Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියමු බලන්න වෙච්ච අතල් සිද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාමර වීරසිංහට ගිය සිකුරාදා විහාරමහාදේවි එකේදී ලැබුණු ඇඟේ මයිල් කෙළින් වෙලා ගූස්බම්ප්ස් වෙන තරමේ අති උග්‍ර ලව් එකක් පිරුණු ක්‍රවුඩ් රෙස්පොන්ස් එක දැක්කම මට හිතුණේ, අවුරුදු 18කට විතර ඉස්සර චාමරලා ඉන්ඩස්ට්‍රියට එනකොට මේ භූමියේ හැසිරීම තිබුණේ මොන වගේ ද කියලා. "චාමරලා බස් ගායකයෝ, මාස් ගායකයෝ, වියළි කලාපේ ගායකයෝ, වේරලියද්දගේ වොයිස් එක කොපි කරගෙන ආපු එකෙක්, චාමර කියන්නේ ගායකයෙක් නෙවෙයි, ටකරං කොන්සට්වලට හොඳයි", ඔය වගේ තැනකයි චාමරලව නගරයේ මිනිස්සු ප්ලේස් කරලා තිබ්බේ. ඒ කාලේ බී එන් එස්, ඉරාජ්, රනිඳු, සෙන්ටිග්‍රේඩ්ස්ලා පවා බැනුම් ඇහුවා, නමුත් ඒ බැනුම් එනකොට නගරයේ තරුණ පිරිස විසින් බී එන් එස්, ඉරාජ්ලව පරිස්සම් කළා. චාමරලා කොළඹ බෝඩරෙන් එළියේ තරුණ පිරිස විසින් පරිස්සම් කළා.

2000 මුල ඉඳන් ලංකාවේ නිව් මියුසික් මූව්මන්ට් එක හැදෙද්දී චාමරලා පිපෙන්න ගත්තේ බස් ආශ්‍රිතව සහ බස්වල වැඩියෙන්ම ප්ලේ වුණු එෆ් එම් චැනල්වල හෝ කැසට්වල. සරලවම කිව්වොත් චාමර හිටියේ කොළඹ බෝඩරෙන් එළියේ. ඩොටේ. බැනුම් අහගෙන හරි මොන මොනා හරි කරගෙන බී එන් එස් ලට ඉරාජ්ලට කොළඹ අස්සේ ටීවි රේඩියෝ චැනල් එක්ක මැච් එකක් ගහගන්න පුළුවන් වුණා. හැබැයි කොළඹ ග්‍රවුන්ඩ් සපෝට් එකක් චාමර වගේ ගායකයෙක්ට ලැබුණේ නෑ. එහෙව් චාමර වීරසිංහ කොළඹ මැද්දේ විහාරමහාදේවි එකේ ස්ටේජ් එකට ෆස්ට් ටයිම් නැගලා “මතකයන් ඔබේ” ඉන්ටලූඩ් එක සරිත් සුරිත් ප්ලේ කරනකොට, හත්දාහක විතර සෙනගක් චිය’ කරද්දී, තමන්ගේ සිංදුව තමන්ගේ වොයිස් එකත් යට කරගෙන ඕඩියන්ස් එකෙන් ඇහෙන්න ගද්දී, චාමර වීරසිංහ වුණත් තමන්ගේ මයික් එක ඔන් ද කියලා ඩබල් චෙක් කරන්න හිතෙන තරමට අන්දුන් කුන්දුන් වෙන එක සාධාරණයි.

ජෝතිපාල ලංකාවේ පීචං ගායකයා වෙලා අමරදේව ප්රබුද්ධ ගායකයා වුණු කාලයක් තිබ්බා. අන්තිමට අමරදේවටයි ජෝතිපාලටයි දෙන්නටම එකම ලේබල් එක “ලෙජන්ඩ්ස්” කියලා අද සමාජයෙන් අලවලා තියෙනවා. තමන්ව ලෙජන්ඩ් කෙනෙක් විදිහට සළකනවා කියන එක, තමන්ගේ සිංදු කියලා දවසකට ලංකාවේ රේඩියෝ චැනල්වල ඉඳන් පාරේ හිඟන්නා දක්වා ගතමන්ට් එකක් හොයාගන්නවා කියන එක, ජෝතිපාල දන්නේ නෑ. එදා කසුන් කල්හාර මාර ගායකයෙක් වෙනකොට භාතිය සන්තුෂ්ලා කලාව විනාස කරන්න ආව පිල්ලි විදිහට බැනුම් ඇහුවා. අද දෙගොල්ලොන්ටම සමාජයෙන් “ලෙජන්ඩ්ස්” ලේබලේ ලැබිලා තියෙනවා. එදා චාමර වීරසිංහලා, දමිත් අසංකලා නගරයට පීචං ගායකයෝ වෙලා හිටියා, අද නගරය චාමර වීරසිංහව බදාගන්නවා. හදවතේ ගායකයා වෙලා ඉන්නවා.

“හදවතේ ගායකයා” ස්ටේටස් එක හුඟක් වෙලාවට ලැබෙන්නේ කර්කෂ ටෙම්ප්ලේට් එකකට වැටෙන මිනිස්සුන්ට. ඒක චාමර වීරසිංහ වුණත්, දමිත් අසංක වුණත්, අලුතින් ඩ්‍රීම් ස්ටා වුණු අංජලී හේරත් වුණත්, අමු ලොන්ලියෙස් වුණත් එකයි. ලංකාවේ දුක් විඳින මිනිස්සුන්ගේ කර්කෂ අඬහැරය, වේරලියද්දගේ, චාමර වීරසිංහගේ, දමිත් අසංකගේ සහ මිනිස්සුන්ට ඉතාම සමීප ගුණදාස කපුගේ ගේ වොයිසස්වල මට ඇහෙනවා. ඒ වොයිසස් අස්සේ තියෙන්නේ ලංකාවේ දූවිල්ල වැදිලා, ඒ දූවිලි පිරුණු හුස්ම ඉහළට අරගෙන උගුරේ ස්වර තන්තුවල ඉඳලා පෙනහැල්ලේ ගර්ත කුටීර වෙනකංම බැඳිලා හීරිලා තුවාල වෙලා වේලුණු වේදනාව. මට හිතෙන්නේ ඒ නිසයි ඒ වොයිස් රේන්ජ් එකට ලංකාවේ මහපොළොවේ වොයිස් එක විදිහට හැමදාම අසීමිත ෆෑන් ලව් එකක් ලැබෙන්නේ. ඒ නිසා තමයි ඒ වොයිස් රේන්ජ් එක සැප කොළඹ වෙනුවට දුර දුෂ්කර ඒරියාවලට පිච් වෙන්නේ. ඒ මිනිස්සු විසින් අදහන ලෙවල් එකට ඒ වොයිස් රේන්ජ් එක එන්නේ. එතකොට අද වෙද්දී ඒක කොළඹින් අක්සෙප්ට් කරන්නේ කොළඹ සැප අඩු වෙලා දුෂ්කර වෙලා නිසා ද? නැත්තං දුර දුෂ්කර මිනිස්සු සැප කොළඹට ඇවිත් පැලපදියං වුණාට තාමත් දුෂ්කර සමයේ නොස්ටැල්ජියාව පපුව අස්සේ තියෙන නිසා ද කියන එක තේරුම් ගන්න අමාරුයි.

මේ දවස්වල අමුක ඩුමුක කොල්ලා හිට්. පෙරේදා හිත ඉල්ලන තරු එකේ ගෙස්ට් කෙනෙක් විදිහට වෙන්නප්පුව මහ පාර අයිනේ අමුක ඩුමුක නටන රුකී කොල්ලා එනවා. එකම එක ඩාන්ස් එකක් ගොයම් ගලවනවා වගේ දානවා. මීට අවුරුදු එකොළහකට කලින් දකුණු කොරියාවේ සයිගේ ගැන්ග්නම් ස්ටයිල් එක භීෂණයක් වුණා. යූටියුබ් රෙකෝඩ්ස් කුඩු කළා. මුළු ලෝකෙම ගැන්ග්නම් ස්ටයිල් ඩාන්ස් එක දැම්මා. ඒ ඩාන්ස් මූව් එක බේස් කරගෙන පෑන් පැන්සල් ටී ෂ’ට් දක්වාම ම’චන්ඩයිසිං පවා හැදුණා. ඒකට මිනිස්සු හිනා වුණා. ඒකේ තිබුණු විකාරරූපී ආතල් එකම තමයි ඒකේ තිබ්බ ආතල් එක. ඊටපස්සේ කරපු එක වැඩක්වත් ඒ ලෙවල් එකෙන් හිට් වුණේ නැති වුණාට, තාමත් සයිගේ කොන්සට්ස්වලට ගිහින් ගැන්ග්නම් ස්ටයිල් නටන්න සෙනග ඉන්නවා. මේ වෙලාවේ මං රුකී කොල්ලාව දකින්නේ නගරයේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන පීරියඩ් එකේ. මිනිස්සුන්ට අපුල පීරියඩ් එකේ. නමුත් හරියට මැච් එකක් ගැහුවොත් රුකීවත් අනාගතේ දවසක මිනිස්සු බදාගනීවි. ඒක ඌට බාරයි. රුකීට ලැබෙන ස්පේස් එක ගෝල්ඩ් මෙඩ්ල් ගත්ත තරුෂිට නොලැබෙන්නේ ඇයි කියන එක ගැන සමාජයට ප්‍රශ්නයක් තියෙනවා. තරුෂිව හිත ඉල්ලන තරු එකට ගෙනල්ලා "තරුෂි, එදා ඔයා රන් පදක්කම දිනාගන්න දිනුම් කණුව ළඟට යන්න ඔන්න මෙන්න තියෙද්දී දුවපු විදිහ මැදට ඇවිල්ලා අපිට කරලා පෙන්නන්න" කියලද අපි තරුෂිගෙන් අහන්නේ? චැට් ප්‍රෝග්‍රෑම්ස් කියන්නේම මිනිස්සුන්ට අමාරුවෙන් අලුත් සතිය පටන්ගන්න කලින් දවසේ රෑ ආතල් දෙන ප්‍රෝග්‍රෑම් සෙග්මන්ට් එකක්. ඒක පඩික්කම් පුරව පුරව ආරූඪ ආතල් දෙන දොරමඬලාව ලෙවල් එකට නොගෙන චැට් ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් එකෙන් බැලුවම, පහුගිය ඉරිදා ප්‍රෝග්‍රෑම් එක මැද්දේ නැටෙන්න ඕන අමුක ඩුමුක තමයි.

යූටියුබ්කාරයෝ විදිහට බ්ලොක් ඇන්ඩ් ඩීනෝ මාර ක්ලාසි වෙන්නත්, වස්ති හෙන පීචං වෙන්නත් මේ මෝමන්ට් එක හදලා තිබ්බට, තව අවුරුදු හෙන ගාණකින් බලන්න, දෙගොල්ලොන්ටම එකම යූටියුබ් ලෙජන්ඩ්ස් ලේබල් එක ලැබිලා තියේවි. අඳෝනා සිංදු කියනවා කියලා බැනුම් අහන සඳුන් පෙරේරා, ඩිමංක වෙල්ලාලගේ, අශාන් ෆනෑන්ඩෝ වගේ ආටිස්ට්ස්ලා සියල්ල අනාගතේ කවදාහරි මේ ලැබෙනවාට වඩා මිනිස්සුන්ගේ ඇගයීම් ලබාවි. සමහරවිට ඒ ඇගයීම් ලැබෙනකොට ඒවා දකින්න ජීවතුන් අතර ඉන්න එකකුත් නැති වේවි. ඒක තමයි ලංකා මහපොළොවේ හැටි.

දුර පළාත්වල තියන එළිමහන් ප්‍රසංග වේදිකාවේ ෂෝ එකක් බලන්න එන දසදහස් ගාණක් සෙනගින් ලැබෙන රෙස්පොන්ස් එකට වඩා ගිය සිකුරාදා කොළඹින් ලැබුණු රෙස්පොන්ස් එක චාමරට කවදාවත් අමතක වෙන්නැති වේවි. ඒත් එක්කම, ලංකාවේ ෆෑන් බේස්වල හැසිරීම පැත්තක ඉඳන් බලන් ඉන්න එකත් වෙන ආතල් එකක්.

මොනා වුණත් චාමර වීරසිංහ කියන්නේ කොළඹට දුර වුණාට පපුවට ළඟ ගායකයෙක්.

- ෂෙනාල් ගුණසේකර -

[QUOTE="chathura414, post: 29417084, member: 496798"] චාමර වීරසිංහට ගිය සිකුරාදා විහාරමහාදේවි එකේදී ලැබුණු ඇඟේ මයිල් කෙළින් වෙලා ගූස්බම්ප්ස් වෙන තරමේ අති උග්‍ර ලව් එකක් පිරුණු ක්‍රවුඩ් රෙස්පොන්ස් එක දැක්කම මට හිතුණේ, අවුරුදු 18කට විතර ඉස්සර චාමරලා ඉන්ඩස්ට්‍රියට එනකොට මේ භූමියේ හැසිරීම තිබුණේ මොන වගේ ද කියලා. "චාමරලා බස් ගායකයෝ, මාස් ගායකයෝ, වියළි කලාපේ ගායකයෝ, වේරලියද්දගේ වොයිස් එක කොපි කරගෙන ආපු එකෙක්, චාමර කියන්නේ ගායකයෙක් නෙවෙයි, ටකරං කොන්සට්වලට හොඳයි", ඔය වගේ තැනකයි චාමරලව නගරයේ මිනිස්සු ප්ලේස් කරලා තිබ්බේ. ඒ කාලේ බී එන් එස්, ඉරාජ්, රනිඳු, සෙන්ටිග්‍රේඩ්ස්ලා පවා බැනුම් ඇහුවා, නමුත් ඒ බැනුම් එනකොට නගරයේ තරුණ පිරිස විසින් බී එන් එස්, ඉරාජ්ලව පරිස්සම් කළා. චාමරලා කොළඹ බෝඩරෙන් එළියේ තරුණ පිරිස විසින් පරිස්සම් කළා. 2000 මුල ඉඳන් ලංකාවේ නිව් මියුසික් මූව්මන්ට් එක හැදෙද්දී චාමරලා පිපෙන්න ගත්තේ බස් ආශ්‍රිතව සහ බස්වල වැඩියෙන්ම ප්ලේ වුණු එෆ් එම් චැනල්වල හෝ කැසට්වල. සරලවම කිව්වොත් චාමර හිටියේ කොළඹ බෝඩරෙන් එළියේ. ඩොටේ. බැනුම් අහගෙන හරි මොන මොනා හරි කරගෙන බී එන් එස් ලට ඉරාජ්ලට කොළඹ අස්සේ ටීවි රේඩියෝ චැනල් එක්ක මැච් එකක් ගහගන්න පුළුවන් වුණා. හැබැයි කොළඹ ග්‍රවුන්ඩ් සපෝට් එකක් චාමර වගේ ගායකයෙක්ට ලැබුණේ නෑ. එහෙව් චාමර වීරසිංහ කොළඹ මැද්දේ විහාරමහාදේවි එකේ ස්ටේජ් එකට ෆස්ට් ටයිම් නැගලා “මතකයන් ඔබේ” ඉන්ටලූඩ් එක සරිත් සුරිත් ප්ලේ කරනකොට, හත්දාහක විතර සෙනගක් චිය’ කරද්දී, තමන්ගේ සිංදුව තමන්ගේ වොයිස් එකත් යට කරගෙන ඕඩියන්ස් එකෙන් ඇහෙන්න ගද්දී, චාමර වීරසිංහ වුණත් තමන්ගේ මයික් එක ඔන් ද කියලා ඩබල් චෙක් කරන්න හිතෙන තරමට අන්දුන් කුන්දුන් වෙන එක සාධාරණයි. ජෝතිපාල ලංකාවේ පීචං ගායකයා වෙලා අමරදේව ප්රබුද්ධ ගායකයා වුණු කාලයක් තිබ්බා. අන්තිමට අමරදේවටයි ජෝතිපාලටයි දෙන්නටම එකම ලේබල් එක “ලෙජන්ඩ්ස්” කියලා අද සමාජයෙන් අලවලා තියෙනවා. තමන්ව ලෙජන්ඩ් කෙනෙක් විදිහට සළකනවා කියන එක, තමන්ගේ සිංදු කියලා දවසකට ලංකාවේ රේඩියෝ චැනල්වල ඉඳන් පාරේ හිඟන්නා දක්වා ගතමන්ට් එකක් හොයාගන්නවා කියන එක, ජෝතිපාල දන්නේ නෑ. එදා කසුන් කල්හාර මාර ගායකයෙක් වෙනකොට භාතිය සන්තුෂ්ලා කලාව විනාස කරන්න ආව පිල්ලි විදිහට බැනුම් ඇහුවා. අද දෙගොල්ලොන්ටම සමාජයෙන් “ලෙජන්ඩ්ස්” ලේබලේ ලැබිලා තියෙනවා. එදා චාමර වීරසිංහලා, දමිත් අසංකලා නගරයට පීචං ගායකයෝ වෙලා හිටියා, අද නගරය චාමර වීරසිංහව බදාගන්නවා. හදවතේ ගායකයා වෙලා ඉන්නවා. “හදවතේ ගායකයා” ස්ටේටස් එක හුඟක් වෙලාවට ලැබෙන්නේ කර්කෂ ටෙම්ප්ලේට් එකකට වැටෙන මිනිස්සුන්ට. ඒක චාමර වීරසිංහ වුණත්, දමිත් අසංක වුණත්, අලුතින් ඩ්‍රීම් ස්ටා වුණු අංජලී හේරත් වුණත්, අමු ලොන්ලියෙස් වුණත් එකයි. ලංකාවේ දුක් විඳින මිනිස්සුන්ගේ කර්කෂ අඬහැරය, වේරලියද්දගේ, චාමර වීරසිංහගේ, දමිත් අසංකගේ සහ මිනිස්සුන්ට ඉතාම සමීප ගුණදාස කපුගේ ගේ වොයිසස්වල මට ඇහෙනවා. ඒ වොයිසස් අස්සේ තියෙන්නේ ලංකාවේ දූවිල්ල වැදිලා, ඒ දූවිලි පිරුණු හුස්ම ඉහළට අරගෙන උගුරේ ස්වර තන්තුවල ඉඳලා පෙනහැල්ලේ ගර්ත කුටීර වෙනකංම බැඳිලා හීරිලා තුවාල වෙලා වේලුණු වේදනාව. මට හිතෙන්නේ ඒ නිසයි ඒ වොයිස් රේන්ජ් එකට ලංකාවේ මහපොළොවේ වොයිස් එක විදිහට හැමදාම අසීමිත ෆෑන් ලව් එකක් ලැබෙන්නේ. ඒ නිසා තමයි ඒ වොයිස් රේන්ජ් එක සැප කොළඹ වෙනුවට දුර දුෂ්කර ඒරියාවලට පිච් වෙන්නේ. ඒ මිනිස්සු විසින් අදහන ලෙවල් එකට ඒ වොයිස් රේන්ජ් එක එන්නේ. එතකොට අද වෙද්දී ඒක කොළඹින් අක්සෙප්ට් කරන්නේ කොළඹ සැප අඩු වෙලා දුෂ්කර වෙලා නිසා ද? නැත්තං දුර දුෂ්කර මිනිස්සු සැප කොළඹට ඇවිත් පැලපදියං වුණාට තාමත් දුෂ්කර සමයේ නොස්ටැල්ජියාව පපුව අස්සේ තියෙන නිසා ද කියන එක තේරුම් ගන්න අමාරුයි. මේ දවස්වල අමුක ඩුමුක කොල්ලා හිට්. පෙරේදා හිත ඉල්ලන තරු එකේ ගෙස්ට් කෙනෙක් විදිහට වෙන්නප්පුව මහ පාර අයිනේ අමුක ඩුමුක නටන රුකී කොල්ලා එනවා. එකම එක ඩාන්ස් එකක් ගොයම් ගලවනවා වගේ දානවා. මීට අවුරුදු එකොළහකට කලින් දකුණු කොරියාවේ සයිගේ ගැන්ග්නම් ස්ටයිල් එක භීෂණයක් වුණා. යූටියුබ් රෙකෝඩ්ස් කුඩු කළා. මුළු ලෝකෙම ගැන්ග්නම් ස්ටයිල් ඩාන්ස් එක දැම්මා. ඒ ඩාන්ස් මූව් එක බේස් කරගෙන පෑන් පැන්සල් ටී ෂ’ට් දක්වාම ම’චන්ඩයිසිං පවා හැදුණා. ඒකට මිනිස්සු හිනා වුණා. ඒකේ තිබුණු විකාරරූපී ආතල් එකම තමයි ඒකේ තිබ්බ ආතල් එක. ඊටපස්සේ කරපු එක වැඩක්වත් ඒ ලෙවල් එකෙන් හිට් වුණේ නැති වුණාට, තාමත් සයිගේ කොන්සට්ස්වලට ගිහින් ගැන්ග්නම් ස්ටයිල් නටන්න සෙනග ඉන්නවා. මේ වෙලාවේ මං රුකී කොල්ලාව දකින්නේ නගරයේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන පීරියඩ් එකේ. මිනිස්සුන්ට අපුල පීරියඩ් එකේ. නමුත් හරියට මැච් එකක් ගැහුවොත් රුකීවත් අනාගතේ දවසක මිනිස්සු බදාගනීවි. ඒක ඌට බාරයි. රුකීට ලැබෙන ස්පේස් එක ගෝල්ඩ් මෙඩ්ල් ගත්ත තරුෂිට නොලැබෙන්නේ ඇයි කියන එක ගැන සමාජයට ප්‍රශ්නයක් තියෙනවා. තරුෂිව හිත ඉල්ලන තරු එකට ගෙනල්ලා "තරුෂි, එදා ඔයා රන් පදක්කම දිනාගන්න දිනුම් කණුව ළඟට යන්න ඔන්න මෙන්න තියෙද්දී දුවපු විදිහ මැදට ඇවිල්ලා අපිට කරලා පෙන්නන්න" කියලද අපි තරුෂිගෙන් අහන්නේ? චැට් ප්‍රෝග්‍රෑම්ස් කියන්නේම මිනිස්සුන්ට අමාරුවෙන් අලුත් සතිය පටන්ගන්න කලින් දවසේ රෑ ආතල් දෙන ප්‍රෝග්‍රෑම් සෙග්මන්ට් එකක්. ඒක පඩික්කම් පුරව පුරව ආරූඪ ආතල් දෙන දොරමඬලාව ලෙවල් එකට නොගෙන චැට් ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් එකෙන් බැලුවම, පහුගිය ඉරිදා ප්‍රෝග්‍රෑම් එක මැද්දේ නැටෙන්න ඕන අමුක ඩුමුක තමයි. යූටියුබ්කාරයෝ විදිහට බ්ලොක් ඇන්ඩ් ඩීනෝ මාර ක්ලාසි වෙන්නත්, වස්ති හෙන පීචං වෙන්නත් මේ මෝමන්ට් එක හදලා තිබ්බට, තව අවුරුදු හෙන ගාණකින් බලන්න, දෙගොල්ලොන්ටම එකම යූටියුබ් ලෙජන්ඩ්ස් ලේබල් එක ලැබිලා තියේවි. අඳෝනා සිංදු කියනවා කියලා බැනුම් අහන සඳුන් පෙරේරා, ඩිමංක වෙල්ලාලගේ, අශාන් ෆනෑන්ඩෝ වගේ ආටිස්ට්ස්ලා සියල්ල අනාගතේ කවදාහරි මේ ලැබෙනවාට වඩා මිනිස්සුන්ගේ ඇගයීම් ලබාවි. සමහරවිට ඒ ඇගයීම් ලැබෙනකොට ඒවා දකින්න ජීවතුන් අතර ඉන්න එකකුත් නැති වේවි. ඒක තමයි ලංකා මහපොළොවේ හැටි. දුර පළාත්වල තියන එළිමහන් ප්‍රසංග වේදිකාවේ ෂෝ එකක් බලන්න එන දසදහස් ගාණක් සෙනගින් ලැබෙන රෙස්පොන්ස් එකට වඩා ගිය සිකුරාදා කොළඹින් ලැබුණු රෙස්පොන්ස් එක චාමරට කවදාවත් අමතක වෙන්නැති වේවි. ඒත් එක්කම, ලංකාවේ ෆෑන් බේස්වල හැසිරීම පැත්තක ඉඳන් බලන් ඉන්න එකත් වෙන ආතල් එකක්. මොනා වුණත් චාමර වීරසිංහ කියන්නේ කොළඹට දුර වුණාට පපුවට ළඟ ගායකයෙක්. - ෂෙනාල් ගුණසේකර - [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom