කුණු කේස්

Problem77

Member
Feb 9, 2019
53
14
0
මේකයි මචන් කේස් එක අපේ ගේ පිටිපස්සේ අඩි 12 ක විතර පාරක් තියෙනවා මීටර් 50 ක් විතර ගියාම
ගේකට තමා වැටෙන්නේ...ඒක පාලුවට ගිහිල්ලා ඒ වත්ත...මෙච්චර කාලයක් අපි අපේ එකතු වන කුණු රොඩු ඒ පාරට දාලා තමයි පිච්චුවේ....ගිය සතියේ අපේ ගෙවල් ලග ගෙදරකින් ඒ ඉඩම ගත්තා සල්ලි වලට...ඉතාලි ඉන්නෙ ගත්ත එකා...ඊයේ අපි ගස්ලබු ගහක් කපලා කෑලි කෑලි කපලා ඒ පාරේ අයිනට වෙන්න දැම්මා...මෙන්න මචන් අර ඉතාලි එකාගේ මල්ලිගේ ගෑනි ඇවිත් ඒ ගස්ලබු ගස් ටික අදිනවා...ඇයි කියල අහපුවාම ඉතාලි එකා කිවුවලු පාරේ හොදට සුද්ද කරලා තියන්න කියලා...ඉතින් මේ ගෑනි ඒ පාර මුල ඉදන් අග වෙනකන් සුද්ද කරලා අතු ගානවා දවස් දෙකකට සැරයක්...අපේ කොල රොඩු පිච්චිලා නැති එව්වත් අදිනවා...අපේ අම්මනම් අනන් මනන් කියලා බැන්නා...ඒත් ඇහුනේ නෑ වගේ ගෑනි වැඩේ කරනවා...මේකට මොකද බන් කරන්න ඕනා..මම මුකුත් කියන්න ගියේ නෑ...ඒ ගෑනිගේ මිනිහා අපේ යාලුවෙක්...රණ්ඩු වලට අවෙත් නෑ..මම ඔතන ගෑනිට මොනහාරි කියන්න ගියාම නැති ප්‍රශ්න එනවා...මේකට මොකද මචන් කරන්න ඕනා...මට ඕනා සද්ද නැතිව හොද වැඩක් දෙන්න...අනික ඒ පාර උන්ගෙ ගෙදරට වැටුනට පොදු පාරක්..අපිටත් අයිතියි
.
 
Last edited:
  • Like
Reactions: wqe123