Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි

තිස් වසරකට පෙර නිදහස්දාට එළිවෙද්දී කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි

අදින් වසර තිහකට පෙර දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ මහානාගපුර 18 ජනපදයට කඩා පිණූ කොටි ත්රස්තවාදීන් ලොකු කුඩා 09 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර දැමුවේ ඔවුනගේ ම්ලේච්ඡත්වය ලොවට කියා පාමිනි. එපමණක් නොව මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් තවත් විසි දෙනෙකුට පමණ බරපතළ තුවාල සිදුවිය.

වර්ෂ 1987 පෙබරවාරි 04 වෙනිදා මෙරට 39 වෙනි නිදහස් සමරු දිනයයි. එදා අරුණලු වැටෙන්නට පැය කීපයකට මත්තෙන් මේ ම්ලේච්ඡ සංහාරය සිදු විය. කොටි ත්රස්තවාදීන් අම්පාර දිස්ත්‍රික්කය පුරා නිරායුද අහිංසක මිනිසුන් සමූහ වශයෙන් මරා දමන්නට පළමු පියවර තැබුවේ මේ මහානාගපුර ප්‍රදේශයෙනි.

මහානාගපුර සමූහ ඝාතනයෙන් පසුව ඔවුහු අම්පාර දිස්ත්‍රික්කය පුරාම සිය ඝාතන රැල්ල ආරම්භ කළහ. එහි දෙවෙනි පියවර වූයේ අරන්තලාව ගම්මානයේ නිරායුද අහිංසක සිවිල් වැසියන් 27 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමයි. මහානාගපුර ඝාතනයෙන් දින තුනකට පසුව එනම් පෙබරවාරි 07 වෙනිදා එම ඝාතනය සිදු විය.

දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ තරමක් දකුණු කෙළවරට වෙන්නට පිහිටා ඇති මහානාගපුර ප්‍රදේශය අම්බලන්ඔය ජලාශය නිසා සශ්‍රීක වූ ප්රදේශයකි. ප්‍රදේශවාසීන්ගේ ප්‍රධානම ජීවනාලිය වූයේ ගොවිතැනයි. එකල ඔවුනට විදුලිය සහ නළ ජලය තිබුණේ නැත. හරිහමන් මංමාවතක් තිබුණේ නැත. ජීවත් වූයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය. මහානාගපුරට තරමක් ඈතින් දෙමළ වැසියන් සිටින ගම්මාන මෙන්ම රූපස්කුලම්, වම්මිඅඩි, කංජිකුඩිච්චිආරු ඝන වනාන්තරය ආදී අඳුරු ප්‍රදේශ රැසක්ම විය. එකල ඒවා කොටි ත්රස්තවාදීන්ගේ පරාදීස බවට පත්ව තිබුණි.

තිස් වසරකට පෙර සිරිලක නිදහස් සමරුව යෙදී තිබූ දිනයේ අලුයම සිදු කෙරුණු මේ අහිංසක මිනිස් සංහාරය අද බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. ඒ නිසා ඒ තොරතුරු සහ එදා බොහෝ දෙනෙකුට හෙළි නොවූ කරුණු සොයා අපි මහානාගපුර ප්‍රදේශයට ගියෙමු.

එදා මහානාගපුර 18 ජනපදයේ සිදු වූ මේ මහා ඛේදවාචකය අදටත් තමන්ට මැවී පෙනෙන බවත් යළිත් කිසි දිනෙක එවැන්නක් සිදු නොවිය යුතු බවත් සිද්ධියට මුහුණ දී දිවි ගලවා ගත්තෝ පවසති.

එදා සිදු වූ ප්‍රහාරය නිසා 18 ජනපදයේ ආර්. එච්. උපාලිට සිය බිලිඳු දරුවා මෙන්ම සිය මාමණ්ඩියත් නැන්දණියත් අහිමි විය. ඒ බිහිසුණු මෙන්ම ශෝක ජනක පුවත පිළිබඳව හෙතෙම අතීතාවර්ජනය කළේ මෙසේය.

“මගේ නැන්දයි මාමයි විතරක් ගෙදර ඉන්න නිසා හැමදාම වාගේ මමත් බිරිඳත් දරුවත් රාත්‍රී කාලයට නිදා ගන්න එහේට යනවා. එදත් ඒ විදිහට ගියා. මගේ දරුවට වයස අවුරුදු දෙකයි මාස අටයි. ඒ කාලේ අපේ ගමට විදුලිය නෑ. හැම දෙයක්ම කුප්පි ලාම්පු එළියෙන් තමයි කරන්නේ. රෑ රේඩියෝවේ ප්‍රවෘත්තිත් අහලා අපි නින්දට වැටුණා. රාත්‍රී දහයට විතර දොර අරින්න කියලා හොඳ සිංහලෙන් කතා කළා. දොර ඇරියට පස්සේ තමයි තේරුණේ කොටි කියලා. මගේ අත්දෙක පිටි පස්සට කරලා බැඳලා අරන් ගියා. යන අතරේ නොයෙකුත් විස්තර ඇහුවා. පොලීසිය හමුදාව ළඟ ඉන්නවද කියලා තමා වැඩියෙන්ම ඇහුවේ. ඔය විදිහට ගෙවල් කීපයකටම ගිහින් මා ලව්වා කතා කරවලා හැම ගෙදරකම මිනිස්සු එළියට අරගත්තා. මුලින්ම ගත්තේ නන්දේ අය්යලාගේ ගෙදර අය. උන් අතේ ටී 56 තුවක්කු තිබුණා. නිවාස හත අටකම මිනිස්සු මේ විදිහට අරන් ගිහින් ධර්මදාස මාමලාගේ ගෙදර කාමරයකට දැම්මා ඔය අතරේ ගෑනුන්ගේ කනකර සේරම අර ගත්තා ගෙවල් කීපයකම මුදල් මංකොල්ල කෑවා. හැම කෙනෙක්ම ඊළඟ මොහොතේ වෙන්නේ මොකක් ද කියලා බලාගෙන හිටියා. හැම කෙනෙක්ම කර කියා ගන්න දෙයක් නැතිව තුෂ්ණිම්භූතවෙලා හිටියේ. එක තැනකදී මාව නතර කරගෙන ගෙවල්වල දොරවල් ඇරවා ගන්න හරිස්චන්ද්රවත් අරන් ගියා.”

ළඟ පාතක කිසිදු ආරක්ෂක අංශ කඳවුරක් හෝ නොතිබුණු නිසා කොටි රිසිසේ සිය ඉලක්කය කරා ගමන් කරමින් සිටියහ. අසරණ ගම්වැසියෝ තව තවත් අසරණ වූහ. දමන පොලිස් ස්ථානයට දුර කිලෝ මීටර් 15කට වැඩිය. නීිත්ත යුදහමුදා කඳවුරට ද කිලෝ මීටර් දහයක්වත් ඇත. එහෙත් කිසිවෙකුටත් යන්නට නොහැක. දුරකථන පහසුකම් ද නොමැත. එකල ග්රාමාරක්ෂක සේවයද පැවැතියේ ඉතාමත්ම ප්‍රාථමික අවධියකය. ඔවුන් සතුව තිබුණේද පතුරම් තුවක්කු පමණකි. භටයන් විශාල ප්‍රමාණයක්ද නොසිටි අතර සියල්ලම රහසේ සිදු විය. සිදුවන සියල්ල දුටුවේ ගහ කොළ තරු සහ හිස් අහස පමණි. නොබෝ දිනකින් නෙළන්නට නියමිත ජනපදයේ රන්පැහැ ගැන්වෙමින් පැවති ගොයම් කරල් ද නිසොල්මනේ සිටියේය. ආරක්ෂාවේ හිඩැස් කොටින්ගේ ප්‍රීති ප්රමෝදයට හේතු විය.

පැයක් එකහමාරක් පමණ වනවිට ගම් වැසියන් 41 දෙනෙකු ධර්මදාස මහතාගේ නිවසේ කාමරයට දැමීමට කොටින්ට හැකි විය. ඔවුනගේ අණට කීකරු වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත. නොබෝ දිනකින් විවාහ වෙන්නට සිටින කළු බණ්ඩාගේ දියණියත් කිරි බණ්ඩාගේ පුතු සුදු මහත්තයාත් මේ පිරිස අතර වූහ. නිවෙස් හිමි ධර්මදාස මහතාත් බිරිඳත් ඔවුනගේ දූවරු දෙදෙනාත් පුත්තු දෙදෙනාත් ගමේ තවත් බොහෝ දෙනෙකුත් මේ කාමරයේ වූහ. කාමරයේ ඇඳක පිරිසක් වාඩි ගෙන සිටි අතර තවත් පිරිසක් සිටගෙන සිටියහ. මේ මාසයේ පෝය දිනය යෙදී තිබුණේ 14 වෙනිදාටය. ඒ නිසා අඩ සඳ 05 වෙනිදා වෙන විට අහසේ දිස් වේ. ක්‍රමයෙන් අඩ සඳ පූර්ණවීම ඇරඹී තිබුණෙන් මළානික එළියක් ප්‍රදේශය පුරා පැතිර තිබුණි. ගම් වැසියන් සිර කර තිබූ කාමරයේ දොර සහ ජනේලය වසා තිබූ නිසා එකිනෙකා හඳුනා ගැනීමටවත් නොහැකි විය. වරින් වර කාමරයට ගෙනෙන පිරිස ඇතුළු කරන්නට දොර අරින කොටින්ගේ ටෝච් එළියෙන් පමණක් එකිනෙකා හැඳින ගත්හ.

තප්පරයෙන් තප්පරය කාලය ගෙවෙද්දී කාමරයේ සිටි තරුණියන් හතර දෙනෙකු එළියට ඇද ගන්නට කොටින් උත්සාහ ගත්තේ ඔවුනගේ සිරුරු සන්තර්පනය කර ගැනීමටය. එහෙත් ගම් වැස්සෝ ඊට ඉඩ නොදුන්නෙන් කොටි පසු බෑහ. තරුණියන් එළියට ගෙන යන්නට උත්සාහ දරද්දී ප්‍රබල ලෙස විරුද්ධ වූ ධර්මදාස මහතාටත් ඇගේ බිරිඳ පී. ඒ. රන් මැණිකේ මහත්මියටත් කොටි තුවක්කු පහර දුන්හ. කෙසේ හෝ තරුණියන් අත්හැරි කොටි එළියට ගියහ. වරින් වර කොටි පැමිණෙද්දී අපිව මරන්නේ නැතිව නිදහස් කරපල්ලා යැයි ඉල්ලා සිටිවිට ඔවුනගේ පිළිතුර වූයේ හෙට නිදහස් දවසනේ නිදහස් දවස එළි වෙද්දී අපි උඹලට නිදහස දෙන්නම් යැයි කීවෝය.

පැයක් දෙකක් පමණ ගතවෙන විට මධ්‍යම රාත්රියද පසු වූයේය. වික්ෂිප්තව සිටි ඇතැම්හු නිදි කිරා වැටෙන්නට වූහ. මේ සියල්ල අතරේ නිවසින් පිටත බොහෝ දේ සිදුවෙන බව ගම්වැසියෝ දැන සිටියේ නැත. පෙර කී උපාලිගේ මාමණ්ඩියගේ නිවසේ සිටි මාමණ්ඩියත් නැන්දණියත් සිය දරුවාත් මරු තුරුලට යවා තිබුණි. ඔවුන්ව මෙම කාමරයට නොගෙනා අතර ඔවුන් සිටියේ ඔවුනගේ නිවසේමය. නිවෙස්වල දොරවල් ඇරවා ගන්නට කැඳවාගත් උපාලිද කාමරයේ සිර කෙරිණි. උපාලිගේ නැන්දණිය මරා දමා තිබුණේ හිරමනයකින් බෙල්ලට ඇනීමෙනි. මාමණ්ඩියටද පහරදී මරා තිබුණේ මිදුලේය. කිසිවක් නොදත් සිය දියණිය නිවස ඇතුළේ මරා දමා තිබුණේ කකුල් දෙකෙන් අල්ලා හිස ඇද විට්ටමේ ගසාය. හිස කුඩුවී තිබුණි. ඒ ප්රභාකරන් දෙමළ ජනතාවට විමුක්තිය සෙවූ සැටිය. උපාලිගේ බිරිඳ තුවාල සහිතව පිළිකන්නේ වැටී සිටියාය.

මේ අතර කිසිවෙකුටත් නොදැනී තවත් රහසිගත දෙයක් සිදු වෙමින් පැවතිණි. පැමිණි කොටි පිරිසක් ප්‍රධාන ඇළ බැම්ම දිගේ මහානාගපුර මන්සන්ධිය වෙත පැමිණියහ. එහෙත් එතැනදී ග්රාමාරක්ෂකයන් වෙඩි තැබූ නිසා පසුබා ආපසු පැමිණි බවක් ද කියැවිණි. මේ අතරතුර ධර්මදාස මහතාගේ නිවසේ සිරකර සිටි 41 දෙනොගේ ඉරණම විසඳීමට එතැන සිටි කොටි සූදානම් වූහ. ඒ අනුව ජනේලය ඇර ඒ මත බෝම්බ දෙකක් තබා ඒවාට ගිනි ඇවිළීය. එහෙත් ගිනි ඇවිළුණේ නැත. කීප වරක්ම ගිනිකූරු ගසා උත්සාහ කළත් එතැන සිටි මිනිසුන්ගේ වාසනාවට ගිනි ඇවිළුණේ නැත. කෝපයට පත් කොටි එළියේ සිටම ටී.56 තුවක්කු ජනේලය තුළින් දමා වෙඩි තැබීය. මේ අතර හරිස්චන්ද්රත් තවත් අයෙකුත් වහලයෙන් එළියට පැන ගත් අතර ධර්මදාස මහතා ඇතුළු පිරිස දොර ඇරගෙන එළියට පැන්නාහ. මහානාගපුර හංදියෙන් ඇසුණු වෙඩි හඬත් බෝම්බ පත්තු නොවීමත් නිසා සියලු සැලසුම්වල අවුලක් වූ බව කොටින්ගේ කතා බහෙන් ගැමියන්ට වැටැහිණි. කෙසේ හෝ නිවසින් එළියට බට පිරිසට ද වෙඩි තැබූහ. සිය දරුවාත් සමඟ එළියට බට කේ. ජී. ප්‍රේමාවතීගේ (63) අතටද ඇගේ කුඩා පුතෙකුට ද වෙඩි වැදී තුවාල විය. තුවාලකරුවන් තවත් බොහෝ වූහ.

මේ අතර තවත් අනුවේදනීය සිද්ධියක් සිදු විය. කාමරයේ සිටි පිරිසගේ කෑ ගැසීමත් වෙඩි හඬත් නිසා කලබල වූ ඈත නිවෙසක සිටි පියසේන බිරිඳත් සිය දියණියන් දෙදෙනා ද රැගෙන පිම්මේ දිව ගියේ ආරක්ෂාව පතාගෙනය. ඒ වන විට මහානාගපුර හංදියේ සිටි කොටි ආපසු පැමිණෙමින් සිටියහ. මුහුණට මුණ ගැසුණු කොටි සියලු දෙනාටම වෙඩි වරුසාවක් එල්ල කළහ. පියසේනගේ බිරිඳ සිය කුඩා දියණිය ද තුරුල් කරගෙන මරු දුටහ. දස වියැති ලොකු දියණියට වෙඩි වැදුණත් ඇය මියගියා සේ සිටියාය. පියසේනගේ දෙපාවලට ද වෙඩි වැදුණි. ඔහුගේ ද ජීවිතය බේරුණි. දස වියැති දියණිය රෝහල්ගතව නැවත පැමිණ කෙටි කලකින් සර්ප දෂ්ටයකින් මිය ගියාය.

මේ අතර එදා නොබෝ දිනකින් විවාහ ගිවිස ගන්නට සිටි කළු බණ්ඩාගේ දියණියත් කිරිබණ්ඩාගේ පුතණුවනුත් කාමරයට එල්ල වූ වෙඩි පහරවලින් එක් තැනම දැත් අල්ලා ළංවී මියගොස් සිටි බව ගැමියෝ කීය. එදා මෙලෙස වෙඩි තබද්දී එම්. ඩී. කරුණාතිලකගේ වයස අවුරුදු තුනහමාරක් පමණ වියැති නැගණිය දිවි ගලවා ගත්තාය. එහෙත් දෛවය ඇයට තවදුරටත් අකාරුණික විය. ලොකු මහත්වී විවාහ වීමෙන් පසුව ඇය බිබිලේ පදිංචි වූවාය. කිසියම් අවශ්‍යතාවකට මහානාගපුර පැමිණි ඇය නැවත බිබිලට යද්දී කොණ්ඩවටුවාන යුද හමුදා මුරපොළ අසලදී පුපුරා ගිය බස් බෝම්බයට අසුව දිවි දුන්නේ එම බස් රථයෙන් බහින්නට සූදානම්ව සිටියදීමය. ඇය සමඟ සිටි ඇගේ මාමණ්ඩිය බසයෙන් බැස තිබුණේ පරීක්ෂා කිරීම් සඳහාය. ඒ නිසා ඔහුගේ ජීවිතය ගැලවිණි.

එදා කොටින්ගේ ප්‍රහාරයට ලක්ව පිළිකන්නේ වැටී සිටි උපාලිගේ බිරිඳ මියගොස් ඇති බවට අනුමාන කෙරිණි. ඇයව රෝහල් ගත කරන්නට පොලීසිය හෝ වෙනක් කිසිවෙකුත් හෝ උත්සාහ කළේ නැත. එහෙත් එම ස්ථානයට පැමිණි නීත්ත යුද හමුදා කඳවුරේ කපිතාන් වීරසූරිය මහතා ඇයව හොඳින් නිරීක්ෂණය කළ බවත් ඇය මියගොස් නැති බවත් දැනගෙන පොලිසියටත් දොස් තබා ඇය රෝහල් ගත කිරීමට පියවර ගත් බව උපාලි මහතා කීය. එසේම කළු බණ්ඩා මහතා ද මිය ගොස් ඇති බවට සැක සිතූ පිරිස ඔහුද පොල් අත්තකින් වසා මියගිය අයෙකුසේ සලකා තිබූ බවත් කපිතාන් විජේසූරිය මහතාගේ නීරීක්ෂණය නිසා ඔහුවද වහා රෝහල් ගත කළ බවත් ගැමියෝ වැඩිදුරටත් මා සමඟ සඳහන් කළේය.

තුවාලකරුවන් පිරිසක් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර තවත් පිරිසක් බදුලු මහ රෝහල කරා යැවිණි. උපාලිගේ බිරිඳ බදුලු මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ඇයට සිහිය ඒමට මාස හයක් ගත විය. එහෙත් ඇය මානසික රෝගී තත්ත්වයකට පත් වූ බව උපාලි සඳහන් කළේය. තවත් බොහෝ දෙනාට සුවය ලබන්නට මාස ගණනක් ගතවිය.

එදා කොටින්ගේ ග්‍රහණයට අසුවෙන්නට ගිය ධර්මදාස මහතාගේ එක් දියණියක් වන වර්තමානයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක වන එච්. එම්. මංගලිකා මහත්මිය අද තිදරු මවකි. ඒ බිහිසුණු මොහොත ඇය ආවර්ජනය කළේ මෙසේය.

“කොටි එදා අපිව අතින් අල්ලලා ඇදගෙන යන්න හැදුවා ඒත් අම්මා තාත්තත් ගමේ අයත් ඒකට ඉඩ දුන්නේ නෑ. අපිව ඇදගෙන යන්න හද්දදී අපි කෑ ගැහුවා. එදා කොටි වෙඩි තියලා ගියාට පස්සේ අපේ අම්මා තාත්තා ගොඩාක් දෙනෙකුට සත්කාර කළා. ලේ ගලන තුවාල රෙදි පටිවලින් බැන්දා. එළි වෙනකම් වෙනිවැල්ගැට හදලා බොන්න දුන්නා. තවත් හුඟක් දෙනෙක් එකිනෙකාට උදව් කළා. එළියට පැන්න ගොඩාක් දෙනෙක් කැලෑවේ හැංගිලා ඉඳලා පස්සේ තමා එළියට ආවේ.”

කෙසේ නමුත් මුළු ගමම එකම මළ ගෙයක් වෙන්නට ගත වූයේ පැය කීපයක් පමණි. පෙරවරු හතට පමණ පොලිසිය පැමිණි බවත් ඒ සමඟම යුද හමුදාව පැමිණි බවත් ගම්වැසියෝ අප සමග කීහ.

එදා දිගාමඩුල්ලේ මුල්ම සමූහ මිනිස් ඝාතනයට ලක් වූ මහානාගපුර 19 ජනපදයේ වැසියන් 09 දෙනාගේ සිරුරු මහානාගපුර ප්‍රජා ශාලාවේ තැන්පත්කර තිබුණි. ඉන්පසුව ආගමික වත් පිළිවෙත්වලින් අනතුරුව විශාල වළක සියලු දෙනාම මිහිදන් කළේ සැමගේ සෝ සුසුම් මැදය.

මෙසේ දිවිදුන් බොහෝ ස්ථානවල ඔවුනගේ නම් සහ සිදුවීම සම්බන්ධයෙන් ස්මාරකයක් ඇතත් මහානාගපුර වැසියන්ට එයද අහිමිය.

[QUOTE="Shaiman, post: 21502989, member: 501607"] [b]කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි[/b] [COLOR="Blue"][SIZE="4"]තිස් වසරකට පෙර නිදහස්දාට එළිවෙද්දී කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/05-Nim-P8-3.jpg[/IMG] අදින් වසර තිහකට පෙර දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ මහානාගපුර 18 ජනපදයට කඩා පිණූ කොටි ත්රස්තවාදීන් ලොකු කුඩා 09 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර දැමුවේ ඔවුනගේ ම්ලේච්ඡත්වය ලොවට කියා පාමිනි. එපමණක් නොව මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් තවත් විසි දෙනෙකුට පමණ බරපතළ තුවාල සිදුවිය. වර්ෂ 1987 පෙබරවාරි 04 වෙනිදා මෙරට 39 වෙනි නිදහස් සමරු දිනයයි. එදා අරුණලු වැටෙන්නට පැය කීපයකට මත්තෙන් මේ ම්ලේච්ඡ සංහාරය සිදු විය. කොටි ත්රස්තවාදීන් අම්පාර දිස්ත්‍රික්කය පුරා නිරායුද අහිංසක මිනිසුන් සමූහ වශයෙන් මරා දමන්නට පළමු පියවර තැබුවේ මේ මහානාගපුර ප්‍රදේශයෙනි. මහානාගපුර සමූහ ඝාතනයෙන් පසුව ඔවුහු අම්පාර දිස්ත්‍රික්කය පුරාම සිය ඝාතන රැල්ල ආරම්භ කළහ. එහි දෙවෙනි පියවර වූයේ අරන්තලාව ගම්මානයේ නිරායුද අහිංසක සිවිල් වැසියන් 27 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමයි. මහානාගපුර ඝාතනයෙන් දින තුනකට පසුව එනම් පෙබරවාරි 07 වෙනිදා එම ඝාතනය සිදු විය. දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ තරමක් දකුණු කෙළවරට වෙන්නට පිහිටා ඇති මහානාගපුර ප්‍රදේශය අම්බලන්ඔය ජලාශය නිසා සශ්‍රීක වූ ප්රදේශයකි. ප්‍රදේශවාසීන්ගේ ප්‍රධානම ජීවනාලිය වූයේ ගොවිතැනයි. එකල ඔවුනට විදුලිය සහ නළ ජලය තිබුණේ නැත. හරිහමන් මංමාවතක් තිබුණේ නැත. ජීවත් වූයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය. මහානාගපුරට තරමක් ඈතින් දෙමළ වැසියන් සිටින ගම්මාන මෙන්ම රූපස්කුලම්, වම්මිඅඩි, කංජිකුඩිච්චිආරු ඝන වනාන්තරය ආදී අඳුරු ප්‍රදේශ රැසක්ම විය. එකල ඒවා කොටි ත්රස්තවාදීන්ගේ පරාදීස බවට පත්ව තිබුණි. තිස් වසරකට පෙර සිරිලක නිදහස් සමරුව යෙදී තිබූ දිනයේ අලුයම සිදු කෙරුණු මේ අහිංසක මිනිස් සංහාරය අද බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. ඒ නිසා ඒ තොරතුරු සහ එදා බොහෝ දෙනෙකුට හෙළි නොවූ කරුණු සොයා අපි මහානාගපුර ප්‍රදේශයට ගියෙමු. එදා මහානාගපුර 18 ජනපදයේ සිදු වූ මේ මහා ඛේදවාචකය අදටත් තමන්ට මැවී පෙනෙන බවත් යළිත් කිසි දිනෙක එවැන්නක් සිදු නොවිය යුතු බවත් සිද්ධියට මුහුණ දී දිවි ගලවා ගත්තෝ පවසති. එදා සිදු වූ ප්‍රහාරය නිසා 18 ජනපදයේ ආර්. එච්. උපාලිට සිය බිලිඳු දරුවා මෙන්ම සිය මාමණ්ඩියත් නැන්දණියත් අහිමි විය. ඒ බිහිසුණු මෙන්ම ශෝක ජනක පුවත පිළිබඳව හෙතෙම අතීතාවර්ජනය කළේ මෙසේය. “මගේ නැන්දයි මාමයි විතරක් ගෙදර ඉන්න නිසා හැමදාම වාගේ මමත් බිරිඳත් දරුවත් රාත්‍රී කාලයට නිදා ගන්න එහේට යනවා. එදත් ඒ විදිහට ගියා. මගේ දරුවට වයස අවුරුදු දෙකයි මාස අටයි. ඒ කාලේ අපේ ගමට විදුලිය නෑ. හැම දෙයක්ම කුප්පි ලාම්පු එළියෙන් තමයි කරන්නේ. රෑ රේඩියෝවේ ප්‍රවෘත්තිත් අහලා අපි නින්දට වැටුණා. රාත්‍රී දහයට විතර දොර අරින්න කියලා හොඳ සිංහලෙන් කතා කළා. දොර ඇරියට පස්සේ තමයි තේරුණේ කොටි කියලා. මගේ අත්දෙක පිටි පස්සට කරලා බැඳලා අරන් ගියා. යන අතරේ නොයෙකුත් විස්තර ඇහුවා. පොලීසිය හමුදාව ළඟ ඉන්නවද කියලා තමා වැඩියෙන්ම ඇහුවේ. ඔය විදිහට ගෙවල් කීපයකටම ගිහින් මා ලව්වා කතා කරවලා හැම ගෙදරකම මිනිස්සු එළියට අරගත්තා. මුලින්ම ගත්තේ නන්දේ අය්යලාගේ ගෙදර අය. උන් අතේ ටී 56 තුවක්කු තිබුණා. නිවාස හත අටකම මිනිස්සු මේ විදිහට අරන් ගිහින් ධර්මදාස මාමලාගේ ගෙදර කාමරයකට දැම්මා ඔය අතරේ ගෑනුන්ගේ කනකර සේරම අර ගත්තා ගෙවල් කීපයකම මුදල් මංකොල්ල කෑවා. හැම කෙනෙක්ම ඊළඟ මොහොතේ වෙන්නේ මොකක් ද කියලා බලාගෙන හිටියා. හැම කෙනෙක්ම කර කියා ගන්න දෙයක් නැතිව තුෂ්ණිම්භූතවෙලා හිටියේ. එක තැනකදී මාව නතර කරගෙන ගෙවල්වල දොරවල් ඇරවා ගන්න හරිස්චන්ද්රවත් අරන් ගියා.” ළඟ පාතක කිසිදු ආරක්ෂක අංශ කඳවුරක් හෝ නොතිබුණු නිසා කොටි රිසිසේ සිය ඉලක්කය කරා ගමන් කරමින් සිටියහ. අසරණ ගම්වැසියෝ තව තවත් අසරණ වූහ. දමන පොලිස් ස්ථානයට දුර කිලෝ මීටර් 15කට වැඩිය. නීිත්ත යුදහමුදා කඳවුරට ද කිලෝ මීටර් දහයක්වත් ඇත. එහෙත් කිසිවෙකුටත් යන්නට නොහැක. දුරකථන පහසුකම් ද නොමැත. එකල ග්රාමාරක්ෂක සේවයද පැවැතියේ ඉතාමත්ම ප්‍රාථමික අවධියකය. ඔවුන් සතුව තිබුණේද පතුරම් තුවක්කු පමණකි. භටයන් විශාල ප්‍රමාණයක්ද නොසිටි අතර සියල්ලම රහසේ සිදු විය. සිදුවන සියල්ල දුටුවේ ගහ කොළ තරු සහ හිස් අහස පමණි. නොබෝ දිනකින් නෙළන්නට නියමිත ජනපදයේ රන්පැහැ ගැන්වෙමින් පැවති ගොයම් කරල් ද නිසොල්මනේ සිටියේය. ආරක්ෂාවේ හිඩැස් කොටින්ගේ ප්‍රීති ප්රමෝදයට හේතු විය. පැයක් එකහමාරක් පමණ වනවිට ගම් වැසියන් 41 දෙනෙකු ධර්මදාස මහතාගේ නිවසේ කාමරයට දැමීමට කොටින්ට හැකි විය. ඔවුනගේ අණට කීකරු වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත. නොබෝ දිනකින් විවාහ වෙන්නට සිටින කළු බණ්ඩාගේ දියණියත් කිරි බණ්ඩාගේ පුතු සුදු මහත්තයාත් මේ පිරිස අතර වූහ. නිවෙස් හිමි ධර්මදාස මහතාත් බිරිඳත් ඔවුනගේ දූවරු දෙදෙනාත් පුත්තු දෙදෙනාත් ගමේ තවත් බොහෝ දෙනෙකුත් මේ කාමරයේ වූහ. කාමරයේ ඇඳක පිරිසක් වාඩි ගෙන සිටි අතර තවත් පිරිසක් සිටගෙන සිටියහ. මේ මාසයේ පෝය දිනය යෙදී තිබුණේ 14 වෙනිදාටය. ඒ නිසා අඩ සඳ 05 වෙනිදා වෙන විට අහසේ දිස් වේ. ක්‍රමයෙන් අඩ සඳ පූර්ණවීම ඇරඹී තිබුණෙන් මළානික එළියක් ප්‍රදේශය පුරා පැතිර තිබුණි. ගම් වැසියන් සිර කර තිබූ කාමරයේ දොර සහ ජනේලය වසා තිබූ නිසා එකිනෙකා හඳුනා ගැනීමටවත් නොහැකි විය. වරින් වර කාමරයට ගෙනෙන පිරිස ඇතුළු කරන්නට දොර අරින කොටින්ගේ ටෝච් එළියෙන් පමණක් එකිනෙකා හැඳින ගත්හ. තප්පරයෙන් තප්පරය කාලය ගෙවෙද්දී කාමරයේ සිටි තරුණියන් හතර දෙනෙකු එළියට ඇද ගන්නට කොටින් උත්සාහ ගත්තේ ඔවුනගේ සිරුරු සන්තර්පනය කර ගැනීමටය. එහෙත් ගම් වැස්සෝ ඊට ඉඩ නොදුන්නෙන් කොටි පසු බෑහ. තරුණියන් එළියට ගෙන යන්නට උත්සාහ දරද්දී ප්‍රබල ලෙස විරුද්ධ වූ ධර්මදාස මහතාටත් ඇගේ බිරිඳ පී. ඒ. රන් මැණිකේ මහත්මියටත් කොටි තුවක්කු පහර දුන්හ. කෙසේ හෝ තරුණියන් අත්හැරි කොටි එළියට ගියහ. වරින් වර කොටි පැමිණෙද්දී අපිව මරන්නේ නැතිව නිදහස් කරපල්ලා යැයි ඉල්ලා සිටිවිට ඔවුනගේ පිළිතුර වූයේ හෙට නිදහස් දවසනේ නිදහස් දවස එළි වෙද්දී අපි උඹලට නිදහස දෙන්නම් යැයි කීවෝය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/05-Nim-P8-4.jpg[/IMG] පැයක් දෙකක් පමණ ගතවෙන විට මධ්‍යම රාත්රියද පසු වූයේය. වික්ෂිප්තව සිටි ඇතැම්හු නිදි කිරා වැටෙන්නට වූහ. මේ සියල්ල අතරේ නිවසින් පිටත බොහෝ දේ සිදුවෙන බව ගම්වැසියෝ දැන සිටියේ නැත. පෙර කී උපාලිගේ මාමණ්ඩියගේ නිවසේ සිටි මාමණ්ඩියත් නැන්දණියත් සිය දරුවාත් මරු තුරුලට යවා තිබුණි. ඔවුන්ව මෙම කාමරයට නොගෙනා අතර ඔවුන් සිටියේ ඔවුනගේ නිවසේමය. නිවෙස්වල දොරවල් ඇරවා ගන්නට කැඳවාගත් උපාලිද කාමරයේ සිර කෙරිණි. උපාලිගේ නැන්දණිය මරා දමා තිබුණේ හිරමනයකින් බෙල්ලට ඇනීමෙනි. මාමණ්ඩියටද පහරදී මරා තිබුණේ මිදුලේය. කිසිවක් නොදත් සිය දියණිය නිවස ඇතුළේ මරා දමා තිබුණේ කකුල් දෙකෙන් අල්ලා හිස ඇද විට්ටමේ ගසාය. හිස කුඩුවී තිබුණි. ඒ ප්රභාකරන් දෙමළ ජනතාවට විමුක්තිය සෙවූ සැටිය. උපාලිගේ බිරිඳ තුවාල සහිතව පිළිකන්නේ වැටී සිටියාය. මේ අතර කිසිවෙකුටත් නොදැනී තවත් රහසිගත දෙයක් සිදු වෙමින් පැවතිණි. පැමිණි කොටි පිරිසක් ප්‍රධාන ඇළ බැම්ම දිගේ මහානාගපුර මන්සන්ධිය වෙත පැමිණියහ. එහෙත් එතැනදී ග්රාමාරක්ෂකයන් වෙඩි තැබූ නිසා පසුබා ආපසු පැමිණි බවක් ද කියැවිණි. මේ අතරතුර ධර්මදාස මහතාගේ නිවසේ සිරකර සිටි 41 දෙනොගේ ඉරණම විසඳීමට එතැන සිටි කොටි සූදානම් වූහ. ඒ අනුව ජනේලය ඇර ඒ මත බෝම්බ දෙකක් තබා ඒවාට ගිනි ඇවිළීය. එහෙත් ගිනි ඇවිළුණේ නැත. කීප වරක්ම ගිනිකූරු ගසා උත්සාහ කළත් එතැන සිටි මිනිසුන්ගේ වාසනාවට ගිනි ඇවිළුණේ නැත. කෝපයට පත් කොටි එළියේ සිටම ටී.56 තුවක්කු ජනේලය තුළින් දමා වෙඩි තැබීය. මේ අතර හරිස්චන්ද්රත් තවත් අයෙකුත් වහලයෙන් එළියට පැන ගත් අතර ධර්මදාස මහතා ඇතුළු පිරිස දොර ඇරගෙන එළියට පැන්නාහ. මහානාගපුර හංදියෙන් ඇසුණු වෙඩි හඬත් බෝම්බ පත්තු නොවීමත් නිසා සියලු සැලසුම්වල අවුලක් වූ බව කොටින්ගේ කතා බහෙන් ගැමියන්ට වැටැහිණි. කෙසේ හෝ නිවසින් එළියට බට පිරිසට ද වෙඩි තැබූහ. සිය දරුවාත් සමඟ එළියට බට කේ. ජී. ප්‍රේමාවතීගේ (63) අතටද ඇගේ කුඩා පුතෙකුට ද වෙඩි වැදී තුවාල විය. තුවාලකරුවන් තවත් බොහෝ වූහ. මේ අතර තවත් අනුවේදනීය සිද්ධියක් සිදු විය. කාමරයේ සිටි පිරිසගේ කෑ ගැසීමත් වෙඩි හඬත් නිසා කලබල වූ ඈත නිවෙසක සිටි පියසේන බිරිඳත් සිය දියණියන් දෙදෙනා ද රැගෙන පිම්මේ දිව ගියේ ආරක්ෂාව පතාගෙනය. ඒ වන විට මහානාගපුර හංදියේ සිටි කොටි ආපසු පැමිණෙමින් සිටියහ. මුහුණට මුණ ගැසුණු කොටි සියලු දෙනාටම වෙඩි වරුසාවක් එල්ල කළහ. පියසේනගේ බිරිඳ සිය කුඩා දියණිය ද තුරුල් කරගෙන මරු දුටහ. දස වියැති ලොකු දියණියට වෙඩි වැදුණත් ඇය මියගියා සේ සිටියාය. පියසේනගේ දෙපාවලට ද වෙඩි වැදුණි. ඔහුගේ ද ජීවිතය බේරුණි. දස වියැති දියණිය රෝහල්ගතව නැවත පැමිණ කෙටි කලකින් සර්ප දෂ්ටයකින් මිය ගියාය. මේ අතර එදා නොබෝ දිනකින් විවාහ ගිවිස ගන්නට සිටි කළු බණ්ඩාගේ දියණියත් කිරිබණ්ඩාගේ පුතණුවනුත් කාමරයට එල්ල වූ වෙඩි පහරවලින් එක් තැනම දැත් අල්ලා ළංවී මියගොස් සිටි බව ගැමියෝ කීය. එදා මෙලෙස වෙඩි තබද්දී එම්. ඩී. කරුණාතිලකගේ වයස අවුරුදු තුනහමාරක් පමණ වියැති නැගණිය දිවි ගලවා ගත්තාය. එහෙත් දෛවය ඇයට තවදුරටත් අකාරුණික විය. ලොකු මහත්වී විවාහ වීමෙන් පසුව ඇය බිබිලේ පදිංචි වූවාය. කිසියම් අවශ්‍යතාවකට මහානාගපුර පැමිණි ඇය නැවත බිබිලට යද්දී කොණ්ඩවටුවාන යුද හමුදා මුරපොළ අසලදී පුපුරා ගිය බස් බෝම්බයට අසුව දිවි දුන්නේ එම බස් රථයෙන් බහින්නට සූදානම්ව සිටියදීමය. ඇය සමඟ සිටි ඇගේ මාමණ්ඩිය බසයෙන් බැස තිබුණේ පරීක්ෂා කිරීම් සඳහාය. ඒ නිසා ඔහුගේ ජීවිතය ගැලවිණි. එදා කොටින්ගේ ප්‍රහාරයට ලක්ව පිළිකන්නේ වැටී සිටි උපාලිගේ බිරිඳ මියගොස් ඇති බවට අනුමාන කෙරිණි. ඇයව රෝහල් ගත කරන්නට පොලීසිය හෝ වෙනක් කිසිවෙකුත් හෝ උත්සාහ කළේ නැත. එහෙත් එම ස්ථානයට පැමිණි නීත්ත යුද හමුදා කඳවුරේ කපිතාන් වීරසූරිය මහතා ඇයව හොඳින් නිරීක්ෂණය කළ බවත් ඇය මියගොස් නැති බවත් දැනගෙන පොලිසියටත් දොස් තබා ඇය රෝහල් ගත කිරීමට පියවර ගත් බව උපාලි මහතා කීය. එසේම කළු බණ්ඩා මහතා ද මිය ගොස් ඇති බවට සැක සිතූ පිරිස ඔහුද පොල් අත්තකින් වසා මියගිය අයෙකුසේ සලකා තිබූ බවත් කපිතාන් විජේසූරිය මහතාගේ නීරීක්ෂණය නිසා ඔහුවද වහා රෝහල් ගත කළ බවත් ගැමියෝ වැඩිදුරටත් මා සමඟ සඳහන් කළේය. තුවාලකරුවන් පිරිසක් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර තවත් පිරිසක් බදුලු මහ රෝහල කරා යැවිණි. උපාලිගේ බිරිඳ බදුලු මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ඇයට සිහිය ඒමට මාස හයක් ගත විය. එහෙත් ඇය මානසික රෝගී තත්ත්වයකට පත් වූ බව උපාලි සඳහන් කළේය. තවත් බොහෝ දෙනාට සුවය ලබන්නට මාස ගණනක් ගතවිය. එදා කොටින්ගේ ග්‍රහණයට අසුවෙන්නට ගිය ධර්මදාස මහතාගේ එක් දියණියක් වන වර්තමානයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක වන එච්. එම්. මංගලිකා මහත්මිය අද තිදරු මවකි. ඒ බිහිසුණු මොහොත ඇය ආවර්ජනය කළේ මෙසේය. “කොටි එදා අපිව අතින් අල්ලලා ඇදගෙන යන්න හැදුවා ඒත් අම්මා තාත්තත් ගමේ අයත් ඒකට ඉඩ දුන්නේ නෑ. අපිව ඇදගෙන යන්න හද්දදී අපි කෑ ගැහුවා. එදා කොටි වෙඩි තියලා ගියාට පස්සේ අපේ අම්මා තාත්තා ගොඩාක් දෙනෙකුට සත්කාර කළා. ලේ ගලන තුවාල රෙදි පටිවලින් බැන්දා. එළි වෙනකම් වෙනිවැල්ගැට හදලා බොන්න දුන්නා. තවත් හුඟක් දෙනෙක් එකිනෙකාට උදව් කළා. එළියට පැන්න ගොඩාක් දෙනෙක් කැලෑවේ හැංගිලා ඉඳලා පස්සේ තමා එළියට ආවේ.” කෙසේ නමුත් මුළු ගමම එකම මළ ගෙයක් වෙන්නට ගත වූයේ පැය කීපයක් පමණි. පෙරවරු හතට පමණ පොලිසිය පැමිණි බවත් ඒ සමඟම යුද හමුදාව පැමිණි බවත් ගම්වැසියෝ අප සමග කීහ. එදා දිගාමඩුල්ලේ මුල්ම සමූහ මිනිස් ඝාතනයට ලක් වූ මහානාගපුර 19 ජනපදයේ වැසියන් 09 දෙනාගේ සිරුරු මහානාගපුර ප්‍රජා ශාලාවේ තැන්පත්කර තිබුණි. ඉන්පසුව ආගමික වත් පිළිවෙත්වලින් අනතුරුව විශාල වළක සියලු දෙනාම මිහිදන් කළේ සැමගේ සෝ සුසුම් මැදය. මෙසේ දිවිදුන් බොහෝ ස්ථානවල ඔවුනගේ නම් සහ සිදුවීම සම්බන්ධයෙන් ස්මාරකයක් ඇතත් මහානාගපුර වැසියන්ට එයද අහිමිය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom