Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩු දුමියගේ වැඩ කිඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩු දුමියගේ වැඩ කිඩ

දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත

අරුණ ජයවර්ධන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය කළ නිසා, දුමින්ද සිල්වා මිනීමැරුමට වරදකරු කරනු ලැබුවේ හෙවත් මනුෂ්‍ය ඝාතකයකු ලෙස නම් කරන ලද්දේ, ත්‍රිපුද්ගල මහාධිකරණයක් විසිනි. දැන් ඔහු ඉන්නේ හිරගෙදරය. ඒ අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු අපරාධකරුවන් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දැන් විභාග වෙමින් පවතියි. ඒ අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු මේ පිරිස මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන් වී මරණ දඬුවම ලබා ඇත්තෝය. අගවිනිසුරු පියසාත් ඩෙප්, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ මලල්ගොඩ යන පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අභියාචනය විභාග වන්නේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවට එරෙහි අභියාචනයක් විභාග කෙරෙන්නේ පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් පමණක් නිසාය.

2011 ඔක්තෝබර් 8 වැනිදා, පළාත් පාලන මැතිවරණය දා සිදුවුණු භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක්, අධිචෝදනා 10කට වරදකරු කරන ලදහ. පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත්කිරීම හා ගිනිඅවි පෙන්වා ඡුන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් ‘නීති විරෝධී රැුස්වීමක’ සාමාජිකයන් වීම, ටී56 නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා ඒ අතර විය. ඔවුන් සියලූ දෙනාටම මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එම තීන්දුව 2ට 1ක් ලෙස බෙදුණු තීන්දුවකි. පද්මිණී රණවක හා එම්සීබී මොරායස් යන විනිසුරුවරුන් බහුතරයේ තීන්දුව දුන් අතර, ශිරාන් ගුණරත්න විනිසුරු වෙනස් තීන්දුව දුන්නේය. බහුතරයේ තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ වරදකරුවන් කරන ලදහ. ඊට වෙනස් තීන්දුවට දැන් කිසිම නීතිමය බලයක් නැත.

මහාධිකරණ තීන්දුවෙන් මරණ දඬුවම නියමවුණේ, දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජනතක බණ්ඩාර ගලගොඩ යන අයටය.

රාජපක්ෂ සුරතලා

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව මහත් ආන්දෝලනයක් ඇති කළේ එක අතකින් ඊට සම්බන්ධවී තිබුණු චරිතවල වැදගත්කම නිසාය. ඝාතනය වුණු භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල ප්‍රබල නායකයෙකි. ඔහු ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වා රටේ ප්‍රකට සල්ලිකාරයෙකි. හිරු ටීවී සහ රේඩියෝ අයිතිකාරයාගේ සහෝදරයාය. පාතාල සාමාජිකයන් පිරිවරා විවිධ මැරකම් කරමින් සිටි දේශපාලකයෙකි. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ සුරතලෙකි. මහින්දට දුමින්දගේ ගෙදර තමාගේ ගෙදර වගේ විය. ඊටත් වඩා දුමින්ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයාය. මේ ඝාතනය සිදුවුණු දවසේ දුමින්දට වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදුව, හිසේ ශල්‍ය කර්මයකට භාජනය කරන ලදි. එදා රාත්‍රී 2 වනතුරු ගෝඨාභය රාජපක්ෂ රෝහලේ සිටිමින් පෞද්ගලිකවම සියල්ල සොයාබැලූවේය. අලූයම් කාලයක කාටත් හොරා හෙලිකොප්ටර් යානයක් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළට ගෙනගොස්, ඉතා සැලසුම් සහගතව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන ලදි. ඊටත් අමතරව සිද්ධිය වී දින කිහිපයක් ගතවන විට, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කාර්ය මණ්ඩලය මාරුකර පාලන කටයුතු සඳහා වෙනත් කණ්ඩායමක් පත්කරන ලදි.

මේ සියල්ල අනුව, භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳව ඒ මොහොතේ නීතිය ක්‍රියාත්මක වුණු හැටි සිතාගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවුණු තොරතුරු අනුව, ඒ කටයුතු සියල්ල සිදුවී තිබුණේ දුමින්ද සිල්වාට පක්ෂග්රාහීවය. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, අතුරුදන්වීමක් හැටියටත්, වසීම් තාජුදීන් ඝාතනය හදිසි අනතුරක් හැටියටත් පොලිස් පොත්වල ලියැවුණු ඒ කාලයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේත් ඒ විදියටමය.

දුමින්ද සිල්වා සමගම මේ නඩුවේදී මරණ දඬුවම ලැබු එක් විත්තිකරුවකු වන්නේ චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්ද යනු කොළඹ පාතාලයේ ප්‍රබල සාමාජිකයකු වූ, ඒ කාලයේ ඒ ප්‍රදේශය හොල්ලාගෙන සිටි දරුණු පාතාලයෙකි. මිනීමැරුම සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ දුමින්ද සිල්වාගේ ජීප්රථයේය. ඔහුගේ අතේ තිබුණු නීති විරෝධී ගිනි අවිය ගැන පසුව විස්තර කරමු. රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයා සමග නමගිය පාතාලයෙකු නීති විරෝධී ගිනිඅවියක් සමග සිටීම, සැලකිය හැක්කේ පන්සලේ දායක සමිතියේ සාමාජිකයන් පිරිසකගේ හමුවීමක් ලෙසින් නම් නොවේ.

අහිංසක දුමින්ද

භාරත ලක්ෂ්මන් ඝාතනයට අදාළ මහාධිකරණ තීන්දුව දීමට පෙර, ඒ ගැන විවිධාකාර කතාබහ සමාජය තුළ ඇතිවිය. ඉන් එකකට පදනම් වී තිබුණේ, දුමින්ද සිල්වාගේ සල්ලිකාර පාර්ශ්වයට ඕනෑම කෙනකු මිලදී ගැනීමට තිබුණු හැකියාවයි. එය ඇත්තය. තමාගේ සහෝදරයා බේරාගැනීමට කෝටිපති ව්‍යාපාරිකයකු වුණු ‘හිරු’ නාලිකාවේ අයිතිකරු රෙනෝ සිල්වා, ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම්වූ බවද, ඕනෑම කෙනකු සමග එකතුවීමට සුදානම්වූ බවද අලූත් දෙයක් නොවීය. මේ නිසා, මහාධිකරණ තීන්දුව ගැනද, විනිසුරු මඬුල්ල ගැනද විවිධාකාර ප්රවෘත්ති ඒ කාලයේ පළවිය. කොහොම නමුත්, තීන්දුව දුන් දා කිරිබත් කා, මල්මාලා පළඳවා, රතිඤ්ඤා පත්තුකර උසාවියෙන් එළියට එන ‘නිර්දෝෂී, අහිංසක’ දුමින්ද සිල්වා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම්කොට තිබුණි. හිරු මාධ්‍ය ජාලයේ සියලූම දෙනා සිටියේ දුමින්ද නිවැරදිකරුවී එළියට එනු ඇතැ’යි කියන දැඩි විශ්වාසයෙනි. එහෙත් සියල්ල කනපිට හැරුණි. ජයග්‍රහණය පතා සිටියවුන්ගේ ගෙවල්, මළගෙවල් බවට පත්විය. දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම විය.

‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාව, තමන්ගේම ආදර්ශ පාඨය විලිලජ්ජාවට පත්කරමින්, එදින ප්‍රවෘත්තිවලින් වාර්තා කළේ, ‘මුල්ලේරියාවේ සිදුවුණු වෙඩි තැබීමක්’ ගැන පමණය. භාරත ලක්ෂ්මන් නම් දේශපාලකයකු එහිදී ඝාතනය වුණු බවත්, ඊට දුමින්ද සිල්වා නමැති තම නාලිකාව අයිතිකරුගේ සහෝදරයා මරණ දඬුවමට නියමවුණු බවත් හිරු ප්‍රවෘත්තියට ඇතුළත් නොවීය. විත්තිකරුවන් හැඳින්වුණේ පළමු, දෙවැනි ලෙස අංකවලින් පමණකි.

තමන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය, පසුගිය මාර්තු 26, 27, මැයි 8, 10, 14, 18 ජුනි 4, 6, 13, 18, ජූලි 18, 20 හා 25 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණ. දැන් විභාගය අවසන්වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පාර්ශ්ව දෙක ලිඛිත දේශන ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන දිනයෙක අභියාචනය පිළිබඳ තීන්දුව ලැබෙනු ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කරුණු දැක්වීය.

හිරු හා මව්බිම

අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවති කාලයේ, දුමින්ද සිල්වාගේ අයියාගේ ‘හිරු’ නාලිකාවත්, ‘මව්බිම’ ඇතුළු සල්ලිකාර දැවැන්තයන්ගේ පත්තරත් අමුතු මෙහෙයුමක් පටන්ගත්තේය. දුමින්ද සිල්වා අහිංසකයකු බවත්, ඔහු මහාධිකරණයෙන් වරදකරු කළේ දේශපාලන පළිගැනීමකට බවත්, දුමින්දගේ අහිංසකකම ගැන ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා පිළිගත් බවත්, ඊටත් එහා ගොස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඒවා පිළිගත් බවත් ප්‍රබන්ධ කරන ලද ප්‍රවෘත්තිවලින් කියාපාන ලදි. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දක්වන කරුණු විවිධ ඉන්ද්‍රජාල හරහා උලූප්පා පෙන්වමින් දුමින්ද අහිංසක දරුවකු බවට පත්කරන්නට, සිය ස්වාමීන්ගේ අණ අනුව වැඩකළ හිරු නාලිකාවේත් මව්බිම පුවත්පතේත් ඊනියා මාධ්‍යකරුවන් සහ සංස්කාරකවරුන්, එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ එකම වැදගත් කරුණක්වත් උපුටා දක්වන්නට උත්සාහ ගත්තේ නැත. පළකරන ලද බොහෝ කරුණු තමන්ට වුවමනා හැටියට තෝරාගත් කෑලි පමණක් විය. සමහර කරුණු වුවමනාවෙන්ම විකෘතිකර තිබුණි. රටේ ඉහළම අධිකරණයේ විභාගවන නඩුවක කරුණු වුණත්, මේ අශ්ලීල මාධ්‍යකාරයන්ට තමන්ට වුවමනා හැටියට නමන්නට හැකි බව පසුගිය කාලයේ හිරු නාලිකාවත්, මව්බිම පුවත්පතත් සැලකිල්ලෙන් බලන අයට පෙනෙනු ඇත.

මේ නිසා, ඇත්ත ගැන කතාකිරීම අවශ්‍යය.

ඒ ‘පැත්ත ගියත් ඇත්ත කියන’ වැනි පුස් වචන අපයෝජනය කිරීම සඳහා නොවේ. රටේ යුක්තිගරුක ජනතාවට හැම පැත්තක්ම දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමටය. ඊනියා මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ස්වාමිවූ සල්ලිකාරයන් හංගන පැත්ත එළිදරව් කිරීමටය.

අභියාචනා විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, විත්තිකරුවන් වෙනුවෙන් කළ දේශනවලදී ඉදිරිපත් කළ දේවල්, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් ඉතාම සුළු කොටසක් බවයි. ඒ සුළු කොටස මත පිහිටා මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව පෙන්වන්නට උත්සාහ කරනු පෙනුණු බවද ඔහු කීවේය. ප්‍රකට අඟුලාන මිනීමැරුම් නඩුවේ තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරවමින් ඔහු තවදුරටත් කිව්වේ, අභියාචනයකදී නීතිමය කරුණු සැලකිල්ලට ගන්නට පෙර, මුල් නඩු විභාගයේදී ඉදිරිපත්වී ඇති සියලූ සාක්ෂි සමස්තයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය.

ඒ අනුව, සමස්ත චිත්‍රය ගැන අදහසක් ගන්නට කැමැත්තක් ඇති අයකුට උදව් වන පරිදි, අභියාචනයේදී උපුටා දක්වන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

read more -

- anidda.lk

[QUOTE="නාවල නිහාල්, post: 23516992, member: 389349"] [b]කුඩු දුමියගේ වැඩ කිඩ[/b] [B] දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත [/B] [URL="http://www.anidda.lk/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b7%80/"] [/URL][COLOR=#ff0000]අරුණ ජයවර්ධන[/COLOR] හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය කළ නිසා, දුමින්ද සිල්වා මිනීමැරුමට වරදකරු කරනු ලැබුවේ හෙවත් මනුෂ්‍ය ඝාතකයකු ලෙස නම් කරන ලද්දේ, ත්‍රිපුද්ගල මහාධිකරණයක් විසිනි. දැන් ඔහු ඉන්නේ හිරගෙදරය. ඒ අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු අපරාධකරුවන් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දැන් විභාග වෙමින් පවතියි. ඒ අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු මේ පිරිස මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන් වී මරණ දඬුවම ලබා ඇත්තෝය. අගවිනිසුරු පියසාත් ඩෙප්, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ මලල්ගොඩ යන පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අභියාචනය විභාග වන්නේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවට එරෙහි අභියාචනයක් විභාග කෙරෙන්නේ පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් පමණක් නිසාය. 2011 ඔක්තෝබර් 8 වැනිදා, පළාත් පාලන මැතිවරණය දා සිදුවුණු භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක්, අධිචෝදනා 10කට වරදකරු කරන ලදහ. පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත්කිරීම හා ගිනිඅවි පෙන්වා ඡුන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් ‘නීති විරෝධී රැුස්වීමක’ සාමාජිකයන් වීම, ටී56 නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා ඒ අතර විය. ඔවුන් සියලූ දෙනාටම මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එම තීන්දුව 2ට 1ක් ලෙස බෙදුණු තීන්දුවකි. පද්මිණී රණවක හා එම්සීබී මොරායස් යන විනිසුරුවරුන් බහුතරයේ තීන්දුව දුන් අතර, ශිරාන් ගුණරත්න විනිසුරු වෙනස් තීන්දුව දුන්නේය. බහුතරයේ තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ වරදකරුවන් කරන ලදහ. ඊට වෙනස් තීන්දුවට දැන් කිසිම නීතිමය බලයක් නැත. මහාධිකරණ තීන්දුවෙන් මරණ දඬුවම නියමවුණේ, දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජනතක බණ්ඩාර ගලගොඩ යන අයටය. [COLOR=#0000ff]රාජපක්ෂ සුරතලා[/COLOR] භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව මහත් ආන්දෝලනයක් ඇති කළේ එක අතකින් ඊට සම්බන්ධවී තිබුණු චරිතවල වැදගත්කම නිසාය. ඝාතනය වුණු භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල ප්‍රබල නායකයෙකි. ඔහු ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වා රටේ ප්‍රකට සල්ලිකාරයෙකි. හිරු ටීවී සහ රේඩියෝ අයිතිකාරයාගේ සහෝදරයාය. පාතාල සාමාජිකයන් පිරිවරා විවිධ මැරකම් කරමින් සිටි දේශපාලකයෙකි. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ සුරතලෙකි. මහින්දට දුමින්දගේ ගෙදර තමාගේ ගෙදර වගේ විය. ඊටත් වඩා දුමින්ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයාය. මේ ඝාතනය සිදුවුණු දවසේ දුමින්දට වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදුව, හිසේ ශල්‍ය කර්මයකට භාජනය කරන ලදි. එදා රාත්‍රී 2 වනතුරු ගෝඨාභය රාජපක්ෂ රෝහලේ සිටිමින් පෞද්ගලිකවම සියල්ල සොයාබැලූවේය. අලූයම් කාලයක කාටත් හොරා හෙලිකොප්ටර් යානයක් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළට ගෙනගොස්, ඉතා සැලසුම් සහගතව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන ලදි. ඊටත් අමතරව සිද්ධිය වී දින කිහිපයක් ගතවන විට, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කාර්ය මණ්ඩලය මාරුකර පාලන කටයුතු සඳහා වෙනත් කණ්ඩායමක් පත්කරන ලදි. මේ සියල්ල අනුව, භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳව ඒ මොහොතේ නීතිය ක්‍රියාත්මක වුණු හැටි සිතාගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවුණු තොරතුරු අනුව, ඒ කටයුතු සියල්ල සිදුවී තිබුණේ දුමින්ද සිල්වාට පක්ෂග්රාහීවය. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, අතුරුදන්වීමක් හැටියටත්, වසීම් තාජුදීන් ඝාතනය හදිසි අනතුරක් හැටියටත් පොලිස් පොත්වල ලියැවුණු ඒ කාලයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේත් ඒ විදියටමය. දුමින්ද සිල්වා සමගම මේ නඩුවේදී මරණ දඬුවම ලැබු එක් විත්තිකරුවකු වන්නේ චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්ද යනු කොළඹ පාතාලයේ ප්‍රබල සාමාජිකයකු වූ, ඒ කාලයේ ඒ ප්‍රදේශය හොල්ලාගෙන සිටි දරුණු පාතාලයෙකි. මිනීමැරුම සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ දුමින්ද සිල්වාගේ ජීප්රථයේය. ඔහුගේ අතේ තිබුණු නීති විරෝධී ගිනි අවිය ගැන පසුව විස්තර කරමු. රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයා සමග නමගිය පාතාලයෙකු නීති විරෝධී ගිනිඅවියක් සමග සිටීම, සැලකිය හැක්කේ පන්සලේ දායක සමිතියේ සාමාජිකයන් පිරිසකගේ හමුවීමක් ලෙසින් නම් නොවේ. [COLOR=#0000ff]අහිංසක දුමින්ද[/COLOR] භාරත ලක්ෂ්මන් ඝාතනයට අදාළ මහාධිකරණ තීන්දුව දීමට පෙර, ඒ ගැන විවිධාකාර කතාබහ සමාජය තුළ ඇතිවිය. ඉන් එකකට පදනම් වී තිබුණේ, දුමින්ද සිල්වාගේ සල්ලිකාර පාර්ශ්වයට ඕනෑම කෙනකු මිලදී ගැනීමට තිබුණු හැකියාවයි. එය ඇත්තය. තමාගේ සහෝදරයා බේරාගැනීමට කෝටිපති ව්‍යාපාරිකයකු වුණු ‘හිරු’ නාලිකාවේ අයිතිකරු රෙනෝ සිල්වා, ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම්වූ බවද, ඕනෑම කෙනකු සමග එකතුවීමට සුදානම්වූ බවද අලූත් දෙයක් නොවීය. මේ නිසා, මහාධිකරණ තීන්දුව ගැනද, විනිසුරු මඬුල්ල ගැනද විවිධාකාර ප්රවෘත්ති ඒ කාලයේ පළවිය. කොහොම නමුත්, තීන්දුව දුන් දා කිරිබත් කා, මල්මාලා පළඳවා, රතිඤ්ඤා පත්තුකර උසාවියෙන් එළියට එන ‘නිර්දෝෂී, අහිංසක’ දුමින්ද සිල්වා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම්කොට තිබුණි. හිරු මාධ්‍ය ජාලයේ සියලූම දෙනා සිටියේ දුමින්ද නිවැරදිකරුවී එළියට එනු ඇතැ’යි කියන දැඩි විශ්වාසයෙනි. එහෙත් සියල්ල කනපිට හැරුණි. ජයග්‍රහණය පතා සිටියවුන්ගේ ගෙවල්, මළගෙවල් බවට පත්විය. දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම විය. ‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාව, තමන්ගේම ආදර්ශ පාඨය විලිලජ්ජාවට පත්කරමින්, එදින ප්‍රවෘත්තිවලින් වාර්තා කළේ, ‘මුල්ලේරියාවේ සිදුවුණු වෙඩි තැබීමක්’ ගැන පමණය. භාරත ලක්ෂ්මන් නම් දේශපාලකයකු එහිදී ඝාතනය වුණු බවත්, ඊට දුමින්ද සිල්වා නමැති තම නාලිකාව අයිතිකරුගේ සහෝදරයා මරණ දඬුවමට නියමවුණු බවත් හිරු ප්‍රවෘත්තියට ඇතුළත් නොවීය. විත්තිකරුවන් හැඳින්වුණේ පළමු, දෙවැනි ලෙස අංකවලින් පමණකි. තමන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය, පසුගිය මාර්තු 26, 27, මැයි 8, 10, 14, 18 ජුනි 4, 6, 13, 18, ජූලි 18, 20 හා 25 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණ. දැන් විභාගය අවසන්වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පාර්ශ්ව දෙක ලිඛිත දේශන ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන දිනයෙක අභියාචනය පිළිබඳ තීන්දුව ලැබෙනු ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කරුණු දැක්වීය. [COLOR=#0000ff]හිරු හා මව්බිම[/COLOR] අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවති කාලයේ, දුමින්ද සිල්වාගේ අයියාගේ ‘හිරු’ නාලිකාවත්, ‘මව්බිම’ ඇතුළු සල්ලිකාර දැවැන්තයන්ගේ පත්තරත් අමුතු මෙහෙයුමක් පටන්ගත්තේය. දුමින්ද සිල්වා අහිංසකයකු බවත්, ඔහු මහාධිකරණයෙන් වරදකරු කළේ දේශපාලන පළිගැනීමකට බවත්, දුමින්දගේ අහිංසකකම ගැන ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා පිළිගත් බවත්, ඊටත් එහා ගොස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඒවා පිළිගත් බවත් ප්‍රබන්ධ කරන ලද ප්‍රවෘත්තිවලින් කියාපාන ලදි. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දක්වන කරුණු විවිධ ඉන්ද්‍රජාල හරහා උලූප්පා පෙන්වමින් දුමින්ද අහිංසක දරුවකු බවට පත්කරන්නට, සිය ස්වාමීන්ගේ අණ අනුව වැඩකළ හිරු නාලිකාවේත් මව්බිම පුවත්පතේත් ඊනියා මාධ්‍යකරුවන් සහ සංස්කාරකවරුන්, එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ එකම වැදගත් කරුණක්වත් උපුටා දක්වන්නට උත්සාහ ගත්තේ නැත. පළකරන ලද බොහෝ කරුණු තමන්ට වුවමනා හැටියට තෝරාගත් කෑලි පමණක් විය. සමහර කරුණු වුවමනාවෙන්ම විකෘතිකර තිබුණි. රටේ ඉහළම අධිකරණයේ විභාගවන නඩුවක කරුණු වුණත්, මේ අශ්ලීල මාධ්‍යකාරයන්ට තමන්ට වුවමනා හැටියට නමන්නට හැකි බව පසුගිය කාලයේ හිරු නාලිකාවත්, මව්බිම පුවත්පතත් සැලකිල්ලෙන් බලන අයට පෙනෙනු ඇත. මේ නිසා, ඇත්ත ගැන කතාකිරීම අවශ්‍යය. ඒ ‘පැත්ත ගියත් ඇත්ත කියන’ වැනි පුස් වචන අපයෝජනය කිරීම සඳහා නොවේ. රටේ යුක්තිගරුක ජනතාවට හැම පැත්තක්ම දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමටය. ඊනියා මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ස්වාමිවූ සල්ලිකාරයන් හංගන පැත්ත එළිදරව් කිරීමටය. අභියාචනා විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, විත්තිකරුවන් වෙනුවෙන් කළ දේශනවලදී ඉදිරිපත් කළ දේවල්, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් ඉතාම සුළු කොටසක් බවයි. ඒ සුළු කොටස මත පිහිටා මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව පෙන්වන්නට උත්සාහ කරනු පෙනුණු බවද ඔහු කීවේය. ප්‍රකට අඟුලාන මිනීමැරුම් නඩුවේ තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරවමින් ඔහු තවදුරටත් කිව්වේ, අභියාචනයකදී නීතිමය කරුණු සැලකිල්ලට ගන්නට පෙර, මුල් නඩු විභාගයේදී ඉදිරිපත්වී ඇති සියලූ සාක්ෂි සමස්තයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය. ඒ අනුව, සමස්ත චිත්‍රය ගැන අදහසක් ගන්නට කැමැත්තක් ඇති අයකුට උදව් වන පරිදි, අභියාචනයේදී උපුටා දක්වන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය. read more - - [URL="http://www.anidda.lk/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b7%80/"]anidda.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom