Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කුලී නිවාස පනත ගැනමත් නෙවෙයි මේ කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය කුලී නිවාස පනත ගැන නම් නෙවෙයි. ඊට ටිකක් විතර සමාන විදියට 1970 ගනන් වල තිබ්බ උපරිම දේපල පනත ගැන කියවෙන ලිපියක්. ඔය කුලී නිවාස පනත ගෙනාපුවාම කට්ටියක් උඩ දාගෙන ඕක හොදයි කිව්වා වගේම 1970 ගනන් වල උපරිම දේපල පනත ගෙනාවමත් උඩ දාපු කට්ටියක් හිටියා. ඒ පනත ගැනයි පනතෙන් වෙච්ච දේවල් ගැනයි මේ ලිපියේ විස්තර ටිකක් තියෙනවා.

කුලී නිවාස පනතට එකඟ අය වගේම කුලී නිවාස පනතට විරුද්ධ අයත් මේ ලිපිය කියවන එක වටිනවා.

මේ ලිපිය ලියන්නේ අම්පාර, රත්නපුර හා කොළඹ කියන දිස්ත්‍රික්ක වල දිසාපති විදියට කටයුතු කරපු සුනිල් කන්නංගර මහත්තයා. එතුමා කාලයක් බස්නාහිර පලාත් ලේකම් වශයෙනුත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බොහෝ රාජ්‍ය සිවිල් සේවාවේ තනතුරු හොබවපු ඉහළ සිවිල් නිළධාරියෙක්. එතුමා විශ්‍රාම යාමෙන් පසුව බ්ලොග් එකක් ලියන්න ගත්තත් දැන්නම් ගොඩ කාලෙකින් බ්ලොග් එකේ ලියලා නෑ. එතුමා ලියපු ලිපි අතර තිබ්බ ලිපියක් තමා මේකත්.

කුලී නිවාස පනත ගෙනාපු ගමන් මට මේ ලිපිය මතක් උනත්, හොයා ගන්න පොඩ්ඩක් කල් ගියා තිබ්බ වැඩත් එක්ක. කැමති කට්ටියට කියවන්න එතුමාගේ බ්ලොග් එකේ ලින්ක් එකත්, ලිපියේ ලින්ක් එකත් මෙතනම දානවා කැමති කෙනෙක්ට ගිහින් කියවන්න කියලා ආරාධනා කරන ගමන්.

බ්ලොග් එක

https://sunilkannangara.wordpress.com/

ලිපිය

https://sunilkannangara.wordpress.com/2018/09/09/නිවාස-කොමසාරිස්-ලෙස/

නිවාස අමාත්‍යංශෙ නිවාස අධ්යක්ෂ තනතුරයි නිවාස කොමසාරිස් තනතුරයි දරමින් රාජකාරි කරමින්විවිධ වැඩසටහන්වලට සම්බන්ධ උනා.අමාත්‍යංශෙ ලේකම්තුමිය මල්ලිකා කරුනාරත්න මැතිනිය බොහොම උනන්දුවෙන් වැඩ කරන්න දිරිය දීපු කෙනෙක් .අතිරේක ලේකම් සෙනවිරත්න මැතිතුමා මට කලින් නිවාස අධිකාරියෙ ගොඩනැගිල්ලෙ ඉන්න කාලෙ හමුවෙලා මගේ කාමරේ බෙදාහදාගෙන දවස්කීපයක් හිටපු කෙනා.එතුමත් වැඩකරන අපිවගේ අයට උපරිම සහාය දීපු කෙනෙක්.ඒ ඇරුනම මගේ ප්‍රාදේශීය ලේකම් සමයේ දිසාපතිතුමා ඒ අයි වික්‍රම මැතිතුමා විශ්‍රාම අරගෙන අපේ අමාත්‍යංශෙ උපදේශක හැටියට වැඩකලේ මගේ අල්ලපු කාමරේ.පාලන පැත්තෙ ජෙය්ෂ්ඨ සහකාර ලේකම් තුමිය පියසීලි දයාරත්න මැතිනියත් මගේ මිත්‍රයෙක්.අමාත්‍ය තුමිය අපි කාටත් නිදහසේ වැඩ කරන්න ඉඩ දීල තිබුනා.නියෝජ්‍ය අමාත්‍ය තුමා චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා නිලධාරින් එක්ක සහයෝගෙන් වැඩ කලා.මේ නිසාම වැඩි කරදරයකින් තොරව වැඩ කරගෙන යන්න ඉඩ තිබුනා.මේ කාලෙ සම්බන්ද උන විශේෂ කටයුත්තක් තමයි නිවාස කොමසාරිස්තනතුරේ වැඩ බලන්න හමු වෙච්ච එක.ලංකාවෙ තිබුනු ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වුනු ජාතික නිවාස දෙපාර්තමේන්තුව පස්සෙදි නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමත් එක්ක වසා දැමීමට තීරනය කෙරුනා.ඒවුනත් 1973දි රජය සම්මත කල නිවස දේපල උපරිම පනත ක්‍රියාත්මක කිරීමේ කාර්යෙ අවසන් නොවූ කටයුතු මුලුමනින්ම අවසන් කරනතුරු දෙපාර්තමේන්තුව වසා දැමීම කල නොහැකි වුනා.ඒනිසා දෙපාර්තමේන්තුව නාමිකව පවත්වාගෙන යමින් ආරම්භ කල කටයුතු ටික අවසන් කිරීමේ කාර්ය කරගෙන ගියා.

නිවාස දේපල උපරිම පනත යටතේ පුද්ගලයෙකු සතුව තබාගත හැකිවූයේ නිවාස ඒකක තුනක් පමනයි.ඊට අතිරේකව තිබූ නිවාස රජයට පවරාගැනීම හෝ කුලීපදනම මත සිටිඅයට අයත් වීමේ විධිවිධාන මේනීතියෙන් පනවා තිබුනා.කුලී පදනමට සිටි අය තමන් කුලියට සිටි නිවසේ අයිතිය ඉල්ලාසිටීමත් එමනිවස පනත අනුව අතිරික්ත නිවසක් නොවන බවට නිවෙස් හිමියා කරුනු ඉදිරිපත් කිරීමත් බොහෝවිට සිදුවී තිබෙනවා.ආදායම් මාර්ගයක් ලෙස නිවාස හදා කුලියට දීමේ ව්‍යාපාර කල අයට මේ නීතියෙන් වැදුනේ මරු පහරක් .ඔහුන්ගේ කුලී නිවාස රජයට පවරා ගත්තේ තක්සේරු ගත වටිනාකම වංදි ලෙස දෙමිනුයි.මේ සියලු තීරණයන්ට එරෙහිව අභියාචනා විභාග කරන මංඩලයකුත් තිබුනා.ඒමංඩලේ තීරනවලට විරුද්ධව අභියාචනාධිකරනයට යාමේ හැකියාවත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරනයට යාමේ හැකියාවත් තිබුනා.තමනිවස බේරා ගැනීම සඳහා නිවාසහිමිකරුවන් මේ යාන්ත්‍රණය භාවිතා කල අතර කුලියට හිටි නිවසේ පරම අයිතිය ලබා ගැනීමේ අටියෙන් කුලී පදිංචි කරුවන්ද මේ අයිතිය බාවිතා කරන්න ගත්තා.මේත් එක්ක විශාල පරීක්ෂන ප්‍රමානයක් සමාලෝචන මංඩලයේත් අභියාචනාධිකරනයේත් ශ්රේෂ්ඨාධිකරනයේත් ගොඩගැහුනා.මූලික පරීක්ෂන නිවාස කොමසාරිස් ලඟත් ගොඩ ගැහුනා.මේ පනත අනුව අතිරික්ත නිවාසයක් හෝ කුලී නිවාසයක් පිලිබඳ ඉල්ලීමක් කොමසාරිස්වරයා වෙත ලැබුනු පසු ඔහු ඒ පිලිබද පරීක්ෂනයක් පවත්වා තීන්දු ගතයුතුයි.පරීක්ෂනය දෙපාර්ශවයේම නීතීඥයින් ගේ සහභාගිත්වයෙන් කෙරෙනවා.නිවාස දේපල නීතිය ගැනම වැඩකරපු නීතීඥ පිරිසක් මේ වනවිට හිටියා.මේ පරීක්ෂන වලදී බොහෝ වෙලාවට මූලිකවිරෝධතා නීතිඥවරුන් මතු කරනවා.මේ මූලිකවිරෝධය ගැන කරුනු විභාග කරලා තීන්දුවක් දුන්නම ඒකට විරුද්ධව සමාලෝචන මංඩලයට ගිය හැකියි.සමාලෝචන මංඩලය ඉදිරියේ කෙරෙන දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව දුන්නම ඇතැම්විටක ඒතීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත්වෙනවා.ඒගැන තීන්දුවක් එනකම් නිවාස කොමසාරිස්ගේ පරීක්ෂනය නවතිනවා.අවුරුදු තුනක් හතරක් ඔයවිදියට පරීක්ෂනය නැවතිලාතියෙනවා ආපහු පටන්ගන්නවා.ආයිත් අරචක් කරේ යනවා.

1978 අවුරුද්දෙදි ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනත ගෙනැවිත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසිකරත් ඒදෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරතිබූ නිවාස දේපල උපරිම නීතිය යටතේ ඒවනවිට විසඳී නොතිබුනු ගැටලු විසඳා අවසන්කිරීමේ කාර්ය සඳහා පමනක් දෙපාර්තමේන්තුව නෛතිකව පවත්වාගෙන යායුතු උනා.මේවිදියට තිබුනු නිවාස කොමසාරිස්තනතුර තමයි අවසානයේ මගේ කරට වැටුනේ.මම ඒතනතුරේ වැඩ බලන්න පත්වෙනකොට ලිපිගොනු 300ක් පමන නොවිසඳුනු ගැටලු හැටියට තිබුනා.ලොකු ලේඛනාගාරයක් තිබුන නිසා මීට අතිරේකව තවත් නොවිසඳුනු පයිල් තිබුනද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.කොහොම හරි මම මේපයිල් කීපයක් අධ්‍යනය කලා.මෙයින් එකක් ගැනයි මේකතාව.

මර්තේලිස් මහත්තයා ගුරුවරයෙක්.කොලඹට ආසන්න නගරෙක ජීවත් වුනු කෙනෙක්.උන්නැහැගෙ උපත සිද්දවුනෙත් ඒගමේමයි.තමන් උපන්න මහගේ ලඟම ඒවත්තෙම නිවසක් තනාගත්තු මර්තේලිස් මහත්තය විවාහවෙලා පදිංචි උනේ තමන් හදා ගත්තු නිවසෙයි. මහගෙදර අම්මයි තාත්තයි ජීවත් උනා.දෙමව්පියන්ටත් සලකගෙන හොඳින් ජීවත් වුනු මර්තේලිස් මහත්තය හොඳ බෞධාගමිකයෙක්.තමන්ගෙ වෘතියෙ සාර්තක උන උන්නැහැ විදුහල්පතිවරයෙක් වෙනවා.ඉන්පස්සෙ පොත් පත් ලිවීමටත් පටන්ගන්න එතුමා බෞධ පොත්පත් අධ්‍යාපන පොත්පත් ලියල විශාල නමක් හදාගන්නවා.උන්නැහැට විවාහයෙන් දායාද හැටියට ගෙයක් ලැබෙන්නෙ කොලඹ නගරෙ ආසන්නයෙන්මයි.මහගෙදරයි මහගෙදර ආසන්නයේම තිබුනු පැරනි වරිච්චි බිත්ති සහිත කාමර දෙකක නිවසයි එකම ගෙයක් ලෙසයි සැලකුවේ.දෙමව්පියො දෙන්නට හොඳින් සැලකුව මර්තේලිස් විදුහල්පති තුමා ඒදෙන්නගෙ මරණින්පස්සෙ මේ සියලු දේ අයිති කෙනා බවට පත් වෙනවා.දෙමව්පියො ඉන්න කාලෙම මහගෙදරට ආසන්න පැරනි කාමරදෙක කුලියට දෙන්නෙ නෙවෙයි පාලුවට තියෙනනිසා.ඒහිටපු කට්ටියත් බොහොම මිත්‍ර ශීලි පවුලක්.දෙමව්පියන්ගෙ මරනින් පස්සෙ මහගෙදර පාලුවට තියෙනවා.මේගේ කුලියට ඉල්ලගෙන එන පිරිස් ටිකෙන්ටිකවැඩි වෙන්නෙ.ප්‍රධාන නගරෙක ඇතුලෙ තියෙන නිවසක් නිසා.තමන් උපන් මහගෙදර කුලියට දෙන්න මර්තේලිස් මහත්තයට ඕනෙකමක් නැතත් අවසානයේ දන්න අඳුනන මිත්‍රයෙක් ගෙන් බේරෙන්න බැරි වෙනවා.නිකම් පාලුවට තියෙන මහගේ තම හිතවතෙකුට දුන්නම හොඳයි කියල හිතන උන්නැහැ මේගේ කුලියට යාලුවට දෙනවා.මේවිදියට මර්තේලිස් මහත්තයගෙ ගෙවල් තුනක් කුලියට දීල තමන් හදාගත්තු ගෙයි ආගමික ශාස්ත්‍රීය කටයුතු කරමින් සතුටෙන් ජීවත්වෙන කාලෙදි තමයි නිවාස දේපල උපරිම නීතිය බලාත්මක වෙන්නෙ.

මේනීතිය බලාත්මක වුනාට මර්තේලිස් මහත්තය ඒගැන කලබල උනේ නෑ.තමන්ගෙ මහගෙදරයි තමන් හදාගත්තු ගෙයයි දෙක යි දෑවැද්දට හමු උන ගේයි විතරක් තිබුනු නිසා මේගැන ගනන් නොගෙන හිටියෙ මහගෙට අල්ලල තිබුනු කාමර දෙක ඒවෙනකොටත් හිස්ව තිබුනු නිසාත් ඒක මහගෙයි කොටසක් විදියට සලකපු නිසා එය වෙනම ගෙයක් හැටියට හිතුනෙ නැති නිසයි.කොහොමහරි මේදිරා පත් උන කාමරදෙක අලුත් වැඩියාවෙන් තොර නිසා අබලන්වෙලා ඉවත් කරනවා.මේ අතර මරතේලිස් මහත්තයගෙ මහගෙදර කුලියට ඉන්න යාලුවා තමන් කුලියට ඉන්න ගේ මර්තේලිස් මහත්තයගෙ අතිරික්ත ගෙයක් කියල අයිතිවාසිකම ඉල්ලල අයදුම් පතක් නිවාස කොමසාරිස්ට ඉදිරිපත් කරනවා.නිවාස කොමසාරිස් අදාල පනත අනුව ප්‍රකාශයක් කරන්න කියල මර්තේලිස් මහත්තයට ආකෘති පත්‍ර එවනවා.මර්තේලිස් මහත්තයා තමන්ට අයත් නිවාස හැටියට මහගේයි තමන් හදාගත්තු ගේයි සදහන් කරලා නිවාස කොමසාරිස්ට පිලිතුරු හැටියට ප්‍රකාශය යවනවා.මේ පිලිතුරත් එක්ක දීර්ඝ පරීක්ෂනයක් නිවාස කොමසාරිස් ඉදිරියේ ඇරඹෙනවා.

තමන් කුලියට පදිංචි නිවස අයිතිවාසිකම ඉල්ලා මර්තේලිස් මහත්තයගෙ යාලුව ඉදිරිපත් කරපු ඉල්ලීම නිවාස කොමසාරිස් ඉදිරියේ පරීක්ෂනයට ගැනෙනවා. පරීක්ෂනය අතරතුර සමාලෝචන මංඩලය අභියාචාධිකරනය ශ්‍රේෂ්ඨාධිකරනයට අවස්තා ගනනාවක ගිහින් අවුරුදු විසි පහක් තිහක් මේ විභාගය පැවැත්වෙනවා.මර්තේලිස් මහත්තය මුලු රටේම ඉන්න බලවතුන්ට පෙත්සම් ලියමින් නිවාස කොමසාරිස්ට පිටපත් යොමුකරමින් තමන් උපන් නිවසේ අයිතිය ආරක්ෂා කරගන්න දඟලද්දී නීතිය අනුව තමන්ට අයිතිවියයුතු නිවස ලබාගැනීමට කුලී පාර්ශවය උපරිම ශක්තියෙන් වැඩකරනවා.අවාසනාවට මේ ආරවුල මධ්‍යයේ මර්තේලිස් මහත්තයගෙ එකම දියණිය පවුලට නොගැලපෙන හිතුවක්කාරවිවාහයක් කරගෙන පවුලෙන් ඉවත් වෙනවා.මේඅතරදී මහගෙට අල්ලා තිබූ පැරනි කාමරදෙකේ නිවස ගැනත් දෑවැද්දට හිමිවූ නිවස ගැනත් පරීක්ෂන යේදී එලියට එනවා .නීතිය සම්මතවනවිට තිබූ නිවාස සංඛයාව හතරක් බැවින් කුලියට සිටිඅයට අතිරික්ත නිවාසය හිමිවෙනවා.මේ තීන්දුවත් ශ්‍රේෂ්ඨාධිකරනය දක්වා ගොස් සම්මතවෙනවා.නිවස අහිමි වීමත් සමග මර්තේලිස් මහත්තය ජීවිතෙන් සමුගන්නවා.ඉන්පසු නිවසට ඔප්පුවක් සැකසීමේදී අයිතිය හිමිවූ පාර්ශවය පර්චස් විස්සක් ඉල්ලා සිටිනවා.මර්තේලිස් මහතාගේ උරුමකාරිය දියණිය ඊට විරුද්ධවෙනවා.මෙයින් අලුත් ආරවුලක් ඇරඹෙනවා.

මේ කාලෙදි මම නිවාස කොමසාරිස් හැටියට වැඩ බලන්න පත් කෙරෙනවා.මේවනවිට කුලියට හිටි පාර්ශවය බොහෝ බලවත්. බලවන්තයින් රැසක් ඔහුන්වෙනුවෙන් පෙනීසිටිමින් ඒ ඉල්ලීම ඉටුකර දෙන ලෙස ඉල්ලනවා.රටේ ප්‍රබලම තැනිනුත් ඉල්ලීම එන්න ගත්තම මුලු කතාන්දරයම අධ්‍යන ය කිරීමට මට සිදු වුනා.මුලු කතාවම බැලීමේදී මර්තේලිස් මහතා ගැන ලොකු කණගාටුවකුත් අසාධාරණ නීතියගැන කේන්තියකුත් ඇති වුනා.මේ ආරවුල විසඳීම සඳහා සාකච්චාවක් තැබීමට සූදනම් කර දෙපාර්ශවයටම දන්වා කැඳවාගත්තා.මේවගේ සාකච්චාවක් තියනවට අකමැත්ත මුලින්ම පලකරේ නිවාස කොමසාරිස් කාර්යාලයේ නීති නිලධාරියයි.ඔහු කීවේ මේ සාකච්චාවෙදි කොමසාරිස්වරයා ප්‍රකාශ කරන අදහස් ඉදිරි පරීක්ෂණවල ස්වාධීනත්වයට බලපෑ බවට පාර්ශව වලට තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ගොඩනැගිය හැකි බවයි.මම ඒක ප්රතික්ෂේපකරා.ඒත් නීති නිලධාරිතුමා කියන කරුන ගැන ප්‍රවේසමෙන් කටයුතු කල යුතු බවපිලිගත්තා.දෙපාර්ශවය පැමිනි පසු මම කතාව ආරම්භ කලා.

“මේ සකච්චාව කිසිසේත්ම පනතේ සඳහන් ක්‍රියාවලියට සම්බන්ද දෙයක් නොවෙයි.දැනටමත් අවුරුදු32ගතවී ඇති මේ ආරවුල කඩිනමින් විසඳීම සඳහා එකඟතාවයක් ඇති කරගැන්න පුලුවන්ද බලන්න නිලනොවන වශයෙන් දෙපාර්ශවයම ඉදිරියේ විවෘතව කරන්න බලා පොරොත්තු වන්නක්.මේසඳහා දෙපාර්ශවයේම එකඟතාවය අවශ්‍යයි.කවරහෝ පාර්ශවයක් විරුද්ධ නම් මේ සාකච්චාව පැවැත්වීමේ හැකියාව නෑ.එහෙම විරෝධයක් තිබෙනවාද?”මම ඇහුවා.දෙපාර්ශවයම සාකච්චාවට එකඟ උනා.

“මේසාකච්චාව පනතේ ක්‍රියාවලියට අදාල නොවනනිසා මෙහිදී පලකරන අදහස් යෝජනා හෝ මතවාද කිසිවක්මේ සාකච්චාව අසාර්තක වුනොත් ඉදිරි පරීක්ෂණවලදී යොදානොගැනීමට දෙපාර්ශවයම එකඟද?”මම විමසුවා ඊටත් දෙපාර්ශවයම එකඟ උනා.

[QUOTE="U.N.C.L.E, post: 31225236, member: 578190"] මේ ලිපිය කුලී නිවාස පනත ගැන නම් නෙවෙයි. ඊට ටිකක් විතර සමාන විදියට 1970 ගනන් වල තිබ්බ උපරිම දේපල පනත ගැන කියවෙන ලිපියක්. ඔය කුලී නිවාස පනත ගෙනාපුවාම කට්ටියක් උඩ දාගෙන ඕක හොදයි කිව්වා වගේම 1970 ගනන් වල උපරිම දේපල පනත ගෙනාවමත් උඩ දාපු කට්ටියක් හිටියා. ඒ පනත ගැනයි පනතෙන් වෙච්ච දේවල් ගැනයි මේ ලිපියේ විස්තර ටිකක් තියෙනවා. කුලී නිවාස පනතට එකඟ අය වගේම කුලී නිවාස පනතට විරුද්ධ අයත් මේ ලිපිය කියවන එක වටිනවා. මේ ලිපිය ලියන්නේ අම්පාර, රත්නපුර හා කොළඹ කියන දිස්ත්‍රික්ක වල දිසාපති විදියට කටයුතු කරපු සුනිල් කන්නංගර මහත්තයා. එතුමා කාලයක් බස්නාහිර පලාත් ලේකම් වශයෙනුත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බොහෝ රාජ්‍ය සිවිල් සේවාවේ තනතුරු හොබවපු ඉහළ සිවිල් නිළධාරියෙක්. එතුමා විශ්‍රාම යාමෙන් පසුව බ්ලොග් එකක් ලියන්න ගත්තත් දැන්නම් ගොඩ කාලෙකින් බ්ලොග් එකේ ලියලා නෑ. එතුමා ලියපු ලිපි අතර තිබ්බ ලිපියක් තමා මේකත්. කුලී නිවාස පනත ගෙනාපු ගමන් මට මේ ලිපිය මතක් උනත්, හොයා ගන්න පොඩ්ඩක් කල් ගියා තිබ්බ වැඩත් එක්ක. කැමති කට්ටියට කියවන්න එතුමාගේ බ්ලොග් එකේ ලින්ක් එකත්, ලිපියේ ලින්ක් එකත් මෙතනම දානවා කැමති කෙනෙක්ට ගිහින් කියවන්න කියලා ආරාධනා කරන ගමන්. බ්ලොග් එක [URL]https://sunilkannangara.wordpress.com/[/URL] ලිපිය [URL]https://sunilkannangara.wordpress.com/2018/09/09/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83/[/URL] නිවාස අමාත්‍යංශෙ නිවාස අධ්යක්ෂ තනතුරයි නිවාස කොමසාරිස් තනතුරයි දරමින් රාජකාරි කරමින්විවිධ වැඩසටහන්වලට සම්බන්ධ උනා.අමාත්‍යංශෙ ලේකම්තුමිය මල්ලිකා කරුනාරත්න මැතිනිය බොහොම උනන්දුවෙන් වැඩ කරන්න දිරිය දීපු කෙනෙක් .අතිරේක ලේකම් සෙනවිරත්න මැතිතුමා මට කලින් නිවාස අධිකාරියෙ ගොඩනැගිල්ලෙ ඉන්න කාලෙ හමුවෙලා මගේ කාමරේ බෙදාහදාගෙන දවස්කීපයක් හිටපු කෙනා.එතුමත් වැඩකරන අපිවගේ අයට උපරිම සහාය දීපු කෙනෙක්.ඒ ඇරුනම මගේ ප්‍රාදේශීය ලේකම් සමයේ දිසාපතිතුමා ඒ අයි වික්‍රම මැතිතුමා විශ්‍රාම අරගෙන අපේ අමාත්‍යංශෙ උපදේශක හැටියට වැඩකලේ මගේ අල්ලපු කාමරේ.පාලන පැත්තෙ ජෙය්ෂ්ඨ සහකාර ලේකම් තුමිය පියසීලි දයාරත්න මැතිනියත් මගේ මිත්‍රයෙක්.අමාත්‍ය තුමිය අපි කාටත් නිදහසේ වැඩ කරන්න ඉඩ දීල තිබුනා.නියෝජ්‍ය අමාත්‍ය තුමා චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා නිලධාරින් එක්ක සහයෝගෙන් වැඩ කලා.මේ නිසාම වැඩි කරදරයකින් තොරව වැඩ කරගෙන යන්න ඉඩ තිබුනා.මේ කාලෙ සම්බන්ද උන විශේෂ කටයුත්තක් තමයි නිවාස කොමසාරිස්තනතුරේ වැඩ බලන්න හමු වෙච්ච එක.ලංකාවෙ තිබුනු ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වුනු ජාතික නිවාස දෙපාර්තමේන්තුව පස්සෙදි නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමත් එක්ක වසා දැමීමට තීරනය කෙරුනා.ඒවුනත් 1973දි රජය සම්මත කල නිවස දේපල උපරිම පනත ක්‍රියාත්මක කිරීමේ කාර්යෙ අවසන් නොවූ කටයුතු මුලුමනින්ම අවසන් කරනතුරු දෙපාර්තමේන්තුව වසා දැමීම කල නොහැකි වුනා.ඒනිසා දෙපාර්තමේන්තුව නාමිකව පවත්වාගෙන යමින් ආරම්භ කල කටයුතු ටික අවසන් කිරීමේ කාර්ය කරගෙන ගියා. නිවාස දේපල උපරිම පනත යටතේ පුද්ගලයෙකු සතුව තබාගත හැකිවූයේ නිවාස ඒකක තුනක් පමනයි.ඊට අතිරේකව තිබූ නිවාස රජයට පවරාගැනීම හෝ කුලීපදනම මත සිටිඅයට අයත් වීමේ විධිවිධාන මේනීතියෙන් පනවා තිබුනා.කුලී පදනමට සිටි අය තමන් කුලියට සිටි නිවසේ අයිතිය ඉල්ලාසිටීමත් එමනිවස පනත අනුව අතිරික්ත නිවසක් නොවන බවට නිවෙස් හිමියා කරුනු ඉදිරිපත් කිරීමත් බොහෝවිට සිදුවී තිබෙනවා.ආදායම් මාර්ගයක් ලෙස නිවාස හදා කුලියට දීමේ ව්‍යාපාර කල අයට මේ නීතියෙන් වැදුනේ මරු පහරක් .ඔහුන්ගේ කුලී නිවාස රජයට පවරා ගත්තේ තක්සේරු ගත වටිනාකම වංදි ලෙස දෙමිනුයි.මේ සියලු තීරණයන්ට එරෙහිව අභියාචනා විභාග කරන මංඩලයකුත් තිබුනා.ඒමංඩලේ තීරනවලට විරුද්ධව අභියාචනාධිකරනයට යාමේ හැකියාවත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරනයට යාමේ හැකියාවත් තිබුනා.තමනිවස බේරා ගැනීම සඳහා නිවාසහිමිකරුවන් මේ යාන්ත්‍රණය භාවිතා කල අතර කුලියට හිටි නිවසේ පරම අයිතිය ලබා ගැනීමේ අටියෙන් කුලී පදිංචි කරුවන්ද මේ අයිතිය බාවිතා කරන්න ගත්තා.මේත් එක්ක විශාල පරීක්ෂන ප්‍රමානයක් සමාලෝචන මංඩලයේත් අභියාචනාධිකරනයේත් ශ්රේෂ්ඨාධිකරනයේත් ගොඩගැහුනා.මූලික පරීක්ෂන නිවාස කොමසාරිස් ලඟත් ගොඩ ගැහුනා.මේ පනත අනුව අතිරික්ත නිවාසයක් හෝ කුලී නිවාසයක් පිලිබඳ ඉල්ලීමක් කොමසාරිස්වරයා වෙත ලැබුනු පසු ඔහු ඒ පිලිබද පරීක්ෂනයක් පවත්වා තීන්දු ගතයුතුයි.පරීක්ෂනය දෙපාර්ශවයේම නීතීඥයින් ගේ සහභාගිත්වයෙන් කෙරෙනවා.නිවාස දේපල නීතිය ගැනම වැඩකරපු නීතීඥ පිරිසක් මේ වනවිට හිටියා.මේ පරීක්ෂන වලදී බොහෝ වෙලාවට මූලිකවිරෝධතා නීතිඥවරුන් මතු කරනවා.මේ මූලිකවිරෝධය ගැන කරුනු විභාග කරලා තීන්දුවක් දුන්නම ඒකට විරුද්ධව සමාලෝචන මංඩලයට ගිය හැකියි.සමාලෝචන මංඩලය ඉදිරියේ කෙරෙන දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව දුන්නම ඇතැම්විටක ඒතීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත්වෙනවා.ඒගැන තීන්දුවක් එනකම් නිවාස කොමසාරිස්ගේ පරීක්ෂනය නවතිනවා.අවුරුදු තුනක් හතරක් ඔයවිදියට පරීක්ෂනය නැවතිලාතියෙනවා ආපහු පටන්ගන්නවා.ආයිත් අරචක් කරේ යනවා. 1978 අවුරුද්දෙදි ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනත ගෙනැවිත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසිකරත් ඒදෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරතිබූ නිවාස දේපල උපරිම නීතිය යටතේ ඒවනවිට විසඳී නොතිබුනු ගැටලු විසඳා අවසන්කිරීමේ කාර්ය සඳහා පමනක් දෙපාර්තමේන්තුව නෛතිකව පවත්වාගෙන යායුතු උනා.මේවිදියට තිබුනු නිවාස කොමසාරිස්තනතුර තමයි අවසානයේ මගේ කරට වැටුනේ.මම ඒතනතුරේ වැඩ බලන්න පත්වෙනකොට ලිපිගොනු 300ක් පමන නොවිසඳුනු ගැටලු හැටියට තිබුනා.ලොකු ලේඛනාගාරයක් තිබුන නිසා මීට අතිරේකව තවත් නොවිසඳුනු පයිල් තිබුනද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.කොහොම හරි මම මේපයිල් කීපයක් අධ්‍යනය කලා.මෙයින් එකක් ගැනයි මේකතාව. මර්තේලිස් මහත්තයා ගුරුවරයෙක්.කොලඹට ආසන්න නගරෙක ජීවත් වුනු කෙනෙක්.උන්නැහැගෙ උපත සිද්දවුනෙත් ඒගමේමයි.තමන් උපන්න මහගේ ලඟම ඒවත්තෙම නිවසක් තනාගත්තු මර්තේලිස් මහත්තය විවාහවෙලා පදිංචි උනේ තමන් හදා ගත්තු නිවසෙයි. මහගෙදර අම්මයි තාත්තයි ජීවත් උනා.දෙමව්පියන්ටත් සලකගෙන හොඳින් ජීවත් වුනු මර්තේලිස් මහත්තය හොඳ බෞධාගමිකයෙක්.තමන්ගෙ වෘතියෙ සාර්තක උන උන්නැහැ විදුහල්පතිවරයෙක් වෙනවා.ඉන්පස්සෙ පොත් පත් ලිවීමටත් පටන්ගන්න එතුමා බෞධ පොත්පත් අධ්‍යාපන පොත්පත් ලියල විශාල නමක් හදාගන්නවා.උන්නැහැට විවාහයෙන් දායාද හැටියට ගෙයක් ලැබෙන්නෙ කොලඹ නගරෙ ආසන්නයෙන්මයි.මහගෙදරයි මහගෙදර ආසන්නයේම තිබුනු පැරනි වරිච්චි බිත්ති සහිත කාමර දෙකක නිවසයි එකම ගෙයක් ලෙසයි සැලකුවේ.දෙමව්පියො දෙන්නට හොඳින් සැලකුව මර්තේලිස් විදුහල්පති තුමා ඒදෙන්නගෙ මරණින්පස්සෙ මේ සියලු දේ අයිති කෙනා බවට පත් වෙනවා.දෙමව්පියො ඉන්න කාලෙම මහගෙදරට ආසන්න පැරනි කාමරදෙක කුලියට දෙන්නෙ නෙවෙයි පාලුවට තියෙනනිසා.ඒහිටපු කට්ටියත් බොහොම මිත්‍ර ශීලි පවුලක්.දෙමව්පියන්ගෙ මරනින් පස්සෙ මහගෙදර පාලුවට තියෙනවා.මේගේ කුලියට ඉල්ලගෙන එන පිරිස් ටිකෙන්ටිකවැඩි වෙන්නෙ.ප්‍රධාන නගරෙක ඇතුලෙ තියෙන නිවසක් නිසා.තමන් උපන් මහගෙදර කුලියට දෙන්න මර්තේලිස් මහත්තයට ඕනෙකමක් නැතත් අවසානයේ දන්න අඳුනන මිත්‍රයෙක් ගෙන් බේරෙන්න බැරි වෙනවා.නිකම් පාලුවට තියෙන මහගේ තම හිතවතෙකුට දුන්නම හොඳයි කියල හිතන උන්නැහැ මේගේ කුලියට යාලුවට දෙනවා.මේවිදියට මර්තේලිස් මහත්තයගෙ ගෙවල් තුනක් කුලියට දීල තමන් හදාගත්තු ගෙයි ආගමික ශාස්ත්‍රීය කටයුතු කරමින් සතුටෙන් ජීවත්වෙන කාලෙදි තමයි නිවාස දේපල උපරිම නීතිය බලාත්මක වෙන්නෙ. මේනීතිය බලාත්මක වුනාට මර්තේලිස් මහත්තය ඒගැන කලබල උනේ නෑ.තමන්ගෙ මහගෙදරයි තමන් හදාගත්තු ගෙයයි දෙක යි දෑවැද්දට හමු උන ගේයි විතරක් තිබුනු නිසා මේගැන ගනන් නොගෙන හිටියෙ මහගෙට අල්ලල තිබුනු කාමර දෙක ඒවෙනකොටත් හිස්ව තිබුනු නිසාත් ඒක මහගෙයි කොටසක් විදියට සලකපු නිසා එය වෙනම ගෙයක් හැටියට හිතුනෙ නැති නිසයි.කොහොමහරි මේදිරා පත් උන කාමරදෙක අලුත් වැඩියාවෙන් තොර නිසා අබලන්වෙලා ඉවත් කරනවා.මේ අතර මරතේලිස් මහත්තයගෙ මහගෙදර කුලියට ඉන්න යාලුවා තමන් කුලියට ඉන්න ගේ මර්තේලිස් මහත්තයගෙ අතිරික්ත ගෙයක් කියල අයිතිවාසිකම ඉල්ලල අයදුම් පතක් නිවාස කොමසාරිස්ට ඉදිරිපත් කරනවා.නිවාස කොමසාරිස් අදාල පනත අනුව ප්‍රකාශයක් කරන්න කියල මර්තේලිස් මහත්තයට ආකෘති පත්‍ර එවනවා.මර්තේලිස් මහත්තයා තමන්ට අයත් නිවාස හැටියට මහගේයි තමන් හදාගත්තු ගේයි සදහන් කරලා නිවාස කොමසාරිස්ට පිලිතුරු හැටියට ප්‍රකාශය යවනවා.මේ පිලිතුරත් එක්ක දීර්ඝ පරීක්ෂනයක් නිවාස කොමසාරිස් ඉදිරියේ ඇරඹෙනවා. තමන් කුලියට පදිංචි නිවස අයිතිවාසිකම ඉල්ලා මර්තේලිස් මහත්තයගෙ යාලුව ඉදිරිපත් කරපු ඉල්ලීම නිවාස කොමසාරිස් ඉදිරියේ පරීක්ෂනයට ගැනෙනවා. පරීක්ෂනය අතරතුර සමාලෝචන මංඩලය අභියාචාධිකරනය ශ්‍රේෂ්ඨාධිකරනයට අවස්තා ගනනාවක ගිහින් අවුරුදු විසි පහක් තිහක් මේ විභාගය පැවැත්වෙනවා.මර්තේලිස් මහත්තය මුලු රටේම ඉන්න බලවතුන්ට පෙත්සම් ලියමින් නිවාස කොමසාරිස්ට පිටපත් යොමුකරමින් තමන් උපන් නිවසේ අයිතිය ආරක්ෂා කරගන්න දඟලද්දී නීතිය අනුව තමන්ට අයිතිවියයුතු නිවස ලබාගැනීමට කුලී පාර්ශවය උපරිම ශක්තියෙන් වැඩකරනවා.අවාසනාවට මේ ආරවුල මධ්‍යයේ මර්තේලිස් මහත්තයගෙ එකම දියණිය පවුලට නොගැලපෙන හිතුවක්කාරවිවාහයක් කරගෙන පවුලෙන් ඉවත් වෙනවා.මේඅතරදී මහගෙට අල්ලා තිබූ පැරනි කාමරදෙකේ නිවස ගැනත් දෑවැද්දට හිමිවූ නිවස ගැනත් පරීක්ෂන යේදී එලියට එනවා .නීතිය සම්මතවනවිට තිබූ නිවාස සංඛයාව හතරක් බැවින් කුලියට සිටිඅයට අතිරික්ත නිවාසය හිමිවෙනවා.මේ තීන්දුවත් ශ්‍රේෂ්ඨාධිකරනය දක්වා ගොස් සම්මතවෙනවා.නිවස අහිමි වීමත් සමග මර්තේලිස් මහත්තය ජීවිතෙන් සමුගන්නවා.ඉන්පසු නිවසට ඔප්පුවක් සැකසීමේදී අයිතිය හිමිවූ පාර්ශවය පර්චස් විස්සක් ඉල්ලා සිටිනවා.මර්තේලිස් මහතාගේ උරුමකාරිය දියණිය ඊට විරුද්ධවෙනවා.මෙයින් අලුත් ආරවුලක් ඇරඹෙනවා. මේ කාලෙදි මම නිවාස කොමසාරිස් හැටියට වැඩ බලන්න පත් කෙරෙනවා.මේවනවිට කුලියට හිටි පාර්ශවය බොහෝ බලවත්. බලවන්තයින් රැසක් ඔහුන්වෙනුවෙන් පෙනීසිටිමින් ඒ ඉල්ලීම ඉටුකර දෙන ලෙස ඉල්ලනවා.රටේ ප්‍රබලම තැනිනුත් ඉල්ලීම එන්න ගත්තම මුලු කතාන්දරයම අධ්‍යන ය කිරීමට මට සිදු වුනා.මුලු කතාවම බැලීමේදී මර්තේලිස් මහතා ගැන ලොකු කණගාටුවකුත් අසාධාරණ නීතියගැන කේන්තියකුත් ඇති වුනා.මේ ආරවුල විසඳීම සඳහා සාකච්චාවක් තැබීමට සූදනම් කර දෙපාර්ශවයටම දන්වා කැඳවාගත්තා.මේවගේ සාකච්චාවක් තියනවට අකමැත්ත මුලින්ම පලකරේ නිවාස කොමසාරිස් කාර්යාලයේ නීති නිලධාරියයි.ඔහු කීවේ මේ සාකච්චාවෙදි කොමසාරිස්වරයා ප්‍රකාශ කරන අදහස් ඉදිරි පරීක්ෂණවල ස්වාධීනත්වයට බලපෑ බවට පාර්ශව වලට තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ගොඩනැගිය හැකි බවයි.මම ඒක ප්රතික්ෂේපකරා.ඒත් නීති නිලධාරිතුමා කියන කරුන ගැන ප්‍රවේසමෙන් කටයුතු කල යුතු බවපිලිගත්තා.දෙපාර්ශවය පැමිනි පසු මම කතාව ආරම්භ කලා. “මේ සකච්චාව කිසිසේත්ම පනතේ සඳහන් ක්‍රියාවලියට සම්බන්ද දෙයක් නොවෙයි.දැනටමත් අවුරුදු32ගතවී ඇති මේ ආරවුල කඩිනමින් විසඳීම සඳහා එකඟතාවයක් ඇති කරගැන්න පුලුවන්ද බලන්න නිලනොවන වශයෙන් දෙපාර්ශවයම ඉදිරියේ විවෘතව කරන්න බලා පොරොත්තු වන්නක්.මේසඳහා දෙපාර්ශවයේම එකඟතාවය අවශ්‍යයි.කවරහෝ පාර්ශවයක් විරුද්ධ නම් මේ සාකච්චාව පැවැත්වීමේ හැකියාව නෑ.එහෙම විරෝධයක් තිබෙනවාද?”මම ඇහුවා.දෙපාර්ශවයම සාකච්චාවට එකඟ උනා. “මේසාකච්චාව පනතේ ක්‍රියාවලියට අදාල නොවනනිසා මෙහිදී පලකරන අදහස් යෝජනා හෝ මතවාද කිසිවක්මේ සාකච්චාව අසාර්තක වුනොත් ඉදිරි පරීක්ෂණවලදී යොදානොගැනීමට දෙපාර්ශවයම එකඟද?”මම විමසුවා ඊටත් දෙපාර්ශවයම එකඟ උනා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom