කෙල්ලෝ ජාති

sanka35

Banned
May 28, 2018
83
5
0
කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ කීප දෙනෙක් නම් පොද වැස්සක් යැයි කියති. කෙල්ලෝ පාරේ යනවිට සමනල්ලු පියාඹනවා වගේය. (කෙල්ලන් එහෙම හිතන් ඉන්නවා කියන එක වෙනම සීන් එකකි.)

කෙල්ලෝ ජාති කීපයක්ම ඇත. කොල්ලන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ජීවින් කොටසකි.
කෙල්ලන් ගැන කීම ලේසි නැත. වර්ග කිරීමද ලේසි නැත. කෙල්ලෝ ජාතියක් සිටී. උන්ගේ එකම අභිලාෂය සුදු වීමය. එක රැයින් සුදු වීමට හැකි නම් උන් ඕනම දෙයක් කරති. Facewash, Whitening Cream සමාගම් දිනෙන් දින දියුණු වන්නේ මොවුන් නිසාය. සුදු විය හැකි සියළුම දේවල් මොවුන් අත් හදා බලා ඇත. සමහර එවුන් මේ සියල්ල අත් හදා බැලීමෙන් පසු සුදු වී සිටින අයුරු දුටු විට කන්ත්තක් ළඟ රෑට සිටියොත් බය වෙන එක සාධාරණය.
අනික් ජාතිය සිතන් සිටින්නේ මේ ලෝකේ ඉන්න එකම කෙල්ල එයා කියාය. එබැවින් පාරේ යන එන කොල්ලන් සියල්ලෝම තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීමකින් පාරේ ඇවිද යයි. අඳුනා ගැනීම පහසුය. පපුවක් නැතත් පපුව ඉස්සරහට දමා ඇවිද යයි. පස්සක් නැතත් රබර් පස්සක් හෝ දමාගෙන පස්ස පස්සටම දික් කරගෙන යයි. උල් සපත්තු දමා කොට සායක් හෝ ෆිට් ඩෙනිමක් ඇඳ පොළවට අඟල් දෙක තුනක් උඩින් යාම මොවුන්ගේ සහජ හැකියාවකි.
තව ජාතියක් සිටී. උන් හිතන් ඉන්නේ කතා කරන හැම කොල්ලම උන් එක්ක යාළු වෙන්න කසාද බඳින්න ඕනේවට කතා කරනවා කියාය. කොල්ලන්ට වඩා කෙල්ලන් ඉන්න ලෝකේ එක කොල්ලෙකුට කෙල්ලන් දෙකක් තුනක් සිටිය හැකි බව උන් දන්නේ නැත.
අනික් ජාතිය අමුතුම ජාතියකි. උන් කියන්නේ “කවුද කොල්ලෝ ගණන් ගන්නේ…?” කියාය. නමුත් උන් තරම් කොල්ලෝ ගණන් ගන්න ජාතියක් තවත් නැත. කොල්ලෙක් යාළු වෙන්න අහන කල් මග බලන් ඉන්නා පිරිසකි. අවාසනාවකට මේ ජාතියේ උන්ගෙන් කොල්ලෙක් ලේසියකට යාළුවෙන්න අහන්නේ නැත. ඇහුවත් ඒ ප්‍රේම පුරාණය වැඩිකල් පවතින්නේ නැත. මේ ජාතිය ඇතැම් විට ආපු විදියටම යන ගණයට වැටේ. අනික් කෙල්ලන් ගැන මොවුන්ගේ ඉරිසියාවද උපරිමය. කෙල්ලන් මොකක් කළත් “අනේ උන්ගේ දහංගලේ අපිට නෑනේ. අපි කොහොමත් ලැජ්ජා බයට හැදුණු අයනේ…” යැයි වාක්‍ය කියති. ලැජ්ජාව ඇතැම් විට ඔප්පු කරද පෙන්වති.
තව කෙල්ලන් ජාතියක් ඇත. උන් නොදන්නා මඟුලක් නැත. මේ ජාතියේම කොල්ලෙක් සෙට් වුණොත් මරුය. ඩබලට තම තමන්ගේ දැනුම විදහා පාමින් සුවසේ කල් ගෙවිය හැක.
තව කෙල්ලන් ජාතියක් ඇත. දත් ගැලවීමට මොවුන් තරම් හපනියන් තවත් නැත. “අනේ…අයියේ… මල්ලී ඔයා හරී හොඳයි අනේ…ඔයා අනික් අය වගේ නෙමෙයි. මාර හොඳ කොල්ලෙක්….” කියන වාක්‍යයට අහුවන කොල්ලන්ට දෙයියන්ගෙන් පිහිට ඉල්ලා වැඩක් නැත.
අනික් ජාතියට අනුව උන්ගේ කොල්ලා මෙලොව ඉන්නා එකම කොල්ලාය. CID, FBI එක මෙයාලට දෙවෙනි වෙයි. කොල්ලන්ගේ අනික් සියළුම කාන්තා සබඳතා මොවුන් සමඟ ලව් කරන විට නැවැත්වීමට සිදුවේ. අම්මා වුවද කරන්න දෙයක් නැත. කෙල්ලගේ අණට යටත් විය යුතුය. මොවුන් දෙස බලන කෙල්ලන්ටද අනික් කෙල්ලන් දෙස බලන මොවුන්ටද තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටද නැත.
පොෂ් නැතත් එසේ බව පෙන්වන අමුම අමු මැටිසන් ජාතියක්ද සිටී. උපන් ගෙයි මැට්ටියන් මොවුන්‍ වේ. So, But, අනී, මෙයා, තෑන්ක්ස් අයියූ වැනි චර්චිල් වචන සෙට් එක පාරිභාෂික වචන මාලාවේ අනිවාර්යයෙන් ඇත. තවත් අමුතුම ජාතියේ වචන උච්ඡාරණයක් මොවුන් සතුව ඇත. අනුගමනය කරන්න යාම දිව උළුක් වෙන සීන් එකකි.
තව ජාතියක් සිටී. උන්ව හඳුන්වන්නේ මෙලෝ රහක් නැති කෙල්ලන් හැටියටය. ඒ වුණාට මුන් තරම් ෆන් පිරිසක් ලොවෙත් නැත. සුදු වීම, මේකප් කිරීම, ලව් කිරීම වැනි දේවල් ඔවුන්ගේ විෂය පතයෙන් පරිභාහිර දේවල් වේ. පිස්සු නැටීම, නසරානි වැඩ වලට සෙට් වීම , රස්තියාදු ගැසීම, කොල්ලන් සමඟ කෙල්ලන් බයිට් කිරීම, වලි වලට සෙට් වීම, පින් අතේ වැඩ කිරීම වැනි එකි මෙකි නොකී හැම එහෙකටම සෙට් වෙන පිරිසකි. ඕනම දේකට නැඟී සිටින පිරිසක් වුවද උදේට නැඟිටීම තරම් අසීරු වැඩක් උන්ට නැත.
තවත් වර්ග රැසකි. ඔවුන් මේ හැම එහෙකම එකතුවකි. කෙසේ වුවද කෙල්ලන් යනු හිමෙන් වැසුණු සීතල ගිණි කඳුය. පුපුරා නොයන තාක් කාලයක් අතිශය සුන්දරය. පිපිරුණු විට සුන්දරත්වය අතිශය භයංකරය. පිපිරුණු පසු මෙතනින් බලන්න http://thewoman.lk/types-of-girls/
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කෙල්ලෝ ජාතියක් සිටී. උන්ගේ එකම අභිලාෂය සුදු වීමය. එක රැයින් සුදු වීමට හැකි නම් උන් ඕනම දෙයක් කරති. Facewash, Whitening Cream සමාගම් දිනෙන් දින දියුණු වන්නේ මොවුන් නිසාය
    මූණ එකෙක් ගෙ කඳ වෙන එකෙක් ගෙ වගේ :rofl: