Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කෙල්ලෙක් බියර් බොන එක පවක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශනාවට අනුව මත්වීම ප්‍රමාදයට හේතුවක් ..

මඡ්ජ යනු මදයට නැති නම් ප්‍රමාදයට හේතුවීමයි. මත් වූ කියන එකයි. පමා දට්ඨානා යන ප්‍රමාදයට… මදයට හේතු වන නිසා යන්නයි. නමුත් ඇතැම් පුද්ගලයන් මද පමණට මත්පැන් බීවාට වරදක් නැත යනුවෙන් වැරදි මතයක් ගොඩනගා ගෙන තිබෙනවා. එය මත්පැන් බොන මිනිස්සු තමන්ගේ වාසියට හදාගත් කතාවක්.

රහ මෙර නිසා ‘මදය හා ප්‍රමාදය’ ඇතිවන බව එම ශික්ෂා පදය තුළම අන්තර්ගතව පවතී. ‘මදය’ යනු උමතුවීමයි. ප්‍රකෘති සිහියෙන් තොරව හොඳ නරක පින් පව් තෝරා බේරා ගැනීමට නොහැකිව උම්මත්තකයකු සේ ක්‍රියා කිරීමයි. ආරෝග්‍ය මදය, යෞවන මදය ආදී ස්වාභාවිකවම පුද්ගලයකු කරා පැමිණෙන උමතු ස්වභාවයන් පවා බුදු රදුන්ගේ ගැරහීමට ලක්ව තිබේ. සුරා මදය වූ කලී ස්වභාවයෙන් ඇතිවන්නක් නොව වුවමනාවෙන් ඇති කරගනු ලබන්නකි. ප්‍රකෘතියෙන් පිහිටි, හරි වැරැදි තෝරා බේරාගෙන ක්‍රියා කළ හැකි සිත, වුවමනාවෙන්ම උමතු භාවයට පත්කර ගැනීම පවු පුරවා ගැනීමට මඟ සලසන්නක් වන බව නුවණින් සිතා බලන්නකුට පැහැදිලිය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුරා සොඬෙකු වීම, ස්ත්‍රී සොඬෙකු වීම, සූදුකෙළිය යනාදිය මිනිසාගේ විනාශයට හේතුවනවා කියා.

සුරාමේරය මඡ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එතං භයං වූපසන්තං හෝති. දිට්ඨධම්මකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති චෙතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදීයති.

‘ප්‍රමාදය’ යන පදය බුදු දහමේ පුළුල් අරුතකින් භාවිතා වන්නකි. කුසලය හෙවත් සසර දුකින් මිදීමේ මඟ ප්‍රමාද කරවමින් දස අකුසලයට පුද්ගලයා යොමු වන්නේ ප්‍රමාදය නිසාය. ‘ප්‍රමාදය මාරයාගේ කරුණකි’ (පමාදො මච්චුනො පදං) ආදී වශයෙන් ප්‍රමාදවීම පිළිබඳ ඉගැන්වීම් රාශියක් ධම්මපදයේ අප්පමාද වර්ගයේ විස්තර වෙයි. සුරා පානය ඉහත කී පරිදි සිහිය විකෘති කිරීම නිසාත් අකුසලයට පුද්ගලයා නැඹුරු කරවන නිසාත් අත්හළ යුත්තක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

“ඉත්ථි දුත්තෝ සුරා ධුත්තෝ

අක්ඛ ධුත්තෝ ච යෝ නරෝ

ලද්ධං ලද්ධං විනාසේති

තං පරාභාවතෝ මුඛං”

සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ සඳහන් වන පිරිහීමේ දොරටු පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරය දේශනා කළ බුදුරජාණන් වහන්සේ “යම් මිනිසෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේද, සුරාවෙහි ලොල් වූයේද, සූදුවෙහි ලොල් වූයේද තමාට ලැබෙන ලැබෙන දේ විනාශ කරයි ද ඔහු පිරිහීමට පත්වෙයි” යනුවෙන් පැහැදිලි කර දුන්හ.

ප්‍රකට සිගාලෝවාද සූත්‍රයේ පෙන්වා දී තිබෙනවා මත්පැන් බීමේ ආදීනව. මෙලොව තමන් සතුදේ අහිමිවීම, කෝලාහල ඇතිවීම, අපකීර්තියට පත්වීම, ලැඡ්ජාව පහවීම, භය පහ වීම, ප්‍රඥාව හීනවීම යන කාරණා මත්පැන්බීම නිසා ඇති වෙනවා. මේවා නරක ආදීනව. මෙම නරක ආදීනව පවට මුල් වෙනවා. එනිසා බොහොම පැහැදිලියි මත්පැන්බීම පාපයක් කියලා.

බීමත්කම නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙනවා නම් එය පවක් නොවෙයිද? තමන්ගේ ජීවිතය විනාශ වෙනව නම් පවක් නිසයි නොවෙයිද? මත්පැන් බීම පවක් බුදුරජාණන් වහන්සේ ඉන් වැළකෙන්න කියලා දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා මත්පැන් බොන පුද්ගලයා නිරයට යනවා කියලා. නිරය කියන්නේ සැප නැති තැනක ජීවත් වීමයි. එය මෙලොව විය හැකියි. පරලොවත් විය හැකියි.

හොඳට ටයි කෝට් ඇදගෙන බොහොම පෞර්ෂත්වයෙන් ඉන්න අයත් මත්පැන් බොනවා. සමහර විට එහෙම ඉන්න පුද්ගලයා බීමත්කම වැඩිවී කාණු පල්ලේ ඇදවැටෙන්න පුළුවන්. තමන් සතු දේ නැතිකර ගන්න පුළුවන්. අන්තිමේදී තමාගේ ආත්මගෞරුත්වය නැතිකර ගන්න පුළුවන්.

දීඝජාණු කෝලිය පුත්‍රයාට දේශනා කළ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී අපාය මුඛ හතරක් පෙන්වාදුන් අතර එහි දෙවැන්න සුරාපානයයි.

“සුරාමේරය පානං භික්ඛවේ ! ආසෙවිතං භාවිතං බහුලීකතං

නිරය සංවත්තනිකං හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති,

පෙත්තිවිසයං සංවත්තනිකං හෝති,

යෝ සබ්බලහුසෝ සුරාමේරය පානස්ස විපාකෝ මනුස්ස

භූතස්ස උම්මත්තක සංවත්තනිකො හෝති”

“මහණෙනි, සේවනය කරන ලද්දාවූ වර්ධනය කරන ලද්දාවූ බොහෝ කොට කරන ලද්දා වූ සුරාමේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවතී. තිරිසන් යෝනියෙහි ඉපදීමට හේතුවකි. මිනිස් ලොව ඉපදුනහොත් උමතු බව ඇති කරන්නේය.” යනු එහි අර්ථයයි.

උම්මත්තා විගතා ලජ්ජගුණා භවන්තී

දීනා සදා ව්‍යසන රෝග පරායනාච

ජාතා භවේසු විවිධෙසු විරූපදේහා

පීත්වා හලාහල විසංව සුරා විපඤ්ඤා

අනුවණ පුද්ගලයෝ හලාහල විෂයක් වැනි සුරාව පානය කොට අනාගතයෙහි උම්මතකයෝ වෙති. ලැජ්ජාව නැති වේ. දිළිඳු වෙති. සෑම විටම නොයෙක් ව්‍යසන හා රෝග ඇතිවෙයි. උපදින සෑම භවයකම විරූපී ශරීර ඇතිවෙයි.

“සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති”

“මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.

ඒකෝ ගුඩුස් සනීපංච – ද්වතීයෙ අසනීප කෘත්- තෘතියේ සිංහ නාදංච -චතුර්ථෙ ඌරු වේශයථ

මෙහි සරල තේරුම මෙහෙමයි. පළමුවෙන් මත්පැන් උගුර බොනවිට බොහොම ලොකු පෞර්ෂත්වයක් ගොඩනගා ගන්නවා. හරි සනීපයක් දැනෙනවා. බීලා තව ටිකක් මත්වෙන කොට මොකද වෙන්නේ. එතැන අපායක්නේ නිර්මාණය වෙන්නේ. තවත් ටිකක් මත්වෙද්දී තමන්ගේ පෞර්ෂත්වය නැතිකරගෙන හැසිරෙන්නේ ඌරෙකු වගෙයි. එවිට තමයි කාණුපල්ලේ වැටිල දගලන බිමත් අය දකින්න ලැබෙන්නේ.

[QUOTE="neo7x, post: 26795151, member: 231437"] [SIZE=5]බුද්ධ දේශනාවට අනුව මත්වීම ප්‍රමාදයට හේතුවක් .. මඡ්ජ යනු මදයට නැති නම් ප්‍රමාදයට හේතුවීමයි. මත් වූ කියන එකයි. පමා දට්ඨානා යන ප්‍රමාදයට… මදයට හේතු වන නිසා යන්නයි. නමුත් ඇතැම් පුද්ගලයන් මද පමණට මත්පැන් බීවාට වරදක් නැත යනුවෙන් වැරදි මතයක් ගොඩනගා ගෙන තිබෙනවා. එය මත්පැන් බොන මිනිස්සු තමන්ගේ වාසියට හදාගත් කතාවක්. රහ මෙර නිසා ‘මදය හා ප්‍රමාදය’ ඇතිවන බව එම ශික්ෂා පදය තුළම අන්තර්ගතව පවතී. ‘මදය’ යනු උමතුවීමයි. ප්‍රකෘති සිහියෙන් තොරව හොඳ නරක පින් පව් තෝරා බේරා ගැනීමට නොහැකිව උම්මත්තකයකු සේ ක්‍රියා කිරීමයි. ආරෝග්‍ය මදය, යෞවන මදය ආදී ස්වාභාවිකවම පුද්ගලයකු කරා පැමිණෙන උමතු ස්වභාවයන් පවා බුදු රදුන්ගේ ගැරහීමට ලක්ව තිබේ. සුරා මදය වූ කලී ස්වභාවයෙන් ඇතිවන්නක් නොව වුවමනාවෙන් ඇති කරගනු ලබන්නකි. ප්‍රකෘතියෙන් පිහිටි, හරි වැරැදි තෝරා බේරාගෙන ක්‍රියා කළ හැකි සිත, වුවමනාවෙන්ම උමතු භාවයට පත්කර ගැනීම පවු පුරවා ගැනීමට මඟ සලසන්නක් වන බව නුවණින් සිතා බලන්නකුට පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුරා සොඬෙකු වීම, ස්ත්‍රී සොඬෙකු වීම, සූදුකෙළිය යනාදිය මිනිසාගේ විනාශයට හේතුවනවා කියා. සුරාමේරය මඡ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එතං භයං වූපසන්තං හෝති. දිට්ඨධම්මකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති චෙතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදීයති. ‘ප්‍රමාදය’ යන පදය බුදු දහමේ පුළුල් අරුතකින් භාවිතා වන්නකි. කුසලය හෙවත් සසර දුකින් මිදීමේ මඟ ප්‍රමාද කරවමින් දස අකුසලයට පුද්ගලයා යොමු වන්නේ ප්‍රමාදය නිසාය. ‘ප්‍රමාදය මාරයාගේ කරුණකි’ (පමාදො මච්චුනො පදං) ආදී වශයෙන් ප්‍රමාදවීම පිළිබඳ ඉගැන්වීම් රාශියක් ධම්මපදයේ අප්පමාද වර්ගයේ විස්තර වෙයි. සුරා පානය ඉහත කී පරිදි සිහිය විකෘති කිරීම නිසාත් අකුසලයට පුද්ගලයා නැඹුරු කරවන නිසාත් අත්හළ යුත්තක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. “ඉත්ථි දුත්තෝ සුරා ධුත්තෝ අක්ඛ ධුත්තෝ ච යෝ නරෝ ලද්ධං ලද්ධං විනාසේති තං පරාභාවතෝ මුඛං” සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ සඳහන් වන පිරිහීමේ දොරටු පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරය දේශනා කළ බුදුරජාණන් වහන්සේ “යම් මිනිසෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේද, සුරාවෙහි ලොල් වූයේද, සූදුවෙහි ලොල් වූයේද තමාට ලැබෙන ලැබෙන දේ විනාශ කරයි ද ඔහු පිරිහීමට පත්වෙයි” යනුවෙන් පැහැදිලි කර දුන්හ. ප්‍රකට සිගාලෝවාද සූත්‍රයේ පෙන්වා දී තිබෙනවා මත්පැන් බීමේ ආදීනව. මෙලොව තමන් සතුදේ අහිමිවීම, කෝලාහල ඇතිවීම, අපකීර්තියට පත්වීම, ලැඡ්ජාව පහවීම, භය පහ වීම, ප්‍රඥාව හීනවීම යන කාරණා මත්පැන්බීම නිසා ඇති වෙනවා. මේවා නරක ආදීනව. මෙම නරක ආදීනව පවට මුල් වෙනවා. එනිසා බොහොම පැහැදිලියි මත්පැන්බීම පාපයක් කියලා. බීමත්කම නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙනවා නම් එය පවක් නොවෙයිද? තමන්ගේ ජීවිතය විනාශ වෙනව නම් පවක් නිසයි නොවෙයිද? මත්පැන් බීම පවක් බුදුරජාණන් වහන්සේ ඉන් වැළකෙන්න කියලා දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා මත්පැන් බොන පුද්ගලයා නිරයට යනවා කියලා. නිරය කියන්නේ සැප නැති තැනක ජීවත් වීමයි. එය මෙලොව විය හැකියි. පරලොවත් විය හැකියි. හොඳට ටයි කෝට් ඇදගෙන බොහොම පෞර්ෂත්වයෙන් ඉන්න අයත් මත්පැන් බොනවා. සමහර විට එහෙම ඉන්න පුද්ගලයා බීමත්කම වැඩිවී කාණු පල්ලේ ඇදවැටෙන්න පුළුවන්. තමන් සතු දේ නැතිකර ගන්න පුළුවන්. අන්තිමේදී තමාගේ ආත්මගෞරුත්වය නැතිකර ගන්න පුළුවන්. දීඝජාණු කෝලිය පුත්‍රයාට දේශනා කළ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී අපාය මුඛ හතරක් පෙන්වාදුන් අතර එහි දෙවැන්න සුරාපානයයි. “සුරාමේරය පානං භික්ඛවේ ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති, පෙත්තිවිසයං සංවත්තනිකං හෝති, යෝ සබ්බලහුසෝ සුරාමේරය පානස්ස විපාකෝ මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හෝති” “මහණෙනි, සේවනය කරන ලද්දාවූ වර්ධනය කරන ලද්දාවූ බොහෝ කොට කරන ලද්දා වූ සුරාමේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවතී. තිරිසන් යෝනියෙහි ඉපදීමට හේතුවකි. මිනිස් ලොව ඉපදුනහොත් උමතු බව ඇති කරන්නේය.” යනු එහි අර්ථයයි. උම්මත්තා විගතා ලජ්ජගුණා භවන්තී දීනා සදා ව්‍යසන රෝග පරායනාච ජාතා භවේසු විවිධෙසු විරූපදේහා පීත්වා හලාහල විසංව සුරා විපඤ්ඤා අනුවණ පුද්ගලයෝ හලාහල විෂයක් වැනි සුරාව පානය කොට අනාගතයෙහි උම්මතකයෝ වෙති. ලැජ්ජාව නැති වේ. දිළිඳු වෙති. සෑම විටම නොයෙක් ව්‍යසන හා රෝග ඇතිවෙයි. උපදින සෑම භවයකම විරූපී ශරීර ඇතිවෙයි. “සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති” “මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.[/SIZE] [COLOR=rgb(243, 121, 52)][SIZE=5]ඒකෝ ගුඩුස් සනීපංච – ද්වතීයෙ අසනීප කෘත්- තෘතියේ සිංහ නාදංච -චතුර්ථෙ ඌරු වේශයථ[/SIZE][/COLOR] [SIZE=5] මෙහි සරල තේරුම මෙහෙමයි. පළමුවෙන් මත්පැන් උගුර බොනවිට බොහොම ලොකු පෞර්ෂත්වයක් ගොඩනගා ගන්නවා. හරි සනීපයක් දැනෙනවා. බීලා තව ටිකක් මත්වෙන කොට මොකද වෙන්නේ. එතැන අපායක්නේ නිර්මාණය වෙන්නේ. තවත් ටිකක් මත්වෙද්දී තමන්ගේ පෞර්ෂත්වය නැතිකරගෙන හැසිරෙන්නේ ඌරෙකු වගෙයි. එවිට තමයි කාණුපල්ලේ වැටිල දගලන බිමත් අය දකින්න ලැබෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom