Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසිවෙකුට ඇඟිලි සළකුණු නොමැත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]140494[/ATTACH]

වීඩියෝ තාක්ෂනය සහිත දුරකථන ඇමතුමක දී අපු සර්කර් සිය දෑත කැමරාවට යොමු කර අත්ල විදහා පෙන්වූයේය. බැලූ බැල්මට කිසිදු වෙනසක් මට නොපෙනුණි. නමුත් මඳක් සමීපව නිරීක්ෂණය කරද්දී, ඔහුගේ ඇඟිලි තුඩු මත පවතින සම ඉතා සුමට බව දුටිමි.

විසි දෙහැවිරිදි අපු බංග්ලාදේශයේ උතුරුකරයේ ගම්මානයක ජීවත් වන තරුණයෙකි. ඔහු මෑතක් වන තුරුම වෛද්‍ය සහකරුවෙකු ලෙස සේවය කළේය. ඔහුගේ පියා මෙන්ම සීයා ද ගොවියෝ වූහ.

අපුගේ පවුලේ පිරිමි සාමාජිකයෝ ජාන විපර්යාසයකට හිමිකම් කියති. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි තත්වයකි. මුළු ලෝකයට ම මෙවැනි පවුල් ඇත්තේ අතළොස්සක් පමණි. ඔවුන් කිසිවෙකුට ඇඟිලි සළකුණු නොමැත.

අපු ගේ සීයාට නම් ඇඟිලි සලකුණු නොතිබීම පිළිබඳව ගැටළුවක් එවකට නොවීය.

“ඒක ඒ තරම් ප්‍රශ්නයක් වෙයි කියල එයා හිතන්නෙවත් නැතුව ඇති.” අපු පැවසීය.

නමුත් දශකයක ඇවෑමෙන්, අපුගේ ඇඟිලි තුඩු මත ඇති සුළි හැඩැති සියුම් දාර හෙවත් ඇඟිලි සළකුණු අතිශය වැදගත් දෙයක් බවට පත්විය. ලොව පුරා පිළිගත් ජීවමිතික සාධකය බවට ඇඟිලි සළකුණ පත්වුණි.

විදෙස් ගමන් යාමේ දී ගුවන්තොටුපලින් පිටවී යාමේ පටන්, ඡන්දය ප්‍රකාශ කිරීම සහ සුහුරු ජංගම දුරකතනයක් විවෘත කිරීම දක්වාම අද ඇඟිලි සළකුණ භාවිත කෙරේ.

වසර 2008 දී ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීමේ දී සියලු දෙනාගෙන් ඇඟිලි සළකුණු ලබා ගැනීමට බංග්ලාදේශ ආණ්ඩුව තීරණය කළේය. අපුගේ පියා – අමල් සර්කර් ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී අදාළ බලධාරීන් ඉතා අසීරුතාවකට මුහුණ දුන්නේ ඔහුගේ ඇඟිලි තුඩු මත කිසිදු සළකුණක් නොතිබූ හෙයිනි.

අවසානයේ, “ඇඟිලි සලකුණක් නොමැත” යන මුද්‍රාව තබා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට බලධාරීහු තීරණය කළහ.

වසර 2010 දී විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී ඇඟිලි සළකුණ අනිවාර්ය කෙරුණි. උත්සාහයන් කීපයක් අසාර්ථක වීමෙන් අනතුරුව අමල් ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකි වූයේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. නමුත් කිසිදා ඔහු එය භාවිත නොකළේය. ඊට එක් හේතුවක් වූයේ ඇඟිලි සළකුණක් නොතිබීම හේතුවෙන් ගුවන් තොටුපොළක දී තමන්ට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේය යන බිය ඇතිවීමය.

තමන්ගේ ගොවිතැන් කටයුතුවල දී යතුරු පැදියක් පැදවීම අත්‍යවශ්‍ය වූ නමුදු කිසිදා ඔහුට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි විය.

“මම ගාස්තු ඔක්කොම ගෙව්වා. පරීක්ෂණයත් සමත් වුනා. ඒ වුනාට ඇඟිලි සලකුණක් නැති නිසා මට රියදුරු බලපත්‍රයක් දුන්නේ නැහැ.” අමල් පැවසීය.

තමන් රියදුරු බලපත්‍රයට ගාස්තු ගෙවූ බවට සනාථ කළ රිසිට් පත සහ යතුරු පැදි ධාවන පරීක්ෂණයෙන් සමත් වූ බවට දැක්වෙන සහතිකයද අතැතිව ඔහු යතුරු පැදිය පදවාගෙන යන නමුත් ඔහුට නිතිපතා දඩ ගෙවීමෙන් ගැලවී සිටීමට එය ප්‍රමාණවත් නොවීය. දෙවරක් ඔහුට පොලිස් නිලධාරීන් දඩ නියම කළ අතර ඔහුගේ තත්වය ඔවුනට පැහැදිලි කළ නමුත් සමාවක් නොලැබුණි.

“මේ තත්වය නිසා මම හැම විටම ලැජ්ජාවට පත්වුනා.” අමල් කීවේය.

[ATTACH=full]140495[/ATTACH]

2016 දී තවත් නීතියක් පැමිණියේය. ජංගම දුරකථනයක් සඳහා සිම් කාඩ්පතක් ලබා ගැනීමේදී ඇඟිලි සළකුණ සනාථ කළ යුතු බවට ආණ්ඩුව නියෝග කළේය.

“මම සිම් කාඩ් එකක් ගන්න ගිය හැම වතාවකම එයාලට ප්‍රශ්නයක් වෙනවා. මගේ ඇඟිල්ල සෙන්සර් එකට තියපු ගමන් ඒගොල්ලන්ගේ මැෂින් එක නතර වෙනවා.” අපු පැවසුවේ පසුතැවිල්ලක් දනවන මද සිනහවක් පාමිනි.

අපු ගේ පවුලේ සියලු දෙනා දැන් භාවිතා කරන්නේ සිය මවගේ ඇඟිලි සලකුණට නිකුත් කළ සිම් කාඩ් පත්ය.

සර්කර් පවුලට පීඩාවක් වූ මෙම තත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඇඩර්මටොග්ලයිෆියා (Adermatoglyphia) නමිනි.

මෙම තත්වය ලොවට පුළුල් වශයෙන් දැනගන්නට ලැබුණේ 2007 වසරේදීය. ඒ, සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ මහාචාර්ය පීටර් ඉටින් ට එක්තරා කාන්තාවකගෙන් ලැබුණු ඇමතුමක් නිසා ය. ඇය එක්සත් ජනපදයට ඇතුළුවන මොහොතේ ගුවන්තොටුපළේ ඇතිවූ පලහිලව්වක ප්රතිඵලයකි. විදේශ ගමන් බලපත්‍රයේ තිබෙන ඡායාරූපය සහ ඇයගේ ඡායාරූපය සමානය. නමුත් ඇඟිලි සළකුණ ලබා ගත නොහැකි විය. ඇයගේ ඇඟිලි තුඩු මත සළකුණු රේඛා නොමැත.

මහාචාර්යවරයාට මෙම කාන්තාව පරීක්ෂණයකට භාජනය කිරීමට සිදු විය. මෙම කාන්තාවට පමණක් නොව ඇයගේ පවුලේ තවත් සාමාජිකයන් අට දෙනෙකුට ඇඟිලි සළකුණු නොමැති බවත් අත්ල මත පවතින ස්වේත ග්‍රන්ථි සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු බවත් මහාචාර්ය ඉටින් ට පැහැදිලි විය.

තවත් වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව මේ පවුලේ 16 දෙනෙකුගේ DNA පරීක්ෂා කෙරුණි. එසේ පරීක්ෂාවට ලක් කෙරුණේ ඇඟිලි සලකුණු සහිත සාමාජිකයන් හත් දෙනෙකු සහ ඇඟිලි සලකුණු රහිත සාමාජිකයන් නමදෙනෙකු වශයෙනි.

“මේ තත්වය ඉතා කලාතුරකින් තමයි දකින්නට ලැබෙන්නේ. පවුල් කීපයක් විතරයි තවම වාර්තා වෙලා තියෙන්නේ.” මහාචාර්ය ඉටින් බීබීසීයට පැවසීය.

ඇඟිලි සලකුණු නොමැති සාමාජිකයන් නමදෙනා සතුව පවතින SMARCAD1 නමැති ජානය විපර්යාසයකට ලක්වී ඇති බව මෙම වෛද්‍යවරුන් සොයා ගත්තේ වසර 2011දී ය. මෙම රෝග තත්වයට හේතුව මෙය බව ප්රත්යක්ෂ විය. එම ජාන විපර්යාසයෙන් වෙනත් රෝග ලක්ෂණයක් ඇති නොකෙරුණු අතර එහි බලපෑම පවතින්නේ අත්ලට පමණි.

මෙම විපර්යාසය සිදු වී තිබුණු ජානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙතෙක් කිසිවෙකු දැන සිටියේ නැත. එය සොයා ගැනීමට තවත් වසර කීපයක් ම ගත විය.

මෙහි වෛද්‍ය විද්‍යාත්මක හේතූන් සොයා ගැනීමෙන් අනතුරුව එය Adermatoglyphia නමින් හැඳින්විණ. නමුත් මහාචාර්ය පීටර් ඉටින් විසින් මෙය හඳුන්වනු ලැබුවේ “ආගමනය පමාකරවන රෝගය” (“immigration delay disease”) ලෙසිනි. ඒ ඔහුගේ පළමු රෝගියා වාර්තා වූ ආකාරය සිහිපත් කරමිනි.

“ආගමනය පමාකරවන රෝගය” එක් පවුලක පරම්පරා ගණනකට ඇතිවිය හැකිය. අපු ගේ මාමා කෙනෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට වසර දෙකකට අධික කාලයක් බලා සිටීමට සිදු විය. ඔහු ජීවත් වුයේ ඩකා නුවරින් කිලෝ මීටර 350ක් පමණ දුරින් පිහිටි ගමකය.

“මේක රෝග තත්වයක් බව බලධාරීන්ට තේරුම් කරලා දෙන්න මට හතර පස් වතාවක් ම ඩකා නුවරට යන්න සිද්ධ වුනා.” අපු ගේ මාමා ගෝපෙෂ් පැවසීය.

මෙම ජාන විපර්යාසය නිසා ඇඟිලි සළකුණු අහිමි වනවාට අමතරව සර්කර් පවුලට තවත් රෝග ලක්ෂණයක් පවතින බව බංග්ලාදේශයේ චර්ම විශේෂඥයෝ සොයා ගත්හ. අත්ල සහ දෙපතුල් මත ශ්වේත ග්‍රන්ථි අඩු වීමෙන් සමේ වියලිභාවයක් ඇති වීමයි. එය ඉහත කී රෝගයේ ම තවත් ප්‍රභේදයක් බව මහාචාර්ය ඉටින් විශ්වාස කරයි.

බංග්ලාදේශයේ සර්කර් පවුලට ද සිය ජාන පරීක්ෂණයන් සිදු කර ගැනීම සඳහා උදව් කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම සුදානම් ය.

සර්කර් පවුලේ මෙම තත්වය වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් අතර ඉදිරියේ දී දක්නට ලැබෙනු ඇත. අපුගේ පියා අමල්ට නම් මෙය විශාල ප්‍රශ්නයක් නොවුනි. නමුත් තම දරුවන් ගැන ඔහුට ඇත්තේ දුකකි.

“ඒක මගේ වරදක් නොවෙයි. මටත් උරුම වෙච්ච දෙයක්. ඒත් මේ හේතුව නිසා මගේ දරුවන්ට ඇතිවෙන ප්‍රශ්න දකින කොට ඒක මට හරි වේදනාවයි.”

අමල්ට සහ අපුට මෑතකදී අලුත් වර්ගයේ ජාතික හැඳුනුම් පතක් ලැබුණි. එහි වෙනත් ජීවමිතික දත්තයන් ද සහිතය. එනම්, අක්ෂි පටලයේ සළකුණු සහ මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂනය ද ඊට ඇතුළත් ය.

නමුත් තවමත් ඔවුන්ගේ නමට සිම් කාඩ්පතක් හෝ රියදුරු බලපත්‍රයක් ලබා ගත නොහැකිය. විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම ද දීර්ඝ ක්රියාදාමයකි.

[QUOTE="toiya, post: 26792397, member: 15009"] [ATTACH type="full"]140494[/ATTACH] වීඩියෝ තාක්ෂනය සහිත දුරකථන ඇමතුමක දී අපු සර්කර් සිය දෑත කැමරාවට යොමු කර අත්ල විදහා පෙන්වූයේය. බැලූ බැල්මට කිසිදු වෙනසක් මට නොපෙනුණි. නමුත් මඳක් සමීපව නිරීක්ෂණය කරද්දී, ඔහුගේ ඇඟිලි තුඩු මත පවතින සම ඉතා සුමට බව දුටිමි. විසි දෙහැවිරිදි අපු බංග්ලාදේශයේ උතුරුකරයේ ගම්මානයක ජීවත් වන තරුණයෙකි. ඔහු මෑතක් වන තුරුම වෛද්‍ය සහකරුවෙකු ලෙස සේවය කළේය. ඔහුගේ පියා මෙන්ම සීයා ද ගොවියෝ වූහ. අපුගේ පවුලේ පිරිමි සාමාජිකයෝ ජාන විපර්යාසයකට හිමිකම් කියති. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි තත්වයකි. මුළු ලෝකයට ම මෙවැනි පවුල් ඇත්තේ අතළොස්සක් පමණි. ඔවුන් කිසිවෙකුට ඇඟිලි සළකුණු නොමැත. අපු ගේ සීයාට නම් ඇඟිලි සලකුණු නොතිබීම පිළිබඳව ගැටළුවක් එවකට නොවීය. “ඒක ඒ තරම් ප්‍රශ්නයක් වෙයි කියල එයා හිතන්නෙවත් නැතුව ඇති.” අපු පැවසීය. නමුත් දශකයක ඇවෑමෙන්, අපුගේ ඇඟිලි තුඩු මත ඇති සුළි හැඩැති සියුම් දාර හෙවත් ඇඟිලි සළකුණු අතිශය වැදගත් දෙයක් බවට පත්විය. ලොව පුරා පිළිගත් ජීවමිතික සාධකය බවට ඇඟිලි සළකුණ පත්වුණි. විදෙස් ගමන් යාමේ දී ගුවන්තොටුපලින් පිටවී යාමේ පටන්, ඡන්දය ප්‍රකාශ කිරීම සහ සුහුරු ජංගම දුරකතනයක් විවෘත කිරීම දක්වාම අද ඇඟිලි සළකුණ භාවිත කෙරේ. වසර 2008 දී ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීමේ දී සියලු දෙනාගෙන් ඇඟිලි සළකුණු ලබා ගැනීමට බංග්ලාදේශ ආණ්ඩුව තීරණය කළේය. අපුගේ පියා – අමල් සර්කර් ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී අදාළ බලධාරීන් ඉතා අසීරුතාවකට මුහුණ දුන්නේ ඔහුගේ ඇඟිලි තුඩු මත කිසිදු සළකුණක් නොතිබූ හෙයිනි. අවසානයේ, “ඇඟිලි සලකුණක් නොමැත” යන මුද්‍රාව තබා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට බලධාරීහු තීරණය කළහ. වසර 2010 දී විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී ඇඟිලි සළකුණ අනිවාර්ය කෙරුණි. උත්සාහයන් කීපයක් අසාර්ථක වීමෙන් අනතුරුව අමල් ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකි වූයේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. නමුත් කිසිදා ඔහු එය භාවිත නොකළේය. ඊට එක් හේතුවක් වූයේ ඇඟිලි සළකුණක් නොතිබීම හේතුවෙන් ගුවන් තොටුපොළක දී තමන්ට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේය යන බිය ඇතිවීමය. තමන්ගේ ගොවිතැන් කටයුතුවල දී යතුරු පැදියක් පැදවීම අත්‍යවශ්‍ය වූ නමුදු කිසිදා ඔහුට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි විය. “මම ගාස්තු ඔක්කොම ගෙව්වා. පරීක්ෂණයත් සමත් වුනා. ඒ වුනාට ඇඟිලි සලකුණක් නැති නිසා මට රියදුරු බලපත්‍රයක් දුන්නේ නැහැ.” අමල් පැවසීය. තමන් රියදුරු බලපත්‍රයට ගාස්තු ගෙවූ බවට සනාථ කළ රිසිට් පත සහ යතුරු පැදි ධාවන පරීක්ෂණයෙන් සමත් වූ බවට දැක්වෙන සහතිකයද අතැතිව ඔහු යතුරු පැදිය පදවාගෙන යන නමුත් ඔහුට නිතිපතා දඩ ගෙවීමෙන් ගැලවී සිටීමට එය ප්‍රමාණවත් නොවීය. දෙවරක් ඔහුට පොලිස් නිලධාරීන් දඩ නියම කළ අතර ඔහුගේ තත්වය ඔවුනට පැහැදිලි කළ නමුත් සමාවක් නොලැබුණි. “මේ තත්වය නිසා මම හැම විටම ලැජ්ජාවට පත්වුනා.” අමල් කීවේය. [ATTACH type="full"]140495[/ATTACH] 2016 දී තවත් නීතියක් පැමිණියේය. ජංගම දුරකථනයක් සඳහා සිම් කාඩ්පතක් ලබා ගැනීමේදී ඇඟිලි සළකුණ සනාථ කළ යුතු බවට ආණ්ඩුව නියෝග කළේය. “මම සිම් කාඩ් එකක් ගන්න ගිය හැම වතාවකම එයාලට ප්‍රශ්නයක් වෙනවා. මගේ ඇඟිල්ල සෙන්සර් එකට තියපු ගමන් ඒගොල්ලන්ගේ මැෂින් එක නතර වෙනවා.” අපු පැවසුවේ පසුතැවිල්ලක් දනවන මද සිනහවක් පාමිනි. අපු ගේ පවුලේ සියලු දෙනා දැන් භාවිතා කරන්නේ සිය මවගේ ඇඟිලි සලකුණට නිකුත් කළ සිම් කාඩ් පත්ය. සර්කර් පවුලට පීඩාවක් වූ මෙම තත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඇඩර්මටොග්ලයිෆියා (Adermatoglyphia) නමිනි. මෙම තත්වය ලොවට පුළුල් වශයෙන් දැනගන්නට ලැබුණේ 2007 වසරේදීය. ඒ, සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ මහාචාර්ය පීටර් ඉටින් ට එක්තරා කාන්තාවකගෙන් ලැබුණු ඇමතුමක් නිසා ය. ඇය එක්සත් ජනපදයට ඇතුළුවන මොහොතේ ගුවන්තොටුපළේ ඇතිවූ පලහිලව්වක ප්රතිඵලයකි. විදේශ ගමන් බලපත්‍රයේ තිබෙන ඡායාරූපය සහ ඇයගේ ඡායාරූපය සමානය. නමුත් ඇඟිලි සළකුණ ලබා ගත නොහැකි විය. ඇයගේ ඇඟිලි තුඩු මත සළකුණු රේඛා නොමැත. මහාචාර්යවරයාට මෙම කාන්තාව පරීක්ෂණයකට භාජනය කිරීමට සිදු විය. මෙම කාන්තාවට පමණක් නොව ඇයගේ පවුලේ තවත් සාමාජිකයන් අට දෙනෙකුට ඇඟිලි සළකුණු නොමැති බවත් අත්ල මත පවතින ස්වේත ග්‍රන්ථි සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු බවත් මහාචාර්ය ඉටින් ට පැහැදිලි විය. තවත් වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව මේ පවුලේ 16 දෙනෙකුගේ DNA පරීක්ෂා කෙරුණි. එසේ පරීක්ෂාවට ලක් කෙරුණේ ඇඟිලි සලකුණු සහිත සාමාජිකයන් හත් දෙනෙකු සහ ඇඟිලි සලකුණු රහිත සාමාජිකයන් නමදෙනෙකු වශයෙනි. “මේ තත්වය ඉතා කලාතුරකින් තමයි දකින්නට ලැබෙන්නේ. පවුල් කීපයක් විතරයි තවම වාර්තා වෙලා තියෙන්නේ.” මහාචාර්ය ඉටින් බීබීසීයට පැවසීය. ඇඟිලි සලකුණු නොමැති සාමාජිකයන් නමදෙනා සතුව පවතින SMARCAD1 නමැති ජානය විපර්යාසයකට ලක්වී ඇති බව මෙම වෛද්‍යවරුන් සොයා ගත්තේ වසර 2011දී ය. මෙම රෝග තත්වයට හේතුව මෙය බව ප්රත්යක්ෂ විය. එම ජාන විපර්යාසයෙන් වෙනත් රෝග ලක්ෂණයක් ඇති නොකෙරුණු අතර එහි බලපෑම පවතින්නේ අත්ලට පමණි. මෙම විපර්යාසය සිදු වී තිබුණු ජානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙතෙක් කිසිවෙකු දැන සිටියේ නැත. එය සොයා ගැනීමට තවත් වසර කීපයක් ම ගත විය. මෙහි වෛද්‍ය විද්‍යාත්මක හේතූන් සොයා ගැනීමෙන් අනතුරුව එය Adermatoglyphia නමින් හැඳින්විණ. නමුත් මහාචාර්ය පීටර් ඉටින් විසින් මෙය හඳුන්වනු ලැබුවේ “ආගමනය පමාකරවන රෝගය” (“immigration delay disease”) ලෙසිනි. ඒ ඔහුගේ පළමු රෝගියා වාර්තා වූ ආකාරය සිහිපත් කරමිනි. “ආගමනය පමාකරවන රෝගය” එක් පවුලක පරම්පරා ගණනකට ඇතිවිය හැකිය. අපු ගේ මාමා කෙනෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට වසර දෙකකට අධික කාලයක් බලා සිටීමට සිදු විය. ඔහු ජීවත් වුයේ ඩකා නුවරින් කිලෝ මීටර 350ක් පමණ දුරින් පිහිටි ගමකය. “මේක රෝග තත්වයක් බව බලධාරීන්ට තේරුම් කරලා දෙන්න මට හතර පස් වතාවක් ම ඩකා නුවරට යන්න සිද්ධ වුනා.” අපු ගේ මාමා ගෝපෙෂ් පැවසීය. මෙම ජාන විපර්යාසය නිසා ඇඟිලි සළකුණු අහිමි වනවාට අමතරව සර්කර් පවුලට තවත් රෝග ලක්ෂණයක් පවතින බව බංග්ලාදේශයේ චර්ම විශේෂඥයෝ සොයා ගත්හ. අත්ල සහ දෙපතුල් මත ශ්වේත ග්‍රන්ථි අඩු වීමෙන් සමේ වියලිභාවයක් ඇති වීමයි. එය ඉහත කී රෝගයේ ම තවත් ප්‍රභේදයක් බව මහාචාර්ය ඉටින් විශ්වාස කරයි. බංග්ලාදේශයේ සර්කර් පවුලට ද සිය ජාන පරීක්ෂණයන් සිදු කර ගැනීම සඳහා උදව් කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම සුදානම් ය. සර්කර් පවුලේ මෙම තත්වය වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් අතර ඉදිරියේ දී දක්නට ලැබෙනු ඇත. අපුගේ පියා අමල්ට නම් මෙය විශාල ප්‍රශ්නයක් නොවුනි. නමුත් තම දරුවන් ගැන ඔහුට ඇත්තේ දුකකි. “ඒක මගේ වරදක් නොවෙයි. මටත් උරුම වෙච්ච දෙයක්. ඒත් මේ හේතුව නිසා මගේ දරුවන්ට ඇතිවෙන ප්‍රශ්න දකින කොට ඒක මට හරි වේදනාවයි.” අමල්ට සහ අපුට මෑතකදී අලුත් වර්ගයේ ජාතික හැඳුනුම් පතක් ලැබුණි. එහි වෙනත් ජීවමිතික දත්තයන් ද සහිතය. එනම්, අක්ෂි පටලයේ සළකුණු සහ මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂනය ද ඊට ඇතුළත් ය. නමුත් තවමත් ඔවුන්ගේ නමට සිම් කාඩ්පතක් හෝ රියදුරු බලපත්‍රයක් ලබා ගත නොහැකිය. විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම ද දීර්ඝ ක්රියාදාමයකි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom