කොටියාට ලැබුණු දඬුවම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කොටියාට ලැබුණු දඬුවම

    කොටියාට ලැබුණු දඬුවම
    =====================
    50267695_2128293167194152_8539698378173317120_n.jpg

    දිනක් කොටියෙකු හා බූරුවෙකු එක්ව තණ කොළ මොන පාට දැයි වාද කරන්නට වූ හ.

    " තණ කොළ නිල් පාටයි" බූරුවා පැවසුවේ ය.

    " නෑ ..තණ කොළ කොළ පාටයි" කොටියා පැවසුවේ ය.

    මොවුන් දෙදෙනා ම තමන්ගේ මතය හරි යැයි දිගින් දිගටම තර්ක කරන්නට වූ හ. මෙම වාදය කොතරම් දුර ගියේ දැයි කිවහොත් එම ගැටලුව විසඳා ගැනීම සඳහා කැලයේ රජා වූ සිංහයා හමුවීමට දෙදෙනාම තීරණය කළෝ ය.

    කැලයේ මැද රාජ ලීලාවෙන් සිටි සිංහයා දුටු විගස ම කොටියාට වචනයක් හෝ පවසන්නට ඉඩ නොදී බූරුවා මහත් හඬින් කෑ ගසන්නට විය.

    " රජතුමනි, තණ කොළ නිල් පාටයි නේ ද? " බූරුවා ඇසුවේ ය.

    " ඔව්..තණ කොළ නිල් පාටයි " සිංහයා පැවසුවේ ය.

    "මේ මෝඩ කොටියා ඒක පිළිගන්නේ නෑ නේ...මට හොඳටම මල පැනලා ඉන්නේ..මූට හොඳ දඬුවමක් දෙන්න ඕන" බූරුවා පැවසුවේ ය.

    මෙය අසා සිටි රජතුමා කොටියාට වසරක සිර දඬුවමක් නියම කළේ ය. රජතුමාගේ තීරණයෙන් මහත් සතුටට පැමිණි බූරුවා මුළු වනය දෙවනත් කරමින් නටන්නට විය.

    කොටියා සිංහයා අසලට ගොස් මෙසේ ඇසුවේ ය.

    " රජතුමනි, තණ කොළ කොළ පාටයි නේ..? "

    " ඔව්..කොළ පාටයි" සිංහයා පැවසුවේ ය.

    " එහෙනම් ඉතින් ඇයි මට වසරක සිර දඬුවමක් දුන්නේ? කොටියා ඇසී ය.

    " තමුසෙට දඬුවම් කළේ තණ කොළ නිල් පාට හරි කොළ පාට හරි වෙච්ච එකට නෙමෙයි. තමුසේ වගේ නිර්භීත, බුද්ධිමත් සතෙක් මෝඩ බූරුවෙක් එක්ක වාද කරලා ඒක විසඳ ගන්න මෙතෙන්ට ආපු එකට" සිංහයා පැවසුවේ ය.

    කතාවෙන් ගත හැකි ආදර්ශය

    2019 වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. ඔබ එහිදී සුදුසුම අපේක්ෂකයාට ඡන්දය දිය යුතු ය. එසේ නොකර මෝඩ බූරුවන් සමග වාද කරන්නට ගියහොත් ඊළඟ වසර පහේදී දඬුවම් විඳින්නට වෙන්නේ ඔබට ය.

    ( උපුටාගැනීමකි)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    කතාවෙන් ගත හැකි ආදර්ශය

    2019 වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. ඔබ එහිදී සුදුසුම අපේක්ෂකයාට ඡන්දය දිය යුතු ය. එසේ නොකර මෝඩ බූරුවන් සමග වාද කරන්නට ගියහොත් ඊළඟ වසර පහේදී දඬුවම් විඳින්නට වෙන්නේ ඔබට ය.

    :yes::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර

    බූරුවා -- JVP??
     
    :yes::yes: