Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘත්‍රිම වැස්ස ඇති කළේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘත්‍රිම වැස්ස ඇති කළේ මෙහෙමයි

කෘත්‍රිම වැස්ස ඇති කළේ මෙහෙමයි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමගම කාසල්රි, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා සහ රන්ටැඹේ යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පහළ මට්ටමට පැමිණීමත් සමගම ඉදිරියේදී විදුලි උත්පාදනයටත් පානීය කටයුතුවලට ජලය සහ කෘෂිකර්මාන්තයටත් ඇති වන විශාල බලපෑම අවම කර ගැනීම සදහා කෘත්‍රිම වැසි වැස්සවීමේ ක්‍රමය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයට වසර තිස්හතකට පසු යළිත් අවධානය යොමුවී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් පරිදි කෘත්‍රිම වැසි වැස්සවීමේ ලෝකයේ පේටන්ට් බලපත්‍රයක් හිමි තායිලන්ත රජයට අනුබද්ධව කටයුතු කරන පෞද්ගලික සමාගමක සහාය ෙම් වනවිට ලබා ගෙන ඇති අතර එම කෘත්‍රිම වැසි වැස්ස ඇති කිරීම පිළිබඳව සොයා බැලීමට තායිලන්තයේ පස්දෙනකුගෙන් සමන්විත ඉංජිනේරුවන් පිරිසක් එම ජලාශවල ෙම් වන විට නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින විශාල පරිසර හානියත් ඊශාන දිග මෝසම් වැසි නිසි කලට නොලැබීම නිසාත් ජල විදුලි උත්පාදනයට ෙම් වන විට බාධා පැමිණ ඇත.

තව ද කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල රොන්මඩ විශාල වශයෙන් තැන්පත් වීම නිසා වැසි කාලයේදී එම ජලාශවල ජල එක්රැස් කර තැබිය හැකි ජල ධාරිතාව අඩුවීම ද විදුලි අර්බුදයට තවත් ප්‍රධාන හේතුවකි.

දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුමට සැපයුමක් ලබාදීම ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමගම ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවී ඇත.

එවැනි අභියෝග හමුවේ යළිත් මෙරට තුළ කෘත්‍රිම වැසි වැස්සවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ අවධානය යොමු වෙද්දී 1981 වසරේ මෙරට තුළ මෙම තායිලන්තයේ පේටන්ට් බලපත්‍රය හිමි අදාළ සමාගම විසින් කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘත්‍රිම වැසි වැස්සවීම පිළිබඳව සියැසින් දුටු කිහිපදෙනෙක් සමග ඉරිදා ලංකාදීප අතීතය අාවර්ජනය කරමින් කරුණු විමසා සිටියේය.

වර්තමානයේ සීමාසහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සරත් වික්‍රමසිංහ මහතාෙගන් අප පළමුවෙන්ම විමසීමක් කළා. මේ ඔහුගේ මතකයයි.

“එතකොට මට අවුරුදු 30යි. මම පදිංචිවෙලා හිටියේ දික්ඔය ප්‍රදේශයේ. මම දික්ඔය ඇන්ෆීල්ඩ් වත්තේ තේ කර්මාන්තශාලාවේ සුපවයිසර් කෙනෙක් හැටියට වැඩ කළා. මම ගෙදර ඉඳලා තමයි හැමදාම වැඩට ගියේ. ඒ කාලයේ දැඩි නියඟයක් තිබුණා. තේ ගස් කර වෙලා. වත්තේ මිනිසුන්ට වැඩ දුන්නෙත් සතියට දින කිහිපයක් විතරයි. තේ කර්මාන්තශාලාවෙත් හරියට වැඩ තිබුණේ නැහැ.

බොන්න විතරක් වතුර තිබුණා. කාසල්රි ජලාශයේ වතුර හොඳටම අඩුවෙලා තිබුණේ. ඒ දවස්වල හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයට සුදු පාට හෙලිකොප්ටරයක කටිටියක් ඇවිත් දවස් කිහිපයක් ඒ ක්‍රීඩාංගණයේ හෙලිකොප්ටරයත් එක්ක නතර වෙලා හිටියා.

අපි ඒ කාලයේ හෙලිකොප්ටරයක් ළඟට දැකලා තිබුණේ නැහැ. ඒ ආපු කට්ටිය අතර පිටරට කටිටියත් හිටියා. තවත් වාහන ගොඩකුත් තිබුණා. හැමදාම ඒ හෙලිකොප්ටර් එකේ කිහිප සැරයක් වලාකුළු උඩින් ගිහිල්ලා හෙලිකොප්ටර් එකේ පිටුපස ෆෑන් එකට යටින් මොනව ද විදිනවා දැක්කා.

සුදු පාටට තිබුණු වලාකුළු උඩින් තමයි ඒවා විද්දේ. ඒවගේ බගවන්තලාව ප්‍රදේශයටත් කාසල්රි ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ග අවටත් අපේ තේ වතුවලට ඉහළිනුත් හෙලිකොප්ටරයෙන් දියර වර්ගයක් ස්ප්‍රේ කරනවා මම දැක්කා. එහෙම ස්ප්‍රේ කළාට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා සුදු පාටට තිබුණු වලාකුළු කළු වෙලා ටික වෙලාවකින් වහින්න ගන්නවා.

ඒ වැස්ස දින කිහිපයක් තිබුණා. ඒ වැස්ස වැටීමෙන් පසු එතෙක් කර වෙලා තිබුණු තේ ගස් යළිත් තිබුණ තත්ත්වයට පත්වුණා. හැබැයි ඒ වැහැපු වැස්සට තෙමුණු අපේ වත්තේ වැඩ කරපු කම්කරුවන් කිහිපදෙනකුට උණ හැදිලා හිටියා මට මතකයි.

ඒ වතු කම්කරුවන්ගෙන් ඇහුවම ඒගොල්ලන් කිව්වේ ෙම් වැස්සට තෙමිලා තමයි උණ ගත්තේ කියලා. මට මතක හැටියට ජලාශ පිරෙන්න තරම් වැස්සේ නැහැ. හෙලිකොප්ටර් එක බලන්න ගොඩක් කට්ටිය දික්ඔය දරවල ක්‍රීඩාංගණය අවට ඇවිල්ලා ඉන්නවා මම දැක්කා. හැබැයි හෙලිකොප්ටර් එක ළඟට යන්න කාටවත් අවසර ලැබුණේ නැහැ. අපටත් ඒ වැස්ස ගැන ඒ තරම් අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි හෙලිකොප්ටර් එකෙන් බෙහෙත් ගැහුවට පස්සේ වහිනවා කියලා තමයි අපි දැනගෙන හිටියේ.

ඒ හෙලිකොප්ටර් එකේ ආපු කට්ටිය දින කිහිපයක් දික්ඔයේ ඉඳලා ඊට පස්සේ යන්න ගියා. ඊට පස්සේ සාමාන්‍ය වැස්ස දිගටම ලැබුණා.” යනුවෙන් පැවැසීය.

වටවල වැලිඔය සෙන්ටිහේලියාස් වතුයායේ දැනට පදිංචි විශ්‍රාම සුවයෙන් පසුෙවන ලෙස්ලි ජයසේන විතානගේ 75 හැවිරිදි මහතා ඉරිදා ලංකාදීප සමග ෙම් සම්බන්ධයෙන් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“එතකොට මම මස්කෙළිය මානෙලූ වතුයායේ ෆැක්ටරි ඔෆිසර් හැටියට වැඩ කළා. හරිම නියඟයක් ඒ කාලයේ තිබුණේ. මාවුස්සාකැලේ ජලාශයේ වතුර හිඳිලා තිබුණේ. තේ ගසුත් මැරිලා ගිහිල්ලා තිබුණා. ඒ දවස්වල සුදු පාට සහ රතු පාට හෙලිකොප්ටර් එකකින් ගොඩක් පහතින් ඇවිල්ලා වලාකුළු තියන තැන්වලට මොනවහරි ස්ප්‍රේ කරනවා මම දැක්කා.

එහෙම ස්ප්‍රේ කරලා ගියාට පස්සේ හරි සිසිලසක් ඇඟට දැනෙනවා. පස්සේ ටිකක් වහිනවා. ෙම් විදියට දවස් කිහිපයක්ම මෙම ක්‍රියාවලිය සිදුවුණා.

සමහර දවස්වලට වලාකුළු නැති නිසා හෙලිකොප්ටර් එක ඇවිල්ලා ස්ප්‍රේ නොකර යනවා මම දැකලා තියනවා. මගේ මතකයේ හැටියට එදා කෘත්‍රිම වැස්ස වැස්සවීම එතරම් සාර්ථක වුණා කියලා මට නම් මතක නැහැ. සමහර තැන්වලට නම් ටිකක් සැරට වැහැලා තිබුණා.

හැබැයි වහින එක පිළිබඳව මිනිසුන්ට අවබෝධයක් නොතිබුණත් ගොඩක් පහතින් පියාසර කරන හෙලිකොප්ටරය බලන්න මිනිස්සු කැමැත්තෙන් හිටියේ. ශ්‍රී පාද කඳුවැටිය අවටත් ඒ හෙලිකොප්ටරයෙන් මොනව ද ස්ප්‍රේ කරනවා මම දැක්කා. හැබැයි ඒ කාලයේ දැන් තියන තරම් විදුලි ඉල්ලුමක් තිබුණේ නැහැ. තේ කර්මාන්තශාලාවට ඔෆිසියට වත්තේ මහත්තයාගේ බංගලාවට සහ අපේ ගෙවල් කිහිපයකට විතරයි කරන්ට් තිබුණේ.” යනුවෙන් පැවැසීය.

මෙම තායිලන්ත සමාගමේ දූත පිරිස සමග පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කිහිපදෙනකු සමග ඉරිදා ලංකාදීපයේ අපි සාකච්ඡා කළ අතර එහිදී එම නිලධාරීන් කියා සිටියේ දැනට තායිලන්තයෙන් පැමිණ සිටින දූත පිරිසෙන් එක් ඉංජිනේරුවරයකු 1981 වසරේ මෙම ප්‍රදේශයේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩසටහනට සහභාගී වී ඇති බවයි.

නියඟය පවතින යුරෝපීය රටවල් කිහිපයකම මෙම සමාගම විසින් කෘත්‍රිම වැසි ඇති කර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් එම රටවල මහා පරිමාණයෙන් ගොවිතැන් කටයුතු කරන ගොවීන් ද ඔවුන්ගේ වගා කටයුතුවලට වැසි ජලය ලබා ගැනීමට මෙම සමාගමේ සහයෝගය ලබා ගෙන ඇති බවයි.

මෙම කෘත්‍රිම වැසිවලින් මිනිසාට සතා සිව්පාවාට සහ පරිසරයට කිසිදු හානියක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලි බලමණ්ඩලය, මහවැලි සංවර්ධන අධිකාරිය එක්ව මෙම කෘත්‍රිම වැසි සම්බන්ධයෙන් එක් වී කටයුතු කරන බවයි. තව ද ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා උපයෝගි කර ගනිමින් වලාකුළුවලට දියරයක් ඉස මෙම කෘත්‍රිම වැසි ඇති කරන අතර මෙම ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බව එම තායිලන්ත දූත පිරිසේ නිලධාරියෙක් ද කියා සිටියා.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සියලුම පාර්ශ්ව එක්ව යළිත් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරීම පිළිබදව වාර්තාවක් සකස් කර විදුලිබල මණ්ඩලයට ලබා දීමට නියමිතයි.

ඡායාරූප සහ සටහන

නොර්වුඩ් රංජිත් රාජපක්ෂ

[QUOTE="araki, post: 23211494, member: 360239"] [b]කෘත්‍රිම වැස්ස ඇති කළේ මෙහෙමයි[/b] [B][SIZE=5]කෘත්‍රිම වැස්ස ඇති කළේ මෙහෙමයි[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4c5e9aea9c.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමගම කාසල්රි, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා සහ රන්ටැඹේ යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පහළ මට්ටමට පැමිණීමත් සමගම ඉදිරියේදී විදුලි උත්පාදනයටත් පානීය කටයුතුවලට ජලය සහ කෘෂිකර්මාන්තයටත් ඇති වන විශාල බලපෑම අවම කර ගැනීම සදහා කෘත්‍රිම වැසි වැස්සවීමේ ක්‍රමය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයට වසර තිස්හතකට පසු යළිත් අවධානය යොමුවී ඇත. [/SIZE] [SIZE=5]ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් පරිදි කෘත්‍රිම වැසි වැස්සවීමේ ලෝකයේ පේටන්ට් බලපත්‍රයක් හිමි තායිලන්ත රජයට අනුබද්ධව කටයුතු කරන පෞද්ගලික සමාගමක සහාය ෙම් වනවිට ලබා ගෙන ඇති අතර එම කෘත්‍රිම වැසි වැස්ස ඇති කිරීම පිළිබඳව සොයා බැලීමට තායිලන්තයේ පස්දෙනකුගෙන් සමන්විත ඉංජිනේරුවන් පිරිසක් එම ජලාශවල ෙම් වන විට නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත. [/SIZE] [SIZE=5]මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින විශාල පරිසර හානියත් ඊශාන දිග මෝසම් වැසි නිසි කලට නොලැබීම නිසාත් ජල විදුලි උත්පාදනයට ෙම් වන විට බාධා පැමිණ ඇත. [/SIZE] [SIZE=5]තව ද කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල රොන්මඩ විශාල වශයෙන් තැන්පත් වීම නිසා වැසි කාලයේදී එම ජලාශවල ජල එක්රැස් කර තැබිය හැකි ජල ධාරිතාව අඩුවීම ද විදුලි අර්බුදයට තවත් ප්‍රධාන හේතුවකි. දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුමට සැපයුමක් ලබාදීම ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමගම ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවී ඇත. [/SIZE] [SIZE=5] එවැනි අභියෝග හමුවේ යළිත් මෙරට තුළ කෘත්‍රිම වැසි වැස්සවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ අවධානය යොමු වෙද්දී 1981 වසරේ මෙරට තුළ මෙම තායිලන්තයේ පේටන්ට් බලපත්‍රය හිමි අදාළ සමාගම විසින් කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘත්‍රිම වැසි වැස්සවීම පිළිබඳව සියැසින් දුටු කිහිපදෙනෙක් සමග ඉරිදා ලංකාදීප අතීතය අාවර්ජනය කරමින් කරුණු විමසා සිටියේය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cf9545e10b.jpg[/IMG]වර්තමානයේ සීමාසහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සරත් වික්‍රමසිංහ මහතාෙගන් අප පළමුවෙන්ම විමසීමක් කළා. මේ ඔහුගේ මතකයයි. [/SIZE] [SIZE=5]“එතකොට මට අවුරුදු 30යි. මම පදිංචිවෙලා හිටියේ දික්ඔය ප්‍රදේශයේ. මම දික්ඔය ඇන්ෆීල්ඩ් වත්තේ තේ කර්මාන්තශාලාවේ සුපවයිසර් කෙනෙක් හැටියට වැඩ කළා. මම ගෙදර ඉඳලා තමයි හැමදාම වැඩට ගියේ. ඒ කාලයේ දැඩි නියඟයක් තිබුණා. තේ ගස් කර වෙලා. වත්තේ මිනිසුන්ට වැඩ දුන්නෙත් සතියට දින කිහිපයක් විතරයි. තේ කර්මාන්තශාලාවෙත් හරියට වැඩ තිබුණේ නැහැ. [/SIZE] [SIZE=5]බොන්න විතරක් වතුර තිබුණා. කාසල්රි ජලාශයේ වතුර හොඳටම අඩුවෙලා තිබුණේ. ඒ දවස්වල හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයට සුදු පාට හෙලිකොප්ටරයක කටිටියක් ඇවිත් දවස් කිහිපයක් ඒ ක්‍රීඩාංගණයේ හෙලිකොප්ටරයත් එක්ක නතර වෙලා හිටියා. [/SIZE] [SIZE=5]අපි ඒ කාලයේ හෙලිකොප්ටරයක් ළඟට දැකලා තිබුණේ නැහැ. ඒ ආපු කට්ටිය අතර පිටරට කටිටියත් හිටියා. තවත් වාහන ගොඩකුත් තිබුණා. හැමදාම ඒ හෙලිකොප්ටර් එකේ කිහිප සැරයක් වලාකුළු උඩින් ගිහිල්ලා හෙලිකොප්ටර් එකේ පිටුපස ෆෑන් එකට යටින් මොනව ද විදිනවා දැක්කා. [/SIZE] [SIZE=5]සුදු පාටට තිබුණු වලාකුළු උඩින් තමයි ඒවා විද්දේ. ඒවගේ බගවන්තලාව ප්‍රදේශයටත් කාසල්රි ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ග අවටත් අපේ තේ වතුවලට ඉහළිනුත් හෙලිකොප්ටරයෙන් දියර වර්ගයක් ස්ප්‍රේ කරනවා මම දැක්කා. එහෙම ස්ප්‍රේ කළාට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා සුදු පාටට තිබුණු වලාකුළු කළු වෙලා ටික වෙලාවකින් වහින්න ගන්නවා. [/SIZE] [SIZE=5]ඒ වැස්ස දින කිහිපයක් තිබුණා. ඒ වැස්ස වැටීමෙන් පසු එතෙක් කර වෙලා තිබුණු තේ ගස් යළිත් තිබුණ තත්ත්වයට පත්වුණා. හැබැයි ඒ වැහැපු වැස්සට තෙමුණු අපේ වත්තේ වැඩ කරපු කම්කරුවන් කිහිපදෙනකුට උණ හැදිලා හිටියා මට මතකයි. [/SIZE] [SIZE=5]ඒ වතු කම්කරුවන්ගෙන් ඇහුවම ඒගොල්ලන් කිව්වේ ෙම් වැස්සට තෙමිලා තමයි උණ ගත්තේ කියලා. මට මතක හැටියට ජලාශ පිරෙන්න තරම් වැස්සේ නැහැ. හෙලිකොප්ටර් එක බලන්න ගොඩක් කට්ටිය දික්ඔය දරවල ක්‍රීඩාංගණය අවට ඇවිල්ලා ඉන්නවා මම දැක්කා. හැබැයි හෙලිකොප්ටර් එක ළඟට යන්න කාටවත් අවසර ලැබුණේ නැහැ. අපටත් ඒ වැස්ස ගැන ඒ තරම් අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි හෙලිකොප්ටර් එකෙන් බෙහෙත් ගැහුවට පස්සේ වහිනවා කියලා තමයි අපි දැනගෙන හිටියේ. [/SIZE] [SIZE=5]ඒ හෙලිකොප්ටර් එකේ ආපු කට්ටිය දින කිහිපයක් දික්ඔයේ ඉඳලා ඊට පස්සේ යන්න ගියා. ඊට පස්සේ සාමාන්‍ය වැස්ස දිගටම ලැබුණා.” යනුවෙන් පැවැසීය. [/SIZE] [SIZE=5]වටවල වැලිඔය සෙන්ටිහේලියාස් වතුයායේ දැනට පදිංචි විශ්‍රාම සුවයෙන් පසුෙවන ලෙස්ලි ජයසේන විතානගේ 75 හැවිරිදි මහතා ඉරිදා ලංකාදීප සමග ෙම් සම්බන්ධයෙන් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා. [/SIZE] [SIZE=5]“එතකොට මම මස්කෙළිය මානෙලූ වතුයායේ ෆැක්ටරි ඔෆිසර් හැටියට වැඩ කළා. හරිම නියඟයක් ඒ කාලයේ තිබුණේ. මාවුස්සාකැලේ ජලාශයේ වතුර හිඳිලා තිබුණේ. තේ ගසුත් මැරිලා ගිහිල්ලා තිබුණා. ඒ දවස්වල සුදු පාට සහ රතු පාට හෙලිකොප්ටර් එකකින් ගොඩක් පහතින් ඇවිල්ලා වලාකුළු තියන තැන්වලට මොනවහරි ස්ප්‍රේ කරනවා මම දැක්කා. [/SIZE] [SIZE=5]එහෙම ස්ප්‍රේ කරලා ගියාට පස්සේ හරි සිසිලසක් ඇඟට දැනෙනවා. පස්සේ ටිකක් වහිනවා. ෙම් විදියට දවස් කිහිපයක්ම මෙම ක්‍රියාවලිය සිදුවුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b8b4889086.jpg[/IMG][/SIZE] [SIZE=5]සමහර දවස්වලට වලාකුළු නැති නිසා හෙලිකොප්ටර් එක ඇවිල්ලා ස්ප්‍රේ නොකර යනවා මම දැකලා තියනවා. මගේ මතකයේ හැටියට එදා කෘත්‍රිම වැස්ස වැස්සවීම එතරම් සාර්ථක වුණා කියලා මට නම් මතක නැහැ. සමහර තැන්වලට නම් ටිකක් සැරට වැහැලා තිබුණා. [/SIZE] [SIZE=5]හැබැයි වහින එක පිළිබඳව මිනිසුන්ට අවබෝධයක් නොතිබුණත් ගොඩක් පහතින් පියාසර කරන හෙලිකොප්ටරය බලන්න මිනිස්සු කැමැත්තෙන් හිටියේ. ශ්‍රී පාද කඳුවැටිය අවටත් ඒ හෙලිකොප්ටරයෙන් මොනව ද ස්ප්‍රේ කරනවා මම දැක්කා. හැබැයි ඒ කාලයේ දැන් තියන තරම් විදුලි ඉල්ලුමක් තිබුණේ නැහැ. තේ කර්මාන්තශාලාවට ඔෆිසියට වත්තේ මහත්තයාගේ බංගලාවට සහ අපේ ගෙවල් කිහිපයකට විතරයි කරන්ට් තිබුණේ.” යනුවෙන් පැවැසීය. [/SIZE] [SIZE=5]මෙම තායිලන්ත සමාගමේ දූත පිරිස සමග පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කිහිපදෙනකු සමග ඉරිදා ලංකාදීපයේ අපි සාකච්ඡා කළ අතර එහිදී එම නිලධාරීන් කියා සිටියේ දැනට තායිලන්තයෙන් පැමිණ සිටින දූත පිරිසෙන් එක් ඉංජිනේරුවරයකු 1981 වසරේ මෙම ප්‍රදේශයේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩසටහනට සහභාගී වී ඇති බවයි. [/SIZE] [SIZE=5]නියඟය පවතින යුරෝපීය රටවල් කිහිපයකම මෙම සමාගම විසින් කෘත්‍රිම වැසි ඇති කර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් එම රටවල මහා පරිමාණයෙන් ගොවිතැන් කටයුතු කරන ගොවීන් ද ඔවුන්ගේ වගා කටයුතුවලට වැසි ජලය ලබා ගැනීමට මෙම සමාගමේ සහයෝගය ලබා ගෙන ඇති බවයි. [/SIZE] [SIZE=5]මෙම කෘත්‍රිම වැසිවලින් මිනිසාට සතා සිව්පාවාට සහ පරිසරයට කිසිදු හානියක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලි බලමණ්ඩලය, මහවැලි සංවර්ධන අධිකාරිය එක්ව මෙම කෘත්‍රිම වැසි සම්බන්ධයෙන් එක් වී කටයුතු කරන බවයි. තව ද ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා උපයෝගි කර ගනිමින් වලාකුළුවලට දියරයක් ඉස මෙම කෘත්‍රිම වැසි ඇති කරන අතර මෙම ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බව එම තායිලන්ත දූත පිරිසේ නිලධාරියෙක් ද කියා සිටියා. [/SIZE] [SIZE=5]මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සියලුම පාර්ශ්ව එක්ව යළිත් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරීම පිළිබදව වාර්තාවක් සකස් කර විදුලිබල මණ්ඩලයට ලබා දීමට නියමිතයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ඡායාරූප සහ සටහන නොර්වුඩ් රංජිත් රාජපක්ෂ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom