කිරුළපන හුණ්ඩුවේ?
කිරුළපන හුණ්ඩුවේ නොතියා මැයි රැලිය
ගාලුමුවදොර පවත්වා ජන බලය පෙන්වන්න
- ඇමැති පී. හැරිසන්
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
කිරුළපන පිහිටි හුණ්ඩුවක් තරම් ඉතාම කුඩා පිටියක මැයි දින රැලිය පැවැත්වීම වෙනුවට හැකි නම් එය ගාලුමුවදොර පිටියේ පවත්වා ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය පෙන්වන ලෙසට තමන් එම විපක්ෂයට අභියෝග කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයට සිය ජන බලය පෙන්වීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඊට කිරුළපන පිටිය වෙනුවට ගාලු මුවදොර පිටිය සූදානම් කර දීමට තමන් කැමැත්තෙන් සිටින බවත්, ඒ සඳහා තවත් කල් තිබෙන බවත් ඇමැතිවරයා කීය.
අනුරාධපුරයේදී ඉකුත් 24 වැනිදා පැවැති බක්මහ උළෙලකට සහභාගි වෙමින් අමාත්‍ය පී. හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසක් අද ඉන්නෙ මෛත්‍රී එක්ක. එක්සත් ජාතික පක්ෂයේ අය රනිල්ගෙ නායකත්වයෙන් ගමන යනවා. ඒ නිසා මේ නායකයො දෙන්නගෙ මැයි රැලි දෙක තමයි මෙදා ඉතා සාර්ථක මැයි රැලි දෙක බවට පත්වෙන්නෙ. ඒ වගේම මේ මැයි රැලි දෙකෙන් පස්සෙ තමයි ඒකාබද්ධ විපක්ෂය පුස්සක් වෙන්නෙ.
අක්කර කාලක්වත් නැති කිරුළපන හුණ්ඩුවෙ මැයි රැලිය පවත්වනවාට වඩා තමන්ගේ
රැලිය ශක්තිමත් නම් එය ගාලුමුවදොර පිටියේ පවත්වා තමන්ගේ ජනබලය පෙන්වන ලෙසට මා ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරනවා.
ඔවුන්ට ගාලුමුවදොර පිටියට තියා අඩුම ගානෙ කැම්බලපිටියටවත් සෙනඟ ගෙන ඒමට බැරිව මේ කිරුළපන මුල්ලක මැයි රැලිය පවත්වා ඒකාබද්ධ විපක්ෂය තම ලැඡ්ජාව වසා ගැනීමට උත්සාහ කරනවා.