Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියුබාව ඩෙංගු ජයගත්තේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියුබාව ඩෙංගු ජයගත්තේ මෙහෙමයි

කියුබාව ඩෙංගු ජයගත්තේ මෙහෙමයි

1987 සිට 1994 දක්වා කාලය තුළ මා උසස් අධ්‍යාපනය ලැබුවේ කියුබාවේදීය. ඒ මා ලද ශිෂ්‍යත්වයක් නිසාය. මේ නිසා කියුබාව ඩෙංගු මෙන්ම වෙනත් වසංගත රෝග මර්දනය කරන ආකාරය ප්රායෝගිකවම අත්දකින්නට මට හැකිවිය.

කියුබාව 1977 වර්ෂයේ ඩෙංගු වසංගතයෙන් දැඩි පීඩා වින්දහ. එම වර්ෂයේ රෝගීන් 4,77,000 මුළු රටෙන්ම වාර්තා විය. එනම් විප්ලවයෙන් වසර 17කට පසුවය. විප්ලවයට පෙර දුප්පත් ජනතාවට රෝහල් පහසුකම් පවා නොතිබුණි. සියලු දේ උරුම වූයේ ධනපති පැලැන්තියට පමණි.

නමුත් විප්ලවයෙන් පසු සියලුම අමාත්‍යාංශවල ආයතනවල සැලකිය යුතු දියුණුවක් කළමනාකරණයක් ඇතිවූ අතර ග්‍රාමීය මට්ටමේ රෝහල් (සෑම ගමකටම ශික්ෂණ රෝහලක්) බදු සහන (Polyclinict) සහ සෑම පවුල් 120කටම වෛද්‍යවරුන් මුළු රට පුරාම ව්‍යාප්ත විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් විය. එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශ (Minsap) විශාල කාර්යභාරයක් ඉටුකරන්නට ඇපකැපවිණි. එක්දහස් නවසිය අසූ ගණන්වල ස්ථාපිත වූ පවුලේ වෛද්‍යවරයා තමාට භාරවූ පවුල් 120 ගැන මනා අවබෝධයකින් පසුවිය.

සතියකට වතාවක් ඔහු / ඇය නිවෙස්වල චාරිකාවක යෙදේ. ඔහු / ඇයට අයත් ප්‍රදේශයේම දෙමහල් නිවසක් රජයෙන් ලබාදී ඇති අතර පහත මාලය සායනය සඳහා වෙන්විය. මේ ආකාරයට තම ප්‍රදේශයේ ජනතාව සමග සුහදශීලීව ජීවත්වීමටත්, නිසි අධීක්ෂණයක් කිරීමටත් මේ වෛද්‍යවරයාට අවකාශ සැලසේ.

1977 වර්ෂයේ ඩෙංගු වසංගතය රට පුරාම පැතිර යන්නට වත්ම කියුබානු රජය වහා ක්‍රියාත්මක විය. සියලුම රජයේ නිලධාරීන් අමාත්‍යාංශ මට්ටමින් මෙන්ම රාජ්‍ය නායකයා වූ ෆිදෙල් කැස්තේරා් පවා මේ වෙනුවෙන් සිය උපරිම සහයෝගය දැක්වීය. කියුබානු ජනතාව තුළ උදේයා්ගයක් ඇති කිරීමට විශාල ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඔවුන් තුළ ෆිදෙල් කෙරෙහි වූ විශ්වාසය, ආදරය හේතුවිය.

ඩෙංගු වෛරසය රැගෙන යන Aedan egepta (වාහකයා)ගේ වාස්ථාන විය හැකි ස්ථාන ඉලක්ක කොටගෙන මහා පරිමාණයේ වැඩසටහන් ක්‍රියාත්මක විය. මේ වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව (Primary Helthcare) විශාල කාර්ය භාරයක් හිමිවිය. එනමුත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සීමා වූ කාර්යයක් නොවීය. වෛද්‍යවරුන් මෙන්ම ඉංජිනේරුවන්, ගුරුවරු, ජීව විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසල් සිසුන්ද එක් රොක් වී කණ්ඩායම් සැදී ශ්‍රමදානවල යෙදුණු අතර සතියකට වරක් තවත් කණ්ඩායම් රැසක් තම තමන්ට බෙදා දෙන නිවාස, ගෙවතු පමණක් නොව පාරවල් පවා පරීක්ෂා කිරීමට යෙදුණි. සිවිල් ආරක්ෂක බළකායක්ද නිර්මාණය කෙරුණි.

ප්‍රථමයෙන්ම සියලුම නිවෙස්වල වැහිපීලි ඉවත් කෙරිණ. අලුතින් ඉදිවන නිවෙස්වලටද වැහිපීලි නොයෙදෙන්නට විධිවිධාන සකස් කෙරුණි. මෙය එක් ප්‍රදේශයකට ආයතනයකට සීමා වූවක් නොවීය. මුළු රටටම එක සේ පොදු විය.

එමෙන්ම කියුබානු ජනතාව මෙවැනි දේ මුළු රටේමත් තමාගේත් යහපත වෙනුවෙන් සතුටින් පිළිගත්හ.

ඩෙංගු ව්‍යාප්තියට විශාල රුකුලක් වන කසළ කළමනාකරණය අද කියුබාවේ ඉතාමත් ක්රමානුකූල ලෙස සිදුකෙරේ. කසළ වර්ගීකරණය පිළිබඳ දැනුවත් කිරීම, දිනපතා රජය මගින් මේ අපද්‍රව්‍ය නිවෙස්වලින් රැගෙන යෑම නිසා එය ජනතාවට හිසරදයක් වී නැත. එමෙන්ම තවත් විශේෂත්වයක් නම් ප්ලාස්ටික්, පොලිතින් කියුබාවේ ඇත්තේම නැති තරම්ය. අප අතීතයේ පාවිච්චි කළාක් මෙන් තවමත් ඔවුන් පාවිච්චි කරන්නේ Brown Paper bags ය. සිලිසිලි බෑග් ඇත්තේම නැත. Lunch sheet භාවිතයක් නැත. සියලුම කියුබානුවන්ට රැකියා ස්ථානයෙන් දිවා ආහාරය ලැබේ. දරුවන්ට පාසලෙන් ආහාරය ලැබේ. මේ නිසා කෑම පාර්සල් ඔතාගෙන යෑමක්ද නැත. ඉතින් කසළ කළමනාකරණය පහසු නොවන්නේද?

ඩෙංගු වසංගතය රට ආක්‍රමණය කරන බවත් ඉන් වැළකීමට ගතයුතු ක්‍රියාමාර්ගයක් ගැන දැනුවත් කිරීමත් ආයතන මට්ටමින්, ගම් මට්ටමින්, නිවසින් නිවසට ගොස් නිලධාරීන් විසින් සිදුකරන ලදී. කියුබානු ජනතාව මේ කරුණු පිළිගත්හ. ඒ අනුව සිය ආකල්ප වර්ධනය කරගත්හ.

ෆිදෙල් ජනතාව ආමන්ත්‍රණය කළේ ආදරයෙනි. සෑම ප්‍රදේශයකම සිටින ඩෙංගු රෝගීන් ගණන යම් හෙයකින් ඩෙංගු රෝගයෙන් මරණයක් සිදුවුවහොත් ඒ ගැන සියලු විස්තර ඔහු සතුවිය. සියලු දේ ගැන ඔහු තත්වාකාරයෙන් දැනුවත් වීම ජනතාවට ඔහු කෙරෙහි විශ්වාසය තැබිමට රුකුලක් විය.

මෙලෙස තම නිවස පමණක් නොව ගම, නගරය රටම පිරිසිදුව තබා ගැනීමේ වුවමනාව ඔවුන්ගේ මනසට කාවද්දන්නට ෆිදෙල් සමත්විය.

ප්‍රශ්නයක් ඇති වූ විට එහි හේතු මූලය සෙවීම කියුබානු රජයේ පිළිවෙතය.

කොතැනද වැරැද්ද සිදුවුණේ යන්න අධ්‍යයනය කොට එයට පිළියම් හැකි ඉක්මනින් යෙදවීම තුළින් මේ වසංගතය 1977 4,77,000 සිට 1980 වනවිට 169 දක්වා අඩුකර ගැනීමට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයකි.

1997 දී නැවත ඩෙංගු රක්තපාත රෝගය සන්තියාගෝ දෙ කියුබා (santhiago de cuba) නම් වූ පළාතේ පමණක් පැතිරුණු අතර මාස 2ක් වැනි කාලයකින් එය පාලනය විය. එබැවින් එය රට පුරාම පැතිරුණේ නැත. මේ වනවිට පවුලේ වෛද්‍යවරයාගේ කාර්ය භාරය මෙන්ම ජාන තාක්ෂණ විද්‍යාව ඉතා දියුණු මට්ටමක විය. BTI බැක්ටීරියාවද මේ වනවිට ඔවුන් නිෂ්පාදනය කොට තිබුණි. එහි ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රබල මෙහෙවරක් ඉටුකරයි. ඔවුන් ඩෙංගු රෝගීන් ඇතත් නැතත් නිතරම ඒ ගැන අවධානයෙන් සිටිති. මේ නිසා වසරින් වසර රෝගීන් සංඛ්‍යාව අඩු කොටගෙන අවම කර ගැනීමට (2016 රෝගීන් වාර්තා වී නැත) කියුබාවට හැකිවී ඇත්තේ මේ නිසාය.

ඔවුන්ගේ අප්‍රතිහත උත්සහයේ ප්‍රතිඵලයෙන් අප උගත යුතු දෑ බොහෝය. ඇද පළුඳු සොයමින් සිනහවට ලක් කිරීම පසෙකලා ඔවුන් ලද සංවර්ධනය හා ඔවුන් එය ළඟා කරගත්තේ කෙසේද යන්න විමසා බැලීම වටී.

වසරක් පාසා රෝගීන් අවම කර ගැනීමට ඔවුන් ආශ්චර්යයක් සිදුකළේ නැත. මූලිකවම සිදුවූයේ රජයෙන් නියම ආකාරයට සිදුකළ කසළ කළමනාකරණයයි. ඒ සමගම ඩෙංගු තිබෙන කාලසීමාවට පමණක් සීමා නොවී අධීක්ෂණ කටයුතු වසර පුරාම නිරන්තරයෙන් සිදුකෙරිණ. වසංගත සමයේ සතියෙන් සතියට සෑම නිවසක්ම (මුළු රටේම 100 නිවාස හා ගෙවතු මෙන්ම පාරවල්) පරීක්ෂා කෙරුණු අතර ඒ දිනවල එක් මදුරු කීටයකුට පෙසෝ 10 ගණනේ දඩ අය කිරීමක් සිදුවිණ. කල් යත්ම වසංගත තත්ත්වය සමනය වූ අතර ඉන්පසුවත් සෑම සති 2කට වරක්ම කණ්ඩායමක් විසින් සෑම නිවසක්ම අධීක්ෂණය කෙරුණි. (100) වසර කිහිපයකට පසු එම අධීක්ෂණය මසකට වරක් කිරීමට හැකිවිය. නමුත් අදටත් ඩෙංගු රෝගීන් අවම වී ඇතත් මසකට වරක් කෙරෙන අධීක්ෂණය එලෙසින්ම සිදුකෙරේ.

එමෙන්ම වසංගතය පැතිරුණු අවධියේ මුළු කියුබාවේම (100) නිවාසවලට දුම් ගැසීම සිදුකරන ලදී. මෙය දින 10න් 10ට ක්‍රමානුකූලව සිදුවූ ක්‍රියාවලියකි.

මේ දුම්ගැසීම නිවෙස් ඇතුළතටත් ගෙවතුවලටත් මෙන්ම අතුරු පාරවල් ප්‍රධාන පාරවල්වලද සිදුකෙරිණි. වසංගත තත්ත්වය තදින්ම තිබුණු කාලසීමාව තුළ දින 10න් 10ට සිදුකෙරුණු මෙම ක්‍රියාව මඳින් මඳ රෝගීන්ගේ ගණන අඩුවන විට දුම් ගසන කාල පරාසය වැඩිවිය. රෝගීන් අවම වූවත් දුම්ගැසීම මසකට වරක් හෝ දැනටත් සිදුකෙරේ.

එමෙන්ම ඩෙංගු වසංගතය මර්දනය කිරීමේදී අවධානය යොමු කෙරුණු තවත් කරුණක් වූයේ කාණු පද්ධතියයි. නිසි පිළිසකර

කිරීම්, ශුද්ධ පවිත්‍ර කිරීම් රජයෙන් මෙන්ම ශ්‍රමදාන හරහා ජනතාවගෙන්ද ඉටුකෙරිණි.

එදා මෙන්ම අදටත් කියුබාවේ වසංගත රෝග මර්දනය කිරීමෙහිලා පහත සඳහන් ත්‍රිත්වය ක්‍රියාත්මක කෙරේ. එය ඉතා වැදගත්ය.

නිසි කළමනාකරණය (Organization)

විනය (Discipline)

ක්‍රියාකාරී ඒකකය (action unit)

මහල් නිවාසවල අධීක්ෂණ කටයුතු සඳහා වෙනමම පුද්ගලයකු සේවයේ යොදවා ඇත. මේ නිවාසවල කසළ කළමනාකරණය, ජල අපවහනය, ජලය එකතු වන තැන් වේ නම් ඒ ගැන අධීක්ෂණ කටයුතු පිළිබඳ ඔහු රජයට වාර්තා සැපයිය යුතුය.

ඕනෑම කාර්යයක්, සිතුවිල්ලක් වෙනස් කිරීමකට භාජනය කිරීමේදී පසු විපරම් ඉතා වැදගත්ය. එහි වාර්තා රජයට ලබාදිය යුතුය. පෙර කී පරිදි මේ පසු විපරමද සතියකට වරක් වන අතර රෝගීන් අවම වුවද මසකට වරක් හෝ මේ අධීක්ෂණය කිරීම තුළින් රෝගය බෝවීම අවම කරනු ලැබේ.

අප රටේ නිවෙස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රතු නිවේදනය ලබාදුන් අයට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැතිකර එය එසේ කළ බවට නිවැසියන් විසින් ලිපියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට භාරදීම සිදුකළද නිලධාරීන් විසින් පසු විපරමක් කරනවා නම් මෙය වඩාත් සාර්ථක වනු ඇත.

ඩෙංගු රෝගීන් වාර්තා වූ විට රෝහල්ගත කෙරෙන අතර මොවුන් සඳහා වෙනම වාට්ටු ඒ රෝහල්වල ඇත. (isolation) සියලුම රසායනාගාර සේවා නොමිලේ සිදුකෙරෙන නිසා ජනතාවට සහනයකි. වසංගත සමයේදී කඩිනම් සේවාවක් ලබාදීමට සෞඛ්‍ය සේවකයන් නිලධාරීන් යොදවා ඇත.

දිනෙන් දින කියුබාවේ වෛද්‍ය විද්‍යාව ජාන තාක්ෂණ විද්‍යාව දියුණු වෙමින් පවතී. 2014 වර්ෂයේදී ඩෙංගු රෝගයට එන්නතක් සොයා ගැනුණි.

කියුබාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාව (Minsap) පවුලේ වෛද්‍යවරයා, වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු, මෙන්ම ජීව විද්‍යාඥයන්, ජෛව තාක්ෂණවේදීන්, සිවිල් ආරක්ෂක කමිටුව, ප්‍රජාව මේ සියලු දෙනාගෙන්ම සමන්විත නිරන්තරයෙන් අධීක්ෂණ (OisiLance) කටයුතුවල නියැලෙන නිසා ඩෙංගු වසංගත තත්ත්වයන් මර්දනය කරගත හැකි වී ඇත. රජය මේ ගැන නිරන්තර අවධානයෙන් සිටී. මෙය ජාතික ප්‍රශ්නයක් මෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක් ලෙසද සලකා සියලුම ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් ප්‍රායෝගික නිවාරණයක් කරා යෑමට ඔවුන්ට හැකිවී ඇත.

අපටද ඔවුන්ගෙන් උගත යුතු බොහෝ දේ ඇත. අප එයට නිහතමානී විය යුතුය. ඔවුන් අතර කිසිම භේදයක් නැත. ඔවුන් සියලු දෙනා කියුබානුවෝ පමණකි.

සමාජ ස්ථරණයක් නැත. ජාති ආගම් භේද නැත. මේ නිසා ඕනෑම ගැටලුවකට මුහුණ දීමට පහසුය.

වෛද්‍ය නිශා ප්‍රනාන්දු

ශ්‍රී ලාංකික වෛද්යවරියක්කි යුබාවේදී ලද අත්දැකීම්

[QUOTE="araki, post: 22770434, member: 360239"] [b]කියුබාව ඩෙංගු ජයගත්තේ මෙහෙමයි[/b] [SIZE=5][B]කියුබාව ඩෙංගු ජයගත්තේ මෙහෙමයි[/B] [/SIZE] [SIZE=5] 1987 සිට 1994 දක්වා කාලය තුළ මා[SIZE=5] උසස් අධ්‍යාපනය ලැබුවේ කියුබාවේදීය. ඒ මා ලද ශිෂ්‍යත්වයක් නිසාය. මේ නිසා කියුබාව ඩෙංගු මෙන්ම වෙනත් වසංගත රෝග මර්දනය කරන ආකාරය ප්රායෝගිකවම අත්දකින්නට මට හැකිවිය. කියුබාව 1977 වර්ෂයේ ඩෙංගු වසංගතයෙන් දැඩි පීඩා වින්දහ. එම වර්ෂයේ රෝගීන් 4,77,000 මුළු රටෙන්ම වාර්තා විය. එනම් විප්ලවයෙන් වසර 17කට පසුවය. විප්ලවයට පෙර දුප්පත් ජනතාවට රෝහල් පහසුකම් පවා නොතිබුණි. සියලු දේ උරුම වූයේ ධනපති පැලැන්තියට පමණි. නමුත් විප්ලවයෙන් පසු සියලුම අමාත්‍යාංශවල ආයතනවල සැලකිය යුතු දියුණුවක් කළමනාකරණයක් ඇතිවූ අතර ග්‍රාමීය මට්ටමේ රෝහල් (සෑම ගමකටම ශික්ෂණ රෝහලක්) බදු සහන (Polyclinict) සහ සෑම පවුල් 120කටම වෛද්‍යවරුන් මුළු රට පුරාම ව්‍යාප්ත විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් විය. එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශ (Minsap) විශාල කාර්යභාරයක් ඉටුකරන්නට ඇපකැපවිණි. එක්දහස් නවසිය අසූ ගණන්වල ස්ථාපිත වූ පවුලේ වෛද්‍යවරයා තමාට භාරවූ පවුල් 120 ගැන මනා අවබෝධයකින් පසුවිය. සතියකට වතාවක් ඔහු / ඇය නිවෙස්වල චාරිකාවක යෙදේ. ඔහු / ඇයට අයත් ප්‍රදේශයේම දෙමහල් නිවසක් රජයෙන් ලබාදී ඇති අතර පහත මාලය සායනය සඳහා වෙන්විය. මේ ආකාරයට තම ප්‍රදේශයේ ජනතාව සමග සුහදශීලීව ජීවත්වීමටත්, නිසි අධීක්ෂණයක් කිරීමටත් මේ වෛද්‍යවරයාට අවකාශ සැලසේ. 1977 වර්ෂයේ ඩෙංගු වසංගතය රට පුරාම පැතිර යන්නට වත්ම කියුබානු රජය වහා ක්‍රියාත්මක විය. සියලුම රජයේ නිලධාරීන් අමාත්‍යාංශ මට්ටමින් මෙන්ම රාජ්‍ය නායකයා වූ ෆිදෙල් කැස්තේරා් පවා මේ වෙනුවෙන් සිය උපරිම සහයෝගය දැක්වීය. කියුබානු ජනතාව තුළ උදේයා්ගයක් ඇති කිරීමට විශාල ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඔවුන් තුළ ෆිදෙල් කෙරෙහි වූ විශ්වාසය, ආදරය හේතුවිය. ඩෙංගු වෛරසය රැගෙන යන Aedan egepta (වාහකයා)ගේ වාස්ථාන විය හැකි ස්ථාන ඉලක්ක කොටගෙන මහා පරිමාණයේ වැඩසටහන් ක්‍රියාත්මක විය. මේ වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව (Primary Helthcare) විශාල කාර්ය භාරයක් හිමිවිය. එනමුත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සීමා වූ කාර්යයක් නොවීය. වෛද්‍යවරුන් මෙන්ම ඉංජිනේරුවන්, ගුරුවරු, ජීව විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසල් සිසුන්ද එක් රොක් වී කණ්ඩායම් සැදී ශ්‍රමදානවල යෙදුණු අතර සතියකට වරක් තවත් කණ්ඩායම් රැසක් තම තමන්ට බෙදා දෙන නිවාස, ගෙවතු පමණක් නොව පාරවල් පවා පරීක්ෂා කිරීමට යෙදුණි. සිවිල් ආරක්ෂක බළකායක්ද නිර්මාණය කෙරුණි. ප්‍රථමයෙන්ම සියලුම නිවෙස්වල වැහිපීලි ඉවත් කෙරිණ. අලුතින් ඉදිවන නිවෙස්වලටද වැහිපීලි නොයෙදෙන්නට විධිවිධාන සකස් කෙරුණි. මෙය එක් ප්‍රදේශයකට ආයතනයකට සීමා වූවක් නොවීය. මුළු රටටම එක සේ පොදු විය. එමෙන්ම කියුබානු ජනතාව මෙවැනි දේ මුළු රටේමත් තමාගේත් යහපත වෙනුවෙන් සතුටින් පිළිගත්හ. ඩෙංගු ව්‍යාප්තියට විශාල රුකුලක් වන කසළ කළමනාකරණය අද කියුබාවේ ඉතාමත් ක්රමානුකූල ලෙස සිදුකෙරේ. කසළ වර්ගීකරණය පිළිබඳ දැනුවත් කිරීම, දිනපතා රජය මගින් මේ අපද්‍රව්‍ය නිවෙස්වලින් රැගෙන යෑම නිසා එය ජනතාවට හිසරදයක් වී නැත. එමෙන්ම තවත් විශේෂත්වයක් නම් ප්ලාස්ටික්, පොලිතින් කියුබාවේ ඇත්තේම නැති තරම්ය. අප අතීතයේ පාවිච්චි කළාක් මෙන් තවමත් ඔවුන් පාවිච්චි කරන්නේ Brown Paper bags ය. සිලිසිලි බෑග් ඇත්තේම නැත. Lunch sheet භාවිතයක් නැත. සියලුම කියුබානුවන්ට රැකියා ස්ථානයෙන් දිවා ආහාරය ලැබේ. දරුවන්ට පාසලෙන් ආහාරය ලැබේ. මේ නිසා කෑම පාර්සල් ඔතාගෙන යෑමක්ද නැත. ඉතින් කසළ කළමනාකරණය පහසු නොවන්නේද? ඩෙංගු වසංගතය රට ආක්‍රමණය කරන බවත් ඉන් වැළකීමට ගතයුතු ක්‍රියාමාර්ගයක් ගැන දැනුවත් කිරීමත් ආයතන මට්ටමින්, ගම් මට්ටමින්, නිවසින් නිවසට ගොස් නිලධාරීන් විසින් සිදුකරන ලදී. කියුබානු ජනතාව මේ කරුණු පිළිගත්හ. ඒ අනුව සිය ආකල්ප වර්ධනය කරගත්හ. ෆිදෙල් ජනතාව ආමන්ත්‍රණය කළේ ආදරයෙනි. සෑම ප්‍රදේශයකම සිටින ඩෙංගු රෝගීන් ගණන යම් හෙයකින් ඩෙංගු රෝගයෙන් මරණයක් සිදුවුවහොත් ඒ ගැන සියලු විස්තර ඔහු සතුවිය. සියලු දේ ගැන ඔහු තත්වාකාරයෙන් දැනුවත් වීම ජනතාවට ඔහු කෙරෙහි විශ්වාසය තැබිමට රුකුලක් විය. මෙලෙස තම නිවස පමණක් නොව ගම, නගරය රටම පිරිසිදුව තබා ගැනීමේ වුවමනාව ඔවුන්ගේ මනසට කාවද්දන්නට ෆිදෙල් සමත්විය. ප්‍රශ්නයක් ඇති වූ විට එහි හේතු මූලය සෙවීම කියුබානු රජයේ පිළිවෙතය. කොතැනද වැරැද්ද සිදුවුණේ යන්න අධ්‍යයනය කොට එයට පිළියම් හැකි ඉක්මනින් යෙදවීම තුළින් මේ වසංගතය 1977 4,77,000 සිට 1980 වනවිට 169 දක්වා අඩුකර ගැනීමට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයකි. 1997 දී නැවත ඩෙංගු රක්තපාත රෝගය සන්තියාගෝ දෙ කියුබා (santhiago de cuba) නම් වූ පළාතේ පමණක් පැතිරුණු අතර මාස 2ක් වැනි කාලයකින් එය පාලනය විය. එබැවින් එය රට පුරාම පැතිරුණේ නැත. මේ වනවිට පවුලේ වෛද්‍යවරයාගේ කාර්ය භාරය මෙන්ම ජාන තාක්ෂණ විද්‍යාව ඉතා දියුණු මට්ටමක විය. BTI බැක්ටීරියාවද මේ වනවිට ඔවුන් නිෂ්පාදනය කොට තිබුණි. එහි ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රබල මෙහෙවරක් ඉටුකරයි. ඔවුන් ඩෙංගු රෝගීන් ඇතත් නැතත් නිතරම ඒ ගැන අවධානයෙන් සිටිති. මේ නිසා වසරින් වසර රෝගීන් සංඛ්‍යාව අඩු කොටගෙන අවම කර ගැනීමට (2016 රෝගීන් වාර්තා වී නැත) කියුබාවට හැකිවී ඇත්තේ මේ නිසාය. ඔවුන්ගේ අප්‍රතිහත උත්සහයේ ප්‍රතිඵලයෙන් අප උගත යුතු දෑ බොහෝය. ඇද පළුඳු සොයමින් සිනහවට ලක් කිරීම පසෙකලා ඔවුන් ලද සංවර්ධනය හා ඔවුන් එය ළඟා කරගත්තේ කෙසේද යන්න විමසා බැලීම වටී. වසරක් පාසා රෝගීන් අවම කර ගැනීමට ඔවුන් ආශ්චර්යයක් සිදුකළේ නැත. මූලිකවම සිදුවූයේ රජයෙන් නියම ආකාරයට සිදුකළ කසළ කළමනාකරණයයි. ඒ සමගම ඩෙංගු තිබෙන කාලසීමාවට පමණක් සීමා නොවී අධීක්ෂණ කටයුතු වසර පුරාම නිරන්තරයෙන් සිදුකෙරිණ. වසංගත සමයේ සතියෙන් සතියට සෑම නිවසක්ම (මුළු රටේම 100 නිවාස හා ගෙවතු මෙන්ම පාරවල්) පරීක්ෂා කෙරුණු අතර ඒ දිනවල එක් මදුරු කීටයකුට පෙසෝ 10 ගණනේ දඩ අය කිරීමක් සිදුවිණ. කල් යත්ම වසංගත තත්ත්වය සමනය වූ අතර ඉන්පසුවත් සෑම සති 2කට වරක්ම කණ්ඩායමක් විසින් සෑම නිවසක්ම අධීක්ෂණය කෙරුණි. (100) වසර කිහිපයකට පසු එම අධීක්ෂණය මසකට වරක් කිරීමට හැකිවිය. නමුත් අදටත් ඩෙංගු රෝගීන් අවම වී ඇතත් මසකට වරක් කෙරෙන අධීක්ෂණය එලෙසින්ම සිදුකෙරේ. එමෙන්ම වසංගතය පැතිරුණු අවධියේ මුළු කියුබාවේම (100) නිවාසවලට දුම් ගැසීම සිදුකරන ලදී. මෙය දින 10න් 10ට ක්‍රමානුකූලව සිදුවූ ක්‍රියාවලියකි. මේ දුම්ගැසීම නිවෙස් ඇතුළතටත් ගෙවතුවලටත් මෙන්ම අතුරු පාරවල් ප්‍රධාන පාරවල්වලද සිදුකෙරිණි. වසංගත තත්ත්වය තදින්ම තිබුණු කාලසීමාව තුළ දින 10න් 10ට සිදුකෙරුණු මෙම ක්‍රියාව මඳින් මඳ රෝගීන්ගේ ගණන අඩුවන විට දුම් ගසන කාල පරාසය වැඩිවිය. රෝගීන් අවම වූවත් දුම්ගැසීම මසකට වරක් හෝ දැනටත් සිදුකෙරේ. එමෙන්ම ඩෙංගු වසංගතය මර්දනය කිරීමේදී අවධානය යොමු කෙරුණු තවත් කරුණක් වූයේ කාණු පද්ධතියයි. නිසි පිළිසකර කිරීම්, ශුද්ධ පවිත්‍ර කිරීම් රජයෙන් මෙන්ම ශ්‍රමදාන හරහා ජනතාවගෙන්ද ඉටුකෙරිණි. එදා මෙන්ම අදටත් කියුබාවේ වසංගත රෝග මර්දනය කිරීමෙහිලා පහත සඳහන් ත්‍රිත්වය ක්‍රියාත්මක කෙරේ. එය ඉතා වැදගත්ය. නිසි කළමනාකරණය (Organization) විනය (Discipline) ක්‍රියාකාරී ඒකකය (action unit) මහල් නිවාසවල අධීක්ෂණ කටයුතු සඳහා වෙනමම පුද්ගලයකු සේවයේ යොදවා ඇත. මේ නිවාසවල කසළ කළමනාකරණය, ජල අපවහනය, ජලය එකතු වන තැන් වේ නම් ඒ ගැන අධීක්ෂණ කටයුතු පිළිබඳ ඔහු රජයට වාර්තා සැපයිය යුතුය. ඕනෑම කාර්යයක්, සිතුවිල්ලක් වෙනස් කිරීමකට භාජනය කිරීමේදී පසු විපරම් ඉතා වැදගත්ය. එහි වාර්තා රජයට ලබාදිය යුතුය. පෙර කී පරිදි මේ පසු විපරමද සතියකට වරක් වන අතර රෝගීන් අවම වුවද මසකට වරක් හෝ මේ අධීක්ෂණය කිරීම තුළින් රෝගය බෝවීම අවම කරනු ලැබේ. අප රටේ නිවෙස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රතු නිවේදනය ලබාදුන් අයට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැතිකර එය එසේ කළ බවට නිවැසියන් විසින් ලිපියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට භාරදීම සිදුකළද නිලධාරීන් විසින් පසු විපරමක් කරනවා නම් මෙය වඩාත් සාර්ථක වනු ඇත. ඩෙංගු රෝගීන් වාර්තා වූ විට රෝහල්ගත කෙරෙන අතර මොවුන් සඳහා වෙනම වාට්ටු ඒ රෝහල්වල ඇත. (isolation) සියලුම රසායනාගාර සේවා නොමිලේ සිදුකෙරෙන නිසා ජනතාවට සහනයකි. වසංගත සමයේදී කඩිනම් සේවාවක් ලබාදීමට සෞඛ්‍ය සේවකයන් නිලධාරීන් යොදවා ඇත. දිනෙන් දින කියුබාවේ වෛද්‍ය විද්‍යාව ජාන තාක්ෂණ විද්‍යාව දියුණු වෙමින් පවතී. 2014 වර්ෂයේදී ඩෙංගු රෝගයට එන්නතක් සොයා ගැනුණි. කියුබාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාව (Minsap) පවුලේ වෛද්‍යවරයා, වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු, මෙන්ම ජීව විද්‍යාඥයන්, ජෛව තාක්ෂණවේදීන්, සිවිල් ආරක්ෂක කමිටුව, ප්‍රජාව මේ සියලු දෙනාගෙන්ම සමන්විත නිරන්තරයෙන් අධීක්ෂණ (OisiLance) කටයුතුවල නියැලෙන නිසා ඩෙංගු වසංගත තත්ත්වයන් මර්දනය කරගත හැකි වී ඇත. රජය මේ ගැන නිරන්තර අවධානයෙන් සිටී. මෙය ජාතික ප්‍රශ්නයක් මෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක් ලෙසද සලකා සියලුම ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් ප්‍රායෝගික නිවාරණයක් කරා යෑමට ඔවුන්ට හැකිවී ඇත. අපටද ඔවුන්ගෙන් උගත යුතු බොහෝ දේ ඇත. අප එයට නිහතමානී විය යුතුය. ඔවුන් අතර කිසිම භේදයක් නැත. ඔවුන් සියලු දෙනා කියුබානුවෝ පමණකි. සමාජ ස්ථරණයක් නැත. ජාති ආගම් භේද නැත. මේ නිසා ඕනෑම ගැටලුවකට මුහුණ දීමට පහසුය. වෛද්‍ය නිශා ප්‍රනාන්දු ශ්‍රී ලාංකික වෛද්යවරියක්කි යුබාවේදී ලද අත්දැකීම් [/SIZE][/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom