Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසිම දිනක Nulled, Cracked, Scripts,Themes,Plugins භාවිතා නොකලයුත්තේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම දිනක Nulled, Cracked, Scripts,Themes,Plugins භාවිතා නොකලයුත්තේ ඇයි

අද මම කතා කරන්න යන්නේ බොහෝ දෙනාගේ අවදානය එතරම් යොමු නොවුනත් අතිශය වැදගත් කාරණාවක් ගැන.ඒ තමයි Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated scripts බාවිතා කිරීම සුදුසුද නැද්ද කියන එක.

මොනවද මේ Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated plugins/themes කියන්නේ ?

WordPress, Joomla, Drupal වගේ CMS නොමිලයේ ලබාදුන්නාට ඒවයේ හැකියාවන් වැඩි කරන්න, පෙනුම වෙනස්කරන්න අවශ්‍ය Scripts (themes, plugins, modules) අපිට අවශ්‍ය වෙනවා. මේවායින් සමහර ඒවා නොමිලයේ බෙදාහරින ඒවා. සමහර ඒවා Premium. ඒ කියන්නේ මුදල් ගෙවා ලබාගත යුතු දේවල්. ඉතින් මේ මුදල් ගෙවා ලබාගත යුතු Scripts hack/crack කිරීමකට භාජනය කරලා මුදල් නොගෙවා (හෝ ඉතා සුලු මුදලකට) භාවිතයට ගත හැකි ආකාරයට විවිද පුද්ගලයින් විසින් සකසලා බෙදාහරිනවා. කෙටියෙන් කියනවා නම් මුදල් ගෙවා ලබාගත යුතු මොකක් හරි Script එකක් ඒ මුදල් ගෙවීමේ හෝ Registration process එක බයිපාස් කරලා මුදල් ගෙවීමකින් තොරව භාවිතා අන්න ඒවාට තමයි Nulled, cracked, pirated Scripts කියලා කියන්නේ. Crack කරපු Desktop Applications වගේම තමයි.

ඉතින් මේ Nulled scripts භාවිතා කලාට කමක් නැද්ද ?

එපා. මොනම හේතුවකටවත් කිසිම දවසක Nulled Scripts භාවිතා කරන්න එපා.

ඇයි එපා කියන්නේ? නිකං තියෙද්දි සල්ලි දීල ගන්නේ මොකටද?

හේතු රාශියක්ම තියනවා. Nulled Scripts භාවිතා කිරීම නීතිවිරෝධී වීමත් නියම අයිතිකාරයෝ ඔබ Nulled scripts භාවිතා කරනවා කියලා දැනගන නීතිමය ක්‍රියාමර්ග ගත්තොත් ඇතිවෙන ප්‍රශ්නත් ගැන මං කතා නොකර ඉන්නං. ඊට වඩා වෙන්න පුලුවන් ප්‍රශ්න තියනවා මේ Nulled scripts භාවිතය නිසා.

Nulled themes/plugins හදන අයගෙන් 99.99 %ක්ම ඒක හදන්නේ මොකක් හරි යටි අරමුණක් ඇතිව. මොකාක් හරි මූල්‍ය අරමුණක් ඇතිවම තමයි. මේ Nulled scripts එක අස්සෙ තියෙන්න පුලුවන් බොහොම සූක්ෂම විදිහට ඇතුලත් කරපු Malicious codes. මීයක් කඩන්නේ අතලෙවකන්නම විතරක් නෙවෙයිනේ පුතා.

ඔබේ සර්වරය, වෙබ් අඩවිය ඔබට අහිමි විය හැකියි.

තියන Malicious codes මඟින් ඔබේ සර්වරයට, වෙබ් අඩවියට Backdoors ඇතිකරලා අනවසරයෙන් ඇතුලුවීමට හැකියාව ලබාදෙන්න පුලුවන්. එහෙම ඇතුලුවෙන කෙනෙකුට මොනාද කරන්න බැරි. කොහොමද එක WordPress site එකකට දාපු Nulled script එකක් නිසා මුලු Server එකම හැක්වෙලා ගියොත්. ඒ විතරක් නෙවෙයි කොහොමද ඔබේ සර්වරයට Access ගන්න කෙනා බරපතල Hacking attack එකක් ඔබේ සර්වරයේ ඉඳං කලොත් ? Attack එක Backtrace කරං එද්දි බෙල්ල මුලිං අහුවෙන්නේ ඔබ. ඒක නිරාකරණය කරගන්න එකට සෑහෙන කට්ටක් කන්න වෙනවා.

ඔබේ වෙබ් අඩවියේ දත්ත සොරකම් කිරීමකට භාජනය විය හැකියි.

වෙබ් අඩවියට ඇතුලත් වෙන කෙනාට ඔබේ Backend එකේ තියන වටිනා තොරතුරු, Clients ලාගේ සංවේදී තොරතුරු ගන්න පුලුවන්. හිතන්න ඔබේ Document management system එකට ඇතුලුවෙලා Clientලගේ සංවේදී දත්ත උස්සලා එයාලගේ තරඟකාරී ආයතනයකට විකුණලා තිබ්බොත් කොහොමද?

Backlinks, Advertisements, popups ඔබේ අඩවියට නොමිලයේම එකතු වීම.

Backlinks කියන්නේ SEO වලට අත්‍යාවශ්‍ය දෙයක්. හැබැයි ඉස්සර වගේ Backlinks දාගන දාගන ගියා කියලා දැන් Page ranks නඟින්නේ නෑ. Google වල SEO Algorithms දැන් හරිම ප්‍රභලයි. ඒවගේම චාටර් වෙබ් අඩවියටකට ඔබේ අඩවියෙන් Backlinks ගිහිල්ලා තිබ්බොත් ඔබේ සයිට් එකේ තමයි Page ranks බහින්නේ. ඒක හරියට ඔයා ගමේ ආශ්‍රය කරන්නේ රස්තියාදුකාර, චාටර් චරිත නං ඔයා කොච්චර හොඳ උනත් ඔයාත් රස්තියාදු කාරයෙක්, චාටර් චරිතයක් කියලා හංවඩු ගැහෙනවා වගේ. ඉතිං මේ pirate, nulled scripts හදන උදවියට පුලුවනි ඔයාගේ වැදගත් සයිට් එකෙන් වටිනා Backlinks ඔයා නොදැනුවත්වම හොරෙං අරං එයාලගේ චාටර් සයිට් එකක Page ranks නග්ගා ගන්න. ඊට අමතරව විවිදාකාර Advertisements බැනර්ස් සහ popups විදිහට එකතු වෙන්නත් පුලුවන්. ඊට අමතරව ඔවුන්ගේ Affiliate links ඔබේ අඩවියට එකතුවීම උනත් සිදුවෙන්න පුලුවන්.

Updates සහ Compatibility නැතිවීම

Nulled කරපු script එකකට Original authors ලගෙන් software updates ලැබෙන්නෙ නෑ.ඒ කියන්නේ nulled script එක වර්ශන් එක 5 නං හැමදාම වර්ශන් 5හේ තමයි ඉන්න වෙන්නේ. එහෙම නැත්තං වර්ශන් එකෙන් වර්ශන් එකට Nulled scripts හොයාගන්න වෙනවා. ඒක ඉතිං අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දමාගැනීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

ඊළඟ දේ තමයි WordPress වගේ CMS වල වර්ශන්ස් අප්ඩේට් වෙන්න වෙන්න සමහර functions depreciate වෙනවා. ඒකියන්නේ භාවිතයෙන් ඉවත්වෙනවා. එතකොට ඒකේ භාවිතා කරන Plugins වලටත් updates අවශ්යෙවනවා. ඒ කියන්නේ අපි හිතමු WordPress function එකක් තිබුනා කියලා function a කියලා. අලුත් වර්ශන් එකේදි ඒ Function a කියන එක WordPress team එකෙන් අයින් කරලා ඒකෙන් කල වැඩේ කරන්න වෙන function එකක් දාලා තියෙනවා කියලා හිතමු. (මේක නිතරම වෙන වැඩක්). එතකොට යම් plugin එකක් පරණ function එක භාවිතා කලා නම් කෙලින්ම Fetal error එකක් එනවා නැති function එකක් භාවිතා කලා කියලා. ඒකට ගැලපෙන්න plugins update වෙලා තියෙන්නේ ඕන. Nulled plugins වලට මොන updatesද. ඒ නිසා වෙන්නෙ ඔබේ මුලු වෙබ් අඩවියම වැඩ නොකරන එක.

වරදකාරී හැඟීම.

මොනා උනත් මනුස්සයෙක් මුදල් උපයන්න හදපු එකක් හොරට පාවිච්චි කරනවානේ කියන හැඟීම. මොනා උනත් ඒකත් හොරකමක්නේ. අනිත් දේ තමයි ඉස්සර වගේ නෙවෙයි දැන් plugins themes එහෙම ලොකු ගාණක් වෙන්නේ නෑ. ඒ නිසා පොඩි ගානක් ඉතුරුකරගන්න nulled version එකක් භාවිතා කරන එක නම් මෝඩම මෝඩ වැඩක්.

එහෙනං ඕවා තමයි හොර වර්ශන් භාවිතා කිරීමේදී එන ගැටලු.

දැං අපි භාවිතා කරන Free Plugins වල ඔය කියන ගැටලුව නැද්ද ?

පැහැදිලිවම තියෙන්න පුලුවන්. යටි අරමුණු තියාගන, ඇටෑක් කරන්න හිතාගනම හදපු plugins තියෙන්න පුලුවන්. ඒ නිසා හැම විටම නිල Plugins/Modules Directory එකෙන්ම රේටින්ග්ස් එහෙම බලලා ගන්න එක තමයි හොඳම දේ.

Web Development Sinhalen තුලින් මම හඳුන්වා දෙන Plugins ගැන ඔයගොල්ලන්ට 100%ක් විශ්වාසය තියන්න පුලුවනි. මොකද මම ඒ හඳුන්වාදෙන්නේ මගේ වාණිජ ව්‍යාපෘතිවල මම භාවිතා කරන ෂුවර්ම ෂුවර් Plugins විතරක් නිසා. එහෙනං ජය වේවා.. Happy Coding.

මෙම ලිපිය මුලින්ම www.webdevelopmentsinhalen.com හි පලවූවකි.

[QUOTE="a2mdb, post: 21405422, member: 488489"] [b]කිසිම දිනක Nulled, Cracked, Scripts,Themes,Plugins භාවිතා නොකලයුත්තේ ඇයි[/b] [SIZE="4"]අද මම කතා කරන්න යන්නේ බොහෝ දෙනාගේ අවදානය එතරම් යොමු නොවුනත් අතිශය වැදගත් කාරණාවක් ගැන.ඒ තමයි Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated scripts බාවිතා කිරීම සුදුසුද නැද්ද කියන එක. [B]මොනවද මේ Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated plugins/themes කියන්නේ ?[/B] WordPress, Joomla, Drupal වගේ CMS නොමිලයේ ලබාදුන්නාට ඒවයේ හැකියාවන් වැඩි කරන්න, පෙනුම වෙනස්කරන්න අවශ්‍ය Scripts (themes, plugins, modules) අපිට අවශ්‍ය වෙනවා. මේවායින් සමහර ඒවා නොමිලයේ බෙදාහරින ඒවා. සමහර ඒවා Premium. ඒ කියන්නේ මුදල් ගෙවා ලබාගත යුතු දේවල්. ඉතින් මේ මුදල් ගෙවා ලබාගත යුතු Scripts hack/crack කිරීමකට භාජනය කරලා මුදල් නොගෙවා (හෝ ඉතා සුලු මුදලකට) භාවිතයට ගත හැකි ආකාරයට විවිද පුද්ගලයින් විසින් සකසලා බෙදාහරිනවා. කෙටියෙන් කියනවා නම් මුදල් ගෙවා ලබාගත යුතු මොකක් හරි Script එකක් ඒ මුදල් ගෙවීමේ හෝ Registration process එක බයිපාස් කරලා මුදල් ගෙවීමකින් තොරව භාවිතා අන්න ඒවාට තමයි Nulled, cracked, pirated Scripts කියලා කියන්නේ. Crack කරපු Desktop Applications වගේම තමයි. [B]ඉතින් මේ Nulled scripts භාවිතා කලාට කමක් නැද්ද ?[/B] [SIZE="5"][COLOR="Red"]එපා. මොනම හේතුවකටවත් කිසිම දවසක Nulled Scripts භාවිතා කරන්න එපා.[/COLOR][/SIZE] [B]ඇයි එපා කියන්නේ? නිකං තියෙද්දි සල්ලි දීල ගන්නේ මොකටද?[/B] හේතු රාශියක්ම තියනවා. Nulled Scripts භාවිතා කිරීම නීතිවිරෝධී වීමත් නියම අයිතිකාරයෝ ඔබ Nulled scripts භාවිතා කරනවා කියලා දැනගන නීතිමය ක්‍රියාමර්ග ගත්තොත් ඇතිවෙන ප්‍රශ්නත් ගැන මං කතා නොකර ඉන්නං. ඊට වඩා වෙන්න පුලුවන් ප්‍රශ්න තියනවා මේ Nulled scripts භාවිතය නිසා. Nulled themes/plugins හදන අයගෙන් 99.99 %ක්ම ඒක හදන්නේ මොකක් හරි යටි අරමුණක් ඇතිව. මොකාක් හරි මූල්‍ය අරමුණක් ඇතිවම තමයි. මේ Nulled scripts එක අස්සෙ තියෙන්න පුලුවන් බොහොම සූක්ෂම විදිහට ඇතුලත් කරපු Malicious codes. මීයක් කඩන්නේ අතලෙවකන්නම විතරක් නෙවෙයිනේ පුතා. [B]ඔබේ සර්වරය, වෙබ් අඩවිය ඔබට අහිමි විය හැකියි.[/B] තියන Malicious codes මඟින් ඔබේ සර්වරයට, වෙබ් අඩවියට Backdoors ඇතිකරලා අනවසරයෙන් ඇතුලුවීමට හැකියාව ලබාදෙන්න පුලුවන්. එහෙම ඇතුලුවෙන කෙනෙකුට මොනාද කරන්න බැරි. කොහොමද එක WordPress site එකකට දාපු Nulled script එකක් නිසා මුලු Server එකම හැක්වෙලා ගියොත්. ඒ විතරක් නෙවෙයි කොහොමද ඔබේ සර්වරයට Access ගන්න කෙනා බරපතල Hacking attack එකක් ඔබේ සර්වරයේ ඉඳං කලොත් ? Attack එක Backtrace කරං එද්දි බෙල්ල මුලිං අහුවෙන්නේ ඔබ. ඒක නිරාකරණය කරගන්න එකට සෑහෙන කට්ටක් කන්න වෙනවා. [B]ඔබේ වෙබ් අඩවියේ දත්ත සොරකම් කිරීමකට භාජනය විය හැකියි.[/B] වෙබ් අඩවියට ඇතුලත් වෙන කෙනාට ඔබේ Backend එකේ තියන වටිනා තොරතුරු, Clients ලාගේ සංවේදී තොරතුරු ගන්න පුලුවන්. හිතන්න ඔබේ Document management system එකට ඇතුලුවෙලා Clientලගේ සංවේදී දත්ත උස්සලා එයාලගේ තරඟකාරී ආයතනයකට විකුණලා තිබ්බොත් කොහොමද? [B]Backlinks, Advertisements, popups ඔබේ අඩවියට නොමිලයේම එකතු වීම.[/B] Backlinks කියන්නේ SEO වලට අත්‍යාවශ්‍ය දෙයක්. හැබැයි ඉස්සර වගේ Backlinks දාගන දාගන ගියා කියලා දැන් Page ranks නඟින්නේ නෑ. Google වල SEO Algorithms දැන් හරිම ප්‍රභලයි. ඒවගේම චාටර් වෙබ් අඩවියටකට ඔබේ අඩවියෙන් Backlinks ගිහිල්ලා තිබ්බොත් ඔබේ සයිට් එකේ තමයි Page ranks බහින්නේ. ඒක හරියට ඔයා ගමේ ආශ්‍රය කරන්නේ රස්තියාදුකාර, චාටර් චරිත නං ඔයා කොච්චර හොඳ උනත් ඔයාත් රස්තියාදු කාරයෙක්, චාටර් චරිතයක් කියලා හංවඩු ගැහෙනවා වගේ. ඉතිං මේ pirate, nulled scripts හදන උදවියට පුලුවනි ඔයාගේ වැදගත් සයිට් එකෙන් වටිනා Backlinks ඔයා නොදැනුවත්වම හොරෙං අරං එයාලගේ චාටර් සයිට් එකක Page ranks නග්ගා ගන්න. ඊට අමතරව විවිදාකාර Advertisements බැනර්ස් සහ popups විදිහට එකතු වෙන්නත් පුලුවන්. ඊට අමතරව ඔවුන්ගේ Affiliate links ඔබේ අඩවියට එකතුවීම උනත් සිදුවෙන්න පුලුවන්. [B]Updates සහ Compatibility නැතිවීම[/B] Nulled කරපු script එකකට Original authors ලගෙන් software updates ලැබෙන්නෙ නෑ.ඒ කියන්නේ nulled script එක වර්ශන් එක 5 නං හැමදාම වර්ශන් 5හේ තමයි ඉන්න වෙන්නේ. එහෙම නැත්තං වර්ශන් එකෙන් වර්ශන් එකට Nulled scripts හොයාගන්න වෙනවා. ඒක ඉතිං අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දමාගැනීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඊළඟ දේ තමයි WordPress වගේ CMS වල වර්ශන්ස් අප්ඩේට් වෙන්න වෙන්න සමහර functions depreciate වෙනවා. ඒකියන්නේ භාවිතයෙන් ඉවත්වෙනවා. එතකොට ඒකේ භාවිතා කරන Plugins වලටත් updates අවශ්යෙවනවා. ඒ කියන්නේ අපි හිතමු WordPress function එකක් තිබුනා කියලා function a කියලා. අලුත් වර්ශන් එකේදි ඒ Function a කියන එක WordPress team එකෙන් අයින් කරලා ඒකෙන් කල වැඩේ කරන්න වෙන function එකක් දාලා තියෙනවා කියලා හිතමු. (මේක නිතරම වෙන වැඩක්). එතකොට යම් plugin එකක් පරණ function එක භාවිතා කලා නම් කෙලින්ම Fetal error එකක් එනවා නැති function එකක් භාවිතා කලා කියලා. ඒකට ගැලපෙන්න plugins update වෙලා තියෙන්නේ ඕන. Nulled plugins වලට මොන updatesද. ඒ නිසා වෙන්නෙ ඔබේ මුලු වෙබ් අඩවියම වැඩ නොකරන එක. [B]වරදකාරී හැඟීම.[/B] මොනා උනත් මනුස්සයෙක් මුදල් උපයන්න හදපු එකක් හොරට පාවිච්චි කරනවානේ කියන හැඟීම. මොනා උනත් ඒකත් හොරකමක්නේ. අනිත් දේ තමයි ඉස්සර වගේ නෙවෙයි දැන් plugins themes එහෙම ලොකු ගාණක් වෙන්නේ නෑ. ඒ නිසා පොඩි ගානක් ඉතුරුකරගන්න nulled version එකක් භාවිතා කරන එක නම් මෝඩම මෝඩ වැඩක්. එහෙනං ඕවා තමයි හොර වර්ශන් භාවිතා කිරීමේදී එන ගැටලු. [B] දැං අපි භාවිතා කරන Free Plugins වල ඔය කියන ගැටලුව නැද්ද ?[/B] පැහැදිලිවම තියෙන්න පුලුවන්. යටි අරමුණු තියාගන, ඇටෑක් කරන්න හිතාගනම හදපු plugins තියෙන්න පුලුවන්. ඒ නිසා හැම විටම නිල Plugins/Modules Directory එකෙන්ම රේටින්ග්ස් එහෙම බලලා ගන්න එක තමයි හොඳම දේ. [URL="http://webdevelopmentsinhalen.com"]Web Development Sinhalen[/URL] තුලින් මම හඳුන්වා දෙන Plugins ගැන ඔයගොල්ලන්ට 100%ක් විශ්වාසය තියන්න පුලුවනි. මොකද මම ඒ හඳුන්වාදෙන්නේ මගේ වාණිජ ව්‍යාපෘතිවල මම භාවිතා කරන ෂුවර්ම ෂුවර් Plugins විතරක් නිසා. එහෙනං ජය වේවා.. Happy Coding. මෙම ලිපිය මුලින්ම [URL="http://webdevelopmentsinhalen.com/wordpress/never-use-nulled-cracked-scripts/"]www.webdevelopmentsinhalen.com[/URL] හි පලවූවකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom