Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කළ දේශනයකි.

ශී‍්‍ර ලාංකේය ඉංගී්රසි කිතුනු සාහිත්‍ය අමතක කරලා සිංහල කිතුනු සාහිත්‍ය පෝෂණයට දායක වූ සාහිත්‍යධරයන් ගේ නාම ලේඛනය විතරක් කියවගෙන ගියත් විනාඩි පහළොවකින් ඉවර කරන්න බැහැ. ඒ නිසා මේ මාතෘකාවට, ඒ කිතුනු ලේඛකයන්ට

මගේ කතාවෙන් ලොකු අසාධාරණයක් සිද්ධවෙන එක නො අනුමානයි. ඒත් කරන්ට දෙයක් නැහැ. මම මේ විනාඩි පහළොවේදි උත්සාහ කරන්නේ

ප්‍රධාන ලේඛකයන් දෙතුන් දෙනෙක් හෝ තෝරාගෙන මාතෘකාව ගැන උඩින් පල්ලෙන් හෝ කතා කරන්න.

මර්සලින් ජයකොඩි පියතුමා

සිංහල කි්රස්තියානි සාහිත්‍ය වංශයේ පුරෝගාමියා ඉන්දියාවේ ගෝව ප්‍රදේශයෙන් මෙරටට ආ, කොංකණි නමැති ප්‍රාදේශික ඉන්දීය භාෂාව මවු බස කරගත්, බ්‍රහ්මණ වංශික ගොන්සාල්වෙස් පියතුමා බව මෙතන ඉන්න කවුරුත් දන්න දෙයක්.

පියතුමා ශී‍්‍ර ලංකාව ට ඇවිත් බෞද්ධ භික්ෂුන් ගෙන් හා දෙමළ පඩිවරුන් ගෙන් සිංහල, දෙමළ යන දේශීය භාෂා ඉගෙන ගෙන ධර්ම ප්‍රචාරය සඳහා සිංහල සහ දෙමළ කුඩා පොත් විශාල සංඛ්‍යාවක් රචනා කළා.

ඒවා ධර්ම ප්‍රචාරය සඳහා ලියපු පොත් වුණත් සාහිත්‍යමය වශයෙනුත් අගය කළ හැකි පොත්. ඒ අතරිනුත් හොඳ ම පොත් දෙක හැටියට මං දකින්නෙ කි්රස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අළලා රචිත ‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ සහ ‘දේශනා නවයේ පසමි පොත’. මේ පොත්වලදී ගොන්සාල්වෙස් පියතුමා සිංහල භාෂාව නිර්මාණාත්මක විදියට භාවිත කරන්නේ විදේශිකයෙක් හැටියට නෙමෙයි. මේ පොළොවෙ ම උපන් ප්‍රතිභාපූර්ණ සිංහල කවියෙක් හැටියට.

’දුක්ප්‍රාප්ති ප්‍රසංගයෙන්’ සහ ‘දේශනා නවයේ පසමි පොතෙන්’ උපුටා ගත් කෙටි නිදර්ශන දෙකකින් පමණක් වුණත් ඒ කාරණාව ඔප්පු කරන්ට පුළුවන්. ‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ නමැති කුඩා පොතේ කුරුසියේ ඇණ ගැසූ කි්රස්තුන් වහන්සේ දිහා බලාගෙන මරිය මවුන් කරන කන්නලව්ව අතිශය භාවාත්මක යි.

”මගේ දේව කුමාරයෙනි, ඔබ උපන් වේලාවේ ඇති වුණු තනිවීම ඉතා ලොකුය කියා සිතුවෙමි. එසේ නමුත් දැන් ඔබ උකුත් වූ වේලාවේ ඇතුව තිබෙන ආත්තු නැතිකම ඊටත් වැඩිව තිබෙන්නේ වේ ද?

ඒ වෙලාවේ සීතලෙන් වෙවුලන ඔබගේ ළාබාල ශරීරයට පොරවන්නට කඩමළු රෙද්දක්වත් තිබුණේ ය. දැන් ඔබගේ මළකඳ මුවා කරන්ට එපමණවත් ආධාරයක් නැත. ඒ වේලාවේ ඔබ පිදුරු පිට පුනවන්ටත් මගේ උකුළට වඩවා ගන්නටත් මගේ තනෙන් කිරි පොවන්නටත් පුළුවන් වුණා ය.

දැන් ඔබ කුරුසයෙන් බා ගන්නටත් උකුළට වඩවා ගන්නටත් වළක් කොටා පුනවා තියන්ටත් කිසි වාරුවක් නැත. අයියෝ මගේ ආන්තු නැති කුමාරයා. අයියෝ මාගේ තනිවෙච්ච කුමාරයා.”

අවුරුදු දහස් ගාණක් තිස්සේ සිංහල භාෂාව සකස් වුණේ බුදු ගුණ කියන්ට මිසක් කිතු ගුණ හෝ කිතු දහම කියන්ට නෙවෙයි. ඒත් ගොන්සාල්වේස් පියතුමා ඉතා අපූරුව ට ඒ බුදු ගුණ හා බුදු බණ කියන්ට සකස් වූ සිංහල භාෂාවෙන් කිතු ගුණ සහ කිතු බණ කියා තිබෙනවා. මේ බලන්න දේශනා නවයේ පසමි පොතේ ‘දේව මෑණියන්ගේ වැලැපිල්ලෙන්’ උපුටා දක්වන මේ කවිය කොයි තරම් විශිෂ්ට ද කියලා.

එඩ්මන් පීරිස් පියතුමා

සුර ලොවිනේ බැස මෙදිනේ

මවු කුසිනේ බිහි වෙමිනේ

කුඹු දෙතනේ කිරි බොමිනේ

මිණි ලෙසිනේ වැඩුණු තැනේ

දිලෙන රනේ රුව ලෙසිනේ

මල් උයනේ සිටිය දිනේ

මෙම මරණේ ඔබට වුණේ

කිමද අනේ සුර රජුනේ

රන් කෙදි සේ වරල දිසේ

රන් රඹ සේ ගහණ රැස

නිල් මිණි සේ සොබන ඇසේ

සවන දිසේ විදුලිය සේ

රන් රුව සේ ගත වෙන සේ

රුහිරු මෙසේ අසන ලෙසේ

මෙපණ ලසේ ගිය විලසේ

හැම දවසේ වාම් කෙසේ

ගොන්සාල්වේස් පියතුමන් ගෙන් පස්සෙ කිතුනු ලේඛකයන් කීප දෙනෙක් ම පොත පත ලිව්වත් වඩාත් විශිෂ්ට මෙහෙයක් කළ තැනැත්තා ලෙස පෙනෙන්නේ එඩ්මන් පීරිස් රදගුරුතුමා යි.

ඇත්තෙන් ම එතුමා ඉදිරිපත් නොවන්ට ගොන්සාල්වේස් සාහිත්‍ය, කිතුනුවනට අහිමි වන්නට තිබුණ. ගොන්සාල්වේස් පියතුමා රචනා කළ ‘පද්යම ය කිතු සිරිත’, ‘වේද කාව්‍යය’සහ ‘දේව වේද පුරාණය’ වගේ පොත් ශුද්ධ කරලා පළ කළේ එතුමායි.

ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා 10 ක් 12 ක් දැන සිටි පීිරිස් රදගුරුතුමා ගේ ‘ඕලන්ද සමයේ ලංකාවේ ශුද්ධ වූ සභාවේ ඉතිහාසය’, ‘සිංහල කි‍්‍රස්තියානු සාහිත්‍ය වංශය’, ‘දෙව් මව් පුවත’, ‘සාන්ත ආනා මෑණියෝ’ ආදී ස්වතන්ත්‍ර කෘතිවලිනුත් ප්‍රංශ බසින් සිංහලට පෙරළු ‘පූජා පොත’, ගී්රක බසින් සිංහලට පෙරළු ‘ශුද්ධ වූ මතෙව් සුවිශේෂය, ආදී කෘති වලිනුත් කිතුනු සාහිත්‍යයෙහි පෝෂණයට සිදුවූ සේවය අති විශාල යි.

මේ සියලු පොත් අතරිනුත් සිංහල කි්රස්තියානි සාහිත්‍ය වංශය ඉතා විශිෂ්ට කෘතියක්. හරි නම් එතුමා ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එහි ද්වීතිය භාගය කවුරුන් හෝ කිතුනු ලේඛකයකු විසින් රචනා කළ යුතුව තිබුණා. ඒත් අද දක්වාත් එවැනි වෑයමක් දැරූ බවක් දැනගන්නට නැහැ.

පීරිස් රදගුරුතුමන් ගේ කිතුනු සාහිත්‍ය සේවාව වැඩි වශයෙන් ශාස්තී‍්‍රය අංශයට නැඹුරු වූ සේවාවක්. එහෙත් ඉන් අනතුරුව කි්රස්තියානි සාහිත්‍යය වංශයෙහි කැපී පෙනෙන තැනැත්තා නිර්මාණාත්මක අංශයට නැඹුරු වූ කෙනෙක්. එතුමා මර්සලීන් ජයකොඩි පියතුමා.

අදටත් කි්රස්තියානි සාහිත්‍ය වංශයෙහි විශිෂ්ටත ම නිර්මාණකරුවා හැටියට මම නං තක්සේරු කරන්නේ මර්සලින් ජයකොඩි පියතුමාවයි. උන්වහන්සේ නිර්මාණකරණයට එළැඹුණු කි‍්‍ර.ව. 1934 දි පටන්. කැරොල්, පසමි, කන්තාරු විෂයයෙහි එතුමා ගේ දායකත්වය විශිෂ්ටයි.

කැකුළු කිනිති, මල් කුමාරි, මංගලී, තුන් කැකුළ, කැරොලිනා, රෝස හිත, යාගී, සරණ සිරිත, වන මල, යාගිකා, යාගිනි ආදී පුස්තිකාලවල ජයකොඩි පියතුමා ගේ විශිෂ්ට රචනා දැකිය හැකියි. එක ම එක නිදසුනක් ගනිමු.

වධකයන්ගේ වධ හිංසාවට ලක්වූ කි්රස්තුන්වහන්සේ ගැන ජයකොඩි පියනම ගීයක් රචනා කරන්නේ අපගේ හිත් කම්පාවට පත් කරමින්.

අර්නස්ට් පෝරුතොට පියතුමා

සඳ පහනේ පිපි වැටකෙය මල සේ

සුවඳ දිදී තිබිලා

සඳ පහනේ පිපි මානෙල් මල සේ

රුවට රුවේ තිබිලා

සඳ පහනේ කිරි මුහුද වගේ අහො

සුදට සුදේ තිබිලා

ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ

මුහුණ ලෙයින් වැසිලා

ශී‍්‍ර ලංකාවේ ඉපැරණිතම, ආදිත ම නාට්‍ය රචකයන් කතෝලිකයන්. ඒ නිසා කිතුනු නාට්‍ය සාහිත්‍යයක් ද බිහි වී තිබෙනවා. එඩ්මන් පීරිස් රදගුරුතුමා කියන්නේ අපේ ආදිත ම නාඩගම ‘රජ තුන් කට්ටුව‘ කියලා.

මහාචාර්ය සරච්චන්ද්‍ර කියන්නේ ‘ඇහැලෙපොළ නාඩගම’ කියලා. මේ දෙකෙන් කොයික වුණත් ඒව රචනා කරල තියෙන්නේ කතෝලිකයන්. ගාබි්රයෙල් ප්‍රනාන්දු හෝ පිලිප්පු සික්ඤෙ¤ යි. එපමණක් නෙවෙයි ශී‍්‍ර ලංකාවේ ප්‍රථම බෞද්ධ නාඩගම වන ‘කුස නාඩගම’ 1870 දී රචනා කරල තියෙන්නෙත් කතෝලික රචකයෙක්.

ඔහු ජේසුස් වහන්සේ ගෙන් අවසර අරගෙන ජාතක කතාවක් නාට්‍යයට නඟනවා. මේවා අපේ සාහිත්‍යය ඉතිහාසයේ සිදුවූ අපූරු සිදුවීම්.

නාට්‍ය සාහිත්‍යය ගැන කතා කරනකොට 1922 සිට 1939 දක්වා බොරලැස්ස පාස්කු නාට්‍ය රඟ දැක්වූ කේ. ලෝරන්ස් පෙරේරා සංගීතඥයා වාගේ ම මුඛ පරම්පරාගතව ආ ගොන්සාල්වේස් ගී තනු ස්වර ලිපිවලට තනා සංරක්ෂණය කර තැබූ සංගීතඥයකු හා විශ්‍රාමලත් විදුහල්පතිවරයකු වූ නයිනමඩමේ ජේ.එක්.එස්. පෙරේරා විසින් කරන ලද සේවාවන් අමතක කරන්ට බැහැ.

ඩබ්ලිව්.එල්.ඒ. දොන් පීටර් පියනම පෘතුගාලයේ ලිස්බන් අගනුවර කෞතුකාගාරයේ දී ගොන්සාල්වේස් අත්පිටපත් සියැසින් දැක ගත් ප්‍රථම ශී‍්‍ර ලාංකිකයායි. එතුමා ඒවා දැක හඳුනාගත්තා පමණක් නෙමෙයි මෙරට නොතිබුණු ගොන්සාල්වේස් කෘති වන ‘ඥානාංජනය’ ‘අඥාන ඖෂධය’ ආදිය සොයා ගෙනැවිත් මුද්‍රණය කිරීමටත් උත්සුක වුණා.

දොන් පීටර් පියනම වඩාත් ජනපි‍්‍රය වුණේ ළමා හා යොවුන් සාහිත්‍ය රචකයෙක් හැටියට. ඒත් යටත් විජිත යුගයේ කතෝලික ආගමේ විකාශය ගැන ලියූ ‘ලක්දිව කතෝලික උදාව‘, ‘ලක්දිව කතෝලික පීඩන සමය’, ‘ලක්දිව කතෝලික ව්‍යාප්ති සමය’ වැනි කෘතී, කි්රස්තියානි අධ්‍යාපනය ගැන ලියූ ‘පෘතුගීසින් යටතේ ලංකාවේ අධ්‍යාපනය’ ‘බෞද්ධ සහ බෙනදික්තීන තාපස අධ්‍යාපනය’ වැනි කෘතීන් කැපී පෙනෙනවා.

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන් විසින් පරිවර්තිත ‘ජේසු සමිඳුන් භාරතයේ’ වැනි කෘති වාගේ ම ‘ළමා බයිබලය’, ‘යොවුන් බයිබලය’ වැනි කෘති ද ‘මහෝපදේශය’, ‘සිංහලයේ කිතුනු උරුමය’, ‘මග හොඳට තිබේනම්’, ‘ශුද්ධ ආනා තුමියගේ ජීවන කතාව සහිත සන්තානා චරිතය’ වැනි කෘති ද කිතුනු සාහිත්‍ය පෝෂණයට ඉවහල් වී තිබෙනවා.

අර්නස්ට් පෝරුතොට නාමය වඩාත් සම්බන්ධ වන්නේ කි්රස්තියානි සාහිත්‍යයට නෙවෙයි. සිනමා සාහිත්යයටයි. සිනමාවේ උන්වහන්සේ ගේ භූමිකාව කොයිතරම් ප්‍රබල ද ජනපි‍්‍රය ද කියනවා නම් උන්වහන්සේ කි්රස්තියානි සාහිත්‍යය අළලා, ‘කිතුනු පෙරළිය’, ‘වතිකානු කතිකා’, ‘පූජාව‘, ‘මීසම’ ආදි කෘති ගණනාවක් ලියා ඇති බව බොහෝ දෙනා දන්නෙත් නෑ.

තිස්ස බාලසූරිය පියනම කිතුනු සාහිත්‍ය ක්ෂේත්රයේ කැරැලිකාර චරිතයක්. එතුමා රචනා කළ ‘මරිය තුමිය සහ මානව විමුක්තිය’ නමැති පොත කියවීමෙන් වළකින ලෙස ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනයට කිතු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් පවා කරන්නට සිදුවුණා.

ඒ විශ්වාසයට හානිකර යැයි රදගුරු මණ්ඩලය විශ්වාස කළ නිසා බොහෝ වාද විවාදවලින් අනතුරුව මේ තහනම ඉවත් කෙරුණා. ‘දිව්‍ය පූජාව හා මානව විමුක්තිය’, ‘විමුක්ති ආධ්‍යාත්මිකත්වය’, ‘කි්රස්තුන් වහන්සේ සහ මානව විමුක්තිය’ තිස්ස බාලසූරිය පියනම ගේ කෘති මාලාවෙන් කිහිපයක්.

ඩී.ජේ. ඇන්තනි පියනම, ‘පැවිදි ජීවිතය පිළිබඳ සුහද සිතුවිලි’, ‘පුරාණ ගිවිසුමේ කතාන්දරය’, ‘කතෝලික ධර්මෝපදේශයේ භාවිතාව‘, ‘කතෝලිකයන්ට ප්‍රයෝජනවත් වචන මාලාව‘ ආදි සාහිත්‍ය ග්රන්ථ රැසක් ද ෆ්රෑන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරුතුමා ‘මතක මිටක්’, ‘කන්නලව්ව‘, ‘සැනසිල්ල’, ‘ඇවිටිල්ල’ ආදි කිතුනු සාහිත්‍ය ග්රන්ථ රැසක් ද රචනා කර තිබෙනවා.

මා මෙතෙක් සඳහන් කළ ‘කිතුනු සාහිත්‍ය පෝෂණයට දායක වූ සාහිත්‍යධරයන්’ ගේ නාම ලේඛනයේ වැඩිපුර ම තිබුණේ පැවිදි නම්. ගිහි නම් හැටියට සඳහන් වුණේ ජේ.කේ.එස්. පෙරේරා, කේ. ලෝරන්ස් පෙරේරා වැනි නම් කිහිපයක් පමණයි.

ඒ ගිහි නම් කිහිපය අතරට නිසැකයෙන් ම එක් කළ යුතු නාමයක් තමයි කේ. ෆ්‍රැන්සිස්. ශී‍්‍ර ලංකාවේ පළමුවැනි චිත්‍රකතා පොතේ කර්තෘවරයා සහ චිත්‍ර ශිල්පියාත් ඔහුයි. 1959 පළවූ මේ පළමුවැනි චිත්‍ර කතා පොතේ ඇත්තේ දස පනත, ශුද්ධ මාටින් තුමා වැනි කිතුනු කතා.

ඔහු ලියු ‘සංඝා’ නමැති කිතුනු ඓතිහාසික නවකතාවෙන් ඔහු කියන්නට තැත් කරන්නේ කි‍්‍ර.ව. 05 සියවස වන විටත් ශී‍්‍ර ලංකාවේ කිතුනුවන් වාසය කළ බවයි. කේ. ෆ්‍රැන්සිස් ගේ සුවාමි පොත් පෙළ, එනම් ‘අපේ සුවාමි’, ‘පුංචි සුවාමි’, ‘මන්ති‍්‍ර සුවාමි’, ‘අන්නවි සුවාමි’, ‘සුවාමි මාමා’, ‘පුංචි සුවාමි මෙසේ කියයි’, ‘මං ලෝගු අරිනව‘ ආදී වූ පොත් මෙන් ම ‘සිස්ටර් ලුසී ලෝගු අරී’ වැනි පොත් ද එදා මෙදා තුර ජනපි‍්‍රය කිතුනු පොත්.

කිතුනුකමත් සිංහලකමත් එක් කිරීම සඳහා ‘කිතුනු සිංහල’ නමැති කෘතියත් අපෝස්තුවරුන් 12 දෙනාගේ ජීවිත කතා සහිත ‘පොළොවේ ලුණු’ නමැති කෘතියත් ඇතුළු කිතුනු කෘති රැසක් ලියූ ‘ඩී.සී. ජයසිංහ, ‘බයිබල් අකාරාදිය’ පිළියෙල කළ මහාචාර්ය ජී.පී.වී. සෝමරත්න කිතුනු කතුවරුන් ලැයිස්තු ගත කළ බර්නාඩ් ශී‍්‍ර කාන්ත, ලංකා පාස්කු නාට්‍ය නමැති කෘතිය සම්පාදනය කළ විජිත් රොහාන් වැනි ලේඛකයන් ගැනත් අම්පිටියේ ගොන්සාල්වේස් සිංහල ආයතනයෙන් 1955 සිට බිහි වූ මෝසෙස් මොල්ලිගොඩ, හිලේරියන් දිසානායක, ලෙස්ලි ප්‍රනාන්දු, හොන්රි සිල්වා, දොමිනික් පතිරණ, බෙනඩික්ට් ජෝසෆ්, පිලිප් ඇන්තනි, සාර්ටෝ නෝනිස්, ලීනස් මෙන්ඩිස්, සිල්වෙස්ටර් විජේසූරිය, ෆ්‍රැන්සිස් නිකලස් සේනානායක, දයා වැලිකඩ ආරච්චි, සිරිල් ගාමිණි, සිසිල් පෙරේරා, ජයලත් බලගල්ල, හිලරි පීරිස්, තිමති කොළමුණේ, ජූඩ් දිසානායක, ෆී්රලි මුතුකුඩආරච්චි, ජේ.කේ. ලෙනාඩ් ඩේමියන් ආදි පියවරුන් ගැනත් නාමික වශයෙන් හෝ මෙහිලා සඳහන් කළ යුතු වෙනවා.

සාමයික හෙවත් ආගමික සාහිත්‍යයට ප්‍රමුඛස්ථානය නොදී ජාතික ලේඛකයන් හැටියට සිංහල සාහිත්‍යයේ උන්නතියට දායක වන කිතුනු ලේඛකයන් නම් රාශියක් සිටිනවා. ඒ නීල් විජේරත්න, සුනිල් මිහිඳුකුල, ඈෂ්ලී රත්න විභූෂණ වැනි ලේඛකයන්.

‘කිතුනු සාහිත්‍ය පෝෂණයට දායක වූ සාහිත්‍යධරයෝ’ යන මාතෘකාවට විනාඩි 15 කින් සාධාරණයක් ඉෂ්ට කරන්ට බැහැ. ඒ නිසා කිව යුතු බොහෝ නම් ගම් මගේ දේශනයෙන් හැළී යන්නට ඇති.

එසේ හැළි යාමට තවත් හේතුවක් තියෙනවා. ඒක තමයි සිංහල භාෂාවෙන් පොතපත ලියූ කිතුනු ලේඛකයන් ගැන විධිමත් ලේඛනයක්, පොතක් පතක්, පර්යේෂණයක් මේ දක්වා සම්පාදනය වී නොතිබීම. එබඳු පොතපත සම්පාදනයට කිතුනු පූජකවරු, කිතුනු ලේඛකයෝ උත්සුක නොවන්නේ ඇයි?

සමස්තයක් හැටියට ගත්ත ම දේශීය කිතුනු ශාසනයේ අතීතයත් එක්ක සසඳ්‍ර බැලුවහම, නිර්මාණාත්මක කටයුතු සම්බන්ධයෙන් කිතු සසුනේ තියෙන්නේ පසු බෑමක්. නිද්‍රෝපගත බවක්.

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමා එදා කතෝලික මුද්‍රණාලයේ මුල් පුටුවෙ ඉන්න කාලෙ සිංහල කි්රස්තියානි සාහිත්‍යයක් බිහි කරන්ට ලොකු වෑයමක් දැරුවා. කිතුනු ලේඛකයන් ලවා පොත් රචනා කරවා ගෙන ‘පහන් පොත්’ නමින් පොත් පෙළක් පළ කළා. ‘නොදැන කළ පාපය’, ‘සුවඳ ලාටු’, ‘කතා මල්දම’, ‘කතා විනෝදය’ විතරක් නෙවෙයි කිතුනු ගායකයකු වූ සී.ටී. ප්‍රනාන්දු ගේ ගීත සහිත ‘සී.ටී. හඬ’ නමැති පොත පළවුණෙත් පහන් පොත් පෙළ යටතේ. ‘ප්‍රදීප පොත්’ නමින් තවත් කුඩා පොත් මාලාවක් පළ කළා.

ඊට පසු කාලෙකදි ‘මුද්‍රාංකණ සතිය’ නමින් කතෝලික සාහිත්‍ය සතියකුත් පවත්වන්ට යෙදුණා. ‘මුද්‍රාංකණ ඉරිදා’ නමින් හැඳින් වූ ඉරිදා දවස්වලට කතෝලික ළමයි කතෝලික පොත් ගෝණියක් අරන් ගෙයින් ගෙට ගිහින් පොත් විකිණුවා. පොත් නොකියවන අයත් මේ ළමයින්ට උදව්වක් හැටියට පොතක් පතක් මිලදී ගත්තා. එහෙමයි ඒ කාලෙ තිබිච්ච කිතුනු සාහිත්‍ය ප්රබෝධය.

මේ කටයුතු කෙරුණේ ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යංශයක්වත් කි්රස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවක්වත් නැති කාලෙක. එහෙම නම් අද එදාට වැඩියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෙ, රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙන නිසා.

Source : http://www.silumina.lk/punkalasa/20081221/_art.asp?fn=ar0812216

[QUOTE="තොත්ත බබා, post: 10867400, member: 366296"] [b]කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ[/b] මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කළ දේශනයකි. ශී‍්‍ර ලාංකේය ඉංගී්රසි කිතුනු සාහිත්‍ය අමතක කරලා සිංහල කිතුනු සාහිත්‍ය පෝෂණයට දායක වූ සාහිත්‍යධරයන් ගේ නාම ලේඛනය විතරක් කියවගෙන ගියත් විනාඩි පහළොවකින් ඉවර කරන්න බැහැ. ඒ නිසා මේ මාතෘකාවට, ඒ කිතුනු ලේඛකයන්ට මගේ කතාවෙන් ලොකු අසාධාරණයක් සිද්ධවෙන එක නො අනුමානයි. ඒත් කරන්ට දෙයක් නැහැ. මම මේ විනාඩි පහළොවේදි උත්සාහ කරන්නේ ප්‍රධාන ලේඛකයන් දෙතුන් දෙනෙක් හෝ තෝරාගෙන මාතෘකාව ගැන උඩින් පල්ලෙන් හෝ කතා කරන්න. මර්සලින් ජයකොඩි පියතුමා [IMG]http://www.silumina.lk/punkalasa/20081221/ar0812216-1.jpg[/IMG] සිංහල කි්රස්තියානි සාහිත්‍ය වංශයේ පුරෝගාමියා ඉන්දියාවේ ගෝව ප්‍රදේශයෙන් මෙරටට ආ, කොංකණි නමැති ප්‍රාදේශික ඉන්දීය භාෂාව මවු බස කරගත්, බ්‍රහ්මණ වංශික ගොන්සාල්වෙස් පියතුමා බව මෙතන ඉන්න කවුරුත් දන්න දෙයක්. පියතුමා ශී‍්‍ර ලංකාව ට ඇවිත් බෞද්ධ භික්ෂුන් ගෙන් හා දෙමළ පඩිවරුන් ගෙන් සිංහල, දෙමළ යන දේශීය භාෂා ඉගෙන ගෙන ධර්ම ප්‍රචාරය සඳහා සිංහල සහ දෙමළ කුඩා පොත් විශාල සංඛ්‍යාවක් රචනා කළා. ඒවා ධර්ම ප්‍රචාරය සඳහා ලියපු පොත් වුණත් සාහිත්‍යමය වශයෙනුත් අගය කළ හැකි පොත්. ඒ අතරිනුත් හොඳ ම පොත් දෙක හැටියට මං දකින්නෙ කි්රස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අළලා රචිත ‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ සහ ‘දේශනා නවයේ පසමි පොත’. මේ පොත්වලදී ගොන්සාල්වෙස් පියතුමා සිංහල භාෂාව නිර්මාණාත්මක විදියට භාවිත කරන්නේ විදේශිකයෙක් හැටියට නෙමෙයි. මේ පොළොවෙ ම උපන් ප්‍රතිභාපූර්ණ සිංහල කවියෙක් හැටියට. ’දුක්ප්‍රාප්ති ප්‍රසංගයෙන්’ සහ ‘දේශනා නවයේ පසමි පොතෙන්’ උපුටා ගත් කෙටි නිදර්ශන දෙකකින් පමණක් වුණත් ඒ කාරණාව ඔප්පු කරන්ට පුළුවන්. ‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ නමැති කුඩා පොතේ කුරුසියේ ඇණ ගැසූ කි්රස්තුන් වහන්සේ දිහා බලාගෙන මරිය මවුන් කරන කන්නලව්ව අතිශය භාවාත්මක යි. ”මගේ දේව කුමාරයෙනි, ඔබ උපන් වේලාවේ ඇති වුණු තනිවීම ඉතා ලොකුය කියා සිතුවෙමි. එසේ නමුත් දැන් ඔබ උකුත් වූ වේලාවේ ඇතුව තිබෙන ආත්තු නැතිකම ඊටත් වැඩිව තිබෙන්නේ වේ ද? ඒ වෙලාවේ සීතලෙන් වෙවුලන ඔබගේ ළාබාල ශරීරයට පොරවන්නට කඩමළු රෙද්දක්වත් තිබුණේ ය. දැන් ඔබගේ මළකඳ මුවා කරන්ට එපමණවත් ආධාරයක් නැත. ඒ වේලාවේ ඔබ පිදුරු පිට පුනවන්ටත් මගේ උකුළට වඩවා ගන්නටත් මගේ තනෙන් කිරි පොවන්නටත් පුළුවන් වුණා ය. දැන් ඔබ කුරුසයෙන් බා ගන්නටත් උකුළට වඩවා ගන්නටත් වළක් කොටා පුනවා තියන්ටත් කිසි වාරුවක් නැත. අයියෝ මගේ ආන්තු නැති කුමාරයා. අයියෝ මාගේ තනිවෙච්ච කුමාරයා.” අවුරුදු දහස් ගාණක් තිස්සේ සිංහල භාෂාව සකස් වුණේ බුදු ගුණ කියන්ට මිසක් කිතු ගුණ හෝ කිතු දහම කියන්ට නෙවෙයි. ඒත් ගොන්සාල්වේස් පියතුමා ඉතා අපූරුව ට ඒ බුදු ගුණ හා බුදු බණ කියන්ට සකස් වූ සිංහල භාෂාවෙන් කිතු ගුණ සහ කිතු බණ කියා තිබෙනවා. මේ බලන්න දේශනා නවයේ පසමි පොතේ ‘දේව මෑණියන්ගේ වැලැපිල්ලෙන්’ උපුටා දක්වන මේ කවිය කොයි තරම් විශිෂ්ට ද කියලා. එඩ්මන් පීරිස් පියතුමා [IMG]http://www.silumina.lk/punkalasa/20081221/ar0812216-2.jpg[/IMG] සුර ලොවිනේ බැස මෙදිනේ මවු කුසිනේ බිහි වෙමිනේ කුඹු දෙතනේ කිරි බොමිනේ මිණි ලෙසිනේ වැඩුණු තැනේ දිලෙන රනේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේ මෙම මරණේ ඔබට වුණේ කිමද අනේ සුර රජුනේ රන් කෙදි සේ වරල දිසේ රන් රඹ සේ ගහණ රැස නිල් මිණි සේ සොබන ඇසේ සවන දිසේ විදුලිය සේ රන් රුව සේ ගත වෙන සේ රුහිරු මෙසේ අසන ලෙසේ මෙපණ ලසේ ගිය විලසේ හැම දවසේ වාම් කෙසේ ගොන්සාල්වේස් පියතුමන් ගෙන් පස්සෙ කිතුනු ලේඛකයන් කීප දෙනෙක් ම පොත පත ලිව්වත් වඩාත් විශිෂ්ට මෙහෙයක් කළ තැනැත්තා ලෙස පෙනෙන්නේ එඩ්මන් පීරිස් රදගුරුතුමා යි. ඇත්තෙන් ම එතුමා ඉදිරිපත් නොවන්ට ගොන්සාල්වේස් සාහිත්‍ය, කිතුනුවනට අහිමි වන්නට තිබුණ. ගොන්සාල්වේස් පියතුමා රචනා කළ ‘පද්යම ය කිතු සිරිත’, ‘වේද කාව්‍යය’සහ ‘දේව වේද පුරාණය’ වගේ පොත් ශුද්ධ කරලා පළ කළේ එතුමායි. ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා 10 ක් 12 ක් දැන සිටි පීිරිස් රදගුරුතුමා ගේ ‘ඕලන්ද සමයේ ලංකාවේ ශුද්ධ වූ සභාවේ ඉතිහාසය’, ‘සිංහල කි‍්‍රස්තියානු සාහිත්‍ය වංශය’, ‘දෙව් මව් පුවත’, ‘සාන්ත ආනා මෑණියෝ’ ආදී ස්වතන්ත්‍ර කෘතිවලිනුත් ප්‍රංශ බසින් සිංහලට පෙරළු ‘පූජා පොත’, ගී්රක බසින් සිංහලට පෙරළු ‘ශුද්ධ වූ මතෙව් සුවිශේෂය, ආදී කෘති වලිනුත් කිතුනු සාහිත්‍යයෙහි පෝෂණයට සිදුවූ සේවය අති විශාල යි. මේ සියලු පොත් අතරිනුත් සිංහල කි්රස්තියානි සාහිත්‍ය වංශය ඉතා විශිෂ්ට කෘතියක්. හරි නම් එතුමා ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එහි ද්වීතිය භාගය කවුරුන් හෝ කිතුනු ලේඛකයකු විසින් රචනා කළ යුතුව තිබුණා. ඒත් අද දක්වාත් එවැනි වෑයමක් දැරූ බවක් දැනගන්නට නැහැ. පීරිස් රදගුරුතුමන් ගේ කිතුනු සාහිත්‍ය සේවාව වැඩි වශයෙන් ශාස්තී‍්‍රය අංශයට නැඹුරු වූ සේවාවක්. එහෙත් ඉන් අනතුරුව කි්රස්තියානි සාහිත්‍යය වංශයෙහි කැපී පෙනෙන තැනැත්තා නිර්මාණාත්මක අංශයට නැඹුරු වූ කෙනෙක්. එතුමා මර්සලීන් ජයකොඩි පියතුමා. අදටත් කි්රස්තියානි සාහිත්‍ය වංශයෙහි විශිෂ්ටත ම නිර්මාණකරුවා හැටියට මම නං තක්සේරු කරන්නේ මර්සලින් ජයකොඩි පියතුමාවයි. උන්වහන්සේ නිර්මාණකරණයට එළැඹුණු කි‍්‍ර.ව. 1934 දි පටන්. කැරොල්, පසමි, කන්තාරු විෂයයෙහි එතුමා ගේ දායකත්වය විශිෂ්ටයි. කැකුළු කිනිති, මල් කුමාරි, මංගලී, තුන් කැකුළ, කැරොලිනා, රෝස හිත, යාගී, සරණ සිරිත, වන මල, යාගිකා, යාගිනි ආදී පුස්තිකාලවල ජයකොඩි පියතුමා ගේ විශිෂ්ට රචනා දැකිය හැකියි. එක ම එක නිදසුනක් ගනිමු. වධකයන්ගේ වධ හිංසාවට ලක්වූ කි්රස්තුන්වහන්සේ ගැන ජයකොඩි පියනම ගීයක් රචනා කරන්නේ අපගේ හිත් කම්පාවට පත් කරමින්. අර්නස්ට් පෝරුතොට පියතුමා [IMG]http://www.silumina.lk/punkalasa/20081221/ar0812216-3.jpg[/IMG] සඳ පහනේ පිපි වැටකෙය මල සේ සුවඳ දිදී තිබිලා සඳ පහනේ පිපි මානෙල් මල සේ රුවට රුවේ තිබිලා සඳ පහනේ කිරි මුහුද වගේ අහො සුදට සුදේ තිබිලා ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ මුහුණ ලෙයින් වැසිලා ශී‍්‍ර ලංකාවේ ඉපැරණිතම, ආදිත ම නාට්‍ය රචකයන් කතෝලිකයන්. ඒ නිසා කිතුනු නාට්‍ය සාහිත්‍යයක් ද බිහි වී තිබෙනවා. එඩ්මන් පීරිස් රදගුරුතුමා කියන්නේ අපේ ආදිත ම නාඩගම ‘රජ තුන් කට්ටුව‘ කියලා. මහාචාර්ය සරච්චන්ද්‍ර කියන්නේ ‘ඇහැලෙපොළ නාඩගම’ කියලා. මේ දෙකෙන් කොයික වුණත් ඒව රචනා කරල තියෙන්නේ කතෝලිකයන්. ගාබි්රයෙල් ප්‍රනාන්දු හෝ පිලිප්පු සික්ඤෙ¤ යි. එපමණක් නෙවෙයි ශී‍්‍ර ලංකාවේ ප්‍රථම බෞද්ධ නාඩගම වන ‘කුස නාඩගම’ 1870 දී රචනා කරල තියෙන්නෙත් කතෝලික රචකයෙක්. ඔහු ජේසුස් වහන්සේ ගෙන් අවසර අරගෙන ජාතක කතාවක් නාට්‍යයට නඟනවා. මේවා අපේ සාහිත්‍යය ඉතිහාසයේ සිදුවූ අපූරු සිදුවීම්. නාට්‍ය සාහිත්‍යය ගැන කතා කරනකොට 1922 සිට 1939 දක්වා බොරලැස්ස පාස්කු නාට්‍ය රඟ දැක්වූ කේ. ලෝරන්ස් පෙරේරා සංගීතඥයා වාගේ ම මුඛ පරම්පරාගතව ආ ගොන්සාල්වේස් ගී තනු ස්වර ලිපිවලට තනා සංරක්ෂණය කර තැබූ සංගීතඥයකු හා විශ්‍රාමලත් විදුහල්පතිවරයකු වූ නයිනමඩමේ ජේ.එක්.එස්. පෙරේරා විසින් කරන ලද සේවාවන් අමතක කරන්ට බැහැ. ඩබ්ලිව්.එල්.ඒ. දොන් පීටර් පියනම පෘතුගාලයේ ලිස්බන් අගනුවර කෞතුකාගාරයේ දී ගොන්සාල්වේස් අත්පිටපත් සියැසින් දැක ගත් ප්‍රථම ශී‍්‍ර ලාංකිකයායි. එතුමා ඒවා දැක හඳුනාගත්තා පමණක් නෙමෙයි මෙරට නොතිබුණු ගොන්සාල්වේස් කෘති වන ‘ඥානාංජනය’ ‘අඥාන ඖෂධය’ ආදිය සොයා ගෙනැවිත් මුද්‍රණය කිරීමටත් උත්සුක වුණා. දොන් පීටර් පියනම වඩාත් ජනපි‍්‍රය වුණේ ළමා හා යොවුන් සාහිත්‍ය රචකයෙක් හැටියට. ඒත් යටත් විජිත යුගයේ කතෝලික ආගමේ විකාශය ගැන ලියූ ‘ලක්දිව කතෝලික උදාව‘, ‘ලක්දිව කතෝලික පීඩන සමය’, ‘ලක්දිව කතෝලික ව්‍යාප්ති සමය’ වැනි කෘතී, කි්රස්තියානි අධ්‍යාපනය ගැන ලියූ ‘පෘතුගීසින් යටතේ ලංකාවේ අධ්‍යාපනය’ ‘බෞද්ධ සහ බෙනදික්තීන තාපස අධ්‍යාපනය’ වැනි කෘතීන් කැපී පෙනෙනවා. අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන් විසින් පරිවර්තිත ‘ජේසු සමිඳුන් භාරතයේ’ වැනි කෘති වාගේ ම ‘ළමා බයිබලය’, ‘යොවුන් බයිබලය’ වැනි කෘති ද ‘මහෝපදේශය’, ‘සිංහලයේ කිතුනු උරුමය’, ‘මග හොඳට තිබේනම්’, ‘ශුද්ධ ආනා තුමියගේ ජීවන කතාව සහිත සන්තානා චරිතය’ වැනි කෘති ද කිතුනු සාහිත්‍ය පෝෂණයට ඉවහල් වී තිබෙනවා. අර්නස්ට් පෝරුතොට නාමය වඩාත් සම්බන්ධ වන්නේ කි්රස්තියානි සාහිත්‍යයට නෙවෙයි. සිනමා සාහිත්යයටයි. සිනමාවේ උන්වහන්සේ ගේ භූමිකාව කොයිතරම් ප්‍රබල ද ජනපි‍්‍රය ද කියනවා නම් උන්වහන්සේ කි්රස්තියානි සාහිත්‍යය අළලා, ‘කිතුනු පෙරළිය’, ‘වතිකානු කතිකා’, ‘පූජාව‘, ‘මීසම’ ආදි කෘති ගණනාවක් ලියා ඇති බව බොහෝ දෙනා දන්නෙත් නෑ. තිස්ස බාලසූරිය පියනම කිතුනු සාහිත්‍ය ක්ෂේත්රයේ කැරැලිකාර චරිතයක්. එතුමා රචනා කළ ‘මරිය තුමිය සහ මානව විමුක්තිය’ නමැති පොත කියවීමෙන් වළකින ලෙස ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනයට කිතු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් පවා කරන්නට සිදුවුණා. ඒ විශ්වාසයට හානිකර යැයි රදගුරු මණ්ඩලය විශ්වාස කළ නිසා බොහෝ වාද විවාදවලින් අනතුරුව මේ තහනම ඉවත් කෙරුණා. ‘දිව්‍ය පූජාව හා මානව විමුක්තිය’, ‘විමුක්ති ආධ්‍යාත්මිකත්වය’, ‘කි්රස්තුන් වහන්සේ සහ මානව විමුක්තිය’ තිස්ස බාලසූරිය පියනම ගේ කෘති මාලාවෙන් කිහිපයක්. ඩී.ජේ. ඇන්තනි පියනම, ‘පැවිදි ජීවිතය පිළිබඳ සුහද සිතුවිලි’, ‘පුරාණ ගිවිසුමේ කතාන්දරය’, ‘කතෝලික ධර්මෝපදේශයේ භාවිතාව‘, ‘කතෝලිකයන්ට ප්‍රයෝජනවත් වචන මාලාව‘ ආදි සාහිත්‍ය ග්රන්ථ රැසක් ද ෆ්රෑන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරුතුමා ‘මතක මිටක්’, ‘කන්නලව්ව‘, ‘සැනසිල්ල’, ‘ඇවිටිල්ල’ ආදි කිතුනු සාහිත්‍ය ග්රන්ථ රැසක් ද රචනා කර තිබෙනවා. මා මෙතෙක් සඳහන් කළ ‘කිතුනු සාහිත්‍ය පෝෂණයට දායක වූ සාහිත්‍යධරයන්’ ගේ නාම ලේඛනයේ වැඩිපුර ම තිබුණේ පැවිදි නම්. ගිහි නම් හැටියට සඳහන් වුණේ ජේ.කේ.එස්. පෙරේරා, කේ. ලෝරන්ස් පෙරේරා වැනි නම් කිහිපයක් පමණයි. ඒ ගිහි නම් කිහිපය අතරට නිසැකයෙන් ම එක් කළ යුතු නාමයක් තමයි කේ. ෆ්‍රැන්සිස්. ශී‍්‍ර ලංකාවේ පළමුවැනි චිත්‍රකතා පොතේ කර්තෘවරයා සහ චිත්‍ර ශිල්පියාත් ඔහුයි. 1959 පළවූ මේ පළමුවැනි චිත්‍ර කතා පොතේ ඇත්තේ දස පනත, ශුද්ධ මාටින් තුමා වැනි කිතුනු කතා. ඔහු ලියු ‘සංඝා’ නමැති කිතුනු ඓතිහාසික නවකතාවෙන් ඔහු කියන්නට තැත් කරන්නේ කි‍්‍ර.ව. 05 සියවස වන විටත් ශී‍්‍ර ලංකාවේ කිතුනුවන් වාසය කළ බවයි. කේ. ෆ්‍රැන්සිස් ගේ සුවාමි පොත් පෙළ, එනම් ‘අපේ සුවාමි’, ‘පුංචි සුවාමි’, ‘මන්ති‍්‍ර සුවාමි’, ‘අන්නවි සුවාමි’, ‘සුවාමි මාමා’, ‘පුංචි සුවාමි මෙසේ කියයි’, ‘මං ලෝගු අරිනව‘ ආදී වූ පොත් මෙන් ම ‘සිස්ටර් ලුසී ලෝගු අරී’ වැනි පොත් ද එදා මෙදා තුර ජනපි‍්‍රය කිතුනු පොත්. කිතුනුකමත් සිංහලකමත් එක් කිරීම සඳහා ‘කිතුනු සිංහල’ නමැති කෘතියත් අපෝස්තුවරුන් 12 දෙනාගේ ජීවිත කතා සහිත ‘පොළොවේ ලුණු’ නමැති කෘතියත් ඇතුළු කිතුනු කෘති රැසක් ලියූ ‘ඩී.සී. ජයසිංහ, ‘බයිබල් අකාරාදිය’ පිළියෙල කළ මහාචාර්ය ජී.පී.වී. සෝමරත්න කිතුනු කතුවරුන් ලැයිස්තු ගත කළ බර්නාඩ් ශී‍්‍ර කාන්ත, ලංකා පාස්කු නාට්‍ය නමැති කෘතිය සම්පාදනය කළ විජිත් රොහාන් වැනි ලේඛකයන් ගැනත් අම්පිටියේ ගොන්සාල්වේස් සිංහල ආයතනයෙන් 1955 සිට බිහි වූ මෝසෙස් මොල්ලිගොඩ, හිලේරියන් දිසානායක, ලෙස්ලි ප්‍රනාන්දු, හොන්රි සිල්වා, දොමිනික් පතිරණ, බෙනඩික්ට් ජෝසෆ්, පිලිප් ඇන්තනි, සාර්ටෝ නෝනිස්, ලීනස් මෙන්ඩිස්, සිල්වෙස්ටර් විජේසූරිය, ෆ්‍රැන්සිස් නිකලස් සේනානායක, දයා වැලිකඩ ආරච්චි, සිරිල් ගාමිණි, සිසිල් පෙරේරා, ජයලත් බලගල්ල, හිලරි පීරිස්, තිමති කොළමුණේ, ජූඩ් දිසානායක, ෆී්රලි මුතුකුඩආරච්චි, ජේ.කේ. ලෙනාඩ් ඩේමියන් ආදි පියවරුන් ගැනත් නාමික වශයෙන් හෝ මෙහිලා සඳහන් කළ යුතු වෙනවා. සාමයික හෙවත් ආගමික සාහිත්‍යයට ප්‍රමුඛස්ථානය නොදී ජාතික ලේඛකයන් හැටියට සිංහල සාහිත්‍යයේ උන්නතියට දායක වන කිතුනු ලේඛකයන් නම් රාශියක් සිටිනවා. ඒ නීල් විජේරත්න, සුනිල් මිහිඳුකුල, ඈෂ්ලී රත්න විභූෂණ වැනි ලේඛකයන්. ‘කිතුනු සාහිත්‍ය පෝෂණයට දායක වූ සාහිත්‍යධරයෝ’ යන මාතෘකාවට විනාඩි 15 කින් සාධාරණයක් ඉෂ්ට කරන්ට බැහැ. ඒ නිසා කිව යුතු බොහෝ නම් ගම් මගේ දේශනයෙන් හැළී යන්නට ඇති. එසේ හැළි යාමට තවත් හේතුවක් තියෙනවා. ඒක තමයි සිංහල භාෂාවෙන් පොතපත ලියූ කිතුනු ලේඛකයන් ගැන විධිමත් ලේඛනයක්, පොතක් පතක්, පර්යේෂණයක් මේ දක්වා සම්පාදනය වී නොතිබීම. එබඳු පොතපත සම්පාදනයට කිතුනු පූජකවරු, කිතුනු ලේඛකයෝ උත්සුක නොවන්නේ ඇයි? සමස්තයක් හැටියට ගත්ත ම දේශීය කිතුනු ශාසනයේ අතීතයත් එක්ක සසඳ්‍ර බැලුවහම, නිර්මාණාත්මක කටයුතු සම්බන්ධයෙන් කිතු සසුනේ තියෙන්නේ පසු බෑමක්. නිද්‍රෝපගත බවක්. ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමා එදා කතෝලික මුද්‍රණාලයේ මුල් පුටුවෙ ඉන්න කාලෙ සිංහල කි්රස්තියානි සාහිත්‍යයක් බිහි කරන්ට ලොකු වෑයමක් දැරුවා. කිතුනු ලේඛකයන් ලවා පොත් රචනා කරවා ගෙන ‘පහන් පොත්’ නමින් පොත් පෙළක් පළ කළා. ‘නොදැන කළ පාපය’, ‘සුවඳ ලාටු’, ‘කතා මල්දම’, ‘කතා විනෝදය’ විතරක් නෙවෙයි කිතුනු ගායකයකු වූ සී.ටී. ප්‍රනාන්දු ගේ ගීත සහිත ‘සී.ටී. හඬ’ නමැති පොත පළවුණෙත් පහන් පොත් පෙළ යටතේ. ‘ප්‍රදීප පොත්’ නමින් තවත් කුඩා පොත් මාලාවක් පළ කළා. ඊට පසු කාලෙකදි ‘මුද්‍රාංකණ සතිය’ නමින් කතෝලික සාහිත්‍ය සතියකුත් පවත්වන්ට යෙදුණා. ‘මුද්‍රාංකණ ඉරිදා’ නමින් හැඳින් වූ ඉරිදා දවස්වලට කතෝලික ළමයි කතෝලික පොත් ගෝණියක් අරන් ගෙයින් ගෙට ගිහින් පොත් විකිණුවා. පොත් නොකියවන අයත් මේ ළමයින්ට උදව්වක් හැටියට පොතක් පතක් මිලදී ගත්තා. එහෙමයි ඒ කාලෙ තිබිච්ච කිතුනු සාහිත්‍ය ප්රබෝධය. මේ කටයුතු කෙරුණේ ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යංශයක්වත් කි්රස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවක්වත් නැති කාලෙක. එහෙම නම් අද එදාට වැඩියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෙ, රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙන නිසා. Source : [URL="http://www.silumina.lk/punkalasa/20081221/_art.asp?fn=ar0812216"]http://www.silumina.lk/punkalasa/20081221/_art.asp?fn=ar0812216[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom