Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි සොයා යාපනේ ගියෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි සොයා යාපනේ ගියෙමි

"කොටි නැගිටිනෝ ! " "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන් මොර දීම නිසා එය සත්‍යයක් දැයි සොයා බැලීමටත් , ආණ්ඩුව පිළිබඳව යාපනේ ජනයා දරන මතය කුමක්දැයි දැන ගැනීමටත් , යාපනයේ සිටින මගේ පැරණි මිතුරන් හමුවී සතුටක් ලැබීමටත් අප්‍රියෙල් 14 වනදා හැන්දෑවේ යාපනය බලා පිටත් වුයෙමි .

සංචාරයක් සඳහා දකුණේ සිට යාපනය අර්ධද්වීපයට ගොඩබිමින් යාමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා තෝරා ගැනීමට තිබෙන හොඳම ප්‍රවාහන විධික්රමය වන්නේ දුම්රියයි . හන්ධි අතපය රුදාවකින් තොරව ගමනාන්තය තෙක් යාමට නම් දුම්රියේ පළමු හෝ දෙවන පන්තියේ බලපත්‍රයක් ලබා ගත යුතුය කොළඹ කොටුවෙ සිට දුම්රිය 4ක් දිනපතා උතුර බලා යයි. උදේ 5.45 ට අන්තර් නගර ( intercity) දුම්රියක්ද , උදේ 6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ රාත්‍රී තැපැල් දුම්රියද එසේ උතුර බලා යන දුම්රිය වේ .

කල් ඇතිව ආසන වෙන්කරවා ගෙන යන්නේ නම් අඩ හෝරාවකට පෙර දුම්රිය පොලට යාම ප්රමාණවත්ය . ආසන වෙන්කරවා ගැනීම සඳහා දින 30 කට පෙර කටයුතු කිරීම නුවණට හුරුය .ආසන වෙන්කරවා ගැනීම සඳහා කොළඹ කොටුවේ දුම්රිය පොලට හෝ වෙනත් ප්‍රධාන දුම්රිය පොලට යා යුතුය . නැතහොත් දුරකථන මගින් ද ආසන වෙන්කරවා ගත හැක. ඒ සඳහා මොබිටෙල්/එටිසලාට් මගින් 365 ද ටෙලිකොම් දුරකතනයකින් 1365 ඇමතීය යුතුවේ .

යුද්ධයට පෙරද , යුද්ධය අතර තුරද වෘත්තීය සමිති කටයුතු සඳහා කීපවරක් යාපනයට ගොස් තිබුණද යුද්ධයෙන් පසුව එහි යාමට ඉස්පාසුවක් ලැබුණේ මේ අවුරුදු සමයේය.. මා සමග ගිය මිතුරියද මිතුරාද ඔවුන්ගේ දරුවන්ද කල් ඇතුව රාත්‍රී දුම්රියේ පළමු පන්තියේ ආසන වෙන්කරවා ගෙන තිබුණද ආසනයක් වෙන්කරවා ගැනීමට මට නොහැකි වුයේ ප්‍රමාදවී ඒ සඳහා උත්සාහ කිරීම නිසාය . අවට නරඹමින් යාපනයට යාමට වඩාත්ම උචිත පෙරවරු 11.50 කොටුවෙන් පිටත්වන අන්තර නගර දුම්රිය වුවද අපට එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි වුයේ එහි සියලු ආසන අන් අය වෙන්කරවා ගෙන තිබුණු බැවිනි

මගේ මිතුරන් රාත්‍රී 8.30 ට කොටුවෙන් පිටත්වන දුම්රියේ පළමු පංතියේ වායු සමනය කළ මැදිරියට ගොඩවූ නමුත් පළමු පන්තියේ ටිකට් පත සාක්කුවේ දමාගෙන දෙවන පංතියේ මැදිරියක ගමන් කිරීමට මට සිදුවිය. දුම්රිය අනුරාධපුරයට පැමිණීමෙන් පසු මගේ මිතුරන් ගමන් කළ මැදිරියේ බොහෝ ආසන හිස්වූ බැවින් දුම්රිය බලධාරීන්ගේ කනින් රිංගා එයට ගොඩවී ආසන එකක් වෙනුවට දෙකක් ම යාපනයට යන තුරුම සින්නකරව අයිති කරගතිමි.

යාපනයට දුම්රිය පැමිණෙන විට පසුදා පෙරවරු 7 වී තිබුණි. අපගේ නවාතැන ලෙස වෙන් කරගෙන තිබුණේ උතුරේ ආණ්ඩුකාරයාගේ කාර්යාලයට අල්ලපු වත්තේ පිහිටි රජයට අයත් නිවාඩු නිකේතනයකි. අයකිරීම දිනකට රු.900ක් පමණි .කෑම පිස ගැනීම සඳහා එහි පහසුකම් තිබෙන අතර ගෑස් වෙනුවෙන් පුංචි මුදලක් එහි භාරකරුට ගෙවිය යුතුය. එම ස්ථානය ලබා ගත හැක්කේ රජයේ නිලධාරීන්ට පමණක් වන අතර ඒ සඳහා මසකට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගොස් වෙන්කරවා ගත යුතුවෙයි .සියලුම කාමර වායු සමනය කර තිබේ. මාස දෙකකින් පමණ යාපනයට වැසි ලැබී නැති බැවින් මේ දිනවල යාපනයේ උෂ්ණත්වය ඉහල ගොස් ඇති නිසා වායු සමනය නොකළ කාමරයක නිදා ගන්නවාට වඩා මදුරු ප්රහාරයන්ට ලක්වෙමින් එළිමහනේ නිදාගැනීම සුව දායකය.

අපගේ නවාතන අප සඳහා වෙන් කර තිබුනේ එදින පස්වරු එකේ සිට බැවින් දුම්රියෙන් බැසීමෙන් පසු විවේක ගැනීම සඳහා නාග විහාරයේ තිබෙන විශ්‍රාම ශාලාව වෙත යන ලෙස තෙලිප්පලෙහි පදිංචි මගේ මිතුරෙකු උපදෙස් දී තිබුණි .එහෙත් කඩිනමින් එහි යාමට අවශ්‍යතාවයක් නොවුයේ යාපනය දුම්රිය පොලෙහි විවේක ගැනීමේ පහසුකම් තිබු බැවිණි. විවේක ගැනීමේ ශාලාවන්ද ශාරීරික පවිත්‍රතා කටයුතු සඳහා වූ කාමරද ප්රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාමට යාපනය දුම්රිය බලධාරීන් කටයුතු කර තිබෙන බැවින් එය අපට මහත් අස්වැසිල්ලක් විය. දුරියපොළ ආපන ශාලාවද ප්‍රියමනාපය. එහි තිබු ගුවන් විදුලියෙන් සිංහල ගීත වාදනය වුයෙන් මා සිතුවේ වෙල්ගම හිටපු ඇමතිවරයාගේ කැචර්ලා විසින් ආපන ශාලාව බදුගෙන ඇත කියායි. එහෙත් එය පවත්වාගෙන යන්නේ දෙමල තරුණයන් විසින් බව වැටහුනේ එහි ගොස් උදේ ආහාර ඇනවුම් කරන විටය.

පැයකට අධික කාලයක් යාපනය දුම්රියපොළේ ගත කළ අපි, ගමන් මලු ආපන ශාලාවේ තබා මීටර 100ක් පමණ ඈතින් තිබු නාග විහාරයට ගියෙමු. නාග විහාරය විසින් පවත්වාගෙන යන විශ්‍රාම ශාලාවක් එහි තිබේ. එහි කාමරයක් සඳහා දිනකට රු.1500ක් අය කරන අතර දුරකථන මගින් කාමර වෙන්කරවා ගැනීමට පුළුවන .දුරකථන අංකය 021 2222014 ය.

නාග විහාරය නැරඹීමෙන් පසු දුම්රියපොළ වෙත යලි ගොස් අපගේ ගමන් මලු රැගෙන නිවාඩු නිකේතනය වෙත ගියෙමු. දිවා ආහාරයෙන් පසු පැය දෙක තුනක විවේකයක් ගත් අපි මිතුරන් දෙදෙනෙකු හමුවීමට යාමට තීරණය කළෙමු .පළමුවෙන් අප ගියේ යාපනය කන්කසන්තුරය පාරේ පිහිටි ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි වී සිටින දේවරාජා හමුවීමටය .ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් ලේකම් ලෙස ඔහු බොහෝ කලක් කටයුතු කළ බැවින් 1980 සිටම ඔහු මගේ මිතුරෙකු විය

සාදරයෙන් අප පිළිගත් ඔහු ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු සංගමයේ අතීත විස්තර ද දේශපාලනය පිළිබඳවද කතා බහ කළෙමු .ආණ්ඩුව පිළිබඳව ප්‍රසාදයක් ඔහු තුළ නොවීය .වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේද මහින්දගේ ගමන් මගේම බව ඔහු කීය. දෙමල දේශපාලකයන් විවේචනය කළ ඔහු කිසිදිනක TULF පක්ෂයට චන්දය නොදුන් බව කීවේය.

මා නොදැන සිටි තවත් කරුණක් ඔහු මට කීවේය. ඒ සංගමයේ හිටපු සභාපතිවු එච්.එන් .ප්‍රනාන්දු (රෝහණ විජේවීර විවාහ කර ගත්තේ එච්.එන්.ගේ නැගණියවය.) 1988 සමයේ යාපනයේ ගත කළේ ජනතා විමුක්ති පෙරමුණේ මරණීය තර්ජන නිසා බව යන්නය. එය සත්‍යයක්දැයි යලි වතාවක් ම විමසු විට එය ඔහුට කිවේ එච්. එන්. විසින්ම බව ඔහු කීය . 1988 මැද භාගයේ සිට 1989 අග දක්වා යාපනයේ ගත කළ එච්. එන් ට ආරක්ෂව ආහාර පාන , නවතැන් සැපයුවේ යාපනයේ ගුරුවරු විසිනි . එහි සිටියදී වරක් කොටි විසින් ඔහු අත් අඩංගුවට ගත් නමුත් ඔහු කවුදැයි හඳුනා ගැනීමෙන් පසු කොටි විසින්ම ඔහු නැවතී සිටි ස්ථානයට වාහනයකින් ගෙන හැර ලුහ .

කොටි සංවිධානය නැවත හිස ඔසවුනු ඇත්දැයි මා ඔහුගෙනුත් ඔහුගේ නිවසට පැමිණ සිටි අයකුගෙන්ද ඇසීමි.යාපනයේ ජනයාගෙන් එයට කිසිදු සහයක් හිමිනොවන බැවින් එවැන්නක් සිදු නොවනු ඇතැයි ඔවුන් දෙදෙනාගේම කීහ.. සමාජවාදී මත දරන්නෙකු වන දේවරාජා, කොටි බලවත් ව සිටි සමයේද කොටින්ට එරෙහිව ප්‍රසිද්ධියේම කතා කළ බව මට මතකය .

දේවරාජාගේ නිවසේ නවතින ලෙස මගෙන් ඉල්ලා සිටියද මා හා පැමිණි අයගේ සිත් රිදවීමට නොහැකි බැවින් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට මට නොහැකි විය. යලිත් ඔහු දැකීමට පැමිණෙන බවට පොරොන්දු දීමෙන් අනතුරුව අප ඔහුගෙන් වෙන්වී ආවෙමු

කිලෝ මීටර් 12ක් ආපසු යාපනය දෙසට පැමිණි අප ඊ ලඟට ගියේ මගේ තවත් පැරණි මිතුරෙකු වන ත්‍යාගලිංගම් හමුවීමටය . 2000 -2010 දශකයේ ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් සභාවේ සභාපති වුයේ ත්‍යාගලිංගම් ය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඔහු දැන් යාපනයේ ජාත්‍යන්තර පාසලක ගණිතය උගන්වයි . ඔහුගේ නිවස පිහිටියේ නල්ලුර් කෝවිලට තරමක් කිට්ටුවෙනි . ඔහුගේ නිවසට යන විට තරමක් රෑ බෝ වූ බැවින් එහි වැඩි කාලයක් ගත කිරීමට නොහැකි විය.ඔහුගේ මතය වුයේද වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව ගමන් කරන මාර්ගයේම ගමන් කරමින් සිටින බවය. මා ඔහුට දීමට ගෙන ගිය කැවුම් කොකිස් පාර්සලයද ඔහුට දී ඔහුගේ පවුලේ අය අප වෙනුවෙන් පිළියෙළ කළ තේ පැන් සංග්රහයද භුක්ති විඳ ආපසු අපගේ නවාතැන වෙත පැමිණියෙමු.

පසුවදා උදැසනින්ම අවදිව වැන් රථයක් කුලියට ගත්තේ යාපනය පුරා ඇවිදීමටය .පළමුව නාගදීප විහාරය බලා යාමට අපි තීරණය කළෙමු . යාපනයේ සංචාරයක යෙදෙන්නන් කුලියට වාහනයක් නොගෙන බස් රථවලින් ගමන් කිරීම කාලය අපතේ යැවීමකි. වායු සමනය කළ වැන් රථයක කිලෝ මීටර් 100 ක දුරක් යාම සඳහා රු.7500ක් අය කරන අතර වායු සමනය නොකළ වැන් රථයක කිලෝ මීටර් 100 දුරක් යාමට රු.5500 ක් අය කරන ලැබේ . කිලෝ මීටර් 100 ඉක්මවා යන්නේ නම් එක් කිලෝමීටරයකට රු.50ක් අය කරනු ලැබේ. අප ගමන් කළ වැන් රථය පැදවුයේ තිලක් කුමාර් නමැති තරුණයෙකි. ඔහු ඉතාමත් ඉවසිලිවන්තය . යන්තමින් සිංහල සහ ඉංග්‍රීසි දනී. ඔහු සම්බන්ධ කරගත හැකි දුරකතන අංක 077 0453941 සහ 077 8886998 වේ. දේශපාලන කතා කිරීමට තරමට සිංහල දැනුමක් නොතිබුණු ඔහු කීවේ ගිය ආණ්ඩුව පාරවල් හැදු බවත් මේ ආණ්ඩුව ok බවත්ය .

නාගදීපයට යාමේදී වඩාත්ම පහසු මග වන්නේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යන බෝට්ටු සේවයයි. මුදල් අය නොකර පවත්වාගෙන යන එම සේවය ලබා ගැනීමට නම් නාවික හමුදාවේ නිලයක් දරන්නෙකුගේ සහය කල් යල් ඇතුව ලබා ගත යුතුය. එසේ සම්බන්ධයක් නොමැත්තේ නම් ඔබට සිදුවන්නේ පොදු බෝට්ටු සේවය මගින් නාග දීපයට යාමටය . ඒ සඳහා මුදලක් ගෙවීමට සිදුවෙන අතර එම බෝට්ටු අඩු පහසුකම් වලින් යුක්තය .

මා සමග ගිය අන් මිතුරන් නාවික හමුදා බෝට්ටු සේවය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර තිබු බැවින් වැන් රථයෙන් පුන්කුඩුතිව් දුපතේ පිහිට නාවුක කඳවුර වෙත ගියෙමු . නාවික හමුදාව විසින් යොදවා තිබෙන බෝට්ටු දෙකම පිටත්ව ගොස් තිබු බැවින් වෙරළ ආසන්නයේ තිබු බැංකු මත වාඩිවී බල සිටියෙමු. අප එහි යන විට තවත් පිරිසක් පැමිණ සිටි බැවින් අපට ඉඩකඩ ලැබුනේ දෙවෙනියට ආපසු පැමිණි බෝට්ටුවේය. මගීන් 22 ට වාඩිවී යාම සඳහා එහි ආසන තිබේ.ලොකු මුහුදු රැලි නොමැති දිනයක් වූ බැවින් එහි ගමන් කිරීම සිත් සනසන අත් දැකීමක් විය. බෝට්ටුවේ ඉදිරිපස ආසන වල අසුන් ගත් අයට බෝට්ටුවේ හැපෙන රැලී බිඳී අවුත් බෝට්ටුව තුලට ඒම නිසා තරමක් නා ගැනීමටද සිදුවිය .

පැය භාගයකට පසු අප රැගත් බෝට්ටුව නාගදීපයට ලඟා විය . විනාඩි 50 කින් ආපසු පැමිණෙන ලෙස එය පැදවූ නාවික භටයන් ඉල්ලීමක් කළෙන් හනි හනික අප සියලු දෙනා නාගදීප විහාරයට ගියෙමු.

නාගදීප විහාරය සුන්දර තැනකි . නයිනතිව් දුපතේ අක්කර දෙක තුනක භුමි භාගයක් පුරා එය විහිදී තිබේ. එය දැකීමට හෝ වන්දනා කිරීමට සිංහල දෙමල මුස්ලිම් ජාතිකයන් 500ක් පමණ පිරිසක් පැමිණ සිටියහ.නාගදීප විහාරයේ විසු භික්ෂුන්ට දෙමල ජාතිකයෙකුවූ ආර් රාමචන්ද්‍රන් නැමැත්තෙකු 60 වසරක් තිස්සේ දානය සැපයු බව විහාරයේ අඳින ලද ඔහුගේ චායාරුපය යටින් සටහන් කර තිබුණි

චුලෝදර සහ මහෝදර යන නාරජවරුන් අතර මැණික් පුටුවක් සඳහා යුද්ධ කිරීමට සුදානම් වූ අවස්ථාවේ බුදුන් වහන්සේ එම ගැටුම සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බැව් බවුද්ධයන්ගේ විශ්වාසයයි . එහෙත් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාට අනුව බුදුන් වහන්සේ ලංකාවට පැමිණි බව තහවුරු කළ හැකි කිසිදු ශාක්ෂියක් නොමැත.

නාගදීපය හෙවත් නයිනතිව් දුපතේ හින්දු කෝවිලක්ද තිබේ .එය නැරඹීමට යාමට අපට පහසුකම් නොවුයෙන් නාගදීප විහාරය නැරඹීමෙන් පමණක් සෑහීමට පත්වීමට අපට සිදුවිය.

( මෙම චායාරුපය අන්තර් ජාලයෙන් බාගත කරනු ලැබුවකි)

නාගදීපය නරඹා නැවතත් පුන්කුඩුතිව් වෙත පැමිණෙන විට දහවල් දොළහ පසුවී තිබිණ . යාපන අර්ධද්වීපය හිරු රශ්මියෙන් දවමින් තිබුණද ජනරාල් කොබ්බැකඩුව ඝාතනය වූ ස්ථානය නැරඹීමට මා සමග ගිය මිතුරනට අවශ්‍ය විය .එය පිහිටියේ කයිට්ස් දුපතේ අරාලි ප්‍රදේශයේදීය. යාපනය අර්ධද්වීපය LTTE සංවිධානයෙන් මුදවා ගැනීම සඳහා සටන සුදානම් කරමින් සිටියදී 1992 අගෝස්තු 6 වෙනි දින ඔහු ගමන් කල ජීප් රථය බිම් බෝම්බයකට අසුව මිය ගියේය. හමුදා භටයන් අතර බෙහෙවින් ජනප්‍රිය සෙන්පතියෙකු වූ ඩෙන්සිල් කොබ්බැකඩුව තමනට තර්ජනයක් වෙනු ඇතැයි බියපත්වූ එවක ජනධිපති ආර් ප්‍රේමදාස මහතා ගේ අනුදැනුම යටතේ ඔහුගේ වාහනයට බෝම්බයක් සවිකළ බව ප්‍රේමදාස විරෝධීන් එකළ ප්‍රචාරය කළ අතර එය සත්‍යයක් යැයි පිළිගන්නා අය තවමත් සිටිති.

ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය නැරඹීමෙන් අනතුරුව කරෙය්නගර් හරහා දිවයිනේ හිස් මුදුනට ගියෙමු . මාර්ගය දෙපස ජීවත්වුවේ බෙහෙවින්ම දිලින්දන්ය. ඔවුන්ගෙන් බහුතරය ධීවරයන්ය . ලාබයට කරවල මිලදී ගත හැකි පොල් අතු කඩ කීපයක්ද දකින්නට ලැබිණ කීරමින් කිලෝවක් රු. 250 ක්ද කොඩුවා කිලෝවක් රු. 500 කටද අලෙවි කරනු ලැබිණ . බෆල් සංගීතයට ගිනි මද්දහනයේ නටන තරුණ කණ්ඩායම් දෙකක්ද අපි දුටුවෙමු. නටන්නේ මන්දැයි රියදුරු තිලක් කුමාර්ගෙන් විමසු විට ඔහු කීවේ පාස්කු උත්සවය නිසා බවය.

දහවල් එක පමණ වන විට දඹ කොළ පටුනට පැමිණියෙමු .සංඝමිත්තා තෙරිණිය විසින් ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන ලංකාවට පැමිණියේ දඹකොළ පටුන හරහාය. එය ආගමික ස්ථානයක් බවට පරිවර්තනය කර තිබෙන්නේ නාවික හමුදාව විසින් බව පෙනේ. දඹ කොළ පටුනේ වෙළඳ සැල් දෙකක්ද , නවාතැන් සහිත සුපිරි හෝටලයක්ද නාවික හමුදාව විසින් පවත්වාගෙන යයි. දිනක් සඳහා හෝටලයේ කාමරයක් රු. 5500 කි. කෑම බීම සඳහා තවක් බිලක් ගෙවීමට එහි නවතින අයට සිදුවේ. නාවික හමුදාව විසින් රු 15 කට අලෙවි කරන දඹ කොළ පටුනේ පින්තුර කාඩ් පත් ( picture postcard ) දෙකක් මිලදී ගෙන රු 10 මුද්දර අලවා එහි තිබෙන තැපැල් පෙට්ටියට දැම්මේ ලංකාවේ තැපැල් සේවය කොපමණ වේගවත් දැයි සොයා ගන්නා ලෙස එහි පුවරුවක සඳහන් කර තිබු නිසාය . ඉරිදා සවස එකට පමණ තැපැල් කළ එම කාඩ් පත් දෙකෙන් එකක් පැමිණියේ බදාදා වූ අතර අනික පැමිණියේ සිකුරාදාය .

දඹ කොළ පටුන පසු කොට කිලෝ මීටර් 4 ක් පමණ ගිය විට හමුවන්නේ කීරමළේය. බොහෝ සංචාරකයෝ එහි යන්නේ මුහුද අද්දර තිබෙන සුප්‍රසිද්ධ පොකුණේ නැමටය. මුහුද අද්දර පොකුණ තිබුනද එහි තිබෙන්නේ මිරිදියය . එහි නෑමෙන් ලෙඩ දුක් සනීප වෙතැයි විශ්වාසයක් හින්දු භක්තිකයන් තුළ පවතී . නාගුල මුනි නමැති තවුසෙක් එම පොකුනේ ස්නානය කිරීමෙන් පසුව ඔහුට තිබු මුගටි මුහුණ අතුරුදහන් වී මිනිස් මුහුණක් ලැබුණු බව හින්දු භක්තිකයෝ කියති . කාන්තාවන්ට සහ පිරිමින්ට ස්නානය කිරීම සඳහා පොකුණ දෙකට බෙදා තිබන අතර එක් අයෙකුගෙන් රු.30 ක මුදලක් අය කෙරේ. අප කණ්ඩායමද එහි නෑමේ අදහසින් ගියද පොකුණු බොරවී තිබුණු බැවින් අදහස අත් හැරියෙමු.

ඊට යාබදව තිබෙන නගුලේශ්වරන් කෝවිල පැරණිම සහ ප්‍රධානතම කෝවිලක් වන අතර ජුලි /අගෝස්තු වේදී ආගමික උත්සවයක් පවත්වනු ලැබේ. 1621 දී පෘතුගීසින් විසින් කෝවිල විනාශ කරනු ලැබූ අතර පසු කාලීනව හින්දු බැතිමතුන් විසින් එය යලි ගොඩ නගනු ලැබීය. පසුගිය යුධ සමයේදී ගුවන් හමුදාව විසින් මෙම කෝවිලට බෝම්බ හෙලු බව අවට සිටි හින්දු භක්තිකයන් කීප දෙනෙකු මා සමග කීහ.. කොටි සංවිධානය විසින් කෝවිල ඔවුන්ගේ මධ්‍යස්ථානයක් ලෙස එය යොදා ගැනීම නිසා එසේ බෝම්බ හෙලන්නට ඇතැයි සිතීම සාධාරණය.

( ඉහත චායාරුප අන්තර් ජාලයෙන් ලබා ගන්නා ලදී )

කීරමලේට මා යන විට මගේ පැරණි මිතුරෙකු වූ බාලචන්ද්‍රන් එහි සිටියේ මා බලාපොරොත්තුවෙනි . මා රැගෙන ගිය ආස්මී පාර්සලය ඔහු අත තැබූ විට ඔහු තම ගෙවත්තෙන් කඩාගෙන ආ කිලෝ දෙකකට වඩා බරෙන් යුතු ඉදුණු මිදී පාර්සලයක් මා අත තැබුවේය. කලක් ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළේ ඔහුය. ඔහුගේ නිවස පිහිටි තෙලිප්පලේ විදක්පුරම් ගම්මානය අඩි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම නිසා වසර විස්සක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට තැන තැන ජීවත් වීමට සිදුවුයේ යුධ අනාථයන් ලෙසය. එම කාලය තුළ ඔහු සහ ඔහුගේ පවුලේ අය 20 පොලක ජීවත්වූ බව මා සමග කීය .කාමර 5 කින් යුතුවූ ඔහුගේ නිවස 2010 දී ඔහුට ලැබෙන විට රූස්ස ගස් තුනක් නිවස තුල තිබු බව බාලචන්ද්‍රන් කීවේ මහත් කණගාටුවෙනි. වන්දි වශයෙන් රු.ලක්ෂයක් ආණ්ඩුවෙන් ඔහුට දුන් නමුත් ගස් ඉවත් කොට නිවාස සහ ඉඩම සුද්ද බුද්ද ගැනීමට පමණක් ලක්ෂ දෙකක් වැයවූ බව කීය.

එම ඉරණම ඔහුට පමණක් නොව එම ගමේ පිහිටි තවත් පවුල් 200 කට මුහුණ දීමට සිදුවී තිබිණ . ඇතැමුන් නැවත පදිංචියට පැමිණෙමින් සිටියද හරි හමං වන්දි මුදලක් නොලැබීම නිසා නැවත පදිංචි වීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. අලුතෙන් ගොඩ නැගු නිවස වෙත පැමිණෙන්නැයි ඔහු ආරාධනා කළෙන් අපි සියල්ලෝම කීරමලේ සිට කිලෝමීටරයක් පමණ ඇතුලට ගියෙමු. නිවස තුළ ලක්ෂයකට අධික පොත් සහිත පුස්තකාලයක් තිබිණ . පුස්තකාලය අයිති කරු වුයේ බාලචන්ද්‍රන්ගේ මස්සිනාටය. ඔහු පේරාදෙණිය සරසවියේ හිටපු කථිකාචාර්ය වරයෙකි . සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඔහු දැන් ගොවිතැන් කරයි.

"කොටි ආයි එයිද? " බාල චන්ද්රන්ගෙන් සහ ඔහුගේ මස්සිනාගෙන් ඇසීමි.

"කොටි නම් ආයි එන්නේ නැහැ .යුද්ධේ නිසා මෙහෙ මිනිස්සු හොඳටම හාන්සි වෙලා ඉන්නේ. මේ ආණ්ඩුවට මිනිස්සු චන්දෙ දුන්නේ ලොකු බලාපොරොත්තු ඇතිව .ඒත් ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක් නැහැ . මිනිස්සු කල කිරිල ඉන්නේ."

" එතකොට ජේවීපී එක ගැන මොකද්ද අදහස?"

" ඒ ගොල්ලෝ පළාත් සභාවලටත් විරුද්ධ වෙච්ච් අයනේ . ජේවීපී එකට නම් දෙමල මිනිස්සු කීයටවත් චන්දෙ දෙන්නේ නැහැ " බාල චන්ද්‍රන්ගේ මස්සිනා කීවේය .

(බාල චන්ද්‍රන් සහ ඔහුගේ බිරිඳ වම් පසින් සිටින අතර සරමක් ඇඳ සිටින්නේ හිටපු කථිකාචාර්ය වරයා ය )

තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මා සමග පැමිණි මගේ මිතුරන් සහ ඔවුන්ගේ දරුවන් බාලචන්ද්‍රන් ඇතුළු එම නිවසේ වැඩිහියනට වැඳ සමුගත් අතර කන්දරෝඩෙයි යනුවෙන් දෙමළෙන්ද කදුරුගොඩ නමැති සිංහලෙන් හඳුන්වන බවුද්ධ සිද්ධස්ථානයක් චුන්නාකම් හී තිබෙන බවත් සඳහන් කළ බාලචන්ද්‍රන් එය පෙන්වීම සඳහා අප සමග පැමිණියේය .

කදුරුගොඩ පන්සල ආසන්නයට පැමිණියද එය තිබෙන ස්ථානය සොයාගැනීම අසීරුවූ හෙයින් පන්තියකට යමින් හෝ එමින් සිටි ළමුන් පිරිසකගෙන් විමසුවෙමු . තිබෙන ස්ථානය පෙන්වීමට සියලුම ළමුන් උනන්දු වූ අතර එක ළමයෙකු ඔහුගේ බයිසිකලයේ නැගී අපේ වැන් රථයට ඉදිරියෙන් පදවාගෙන ගොස් එම ස්ථානය පෙන්වූයේය .

කදුරුගොඩ විහාරය පුරාණ බවුද්ධ සිධස්ථානයකි .අනුරාධපුර යුගයට අයත් කව්තුක වස්තුන් එහි තිබී හමුවී තිබේ.. දෙමල බෞද්ධයන් එකළ එහි සිටි බවට සැකයක් නැත. වෙනත් ස්ථානයක දැකිය නොහැකි ආකාරයෙන් නිර්මිත කුඩා චයිත්ය රැසක් එහිදී දැක ගත හැකිය. එම චෛත්‍ය වලට දේවතා කොටු නොමැති වීම විශේෂත්වයකි. පුන්කුඩු දිවයිනේ විසු රහතන් වහන්සේලා 60 නමකගේ ධාතුන් මෙහි තැන්පත් කළ බවට විශ්වාසයක් පවතී. අද මෙම ස්ථානය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන නමුත් හමුදා අණසක යටතේ එය තබා ගැනීමට කටයුතු කර තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මුර කරුවෙකුද සිවිල් ඇඳුමෙන් සැරසුණු යුද්ධ භටයෙකුද අප යන විට එහි සිටියහ. එම ස්ථානය පිළිබඳව සිංහල බසින් පමණක් ලියන ලද විස්තරයක් සහිත පුවරුවක් එහි ප්‍රදර්ශනය කෙරුණු අතර එය ලියා තිබුණේ දෙමල මිනිසුන් පිළිබඳව වෛරයක් ඇතිවන අයුරිණි. යාපනය ප්‍රදේශයේ සංචාරය කොට දෙමල මිනිසුන් පිළිබඳව සිංහල මිනිසුන් තුළ ඇති වන මිත්‍රත්වය කීතු කීතු කිරීමේ අදහසින් එම පුවරුව ප්‍රදර්ශනය කරන්නේ හමුදාවේ නිලධාරියෙකුගේ නියෝගයක් මත බවට සැකයක් නැත. මෙය ඉවත් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි.

බාලචන්ද්‍රන්ට ආයුබෝවන් කිව් අපි යාපනයේ දෙසට ඒමට හැරුනෙමු . කන්කසන්තුරේ -යාපනය පාරේ චුන්නාකම් හී ඉදිකර තිබු හනුමන්ගේ දැවැන්ත ප්‍රතිමාවක් දැක වාහනය නතර කරවා ගත්තෙමු මරුතනාර් මඩම් අන්ජාන් අය්යර් කෝවිල අසල ඉදිකර තිබෙන එම ප්‍රතිමාව අඩි 72ක් උසය. නරඹන්නා තුළ කුතුහලයත් විෂ්මයත් ජනිත කරන එවැනි ප්‍රතිමාවක් අපේ දුපතේ කොතනකවත් නොමැත.

මඳ වෙලාවක් එහි ගත කළ අපගේ ඒ ළඟ නැවතුම් පොළ වුයේ යාපනයේ ප්‍රධාන කෝවිල වන නල්ලුර් කෝවිලය. සවස 6.30 ට කෝවිල වසන බැවින් ඉක්මන් කර අපි එතනට සේන්දු වූයෙමු

යාපනය නගරයට ආසන්න නල්ලුර් ප්‍රදේශයේ පිහිටි නල්ලුර් කන්දස්වාමි කෝවිල ක්‍රි ව. 948 පළමු වරට ඉදිකළ බව දෙමල සාහිත්‍යයේ සඳහන් වේ. සිංහලයන් කතරගම දෙවියන් ලෙස හඳුන්වන කන්දස්වාමි හෙවත් මුරුගන් දෙවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම කෝවිල 13 වන ශත වර්ෂයේදී කෝට්ටේ භුවනෙක බාහු රජුගේ යාපනයේ පාලකයා විසින් සංවර්ධනය කර තිබේ. එකල යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන නගරය වුයේ නල්ලුර් ය . අද පවතින කෝවිල යලි සංවර්ධනය කර ඇත්තේ ලන්දේසි සමයේ රජයේ නිලධාරියෙකු වූ රඝුනාත මාපාන මුද්ලියර් විසිනි

නල්ලුර් කෝවිල් උත්සවය දින 25 ක් තිස්සේ සෑම වසරකම පැවැත්වෙන අතර දස දහස් ගණන් යාපනයේ ජනයා එයට උනන්දුවෙන් සහභාගිවෙති . යාපනයේ සංචාරය කරන සිංහල මිනිසුන්ද නොවරදවාම නල්ලුර් කෝවිල නරඹන සහ පුදන ස්ථානයක් බවට පත්ව තිබේන්නේ කුමන දෙවියෙකුගෙන් හෝ පිහිටක් ලබා ගැනීමට ඔවුහු එක හෙලා සුදානම් නිසා විය හැකිය..

( නල්ලුර් කෝවිල අසල සැන්දෑ කාලය )

යාපන අර්ධද්වීපයේ දින දෙකක කාලයක් සංචාරය කළ නමුත් යුද්ධයක සලකුණු දැකීම අසීරු විය . වෙඩි උණ්ඩ වැදුණු නටබුන් වූ ගොඩනැගිල්ලක් දැකිය හැකි වුයේ කීරමලේදී පමණි. කොටි සංවිධානය යටතේ තිබු යාපනය චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් 1995 දී ආණ්ඩුවේ පාලනය යටතට ගැනීම නිසා ගැටුම් අඩු වීම එයට හේතුව විය යුතුය . යාපනයේ වැසියන් සිංහලයන් දෙස බලන්නේ මිත්රශීලීවය. සිංහලයන් යාපනයට යන තරමට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වන බව යාපන වැසියා දනී. එහි මිනිසුන් සමග කළ කතා බහ අනුව කොටි සංවිධානයට යලි හිස එසවීමට යාපනේ ජනයාගෙන් කිසිදු සහයක් නොලැබෙන බව පැහැදිලිය. 2002 සාම ගිවිසුම නිසා මහත් බලාපොරොත්තු ඇතිකරගත් ද්‍රවිඪ ජනයා නැවතත් යුද්ධයක් ඇරඹීමට කොටි සංවිධානය සුදානම් වීම නොයිවසු බව තමලනි ලිවූ 'තියුණු අසිපතක සෙවන යට ' කෘතියේ සඳහන් කර තිබේ. 2009 දී ප්රභාකරන් පැරදීමට මග පෑ එක් ප්‍රබල හේතුවක් වුයේ දෙමල ජනයාගේ සහය ඔවුන්ට නොලැබීමය.

යාපනයේ මිනිසුන් තරමක අස්වැසිල්ලකින් ජීවත් වුවද අන් ප්‍රදේශවල මිනිසුන් බොහෝ දෙනෙකු මහත් දුක් කන්දරාවක් විඳින බවට සැකයක් නැත . අතුරුදහන් වී සිටින දරුවන් , සැමියන් සහෝදර සහෝදරියන් ඉල්ලමින් ඔවුහු දස දෙස දුවති. ඉන්නට හිටින්නට තැනක් නැත්තන් බොහෝය . ඇතැමෙකුගේ ඉඩම් කඩම් තවමත් හමුදාව යටතේය. සංවර්ධනයක් නොමැති බැවින් රැකියා විරහිත භාවය වන්නියේ උග්රය .

යාපනයේ සංචාරය කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් අවම වශයෙන් පුරා දින දෙකවත් එහි ගත කිරීම අවශ්‍ය වේ . එසේ නොකොට යාපනය සහ එහි ජනයා ගැන අවබෝධයක් ලබා ගත නොහැක. සංචාරය සුප්‍රසිද්ධ ස්ථානවලට සීමා නොකොට යාපනේ වැසියන්ගේ ගම් වලටද ගොස් ඔවුන් හා කතා බස් කළහොත් ඔවුන් ඉතා යහපත් මිනිසුන් බව ඔබට අවබෝධ වනු නියතය.

Source http://sudukukula.blogspot.com/2017/04/blog-post.html

[QUOTE="rangana26, post: 21526756, member: 461943"] [b]කොටි සොයා යාපනේ ගියෙමි[/b] [SIZE="4"][COLOR="Blue"] "කොටි නැගිටිනෝ ! " "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන් මොර දීම නිසා එය සත්‍යයක් දැයි සොයා බැලීමටත් , ආණ්ඩුව පිළිබඳව යාපනේ ජනයා දරන මතය කුමක්දැයි දැන ගැනීමටත් , යාපනයේ සිටින මගේ පැරණි මිතුරන් හමුවී සතුටක් ලැබීමටත් අප්‍රියෙල් 14 වනදා හැන්දෑවේ යාපනය බලා පිටත් වුයෙමි . සංචාරයක් සඳහා දකුණේ සිට යාපනය අර්ධද්වීපයට ගොඩබිමින් යාමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා තෝරා ගැනීමට තිබෙන හොඳම ප්‍රවාහන විධික්රමය වන්නේ දුම්රියයි . හන්ධි අතපය රුදාවකින් තොරව ගමනාන්තය තෙක් යාමට නම් දුම්රියේ පළමු හෝ දෙවන පන්තියේ බලපත්‍රයක් ලබා ගත යුතුය කොළඹ කොටුවෙ සිට දුම්රිය 4ක් දිනපතා උතුර බලා යයි. උදේ 5.45 ට අන්තර් නගර ( intercity) දුම්රියක්ද , උදේ 6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ රාත්‍රී තැපැල් දුම්රියද එසේ උතුර බලා යන දුම්රිය වේ . කල් ඇතිව ආසන වෙන්කරවා ගෙන යන්නේ නම් අඩ හෝරාවකට පෙර දුම්රිය පොලට යාම ප්රමාණවත්ය . ආසන වෙන්කරවා ගැනීම සඳහා දින 30 කට පෙර කටයුතු කිරීම නුවණට හුරුය .ආසන වෙන්කරවා ගැනීම සඳහා කොළඹ කොටුවේ දුම්රිය පොලට හෝ වෙනත් ප්‍රධාන දුම්රිය පොලට යා යුතුය . නැතහොත් දුරකථන මගින් ද ආසන වෙන්කරවා ගත හැක. ඒ සඳහා මොබිටෙල්/එටිසලාට් මගින් 365 ද ටෙලිකොම් දුරකතනයකින් 1365 ඇමතීය යුතුවේ . යුද්ධයට පෙරද , යුද්ධය අතර තුරද වෘත්තීය සමිති කටයුතු සඳහා කීපවරක් යාපනයට ගොස් තිබුණද යුද්ධයෙන් පසුව එහි යාමට ඉස්පාසුවක් ලැබුණේ මේ අවුරුදු සමයේය.. මා සමග ගිය මිතුරියද මිතුරාද ඔවුන්ගේ දරුවන්ද කල් ඇතුව රාත්‍රී දුම්රියේ පළමු පන්තියේ ආසන වෙන්කරවා ගෙන තිබුණද ආසනයක් වෙන්කරවා ගැනීමට මට නොහැකි වුයේ ප්‍රමාදවී ඒ සඳහා උත්සාහ කිරීම නිසාය . අවට නරඹමින් යාපනයට යාමට වඩාත්ම උචිත පෙරවරු 11.50 කොටුවෙන් පිටත්වන අන්තර නගර දුම්රිය වුවද අපට එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි වුයේ එහි සියලු ආසන අන් අය වෙන්කරවා ගෙන තිබුණු බැවිනි මගේ මිතුරන් රාත්‍රී 8.30 ට කොටුවෙන් පිටත්වන දුම්රියේ පළමු පංතියේ වායු සමනය කළ මැදිරියට ගොඩවූ නමුත් පළමු පන්තියේ ටිකට් පත සාක්කුවේ දමාගෙන දෙවන පංතියේ මැදිරියක ගමන් කිරීමට මට සිදුවිය. දුම්රිය අනුරාධපුරයට පැමිණීමෙන් පසු මගේ මිතුරන් ගමන් කළ මැදිරියේ බොහෝ ආසන හිස්වූ බැවින් දුම්රිය බලධාරීන්ගේ කනින් රිංගා එයට ගොඩවී ආසන එකක් වෙනුවට දෙකක් ම යාපනයට යන තුරුම සින්නකරව අයිති කරගතිමි. යාපනයට දුම්රිය පැමිණෙන විට පසුදා පෙරවරු 7 වී තිබුණි. අපගේ නවාතැන ලෙස වෙන් කරගෙන තිබුණේ උතුරේ ආණ්ඩුකාරයාගේ කාර්යාලයට අල්ලපු වත්තේ පිහිටි රජයට අයත් නිවාඩු නිකේතනයකි. අයකිරීම දිනකට රු.900ක් පමණි .කෑම පිස ගැනීම සඳහා එහි පහසුකම් තිබෙන අතර ගෑස් වෙනුවෙන් පුංචි මුදලක් එහි භාරකරුට ගෙවිය යුතුය. එම ස්ථානය ලබා ගත හැක්කේ රජයේ නිලධාරීන්ට පමණක් වන අතර ඒ සඳහා මසකට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගොස් වෙන්කරවා ගත යුතුවෙයි .සියලුම කාමර වායු සමනය කර තිබේ. මාස දෙකකින් පමණ යාපනයට වැසි ලැබී නැති බැවින් මේ දිනවල යාපනයේ උෂ්ණත්වය ඉහල ගොස් ඇති නිසා වායු සමනය නොකළ කාමරයක නිදා ගන්නවාට වඩා මදුරු ප්රහාරයන්ට ලක්වෙමින් එළිමහනේ නිදාගැනීම සුව දායකය. අපගේ නවාතන අප සඳහා වෙන් කර තිබුනේ එදින පස්වරු එකේ සිට බැවින් දුම්රියෙන් බැසීමෙන් පසු විවේක ගැනීම සඳහා නාග විහාරයේ තිබෙන විශ්‍රාම ශාලාව වෙත යන ලෙස තෙලිප්පලෙහි පදිංචි මගේ මිතුරෙකු උපදෙස් දී තිබුණි .එහෙත් කඩිනමින් එහි යාමට අවශ්‍යතාවයක් නොවුයේ යාපනය දුම්රිය පොලෙහි විවේක ගැනීමේ පහසුකම් තිබු බැවිණි. විවේක ගැනීමේ ශාලාවන්ද ශාරීරික පවිත්‍රතා කටයුතු සඳහා වූ කාමරද ප්රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාමට යාපනය දුම්රිය බලධාරීන් කටයුතු කර තිබෙන බැවින් එය අපට මහත් අස්වැසිල්ලක් විය. දුරියපොළ ආපන ශාලාවද ප්‍රියමනාපය. එහි තිබු ගුවන් විදුලියෙන් සිංහල ගීත වාදනය වුයෙන් මා සිතුවේ වෙල්ගම හිටපු ඇමතිවරයාගේ කැචර්ලා විසින් ආපන ශාලාව බදුගෙන ඇත කියායි. එහෙත් එය පවත්වාගෙන යන්නේ දෙමල තරුණයන් විසින් බව වැටහුනේ එහි ගොස් උදේ ආහාර ඇනවුම් කරන විටය. පැයකට අධික කාලයක් යාපනය දුම්රියපොළේ ගත කළ අපි, ගමන් මලු ආපන ශාලාවේ තබා මීටර 100ක් පමණ ඈතින් තිබු නාග විහාරයට ගියෙමු. නාග විහාරය විසින් පවත්වාගෙන යන විශ්‍රාම ශාලාවක් එහි තිබේ. එහි කාමරයක් සඳහා දිනකට රු.1500ක් අය කරන අතර දුරකථන මගින් කාමර වෙන්කරවා ගැනීමට පුළුවන .දුරකථන අංකය 021 2222014 ය. නාග විහාරය නැරඹීමෙන් පසු දුම්රියපොළ වෙත යලි ගොස් අපගේ ගමන් මලු රැගෙන නිවාඩු නිකේතනය වෙත ගියෙමු. දිවා ආහාරයෙන් පසු පැය දෙක තුනක විවේකයක් ගත් අපි මිතුරන් දෙදෙනෙකු හමුවීමට යාමට තීරණය කළෙමු .පළමුවෙන් අප ගියේ යාපනය කන්කසන්තුරය පාරේ පිහිටි ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි වී සිටින දේවරාජා හමුවීමටය .ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් ලේකම් ලෙස ඔහු බොහෝ කලක් කටයුතු කළ බැවින් 1980 සිටම ඔහු මගේ මිතුරෙකු විය සාදරයෙන් අප පිළිගත් ඔහු ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු සංගමයේ අතීත විස්තර ද දේශපාලනය පිළිබඳවද කතා බහ කළෙමු .ආණ්ඩුව පිළිබඳව ප්‍රසාදයක් ඔහු තුළ නොවීය .වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේද මහින්දගේ ගමන් මගේම බව ඔහු කීය. දෙමල දේශපාලකයන් විවේචනය කළ ඔහු කිසිදිනක TULF පක්ෂයට චන්දය නොදුන් බව කීවේය. මා නොදැන සිටි තවත් කරුණක් ඔහු මට කීවේය. ඒ සංගමයේ හිටපු සභාපතිවු එච්.එන් .ප්‍රනාන්දු (රෝහණ විජේවීර විවාහ කර ගත්තේ එච්.එන්.ගේ නැගණියවය.) 1988 සමයේ යාපනයේ ගත කළේ ජනතා විමුක්ති පෙරමුණේ මරණීය තර්ජන නිසා බව යන්නය. එය සත්‍යයක්දැයි යලි වතාවක් ම විමසු විට එය ඔහුට කිවේ එච්. එන්. විසින්ම බව ඔහු කීය . 1988 මැද භාගයේ සිට 1989 අග දක්වා යාපනයේ ගත කළ එච්. එන් ට ආරක්ෂව ආහාර පාන , නවතැන් සැපයුවේ යාපනයේ ගුරුවරු විසිනි . එහි සිටියදී වරක් කොටි විසින් ඔහු අත් අඩංගුවට ගත් නමුත් ඔහු කවුදැයි හඳුනා ගැනීමෙන් පසු කොටි විසින්ම ඔහු නැවතී සිටි ස්ථානයට වාහනයකින් ගෙන හැර ලුහ . කොටි සංවිධානය නැවත හිස ඔසවුනු ඇත්දැයි මා ඔහුගෙනුත් ඔහුගේ නිවසට පැමිණ සිටි අයකුගෙන්ද ඇසීමි.යාපනයේ ජනයාගෙන් එයට කිසිදු සහයක් හිමිනොවන බැවින් එවැන්නක් සිදු නොවනු ඇතැයි ඔවුන් දෙදෙනාගේම කීහ.. සමාජවාදී මත දරන්නෙකු වන දේවරාජා, කොටි බලවත් ව සිටි සමයේද කොටින්ට එරෙහිව ප්‍රසිද්ධියේම කතා කළ බව මට මතකය . දේවරාජාගේ නිවසේ නවතින ලෙස මගෙන් ඉල්ලා සිටියද මා හා පැමිණි අයගේ සිත් රිදවීමට නොහැකි බැවින් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට මට නොහැකි විය. යලිත් ඔහු දැකීමට පැමිණෙන බවට පොරොන්දු දීමෙන් අනතුරුව අප ඔහුගෙන් වෙන්වී ආවෙමු කිලෝ මීටර් 12ක් ආපසු යාපනය දෙසට පැමිණි අප ඊ ලඟට ගියේ මගේ තවත් පැරණි මිතුරෙකු වන ත්‍යාගලිංගම් හමුවීමටය . 2000 -2010 දශකයේ ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් සභාවේ සභාපති වුයේ ත්‍යාගලිංගම් ය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඔහු දැන් යාපනයේ ජාත්‍යන්තර පාසලක ගණිතය උගන්වයි . ඔහුගේ නිවස පිහිටියේ නල්ලුර් කෝවිලට තරමක් කිට්ටුවෙනි . ඔහුගේ නිවසට යන විට තරමක් රෑ බෝ වූ බැවින් එහි වැඩි කාලයක් ගත කිරීමට නොහැකි විය.ඔහුගේ මතය වුයේද වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව ගමන් කරන මාර්ගයේම ගමන් කරමින් සිටින බවය. මා ඔහුට දීමට ගෙන ගිය කැවුම් කොකිස් පාර්සලයද ඔහුට දී ඔහුගේ පවුලේ අය අප වෙනුවෙන් පිළියෙළ කළ තේ පැන් සංග්රහයද භුක්ති විඳ ආපසු අපගේ නවාතැන වෙත පැමිණියෙමු. පසුවදා උදැසනින්ම අවදිව වැන් රථයක් කුලියට ගත්තේ යාපනය පුරා ඇවිදීමටය .පළමුව නාගදීප විහාරය බලා යාමට අපි තීරණය කළෙමු . යාපනයේ සංචාරයක යෙදෙන්නන් කුලියට වාහනයක් නොගෙන බස් රථවලින් ගමන් කිරීම කාලය අපතේ යැවීමකි. වායු සමනය කළ වැන් රථයක කිලෝ මීටර් 100 ක දුරක් යාම සඳහා රු.7500ක් අය කරන අතර වායු සමනය නොකළ වැන් රථයක කිලෝ මීටර් 100 දුරක් යාමට රු.5500 ක් අය කරන ලැබේ . කිලෝ මීටර් 100 ඉක්මවා යන්නේ නම් එක් කිලෝමීටරයකට රු.50ක් අය කරනු ලැබේ. අප ගමන් කළ වැන් රථය පැදවුයේ තිලක් කුමාර් නමැති තරුණයෙකි. ඔහු ඉතාමත් ඉවසිලිවන්තය . යන්තමින් සිංහල සහ ඉංග්‍රීසි දනී. ඔහු සම්බන්ධ කරගත හැකි දුරකතන අංක 077 0453941 සහ 077 8886998 වේ. දේශපාලන කතා කිරීමට තරමට සිංහල දැනුමක් නොතිබුණු ඔහු කීවේ ගිය ආණ්ඩුව පාරවල් හැදු බවත් මේ ආණ්ඩුව ok බවත්ය . නාගදීපයට යාමේදී වඩාත්ම පහසු මග වන්නේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යන බෝට්ටු සේවයයි. මුදල් අය නොකර පවත්වාගෙන යන එම සේවය ලබා ගැනීමට නම් නාවික හමුදාවේ නිලයක් දරන්නෙකුගේ සහය කල් යල් ඇතුව ලබා ගත යුතුය. එසේ සම්බන්ධයක් නොමැත්තේ නම් ඔබට සිදුවන්නේ පොදු බෝට්ටු සේවය මගින් නාග දීපයට යාමටය . ඒ සඳහා මුදලක් ගෙවීමට සිදුවෙන අතර එම බෝට්ටු අඩු පහසුකම් වලින් යුක්තය . මා සමග ගිය අන් මිතුරන් නාවික හමුදා බෝට්ටු සේවය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර තිබු බැවින් වැන් රථයෙන් පුන්කුඩුතිව් දුපතේ පිහිට නාවුක කඳවුර වෙත ගියෙමු . නාවික හමුදාව විසින් යොදවා තිබෙන බෝට්ටු දෙකම පිටත්ව ගොස් තිබු බැවින් වෙරළ ආසන්නයේ තිබු බැංකු මත වාඩිවී බල සිටියෙමු. අප එහි යන විට තවත් පිරිසක් පැමිණ සිටි බැවින් අපට ඉඩකඩ ලැබුනේ දෙවෙනියට ආපසු පැමිණි බෝට්ටුවේය. මගීන් 22 ට වාඩිවී යාම සඳහා එහි ආසන තිබේ.ලොකු මුහුදු රැලි නොමැති දිනයක් වූ බැවින් එහි ගමන් කිරීම සිත් සනසන අත් දැකීමක් විය. බෝට්ටුවේ ඉදිරිපස ආසන වල අසුන් ගත් අයට බෝට්ටුවේ හැපෙන රැලී බිඳී අවුත් බෝට්ටුව තුලට ඒම නිසා තරමක් නා ගැනීමටද සිදුවිය . පැය භාගයකට පසු අප රැගත් බෝට්ටුව නාගදීපයට ලඟා විය . විනාඩි 50 කින් ආපසු පැමිණෙන ලෙස එය පැදවූ නාවික භටයන් ඉල්ලීමක් කළෙන් හනි හනික අප සියලු දෙනා නාගදීප විහාරයට ගියෙමු. නාගදීප විහාරය සුන්දර තැනකි . නයිනතිව් දුපතේ අක්කර දෙක තුනක භුමි භාගයක් පුරා එය විහිදී තිබේ. එය දැකීමට හෝ වන්දනා කිරීමට සිංහල දෙමල මුස්ලිම් ජාතිකයන් 500ක් පමණ පිරිසක් පැමිණ සිටියහ.නාගදීප විහාරයේ විසු භික්ෂුන්ට දෙමල ජාතිකයෙකුවූ ආර් රාමචන්ද්‍රන් නැමැත්තෙකු 60 වසරක් තිස්සේ දානය සැපයු බව විහාරයේ අඳින ලද ඔහුගේ චායාරුපය යටින් සටහන් කර තිබුණි චුලෝදර සහ මහෝදර යන නාරජවරුන් අතර මැණික් පුටුවක් සඳහා යුද්ධ කිරීමට සුදානම් වූ අවස්ථාවේ බුදුන් වහන්සේ එම ගැටුම සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බැව් බවුද්ධයන්ගේ විශ්වාසයයි . එහෙත් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාට අනුව බුදුන් වහන්සේ ලංකාවට පැමිණි බව තහවුරු කළ හැකි කිසිදු ශාක්ෂියක් නොමැත. නාගදීපය හෙවත් නයිනතිව් දුපතේ හින්දු කෝවිලක්ද තිබේ .එය නැරඹීමට යාමට අපට පහසුකම් නොවුයෙන් නාගදීප විහාරය නැරඹීමෙන් පමණක් සෑහීමට පත්වීමට අපට සිදුවිය. ( මෙම චායාරුපය අන්තර් ජාලයෙන් බාගත කරනු ලැබුවකි) නාගදීපය නරඹා නැවතත් පුන්කුඩුතිව් වෙත පැමිණෙන විට දහවල් දොළහ පසුවී තිබිණ . යාපන අර්ධද්වීපය හිරු රශ්මියෙන් දවමින් තිබුණද ජනරාල් කොබ්බැකඩුව ඝාතනය වූ ස්ථානය නැරඹීමට මා සමග ගිය මිතුරනට අවශ්‍ය විය .එය පිහිටියේ කයිට්ස් දුපතේ අරාලි ප්‍රදේශයේදීය. යාපනය අර්ධද්වීපය LTTE සංවිධානයෙන් මුදවා ගැනීම සඳහා සටන සුදානම් කරමින් සිටියදී 1992 අගෝස්තු 6 වෙනි දින ඔහු ගමන් කල ජීප් රථය බිම් බෝම්බයකට අසුව මිය ගියේය. හමුදා භටයන් අතර බෙහෙවින් ජනප්‍රිය සෙන්පතියෙකු වූ ඩෙන්සිල් කොබ්බැකඩුව තමනට තර්ජනයක් වෙනු ඇතැයි බියපත්වූ එවක ජනධිපති ආර් ප්‍රේමදාස මහතා ගේ අනුදැනුම යටතේ ඔහුගේ වාහනයට බෝම්බයක් සවිකළ බව ප්‍රේමදාස විරෝධීන් එකළ ප්‍රචාරය කළ අතර එය සත්‍යයක් යැයි පිළිගන්නා අය තවමත් සිටිති. ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය නැරඹීමෙන් අනතුරුව කරෙය්නගර් හරහා දිවයිනේ හිස් මුදුනට ගියෙමු . මාර්ගය දෙපස ජීවත්වුවේ බෙහෙවින්ම දිලින්දන්ය. ඔවුන්ගෙන් බහුතරය ධීවරයන්ය . ලාබයට කරවල මිලදී ගත හැකි පොල් අතු කඩ කීපයක්ද දකින්නට ලැබිණ කීරමින් කිලෝවක් රු. 250 ක්ද කොඩුවා කිලෝවක් රු. 500 කටද අලෙවි කරනු ලැබිණ . බෆල් සංගීතයට ගිනි මද්දහනයේ නටන තරුණ කණ්ඩායම් දෙකක්ද අපි දුටුවෙමු. නටන්නේ මන්දැයි රියදුරු තිලක් කුමාර්ගෙන් විමසු විට ඔහු කීවේ පාස්කු උත්සවය නිසා බවය. දහවල් එක පමණ වන විට දඹ කොළ පටුනට පැමිණියෙමු .සංඝමිත්තා තෙරිණිය විසින් ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන ලංකාවට පැමිණියේ දඹකොළ පටුන හරහාය. එය ආගමික ස්ථානයක් බවට පරිවර්තනය කර තිබෙන්නේ නාවික හමුදාව විසින් බව පෙනේ. දඹ කොළ පටුනේ වෙළඳ සැල් දෙකක්ද , නවාතැන් සහිත සුපිරි හෝටලයක්ද නාවික හමුදාව විසින් පවත්වාගෙන යයි. දිනක් සඳහා හෝටලයේ කාමරයක් රු. 5500 කි. කෑම බීම සඳහා තවක් බිලක් ගෙවීමට එහි නවතින අයට සිදුවේ. නාවික හමුදාව විසින් රු 15 කට අලෙවි කරන දඹ කොළ පටුනේ පින්තුර කාඩ් පත් ( picture postcard ) දෙකක් මිලදී ගෙන රු 10 මුද්දර අලවා එහි තිබෙන තැපැල් පෙට්ටියට දැම්මේ ලංකාවේ තැපැල් සේවය කොපමණ වේගවත් දැයි සොයා ගන්නා ලෙස එහි පුවරුවක සඳහන් කර තිබු නිසාය . ඉරිදා සවස එකට පමණ තැපැල් කළ එම කාඩ් පත් දෙකෙන් එකක් පැමිණියේ බදාදා වූ අතර අනික පැමිණියේ සිකුරාදාය . දඹ කොළ පටුන පසු කොට කිලෝ මීටර් 4 ක් පමණ ගිය විට හමුවන්නේ කීරමළේය. බොහෝ සංචාරකයෝ එහි යන්නේ මුහුද අද්දර තිබෙන සුප්‍රසිද්ධ පොකුණේ නැමටය. මුහුද අද්දර පොකුණ තිබුනද එහි තිබෙන්නේ මිරිදියය . එහි නෑමෙන් ලෙඩ දුක් සනීප වෙතැයි විශ්වාසයක් හින්දු භක්තිකයන් තුළ පවතී . නාගුල මුනි නමැති තවුසෙක් එම පොකුනේ ස්නානය කිරීමෙන් පසුව ඔහුට තිබු මුගටි මුහුණ අතුරුදහන් වී මිනිස් මුහුණක් ලැබුණු බව හින්දු භක්තිකයෝ කියති . කාන්තාවන්ට සහ පිරිමින්ට ස්නානය කිරීම සඳහා පොකුණ දෙකට බෙදා තිබන අතර එක් අයෙකුගෙන් රු.30 ක මුදලක් අය කෙරේ. අප කණ්ඩායමද එහි නෑමේ අදහසින් ගියද පොකුණු බොරවී තිබුණු බැවින් අදහස අත් හැරියෙමු. ඊට යාබදව තිබෙන නගුලේශ්වරන් කෝවිල පැරණිම සහ ප්‍රධානතම කෝවිලක් වන අතර ජුලි /අගෝස්තු වේදී ආගමික උත්සවයක් පවත්වනු ලැබේ. 1621 දී පෘතුගීසින් විසින් කෝවිල විනාශ කරනු ලැබූ අතර පසු කාලීනව හින්දු බැතිමතුන් විසින් එය යලි ගොඩ නගනු ලැබීය. පසුගිය යුධ සමයේදී ගුවන් හමුදාව විසින් මෙම කෝවිලට බෝම්බ හෙලු බව අවට සිටි හින්දු භක්තිකයන් කීප දෙනෙකු මා සමග කීහ.. කොටි සංවිධානය විසින් කෝවිල ඔවුන්ගේ මධ්‍යස්ථානයක් ලෙස එය යොදා ගැනීම නිසා එසේ බෝම්බ හෙලන්නට ඇතැයි සිතීම සාධාරණය. ( ඉහත චායාරුප අන්තර් ජාලයෙන් ලබා ගන්නා ලදී ) කීරමලේට මා යන විට මගේ පැරණි මිතුරෙකු වූ බාලචන්ද්‍රන් එහි සිටියේ මා බලාපොරොත්තුවෙනි . මා රැගෙන ගිය ආස්මී පාර්සලය ඔහු අත තැබූ විට ඔහු තම ගෙවත්තෙන් කඩාගෙන ආ කිලෝ දෙකකට වඩා බරෙන් යුතු ඉදුණු මිදී පාර්සලයක් මා අත තැබුවේය. කලක් ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළේ ඔහුය. ඔහුගේ නිවස පිහිටි තෙලිප්පලේ විදක්පුරම් ගම්මානය අඩි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම නිසා වසර විස්සක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට තැන තැන ජීවත් වීමට සිදුවුයේ යුධ අනාථයන් ලෙසය. එම කාලය තුළ ඔහු සහ ඔහුගේ පවුලේ අය 20 පොලක ජීවත්වූ බව මා සමග කීය .කාමර 5 කින් යුතුවූ ඔහුගේ නිවස 2010 දී ඔහුට ලැබෙන විට රූස්ස ගස් තුනක් නිවස තුල තිබු බව බාලචන්ද්‍රන් කීවේ මහත් කණගාටුවෙනි. වන්දි වශයෙන් රු.ලක්ෂයක් ආණ්ඩුවෙන් ඔහුට දුන් නමුත් ගස් ඉවත් කොට නිවාස සහ ඉඩම සුද්ද බුද්ද ගැනීමට පමණක් ලක්ෂ දෙකක් වැයවූ බව කීය. එම ඉරණම ඔහුට පමණක් නොව එම ගමේ පිහිටි තවත් පවුල් 200 කට මුහුණ දීමට සිදුවී තිබිණ . ඇතැමුන් නැවත පදිංචියට පැමිණෙමින් සිටියද හරි හමං වන්දි මුදලක් නොලැබීම නිසා නැවත පදිංචි වීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. අලුතෙන් ගොඩ නැගු නිවස වෙත පැමිණෙන්නැයි ඔහු ආරාධනා කළෙන් අපි සියල්ලෝම කීරමලේ සිට කිලෝමීටරයක් පමණ ඇතුලට ගියෙමු. නිවස තුළ ලක්ෂයකට අධික පොත් සහිත පුස්තකාලයක් තිබිණ . පුස්තකාලය අයිති කරු වුයේ බාලචන්ද්‍රන්ගේ මස්සිනාටය. ඔහු පේරාදෙණිය සරසවියේ හිටපු කථිකාචාර්ය වරයෙකි . සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඔහු දැන් ගොවිතැන් කරයි. "කොටි ආයි එයිද? " බාල චන්ද්රන්ගෙන් සහ ඔහුගේ මස්සිනාගෙන් ඇසීමි. "කොටි නම් ආයි එන්නේ නැහැ .යුද්ධේ නිසා මෙහෙ මිනිස්සු හොඳටම හාන්සි වෙලා ඉන්නේ. මේ ආණ්ඩුවට මිනිස්සු චන්දෙ දුන්නේ ලොකු බලාපොරොත්තු ඇතිව .ඒත් ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක් නැහැ . මිනිස්සු කල කිරිල ඉන්නේ." " එතකොට ජේවීපී එක ගැන මොකද්ද අදහස?" " ඒ ගොල්ලෝ පළාත් සභාවලටත් විරුද්ධ වෙච්ච් අයනේ . ජේවීපී එකට නම් දෙමල මිනිස්සු කීයටවත් චන්දෙ දෙන්නේ නැහැ " බාල චන්ද්‍රන්ගේ මස්සිනා කීවේය . (බාල චන්ද්‍රන් සහ ඔහුගේ බිරිඳ වම් පසින් සිටින අතර සරමක් ඇඳ සිටින්නේ හිටපු කථිකාචාර්ය වරයා ය ) තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මා සමග පැමිණි මගේ මිතුරන් සහ ඔවුන්ගේ දරුවන් බාලචන්ද්‍රන් ඇතුළු එම නිවසේ වැඩිහියනට වැඳ සමුගත් අතර කන්දරෝඩෙයි යනුවෙන් දෙමළෙන්ද කදුරුගොඩ නමැති සිංහලෙන් හඳුන්වන බවුද්ධ සිද්ධස්ථානයක් චුන්නාකම් හී තිබෙන බවත් සඳහන් කළ බාලචන්ද්‍රන් එය පෙන්වීම සඳහා අප සමග පැමිණියේය . කදුරුගොඩ පන්සල ආසන්නයට පැමිණියද එය තිබෙන ස්ථානය සොයාගැනීම අසීරුවූ හෙයින් පන්තියකට යමින් හෝ එමින් සිටි ළමුන් පිරිසකගෙන් විමසුවෙමු . තිබෙන ස්ථානය පෙන්වීමට සියලුම ළමුන් උනන්දු වූ අතර එක ළමයෙකු ඔහුගේ බයිසිකලයේ නැගී අපේ වැන් රථයට ඉදිරියෙන් පදවාගෙන ගොස් එම ස්ථානය පෙන්වූයේය . කදුරුගොඩ විහාරය පුරාණ බවුද්ධ සිධස්ථානයකි .අනුරාධපුර යුගයට අයත් කව්තුක වස්තුන් එහි තිබී හමුවී තිබේ.. දෙමල බෞද්ධයන් එකළ එහි සිටි බවට සැකයක් නැත. වෙනත් ස්ථානයක දැකිය නොහැකි ආකාරයෙන් නිර්මිත කුඩා චයිත්ය රැසක් එහිදී දැක ගත හැකිය. එම චෛත්‍ය වලට දේවතා කොටු නොමැති වීම විශේෂත්වයකි. පුන්කුඩු දිවයිනේ විසු රහතන් වහන්සේලා 60 නමකගේ ධාතුන් මෙහි තැන්පත් කළ බවට විශ්වාසයක් පවතී. අද මෙම ස්ථානය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන නමුත් හමුදා අණසක යටතේ එය තබා ගැනීමට කටයුතු කර තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මුර කරුවෙකුද සිවිල් ඇඳුමෙන් සැරසුණු යුද්ධ භටයෙකුද අප යන විට එහි සිටියහ. එම ස්ථානය පිළිබඳව සිංහල බසින් පමණක් ලියන ලද විස්තරයක් සහිත පුවරුවක් එහි ප්‍රදර්ශනය කෙරුණු අතර එය ලියා තිබුණේ දෙමල මිනිසුන් පිළිබඳව වෛරයක් ඇතිවන අයුරිණි. යාපනය ප්‍රදේශයේ සංචාරය කොට දෙමල මිනිසුන් පිළිබඳව සිංහල මිනිසුන් තුළ ඇති වන මිත්‍රත්වය කීතු කීතු කිරීමේ අදහසින් එම පුවරුව ප්‍රදර්ශනය කරන්නේ හමුදාවේ නිලධාරියෙකුගේ නියෝගයක් මත බවට සැකයක් නැත. මෙය ඉවත් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි. බාලචන්ද්‍රන්ට ආයුබෝවන් කිව් අපි යාපනයේ දෙසට ඒමට හැරුනෙමු . කන්කසන්තුරේ -යාපනය පාරේ චුන්නාකම් හී ඉදිකර තිබු හනුමන්ගේ දැවැන්ත ප්‍රතිමාවක් දැක වාහනය නතර කරවා ගත්තෙමු මරුතනාර් මඩම් අන්ජාන් අය්යර් කෝවිල අසල ඉදිකර තිබෙන එම ප්‍රතිමාව අඩි 72ක් උසය. නරඹන්නා තුළ කුතුහලයත් විෂ්මයත් ජනිත කරන එවැනි ප්‍රතිමාවක් අපේ දුපතේ කොතනකවත් නොමැත. මඳ වෙලාවක් එහි ගත කළ අපගේ ඒ ළඟ නැවතුම් පොළ වුයේ යාපනයේ ප්‍රධාන කෝවිල වන නල්ලුර් කෝවිලය. සවස 6.30 ට කෝවිල වසන බැවින් ඉක්මන් කර අපි එතනට සේන්දු වූයෙමු යාපනය නගරයට ආසන්න නල්ලුර් ප්‍රදේශයේ පිහිටි නල්ලුර් කන්දස්වාමි කෝවිල ක්‍රි ව. 948 පළමු වරට ඉදිකළ බව දෙමල සාහිත්‍යයේ සඳහන් වේ. සිංහලයන් කතරගම දෙවියන් ලෙස හඳුන්වන කන්දස්වාමි හෙවත් මුරුගන් දෙවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම කෝවිල 13 වන ශත වර්ෂයේදී කෝට්ටේ භුවනෙක බාහු රජුගේ යාපනයේ පාලකයා විසින් සංවර්ධනය කර තිබේ. එකල යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන නගරය වුයේ නල්ලුර් ය . අද පවතින කෝවිල යලි සංවර්ධනය කර ඇත්තේ ලන්දේසි සමයේ රජයේ නිලධාරියෙකු වූ රඝුනාත මාපාන මුද්ලියර් විසිනි නල්ලුර් කෝවිල් උත්සවය දින 25 ක් තිස්සේ සෑම වසරකම පැවැත්වෙන අතර දස දහස් ගණන් යාපනයේ ජනයා එයට උනන්දුවෙන් සහභාගිවෙති . යාපනයේ සංචාරය කරන සිංහල මිනිසුන්ද නොවරදවාම නල්ලුර් කෝවිල නරඹන සහ පුදන ස්ථානයක් බවට පත්ව තිබේන්නේ කුමන දෙවියෙකුගෙන් හෝ පිහිටක් ලබා ගැනීමට ඔවුහු එක හෙලා සුදානම් නිසා විය හැකිය.. ( නල්ලුර් කෝවිල අසල සැන්දෑ කාලය ) යාපන අර්ධද්වීපයේ දින දෙකක කාලයක් සංචාරය කළ නමුත් යුද්ධයක සලකුණු දැකීම අසීරු විය . වෙඩි උණ්ඩ වැදුණු නටබුන් වූ ගොඩනැගිල්ලක් දැකිය හැකි වුයේ කීරමලේදී පමණි. කොටි සංවිධානය යටතේ තිබු යාපනය චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් 1995 දී ආණ්ඩුවේ පාලනය යටතට ගැනීම නිසා ගැටුම් අඩු වීම එයට හේතුව විය යුතුය . යාපනයේ වැසියන් සිංහලයන් දෙස බලන්නේ මිත්රශීලීවය. සිංහලයන් යාපනයට යන තරමට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වන බව යාපන වැසියා දනී. එහි මිනිසුන් සමග කළ කතා බහ අනුව කොටි සංවිධානයට යලි හිස එසවීමට යාපනේ ජනයාගෙන් කිසිදු සහයක් නොලැබෙන බව පැහැදිලිය. 2002 සාම ගිවිසුම නිසා මහත් බලාපොරොත්තු ඇතිකරගත් ද්‍රවිඪ ජනයා නැවතත් යුද්ධයක් ඇරඹීමට කොටි සංවිධානය සුදානම් වීම නොයිවසු බව තමලනි ලිවූ 'තියුණු අසිපතක සෙවන යට ' කෘතියේ සඳහන් කර තිබේ. 2009 දී ප්රභාකරන් පැරදීමට මග පෑ එක් ප්‍රබල හේතුවක් වුයේ දෙමල ජනයාගේ සහය ඔවුන්ට නොලැබීමය. යාපනයේ මිනිසුන් තරමක අස්වැසිල්ලකින් ජීවත් වුවද අන් ප්‍රදේශවල මිනිසුන් බොහෝ දෙනෙකු මහත් දුක් කන්දරාවක් විඳින බවට සැකයක් නැත . අතුරුදහන් වී සිටින දරුවන් , සැමියන් සහෝදර සහෝදරියන් ඉල්ලමින් ඔවුහු දස දෙස දුවති. ඉන්නට හිටින්නට තැනක් නැත්තන් බොහෝය . ඇතැමෙකුගේ ඉඩම් කඩම් තවමත් හමුදාව යටතේය. සංවර්ධනයක් නොමැති බැවින් රැකියා විරහිත භාවය වන්නියේ උග්රය . යාපනයේ සංචාරය කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් අවම වශයෙන් පුරා දින දෙකවත් එහි ගත කිරීම අවශ්‍ය වේ . එසේ නොකොට යාපනය සහ එහි ජනයා ගැන අවබෝධයක් ලබා ගත නොහැක. සංචාරය සුප්‍රසිද්ධ ස්ථානවලට සීමා නොකොට යාපනේ වැසියන්ගේ ගම් වලටද ගොස් ඔවුන් හා කතා බස් කළහොත් ඔවුන් ඉතා යහපත් මිනිසුන් බව ඔබට අවබෝධ වනු නියතය. Source [URL="http://sudukukula.blogspot.com/2017/04/blog-post.html"]http://sudukukula.blogspot.com/2017/04/blog-post.html[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom