කෙඳිරි ගෑම

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,902
    3,244
    113
    මෙයාල ගැන ලියන්න බොහෝ දේ ඇත. හැබැයි ඒ සියල්ල පසෙකලා ආසන්නම සිදුවීම වූ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට පැමිණි නාමල් රාජපක්ෂ අධිකරණය සහ පොලිසිය ගැන ප්‍රකාශයක් කළා. එහිදී එයාම කියනවා ක්‍රිෂ් නඩුව දැම්මේ රනිල් මෛත්‍රි යහපාලන ආණ්ඩුවෙන්ලු.. ඒ වගේම දැන් පොලිසිය සහ අධිකරණය දේශපාලනි කරණය වෙලා වගේ දැනෙනවාලු.

    මේ වෙලාවේ මට සිදුවීම් කිහිපයක් සිහිපත් වුනා. එකක් ගරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරලා මොහාන් පීරිස් පත්කලේ කවුද... හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද රාජපක්ෂ හිරේ යන්න තිබුන එක වලක්වා නිදහස් කරපු හිටපු අගවිනිසුරු සරත් N සිල්වා අනේ මට සමාවෙන්න කිව්වේ එදා අධිකරණය ස්වාධින නිසාද?

    ඉන්පසුව 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධීව රනිල්ව අගමැති කමින් ඉවත් කරලා මහින්ද රාජපක්ෂව අගමැති කලේ මෛත්‍රිපාල සිරිසේන නොවේද? එය නීති විරෝධියි කියලා ගරු ශ්‍රෙෂ්ඨධිකරණයේ 7 දෙනෙකු ගෙන් යුතු පුර්ණ විනිශ්ච මණ්ඩලයක් තීරණය කළා අමතකද?

    ඊළඟට අරගලයෙන් ගෝට පැන්නුවම 134 ක් මන්ත්‍රි වරුන් ජන්දේ දීලා රනිල් ජනාධිපති කලේ කවුද? යෝජනා කලේ අගමැති දිනේෂ් නේද? එහෙම නම් මේ කියන නඩුව යහපාලන ආණ්ඩුවෙන් දැම්ම නම් ඔයාල ඇයි ඒ යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල්ව ජනාධිපති කලේ.

    රන්ජන් කියපු ආකාරයටම උන් ඔක්කොම යාළුවො නොවේද මල්ලි. ඒ වගේම සිරිලිය ගිණුම පිළිබඳව පරීක්ෂණ කරද්දී ඔයාගේ අම්මා ශිරන්ති රාජපක්ෂ ගෙන් CID එක වෙත නොගොස් කටඋත්තර ගත්තේ ඔයාගේ මහප්පා වන කතානායකගේ නිල නිවසේ නොවේද? එදා පොලිසිය දේශපාලනය වෙලා තිබුනේ නැද්ද?

    ඒ වගේම ඔයාගේ මගුල් ගෙදරට ආරාධාන පිලි අරගෙන ආවේ මේ නඩුව දැම්ම කියන යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අන්කල්ම නොවේද? මේ සියලුම දෙනා යාළුවො නම් ඔයාගේ නඩුව දැම්මේ ද ඒ යහපාලන ආණ්ඩුවෙන් නම් ඔයාලා ඔක්කොම යාලුවෝ නොවේද?

    එසේ නම් අධිකරණය දේශපාලනය වුනේ කගෙන් ද කියලා කන්නාඩියක් ඉදිරියට ගොස් අහන්න කියලා මම යෝජනා කරමි. මම මේක ලියන්න දායක වුනේ මේ ආණ්ඩුව හදන්න සමජ මධ්‍යය ඔස්සේ වගේම මහපොළවේ ද විශාල මෙහෙවරක් කරපු කෙනෙක් නිසා ඒ ආණ්ඩුවට අසාධාරණ චෝදනාවක් එල්ල වෙනවා නම් මමත් එහි වගඋත්තර කරුවෙක් වන නිසයි.

    එසේම විශේෂයෙන් කිවයුතු දේ නම් ජනාධිපති අනුර සහෝදරයා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර , සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වගේම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වැනි සහෝදර වරුන් මා පුද්ගලිකම හඳුනනවා. ඔවුන් කිසිඳු දිනක අධිකරණ හෝ පොලිසිය දේශපාලනයට සම්බන්ධ කරගෙන බලපෑම් කරන අය නෙවෙයි කියලා 100%ක් විශ්වාසයි.

    එනිසා මේවා කියන්න කලින් තමන්ගේ ඉතිහාසයේ අපි මොනවද කලේ කියලා මතකාවර්ජනය කරලා ඔබගේ ප්‍රකාශය කරන ලෙස අවධාරණය කරමි. හොරු දූෂිතයෝ අල්ලුවාද කියලා කොලොප්පන් කරන කොට අපි ඉවසන් සිටිය නම් දැන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම අල්ලස් හා දුෂණ විමර්ශන දෙපාර්තමේන්තු පරීක්ෂණ ආරම්භ කලාම කෙඳිරි ගාන්න එපා.

    අපි හැමෝම ජනතාවක් ලෙස එකතුවී මේ ආණ්ඩුව පත්කලේ හොරු දූෂිතයෝ අල්ලා ඔවුන් හොරකම් කල මහජන දේපල නැවත ලබා ගැනීමට වගේම එවැනි දේවල් කරපු සියලුම දෙනාට තරා තිරම නොබලා දඬුවම් කරන්න කියලයි. එනිසා එය ඉටු කිරීම මේ ආණ්ඩුවේ ප්‍රබල වගකීමක් ලෙස කල්පනා කරන්න.

    එනිසා දැන් කෙඳිරි ගන්න එපා. මේ ආණ්ඩුව ජනතාව ගේ අපේක්ෂාව ඉටු කිරීමට පොලිසියට සහ අධිකරණය ඇතුලු අනෙකුත් සියලුම ආයතන වලට කිසිඳු බලපෑමක් නොකර ස්වාධීනව රාජයකාරිය කරන්න අවස්ථාව දීල තියෙනවා.

    අපිත් ඒවා දෙස වුවමනාවෙන් විමසිල්ලෙන් දෑස්දල්වා බලාගෙන ඉන්නවා. ඔයාල සමග ලංකාවේ ඉහලම නීතිඥයෝ ඉන්නවා ඔයලට පුළුවන් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරමින් නිදොස් කොට නිදහස් වෙන්න, එනිසා ඔයාගේ චෝදනා වලින් නිදහස් වෙලා ඇවිල්ල පොලිසිය හෝ වෙනත් ආයතනයකින් බොරු අසත්ය චෝදනා එල්ල කරමින් නඩු පවරලා ඔබගේ මුලික අයිතීවාසිකම් කඩකලා නම් ඒ වෙනුවෙන් නඩු පවරලා පොලිසියෙ නිලධාරීන් ගෙන් පෞද්ගලිකව සහ රජයෙන් වෙනම වන්දි ලබාගැනීමේ හැකියාව පවතීනවා.

    Copied