Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියවපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා බොහොම අපූරුවට..

ස්තුතියි සහෝ..

සංසාර විමුක්තියට බාධා කරන ධර්ම පහක් බුදුපියාණන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ඒවා පංච නීවරණ හැටියටයි හඳුන්වන්නේ. ‘නී’ යනු නිවනයි. ආවරණය යනු බාධා කිරීම යි. නැතහොත් වසා තැබීම යි. නිවන යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ, ‘වාන’ නම් වූ තෘෂ්ණාවෙන් නික්මීම යි. තමන්ගේ පරමාර්ථ හා අරමුණු සියල්ල නිවන කේන්ද්‍ර කොටගෙන පවතින්නේ යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම්, ඔහු බෞද්ධයෙකි. මේ සදාචාර සම්පන්න බුද්ධි සන්ධානය තුළ අනිවාර්යයෙන්ම අත්හළ යුතු සතුරු සංකල්ප පහක් ලෙස, නීවරණ ධර්ම සැලකිය හැකි ය.

කාමච්ඡන්ද

කාමච්ඡන්ද මෙයින් අදහස් කැරෙන්නේ අසීමිත ආශාවයි. ජීවත්වීම සඳහා වුවමනා කරන මූලික ප්‍රත්‍ය කිහිපයක් ඇත. ඇඳුම්, ආහාර පාන, නිවාස, ඖෂධ යනු ඒවා ය. මීට අමතරව අධ්‍යාපන, සන්නිවේදන, ගමනාගමන ආදී අවශ්‍යතා ද ඇත. එම මූලික අවශ්‍යතා මට්ටම ඉක්මවා ගිය අසීමිත ආශා රැසකින් මිනිසා පීඩා විඳියි. කාම යනු කැමැත්ත යි. කැමති දේ නොලැබීම දුකක් ලෙස ද හඳුන්වා ඇත. (යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං) කැමැති දේ ලබා ගන්නා ඉඳුරන් පහකි. (චක්ඛු, සොත, ඝාණ, ජීව්හා, කාය) ඇස, කන, නාසය, දිව, ශරීරය වශයෙනි. මෙම ඉන්ද්රිය පංචකයට අරමුණු වන්නා වූ පංච කාම (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) සත්වයා සසර බැඳ තබන රසාලිප්ත තෝතැන්න යි. මෙම පස්කම් සැපතට දැඩි ලෙස ගිජුවීම, කාමච්ඡන්දය ලෙස සැළකෙයි. කාමසුඛල්ලිකානු යෝගය ලෙස, නිවන ලැබිය නොහැකි අන්තගාමී ප්‍රතිපදාවක් ලෙස ද හඳුන්වා ඇත්තේ, මෙම පිළිවෙත යි. මෙලොව ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය; මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගැනීමට විශ්වය හා මිනිසා අතර පවතින සම්බන්ධතාව තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි. අප්පිච්ඡතා හෙවත් කැමැතිකම් අඩුවීමෙන්, ලද්දා වූ ස්වල්පයකින් හෝ සතුටක් ගොඩ නඟා ගැනීමේ හැකියාව සන්තුට්ඨි අතින් වත්මන් මිනිසා දුබල ය. ඉන්ද්රිය ගෝචර වන සියලු සුන්දර දෑ තමන් සතු කර ගැනීමේ ප්‍රබල සටනක යෙදී සිටින මිනිසා, ඊට ප්‍රතිවිරුද්ධ සියලු බලවේග හා අභියෝග සමග සටන් කරයි. ගැටුම්කාරී මේ තරගය සමස්ත ජන සමාජය කෙරෙහි බලපෑම් ඇති කරයි. සුඛෝපභෝගී ජන රැල්ලට හසු වී කාම වස්තු පසුපස හඹා යන මිනිස් සිතට, ජීවිතය විඳින්නට, ලෝකය දකින්නට කාලය හරස් වෙයි. පලතුරකින්, මල් පැණි බිඳකින් හෝ වෙනත් ගොදුරකින් කුස පුරවාගෙන අත්තක වාඩිවී තම පි‍්‍රයාවිය හා පෙමින් බැඳී ගීතයක් ගයන පුංචි කුරුල්ලකුට තරම්වත් ලෝකය විඳින්නට විවේකයක්, මේ කාමභෝගී ධාවනය තුළ මිනිසාට නැති තරම් ය. කාමච්ඡන්දය ඒ තරමටම, නිවී සැනසිල්ලේ දිවි ගෙවීමට බාධා කරයි.

ව්‍යාපාදය

සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා සිතට ව්‍යාපාදය පැමිණිවිට උමතුවෙන් ක්‍රියා කරයි. නිවනට බාධා කරන ස්වභාවය ව්‍යාපාදය තුළ ඇත. ලෝකෝත්තර වීමට පමණක් නොව ලෞකික වශයෙන් හෝ නිවීමක් එයින් බලාපොරොත්තු විය නොහැකි ය.

ථීන මිද්ධ

ථීන යනු සිතේ කම්මැළි කමයි. මිද්ධ යනු සිතිවිලි කම්මැලිවීමයි. පොදුවේ විමසන විට මෙම නීවරණයේ අදහස මැළි බවයි. සසරින් මිදීමේ විමුක්ති මාවත බොහෝ උත්සාහයෙන් ගොඩ නඟාගත යුතු එකකි. ඒ සඳහා පිරිය යුතු පිළිවෙත් බොහෝ ය. කම්මැළි පුද්ගලයා යම් වැඩ පිළිවෙළක කෙළවර දක්වා ගමන් කරන්නේ නැත. උදාසීන අලස මනස සැනසීමට වඩා ලබා දෙන්නේ, වැනසීමයි.

උද්ධච්ඡ කුක්කුච්ච

උද්ධච්ඡ යනු සිතේ නොසන්සුන් කම යි. හෙවත් අසංවරකම යි. කුක්කුච්ච යන්නෙන් අදහස් කරන්නේ පසු තැවීමයි. මෙය චෛතසික දෙකකි. අකුසල පක්ෂයේ චෛතසික දෙකක් වන මෙම සිතිවිලි නිවන ආවරණය කිරීම සඳහා එක්ව ක්‍රියා කරයි. නොසන්සුන් කම හා පසුතැවීම දුරු කරගත හැකි ක්‍රමය සීල යි. සිල්වතාගේ සිත, සංවරය , එම සංවරය, පසුතැවීමට හේතු ඇති නොකර යි.

තුන් දොර (සිත කය වචනය ) සංවර කරගැනීමට සමත් පුද්ගලයා, වැරදි ක්‍රියාමාර්ග අතහැර දමයි. එම ජීවිතය නිරවද්‍ය ජීවිතයක් ලෙස සැළකෙයි. එවිට ඔහුට සුවයක් දැනෙයි. (අනවජ්ජ සුඛ) ඒ සුවය, නිවනට මාවත යි.

සංවර සිතකට පශ්චාත්තාපයට හෙවත් පසු තැවීමට හේතුවක් නැත.

පුහුදුන් සිතට නිතර වැරැදි චේතනා පහළ වෙයි. පුහුදුන් සත්වයා අතින් වැරැදි සිදුවෙයි. වැරැදි සිදු වූ තරමට ඒවා මෙනෙහි කරමින් පසුගාමි විය යුතු නැත. සිදුවන වැරැදි පිළිබඳ අවබෝධ කරගනිමින් ඒවා ජීවිතයට ඉගැනීමක් කරගත යුතුය. පියුමක් පරවී වැටුණු විට මඩදියට එකතු වී නෙලුම් පඳුරටම පොහොර වෙයි. ඉන් අලුත් මලකට පොහොරක් ලැබෙයි. මේ ලෙස වැරදුණු තැන් ජීවිතයට පාඩමක් කර ගැනීමෙන්, අලුත් මගක යා හැකි ය.

විචිකිච්ඡා

විචිකිච්ඡා යන්නෙන් සැකය අදහස් කැරෙයි. සැක කිරීම හොඳ ප්රවේශයකි. නමුත් ඉන් ප්රත්යක්ෂය ලබා ගැනීම තෙක් එය ඉදිරියට යා යුතුය. ඇතැම් අය සැකය තුළ සදාකල් රැඳී සිටීමට පි‍්‍රය වෙති. රසවත් යම් යම් සිද්ධාන්ත මනසට ඇතුළත් කරගෙන රස විඳිමින් සිටින අනුවණයෝ ප්රත්යක්ෂය කරා යෑමට උත්සුක නොවෙති. නිවන් දැකීමට නම්, නිවන් මඟ පිළිබඳ කිසි සැකයක් නොපැවැතිය යුතු ය. ජීවිතය පිළිබඳ යථාවබෝධය ඇති කර ගැනීම සඳහා විශ්වාසනීයත්වයෙන් හා සම්මා සතියෙන් යුතුව අවබෝධය සඳහා වු මඟෙහි ගමන් කළයුතු වෙයි.

මෙම පංච විධ නීවරණ දුරු කර ගත් සිත, නිවනට පත් වෙයි. නිවන් දකින තුරු සසර මඟ හමුවන සියලු දුක් වේදනා නිවා ගැනීමට ද මෙම සිතිවිලි පහ දුරු කිරීම, අවශ්‍ය වෙයි.

තෙරුවන් සරණයි..!

[QUOTE="crazybuddy, post: 12394934, member: 326070"] [CENTER][SIZE=5]කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා බොහොම අපූරුවට.. ස්තුතියි සහෝ..[/SIZE] [SIZE=4][COLOR=Blue]සංසාර විමුක්තියට බාධා කරන ධර්ම පහක් බුදුපියාණන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ඒවා පංච නීවරණ හැටියටයි හඳුන්වන්නේ. ‘නී’ යනු නිවනයි. ආවරණය යනු බාධා කිරීම යි. නැතහොත් වසා තැබීම යි. නිවන යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ, ‘වාන’ නම් වූ තෘෂ්ණාවෙන් නික්මීම යි. තමන්ගේ පරමාර්ථ හා අරමුණු සියල්ල නිවන කේන්ද්‍ර කොටගෙන පවතින්නේ යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම්, ඔහු බෞද්ධයෙකි. මේ සදාචාර සම්පන්න බුද්ධි සන්ධානය තුළ අනිවාර්යයෙන්ම අත්හළ යුතු සතුරු සංකල්ප පහක් ලෙස, නීවරණ ධර්ම සැලකිය හැකි ය.[/COLOR][/SIZE] [COLOR=Red][U][SIZE=6]කාමච්ඡන්ද[/SIZE][/U][/COLOR] [SIZE=4][COLOR=Magenta]කාමච්ඡන්ද මෙයින් අදහස් කැරෙන්නේ අසීමිත ආශාවයි. ජීවත්වීම සඳහා වුවමනා කරන මූලික ප්‍රත්‍ය කිහිපයක් ඇත. ඇඳුම්, ආහාර පාන, නිවාස, ඖෂධ යනු ඒවා ය. මීට අමතරව අධ්‍යාපන, සන්නිවේදන, ගමනාගමන ආදී අවශ්‍යතා ද ඇත. එම මූලික අවශ්‍යතා මට්ටම ඉක්මවා ගිය අසීමිත ආශා රැසකින් මිනිසා පීඩා විඳියි. කාම යනු කැමැත්ත යි. කැමති දේ නොලැබීම දුකක් ලෙස ද හඳුන්වා ඇත. (යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං) කැමැති දේ ලබා ගන්නා ඉඳුරන් පහකි. (චක්ඛු, සොත, ඝාණ, ජීව්හා, කාය) ඇස, කන, නාසය, දිව, ශරීරය වශයෙනි. මෙම ඉන්ද්රිය පංචකයට අරමුණු වන්නා වූ පංච කාම (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) සත්වයා සසර බැඳ තබන රසාලිප්ත තෝතැන්න යි. මෙම පස්කම් සැපතට දැඩි ලෙස ගිජුවීම, කාමච්ඡන්දය ලෙස සැළකෙයි. කාමසුඛල්ලිකානු යෝගය ලෙස, නිවන ලැබිය නොහැකි අන්තගාමී ප්‍රතිපදාවක් ලෙස ද හඳුන්වා ඇත්තේ, මෙම පිළිවෙත යි. මෙලොව ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය; මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගැනීමට විශ්වය හා මිනිසා අතර පවතින සම්බන්ධතාව තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි. අප්පිච්ඡතා හෙවත් කැමැතිකම් අඩුවීමෙන්, ලද්දා වූ ස්වල්පයකින් හෝ සතුටක් ගොඩ නඟා ගැනීමේ හැකියාව සන්තුට්ඨි අතින් වත්මන් මිනිසා දුබල ය. ඉන්ද්රිය ගෝචර වන සියලු සුන්දර දෑ තමන් සතු කර ගැනීමේ ප්‍රබල සටනක යෙදී සිටින මිනිසා, ඊට ප්‍රතිවිරුද්ධ සියලු බලවේග හා අභියෝග සමග සටන් කරයි. ගැටුම්කාරී මේ තරගය සමස්ත ජන සමාජය කෙරෙහි බලපෑම් ඇති කරයි. සුඛෝපභෝගී ජන රැල්ලට හසු වී කාම වස්තු පසුපස හඹා යන මිනිස් සිතට, ජීවිතය විඳින්නට, ලෝකය දකින්නට කාලය හරස් වෙයි. පලතුරකින්, මල් පැණි බිඳකින් හෝ වෙනත් ගොදුරකින් කුස පුරවාගෙන අත්තක වාඩිවී තම පි‍්‍රයාවිය හා පෙමින් බැඳී ගීතයක් ගයන පුංචි කුරුල්ලකුට තරම්වත් ලෝකය විඳින්නට විවේකයක්, මේ කාමභෝගී ධාවනය තුළ මිනිසාට නැති තරම් ය. කාමච්ඡන්දය ඒ තරමටම, නිවී සැනසිල්ලේ දිවි ගෙවීමට බාධා කරයි.[/COLOR] [/SIZE] [B][COLOR=Red][U][SIZE=6]ව්‍යාපාදය[/SIZE][/U][/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Magenta]සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා සිතට ව්‍යාපාදය පැමිණිවිට උමතුවෙන් ක්‍රියා කරයි. නිවනට බාධා කරන ස්වභාවය ව්‍යාපාදය තුළ ඇත. ලෝකෝත්තර වීමට පමණක් නොව ලෞකික වශයෙන් හෝ නිවීමක් එයින් බලාපොරොත්තු විය නොහැකි ය.[/COLOR][/SIZE] [B][U][SIZE=6][COLOR=Red] ථීන මිද්ධ [/COLOR][/SIZE][/U][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Magenta]ථීන යනු සිතේ කම්මැළි කමයි. මිද්ධ යනු සිතිවිලි කම්මැලිවීමයි. පොදුවේ විමසන විට මෙම නීවරණයේ අදහස මැළි බවයි. සසරින් මිදීමේ විමුක්ති මාවත බොහෝ උත්සාහයෙන් ගොඩ නඟාගත යුතු එකකි. ඒ සඳහා පිරිය යුතු පිළිවෙත් බොහෝ ය. කම්මැළි පුද්ගලයා යම් වැඩ පිළිවෙළක කෙළවර දක්වා ගමන් කරන්නේ නැත. උදාසීන අලස මනස සැනසීමට වඩා ලබා දෙන්නේ, වැනසීමයි.[/COLOR][/SIZE] [B][COLOR=Red][U][SIZE=6] උද්ධච්ඡ කුක්කුච්ච[/SIZE][/U][/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Magenta]උද්ධච්ඡ යනු සිතේ නොසන්සුන් කම යි. හෙවත් අසංවරකම යි. කුක්කුච්ච යන්නෙන් අදහස් කරන්නේ පසු තැවීමයි. මෙය චෛතසික දෙකකි. අකුසල පක්ෂයේ චෛතසික දෙකක් වන මෙම සිතිවිලි නිවන ආවරණය කිරීම සඳහා එක්ව ක්‍රියා කරයි. නොසන්සුන් කම හා පසුතැවීම දුරු කරගත හැකි ක්‍රමය සීල යි. සිල්වතාගේ සිත, සංවරය , එම සංවරය, පසුතැවීමට හේතු ඇති නොකර යි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] තුන් දොර (සිත කය වචනය ) සංවර කරගැනීමට සමත් පුද්ගලයා, වැරදි ක්‍රියාමාර්ග අතහැර දමයි. එම ජීවිතය නිරවද්‍ය ජීවිතයක් ලෙස සැළකෙයි. එවිට ඔහුට සුවයක් දැනෙයි. (අනවජ්ජ සුඛ) ඒ සුවය, නිවනට මාවත යි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] සංවර සිතකට පශ්චාත්තාපයට හෙවත් පසු තැවීමට හේතුවක් නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] පුහුදුන් සිතට නිතර වැරැදි චේතනා පහළ වෙයි. පුහුදුන් සත්වයා අතින් වැරැදි සිදුවෙයි. වැරැදි සිදු වූ තරමට ඒවා මෙනෙහි කරමින් පසුගාමි විය යුතු නැත. සිදුවන වැරැදි පිළිබඳ අවබෝධ කරගනිමින් ඒවා ජීවිතයට ඉගැනීමක් කරගත යුතුය. පියුමක් පරවී වැටුණු විට මඩදියට එකතු වී නෙලුම් පඳුරටම පොහොර වෙයි. ඉන් අලුත් මලකට පොහොරක් ලැබෙයි. මේ ලෙස වැරදුණු තැන් ජීවිතයට පාඩමක් කර ගැනීමෙන්, අලුත් මගක යා හැකි ය. [/COLOR][/SIZE] [B][COLOR=Red][U][SIZE=6] විචිකිච්ඡා [/SIZE][/U][/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Magenta]විචිකිච්ඡා යන්නෙන් සැකය අදහස් කැරෙයි. සැක කිරීම හොඳ ප්රවේශයකි. නමුත් ඉන් ප්රත්යක්ෂය ලබා ගැනීම තෙක් එය ඉදිරියට යා යුතුය. ඇතැම් අය සැකය තුළ සදාකල් රැඳී සිටීමට පි‍්‍රය වෙති. රසවත් යම් යම් සිද්ධාන්ත මනසට ඇතුළත් කරගෙන රස විඳිමින් සිටින අනුවණයෝ ප්රත්යක්ෂය කරා යෑමට උත්සුක නොවෙති. නිවන් දැකීමට නම්, නිවන් මඟ පිළිබඳ කිසි සැකයක් නොපැවැතිය යුතු ය. ජීවිතය පිළිබඳ යථාවබෝධය ඇති කර ගැනීම සඳහා විශ්වාසනීයත්වයෙන් හා සම්මා සතියෙන් යුතුව අවබෝධය සඳහා වු මඟෙහි ගමන් කළයුතු වෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [U][COLOR=Red]මෙම පංච විධ නීවරණ දුරු කර ගත් සිත, නිවනට පත් වෙයි. නිවන් දකින තුරු සසර මඟ හමුවන සියලු දුක් වේදනා නිවා ගැනීමට ද මෙම සිතිවිලි පහ දුරු කිරීම, අවශ්‍ය වෙයි.[/COLOR][/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta][U][COLOR=Red][SIZE=5]තෙරුවන් සරණයි..![/SIZE] [/COLOR][/U][/COLOR][/SIZE] [COLOR=Magenta] [/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom