Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත&#3530

කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත්තේ ළමාතැනී

එදා රජ දවස රාජ්‍ය පාලකයා හඳුනා ගැනීමේ එක් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස විහාර කර්මාන්තය හැඳින්විය හැකිය. වෙසෙසින්ම ඉපැරණි විහාර කර්මාන්තය රාජ්‍ය පාලකයාගේ සිතැඟි පරිදි සිදුවූ කර්මාන්තයක් බව මහා වංශය ප්රමුඛව හෙළ වංශකතා පරිශීලනයෙන් පෙනී යයි.

මෙම කර්මාන්තයෙහිලා යුගයක් තුළ අනන්‍ය කලා සම්ප්රදායක් ගැබ්ව ඇත.

මරණාසන්න මොහොතෙහි පවා තමාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද නිර්මාණ ආස්වාදයෙන් ලද ප්රහර්ෂයක් ගැන කියවෙන හෙළ රජ කතා ඉතිහාසයෙන් තහවුරු වන්නේ නිර්මාණකරුවා තරම් ම කලා නිර්මාණය හා ළබැඳියාවක් දැක්වූ ඉතා ඉහළ කලා රසිකත්වයකින් හෙබි හෙළ රාජාවලියක් ලංකාවෙහි පැවැති බවය.

පෘතුගීසින් විසින් විනාශ කරන ලද කැලණි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය ද තවත් එක් ශාසනික සේවාවක් ලෙස ලඝුකර දැක්විය නොහැකි අමිල ජාතික මෙහෙවරකි.

පැරණි සිද්ධස්ථානවල නිර්මාණ සම්ප්රදාය අනුගමනය කොට කැලණි විහාර ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතය පුරාවිද්යාඥයන්ගේද ඉතිහාසඥයන්ගේද, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේද, කලාකරුවන්ගේ හා සමස්ත සිංහල බෞද්ධ ජනයාගේද නොමද පැසසුමට ලක්වූවකි. තවද සිංහල රජ කෙනෙකු මිස සෙසු සාමාන්‍ය කෙනෙකුන්ට කරවන්නට නොපිළිවන් තරමේ උදාර කර්මාන්තයකි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ vi පරාක්‍රමබාහු රජුගේ පරපුරෙන් අවිච්චින්නව පැවත එන තුඩුගල මද්දුමරාළ දිසාවගේ පරපුරට අයත් මෑත කාලීන සාමාජිකයකු වූ සේදවත්ත වලව්වේ තුඩුගල දොන් පිලිප් විජයවර්ධන මැතිඳුන් හා එම මැතිනිය වන හෙලේනා විජයවර්ධන කැලණි විහාරයේ නව ප්‍රතිසංස්කරණය සිදුකළ ප්‍රධාන දායක දෙපළ වූහ.

ක්‍රි.ව. 1888 දී එක්තරා තද වැසි සහිත පොහොය දිනක කැලණි විහාරය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන්ගේ පාද වළලුකර දක්වා එරී එවකට විහාර ගෙය තුළ තිබූ මැටි බිම මඩ වගුරක්ව තිබෙනු දැක ඉතා සංවේගයට පත් හෙලේනා විජයවර්ධන ළමාතැනිය.

විහාරය කෙසේ හෝ ප්‍රතිසංස්කරණය කරවීමට අධිෂ්ඨාන කර ගන්නා ලද්දේ එම දිනයෙහිදීම. නොබෝ දිනක් යන්නට පෙර එතුමියගේ වියදමින් විහාර ගේ තුළ බිම ගඩොල් අල්ලවා සංස්කරණය කරවන ලදී.

කැලණි විහාරය තුළ ඇය විසින් සිදුකරන ලද ප්‍රථම සංස්කරණය මෙය විය. එය සිහි වීම සඳහා එතුමියගේ නාමයේ මුල් අකුර ද යොදා විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ බිම සවි කළ කුඩා ගලක එච්.ඩී.ඩබ්. 1888 යනුවෙන් සඳහන් කර ඇත.

අනතුරුව ඇය විසින් විහාර ගෘහයේ ඉතා අබලන්ව පැවැති දාරුමය මල් ආසනය ඉවත් කර ගිරිගරුඩවලින් නිම වූ පුෂ්පාසනයක් තනවා පූජා කරන ලදී.

සවැනි පැරකුම් රජ දවස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් විරචිත සැළලිහිණි සන්දේශයෙහි වර්ණිත කැලණි විහාරය නැවතත් ප්‍රතිස්ථාපනය කිරීම හෙලේනා ළමාතැනියගේ ඒකායන අදිටන විය. එය මල්ඵල ගන්වමින් 1927 ජනවාරි 01 දින එතුමියගේ පූර්ණ අනුග්‍රහයෙන් හා මඟ පෙන්වීමෙන් එළඹි සුබ මොහොතින් මහනුවර මල්වතු මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ කාරක මහා සංඝ සභාව ඇතුළු පළාත් වාසී මහා සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣයනා මධ්‍යයේ විහාර ප්‍රතිසංස්කරණය හා විහාර ගෙය තුළ වැඩ වෙසෙන පිළිම වහන්සේ එම ස්ථානයෙන් වැඩමවා තැන්පත් කර තැබීම සඳහා විහාර ගෘහයටම යා කොට අභිනව විහාර ගෘහයක් තැනීම සඳහා මුල් ගල තබන ලදී.

නව විහාර ගෘහයට මුල් ගල තැබුව ද පැරණි විහාර ගෘහයට කුමන ආකාරයකින්වත් වෙනසක් හෝ හානියක් සිදු නොකිරීමට ඔවුහු වග බලා ගත්හ.

නව විහාර ගෘහ ඉදිකිරීමෙන් අනතුරුව හෙලේනා විජයවර්ධන මැතිනියගේ අභිප්‍රාය වූයේ දේශීය පැරණි විහාර සම්ප්‍රදායන්ට විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරු යනාදී යුගයන්හි පැවැති බිතුසිතුවම් කලාවට සමාන සිතුවම් කලාවක් කැලණියේ ඉදිවන නව විහාරයට දායාද කිරීමය. මේ සඳහා විදේශීය චිත්රශිල්පියකුගේ සහාය ලබා ගැනීමට ඇය මුලින් අදහස් කර තිබිණි.

අනතුරුව නොයෙක් කලා ශිල්පීන් මේ සඳහා සොයන අතර තුර ඩී.සී. විජයවර්ධන මහතා සෝලියස් නම් සිත්තරකු පිළිබඳව තොරතුරු දැනගෙන පසුව ඔහු කැඳවනු ලැබීය.

මාදම්පේ අගම්පොඩි සෝලියස් මෙන්දිස් නම් වූ මොහු දේශීය පැරණි සම්භාව්‍ය සිතුවම් රීතීයෙන් ද විදේශීය පැරණි සිතුවම් රීතීන්ගෙන් ද විවිධ ලක්ෂණ උකහා ගනිමින් තමන්ටම ආවේණික වෙන් වූ ශෛලිගත සිතුවම් රීතීයක් ගොඩ නඟා ගත් සිත්තරකු විය. දේශීය සම්භාව්‍ය සිතුවම් හා මූර්ති කලාප සබැඳිව වෙසෙස් දැනුමකින් හා සවිඥානික බවකින් යුත් හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි විහාර කර්මාන්තයෙහි නොමැකෙන ඉතිහාසයක් සනිටුහන් කිරීමට දේශීය නව සිතුවම් කලාවක අවශ්‍යතාව මැනවින් අවබෝධ කොට ගත්තාය.

ඒ නිසාම කැලණි විහාර චිත්‍ර කර්මාන්තය සඳහා තමා තෝරා ගනු ලැබූ සුවිශේෂී සිත්තරා වන සෝලියස් වෙත දේශීය ඉපැරණි සම්භාව්‍ය චිත්‍ර කලාවට ඉතා සමීප වන අජන්තා, එල්ලෝරා, භෘග් සිතුවම් හා අමරාවතී කැටයම් කලාව අධ්‍යයනය කිරීමට තම පෞද්ගලික වියදමින් ඉන්දීය සංචාරයක් ද ලබා දෙන ලදී. මෙහිදී සෝලියස් හට බෙංගලි චිත්‍ර සම්ප්‍රදායෙන් හා නන්දලාල් බෝස්, රවින්ද්‍රනාත් තාගෝර් මෙන්ම සරදා උකිල්ගේ චිත්රවල ආභාෂය ලැබුණු බව කැලණි විහාර සිතුවම් අධ්‍යයනයෙන් පෙනී යයි. තවද අනුරාධපුර යුගයට අයත් සීගිරිය හා පොළොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගේ සිතුවම්වල මෙන්ම හිඳගල දිඹුලාගල යන විහාරස්ථාන චිත්‍ර ආභාසයද ලද ඔහු විසින් තමා ලද දේශීය විදේශීය අත්දැකීම් අනුසාරයේ සංකලනයෙන් සුවිශේෂි ශෛලිගත චිත්‍ර සම්ප්රදායක් නිර්මාණය කරගනු ලැබීය.

1912 නාත්තණ්ඩිය මාවිල සුමනකුසුමාරාම විහාරයෙන් විහාර සිතුවම් කලාවට ප්‍රවිෂ්ට සෝලියස් මෙන්දිස් 1930 වකවානුව වන විට විහාරස්ථාන 06 ක සිතුවම් ඇඳ නිම කර සිටියේය. මේ කාලය වන විට නව කැලණි විහාරයෙහි වැඩ අවසන් වෙමින් පැවතිණ. ඉහත විහාර සිතුවම් අධ්‍යයනයෙන් පමණක් සෑහීමකට පත් නොවූ හෙලේනා විජයවර්ධන මැතිනිය සෝලියස් නම් වූ අපූරු කලාකරුවා සන්තකව පැවැති මනා ප්‍රතිභාව හඳුනා ගත් නිසාම ඔහු වෙත පෙරදිග විදේශ චිත්‍ර අධ්‍යයනයට අවස්ථාවක් සලසා දීමෙන් අනතුරුව ඔහු ලත් අත්දැකීම් හා පරිචය පිරික්සන්නට අවශ්‍ය විය. නමුදු මේ වන විටත් කැලණි විහාර සිතුවම් කර්මාන්තය ඔහු වෙත භාර දීමට ඇයගේ සිත් නොවීය. අනුග්රාහකත්වයට එහා යන නිර්මාණයක් බිහිකරලීමේ ප්‍රබල අරමුණක් ඇය වෙත පැවැති බැව් මෙමගින් අප වෙත මැනවින් පසක් වේ.

එවකට කැලණිය විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මේ සබැඳිව ඇයගේ අදහස් දැක්වීමේදී සෝලියස් මෙන්දිස්ගේ වත්මන් චිත්රකලා හැකියාව හඳුනා ගැනීමට මාපිටිගමින් අවස්ථාවක් ලබාදිය හැකි බැව් උන්වහන්සේ දැන්වූ සේක. කැලණි රජමහා විහාරයට අයත්ව පැවැති කැලණියට නුදුරේම පිහිටා ඇති මාපිටිගම විහාරස්ථානයක් පිළිබඳව හෙලේනා විජයවර්ධන මැතිනිය දැන නොසිටියාය. බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ගිහි ගම් ප්‍රදේශයෙහි පිහිටා තිබූ මෙම විහාරය ලෙනගම්පොළ විහාරය නම් විය.

දෙකටන කොළඹ මහා මාර්ගයෙහි පැමිණ මල්වාන නගරයෙන් සමණබැද්ද පාරට හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කරන විට ශ්‍රී සාරානන්ද මාවත හමුවේ. එම මාවතෙහි මඳ දුරක් ඉදිරියට ගිය විට මල්වාන පහළ මාපිටිගම ලෙනගම්පොළ විහාරය දක්නට ලැබේ. විහාරයෙහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන හා ඒ අවට ඇති අනෙකුත් ලෙන් නිසා මෙය ලෙනගම්පොළ නමින් හඳුන්වන්නට හේතු වී ඇතැයි සිතිය හැකිය. ඓතිහාසික වශයෙන් සනාථ කළ නොහැකි වුවත් මෙම විහාරස්ථානය වලගම්බා රජු විසින් ඉදිකර ඇතැයි ජනප්‍රවාදවල සඳහන් වේ. මෑතක අප විසින් මෙම විහාරස්ථානයට ගිය අවස්ථාවක එහි වැඩ විසූ කැලණි විහාරවාසී මොරවක ධම්මානන්ද හිමිපාණන් සඳහන් කරනු ලබන්ෙන් විහාරස්ථානෙයහි ඇති ගල්ලෙන් කටාරම් දුටුගැමුණු රජ දවස දක්වා දිව යන බවය.

ඓතිහාසික මෙම ලෙනෙහි පියස්ස මත පිහිටා ඇති විහාර මන්දිරය සෝලියස් මෙන්දිස්ගේ සිතුවම් කලාවේ විචිත්‍රවත් බව උරගා බැලීමට විවෘත වී ඇත. සිත්තරකු සේ ප්‍රකට වුවද සෝලියස් මෙන්දිස් යනු සිත්තරකු පමණක් නොව අතිදක්ෂ මූර්ති ශිල්පියෙක් ද විය. ලෙනගම්පොළ විහාරස්ථානයේ විහාර මන්දිරය අඩි 30 ක් පමණ දිග, අඩි 25 ක් පමණ පළල ඉතා කුඩා බිම්කඩකින් යුක්ත විය. එබැවින් ඉතා කෙටි කාලයකින් මෙම විහාර මන්දිරයෙහි සිතුවම් කර්මාන්තයට අදාළ වැඩ අවසන් කළ හැකිය යනු පූර්ව නිගමනය මත එවක කැලණි විහාරාධිපති හිමිපාණන් හා හෙලේනා විජයවර්ධන මැතිනිය මෙම විහාර මන්දිරය සෝලියස් මෙන්දිස් වෙත භාර කරන්නට ඇත.

විහාර මන්දිරය තුළ ස්වකීය ශෛලිගත සම්ප්රදායෙහි පිහිටා නිර්මාණය කර ඇති හිටි පිළිමය, ඉඳි පිළිමය හා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා පිළිමය සෝලියස් මෙන්දිස් සතුව තිබූ අසහාය මූර්ති ශිල්පයෙහි කුසලතා පිළිබිඹු කරවයි. මොහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය ලෙස මෙම පිළිම හඳුන්වා දිය හැකිය. බුද්ධ ශරීර විෂයෙහි ස්ත්‍රී ලාලිත්‍යයක් පිළිබිඹු වන ඔහුගේ ශෛලිගත සම්ප්රදාය මෙම පිළිම ත්රිත්වයෙහි එක ලෙස හඳුනා ගත හැකිය.

පිරිනිවන් මඤ්චකය අභිමුඛව පිහිටා ඇති නාථ දෙවියන්ගේ විශාල ප්‍රතිමාව එවකට ප්‍රචලිතව පැවති මහායාන සංකල්පයන්ට අනුගතව නිර්මාණය කරන ලද්දක් වන්නට පුළුවන. සමස්ත විහාර මන්දිරයෙහි සිතුවම් බුද්ධ පරිනිර්වාණ අවස්ථාවට සපැමිණි රහතන්වහන්සේලාගේ සංඝයාවහන්සේලාගේන් හා ශෝකයට පත් දෙවිවරුන්ගෙන් සැදුම්ලත්ය.

සැපැමිණි සියලු පාර්ශ්වයන් හස්තයෙහි පුෂ්පයක් දක්නට ඇත. රහතුන් වටා රැස් වළල්ලක් චිත්රණය කර ඇති අතර එසේ රැස් වළල්ලක් චිත්රණය නොකර ඇත්තේ රහත් භාවයට පත් නොවූ සංඝයාවහන්සේලා ගේ විය හැකිය. රහතන් වහන්සේලා හා දෙවියෝ පමණක් අහසේ වැඩ සිටිති. සැරියුත්, මුගලන් ආනන්ද හා මහා කසුප් ස්වාමීන් වහන්සේලා වෙන් වෙන්ව හඳුනාගත හැකි පරිදි සිතුවම් කර ඇත.

ඒ අතර කැපී පෙනෙන තවත් රූපයක් වෙයි. එය නාග හිසක් සහිත දේව රූපයක්ය. ඔහු නාග ලෝකයෙන් සපැමිණි නාගයකු විය යුතුය. කැලණි පුදබිම හා සම්බන්ධිත නාග සංකල්පය නිසාම මෙම සිතුවම් ලෙනගම්පොළ විහාර බිතු සිතුවමට සෝලියස් ඇතැම්විට ඇතුළත් කළා විය හැකිය. වර්ණ සංයෝජනය, සෞම්‍ය වර්ණ භාවිතය හා රේඛා භාවිතය කැලණි විහාර සිතුවම් හා සැලකීමේ දී තරමක් අඩු තත්ත්වයක පවතී. තවද කැලණි විහාර සිතුවම්වලට සාපේක්ෂව මානව රූපවල වම් ඇස දකුණු ඇසට සමාන්තරව නැත. එය දකුණු ඇසට සාපේක්ෂව තරමක් පහළින් ඇද ඇත. මෙම තත්ත්වය කැලණි සිතුවම් තුළ හඳුනාගත නොහැකිය.

වියන් සිතුවම් සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තරයන්ගෙන් උපලක්ෂිතය. ඉඳි පිළිමයෙහි පිටුපස මකර තොරණක් ඇත. එය සුවිශේෂිත වූ කලාංගයකි. මෙහිලා මා විසින් මෙම චිත්‍ර මෙතරම් හඳුන්වා දීමට උනන්දු වන්නේ කැලණි විහාර සිතුවම් බලා සතුටු වන කලා රසිකයන් වෙත කැලණියට නුදුරින් ඇති ලෙනගම්පොළ බිතුසිතුවම් පිළිබඳව අවධානය යොමු කිරීමටය.

1930 සිට 1933 දක්වා කාලසීමාව තුළ නිර්මිත ලෙනගම්පොළ විහාරයෙහි බිතිසිතුවම් තුළින් සෝලියස් මෙන්දිස්ගේ කලා නිර්මාණ දැක පුදුමයට පත් හෙලේනා විජයවර්ධන මැතිනිය තම සිතැඟි පරිදි කැලණි විහාරයෙහි බිතුසිතුවම් චිත්රණය කිරීමට ඔහු හට අවස්ථාව ලබා දුන්නාය. මෙහිදී අවධානයට ලක් කළ යුතු සුවිශේෂි කරුණක් ඇත. ලෙනගම්පොළ විහාර සිතුවම් හෙලේනා විජයවර්ධන මැතිනිය අපේක්ෂා කළ මට්ටමින් නොතිබුණේ නම් අද කැලණි විහාරයෙහි සෝලියස් මෙන්දිස්ගේ සිතුවම් නොතිබෙන්නට ඉඩ තිබිණ. පැරණි විහාර සිතුවම් කලාවට වස්තු විෂය වූ බුදු සිරිත හා ජාතක කතා තුළින් බැහැරව ලක්දිව ඓතිහාසික ශාසනික පුවත් සිත්තම් කරලීම හෙලේනා විජයවර්ධන මැතිනියගේ ඒකායන අභිමතය වූයෙන් ඒ අනුව සෝලියස් මෙන්දිස් නම් අසහාය චිත්‍ර ශිල්පියාගේ සංකල්පීය චිත්‍ර නිර්මාණය අද ලෝකයක් දකින පොදු වූ ලක් ශාසනික ඉතිහාස කතා පුවත බවට පත්ව ඇත.

මාපිටිගම බුද්ධරක්ඛිත නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයත්, හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ උපදේශකත්වයත් මත, එදා ලෙනගම්පොළ විහාරයේ බිතිසිතුවම් චිත්රණය කරමින් කැලණිය විහාර බිතිසිතුවම් නිර්මාණ කර්මාන්ත පිණිස නියත විවරණ ලත්, අගම්පොඩි සෝලියස් මැන්දිස් නම් වූ මෙම අග්‍රගණ්‍ය කලාකරුවාණන්, තමන්ටම ආවේණික ශෛලීගත කලා සම්ප්රදාය තුළින් ලොවක් මවිත කිරීමට සමත් විචිත්‍රවත් චිත්‍ර කලාවක්, කැලණිය විහාරස්ථානය වෙත දායාද කොට ඇත. සෝලියස් මෙන්දිස් නම් මෙම අපූර්ව කලාකරුවාගේ නාමය, කැලණිය විහාරස්ථානය පවත්තා තෙක්, ඔහු විසින් ඇඳි සජීවි සිතුවම්ද සමඟින් සදා කල් ජීවමානව රැඳී පවතී.

චාරුමුඛ රත්නායක

[QUOTE="araki, post: 23166089, member: 360239"] [b]කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත්[/b] [B][SIZE=5]කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත්තේ ළමාතැනී[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e6ae199ce0.jpg[/IMG]එදා රජ දවස රාජ්‍ය පාලකයා හඳුනා ගැනීමේ එක් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස විහාර කර්මාන්තය හැඳින්විය හැකිය. වෙසෙසින්ම ඉපැරණි විහාර කර්මාන්තය රාජ්‍ය පාලකයාගේ සිතැඟි පරිදි සිදුවූ කර්මාන්තයක් බව මහා වංශය ප්රමුඛව හෙළ වංශකතා පරිශීලනයෙන් පෙනී යයි.[/SIZE] [SIZE=5]මෙම කර්මාන්තයෙහිලා යුගයක් තුළ අනන්‍ය කලා සම්ප්රදායක් ගැබ්ව ඇත.[/SIZE] [SIZE=5]මරණාසන්න මොහොතෙහි පවා තමාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද නිර්මාණ ආස්වාදයෙන් ලද ප්රහර්ෂයක් ගැන කියවෙන හෙළ රජ කතා ඉතිහාසයෙන් තහවුරු වන්නේ නිර්මාණකරුවා තරම් ම කලා නිර්මාණය හා ළබැඳියාවක් දැක්වූ ඉතා ඉහළ කලා රසිකත්වයකින් හෙබි හෙළ රාජාවලියක් ලංකාවෙහි පැවැති බවය. පෘතුගීසින් විසින් විනාශ කරන ලද කැලණි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය ද තවත් එක් ශාසනික සේවාවක් ලෙස ලඝුකර දැක්විය නොහැකි අමිල ජාතික මෙහෙවරකි.[/SIZE] [SIZE=5]පැරණි සිද්ධස්ථානවල නිර්මාණ සම්ප්රදාය අනුගමනය කොට කැලණි විහාර ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතය පුරාවිද්යාඥයන්ගේද ඉතිහාසඥයන්ගේද, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේද, කලාකරුවන්ගේ හා සමස්ත සිංහල බෞද්ධ ජනයාගේද නොමද පැසසුමට ලක්වූවකි. තවද සිංහල රජ කෙනෙකු මිස සෙසු සාමාන්‍ය කෙනෙකුන්ට කරවන්නට නොපිළිවන් තරමේ උදාර කර්මාන්තයකි. [/SIZE] [SIZE=5] ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ vi පරාක්‍රමබාහු රජුගේ පරපුරෙන් අවිච්චින්නව පැවත එන තුඩුගල මද්දුමරාළ දිසාවගේ පරපුරට අයත් මෑත කාලීන සාමාජිකයකු වූ සේදවත්ත වලව්වේ තුඩුගල දොන් පිලිප් විජයවර්ධන මැතිඳුන් හා එම මැතිනිය වන හෙලේනා විජයවර්ධන කැලණි විහාරයේ නව ප්‍රතිසංස්කරණය සිදුකළ ප්‍රධාන දායක දෙපළ වූහ. [/SIZE] [SIZE=5]ක්‍රි.ව. 1888 දී එක්තරා තද වැසි සහිත පොහොය දිනක කැලණි විහාරය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන්ගේ පාද වළලුකර දක්වා එරී එවකට විහාර ගෙය තුළ තිබූ මැටි බිම මඩ වගුරක්ව තිබෙනු දැක ඉතා සංවේගයට පත් හෙලේනා විජයවර්ධන ළමාතැනිය.[/SIZE] [SIZE=5]විහාරය කෙසේ හෝ ප්‍රතිසංස්කරණය කරවීමට අධිෂ්ඨාන කර ගන්නා ලද්දේ එම දිනයෙහිදීම. නොබෝ දිනක් යන්නට පෙර එතුමියගේ වියදමින් විහාර ගේ තුළ බිම ගඩොල් අල්ලවා සංස්කරණය කරවන ලදී.[/SIZE] [SIZE=5]කැලණි විහාරය තුළ ඇය විසින් සිදුකරන ලද ප්‍රථම සංස්කරණය මෙය විය. එය සිහි වීම සඳහා එතුමියගේ නාමයේ මුල් අකුර ද යොදා විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ බිම සවි කළ කුඩා ගලක එච්.ඩී.ඩබ්. 1888 යනුවෙන් සඳහන් කර ඇත. [/SIZE] [SIZE=5]අනතුරුව ඇය විසින් විහාර ගෘහයේ ඉතා අබලන්ව පැවැති දාරුමය මල් ආසනය ඉවත් කර ගිරිගරුඩවලින් නිම වූ පුෂ්පාසනයක් තනවා පූජා කරන ලදී.[/SIZE] [SIZE=5]සවැනි පැරකුම් රජ දවස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් විරචිත සැළලිහිණි සන්දේශයෙහි වර්ණිත කැලණි විහාරය නැවතත් ප්‍රතිස්ථාපනය කිරීම හෙලේනා ළමාතැනියගේ ඒකායන අදිටන විය. එය මල්ඵල ගන්වමින් 1927 ජනවාරි 01 දින එතුමියගේ පූර්ණ අනුග්‍රහයෙන් හා මඟ පෙන්වීමෙන් එළඹි සුබ මොහොතින් මහනුවර මල්වතු මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ කාරක මහා සංඝ සභාව ඇතුළු පළාත් වාසී මහා සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣයනා මධ්‍යයේ විහාර ප්‍රතිසංස්කරණය හා විහාර ගෙය තුළ වැඩ වෙසෙන පිළිම වහන්සේ එම ස්ථානයෙන් වැඩමවා තැන්පත් කර තැබීම සඳහා විහාර ගෘහයටම යා කොට අභිනව විහාර ගෘහයක් තැනීම සඳහා මුල් ගල තබන ලදී.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_daa654e5e2.jpg[/IMG]නව විහාර ගෘහයට මුල් ගල තැබුව ද පැරණි විහාර ගෘහයට කුමන ආකාරයකින්වත් වෙනසක් හෝ හානියක් සිදු නොකිරීමට ඔවුහු වග බලා ගත්හ. [/SIZE] [SIZE=5]නව විහාර ගෘහ ඉදිකිරීමෙන් අනතුරුව හෙලේනා විජයවර්ධන මැතිනියගේ අභිප්‍රාය වූයේ දේශීය පැරණි විහාර සම්ප්‍රදායන්ට විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරු යනාදී යුගයන්හි පැවැති බිතුසිතුවම් කලාවට සමාන සිතුවම් කලාවක් කැලණියේ ඉදිවන නව විහාරයට දායාද කිරීමය. මේ සඳහා විදේශීය චිත්රශිල්පියකුගේ සහාය ලබා ගැනීමට ඇය මුලින් අදහස් කර තිබිණි.[/SIZE] [SIZE=5]අනතුරුව නොයෙක් කලා ශිල්පීන් මේ සඳහා සොයන අතර තුර ඩී.සී. විජයවර්ධන මහතා සෝලියස් නම් සිත්තරකු පිළිබඳව තොරතුරු දැනගෙන පසුව ඔහු කැඳවනු ලැබීය. [/SIZE] [SIZE=5] මාදම්පේ අගම්පොඩි සෝලියස් මෙන්දිස් නම් වූ මොහු දේශීය පැරණි සම්භාව්‍ය සිතුවම් රීතීයෙන් ද විදේශීය පැරණි සිතුවම් රීතීන්ගෙන් ද විවිධ ලක්ෂණ උකහා ගනිමින් තමන්ටම ආවේණික වෙන් වූ ශෛලිගත සිතුවම් රීතීයක් ගොඩ නඟා ගත් සිත්තරකු විය. දේශීය සම්භාව්‍ය සිතුවම් හා මූර්ති කලාප සබැඳිව වෙසෙස් දැනුමකින් හා සවිඥානික බවකින් යුත් හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි විහාර කර්මාන්තයෙහි නොමැකෙන ඉතිහාසයක් සනිටුහන් කිරීමට දේශීය නව සිතුවම් කලාවක අවශ්‍යතාව මැනවින් අවබෝධ කොට ගත්තාය. [/SIZE] [SIZE=5] ඒ නිසාම කැලණි විහාර චිත්‍ර කර්මාන්තය සඳහා තමා තෝරා ගනු ලැබූ සුවිශේෂී සිත්තරා වන සෝලියස් වෙත දේශීය ඉපැරණි සම්භාව්‍ය චිත්‍ර කලාවට ඉතා සමීප වන අජන්තා, එල්ලෝරා, භෘග් සිතුවම් හා අමරාවතී කැටයම් කලාව අධ්‍යයනය කිරීමට තම පෞද්ගලික වියදමින් ඉන්දීය සංචාරයක් ද ලබා දෙන ලදී. මෙහිදී සෝලියස් හට බෙංගලි චිත්‍ර සම්ප්‍රදායෙන් හා නන්දලාල් බෝස්, රවින්ද්‍රනාත් තාගෝර් මෙන්ම සරදා උකිල්ගේ චිත්රවල ආභාෂය ලැබුණු බව කැලණි විහාර සිතුවම් අධ්‍යයනයෙන් පෙනී යයි. තවද අනුරාධපුර යුගයට අයත් සීගිරිය හා පොළොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගේ සිතුවම්වල මෙන්ම හිඳගල දිඹුලාගල යන විහාරස්ථාන චිත්‍ර ආභාසයද ලද ඔහු විසින් තමා ලද දේශීය විදේශීය අත්දැකීම් අනුසාරයේ සංකලනයෙන් සුවිශේෂි ශෛලිගත චිත්‍ර සම්ප්රදායක් නිර්මාණය කරගනු ලැබීය. [/SIZE] [SIZE=5]1912 නාත්තණ්ඩිය මාවිල සුමනකුසුමාරාම විහාරයෙන් විහාර සිතුවම් කලාවට ප්‍රවිෂ්ට සෝලියස් මෙන්දිස් 1930 වකවානුව වන විට විහාරස්ථාන 06 ක සිතුවම් ඇඳ නිම කර සිටියේය. මේ කාලය වන විට නව කැලණි විහාරයෙහි වැඩ අවසන් වෙමින් පැවතිණ. ඉහත විහාර සිතුවම් අධ්‍යයනයෙන් පමණක් සෑහීමකට පත් නොවූ හෙලේනා විජයවර්ධන මැතිනිය සෝලියස් නම් වූ අපූරු කලාකරුවා සන්තකව පැවැති මනා ප්‍රතිභාව හඳුනා ගත් නිසාම ඔහු වෙත පෙරදිග විදේශ චිත්‍ර අධ්‍යයනයට අවස්ථාවක් සලසා දීමෙන් අනතුරුව ඔහු ලත් අත්දැකීම් හා පරිචය පිරික්සන්නට අවශ්‍ය විය. නමුදු මේ වන විටත් කැලණි විහාර සිතුවම් කර්මාන්තය ඔහු වෙත භාර දීමට ඇයගේ සිත් නොවීය. අනුග්රාහකත්වයට එහා යන නිර්මාණයක් බිහිකරලීමේ ප්‍රබල අරමුණක් ඇය වෙත පැවැති බැව් මෙමගින් අප වෙත මැනවින් පසක් වේ. [/SIZE] [SIZE=5]එවකට කැලණිය විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මේ සබැඳිව ඇයගේ අදහස් දැක්වීමේදී සෝලියස් මෙන්දිස්ගේ වත්මන් චිත්රකලා හැකියාව හඳුනා ගැනීමට මාපිටිගමින් අවස්ථාවක් ලබාදිය හැකි බැව් උන්වහන්සේ දැන්වූ සේක. කැලණි රජමහා විහාරයට අයත්ව පැවැති කැලණියට නුදුරේම පිහිටා ඇති මාපිටිගම විහාරස්ථානයක් පිළිබඳව හෙලේනා විජයවර්ධන මැතිනිය දැන නොසිටියාය. බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ගිහි ගම් ප්‍රදේශයෙහි පිහිටා තිබූ මෙම විහාරය ලෙනගම්පොළ විහාරය නම් විය. [/SIZE] [SIZE=5]දෙකටන කොළඹ මහා මාර්ගයෙහි පැමිණ මල්වාන නගරයෙන් සමණබැද්ද පාරට හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කරන විට ශ්‍රී සාරානන්ද මාවත හමුවේ. එම මාවතෙහි මඳ දුරක් ඉදිරියට ගිය විට මල්වාන පහළ මාපිටිගම ලෙනගම්පොළ විහාරය දක්නට ලැබේ. විහාරයෙහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන හා ඒ අවට ඇති අනෙකුත් ලෙන් නිසා මෙය ලෙනගම්පොළ නමින් හඳුන්වන්නට හේතු වී ඇතැයි සිතිය හැකිය. ඓතිහාසික වශයෙන් සනාථ කළ නොහැකි වුවත් මෙම විහාරස්ථානය වලගම්බා රජු විසින් ඉදිකර ඇතැයි ජනප්‍රවාදවල සඳහන් වේ. මෑතක අප විසින් මෙම විහාරස්ථානයට ගිය අවස්ථාවක එහි වැඩ විසූ කැලණි විහාරවාසී මොරවක ධම්මානන්ද හිමිපාණන් සඳහන් කරනු ලබන්ෙන් විහාරස්ථානෙයහි ඇති ගල්ලෙන් කටාරම් දුටුගැමුණු රජ දවස දක්වා දිව යන බවය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6bf6915dfb.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඓතිහාසික මෙම ලෙනෙහි පියස්ස මත පිහිටා ඇති විහාර මන්දිරය සෝලියස් මෙන්දිස්ගේ සිතුවම් කලාවේ විචිත්‍රවත් බව උරගා බැලීමට විවෘත වී ඇත. සිත්තරකු සේ ප්‍රකට වුවද සෝලියස් මෙන්දිස් යනු සිත්තරකු පමණක් නොව අතිදක්ෂ මූර්ති ශිල්පියෙක් ද විය. ලෙනගම්පොළ විහාරස්ථානයේ විහාර මන්දිරය අඩි 30 ක් පමණ දිග, අඩි 25 ක් පමණ පළල ඉතා කුඩා බිම්කඩකින් යුක්ත විය. එබැවින් ඉතා කෙටි කාලයකින් මෙම විහාර මන්දිරයෙහි සිතුවම් කර්මාන්තයට අදාළ වැඩ අවසන් කළ හැකිය යනු පූර්ව නිගමනය මත එවක කැලණි විහාරාධිපති හිමිපාණන් හා හෙලේනා විජයවර්ධන මැතිනිය මෙම විහාර මන්දිරය සෝලියස් මෙන්දිස් වෙත භාර කරන්නට ඇත. [/SIZE] [SIZE=5]විහාර මන්දිරය තුළ ස්වකීය ශෛලිගත සම්ප්රදායෙහි පිහිටා නිර්මාණය කර ඇති හිටි පිළිමය, ඉඳි පිළිමය හා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා පිළිමය සෝලියස් මෙන්දිස් සතුව තිබූ අසහාය මූර්ති ශිල්පයෙහි කුසලතා පිළිබිඹු කරවයි. මොහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය ලෙස මෙම පිළිම හඳුන්වා දිය හැකිය. බුද්ධ ශරීර විෂයෙහි ස්ත්‍රී ලාලිත්‍යයක් පිළිබිඹු වන ඔහුගේ ශෛලිගත සම්ප්රදාය මෙම පිළිම ත්රිත්වයෙහි එක ලෙස හඳුනා ගත හැකිය. [/SIZE] [SIZE=5]පිරිනිවන් මඤ්චකය අභිමුඛව පිහිටා ඇති නාථ දෙවියන්ගේ විශාල ප්‍රතිමාව එවකට ප්‍රචලිතව පැවති මහායාන සංකල්පයන්ට අනුගතව නිර්මාණය කරන ලද්දක් වන්නට පුළුවන. සමස්ත විහාර මන්දිරයෙහි සිතුවම් බුද්ධ පරිනිර්වාණ අවස්ථාවට සපැමිණි රහතන්වහන්සේලාගේ සංඝයාවහන්සේලාගේන් හා ශෝකයට පත් දෙවිවරුන්ගෙන් සැදුම්ලත්ය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f6224b0bb7.jpg[/IMG]සැපැමිණි සියලු පාර්ශ්වයන් හස්තයෙහි පුෂ්පයක් දක්නට ඇත. රහතුන් වටා රැස් වළල්ලක් චිත්රණය කර ඇති අතර එසේ රැස් වළල්ලක් චිත්රණය නොකර ඇත්තේ රහත් භාවයට පත් නොවූ සංඝයාවහන්සේලා ගේ විය හැකිය. රහතන් වහන්සේලා හා දෙවියෝ පමණක් අහසේ වැඩ සිටිති. සැරියුත්, මුගලන් ආනන්ද හා මහා කසුප් ස්වාමීන් වහන්සේලා වෙන් වෙන්ව හඳුනාගත හැකි පරිදි සිතුවම් කර ඇත. [/SIZE] [SIZE=5]ඒ අතර කැපී පෙනෙන තවත් රූපයක් වෙයි. එය නාග හිසක් සහිත දේව රූපයක්ය. ඔහු නාග ලෝකයෙන් සපැමිණි නාගයකු විය යුතුය. කැලණි පුදබිම හා සම්බන්ධිත නාග සංකල්පය නිසාම මෙම සිතුවම් ලෙනගම්පොළ විහාර බිතු සිතුවමට සෝලියස් ඇතැම්විට ඇතුළත් කළා විය හැකිය. වර්ණ සංයෝජනය, සෞම්‍ය වර්ණ භාවිතය හා රේඛා භාවිතය කැලණි විහාර සිතුවම් හා සැලකීමේ දී තරමක් අඩු තත්ත්වයක පවතී. තවද කැලණි විහාර සිතුවම්වලට සාපේක්ෂව මානව රූපවල වම් ඇස දකුණු ඇසට සමාන්තරව නැත. එය දකුණු ඇසට සාපේක්ෂව තරමක් පහළින් ඇද ඇත. මෙම තත්ත්වය කැලණි සිතුවම් තුළ හඳුනාගත නොහැකිය. [/SIZE] [SIZE=5]වියන් සිතුවම් සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තරයන්ගෙන් උපලක්ෂිතය. ඉඳි පිළිමයෙහි පිටුපස මකර තොරණක් ඇත. එය සුවිශේෂිත වූ කලාංගයකි. මෙහිලා මා විසින් මෙම චිත්‍ර මෙතරම් හඳුන්වා දීමට උනන්දු වන්නේ කැලණි විහාර සිතුවම් බලා සතුටු වන කලා රසිකයන් වෙත කැලණියට නුදුරින් ඇති ලෙනගම්පොළ බිතුසිතුවම් පිළිබඳව අවධානය යොමු කිරීමටය. [/SIZE] [SIZE=5]1930 සිට 1933 දක්වා කාලසීමාව තුළ නිර්මිත ලෙනගම්පොළ විහාරයෙහි බිතිසිතුවම් තුළින් සෝලියස් මෙන්දිස්ගේ කලා නිර්මාණ දැක පුදුමයට පත් හෙලේනා විජයවර්ධන මැතිනිය තම සිතැඟි පරිදි කැලණි විහාරයෙහි බිතුසිතුවම් චිත්රණය කිරීමට ඔහු හට අවස්ථාව ලබා දුන්නාය. මෙහිදී අවධානයට ලක් කළ යුතු සුවිශේෂි කරුණක් ඇත. ලෙනගම්පොළ විහාර සිතුවම් හෙලේනා විජයවර්ධන මැතිනිය අපේක්ෂා කළ මට්ටමින් නොතිබුණේ නම් අද කැලණි විහාරයෙහි සෝලියස් මෙන්දිස්ගේ සිතුවම් නොතිබෙන්නට ඉඩ තිබිණ. පැරණි විහාර සිතුවම් කලාවට වස්තු විෂය වූ බුදු සිරිත හා ජාතක කතා තුළින් බැහැරව ලක්දිව ඓතිහාසික ශාසනික පුවත් සිත්තම් කරලීම හෙලේනා විජයවර්ධන මැතිනියගේ ඒකායන අභිමතය වූයෙන් ඒ අනුව සෝලියස් මෙන්දිස් නම් අසහාය චිත්‍ර ශිල්පියාගේ සංකල්පීය චිත්‍ර නිර්මාණය අද ලෝකයක් දකින පොදු වූ ලක් ශාසනික ඉතිහාස කතා පුවත බවට පත්ව ඇත. [/SIZE] [SIZE=5]මාපිටිගම බුද්ධරක්ඛිත නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයත්, හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ උපදේශකත්වයත් මත, එදා ලෙනගම්පොළ විහාරයේ බිතිසිතුවම් චිත්රණය කරමින් කැලණිය විහාර බිතිසිතුවම් නිර්මාණ කර්මාන්ත පිණිස නියත විවරණ ලත්, අගම්පොඩි සෝලියස් මැන්දිස් නම් වූ මෙම අග්‍රගණ්‍ය කලාකරුවාණන්, තමන්ටම ආවේණික ශෛලීගත කලා සම්ප්රදාය තුළින් ලොවක් මවිත කිරීමට සමත් විචිත්‍රවත් චිත්‍ර කලාවක්, කැලණිය විහාරස්ථානය වෙත දායාද කොට ඇත. සෝලියස් මෙන්දිස් නම් මෙම අපූර්ව කලාකරුවාගේ නාමය, කැලණිය විහාරස්ථානය පවත්තා තෙක්, ඔහු විසින් ඇඳි සජීවි සිතුවම්ද සමඟින් සදා කල් ජීවමානව රැඳී පවතී. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]චාරුමුඛ රත්නායක [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom