Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලණි පෙරහර එදා සහ අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණි පෙරහර එදා සහ අද

කැලණි පෙරහර එදා සහ අද

කැලණි රජමහා විහාරයේ වාර්ෂික පෙරහර මේ මස 30 වැනි දින රාත්‍රියේ පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ.

කැලණියේ දුරුතු පෙරහර ප්‍රථම වර පවත්වන ලද්දේ 1927 වසරේදීය. එකල මුළු පළාතටම මෙය මහත් විශේෂයක් වූ බව සඳහන් වන්නේය. ඒ නිසාම මේ සඳහා කටයුතු සංවිධානය කිරීමද පහසු නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

අලි ඇතුන් මෙන්ම කලාකරුවන් ද මේ සඳහා ලබාගත යුතු වූ අතර ‘දොරකඩ අස්න’ ගායනා කිරීම සඳහා දේවදූතයා ලෙස හැඳින්වෙන කුඩා පිරිමි දරුවකු තෝරා පත්කැර ගැනීමද අපහසු කාර්යයක් වූ බව පැරැන්නෝ කියති.

මෙයට වැඩියක්ම හේතුවී ඇත්තේ ගම්වැසියන් තුළ පැවැති බියකි. යම්හෙයකින් මේ දරුවාට ගායනයේදී ‘කට වැරැදීමක් සිදුවුවහොත් වස් වදිනවා’ යැයි යනුවෙන් ජනතාව තුළ බියක් විය. මේ අනුව බොහෝ දෙමාපියෝ මේ සඳහා තම දරුවන් ඉදිරිපත් කිරීමට අකැමැති වූහ. අවසානයේදී මේ සඳහා ඉදිරිපත් වී ඇත්තේ එකල ගමේ මුලාදෑනි තනතුර දැරූ රොමෙල් ගෝමිස් රාලහාමිගේ පුතණුවන් වූ රිචඩ් ගෝමිස්ය. ජනතාව තුළ පැවැති බිය නිසා මේ දරුවාට තෙවසරක් එම පූජනීය කාර්යය ඉටුකරන්නට සිදුවී තිබේ.

මෙහි සඳහන් රොමෙල් ගෝමිස් රාලහාමි, විහාරය සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වා ඇත. මීට හැත්තෑපස් වසරකට පමණ පෙර විහාරයේ බුදුගෙය ව්‍යාප්ත කිරීම සඳහා තව කොටසක් ඉදිකෙරිණි. ඒ සඳහා මුල් ගල තබන ලද්දේ හෙලේනා විජේවර්ධන ළමාතැනිය විසින්ය. ඒ සමඟ දෙවැනි ගල තබන ලද්දේ මෙම රොමෙල් ගෝමිස් වියතාණන් විසිනි. මෙහි අලංකාර චිත්‍ර කළ සෝලියස් මෙන්ඩිස් සිත්තරා සිද්ධිය නිරූපණය කෙරෙන බිතුසිතුවමක් එහි නිර්මාණය කර ඇත.

එකල කැලණි විහාරයට අයත් භූමි ප්‍රමාණය සීමිත විය. එසේම අද මෙන් පිළිසකරවී නොතිබුණි. මහා මාර්ගද මෙලෙස සැලැසුම් අනුව නිමකොට තිබුණේ නැත. ඒ සීමාවන් තුළ වසරින් වසර පෙරහර දියුණු වෙමින් පැවැතුණි.

1940 දශකය වෙන විට පෙරහර ඉතා දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගමන් කෙරිණි. රජමහා විහාර මළුවෙන් ඇරැඹෙන පෙරහර, බියගම පාර දිගේ කැලණි දුම්රියපොළ දක්වා පැමිණ ඒ අසලින් මහනුවර පාරට පිවිසී තොරණ හන්දියෙන් වරාගොඩ පාර දිගේ කැලණි විහාරය වෙත පැමිණෙන්නේය. මේ වෙන විට උදෑසන පහ පමණ වීම නොවැළැක්විය හැකිවිය.

මේ කාලයේදී පූජනීය ධාතු කරඬුව ගෙන යන ලද්දේ ඉතා ගාම්භීර ලෙස තේජස් ලීලාවෙන් ගමන් කළ බානගල ඇත් රජු මස්තකයේය. පෙරහර සඳහා ගෙනෙන ලද අලි ඇතුන් කිහිපදෙනෙකු බැඳ තබන ලද්දේ අප වත්තේමය.

අවාසනාවකට 1941 සිට 1945 පමණ වූ දෙවැනි ලෝක සංග්රාම කාලය තුළ පෙරහර පැවැත්වීමට ආරක්ෂක හේතූන් මත අවසර නොලැබිණි. යළි කටයුතු ආරම්භ කොට පෙරහර පවත්වන ලදී. ඒ සඳහා එවකට විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මාපිටිගම ධම්මරක්ඛිත ස්ථවීරයන් වහන්සේ ඉමහත් පරිශ්‍රමයක් දැරූ බව කිව යුතුයි.

යළිත් කලක් තුළ කටයුතු බාධා වෙමින් පැවැතියත් කැලණිය පූජා නගරයක් බවට පත්වීමත් සමඟ විහාරාධිපති තනතුර හොබවමින් වැඩම කළ පූජ්‍යපාද විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්ථවීරයන් වහන්සේ රජමහා විහාරයටත් කැලණි පෙරහරටත් නව දීප්තියක් ලබාදුන්හ. ඉමහත් දුරදැක්මකින් යුතුව ඉතා උපායශීලීව ක්‍රියා කළ උන්වහන්සේ කැලණි පෙරහරට මෙන්ම විහාරයට ද පුණර්ජීවයක් ලබාදුන්නෝය.

නොසෑහෙන දුරක ගමන නිසා ඉමහත් පීඩනයට පත්ව පෙරහරේ අලංකාරය පිරිහීම වැනි හේතූන් සලකා බලා උන්වහන්සේ පෙරහරේ ගමන් මාර්ගය සීමා කළහ. එම නිසා අවසාන මහා පෙරහර ද ගමන් කරන්නේ ශුද්ධ නගරය අවටමයි. දැන් පෙරහර ඉතා ප්‍රාණවත් ලෙස අලංකාරවය.

මේ තත්ත්වයට ගෙනෙනු ලැබීම පහසු කාරියක් නොවූ බව කිව යුතුයි. අලි ඇතුන්ගේ ඇඳුම් පැලඳුම්, විවිධ ධජ වර්ග, සැරසිලි ආදී සියල්ලක්ම පරිහානියට ගොස් තිබුණු හෙයින් ඒ සියල්ල අභිනවයෙන් සකසා ගෙන සංවිධාන කරන්නට උන්වහන්සේට සිදුවිය. උන්වහන්සේ ලබාදුන් ආරම්භය දිනෙන් දින ඉදිරියට ගෙනයාම අද දක්වා දකින්නට ලැබීම ලක්වැසි බුදුනුවන්ගේ මෙන්ම අප කාගේත් සතුටට කරුණකි.

පූජ්‍යපාද තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේගේ සහජ දුරදැක්මෙන් යුතුව තෝරා පත්කරගෙන ඇති ශිෂ්‍ය පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්ථවීරයන් වහන්සේ ඉකුත් දශකය තුළ සැලසුම් රැසක් තවදුරටත් ක්‍රියාත්මක කොට තිබේ. අද විහාරාධිපති ලෙස වැඩවසන සංඝරක්ඛිත ස්ථවීරයන් වහන්සේ තම ගුරුවහන්සේගේ පරමාදර්ශී ලක්ෂණ අනුගමනය කරමින් ඓතිහාසික කැලණි රජමහා විහාරයත් කැලණි පෙරහරත් විශාල කීර්තියක් කරා ගෙනැවිත් ඇත. මේ කාලය තුළ ගොඩනැගිලි රැසක් ඉදිවී ඇති අතර වන්දනාකරුවනට මෙන්ම ගම්වාසී පාසල් සිසු සිසුවියන්ටද මෙයින් සේවාවන් රැසක් ලබාදී ඇත.

සියල්ල සලකා බලන කල කැලණිය නොව පැරැණිය වන රමණිය යැයි කිව හැකිය.

[QUOTE="araki, post: 22783832, member: 360239"] [b]කැලණි පෙරහර එදා සහ අද[/b] [B][SIZE=5]කැලණි පෙරහර එදා සහ අද[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ecf230f02e.jpg[/IMG]කැලණි රජමහා විහාරයේ වාර්ෂික පෙරහර මේ මස 30 වැනි දින රාත්‍රියේ පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ. [/SIZE] [SIZE=5]කැලණියේ දුරුතු පෙරහර ප්‍රථම වර පවත්වන ලද්දේ 1927 වසරේදීය. එකල මුළු පළාතටම මෙය මහත් විශේෂයක් වූ බව සඳහන් වන්නේය. ඒ නිසාම මේ සඳහා කටයුතු සංවිධානය කිරීමද පහසු නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. [/SIZE] [SIZE=5]අලි ඇතුන් මෙන්ම කලාකරුවන් ද මේ සඳහා ලබාගත යුතු වූ අතර ‘දොරකඩ අස්න’ ගායනා කිරීම සඳහා දේවදූතයා ලෙස හැඳින්වෙන කුඩා පිරිමි දරුවකු තෝරා පත්කැර ගැනීමද අපහසු කාර්යයක් වූ බව පැරැන්නෝ කියති. [/SIZE] [SIZE=5]මෙයට වැඩියක්ම හේතුවී ඇත්තේ ගම්වැසියන් තුළ පැවැති බියකි. යම්හෙයකින් මේ දරුවාට ගායනයේදී ‘කට වැරැදීමක් සිදුවුවහොත් වස් වදිනවා’ යැයි යනුවෙන් ජනතාව තුළ බියක් විය. මේ අනුව බොහෝ දෙමාපියෝ මේ සඳහා තම දරුවන් ඉදිරිපත් කිරීමට අකැමැති වූහ. අවසානයේදී මේ සඳහා ඉදිරිපත් වී ඇත්තේ එකල ගමේ මුලාදෑනි තනතුර දැරූ රොමෙල් ගෝමිස් රාලහාමිගේ පුතණුවන් වූ රිචඩ් ගෝමිස්ය. ජනතාව තුළ පැවැති බිය නිසා මේ දරුවාට තෙවසරක් එම පූජනීය කාර්යය ඉටුකරන්නට සිදුවී තිබේ. [/SIZE] [SIZE=5]මෙහි සඳහන් රොමෙල් ගෝමිස් රාලහාමි, විහාරය සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වා ඇත. මීට හැත්තෑපස් වසරකට පමණ පෙර විහාරයේ බුදුගෙය ව්‍යාප්ත කිරීම සඳහා තව කොටසක් ඉදිකෙරිණි. ඒ සඳහා මුල් ගල තබන ලද්දේ හෙලේනා විජේවර්ධන ළමාතැනිය විසින්ය. ඒ සමඟ දෙවැනි ගල තබන ලද්දේ මෙම රොමෙල් ගෝමිස් වියතාණන් විසිනි. මෙහි අලංකාර චිත්‍ර කළ සෝලියස් මෙන්ඩිස් සිත්තරා සිද්ධිය නිරූපණය කෙරෙන බිතුසිතුවමක් එහි නිර්මාණය කර ඇත. [/SIZE] [SIZE=5]එකල කැලණි විහාරයට අයත් භූමි ප්‍රමාණය සීමිත විය. එසේම අද මෙන් පිළිසකරවී නොතිබුණි. මහා මාර්ගද මෙලෙස සැලැසුම් අනුව නිමකොට තිබුණේ නැත. ඒ සීමාවන් තුළ වසරින් වසර පෙරහර දියුණු වෙමින් පැවැතුණි. [/SIZE] [SIZE=5]1940 දශකය වෙන විට පෙරහර ඉතා දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගමන් කෙරිණි. රජමහා විහාර මළුවෙන් ඇරැඹෙන පෙරහර, බියගම පාර දිගේ කැලණි දුම්රියපොළ දක්වා පැමිණ ඒ අසලින් මහනුවර පාරට පිවිසී තොරණ හන්දියෙන් වරාගොඩ පාර දිගේ කැලණි විහාරය වෙත පැමිණෙන්නේය. මේ වෙන විට උදෑසන පහ පමණ වීම නොවැළැක්විය හැකිවිය. [/SIZE] [SIZE=5]මේ කාලයේදී පූජනීය ධාතු කරඬුව ගෙන යන ලද්දේ ඉතා ගාම්භීර ලෙස තේජස් ලීලාවෙන් ගමන් කළ බානගල ඇත් රජු මස්තකයේය. පෙරහර සඳහා ගෙනෙන ලද අලි ඇතුන් කිහිපදෙනෙකු බැඳ තබන ලද්දේ අප වත්තේමය. [/SIZE] [SIZE=5]අවාසනාවකට 1941 සිට 1945 පමණ වූ දෙවැනි ලෝක සංග්රාම කාලය තුළ පෙරහර පැවැත්වීමට ආරක්ෂක හේතූන් මත අවසර නොලැබිණි. යළි කටයුතු ආරම්භ කොට පෙරහර පවත්වන ලදී. ඒ සඳහා එවකට විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මාපිටිගම ධම්මරක්ඛිත ස්ථවීරයන් වහන්සේ ඉමහත් පරිශ්‍රමයක් දැරූ බව කිව යුතුයි. [/SIZE] [SIZE=5]යළිත් කලක් තුළ කටයුතු බාධා වෙමින් පැවැතියත් කැලණිය පූජා නගරයක් බවට පත්වීමත් සමඟ විහාරාධිපති තනතුර හොබවමින් වැඩම කළ පූජ්‍යපාද විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්ථවීරයන් වහන්සේ රජමහා විහාරයටත් කැලණි පෙරහරටත් නව දීප්තියක් ලබාදුන්හ. ඉමහත් දුරදැක්මකින් යුතුව ඉතා උපායශීලීව ක්‍රියා කළ උන්වහන්සේ කැලණි පෙරහරට මෙන්ම විහාරයට ද පුණර්ජීවයක් ලබාදුන්නෝය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f8187ccbc1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නොසෑහෙන දුරක ගමන නිසා ඉමහත් පීඩනයට පත්ව පෙරහරේ අලංකාරය පිරිහීම වැනි හේතූන් සලකා බලා උන්වහන්සේ පෙරහරේ ගමන් මාර්ගය සීමා කළහ. එම නිසා අවසාන මහා පෙරහර ද ගමන් කරන්නේ ශුද්ධ නගරය අවටමයි. දැන් පෙරහර ඉතා ප්‍රාණවත් ලෙස අලංකාරවය. [/SIZE] [SIZE=5]මේ තත්ත්වයට ගෙනෙනු ලැබීම පහසු කාරියක් නොවූ බව කිව යුතුයි. අලි ඇතුන්ගේ ඇඳුම් පැලඳුම්, විවිධ ධජ වර්ග, සැරසිලි ආදී සියල්ලක්ම පරිහානියට ගොස් තිබුණු හෙයින් ඒ සියල්ල අභිනවයෙන් සකසා ගෙන සංවිධාන කරන්නට උන්වහන්සේට සිදුවිය. උන්වහන්සේ ලබාදුන් ආරම්භය දිනෙන් දින ඉදිරියට ගෙනයාම අද දක්වා දකින්නට ලැබීම ලක්වැසි බුදුනුවන්ගේ මෙන්ම අප කාගේත් සතුටට කරුණකි. [/SIZE] [SIZE=5]පූජ්‍යපාද තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේගේ සහජ දුරදැක්මෙන් යුතුව තෝරා පත්කරගෙන ඇති ශිෂ්‍ය පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්ථවීරයන් වහන්සේ ඉකුත් දශකය තුළ සැලසුම් රැසක් තවදුරටත් ක්‍රියාත්මක කොට තිබේ. අද විහාරාධිපති ලෙස වැඩවසන සංඝරක්ඛිත ස්ථවීරයන් වහන්සේ තම ගුරුවහන්සේගේ පරමාදර්ශී ලක්ෂණ අනුගමනය කරමින් ඓතිහාසික කැලණි රජමහා විහාරයත් කැලණි පෙරහරත් විශාල කීර්තියක් කරා ගෙනැවිත් ඇත. මේ කාලය තුළ ගොඩනැගිලි රැසක් ඉදිවී ඇති අතර වන්දනාකරුවනට මෙන්ම ගම්වාසී පාසල් සිසු සිසුවියන්ටද මෙයින් සේවාවන් රැසක් ලබාදී ඇත. සියල්ල සලකා බලන කල කැලණිය නොව පැරැණිය වන රමණිය යැයි කිව හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom