කුඩා දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ අනතුරේ CCTV

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අම්මා පැදවූ ත්‍රීරෝද රථය පෙරළෙයි - දරු දෙදෙනාත් මරුට

    වේයන්ගොඩ - කුඹල්ඔළුව ප්‍රදේශයේ දී සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ වේයන්ගොඩ කුඹල්ඔළුව ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් වෙළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

    අනතුරෙන් වයස අවුරුදු එකහමාරක සහ අවුරුදු 9ක පිරිමි ළමුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ දී අදාළ කාන්තාව විසින් ත්‍රීරෝද රථය පදවා ඇති අතර ඇයට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    මියගිය තිදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.


     
    Last edited: