සමයේ එක්තරා ජංගම දුරකථන සමාගමක් සිය සන්නිවේදන කුළුණු කිහිපයක් කැලණියේ ස්ථාපිත කිරීම සඳහා රුප්යල් කෝටියක කප්පමක් ලබා දුන් කතාවක්ද අද කරලියේ තිබෙන්නේය. [/SIZE] [SIZE=5] ටික දිනකින් සියල්ල අමතක කළ සභාපතිවරයා ඇමැතිවරයා බදාගෙන ප්‍රසිද්ධියේ යළි සුහදතාව ප්‍රදර්ශනය කළේය. එකී ගෙවී ගිය සටනේදී සභාපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය අනුව ඇමැතිවරයාට දේශපාලන සහ මැර බලය යන දෙකම තිබුණු බව පැහැදිලිව පෙනෙන්නකි.[/SIZE] [SIZE=5] එහෙත් එසේ වූ පලියට සභාපතිවරයා එක්වරම ඇමැති බදාගෙන යළි ඔහු සමග සන්ධානගත වූයේ ඇයි. මෙහි මුලින්ම සටහන් වූ පරිදි කාගේ කාගේත් කිල්ලෝටවල තිබූ හුණු ඊට හේතු වූවාද?[/SIZE] [SIZE=5] එසේ නම් අද ඇමැතිවරයා සමග සටන් වැද සිටින කැලණිය ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිසේ කිල්ලෝටවල ඇති හුණු මොනවාද? අද මර්වින් සිල්වා ඇමැතිවරයාට ඔවුන් මොන චෝදනා එල්ල කළද එම පිරිස මෙතෙක් සිටියේ ඇමැතිවරයා සමගය.[/SIZE] [SIZE=5] ඔවුන් ක්‍රියා කළේ ඇමැතිවරයාට අවශ්‍ය පරිදිය. සියල්ලෝ එකපතේ කෑහ. දැන් පහරන්නේය. එහිදී පෙරට ආවේ මර බියමය. කැලණියේ සිදු වූයේ මෙන්න මේ ටික වන්නේය. සභාපති ඇතුළු පිරිසට අයත් කිල්ලෝටවල තිබෙන හුණු ඇත්තේ ඒ කතාව පිටුපස විය යුතුය.[/SIZE] [SIZE=5] දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය මේ පිළිබඳ විනය පරීක්ෂණයක් අරඹා තිබේ. එහි තීන්දුව එළැඹෙන සතියේ ඉදිරිපත් කෙරෙන බව ද වාර්තා වේ. [/SIZE] [SIZE=5] එහිදී දුටුගැමුණු පරපුරට නෑකම් කියමින් පැමිණ කැලණිය අනුභව කරන්නට සැරසුණු බව කියන මර්වින් සිල්වා ඇමැතිවරයාට කුමක් වෙයිද? ඒ සඳහා ඔහුට පූර්ණ සහාය දක්වමින් මරබිය එනතුරුම නිහඬව සිට කැලණිය කෑලිවලට කපා දුන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසට කුමක් වේද?[/SIZE] [SIZE=5] මේ වන විට ජනතාව බලා සිටිනුයේ ආණ්ඩුව ගන්නා එකී තීන්දුව දෙස වන්නේය. [/SIZE][SIZE=5]උපුටා ගැනිමකි[/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom