කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,283
    8,424
    113
    කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප


    ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය.

    ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරුණි.

    විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියම කළේය.

    විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදුනි.

    ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

    ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කර තිබුණි.

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි
     

    gama22

    Well-known member
  • ඇප හම්බුනා කියන්නේ නිදහස් වුණා නෙවෙයි - NPP ඩෝබි සංගමය
    ඇප හම්බුනාම හුරේ දාන කුලී කාක්ක්න්ට විනාඩියක නිශ්ෂබ්දතාව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ඇප හම්බුනා කියන්නේ නිදහස් වුණා නෙවෙයි - NPP ඩෝබි සංගමය

    නඩු වැටිලා රිමාන්ඩ් උනා කියන්නෙ වැරැද්දක් කරල තියෙනව කියන එක නෙවෙයි

    - බයි, ටොයි, සජබයි, සිලිබයි එක්සත් ඩෝබි සංගමය
     
    • Haha
    Reactions: Rick Sanchezz