Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිපිටි බොන අයට බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ වීඩියෝ ක්ලිප් එක බැලුවා. මේ ගුරුතුමා තමන්ගේ ශිෂ්‍යයින්ට තමන්ගේ රට, ජාතිය, ආගම පිලිබඳ ආදරයක් ඇතිවෙන ආකාරයට දේශනා පැවැත්වීමේ කිසිම වරදක් නැහැ. ලෝකයේ සියලුම රටවල ගුරුවරුන් එසේ කල යුතුයි.

නමුත් ලෝකයේ බොහෝ ජාතීන් තමන්ගේ ජාතිය ලොවේ ඉහලම ජාතිය බවත්, තමන්ගේ රට ලෝකයේ හොඳම රට බවත් ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බවත්, ඔවුන් කිසිවෙකු වෙනත් ජාතීන්ට පහර ගසන්නේ හෝ ඔවුන් පස්ස පිහිදාන්නේ ගහක කොළයකින්ද , ටොයිලට් ටිශියු එකකින්ද කියා ඔවුන් අවමානයට ලක් නොකිරීමට තරම් සභ්‍යත්වයක් ඇති බවත් මෙතුමා නොදැනීම අවාසනාවක්. අප ආඩම්බර විය යුත්තේ අපේ හැකියාව, හැදියාව, නීතිගරුක බව, අවංක බව ගැන මිසක් පස්ස පැත්ත වතුරෙන් හෝදන එක ගැන නොවෙයි. පාරේ වාහනයක් එලවන්න දන්නේ නැති, කාන්තාවකට බස් එකක දුම්රියක නිදහසේ යන්න ඉඩ නොදෙන, පගාවක්, හැඳුනුම්කමක් නැතිව රාජකාරියක් කරගන්න බැරි, දූෂණයෙන් අවනීතියෙන් පිරුන රටක් පස්ස පැත්ත වතුරෙන් සේදීමෙන් විතරක් උසස් ජාතියක් වෙන්නේ නැහැ.

"නවසීලන්තයේ කිරිපිටි ලංකාවට එවලා ලංකාවේ මිනිසුන්ට පිළිකා හදවනවා" වැනි අදහසක් ගැන ගැඹුරින් හිතා බැලුවාම මේ ගුරුතුමා තමා කුඩා කාලයේ එතුමන්ට කිරිපිටි පොවන්න තරම් වත්කමක් එතුමන්ගේ දෙමව්පියන්ට නොතිබීම පිළිබඳවත් හිතා බලන්න වෙනවා. තමන්ට නොලැබුන දෙයක් වෙනත් කෙනෙකුට ලැබීම පිළිබඳව ඇතිවන ඊර්ෂ්‍යාව හෝ තමන් ශ්‍රී ලාංකිකයෙකු වීමේ හීනමානය වැනි හේතුවක් මීට බලපාන බව මගේ අදහසයි. "කිරිපිටි" කිසිම විටක . Pasteurized කිරි තරම් හොඳ නැහැ. නැවුම් එළකිරි (ශීත නොකළ, දොවාගෙන පැය කිහිපයක් තුල පරිභෝජනය කලයුතු) Pasteurized කිරි වලටත් වඩා හොඳයි. මේ අතරේ UHT (කල් කිරි) වල තියන නුගුනත් බොහොමයි. නවසීලන්තයේ පිටි කිරි භාවිතය ඉතාම අවමයි කියන කාරණය මත පමණක් මේවා තීරණය කරන්න බැහැ. ලංකාවේ මෙන් නොව, එහි සෑම ගෙදරකම ශීතකරණ එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, නොකඩවා සැම විටම දියර කිරි මිලදී ගත හැකි බව මෙතුමා නොදන්නා බව හෝ උවමනාවෙන්ම වසන් කරන බව පේනවා. වසර කිහිපයකට පෙර මෙලමයින් සහිත කිරිපිටි චීනයෙන් අසු වූ බවත් මම නොදන්නවා නොවෙයි. නමුත් නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ කිරිපිටි අපනයනය කරන්නේ ලංකාවට පමණක් නොවෙයි. ලංකාවේ කිරිපිටි වෙළඳපොල කුඩා එකක් බවත් ලංකාවට වඩා බොහෝ සැර ආනයන නීති ක්‍රියාත්මක වන රටවලට ඒවා අපනයනය කරන බවත් ( NZ අපනයනය NZ $ 5.8b, Aus අපනයනය AUD 3.4b බවත් මෙයින් සුළු කොටසක් පමණක් ලංකාවට ආනයනය කරන බවත්) කිව යුතුයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ පවුලෙන්, මගේ බිරිඳ බොන්නේ පිටිකිරි වලින් සෑදු තේ පමණයි. ඒක අවාසනාව, කරුමේ නොව තමන් කැමති දෙයක් පරිභෝජනය කිරීමේ නිදහස හෝ ඇයගේ රුචිකත්වයයි. ඒ ගැන තර්ක කලොත් (ඒ ගැන තර්ක කරන එක නවත්වලා දැන් අවුරුදු 30 විතර වෙනවා ) ඇය කියන්නේ ඇල්කොහොල් ශරීරයට අහිතකර බව දැන දැන මම විස්කි බොනවා නම්, එයා කැමති කිරිපිටි බීමේ වරද මොකක්ද කියන එකයි. ඒ අනුව තමන්ට මිලදී ගැනීමට හැකියාවක් ඇත්නම්, තමන් කැමති නම්, එහි මෙලමයින්, ෆාර්ම් ඔයිල්, හෝ එතනෝල් තියනවාද කියන එක ඒ ඒ පුද්ගලයාට අදාළ කරුණක් බවත් එය සුද්දාට ආවැඩීමක් හෝ සුද්දාගේ දේ උසස් කොට සැලකීමක් නොවන බවත් කිවයුතුයි. මම පාසල් යන කාලයේ උදේට කිරි(පිටිකිරි) එකක් විතරක් බීලා පාසල් ගිහින් එහිදී උදේ ආහාරය ගන්න පුරුදු වෙලා හිටියා. මේ දේශනයේ කියන ආකාරයට පිටිකිරි අහිතකර නම් ඊට ප්‍රායෝගික විකල්පයක් මේ ගුරුතුමා කියනවාද ??

තව සති දෙකකින් වයස පනස් අටට ලබන මම, ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා ගත් සුදුසුකම් මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර තිහක් ඕස්ට්‍රේලියාවේ ජීවත් උනා. එහිදී තවත් දියුණු/නොදියුණු රටවල් සෑහෙන ගණනක සංචාරය කරන්න හෝ රාජකාරි සඳහා ගොස් තිබෙනවා. වසර 2500 ක ප්‍රෞඪ ඉතිහාසයක් හා බෞද්ධ සාරධර්ම වලින් පිරුනා යැයි කියන ලංකාවට වඩා ඒ රටවල් බොහොමයක මිනිසුන්ගේ ආකල්ප, නීතිගරුක/අවංක බව රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම වැනි කරුණු වලින් ඉතාම ඉහලින් සිටිනවා. යම් යම් කාරනා වලදී ලංකාවත්, ලාංකිකයනුත් ඔවුන්ට වඩා ඉහලින් ඉන්නා අවස්ථාවනුත් තියන බවත් කියන්නේ සතුටෙන් හා ආඩම්බරයෙනුයි. මේ ගුරුවරයා වැනි අය කරන්නේ අපේ 2500 ඉතිහාසය ගැන පුරාජේරු කියවන ගමන් අනිකුත් ජාතීන්ගේ දියුණුව හෝ ඔවුන්ගේ නිෂ්පාදන ගැන හෝ ඔවුන්ගේ ගති පැවතුම් අවඥාවට හා ගැරහීමට ලක් කිරීම මිසක් ලංකාව හෝ ලාංකිකයන්ගේ දියුණුවට උපකාරී වන උපදෙසක් ලබා දීම නොවෙයි. පැයක් විතර ගතකරලා මේක ටයිප් කලේ මේ ගුරුවරයා ලංකාවේ අනාගත පරම්පරාවට දෙන වැරදි උපදේශය ගැන මගේ අදහස පල කරන්න මිසක් එතුමා ගැන පුද්ගලික තරහකින් නොවෙයි. මේ වගේ දේවල් ලියපුවාම සමහරුන් ඉතාම පහත් භාෂාවෙන් anonymous ලෙස පිළිතුරු ලිවීමත් සිදු වෙන බවත් මම දන්නවා. යමක් තේරුම් ගැනීමේ හැකියාවක් හා හැදියාවක් තියන බහුතරයක් වෙනුවෙන් ඒ වගේ අය නොසලකා හැර මේ දේවල් ලියන බවත් කිවයුතුයි.

ලාංකිකයන් හැටියට අපි සියල්ලෝම ලංකාවට ආදරය කලයුතුයි.

ඉන්දියාවේ හැදූ මයික් එකකින් කතා කරමින් චීනයේ හැදූ වයිට් බෝඩ් එකක තායිවානයේ හැදූ මාර්කර් එකකින් ලියමින් ලෝකයේ අනිකුත් ජාතීන්ට ගැරහීමෙන් සිදුවෙන්නේ අපි තව තවත් පහලට යාම මිසක් දියුණුවක් ඇතිවීම නොවෙයි.

[QUOTE="1sam, post: 25065945, member: 557062"] මම මේ වීඩියෝ ක්ලිප් එක බැලුවා. මේ ගුරුතුමා තමන්ගේ ශිෂ්‍යයින්ට තමන්ගේ රට, ජාතිය, ආගම පිලිබඳ ආදරයක් ඇතිවෙන ආකාරයට දේශනා පැවැත්වීමේ කිසිම වරදක් නැහැ. ලෝකයේ සියලුම රටවල ගුරුවරුන් එසේ කල යුතුයි. නමුත් ලෝකයේ බොහෝ ජාතීන් තමන්ගේ ජාතිය ලොවේ ඉහලම ජාතිය බවත්, තමන්ගේ රට ලෝකයේ හොඳම රට බවත් ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බවත්, ඔවුන් කිසිවෙකු වෙනත් ජාතීන්ට පහර ගසන්නේ හෝ ඔවුන් පස්ස පිහිදාන්නේ ගහක කොළයකින්ද , ටොයිලට් ටිශියු එකකින්ද කියා ඔවුන් අවමානයට ලක් නොකිරීමට තරම් සභ්‍යත්වයක් ඇති බවත් මෙතුමා නොදැනීම අවාසනාවක්. අප ආඩම්බර විය යුත්තේ අපේ හැකියාව, හැදියාව, නීතිගරුක බව, අවංක බව ගැන මිසක් පස්ස පැත්ත වතුරෙන් හෝදන එක ගැන නොවෙයි. පාරේ වාහනයක් එලවන්න දන්නේ නැති, කාන්තාවකට බස් එකක දුම්රියක නිදහසේ යන්න ඉඩ නොදෙන, පගාවක්, හැඳුනුම්කමක් නැතිව රාජකාරියක් කරගන්න බැරි, දූෂණයෙන් අවනීතියෙන් පිරුන රටක් පස්ස පැත්ත වතුරෙන් සේදීමෙන් විතරක් උසස් ජාතියක් වෙන්නේ නැහැ. "නවසීලන්තයේ කිරිපිටි ලංකාවට එවලා ලංකාවේ මිනිසුන්ට පිළිකා හදවනවා" වැනි අදහසක් ගැන ගැඹුරින් හිතා බැලුවාම මේ ගුරුතුමා තමා කුඩා කාලයේ එතුමන්ට කිරිපිටි පොවන්න තරම් වත්කමක් එතුමන්ගේ දෙමව්පියන්ට නොතිබීම පිළිබඳවත් හිතා බලන්න වෙනවා. තමන්ට නොලැබුන දෙයක් වෙනත් කෙනෙකුට ලැබීම පිළිබඳව ඇතිවන ඊර්ෂ්‍යාව හෝ තමන් ශ්‍රී ලාංකිකයෙකු වීමේ හීනමානය වැනි හේතුවක් මීට බලපාන බව මගේ අදහසයි. "කිරිපිටි" කිසිම විටක . Pasteurized කිරි තරම් හොඳ නැහැ. නැවුම් එළකිරි (ශීත නොකළ, දොවාගෙන පැය කිහිපයක් තුල පරිභෝජනය කලයුතු) Pasteurized කිරි වලටත් වඩා හොඳයි. මේ අතරේ UHT (කල් කිරි) වල තියන නුගුනත් බොහොමයි. නවසීලන්තයේ පිටි කිරි භාවිතය ඉතාම අවමයි කියන කාරණය මත පමණක් මේවා තීරණය කරන්න බැහැ. ලංකාවේ මෙන් නොව, එහි සෑම ගෙදරකම ශීතකරණ එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, නොකඩවා සැම විටම දියර කිරි මිලදී ගත හැකි බව මෙතුමා නොදන්නා බව හෝ උවමනාවෙන්ම වසන් කරන බව පේනවා. වසර කිහිපයකට පෙර මෙලමයින් සහිත කිරිපිටි චීනයෙන් අසු වූ බවත් මම නොදන්නවා නොවෙයි. නමුත් නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ කිරිපිටි අපනයනය කරන්නේ ලංකාවට පමණක් නොවෙයි. ලංකාවේ කිරිපිටි වෙළඳපොල කුඩා එකක් බවත් ලංකාවට වඩා බොහෝ සැර ආනයන නීති ක්‍රියාත්මක වන රටවලට ඒවා අපනයනය කරන බවත් ( NZ අපනයනය NZ $ 5.8b, Aus අපනයනය AUD 3.4b බවත් මෙයින් සුළු කොටසක් පමණක් ලංකාවට ආනයනය කරන බවත්) කිව යුතුයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ පවුලෙන්, මගේ බිරිඳ බොන්නේ පිටිකිරි වලින් සෑදු තේ පමණයි. ඒක අවාසනාව, කරුමේ නොව තමන් කැමති දෙයක් පරිභෝජනය කිරීමේ නිදහස හෝ ඇයගේ රුචිකත්වයයි. ඒ ගැන තර්ක කලොත් (ඒ ගැන තර්ක කරන එක නවත්වලා දැන් අවුරුදු 30 විතර වෙනවා ) ඇය කියන්නේ ඇල්කොහොල් ශරීරයට අහිතකර බව දැන දැන මම විස්කි බොනවා නම්, එයා කැමති කිරිපිටි බීමේ වරද මොකක්ද කියන එකයි. ඒ අනුව තමන්ට මිලදී ගැනීමට හැකියාවක් ඇත්නම්, තමන් කැමති නම්, එහි මෙලමයින්, ෆාර්ම් ඔයිල්, හෝ එතනෝල් තියනවාද කියන එක ඒ ඒ පුද්ගලයාට අදාළ කරුණක් බවත් එය සුද්දාට ආවැඩීමක් හෝ සුද්දාගේ දේ උසස් කොට සැලකීමක් නොවන බවත් කිවයුතුයි. මම පාසල් යන කාලයේ උදේට කිරි(පිටිකිරි) එකක් විතරක් බීලා පාසල් ගිහින් එහිදී උදේ ආහාරය ගන්න පුරුදු වෙලා හිටියා. මේ දේශනයේ කියන ආකාරයට පිටිකිරි අහිතකර නම් ඊට ප්‍රායෝගික විකල්පයක් මේ ගුරුතුමා කියනවාද ?? තව සති දෙකකින් වයස පනස් අටට ලබන මම, ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා ගත් සුදුසුකම් මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර තිහක් ඕස්ට්‍රේලියාවේ ජීවත් උනා. එහිදී තවත් දියුණු/නොදියුණු රටවල් සෑහෙන ගණනක සංචාරය කරන්න හෝ රාජකාරි සඳහා ගොස් තිබෙනවා. වසර 2500 ක ප්‍රෞඪ ඉතිහාසයක් හා බෞද්ධ සාරධර්ම වලින් පිරුනා යැයි කියන ලංකාවට වඩා ඒ රටවල් බොහොමයක මිනිසුන්ගේ ආකල්ප, නීතිගරුක/අවංක බව රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම වැනි කරුණු වලින් ඉතාම ඉහලින් සිටිනවා. යම් යම් කාරනා වලදී ලංකාවත්, ලාංකිකයනුත් ඔවුන්ට වඩා ඉහලින් ඉන්නා අවස්ථාවනුත් තියන බවත් කියන්නේ සතුටෙන් හා ආඩම්බරයෙනුයි. මේ ගුරුවරයා වැනි අය කරන්නේ අපේ 2500 ඉතිහාසය ගැන පුරාජේරු කියවන ගමන් අනිකුත් ජාතීන්ගේ දියුණුව හෝ ඔවුන්ගේ නිෂ්පාදන ගැන හෝ ඔවුන්ගේ ගති පැවතුම් අවඥාවට හා ගැරහීමට ලක් කිරීම මිසක් ලංකාව හෝ ලාංකිකයන්ගේ දියුණුවට උපකාරී වන උපදෙසක් ලබා දීම නොවෙයි. පැයක් විතර ගතකරලා මේක ටයිප් කලේ මේ ගුරුවරයා ලංකාවේ අනාගත පරම්පරාවට දෙන වැරදි උපදේශය ගැන මගේ අදහස පල කරන්න මිසක් එතුමා ගැන පුද්ගලික තරහකින් නොවෙයි. මේ වගේ දේවල් ලියපුවාම සමහරුන් ඉතාම පහත් භාෂාවෙන් anonymous ලෙස පිළිතුරු ලිවීමත් සිදු වෙන බවත් මම දන්නවා. යමක් තේරුම් ගැනීමේ හැකියාවක් හා හැදියාවක් තියන බහුතරයක් වෙනුවෙන් ඒ වගේ අය නොසලකා හැර මේ දේවල් ලියන බවත් කිවයුතුයි. ලාංකිකයන් හැටියට අපි සියල්ලෝම ලංකාවට ආදරය කලයුතුයි. ඉන්දියාවේ හැදූ මයික් එකකින් කතා කරමින් චීනයේ හැදූ වයිට් බෝඩ් එකක තායිවානයේ හැදූ මාර්කර් එකකින් ලියමින් ලෝකයේ අනිකුත් ජාතීන්ට ගැරහීමෙන් සිදුවෙන්නේ අපි තව තවත් පහලට යාම මිසක් දියුණුවක් ඇතිවීම නොවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom