කුදිරමලෙයි වැළලූණු අභිරහස් නගරය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කුදිරමලෙයි වැළලූණු අභිරහස් නගරය

    1973 දී මුල්වරට ප්‍රකාශයට පත් කෙරුණු ආර්. එල්. බ්‍රොaහියර් ගේ "ඩිස්‌කවරිං සිලෝන්" (DISCOVERING CEYLON) ග්‍රන්ථයට අනුව කුදිරමලෙයි සමීපයේ වැලිවලින් වැසීගිය පුරාණ ජනාවාසයක්‌ පිහිටා ඇත. බ්‍රොaහියර් මහතාට අනුව 1923 දී මෙම ජනාවාසයේ නටබුන් මුල් වරට සොයා ගන්නා ලද්දේ එච්. ජී. ඒ. ද සිල්වා නම් මිනින්දෝරු මහතෙකු විසිනි. ඔහු මෙම සොයා ගැනීම කළේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිවයිනේ වයඹ දිග වෙරළ සමීපයේ කළ මැනුම් කටයුතුවලදීය. පුරාණ වරායක්‌, ළිං සහ නටබුන් යනුවෙන් ඔහුගේ සිතියමේ සඳහන්ව ඇත. මේ අනුව බ්‍රර්හියර් මහතා එම ප්‍රදේශයේ සංචාරයක යෙදුණේය. කැඩීගිය ගඩොල් විශාල ප්‍රමාණයක්‌, වළං කැබලි, ජලය එකතු කරන භාජන, පිඟන් සහ තවත් ගෘහ උපකරණවල සුන්බුන් එහිදී ඔහුට දැක ගන්නට ලැබුණි. ඒ සමගම පුරාණ ළිං තුනක්‌ද එහි විය. මෙම දේවල් හමුවූයේ, මතුපිට වැලි තට්‌ටුවට යටින් සහ ඊට පහළින් වූ හුණුගල් තට්‌ටුව අතරිනි. මෙම දේවල් දැක ගැනීම පහසුවූයේ මෙම පෙදෙසේ තිබූ මුහුදු කෑම නිසයි. කැණීම් කර නොතිබූ මෙම පුරා විද්‍යා භූමිය දැක ගැනීමට මගේ මිත්‍රයන් තිදෙනෙකුට සහ මට උනන්දුවක්‌ ඇති විය.

    අපි විල්පත්තුවේ මහවැව බංගලාවෙන් මාර්තු 25 වැනිදා උදේ පාන්දරින්ම පිටත් වී ගියෙමු. විල්පත්තු සංචාරකයන් අතර ජනප්‍රිය තැනක්‌ වූ කුදිරමලේ වෙත ළඟාවීමට අපට පැය තුනක්‌ පමණ ගත විය. පුරාවිද්‍යා භූමිය පිහිටියේ මහවැව සිට කිලෝ මීටර 35 ක්‌ පමණ ඈතිනි.

    මේ යන අතර මග අපි කුවේණියගේ මාලිගාවේ නටබුන් නැරඹීමටද ගියෙමු. වර්තමානයේ විල්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශය එකල කාලිවිල්ලු නමින් හැඳින්වුණු බවත් තම මාලිගාවේ ජීවත්වෙමින් කුවේනි එම ප්‍රදේශය පාලනය කළ බවත් ජනප්‍රවාදවල පැවසේ. මෙම නටබුන් මාළිගයක ඒවා දැයි සොයා බැලීමට හා ස්‌ථිර කිරීමට පුරාවිද්‍යාත්මක ගවේෂණ මෙතෙක්‌ සිදු කර නැත. කුවේණියගේ මාලිගයේ සිට කුදිරමලේ වෙත යාමට අපට පැයක්‌ පමණ ගත විය.

    කුදිරමලේ හි ඉතිහාසය

    පෞරාණික වරාය නගරයක්‌ වූ සුප්‍රකට කුදිරමලේ පිහිටා ඇත්තේ මන්නාරම සහ පුත්තලම අතර වයඹ දිග වෙරළේය. මෙය පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ උතුරු දිග කෙළවර වන අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුළත ය. මෙම ස්‌වාභාවික වරාය මන්නාරම් බොක්‌කට විවෘත වේ. මුතුපර සඳහා ලෝක ප්‍රසිද්ධ වූ එය පුරාණ ග්‍රීකයන් විසින් හඳුන්වන ලද්දේ ලහිපෝරස්‌ල වරාය යන නාමයෙනි.

    මහාවංශයට අනුව විජය කුමාරයා සහ ඔහුගේ පිරිස ශ්‍රී ලංකා වෙරළට සමීපව යාත්‍රාකරමින් සිටියදී ඔවුනට කන්දක්‌ දකින්නට ලැබී ඇත. ඒ දෙසට යාත්‍රා කළ ඔවුහු ඊට නුදුරින් ගොඩබිමට පිවිසුණහ. ආර්. එල්. බ්‍රොaහියර් මහතාට අනුව වයඹ දිග මුහුදේ සිට දැකිය හැකි එකම කන්ද කුදිරමලේ කන්දයි. බ්‍රොaහියර් මහතා මෙම කරුණ නිරීක්‌ෂණය කළේ ඔහු මුහුදට යාත්‍රා කළ පසුවය. ගොඩබිමට ආ විජය කුමරු හා ඔහුගේ පිරිස මුහුදු වෙරළේ දෑත් තැබූ විට ඒවා රතු පාටට හුරු පාටක්‌ ගත් බව දුටුවහ. ඊට හේතු වූයේ තඹ පැහැති වැල්ලයි. ඒ නිසා ඔවුහු මේ රට තම්බපන්නිල යන නමෙන් හැඳින්වූහ. තම්බපන්නි යන වචනයෙහි තේරුම තඹ වර්ණය යන්නයි. මෙම පෙදෙස හැඳින්වීමට ප්‍රදේශවාසීහු තවමත් එම නම භාවිත කරති.

    ඉතිහාසයට සහ පුරාවෘත්තවලට අනුව පුරාණ කාලයේදී එක්‌ අවධියක දී ශ්‍රී ලංකාවේ වයඹ දිග පෙදෙස පාලනය කරන ලද්දේ ඉන්දියාවේ මලබාර් රජවරුන් විසිනි. මෙම කාලයේදී අල්ලි අරසානි හෙවත් අලිසබ්රානි හෝ අලිරානි නම් සුප්‍රසිද්ධ මලබාර් රැජිනක විසූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඇය මෙම ප්‍රදේශය පාලනය කළ බවත්, ඇගේ මාලිගය පිහිටා තිබුණේ කුදිරමලේට සමීපව බවත් සඳහන් වේ. මෙම කාලයේදී ප්‍රකට 'මුතු ඉවුරු' (Pearl Banks) වලින් ලැබුණු මුතු ඇට ඇය මෙරටට පැමිණි අරාබි වෙළෙන්ඳන් ගෙන ආ අශ්වයින් සමග හුවමාරු කළාය. මෙම පෙදෙසට "කුදිර මලෙයි" හෙවත් අශ්ව කන්ද යන නම ලැබුණේ එම හේතුව නිසා යයි විශ්වාස කෙරේ. අලි අරසානි රැජිනගේ මාලිගාව හා ජනාවාසය සුළි කුණාටුවකින් හෝ සුනාමියකින් විනාශ වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

    රෝමයේ ක්‌ලෝඩියස්‌ අධිරාජ්‍යයාගේ පාලන කාලයේ විසූ ඇනියස්‌ ප්ලැකමස්‌ නම් බදු අයකරන්නෙකු වූ රෝම ජාතිකයෙක්‌ රතු මුහුදේ යාත්‍රා කරමින් සිටින විට අරාබි වෙරළ සමීපයේදී කුණාටුවකට හසු වී ගසාගෙන ගිය ඔහුගේ නෞකාව කුදිරමලේ වරායට සේන්දු වූ බව පැවසේ. මේ චන්ද්‍රමුඛසීව නම් රජතුමා ලංකාව පාලනය කළ සමය යයි විශ්වාස කෙරේ. විජය කුමාරයා සිරිලකට ගොඩබට වරාය ද මෙය විය හැක. 'හිපෝරස්‌' වරාය ගැන සහ කන්දක්‌ සමීපයේ වූ ජනාවාසයක්‌ ගැන රෝම ඉතිහාසඥයෙකු වූ ප්ලිනි සඳහන් කරයි. එය බොහෝ දුරට කුදිරමලේ වීමට ඉඩ තිබේ. ඊශ්‍රායලයේ සොලමන් රජුගේ (ක්‍රිස්‌තු පූර්ව 1000 දී පමණ) නෞකා "ටාෂිෂ්" (Tarshish) වෙත යාත්‍රා කොට සඳුන් දැව, මැණික්‌, ඇත් දළ, රත්රන්, රිදී සහ මොනරුන් ගෙන ගිය බව බයිබලයේ (පරණ තෙස්‌තමේන්තුව, 1 රාජාවලිය 10-22) සඳහන්ය. බයිබලය ගැන විද්වතෙකු වන ප්‍රංශ ජාතික සැමුවෙල් බොචාට්‌ගේ අදහස නම් 'ටාෂිෂ්' යන නමින් හැඳින්වූයේ කුදිරමලේ බවයි.

    වැළලුණු නගරය

    කුදිරමලේ වෙත යාමෙන් පසු අපි මන්නාරම - පුත්තලම මාර්ගයේ කිලෝ මීටර් 3 ක්‌ පමණ දකුණට ගමන් කොට පළඟිතුරෙයි වෙත ළඟා වූයෙමු. තවත් කිලෝ මීටර් 3 ක්‌ දකුණට ගිය පසු අප පැමිණියේ කොලන්කනත්ත වෙතයි. මෙම තැන් දෙකම සංක්‍රමණික ධීවර ගම්මානයන්ය. බ්‍රොaහියර් මහතාට අනුව පළඟතුරෙයි සහ කොලන්කනත්ත අතර සමුද්‍ර ඛාදනයට ලක්‌වූ නෂ්ඨාවශේෂ සහ පැරණි ළිං තුනක්‌ තිබිණි. අප යාර දෙතුන් සියයක්‌ මුහුදු වෙරළ දිගේ පළඟතුරෙයි දෙසට ඇවිද ගියෙමු. වෙරළේ තිබූ කැඩී ගිය ගඩොල්, මැටි බඳුන් හා ගොඩනැඟිලි ද්‍රව්‍යවල සුන්බුන් දැක අපි මවිතයට පත් වූයෙමු. බ්‍රොaහියර් මහතාගේ ඩිස්‌කවරිං සිලෝන් ග්‍රන්ථයේ සඳහන් පරිදි අපට ඒවා දකින්නට ලැබුණේ කොරල් තට්‌ටුව සහ මතුපිට වැලි තට්‌ටුව අතරය. එක්‌ තැනකදී මුහුදට සේදී ගිය විශාල ගොඩනැඟිල්ලක බිත්ති අපි දුටුවෙමු. මෙම බිත්තිවල ඝනකම ඉතා වැඩි වූ අතර එම ගොඩනැඟිල්ල මාලිගාවක්‌ විය හැකි යයි සිතීමට හැක. මුහුදු කෑම නිසා විනාශ වූ තවත් ගොඩනැඟිලි කිහිපයක්‌ අපි දුටුවෙමු. බ්‍රොaහියර් මහතාගේ පොතේ සඳහන්ව තිබූ ළිං තුන කලකට පෙර මුහුදට සේදී ගිය බව අපට දැනගන්නට ලැබිණ. මෙම මුහුදු වෙරළ ඉතා ඉක්‌මනින් මුහුදුකෑමට ලක්‌ වෙමින් පවතින බැවින් ඉතිරිව ඇති, වැලිවලින් වැසුණු නටබුන්ද කෙටි කලකින් මුහුදට සේදී යනු නිසැකය. පළඟතුරෙයි හා කොලන්කනත්ත අතර විශාල ගොඩනැඟිලි තිබූ ජනාවාසයක්‌ පැවති බවට කිසිදු සැකයක්‌ නොමැත. පුරාවිද්‍යාත්මක කැණීම් ඉක්‌මනින් සිදු නොකළොත් මෙම වැළලුණු නගරය කුමක්‌දැයි දැනගැනීමට අපට හැකි නොවනු ඇත.

    ශ්‍රී ලංකාවේ වැළලුණු නගර

    මහාවංශයේ සඳහන් වන පෞරාණික විශාල නගර ගණනාවක්‌ තවමත් සොයාගෙන නැත. තම්බපණ්‌ණි, ඌරුවෙල, උපතිස්‌සගම, උඡ්ඡේනි, විජිත එයින් වැදගත් ඒවා වෙයි.

    විජය රජුගේ ප්‍රධාන අමාත්‍යයා විසින් ගොඩනඟන ලද ඌරුවෙල නගරය අප මෙතෙක්‌ සඳහන් කළ වැළලුණු නගරය විය හැකි බව මම සිතමි. කරුණු කිහිපයක්‌ නිසා මේ බව සනාථ වේ.

    (1) මහාවංශයට අනුව ඌරුවෙල පිහිටා තිබුණේ අනුරාධපුරයට යොදුන් පහක්‌ (සැතපුම් 40 ක්‌) බටහිර දෙසිනි. අප සඳහන් කළ ස්‌ථානය පිහිටා ඇත්තේද අනුරාධපුරයට සැතපුම් 40 ක්‌ පමණ බටහිර දෙසිනි.

    (2) ක්‍රිස්‌තු පූර්ව 100 වර්ෂයේදී රුවන්වැලිසෑය ඉදිකරද්දී එයට මුතුපරවලට නුදුරින් පිහිටි ඌරුවෙල වරාය නගරයේ ධීවරයෝ මුතු හා කොරල් පරිත්‍යාග කළ බව මහාවංශයේ සඳහන්ය.

    (3) ටොලමි, 3 වැනි සියවසේ නිර්මාණය කළ "තප්‍රොබානා" සිතියමේ දිවයිනේ වයඹ දිග වෙරළේ මාගන නම් වරාය නගරයක්‌ පැහැදිලිව සලකුණු කොට ඇත. බී. ඡේ. පෙරේරා මහතාගේ "ශ්‍රී ලංකාවේ පෞරාණික වරාය" නම් අධ්‍යයනයේ ඌරුවෙල සහ මාගන යන දෙකම එකක්‌ බැව් සඳහන් කර ඇත. (Ceylon Historical Journal Vol. 1)

    (4) ක්‍රිස්‌තු වර්ෂය 60 - 67 කාලයේ ශුභ රජතුමා විසින් ඉදිකරන ලද "වල්ලි වෙහෙර" ඌරුවෙල සමීපයේ පිහිටි බව මහාවංශයේ සඳහන්ය. අප සඳහන් කළ භූමියට නුදුරින් වල්ලි වෙහෙර සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

    1923 දී ආර්. එල්. බ්‍රොaහියර් මහතා විසින් සොයාගන්නා ලද පොම්පරිප්පු හි සුසාන භූමියේ භූමදාන 10,000 ක්‌ 12,000 ක්‌ අතර ඇති බැව් නිශ්චය කර ඇත. ඌරුවෙල නගරයේ සුසාන භූමිය මෙය විය හැක.

    මෙම නටබුන් කුදිරමලේට සමීපව අල්ලි අරසානි රැජින ඉදිකරන ලදැයි කියෑවෙන මාලිගාව සහ ජනාවාසය වීමටද ඉඩ තිබේ.

    එසේත් නැතිනම් මෙය විජය රජතුමා විසින් කුදිරමලේ සමීපයේ ඉදි කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පළමුවෙනි නගරය මෙන්ම අගනුවර වූ තම්බපණ්‌ණි වීමටද ඉඩ ඇත.

    මෙම ස්‌ථානය නිවැරදිව හඳුනා ගැනීම ශ්‍රී ලංකා ඉතිහාසයට අතිශයින් වැදගත් වේ. මුහුදු කෑමට ලක්‌වෙමින් ඇති වැල්ලට යටවී ඇති මෙම ස්‌ථාන සෑම ශ්‍රී ලාංකිකයකු විසින් දැක ගත යුතුම ස්‌ථානයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන අප වැඩිදුර දැනුවත් කරනු ඇතැයි මම අපේක්‌ෂා කරමි.

    වෛද්‍ය ඒ.ටී.ඩබ්ලිව්. ගුණරත්න

    ආශ්‍රිත ග්‍රන්ථ;

    1. ආර්.එල්. බ්‍රොaහියර් මහතාගේ Discovering Ceylon.
    2. එස්‌.ඩී. සපරමාදු මහතාගේ Lanka Wild Life Interlude
    Vol. 1
    3. Vol xxxi No. 82 (1929)~ of The Journal RAS
    (Ceylon)​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කබරගොයාව තලගොයෙක් කරන්න ඕනෙ උනාම බ්‍රෝහියර්වත් විශ්වාසයි, මහාවංසෙත් විශ්වාසයි, ටොලමිත් විශ්වාසයි. :D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    කබරගොයාව තලගොයෙක් කරන්න ඕනෙ උනාම බ්‍රෝහියර්වත් විශ්වාසයි, මහාවංසෙත් විශ්වාසයි, ටොලමිත් විශ්වාසයි. :D

    :P
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කබරගොයාව තලගොයෙක් කරන්න ඕනෙ උනාම බ්‍රෝහියර්වත් විශ්වාසයි, මහාවංසෙත් විශ්වාසයි, ටොලමිත් විශ්වාසයි. :D

    DEAD :D :D :D :D :D :D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    කබරගොයාව තලගොයෙක් කරන්න ඕනෙ උනාම බ්‍රෝහියර්වත් විශ්වාසයි, මහාවංසෙත් විශ්වාසයි, ටොලමිත් විශ්වාසයි. :D
    :yes::yes::yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කබරගොයාව තලගොයෙක් කරන්න ඕනෙ උනාම බ්‍රෝහියර්වත් විශ්වාසයි, මහාවංසෙත් විශ්වාසයි, ටොලමිත් විශ්වාසයි. :D

    මම මේක ඇත්තද කියල හොයල බලන්න ගූගල් පීරන්න හදදිම මේක දැක්ක. හොයල බලල වැරදි නම් විවේචනය කලොත් නරකද
     
    • Like
    Reactions: maxtalker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    කබරගොයාව තලගොයෙක් කරන්න ඕනෙ උනාම බ්‍රෝහියර්වත් විශ්වාසයි, මහාවංසෙත් විශ්වාසයි, ටොලමිත් විශ්වාසයි. :D

    පුදනකොටම කාපි යකා කිවුවලු
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම මේක ඇත්තද කියල හොයල බලන්න ගූගල් පීරන්න හදදිම මේක දැක්ක. හොයල බලල වැරදි නම් විවේචනය කලොත් නරකද

    ඔයාට මෙතන context එක තේරිලා නෑ. මේ SJ සමහර ත්‍රෙඩ්ස් වල දාන්නේ පරසුද්දො ලියපු ඉතිහාසෙ විශ්වාස කරන්න බෑ, මහාවංශෙ විශ්වාස කරන්න බෑ කියලා. ඒ ත්‍රෙඩ්ස් වල එහෙම මූලාශ්‍ර දාපුවාම අපිටත් බයිනවා කල්ලතෝනි සුද්දො කියලා එහෙම නැත්තං බුද්ධ ගෝෂ බෞද්ධයො කියලා.

    එහෙව් එකා දැං සුද්දො ලියපු ඉතිහාසෙ, මහාවංශෙන් සාධක අරන් කතාකරන එක ගැනයි ඔය කටුස් කියන්නේ.
     
    • Like
    Reactions: TommyJ

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔයාට මෙතන context එක තේරිලා නෑ. මේ SJ සමහර ත්‍රෙඩ්ස් වල දාන්නේ පරසුද්දො ලියපු ඉතිහාසෙ විශ්වාස කරන්න බෑ, මහාවංශෙ විශ්වාස කරන්න බෑ කියලා. ඒ ත්‍රෙඩ්ස් වල එහෙම මූලාශ්‍ර දාපුවාම අපිටත් බයිනවා කල්ලතෝනි සුද්දො කියලා එහෙම නැත්තං බුද්ධ ගෝෂ බෞද්ධයො කියලා.

    එහෙව් එකා දැං සුද්දො ලියපු ඉතිහාසෙ, මහාවංශෙන් සාධක අරන් කතාකරන එක ගැනයි ඔය කටුස් කියන්නේ.



    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:






    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.


    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     

    Similar threads