කෘෂි රසායන ත්‍රස්‌තවාදයේ කෘෂි රසායන ත්‍&#35

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
කෘෂි රසායන ත්‍රස්‌තවාදයේ කෘෂි රසායන ත්‍&#35

please Read this.....
සරු අස්‌වැන්නක සිහින පෙන්වා ගොවියාගේ හිතමිතුරෝ මාරාන්තික ආසනික්‌ විසෙන් අපේ ගොවියන් පරලොව යවද්දී නිදිවැද බකන්නිලාගෙන සිටි නිලධාරි සහ බලධාරි පැළැන්තියක කාලකණ්‌නි කතාවක්‌ දැන් කරලියට පැමිණ තිබේ.

ඒ කතාව බරපතලය. ඇසෙන කල්හි සර්වාංගයම හිරිවට්‌ටන තරම්ය. එහෙත් කුමකින් කුමක්‌ වුවද මෙකී නිලධාරිහු සහ බලධාරිහු මේ මොහොතේත් සිටිනුයේ වැදුනු නින්දේම වන්නාහ. වෙනසකට ඇත්තේ ඒ නින්දෙන්ම විලි වසාගෙන සිටි සියල්ල ගැලවී ගොස්‌ නොපෙනෙන්නට ඇති දේ ලොවටම පෙනෙමින් නිර්වස්‌ත්‍රව සිටින බව මුන් නොදැන සිටීමය.

මෙසේ කරලියට පැමිණ තිබෙන ඒ කතාව වන්නේ කුමක්‌ද? උතුරුමැද පළාත ප්‍රධාන මෙරට කෘෂිකාර්මික පළාත් පහක ජනතාව ඉතාමත් අවාසනාවන්ත ලෙස හඳුනානොගත් තත්ත්වයක්‌ හමුවේ වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්වීමේ ප්‍රවණතාවක්‌ මේ බිම තුළ නිර්මාණය වූයේ මීට වසර ගණනාවක සිට විය.

මෙහිදීත් වැඩි වශයෙන්ම එම රෝග තත්ත්වයට ගොදුරු වූයේ මැදිවියේ සිටි පිරිමින් වූ අතර ඒ හේතුවෙන් මෙකී මාරක ඉරණම හමුවේ අන්ත අසරණයන් බවට පත්වූයේ ඔවුන්ගෙන් මෙලොවට බිහිවූ දුවා දරුවෝ සහ බිරින්දැවරු ඇතුළු යෑපෙන්නෝ වූහ.

එසේ මිය ගිය සියලු දෙනා රටට බත සපයන්නට වෙහෙස වී දිවි සරි කර ගත් ගොවි රජවරුන් වීමද මෙහිදී දක්‌නට ලැබුණු සුවිශේෂී කරුණක්‌ විය.

මූලික අවධියේදී මෙම රෝග තත්ත්වය පිළිබඳ එතරම් තැකීමක්‌ නොවුණද කල්යත්ම කරුණු භයානක වූයෙන් මෙරට විද්වත්හු ඒ පිළිබඳ පර්යේෂණ කරන්නටද වූහ. ඒ විද්වත්හු අතරේ මුදලට ආත්මය පාවා දුන් හොර වෙද්දු සහ ගොඩ වෙද්දුද උන් බව කලින් කලට අනාවරණය විය.

කෙසේ වෙතත් මෙකී පර්යේෂණවලින්ද ලැබෙන්නට වූ ප්‍රතිඵල ශූන්‍ය තත්ත්වයේ වූ අතර වකුගඩු විනාශ වීමෙන් මියෙන මිනිසුන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යන්නට වූහ.

සැබෑ පර්යේෂණයක තොරතුරු මතුවීම

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා, ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, වෛද්‍ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය කුමුදු දිසානායක, වෛද්‍ය චින්තක ඇතුළු පර්යේෂණ කණ්‌ඩායමක්‌ උතුරුමැද වකුගඩු මාරයා හඳුනා ගැනීම සඳහා මීට වසර එකහමාරකට පමණ ඉහත පෙරමුණ ගනු ලැබුවේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදී විය.

මේ බිමත් ජාතියත් පිළිබඳ වූ කැක්‌කුමකින් යුතුව ඔවුහු එය ආරම්භ කළහ. ඉසිඹු නොලබාම සියලු මානයන් ඔස්‌සේ හඹා යන්නටද වූහ. වකුගඩු මාරයාට බිලි වී මියගිය මිනිසුන්ගේ සිරුරවල සිට රජරට බිමේ පස්‌, ජලය ඇතුළු භූමියේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ඔවුන්ගේ ඇස යොමුවූහ.

අවසානයේ කිසිවෙකුටත් නොහැකි වූ ඒ නිමිත්ත සොයා ගන්නට ඔවුහු සමත් වූහ. රජරට වකුගඩු මාරයාගේ ජන්මය ඇත්තේ නැව් පිටින් මෙරටට ගෙන්වනු ලබන කෘෂි රසායන සහ පලිබෝධ නාශක තුළ අන්තර්ගතව ඇති ආසනික්‌ මූලද්‍රව්‍ය හේතුවෙන් ඇතිවන විෂ රසායන තත්ත්වයක්‌ බව ඔවුහු රටට හෙළි කළහ.

රජරටට ආවේනික කිවුල් ජලයෙන් සහ කෘෂි රසායනවලට Rජුව නිරාවරණය වීමෙන් රජරට සහ අදාළ අනෙකුත් පළාත්හි ගොවීන් මේ මාරයාට ගොදුරු වන අන්දමද ඔවුන් රටට පැහැදිලි කළේය.

මෙකී හෙළිදරව්ව සිදුවන කාලයේ තවත් එක්‌ සුවිශේෂී සිදුවීමක්‌ද සිදුවිය. ඒ මෙරටට පලිබෝධ නාශක සහ කෘෂි රසායන ආනයන කරන සමාගම් විසින් කොළඹ වරායට ගෙන්වා තිබූ ආසනික්‌, කැඩ්මියම් සහ රසදිය ඇතුළු මාරාන්තික විෂ රසායන බහුලව අඩංගු කෘෂි රසායන කන්ටේනර් එකොළහක්‌ රේගු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම විය.

යක්‍ෂයා පෙනි පෙනීත් රටම ඇන්දවීම

එහෙත් අදාළ විද්වතුන් කළ එම හෙළිදරව්වත් සමග සිදුවන්නට වූයේ කුමක්‌ද? වෙනත් රටක නම් මෙවන් අනාවරණයක්‌ කළ කල්හි ඊට දායක වූ විද්වත්හු බුහුමන් ලබනුයේ රාජ්‍ය හරසර මධ්‍යයේය.

එහෙත් රජරට වකුගඩු මාරයා කවුදැයි හෙළි කර ගත් එකී විද්වත් පිරිසට දසතින් එල්ල වන්නට වූයේ ගල්මුල්ය. එහි පෙරමුණ ගෙන සිටියෝ මේ බිමට එකී වස ගෙන්වමින් ජාතියම වනසන බහුජාතික කෘෂි රසායන ත්‍රස්‌තවාදීහුය.

අපි මේ නරුමයන් ත්‍රස්‌තවාදීන් ලෙස නොබියව හඳුන්වන්නෙමු. ඒ තිස්‌වසරක්‌ රට වැනසූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ටද එහා ගිය විනාශයක්‌ මෙකී ත්‍රස්‌තවාදීහු අද මේ බිමටත් ජාතියටත් කර ඇති බැවිනි.

කෘෂිරසායන ත්‍රස්‌තවාදීන් එසේ පෙරමුණ ගනිද්දී සියල්ල සුදු පිරුවට අස්‌සේ සඟවාගෙන උන්ට ගොට්‌ට අල්ලමින් ඉදිරියට ආවේ ඇතැම් දේශපාලකයෝය . ඒ සමග නිදහස්‌ අධ්‍යාපනයේ පිහිට ලබා රටේම ජනතාවගේ මුදලින් උගෙන ඉහළට ගිය කාලකණ්‌නි නිලධාරි පැළැන්තියක්‌ද මොවුන්ට බද්ධ විය.

අවසානයේ කෘෂිරසායන ත්‍රස්‌තවාදීනට නැගී සිටින්නට අත දෙමින් සියල්ලෝ එක්‌ව සටන ආරම්භ කළහ. එහි උච්ඡම අවස්‌ථාවක්‌ වූයේ මෙම හෙළිදරව්ව සිදුවූ සමයේදී කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් ගෙන්වා මේ පිළිබඳ කළ කරුණු පැහැදිලි කිරීම විය.ඊට සහභාගි වූවෝ අතර පලිබෝධ නාශක රෙජිස්‌ටාර් ජනරාල් ආචාර්ය අනුර විඡේසේකර මහතා සහ මෙරට විද්‍යාඥවරියක වන මෙත්තිකා විතානගේ මහත්මියද වූහ. මෙත්තිකා විතානගේ මහත්මිය මෙහිදී ආවර්ථිතා වගුවම ගෙන මාධ්‍යවේදීන්ට ආසනික්‌ කිරිහොදි සේ පෙන්වා සියලු මූලද්‍රව්‍ය කැඳ හදා පොවන තරමේ උත්සාහයක්‌ දරද්දී ආචාර්ය අනුර විඡේසේකර මහතා වැඩේ අනාගත් හැටිද අපේ මතකයේ ඇත.

ඒ මෙරටට ආනයනය කරනු ලබන කෘෂි රසායන සහ පලිබෝධ නාශක කිසිවක අන්තර්ගතය පිළිබඳ මෙරටදී පර්යේෂණයකට ලක්‌ නොකරන බවට නොදැනීම කටෙන් එළියට දැමීමෙනිs.

කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් උපාසකයන් සේ ගැලවී යැම.

රජරට වකුගඩු මාරයා සොයා ගිය අදාළ විද්වත් මණ්‌ඩලය රටත් ජාතියත් වනසන කුරිරු ව්‍යසනයක සැබෑ තත්ත්වය මෙසේ හෙළි කර තිබියදීත් පටු දේශපාලනය සහ උගත් නිලධාරින්ගේ මුග්ධ බකපණ්‌ඩිත බව හමුවේ අවසානයට සිදු වූයේ කුමක්‌ද?

කෘෂි රසායන ත්‍රස්‌තවාදියා ගැලවී යද්දී රටේ ජනතාවට මරණයම ශේෂ කරමින් එකී සටන නිමාවට පත්වීමය. එහිදී තර්කානුකූල ලෙස අතාර්කික වූ කරුණු ත්‍රිත්වයක්‌ උපහාසාත්මකව ගෙන හැර පාන්නටද ඉහත කී දේශපාලන සහ උගත් නිලධාරි සට්‌ටඹියන් සේම රටේ බලධාරිහුද පියවර ගත්හ.

එකී කරුණු ත්‍රිත්වය වූයේ අදාළ විද්වතුන් රජරට වකුගඩු මාරයා සොයා ගැනීමේ පර්යේෂණයේදී පෙරට විත් තිබූ දේව සංකල්පයක්‌, අප ආහාරයට ගන්නා සහල් ඇටය දක්‌වාම ආසනික්‌ ව්‍යසනය ඔඩු දුවා තිබෙන බවට කළ හෙළිදරව්වක්‌ සහ ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව ආරම්භ කර තිබූ පර්යේෂණයක්‌ විය.

"දෙයියන්ගෙන් අහලා සාස්‌තරේට කියපු පරයේෂණ වාර්තා පිළිගන්න බැහැ.. සහල්වල ආසනික්‌ නැහැ.. මුන්ට පිස්‌සු.. ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණයක්‌ කරනවා.. ඒ නිසා පිස්‌සු වාර්තා රටට වැඩක්‌ නැහැ.. ලෙසින් එකී තර්ක කරලියට පැමිණියේය.

එදා මාධ්‍ය හමුවේදී අදටත් රටේ කෘෂිකර්මය භාරව සිටින ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා කටපුරා සිනහ සෙමින් ඒ කතා කී හැටිද අපේ මතකයේ ඇත්තේය. ඇතැම් විට ඉහතකී විද්වතුන්ගේ පර්යේෂණයේදී සහල්වල පවා ආසනික්‌ අඩංගු බවට හෙළිදරව් කිරීමෙන් ආණ්‌ඩුවේ හතරකොනටම ගිනි ඇවිලෙන තත්ත්වයක්‌ නිර්මාණය වීමද ඊට හේතු වූවා විය හැකිය. එහෙත් එදා රජයේ බලධාරීන් කළ යුතුව තිබුණේ මෙයද?

කෙසේ හෝ අවසානයේ මාරයා ගැලවී ගියේය. රටක්‌ වටිනා හෙළිදරව්වක්‌ කළ විද්වත්හුද මදකට නිහඬ වූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වාර්ථාව නිකුත් වීම සහ එය සැඟවීම.

ලෝක සෞඛ්‍ය සංවිධානය රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණයක්‌ ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 2008 වසරේදී පමණ විය. ඒ එවකට සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ඇරයුමකට අනුවය. එය සිදුවූයේ කෙසේද?

එම පර්යේෂණය සිදු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත මෙරට සිටින ප්‍රධානම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වන විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ප්‍රධාන විද්වත් මණ්‌ඩලයක්‌ මගින් එක්‌රැස්‌ කර දුන් නියෑදි පරයේෂණයට ලක්‌ කිරීමෙනි.

මෙකී පර්යේෂණයට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ මුල්ම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කරන්නේ ඉකුත් 2011 වසරේ ජුනි මාසයේදී වේ. එහි සඳහන් වන්නේ කුමක්‌ද?

උතුරුමැද සහ ඌව පළාත තුළ අවුරුදු 15-70 ත් අතර ජනගහනයෙන් සියයට 75 ක්‌ වකුගඩු රෝගයට ගොදුරු වී ඇත. ඉන් වයස අවුරුදු 40 පමණ වන වසර දහයකට වැඩි කාලයක්‌ ගොවිතැනේ නිරත වූවන් මීට ගොදුරු වීමේ වැඩි අවානමක්‌ සහිත වේ. ඔවුන් කෘෂි රසායනවලට නිරාවරණය වීම රෝගය වැළඳීමේ අවදානම වැඩි කර ඇත.

මොවුන් අතුරින් බහුතරය මුත්‍රා සමග ආසනික්‌ සහ කැඩ්මියම් ඉහළ ප්‍රමාණයක්‌ පිට කරයි. මෙම තත්ත්වය සළකා බලා රටට කෘෂි රසායන ආනයනය කිරීමේදී ගුණාත්මක බව පිළිබඳ නීති රාමුවක්‌ කසක්‌ කරන්න.

අපේම විද්වතුන් පිරිසක්‌ රජරට වකුගඩු මාරයා පිsළිබඳ පැහැදිලිව හෙළිකරද්දී එය උපහාසයට ලක්‌ කළ මෙරට බලධාරින්ට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රථම වාර්තාව ලබා දෙන්නේ එලෙසිනි. එහෙත් එයට සිදු වන්නේ කුමක්‌ද? මෙය දැක දෙකොන මූට්‌ටු වූ අපේ බලධාරිහු තමන්ගේ ජාම බේරා ගැනීමට රටම මළගෙයක්‌ වුවද කම්නැයි සිතමින්දොa නින්දිත ලෙස මෙය සඟවා දමන්නාහ.

යක්‍ෂයාගේ තරම

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් 2011 ඔක්‌තෝබරයේ සහ 2012 පෙබරවාරි මාසයේදී මේ සම්බන්ධයෙන් තවත් වාර්තා දෙකක්‌ නිකුත් කරනුයේ මේ අතරතුරය. ඒවායෙහිද සඳහන්ව ඇත්තේ මෙවැන්නකි.

අප පරීක්‍ෂා කළ වකුගඩු රෝගය වැළඳුණු රෝගීන් 496 දෙනකු අතරින් සියයට 56 ක පමණ මුත්‍රා සමග වකුගඩු හානි වීම ආරම්භ කරනු ලබන කැඩ්මියම් ලෝහය පිට කරයි.

එම සාම්පලවලින් සියයට 63 ටත් අධික ප්‍රමාණයක වකුගඩු පටකවලට හානිකර ආසනික්‌ අඩංගුව තිබේ. ආසන්න වශයෙන් මෙම රෝගීන්ගෙන් සියයට 86 දෙනෙක්‌ ආසනික්‌ සහ කැඩ්මියම් යන විෂ සහිත මූල ද්‍රව්‍ය මුත්‍රා සමග පිට කරයි. ඔවුන්ගෙන් සියයට 90 කගේ පමණ හිසකෙස්‌වල ආසනික්‌ අඩංගුව තිබෙන අතර සියයට 95 දෙනකුගේ පමණ නියපොතුවල ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ අඩංගුවේ. එසේම උතුරුමැද පළාත තුළ පැතිර ඇති කිවුල් ජලයද බැර ලෝහ තැන්පත් වීමෙන් ඇතිවන විෂ හමුවේ වකුගඩු රෝග සඳහා හේතු කාරක විය හැකිය. එහෙයින් රට තුළට ගෙනෙන පොහොර සහ කෘෂි රසායනවල ගුණාත්මක බවක්‌ ඇති කිරීම, කෘෂි රසායන තුළින් මතුවන සෞඛ්‍ය තර්ජන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ ශක්‌තිමත් කිරීම කඩිනමින් කරන ලෙස නිර්දේශ කෙරේ.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට වකුගඩු මාරයා පිළිබඳ එසේ වාර්තා ත්‍රිත්වයකින්ම හෙළිකර සිටියදීත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් දිගින් දිගටම සිදු කර ඇත්තේ කුමක්‌ද? ඔවුහු ඒ සියල්ල සඟවා දමන්නාහ. ඒ තුළ තිබූ මුග්ධ අරමුණ කුමක්‌දැයි අපි නොදනිමු. රටේ සෞඛ්‍යය භාර මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමනි. ඔබ යටතේ ඇති අමාත්‍යංශයේ බලධාරින් එසේ කෙරුවේ ඇයිදැයි යන්න ඔබට හෝ පැහැදිලි කළ හැකිද?

එසේම මීට වසර එකහාමාරකට පෙර රටම ඇන්දවූ බකපණ්‌ඩිතයනි. අද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ හෙළි කර ඇත්තේද එදා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිස කළ හෙළිදරව්වම නොවන්නේද? මීට වසර එකහාමාරකට පමණ පෙර අතීතයේ එම හෙළිදරව්ව සිදු කෙරෙද්දී කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ගේ පැත්ත ගෙන සියල්ල යටපත් කිරීමට කැසකැවූවෝ දැන් මීට දෙන පිළිතුර කුමක්‌ද?

මේ වන විටත් රජයේ එක්‌තරා ඇමැතියකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වාර්තා පිළිගත නොහැකි බවට ප්‍රසිද්ධියේ කියා තිබෙන බවද දැනගැනීමට ලැබෙන්නකි. ඔහු එම ප්‍රකාශය කරනු ලැබුවේ ඔලුවෙන් හිටගෙනදැයි අපි නොදනිමු.එසේම මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්වත් පිරිසේ මතය තහවුරු වීම නොඉවසන හිපොක්‍රටිස්‌ පරපුරටම නිගා දෙන කාලකණ්‌නි රැලක්‌ අපහාසාත්මක ප්‍රහාරයකින් සියල්ල යටපත් කිරීමේ වෑයමක නිරතව සිටින බවද වාර්තා වන්නකි. ඇතැම්විට වෛද්‍ය වේෂයෙන් පෙනී සිටින මෙකී නරුමයන්ගේ සාක්‌කු කෘෂි රසායන ඩොලර්වලින් පිරී තිබීම මීට හේතු වී තිබෙනවාද විය හැකිය.

එහෙත් අපි එකක්‌ කියමු. මහත්වරුනි මේ බිම අපේය. රජරට වකුගඩු මාරයාගේ ගොදුරු වී මියෙන්නේ අපේ මිනිසුන්ය. දැනටමත් මෙකී මාරාන්තික රෝගයේ ගොදුරු බවට පත්වී රජරට මිනිසුන් 22000 ක්‌ පමණ පරලොව ගොස්‌ හමාරය. අදටත් රොගීන්ව සිටින පිරිසද දහස්‌ ගණනකි. ඒ අතරේ කුඩා දරුවෝද සිටින්නාහ.

එහෙයින් මොන අන්දමකින් හෝ රට වනසන මේ මාරයා සඟවා කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ගේ පැත්ත ගෙන යළිත් ජනතාව රවටන්නට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් උන් ඒකාන්තයෙන්ම අපාගත වන්නේය. මියගිය රජරට මිනිසුන් විසිදෙදහසේ ගණනට අනුව කල්ප විසි දෙදහසක්‌ නිරයේ විඳවන්නේමය. කෙටියෙන්ම කිවහොත් උන් යළි කිසිදා මිනිස්‌ භවයක නම් නූපදින්නේය
 
මේකට මගේ rep දරුණුවට කැපෙයි
එත් කියන්න තියෙන්නේ මෙච්චරයි

උන්ම තමයි මේ හැතිකරයට වැඩියෙන්ම චන්දෙ දෙන්නේ
උන්ටවත් උන් ගැන කැක්කුමක් නැතිනම් අපට මොකෝ
:P:P:P:P:P:P:P
 
  • Like
Reactions: srgdr