කොකචින් නොහොත් නීල කුමාරිකාව - [ TV Series වල පට්ට චරිත- 06 හය ]

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Kököchin

    ab3eb9c0024740035f97e5751c84eaba.jpg


    මාකෝ පෝලෝ කියන්නේ ඇත්තටම දේශාටකයෙක් සහ වෙළෙන්දෙක් ගේ පුතෙක්.මෙයාගේ කතාව පාදක කරගෙන තමයි නෙට්ෆ්ලික්ස් එකේ මාකෝ පෝලෝ කියන සීරිස් එකතු නිර්මානය වෙන්නේ.

    මාකෝ පෝලෝ සීරිස් එකතු පුරාවටම කවුරුත් ආදරය කරන කෙනෙක් ඉන්නවා.ඒ තමයි නීල කුමාරිකාව.නීල කුමාරිකාව හෙවත් කොකචින් මාකෝට හම්බෙන්නේ කුබ්ලායි ඛාන් ගේ නිවාස අඩස්සියේදීයි.ඇය හැම වෙලාවකම යම්කිසි රහසක් තමන්ගෙන් හංගනවය කියන කාරනාව මාකෝ නිතරම හිතනවා.

    කොකොචින් රූපය අතින් ඉතාමත් සුන්දර තැනැත්තියක්.

    Bayaut tribe කියන පලාතේ කුමාරිකාවක් විසින් පාලනය ගෙනියනවා.මේ කාලෙදී තමයි කුබ්ලායි ඛාන් මේ ප්‍රදේශය ආක්‍රමණය කරන්නේ.කුබ්ලායි කියන්නේ ඒ වෙනකොටත් බලවත් අධිරාජ්යයෙක්.ආක්‍රමනය නිසා Bayaut tribe වල මිනිස්සු සමූලඝාතනය වෙනවා.මේක බලාගෙන ඉන්න බැරිතැන මේ නීල කුමාරිකාව සියදිවි නසාගන්න ලෑස්තිවෙනකොට ඇගේ සේවිකාව ඇයට ඊට ඉඩම් දෙන්නේ නෑ.මේ සේවිකාවගේ නම නෙගුයි.නෙගුයි ගේ පෙම්වතා කොහොමද හරි එයාට පැනල යන්න එන්න කියල කතා කලත් එයා නීල කුමාරිකාව අතාරින්න සූදානමක් නෑ.කොහොම හරි නීල කුමාරිකාව සියදිවි නසාගන්නව.

    යහන්ගැබට ආපු මොංගල්වරු නීල කුමාරිකාව නිරුපද්‍රිතව අල්ලාගන්නවා.ඇයව කුබ්ලායිගේ සිර අඩස්සියට රැගෙන යනවා.

    මෙතන පොඩ්ඩක් පැටලිලි සහගතයි වගේ නේද ?

    නීල කුමාරිකාව සියදිවි නසාගත්තා නම් ඇයව නිරුපද්‍රිතව අල්ලගත්තේ කොහොමද ?

    ඇත්තටම නීල කුමාරිකාව සියදිවි නසාගන්නවා.ඇය එහෙම කරන බව දකින්නේ ඇගේ සේවිකාව නෙගුයි විතරයි.නෙගුයිට මේක දැකලා අදහසක් පහල වෙනවා.තැනට සුදුසු නුවණ යොදන්න හොදම තැන.ජීවිත කාලෙම සැප විදින්න පුලුවන් විදිහ ඇයට කල්පනා වෙනවා.

    නෙගුයී නීල කුමාරිකාවගේ වස්ත්‍රාභරණ ඇදුම් පැලදුම් ඇදගෙන මොංගල් වරුන්ට අහු වෙනවා.ඉතින් මෙන්න මෙහෙම තමයි ඇය නීල කුමාරිකාව වෙන්නේ.

    කොකචින් මාකෝ එක්ක පොඩි පෙම් පලහිලව්වක් පටන් ගන්නව.ඇත්තටම මේ ගැන කුබ්ලායි දැනගන්නේ නෑ.එහෙම උනා නම් දෙන්නටම වෙන්නේ නිරපරදේ මැරිල යන්න.

    අන්තිමේදී කුබ්ලායිගේ පුතා ජින්ගම් කුමාරයා ඇයව විවාහ කර ගන්නවා.නමුත් ජින්ගම්ට දරුවන් හැදීමේ හැකියාවක් නෑ.ඉතින් ජින්ගම්ගේ මව චබී ආර්යාව ඉස්තාලයේ වැඩට හිටපු කොල්ලව දම්මලා ඇගේ කුසට දරුවෙක් දෙනවා.සරලව කීවොත් ක්‍රොස් කිරිල්ලක් වෙන්නේ.

    අවසානයේ පුතෙක් සහ දුවක ට උපත දීමෙන් පස්සේ උමතුභාවය දිගටම පලවීම නිසා ඇගේ නැන්දම්මා වෙච්ච චබී ආර්යාව ඇයව ගගේ ගිල්වලා මරලා දානවා.

    මොංගල් ඉතිහාසය පිරික්සද්දී අපිට දකින්න ලැබෙන දේ තමයි කොකොචින් ඇත්තටම හිටපු කුමාරිකාවක්.නමුත් සීරිස් එකේ විදිහටම කලාද නම් දන් නෑ.නමුත් මොංගල් ඉතිහාසයේ ඇය අසාධාරනයට ලක් වෙච්ච පලවෙනි කාන්තාව වෙන්නත් බෑ.


    49bc8c6d9a87cf55c5a5ed8ddd851713.jpg


    kokachin-kokochin-kokechin-kokachin-cocacin-yuan-bayid-bayid.jpg


    a3a24b4379fbcc9f7b90abca8b9af2cb.jpg
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    MarcoPolo eka tikak baluwa. A dawas wala echchcara set une na.. Aaye balanna oni..
    BigBangTheory eke Sheldon Cooper
    The Sopranos eke Tony Sopranos
    The Wire eke Omar Little
    How I Met Your Mother eke Barney Stinson


    Mewath daapan....
     
    • Love
    Reactions: dolag2010

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    MarcoPolo eka tikak baluwa. A dawas wala echchcara set une na.. Aaye balanna oni..
    BigBangTheory eke Sheldon Cooper
    The Sopranos eke Tony Sopranos
    The Wire eke Omar Little
    How I Met Your Mother eke Barney Stinson


    Mewath daapan....
    ඔව් බ්‍රදර්.. ඉදිරියේදී දාන්නම්.ෂෙල්ඩන් ගැන දාන්න පොරගේ සයන්ස් පැත්ත ගැන පොඩ්ඩක් ආපහු හොයන්න් ඔනේ.රාජ් කුත්‍රපාලී,හොවාර්ඩ්.ලෙනාඩ්,පෙනී ගැනත් දාන්න ඉන්නේ ලගදී.
     
    • Love
    Reactions: koj500