Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙටි කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැප්තැම්බර් 30

මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි.

නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි..

ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ..

"පට්ට කෑල්ල බං"

ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි.

තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය...

"ඌයීයා තාරක...මට රිදුනා"

ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි.

මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි.

"සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.."

"මැට්ටා.."

එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි.

"ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය.

පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය.

"ආවු.."

සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය.

ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය.

"ආ...මෙන්න..."

තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි.

මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි.

මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය..

විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය.

අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය.

එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද?

"ලොකු පුතේ......තාරක..."

මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය.

"පාඩම් කරනවද.."

"හ්ම්ම්ම්ම්"

කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි..

"කවද්ද ආයේ යන්නේ?"

කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය.

"කැම්පස් එකටද?"

"හ්ම්ම්ම්ම්.."

එවර කෙටි පිලිතුර ඇයගෙනි..

"අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම් එක ඊලග සතියේ පටන් ගන්නවා.."

"හ්ම්ම්ම්ම්ම්"

දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි..

"ලොකු.."

"හ්ම්ම්ම්.."

ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ."

මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි..

"එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ."

"හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා."

"අනේ නෑ අම්මේ...මොකටද?"

"මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.."

දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.

"මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.."

"බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.."

දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි..

අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත.

ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි.

"දිවයිනේ ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය"

පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ.

පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි...

නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි..

එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්..

අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි..

බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි.

"නදීර සර් ඉන්නවද?"

කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි.

"ඇතුලේ ඇති" යැයි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්යාල දෙසට දිගු කලේය.

ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය.

සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ.

"තාරක...තාරක.."

"සර්"

නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි.

"මොකො බං..මොනවද හිතන්නේ.."

"මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි..

"ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?"

"ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.."

"උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.."

රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය.

"හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්."

"සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය..

"මොකෝ ඒපාර"

"පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?"

ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය.

අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි...

හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැයි මම නොදනිමි.

"අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා"

සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය.

නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..?

මට සිහින් සිනහවක් මතු වේ..

"මොකො යකෝ හිනාවෙන්නේ..."

ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි..

"පිස්සියේ,අනිත් අයට පේනවා..."

"ඉතින් මොකො...මගේ නේ..."

"පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..."

"ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..."

ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය..

"ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි..

ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය.

"අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.."

"ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.."

"තෑන්කියු අනේ..."

"කලවැද්දා.."

"තව ටිකක් තැන්කියු"

"ජිරාෆ්"

"හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.."

"ඉන්නේද.." ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම.

"ඉන්නේ ආදරේ නිසා.."

ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි..

ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය.

අහා....සමාවන්න..සැප්තැම්බර් 30 , මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි.

ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය.

ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත.

"නෙත්මි.."

"මොකො ඒ පාර"

"දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?"

"අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න.

"විහිලු නෙමේ..කියන්න ඉතින්.."

"විසි එකයි"

"ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?"

"පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත...

"ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.."

ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..."

ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක."

මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි.

"මොකො ඔහොම හිනාවෙන්නේ.."

"නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..."

"ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...."

ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය..

"ඒයි.....මොනාද හිතන්නේ..."

ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ..

ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි..

"හරි යමු.."

ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය..

"ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා"

"ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.."

"හුහ්.."

ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය..

සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු.

අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය.

Rs:1999.99 .

මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි.

"තාරක.."

ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය..

"ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?"

ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි...

"අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?"

"අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..."

කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය..

"Malli Calling....."

ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ..

දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...

නිමි.

-- ( රත්ගමයා ) --

(නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි )

ඉස්සුවෙ බුකියෙන්... ෆේස්බුක් නොයන අය ඔ්නෙ තරම් ඉන්නවනෙ කිරියෙ.. ලස්සන කතාවක් ඒ්කයි දාන්න හිතුනෙ.. බම්ප් ඒකක්වත් දාගෙන සලකල පලයල්ලා  රෙප් දුන්නාට වරදක් නැත

[QUOTE="mysterious boy, post: 20363302, member: 322329"] [SIZE="3"][SIZE="4"][COLOR="Blue"]සැප්තැම්බර් 30 මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි. නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි.. ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ.. "පට්ට කෑල්ල බං" ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි. තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය... "ඌයීයා තාරක...මට රිදුනා" ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි. මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි. "සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.." "මැට්ටා.." එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි. "ඉන්නවකෝ හොද වැඩක් කරන්න " ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය. පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය. "ආවු.." සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය. ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය. "ආ...මෙන්න..." තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි. මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි. මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය.. විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය. අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය. එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද? ------------------------------------------------ "ලොකු පුතේ......තාරක..." මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය. "පාඩම් කරනවද.." "හ්ම්ම්ම්ම්" කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි.. "කවද්ද ආයේ යන්නේ?" කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය. "කැම්පස් එකටද?" "හ්ම්ම්ම්ම්.." එවර කෙටි පිලිතුර ඇයගෙනි.. "අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම් එක ඊලග සතියේ පටන් ගන්නවා.." "හ්ම්ම්ම්ම්ම්" දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි.. "ලොකු.." "හ්ම්ම්ම්.." ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ." මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි.. "එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ." "හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා." "අනේ නෑ අම්මේ...මොකටද?" "මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.." දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත. "මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.." "බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.." දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි.. ----------------------------------------------------------------------------- අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත. ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි. "දිවයිනේ ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය" පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ. පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි... නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි.. එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්.. අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි.. බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි. "නදීර සර් ඉන්නවද?" කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි. "ඇතුලේ ඇති" යැයි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්යාල දෙසට දිගු කලේය. ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය. සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ. "තාරක...තාරක.." "සර්" නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි. "මොකො බං..මොනවද හිතන්නේ.." "මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි.. "ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?" "ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.." "උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.." රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය. "හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්." "සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය.. "මොකෝ ඒපාර" "පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?" ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය. අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි... -------------------------------------------------- හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැයි මම නොදනිමි. "අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා" සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය. නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..? මට සිහින් සිනහවක් මතු වේ.. "මොකො යකෝ හිනාවෙන්නේ..." ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි.. "පිස්සියේ,අනිත් අයට පේනවා..." "ඉතින් මොකො...මගේ නේ..." "පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..." "ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..." ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය.. "ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි.. ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය. "අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.." "ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.." "තෑන්කියු අනේ..." "කලවැද්දා.." "තව ටිකක් තැන්කියු" "ජිරාෆ්" "හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.." "ඉන්නේද.." ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම. "ඉන්නේ ආදරේ නිසා.." ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි.. ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය. අහා....සමාවන්න..සැප්තැම්බර් 30 , මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි. ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය. ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත. "නෙත්මි.." "මොකො ඒ පාර" "දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?" "අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න. "විහිලු නෙමේ..කියන්න ඉතින්.." "විසි එකයි" "ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?" "පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත... "ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.." ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..." ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක." මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි. "මොකො ඔහොම හිනාවෙන්නේ.." "නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..." "ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...." ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය.. ----------------------------------------------------------------- "ඒයි.....මොනාද හිතන්නේ..." ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ.. ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි.. "හරි යමු.." ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය.. "ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා" "ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.." "හුහ්.." ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය.. සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු. අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය. Rs:1999.99 . මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි. "තාරක.." ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය.. "ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?" ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි... "අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?" "අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..." කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය.. "Malli Calling....." ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ.. දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...[/COLOR][/SIZE][/SIZE] [COLOR="blue"][SIZE="4"][COLOR="SeaGreen"]නිමි. -- ( රත්ගමයා ) -- (නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි ) ඉස්සුවෙ බුකියෙන්... ෆේස්බුක් නොයන අය ඔ්නෙ තරම් ඉන්නවනෙ කිරියෙ.. ලස්සන කතාවක් ඒ්කයි දාන්න හිතුනෙ.. බම්ප් ඒකක්වත් දාගෙන සලකල පලයල්ලා :lol::lol::lol: රෙප් දුන්නාට වරදක් නැත :):)[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom