Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!

කිසියම් පුද්ගලයකු පිළිබඳ අසත්‍ය තොරතුරු සහිත නිර්නාමික පත්‍රිකාව හැඳින්වෙන්නේ කැලෑ පත්තරය නමිනි. අතීතයේදී බොහෝවිට ග්‍රාමීය ප්‍රදේශවලට සීමාවූ කැලෑ පත්තරය තාක්ෂණයේ දියුණුවත් සමඟ පරිගණකය තුළින් ලොව පුරා ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව සෑම රටකටම විද්‍යුත් කැලෑ පත්තරය නැතහොත් මේ අපහාසාත්මක වෙබ් අඩවි විශාල ප්රශ්නයකි.

මේ මඩ වෙබ් අඩවි නතර කළ නොහැකිද මේවායේ හිමිකරුවන්ට දඬුවම් කළ නොහැකිදරෑ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස් ඒ පිළිබඳ කරන විග්රහයකි මේ.

රජය සහ පුද්ගලයන් පිළිබඳ අසත්‍ය තොරතුරු පළකරන සහ අසභ්‍ය දර්ශන විකාශය කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. වෙබ් අඩවි පළකරන්නන්ට තිබෙන මේ අසීමිත නිදහස කුමක්දරෑ

කිසියම් කෙනෙක් චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් එය තිරගත කිරීමට රජයෙන් අවසරයක් ලබාගන්න ඕන. නමුත් පොතක් හෝ පත්‍රිකාවක් පළකරන්න එබඳු අවසරයක් වුවමනා නැහැ. ප්රවෘත්ති පත්‍රයක් පළ කිරීමට අවශ්‍ය වන්නේ ඔය අවශ්‍යතා දෙකට අතරමැදි තත්ත්වයක්. නමුත් වෙබ් අඩවියක් පළකිරීමට අවශ්‍ය වන්නේ කෙබඳු අවසරයක්ද යන්න තවම තීරණය වෙලා නෑ. මේ නිසා වෙබ් අඩවියක් ඕනෑම කෙනෙකුට පළකරන්න පුළුවන්. එසේම ඕනෑම අදහසක් මතයක් වෙබ් අඩවි හරහා පළ කරන්නත් පුළුවන්.

පුවත්පතකින් හෝ පොතකින් යම් පුද්ගලයකුට අපහාසයක් කළොත් ඒ පිළිබඳ ගතහැකි පියවර තිබෙනවා. වෙබ් අඩවියකින් එබඳු අපහාසයක් සිදු කළොත් එයට එරෙහිව ගතහැකි පියවර කුමක්ද?

එම වෙබ් අඩවියේ හිමිකරුවන් සොයා ගත හැකිනම් ඒ පිළිබඳ ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. නමුත් බොහෝ විට මෙබඳු අපහාස කරන වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීම අපහසුයි. නමුත් රටක පුරවැසියන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ නිදහස සුරැකීම රජයේ වගකීමක්. කිසියම් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට හිංසාවක් කළොත් එම පද්ගලයාට එරෙහිව රජය ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඒ අනුව යම් පුද්ගලයෙක් වෙබ් අඩවියක් හරහා තවත් පුද්ගලයකුට හිංසාවක් පීඩාවක් කරනවා නම් එය වැළැක්වීමේ වගකීමක් රජයට තිබෙනවා. එම නිසා යම් පුද්ගලයකුට වෙබ් අඩවියකින් අපහාසයක් හෝ පාඩුවක් සිදුවෙනවා නම් ඔහුට ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළ හැකියි. එම වෙබ් අඩවියේ හිමිකරු සොයා ගත හැකිනම් ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාව තිබෙනවා. නමුත් මා නීතිඥයකු නොවන නිසා අපහාස කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි නීතිමය පියවර පිළිබඳ කිසිවක් කිව නොහැකියි.

නමුත් පුද්ගලයන්ට සහ රජයට අපහාස කරන මේ වෙබ් අඩවි බොහෝවිට ක්‍රියාත්මක වෙන්නෙ අපේ රට තුළ නොවෙයි. එබඳු වෙබ් අඩවි වල හිමිකරුවන් සොයා ගැනීමට සහ එම වෙබ් අඩවි මෙරට තුළ විකාශය නතර කිරීමට තාක්ෂණික ක්‍රමවේදයන් නැද්ද?

කවර නමකින් කවර රටක සිට ක්‍රියාත්මක වුවත් එම වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීමටත් මෙරට තුළ ඒවායේ ක්රියාකාරිත්වයන් නතර කිරීමටත් ක්‍රමවේද තිබෙනවා. විදෙස් වෙබ් අඩවි හිමිකරුවන් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අවශ්‍යයි. නමුත් වෙබ් අඩවි හරහා සිදුකරන බරපතළ නොවන ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර පොලිසිය එතරම් තැකීමක් කරන්නේ නැහැ. කිසියම් වෙබ් අඩවියකින් සිදුවූ අකටයුත්තක් පිළිබඳ යමෙකු ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළද ඔවුන් ක්‍රියාත්මක වන්නේ අදාළ පුද්ගලයාට ඉන් විශාල අලාභයක් සිදුවී ඇත්නම් පමණයි. සාමාන්‍යයෙන් වෙබ් අඩවි හරහා සිදුවන ඩොලර් ලක්ෂයකට වඩා අඩු අලාභ වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වන්නේ නෑ.

කෙසේ වෙතත් විදේශයක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් අන්තර්ජාලය ඔස්සේ අපේ රටට ඒම වැළැක්වීමට තාක්ෂණික පහසුකම් තිබෙනවා. මෙරටට අන්තර්ජාල පහසුකම් සලසන්නන් හරහා එය කළ හැකියි. නමුත් යම් වෙබ් අඩවියක තිබෙන කිසියම් පිටුවක් හෝ පිටු කිහිපයක් පමණක් අවහිර කිරීම තරමක් දුෂ්කරයි. එම නිසා ඇතැම්විට කිහිප දෙනෙකුට පමණක් ප්රශ්නකාරී පිටුවක් දෙකක් නිසා සම්පූර්ණ වෙබ් අඩවියම පළවීම වැළැක්වීමෙන් තවත් බොහෝ දෙනෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වීමේ ප්‍රශ්නයකුත් තිබෙනවා.

අන්තර්ජාලයේ පළවන වෙබ්අඩවියක් අපේ රට තුළ විකාශය වීම නතර කිරීම සඳහා නියෝග කිරීමේ බලය තිබෙන්නේ කාටද?

ඒ නියෝගය නිකුත් කළ හැක්කේ දුරකථන නියාමන කොමිසමටයි.

වෙබ් අඩවි අවහිර කිරීමේ තාක්ෂණික ක්‍රියාදාමය සාර්ථක එකක් නොවෙයිද?

යම් වෙබ් අඩවියක් අවහිර කළ පසු එහි තිබූ තොරතුරු වෙනත් වෙබ් අඩවියක් හරහා විකාශය කරන්න පුළුවන්. එය තාක්ෂණයේ ස්වභාවයයි. වෙබ් අඩවියක් අවහිර කළ පමණින් යම් තොරතුරක් පළවීම සම්පූර්ණයෙන් වැළකෙන්නේ නැහැ. අවශ්‍ය නම් එම තොරතුරු සංයුක්ත තැටියක ගබඩා කොට බෙදා හරින්න පුළුවන් ඡායාපිටපත් කර බෙදා හරින්න පුළුවන්. වෙබ් අඩවියක් අවහිර කිරීමෙන් එහි අඩංගු තොරතුරු විකාශය වීම මුළුමනින්ම වළක්වන්න බැහැ. වෙබ් අඩවියක් අවහිර කිරීමට වගේම එම අවහිර කිරීම් වළක්වන්නටත් තාක්ෂණයට පුළුවන්. ඒ වගේම තාක්ෂණය භාවිත කරලා අපරාධ කරන අය අහුවෙන්නෙත් ඒ තාක්ෂණයෙන්මයි.

මේ වෙබ් අඩවිවලට අයිතිකාරයෝ නැහැ කියල ප්‍රකාශ වුණාට සොයාගෙන යන විට මේවට අයිතිකාරයෝ ඉන්නව. ඔවුන් සැඟවිල ඉන්නෙ. වෙබ් අඩවි හරහා පුද්ගල චරිත ඝාතන සිදුකිරීම හැම රටකම වගේ තියෙන ප්‍රශ්නයක්. ඕනෑම රටක ඒ රට තුළ ක්‍රියාත්මකවන වෙබ් අඩවි ගැන පියවර ගැනීම පහසුයි. වෙනත් රටක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් ගැන තවත් රටක සිට කටයුතු කිරීම තරමක් අසීරු වී තිබෙන්නෙ ජාත්‍යන්තර පොලිසිය විශාල සිදුවීමක් පිළිබඳ මිස සුළු අපහාස කිරීම් ගැන එතරම් සැලකීමක් නොදක්වන නිසයි. පසුගිය දිනක අන්තර්ජාලය හරහා විශාල පාඩුවක් සිදුකළ වෙබ් අඩවියක් ඇමරිකාව ප්රමුඛ රටවල් කිහිපයක් ක්‍රියාත්මක වෙලා අල්ලා ගත්තා. නමුත් එක්කෙනෙකුගෙ මූණකට තව කෙනෙකුගෙ ඇඟක් සම්බන්ධ කරල ලොව පුරා පළ කළාට ඒකෙ අලාභය මුදලින් තක්සේරු කරන්න අමාරුයි. ඒ නිසා ඒක එතරම් සැලකිය යුතු දෙයක් හැටියට නෙමෙයි ජාත්‍යන්තර පොලිසිය සලකන්නෙ. අවශ්‍යතාවක් තියෙනව නම් අන්තර්ජාලය තුළ සැඟවී සිටින ඕනම කෙනෙක් අල්ල ගන්න පුළුවන්.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක

ඡායාරූප - සමන් රණවීර

මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස්

http://www.divaina.com/2011/11/20/feature13.html

[QUOTE="inranasingha, post: 11409281, member: 75796"] [b]කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ![/b] [CENTER][CENTER][I][SIZE="4"][COLOR="Purple"]කිසියම් පුද්ගලයකු පිළිබඳ අසත්‍ය තොරතුරු සහිත නිර්නාමික පත්‍රිකාව හැඳින්වෙන්නේ කැලෑ පත්තරය නමිනි. අතීතයේදී බොහෝවිට ග්‍රාමීය ප්‍රදේශවලට සීමාවූ කැලෑ පත්තරය තාක්ෂණයේ දියුණුවත් සමඟ පරිගණකය තුළින් ලොව පුරා ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව සෑම රටකටම විද්‍යුත් කැලෑ පත්තරය නැතහොත් මේ අපහාසාත්මක වෙබ් අඩවි විශාල ප්රශ්නයකි. මේ මඩ වෙබ් අඩවි නතර කළ නොහැකිද මේවායේ හිමිකරුවන්ට දඬුවම් කළ නොහැකිදරෑ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස් ඒ පිළිබඳ කරන විග්රහයකි මේ. රජය සහ පුද්ගලයන් පිළිබඳ අසත්‍ය තොරතුරු පළකරන සහ අසභ්‍ය දර්ශන විකාශය කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. වෙබ් අඩවි පළකරන්නන්ට තිබෙන මේ අසීමිත නිදහස කුමක්දරෑ කිසියම් කෙනෙක් චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් එය තිරගත කිරීමට රජයෙන් අවසරයක් ලබාගන්න ඕන. නමුත් පොතක් හෝ පත්‍රිකාවක් පළකරන්න එබඳු අවසරයක් වුවමනා නැහැ. ප්රවෘත්ති පත්‍රයක් පළ කිරීමට අවශ්‍ය වන්නේ ඔය අවශ්‍යතා දෙකට අතරමැදි තත්ත්වයක්. නමුත් වෙබ් අඩවියක් පළකිරීමට අවශ්‍ය වන්නේ කෙබඳු අවසරයක්ද යන්න තවම තීරණය වෙලා නෑ. මේ නිසා වෙබ් අඩවියක් ඕනෑම කෙනෙකුට පළකරන්න පුළුවන්. එසේම ඕනෑම අදහසක් මතයක් වෙබ් අඩවි හරහා පළ කරන්නත් පුළුවන්. පුවත්පතකින් හෝ පොතකින් යම් පුද්ගලයකුට අපහාසයක් කළොත් ඒ පිළිබඳ ගතහැකි පියවර තිබෙනවා. වෙබ් අඩවියකින් එබඳු අපහාසයක් සිදු කළොත් එයට එරෙහිව ගතහැකි පියවර කුමක්ද? එම වෙබ් අඩවියේ හිමිකරුවන් සොයා ගත හැකිනම් ඒ පිළිබඳ ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. නමුත් බොහෝ විට මෙබඳු අපහාස කරන වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීම අපහසුයි. නමුත් රටක පුරවැසියන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ නිදහස සුරැකීම රජයේ වගකීමක්. කිසියම් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට හිංසාවක් කළොත් එම පද්ගලයාට එරෙහිව රජය ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඒ අනුව යම් පුද්ගලයෙක් වෙබ් අඩවියක් හරහා තවත් පුද්ගලයකුට හිංසාවක් පීඩාවක් කරනවා නම් එය වැළැක්වීමේ වගකීමක් රජයට තිබෙනවා. එම නිසා යම් පුද්ගලයකුට වෙබ් අඩවියකින් අපහාසයක් හෝ පාඩුවක් සිදුවෙනවා නම් ඔහුට ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළ හැකියි. එම වෙබ් අඩවියේ හිමිකරු සොයා ගත හැකිනම් ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාව තිබෙනවා. නමුත් මා නීතිඥයකු නොවන නිසා අපහාස කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි නීතිමය පියවර පිළිබඳ කිසිවක් කිව නොහැකියි. නමුත් පුද්ගලයන්ට සහ රජයට අපහාස කරන මේ වෙබ් අඩවි බොහෝවිට ක්‍රියාත්මක වෙන්නෙ අපේ රට තුළ නොවෙයි. එබඳු වෙබ් අඩවි වල හිමිකරුවන් සොයා ගැනීමට සහ එම වෙබ් අඩවි මෙරට තුළ විකාශය නතර කිරීමට තාක්ෂණික ක්‍රමවේදයන් නැද්ද? කවර නමකින් කවර රටක සිට ක්‍රියාත්මක වුවත් එම වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීමටත් මෙරට තුළ ඒවායේ ක්රියාකාරිත්වයන් නතර කිරීමටත් ක්‍රමවේද තිබෙනවා. විදෙස් වෙබ් අඩවි හිමිකරුවන් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අවශ්‍යයි. නමුත් වෙබ් අඩවි හරහා සිදුකරන බරපතළ නොවන ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර පොලිසිය එතරම් තැකීමක් කරන්නේ නැහැ. කිසියම් වෙබ් අඩවියකින් සිදුවූ අකටයුත්තක් පිළිබඳ යමෙකු ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළද ඔවුන් ක්‍රියාත්මක වන්නේ අදාළ පුද්ගලයාට ඉන් විශාල අලාභයක් සිදුවී ඇත්නම් පමණයි. සාමාන්‍යයෙන් වෙබ් අඩවි හරහා සිදුවන ඩොලර් ලක්ෂයකට වඩා අඩු අලාභ වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වන්නේ නෑ. කෙසේ වෙතත් විදේශයක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් අන්තර්ජාලය ඔස්සේ අපේ රටට ඒම වැළැක්වීමට තාක්ෂණික පහසුකම් තිබෙනවා. මෙරටට අන්තර්ජාල පහසුකම් සලසන්නන් හරහා එය කළ හැකියි. නමුත් යම් වෙබ් අඩවියක තිබෙන කිසියම් පිටුවක් හෝ පිටු කිහිපයක් පමණක් අවහිර කිරීම තරමක් දුෂ්කරයි. එම නිසා ඇතැම්විට කිහිප දෙනෙකුට පමණක් ප්රශ්නකාරී පිටුවක් දෙකක් නිසා සම්පූර්ණ වෙබ් අඩවියම පළවීම වැළැක්වීමෙන් තවත් බොහෝ දෙනෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වීමේ ප්‍රශ්නයකුත් තිබෙනවා. අන්තර්ජාලයේ පළවන වෙබ්අඩවියක් අපේ රට තුළ විකාශය වීම නතර කිරීම සඳහා නියෝග කිරීමේ බලය තිබෙන්නේ කාටද? ඒ නියෝගය නිකුත් කළ හැක්කේ දුරකථන නියාමන කොමිසමටයි. වෙබ් අඩවි අවහිර කිරීමේ තාක්ෂණික ක්‍රියාදාමය සාර්ථක එකක් නොවෙයිද? යම් වෙබ් අඩවියක් අවහිර කළ පසු එහි තිබූ තොරතුරු වෙනත් වෙබ් අඩවියක් හරහා විකාශය කරන්න පුළුවන්. එය තාක්ෂණයේ ස්වභාවයයි. වෙබ් අඩවියක් අවහිර කළ පමණින් යම් තොරතුරක් පළවීම සම්පූර්ණයෙන් වැළකෙන්නේ නැහැ. අවශ්‍ය නම් එම තොරතුරු සංයුක්ත තැටියක ගබඩා කොට බෙදා හරින්න පුළුවන් ඡායාපිටපත් කර බෙදා හරින්න පුළුවන්. වෙබ් අඩවියක් අවහිර කිරීමෙන් එහි අඩංගු තොරතුරු විකාශය වීම මුළුමනින්ම වළක්වන්න බැහැ. වෙබ් අඩවියක් අවහිර කිරීමට වගේම එම අවහිර කිරීම් වළක්වන්නටත් තාක්ෂණයට පුළුවන්. ඒ වගේම තාක්ෂණය භාවිත කරලා අපරාධ කරන අය අහුවෙන්නෙත් ඒ තාක්ෂණයෙන්මයි. මේ වෙබ් අඩවිවලට අයිතිකාරයෝ නැහැ කියල ප්‍රකාශ වුණාට සොයාගෙන යන විට මේවට අයිතිකාරයෝ ඉන්නව. ඔවුන් සැඟවිල ඉන්නෙ. වෙබ් අඩවි හරහා පුද්ගල චරිත ඝාතන සිදුකිරීම හැම රටකම වගේ තියෙන ප්‍රශ්නයක්. ඕනෑම රටක ඒ රට තුළ ක්‍රියාත්මකවන වෙබ් අඩවි ගැන පියවර ගැනීම පහසුයි. වෙනත් රටක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් ගැන තවත් රටක සිට කටයුතු කිරීම තරමක් අසීරු වී තිබෙන්නෙ ජාත්‍යන්තර පොලිසිය විශාල සිදුවීමක් පිළිබඳ මිස සුළු අපහාස කිරීම් ගැන එතරම් සැලකීමක් නොදක්වන නිසයි. පසුගිය දිනක අන්තර්ජාලය හරහා විශාල පාඩුවක් සිදුකළ වෙබ් අඩවියක් ඇමරිකාව ප්රමුඛ රටවල් කිහිපයක් ක්‍රියාත්මක වෙලා අල්ලා ගත්තා. නමුත් එක්කෙනෙකුගෙ මූණකට තව කෙනෙකුගෙ ඇඟක් සම්බන්ධ කරල ලොව පුරා පළ කළාට ඒකෙ අලාභය මුදලින් තක්සේරු කරන්න අමාරුයි. ඒ නිසා ඒක එතරම් සැලකිය යුතු දෙයක් හැටියට නෙමෙයි ජාත්‍යන්තර පොලිසිය සලකන්නෙ. අවශ්‍යතාවක් තියෙනව නම් අන්තර්ජාලය තුළ සැඟවී සිටින ඕනම කෙනෙක් අල්ල ගන්න පුළුවන්. සාකච්ඡා කළේ - පාලිත සේනානායක ඡායාරූප - සමන් රණවීර[/COLOR][/SIZE][/I] [B][I][CENTER]මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස් [/CENTER][/I][/B] [URL="http://www.divaina.com/2011/11/20/feature13.html"]http://www.divaina.com/2011/11/20/feature13.html[/URL][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom