Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේරළය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්රාන්තය කුමක්ද යන ප්රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් පමණක් යෑයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්රාන්තයක් නොවේ. එහි බෞද්ධ ජනගහනය 0.5% ක් තරම්වත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්කෘතික සම්බන්ධකම් බොහෝය.

කේරළය නමින් ප්රාන්තයක් ඇති කරන ලද්දේ ඉන්දියාව ඉංගිරිසීන්ගෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් ලබා ගැනීමෙන් පසුවය. ප්රදේශ හා රාජ්ය කිහිපයක් එකතු කිරීමෙන් කේරළ ප්රාන්තය ගොඩනැගී ඇත. මූලික වශයෙන් භාෂාව මත පදනම් ව ප්රාන්ත පිහිටුවීමේ දී මලයාලම් භාෂාව කතා කරන පිරිස ඉතා වැඩි වශයෙන් ජීවත් වූ ප්රදේශය කේරළය නමින් බෙදා වෙන් කෙරී ඇත. ආගමික වශයෙන් ගතහොත් හින්දු ජනතාව බහුතරය වෙයි. එහෙත් එය අති විශාල බහුතරයක් නොව යම්තම් හරි අඩක් ඉක්මවූ බහුතරයකි. සෙසු ජනතාව ප්රධාන වශයෙන් ඉස්ලාම් හා කතෝලික භක්තිකයෝ වෙති.

කේරළයේ පහත් ප්රදේශවල පොල් ඉතා බහුල වශයෙන් දැකගත හැකිය. ලංකාවේ ඇති සෑම ගසක් ම පාහේ කේරළයේ ද ඇත. කේරළයේම පවතින එක් ජන ප්රවාදයකට අනුව කේරළය යන්න පොල් හා විල් යන අර්ථ ඇති වචන දෙකක් එකතු වීමෙන් සෑදී ඇත. ඒ කෙසේ වෙතත් කේරළයේ පොල් ගස් මෙන්ම ඉතා විශාල විල් ද ඇත. විල් පැවතීම හේතුවෙන් එහි බෝට්ටු සේවාවල යෙදීමට ද බොහෝ දෙනාට අවස්ථාව ලැබී ඇත. ඉන්දියාවේ වෙනත් ප්රාන්තවල මෙන් නොව කේරළයේ පොල් ගස ප්රධාන ගස වීමද ලංකාව හා කේරළය අතර සමානත්වය වැඩිවීමට හේතුවී ඇත. කේරළයේ ජනතාවද පොල් ගස කප්රුකක් ලෙස සලකති. ඔවුහු ද පොල් ගසේ ඉවත දමන කිසිවක් නැතැයි පවසති. ලංකාවේ මෙන්ම අප රටේ රටාවටම වියන ලද පොල් අතුවලින් සෙවිලි කළ නිවෙස් කේරළයේ ද දැකගත හැකිය.

ආප්ප, ඉදිආප්ප, පිට්ටු වැනි කෑම පමණක් නොව මුංගුලිද කේරළයේ ඇත. ඒ කෑම වඩාත්ම ඇත්තේ තරමක් උතුරට වූ මලබාර ප්රදේශයේ යෑයි කියනු ලැබේ.

කුරුම්බා ගෙඩියක් බී එය පළා ඇස්සක් ගසාගෙන ලොඳ කෑමට කේරළ වැසියෝ ද හපන්නු වෙති. පෘතුගීසීන්ට යටත්ව සිටි සමයේ දී හඳුන්වාදෙනු ලැබූ හැට්ටය සමග රෙදි (රෙද්ද හැට්ට) හා විලුඹ තෙක් ඇති දිග ගවුම් අඳින කාන්තාවන් අද කේරළයේ පාර තොටේ දැකගත හැකිය. ලුංගිය (සරම වැනි එහෙත් මුට්ටු කර නොමැති) හැඳගත් පිරිමි කැසපටක් කවා ගමන් බිමන් යති. ලංකාවේ තරමට කලිසම කේරළයේ ප්රචලිත වී නැත. කේරළයේ කාන්තාවන් සාරිය ඇදීමේදී ද සිංහල කාන්තාවන්ට සමාන කමක් දැකිය හැකි ය. එය දෙමළ හෝ උතුරු ඉන්දියාවේ හෝ කාන්තාවන් සාරිය ඇඳීමට වඩා වෙනස් වෙයි. කේරළයේ භාෂාව මලයාලම් වෙයි. එය සිංහලයට නොව දෙමළට සමීප වෙයි. එහෙත් කේරළ වැසියන් භාෂාව කතාකරන රිද්මය සිංහල කතාකරන රිද්මයට සමීප වෙයි. ඇතැම් අවස්ථාවක ඔවුන් කතාකරන්නේ සිංහල දැයි සිතෙන තරමට මේ සමීපත්වය වෙයි. ඔවුන්ගේ ගීත ද සිංහල ගීත මෙන් ඇසෙන අවස්ථා වෙයි. මලයාලම් භාෂාවේ අකුරු ලියන ආකාරය හා සිංහල භාෂාවේ අකුරු ලියන ආකාරය සමාන වෙයි. මේ සමානත්වය මියන්මාර තායි ආදී භාෂා සම්බන්ධයෙන්ද දැකගත හැකි වෙයි.

ඉන්දියාවේ ඇතැම් ප්රදේශවල නිවෙස් පැතලි වහළකින් සමන්විත වෙයි. එහෙත් කේරළයේ නිවෙස්වල වහළ හැඩතල ස්වරූපයක් ගනියි. පහළොස්වැනි සියවසේ පමණ බිහි වූ ත්රිවන්ද්රම් අගනුවර කරගත් ත්රාවන්කොර රජවරුන්ගේ මාළිගා හා නුවර ඇති ශ්රී වික්රම රාජසිංහ රජුගේ මාළිගාව අතර සමානත්වයක් වෙයි. ඇම්බැක්කේ වැනි කැටයම් ද ඒ රජවරුන්ගේ මාළිගාවල දැකගත හැකිය. ඒ රජ පරම්පරාවේ දහහත් දෙනෙක් අද ඒ මාළිගාවල වෙසෙති. ඔවුන්ට කිසිදු ආකාරයක රාජ්ය බලයක් අහිමි වුවත් පැරැණි සිරිත් විරිත් පවත්වාගෙන යැමට ඔවුහු සමත් වී සිටිති. මේ අතර යුද්ධ ශිල්ප අතින් ද සමානත්වයක් දැකිය හැකිය. අංගම්පොර ශිල්පය මෙයට උදාහරණයකි. මේ ශිල්පය අනුරාධපුර සමයෙහි ද මෙරට තිබී ඇත.

කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්රධාන හේතුවක් වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක බවට සැකයක් නැත. එහෙත් සිංහලයන් හා කේරළ වැසියන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබෙන්නේ කෙසේද? එයට හේතු ගණනාවක් වෙයි. ඉතාම මෑතම හේතුව ලෙස සැලකිය හැක්කේ පෘතුගීසී ආක්රමණයය. පෘතුගීසීන් කේරළ වැසියන්ට හා සිංහලයන්ට ලබා දී ඇති හැට්ට කබා ආදිය එහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිංහලයන්ටත් වඩා කේරළ වැසියෝ පෘතුගීසි බලපෑමට හසු වී සිටිති. කතෝලික ආගම කේරළයේ වඩා පැතිර ගොස් ඇත. එය පුදුමයට කරුණක් නොවන්නේ පෘතුගීසීන් ගෝව හා කේරළය පදනම් කරගනිමින් අපේ කලාපය පාලනය කිරීම නිසාය. ආසියාවේ ප්රථම කතෝලික පල්ලිය ලෙස සැලකෙන St. Francis පල්ලිය කොචින් නගරයේ පිහිටා ඇත. වස්කෝද ගාමාගේ සිරුර පළමුවෙන් භූමදාන කර ඇත්තේ මේ පල්ලියේ ය. දෙවැනි ආසන්න හේතුව දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට කේරළ ප්රදේශයෙන් සංක්රමණය වූ ජනතාවය. මේ ජනතාවගෙන් යම් පිරිසක් මෙරට විවිධ කුලවලට අවශෝෂණය කෙරී ඇත.

ඔවුන් සමග විවිධ ආහාරපාන ද මිරිස් ද ගරුකම් ද අපට ලැබී ඇත. තුන්වැනුව අපට දැක්විය හැක්කේ මෙරටට විටින් විට ගෙවන්න ලද මලයාලම් බස කතා කළ වේලක්කාර හමුදාය. මේ පිරිස් නාගදීපයේ සිංහලයන් සමග පදිංචි වී සිට ඇත.

[QUOTE="mayuri., post: 17737011, member: 291736"] [IMG]http://i58.tinypic.com/1zg3t35.png[/IMG] [SIZE="3"]සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්රාන්තය කුමක්ද යන ප්රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් පමණක් යෑයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්රාන්තයක් නොවේ. එහි බෞද්ධ ජනගහනය 0.5% ක් තරම්වත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්කෘතික සම්බන්ධකම් බොහෝය. [/SIZE] [IMG]http://i58.tinypic.com/35mgjts.png[/IMG] [SIZE="3"]කේරළය නමින් ප්රාන්තයක් ඇති කරන ලද්දේ ඉන්දියාව ඉංගිරිසීන්ගෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් ලබා ගැනීමෙන් පසුවය. ප්රදේශ හා රාජ්ය කිහිපයක් එකතු කිරීමෙන් කේරළ ප්රාන්තය ගොඩනැගී ඇත. මූලික වශයෙන් භාෂාව මත පදනම් ව ප්රාන්ත පිහිටුවීමේ දී මලයාලම් භාෂාව කතා කරන පිරිස ඉතා වැඩි වශයෙන් ජීවත් වූ ප්රදේශය කේරළය නමින් බෙදා වෙන් කෙරී ඇත. ආගමික වශයෙන් ගතහොත් හින්දු ජනතාව බහුතරය වෙයි. එහෙත් එය අති විශාල බහුතරයක් නොව යම්තම් හරි අඩක් ඉක්මවූ බහුතරයකි. සෙසු ජනතාව ප්රධාන වශයෙන් ඉස්ලාම් හා කතෝලික භක්තිකයෝ වෙති. [/SIZE] [IMG]http://i61.tinypic.com/25gux37.png[/IMG] [SIZE="3"]කේරළයේ පහත් ප්රදේශවල පොල් ඉතා බහුල වශයෙන් දැකගත හැකිය. ලංකාවේ ඇති සෑම ගසක් ම පාහේ කේරළයේ ද ඇත. කේරළයේම පවතින එක් ජන ප්රවාදයකට අනුව කේරළය යන්න පොල් හා විල් යන අර්ථ ඇති වචන දෙකක් එකතු වීමෙන් සෑදී ඇත. ඒ කෙසේ වෙතත් කේරළයේ පොල් ගස් මෙන්ම ඉතා විශාල විල් ද ඇත. විල් පැවතීම හේතුවෙන් එහි බෝට්ටු සේවාවල යෙදීමට ද බොහෝ දෙනාට අවස්ථාව ලැබී ඇත. ඉන්දියාවේ වෙනත් ප්රාන්තවල මෙන් නොව කේරළයේ පොල් ගස ප්රධාන ගස වීමද ලංකාව හා කේරළය අතර සමානත්වය වැඩිවීමට හේතුවී ඇත. කේරළයේ ජනතාවද පොල් ගස කප්රුකක් ලෙස සලකති. ඔවුහු ද පොල් ගසේ ඉවත දමන කිසිවක් නැතැයි පවසති. ලංකාවේ මෙන්ම අප රටේ රටාවටම වියන ලද පොල් අතුවලින් සෙවිලි කළ නිවෙස් කේරළයේ ද දැකගත හැකිය.[/SIZE] [IMG]http://i60.tinypic.com/sqqu1j.png[/IMG] [IMG]http://i62.tinypic.com/icmuk9.png[/IMG] [SIZE="3"]ආප්ප, ඉදිආප්ප, පිට්ටු වැනි කෑම පමණක් නොව මුංගුලිද කේරළයේ ඇත. ඒ කෑම වඩාත්ම ඇත්තේ තරමක් උතුරට වූ මලබාර ප්රදේශයේ යෑයි කියනු ලැබේ. [/SIZE] [IMG]http://i59.tinypic.com/282jrky.png[/IMG] [IMG]http://i62.tinypic.com/52hnkg.png[/IMG] [SIZE="3"]කුරුම්බා ගෙඩියක් බී එය පළා ඇස්සක් ගසාගෙන ලොඳ කෑමට කේරළ වැසියෝ ද හපන්නු වෙති. පෘතුගීසීන්ට යටත්ව සිටි සමයේ දී හඳුන්වාදෙනු ලැබූ හැට්ටය සමග රෙදි (රෙද්ද හැට්ට) හා විලුඹ තෙක් ඇති දිග ගවුම් අඳින කාන්තාවන් අද කේරළයේ පාර තොටේ දැකගත හැකිය. ලුංගිය (සරම වැනි එහෙත් මුට්ටු කර නොමැති) හැඳගත් පිරිමි කැසපටක් කවා ගමන් බිමන් යති. ලංකාවේ තරමට කලිසම කේරළයේ ප්රචලිත වී නැත. කේරළයේ කාන්තාවන් සාරිය ඇදීමේදී ද සිංහල කාන්තාවන්ට සමාන කමක් දැකිය හැකි ය. එය දෙමළ හෝ උතුරු ඉන්දියාවේ හෝ කාන්තාවන් සාරිය ඇඳීමට වඩා වෙනස් වෙයි. කේරළයේ භාෂාව මලයාලම් වෙයි. එය සිංහලයට නොව දෙමළට සමීප වෙයි. එහෙත් කේරළ වැසියන් භාෂාව කතාකරන රිද්මය සිංහල කතාකරන රිද්මයට සමීප වෙයි. ඇතැම් අවස්ථාවක ඔවුන් කතාකරන්නේ සිංහල දැයි සිතෙන තරමට මේ සමීපත්වය වෙයි. ඔවුන්ගේ ගීත ද සිංහල ගීත මෙන් ඇසෙන අවස්ථා වෙයි. මලයාලම් භාෂාවේ අකුරු ලියන ආකාරය හා සිංහල භාෂාවේ අකුරු ලියන ආකාරය සමාන වෙයි. මේ සමානත්වය මියන්මාර තායි ආදී භාෂා සම්බන්ධයෙන්ද දැකගත හැකි වෙයි. [/SIZE] [IMG]http://i59.tinypic.com/2v8n6ef.png[/IMG] [IMG]http://i61.tinypic.com/2zyvq7l.png[/IMG] [IMG]http://i58.tinypic.com/65rfhd.png[/IMG] [IMG]http://i57.tinypic.com/25utc95.png[/IMG] [SIZE="3"]ඉන්දියාවේ ඇතැම් ප්රදේශවල නිවෙස් පැතලි වහළකින් සමන්විත වෙයි. එහෙත් කේරළයේ නිවෙස්වල වහළ හැඩතල ස්වරූපයක් ගනියි. පහළොස්වැනි සියවසේ පමණ බිහි වූ ත්රිවන්ද්රම් අගනුවර කරගත් ත්රාවන්කොර රජවරුන්ගේ මාළිගා හා නුවර ඇති ශ්රී වික්රම රාජසිංහ රජුගේ මාළිගාව අතර සමානත්වයක් වෙයි. ඇම්බැක්කේ වැනි කැටයම් ද ඒ රජවරුන්ගේ මාළිගාවල දැකගත හැකිය. ඒ රජ පරම්පරාවේ දහහත් දෙනෙක් අද ඒ මාළිගාවල වෙසෙති. ඔවුන්ට කිසිදු ආකාරයක රාජ්ය බලයක් අහිමි වුවත් පැරැණි සිරිත් විරිත් පවත්වාගෙන යැමට ඔවුහු සමත් වී සිටිති. මේ අතර යුද්ධ ශිල්ප අතින් ද සමානත්වයක් දැකිය හැකිය. අංගම්පොර ශිල්පය මෙයට උදාහරණයකි. මේ ශිල්පය අනුරාධපුර සමයෙහි ද මෙරට තිබී ඇත. [/SIZE] [IMG]http://i58.tinypic.com/25ji5xf.png[/IMG] [SIZE="3"]කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්රධාන හේතුවක් වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක බවට සැකයක් නැත. එහෙත් සිංහලයන් හා කේරළ වැසියන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබෙන්නේ කෙසේද? එයට හේතු ගණනාවක් වෙයි. ඉතාම මෑතම හේතුව ලෙස සැලකිය හැක්කේ පෘතුගීසී ආක්රමණයය. පෘතුගීසීන් කේරළ වැසියන්ට හා සිංහලයන්ට ලබා දී ඇති හැට්ට කබා ආදිය එහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිංහලයන්ටත් වඩා කේරළ වැසියෝ පෘතුගීසි බලපෑමට හසු වී සිටිති. කතෝලික ආගම කේරළයේ වඩා පැතිර ගොස් ඇත. එය පුදුමයට කරුණක් නොවන්නේ පෘතුගීසීන් ගෝව හා කේරළය පදනම් කරගනිමින් අපේ කලාපය පාලනය කිරීම නිසාය. ආසියාවේ ප්රථම කතෝලික පල්ලිය ලෙස සැලකෙන St. Francis පල්ලිය කොචින් නගරයේ පිහිටා ඇත. වස්කෝද ගාමාගේ සිරුර පළමුවෙන් භූමදාන කර ඇත්තේ මේ පල්ලියේ ය. දෙවැනි ආසන්න හේතුව දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට කේරළ ප්රදේශයෙන් සංක්රමණය වූ ජනතාවය. මේ ජනතාවගෙන් යම් පිරිසක් මෙරට විවිධ කුලවලට අවශෝෂණය කෙරී ඇත. ඔවුන් සමග විවිධ ආහාරපාන ද මිරිස් ද ගරුකම් ද අපට ලැබී ඇත. තුන්වැනුව අපට දැක්විය හැක්කේ මෙරටට විටින් විට ගෙවන්න ලද මලයාලම් බස කතා කළ වේලක්කාර හමුදාය. මේ පිරිස් නාගදීපයේ සිංහලයන් සමග පදිංචි වී සිට ඇත. [/SIZE] [IMG]http://i62.tinypic.com/oig8x5.png[/IMG] [IMG]http://i59.tinypic.com/2ltm2bo.png[/IMG] [IMG]http://i57.tinypic.com/5tyj4x.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom